IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කොළඹ දෙදරවූ පාතාල වෙඩි

 COLOMBO_PATH_P2

 

පසුගිය ඉරිදා රෑ 7.30 ට පමණ කොළඹ හෙල්ලුම්කා ගියේ පාතාල ලෝකයේ කල්ලියක් මට්ටක්කුලිය සමිට්පුරදී එල්ල කළ වෙඩි ප්‍රහාරයක් නිසාය.
 පාතාලයන්ගේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වීමෙන් හතර දෙනෙක් මැරුම්කා තිබූ අතර තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.


ඝාතකයින් නිරුපද්‍රිතව පලාගොස් තිබුණේ මිනිස් ජීවිත හතරකම ලේ රස බලාය.


පාතාල කල්ලි දෙකක් අතර කාලයක පටන් පවතින ගැටුමක් මෙම සිව් පුද්ගල ඝාතනයට හේතු වී තිබෙන බව කිව්වේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාය.


වෙඩි ප්‍රහාරයට ගොදුරුවීමෙන් මියගිය එක් අයෙක් පාතාලයේ ප්‍රබලයෙක් යැයි කියන අතර අනෙක් තිදෙනා ඔහුගේ සමීපතමයෝ වෙති.


1 තුවාල ලැබූ තිදෙනාද මේ පාතාල ප්‍රබලයාගේ සමීපතමයෝය.


 ඇසට ඇස ලෙයට ලෙය පාතාලයේ න්‍යාය වන්නේය. 


හතර දෙනෙක් අමු අමුවේ ඝාතනය කර තිබුණේද පාතාලයේ ඒ න්‍යායට, නියමයට අනුවය.


 පාතාලයේ මේ නොනවතින එකිනෙකා මරා ගැනීම නිසා ජනතාව බියෙන් තැතිගෙන සිටිති.


 හතර දෙනෙකුට වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සැලවීමත් සමඟම සමිට්පුර වැසියන් පමණක් නොව මට්ටක්කුලියේ පදිංචිකරුවන්ද බියෙන් සලිත වී ගොස් තිබේ.


ගිනියම් වූ වෙඩි උණ්ඩ ඊළඟට කා සොයාගෙන ඒවිදැයි කියා කීමට කිසිවෙක් කියන්නට දන්නේ නැති නිසා ඔවුන්ගේ බිය දෙගුණ තෙගුණ වී ඇත.
 සමිට්පුර වැසියන් කඩිගුලක් සේ ඇවිස්සී ගියේ මේ සිවු පුද්ගල ඝාතනයත් සමඟමය. 


ප්‍රදේශය පුරා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබිණි.


බිය හා කෝපය මුසුවූ හැඟීම්වලින් තෙරපී සිටි සමිට්පුර වැසියන් වැඩි දෙනෙක් සිටියේ ආවේගශීලීවය.


 කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ද එකම කාලගෝට්ටියකි. එහි ඇතිව තිබූ තත්ත්වය පාලනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදුවී තිබිණි.
 ආවේගශීලී වදන්වලින් නම් අඩුවක් නොවීය.


ඉරිදා නිවාඩු දිනයක් වූ නිසා මිතුරන් කණ්ඩායමක් සමිට්පුර ක්‍රීඩාංගණයට ගොස් තිබුණේ එල්ලේ ක්‍රීඩා කිරීමටය.


 රෑ බෝවන තෙක්ම එල්ලේ ක්‍රීඩාවේ  නිරතවූ  මේ මිතුරන් පිරිස මෝටර් රථයකින් හා ත්‍රිරෝද රථයකින් ආපසු පැමිණෙමින් තිබුණේ සමිට්පුරය බලාය.
මාරයා දත් විලිස්සාගෙන තමන් එන පෙර මගට වී බලා සිටින බවක් මේ අය දැන සිටියේ නැත.


 ඒ වගක් දැන සිටියා නම් ඉස්සර වන්නේ ඔවුන්ය.


 මෝටර් රථය හා ත්‍රිරෝද රථය දෙසට පියාඹා ආ ගිනියම් වූ fවිඩ උණ්ඩ හතර දෙනෙකුගේ පණනල ඩැහැ ගත්තේය.


 දෙදෙනෙක් එතැනම මරු වැලඳගෙන තිබූ අතර තුවාල ලැබූ පස් දෙනෙක් කොළඹ ජාතික රෝහලට රැගෙන යනු ලැබූහ.


අනෙක් දෙදෙනා මිය ගියේ කොළඹ ජාතික රෝහලට ගෙනාවාට පස්සේය.


 පොලිසිය පවසන ආකාරයට මේ සිව් පුද්ගල ඝාතනයට හේතුපාදක වී ඇත්තේ මීට පෙර සිදුවූ මිනීමැරුම් කිහිපයක ප්‍රතිඵලයක් වශයෙනි.


වෙඩි කා මියගිය හතර දෙනා අතර සිටි එක් අයෙක් පාතාල ලෝකයට සම්බන්ධ බවට පැවසෙන ප්‍රබලයෙක් යැයි කියති.


 පාතාලයේ ප්‍රබලයෙක් බවට හැඳින්වෙන ඔහු ආර්.පී. නුවන් සංජීව නැමැත්තාය.


සමිට්පුර පමණක් නොව මට්ටක්කුලියේ පදිංචි අය මොහු හැඳින්වූයේ චූටි උක්කුං නම් අන්වර්ථ නාමයෙනි.


 මිනීමැරුමකට කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටි චූටි උක්කුං ඇප ලබා පැමිණ තිබුණේ මීට දවස් කිහිපයකට කලින්ය.


වෙඩි ප්‍රහාරයට ගොදුරු වී තුවාල ලැබූ තිදෙනා අතර චූටි උක්කුංගේ සහෝදරයා වන චාමර සඳරුවන්ද සිටින්නේය.


 පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියමයකට අනුව මේ අපරාධය සම්බන්ධව පරීක්ෂණ කටයුතු පරවනු ලැබුවේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතය.


බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත ඝාතකයින් අල්ලා ගැනීමට පරීක්ෂණ මෙහෙයවනු ලබන්නේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාය.


සංජීව හෙවත් චූටි උක්කුංට අමතරව ඔහුගේ සමීපතමයන් වන ප්‍රසාද් චතුරංග පෙරේරා (උක්කුං), දෙනුවන් චතුරංග සහ මොහොමඞ් හුසේන් යන තිදෙනා ද වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබිණි.


චූටි උක්කුං ප්‍රදේශයේ නමගිය හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාම්කාරයෙක් බව පොලිසිය කියයි.


මෙම සිවු පුද්ගල ඝාතනයට සමිට්පුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කුඩු රොෂාන් නැමැත්තෙක් සහ ඔහුගේ ගෝලයින් තිදෙනෙක් සම්බන්ධ බවට තොරතුරු පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමට ලැබී ඇත.


 මේ කුඩු රොෂාන් නැමැත්තා ද පාතාල ලෝකයේ ප්‍රබලයෙක් බව කියති.


රොෂාන් නැමැත්තා ඔහුගේ ගෝලයින් කිහිප දෙනෙකු සමග නිවසේ මත්පැන් සාදයක් පවත්වමින් සිට ඇත.


මත්පැන් සාදය පවත්වමින් සිට ඇතැයි කියන්නේ අවශ්‍ය ගොදුරු ඩැහැ ගැනීමේ හෝරාව එළඹෙන තෙක්ය.


 චූටි උක්කුං ඇතුළු කණ්ඩායම මෝටර් රථයකින් සහ ත්‍රීවීල් රථයකින් එනවා දකිනවාත් සමගම ප්‍රතිවාදී පාතාල කල්ලියේ රොෂාන් ඇතුළු ඔහුගේ සගයින් ක්‍රියාත්මක වී ඇත්තේ ටී 56 සහ එම්.එම්. 9 වර්ගයේ පිස්තෝලවලින් සන්නද්ධවය.


හතර දෙනෙක්ම වෙඩි කා මිය ගියේ රොෂාන්ගේ නිවස ඉදිරිපිටදීමය.


කුඩු රොෂාන්ගේ පියා මට්ටක්කුලියේ සුමිත් නැමැත්තෙකි.


 මට්ටක්කුලියේ සුමිත් නැමැත්තාගේ නිවසට කඩා වැදුණු කණ්ඩායමක් ඔහුව කපාකොටා මරා දමනු ලැබුවේ 2014 වසරේ ජූලි මාසයේ 12 වැනිදා රාත්‍රියේය.


 මෙම කණ්ඩායම කුඩු රොෂාන් නැමැත්තාව ද කපාකොටා බරපතළ තුවාල සිදුකර තිබූ අතර මෙය සිදුකර ඇති බව කියන්නේ චූටි උක්කුං හා උක්කුං යන දෙදෙනා ඇතුළු කණ්ඩායමක් බව පැවසේ.


 මට්ටක්කුලියේ සුමිත් නැමැත්තා ඝාතනය කර එහි උණුසුම යන්නටත් මත්තෙන් තවත් කණ්ඩායමක් චූටි උක්කුංගේ නිවසට කඩා වැදී ඔහුගේ මව වන ප්‍රියංගනී හෙවත් කුඩු කුමාරි නැමැත්තිය ඝාතනය කළහ.


 පොලිසිය පවසනුයේ චූටි උක්කුංගේ මවද හෙරොයින් ජාවාරම්කාරියක් බවය.


කුඩු රොෂාන් නැමැත්තාගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් චූටි උක්කුං හා උක්කුං ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ එවකට මෝදර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.


බන්ධනාගාරගතව සිටින චූටි උක්කුං හා උක්කුං ඇතුළු පිරිස අධිකරණයෙන් ඇප ලබා පැමිණ ඇත්තේ මීට සතියකට පමණ ඉහතදීය.


සිය පියා මරා දැමූ පළිය ගැනීමට කුඩු රොෂාන් මෙම ඝාතන සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.


 කෙසේ වෙතත් මෙම සිවු පුද්ගල ඝාතන සිද්ධියෙන් පසු කුඩු රොෂාන් ඇතුළු ඔහුගේ සගයන් ප්‍රදේශය අතහැර පලා ගොස් ඇත.


 මෙම ඝාතන සිදුවූ ස්ථානයේ සිට මට්ටක්කුලිය පොලිසියට  ඇත්තේ මීටර් 350 ක පමණ දුරකි.


කුඩු රොෂාන් නැමැත්තා හෙරොයින් ද සමග කොළඹ උතුරු කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබුණේ මීට මාස හයකට පමණ ඉහතදීය.


අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගතව සිටි කුඩු රොෂාන් ඇප ලබා පැමිණියේ පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදාය.


 පොලිසියට තොරතුරු ලැබී ඇති ආකාරයට ඝාතනය වූ චූටි උක්කුං හා උක්කුං ආමි සම්පත් නැමැති පාතාල නායකයාගේ ගෝලයන්ය.


 කුඩු රොෂාන් දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකි.


දෙමටගොඩ චමින්ද භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී බන්ධනාගාරගතව සිටින නිසා දෙමටගොඩ චමින්දගේ අඩුව පිරිමහන්නේ කුඩු රොෂාන් බව කියති.


 ආමි සම්පත් ද සිටින්නේ රිමාන්ඞ් බන්ධනාගාරයේය.


ඒ දෙමටගොඩ චමින්ද නැමැත්තා බන්ධනාගාර බස්රථයකින් අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙනි.


බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ මෙහෙයවීම යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.


කොළඹ උතුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, කොළඹ උතුර සහකාර පොලිස් අධිකාරිවරුන් වන රසල් සොයිසා, නන්දන සේනාරත්න, දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ මහින්දසිරි සහ මෝදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව විජේසේන යන මහත්වරු ප්‍රධාන පොලිස් කණ්ඩායමක් ද මූලික පරීක්ෂණ වලට හවුල් වී තිබේ.


මට්ටක්කුලිය සමිට්පුර සිවු පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් කුඩු රොෂාන් නමැත්තා ඇතුළු 9 දෙනෙක් කොළඹ අපරාධ විමර්ශන  කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සැඟව සිටියදීය. 


ඒ නිවස රොෂාන්ගේ  මිතුරෙකුට අයත් එකක් විය.


වෙඩි තබා ගැනීමට යොදාගත් බවට සැලකෙන  මිලිමීටර්  9 වර්ගයේ  පිස්තෝල දෙකක්ද වේවැල්වත්ත  නිවසේ සඟවා තිබියදී පොලිසිය  සොයා ගත්තේ  සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර  හෙළි කරගත් තොරතුරු මතය. 


කඩවත ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් හා ඒ දේවාලයේ ආවතේව කටයුතුවල නිරතව සිටි කපුවාගේ බෑනාද සැකපිට අත්අඩංගුවට ගත්තේ කුඩු රොෂාන්ගෙන් අනාවරණය වූ කරුණු ඔස්සේ ගොස්ය. 


ඝාතනය සිදුව පැය 48ක් යන්නට මත්තෙන් සැකකරුවන් අල්ලා ගැනීමට හැකි වූයේ පොලිසියේ ඇති  දක්ෂතාවය  හා මනා කැපවීම නිසාය.
දේවාලයේ දේව ප්‍රතිමාවක් පිටුපස සඟවා තිබූ ටී-56 ස්වයංක්‍රීය ගිනිඅවියක්  ද පොලිසිය සොයාගත්තේ මේ  දෙදෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. 


මෙම ටී-56 අවියද සමිට්පුර සිවු පුද්ගල ඝාතනයට යොදාගත් එකක් බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.


රත්නපුර වේවැල්වත්තේ නිවසක සැඟව සිටියදී අල්ලාගත් 9 දෙනා අතර කුඩු රොෂාන්ගේ  සහෝදරයකුද සිටින අතර ඔහු අවුරුදු 16ක තරම් වයසේ පසුවන කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි. 


චූටි උක්කුන් ඇතුළු හතර දෙනා ඝාතනය කිරීමට යොදාගත් ටී-56 අවිය සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල දෙක සොයා ගැනීමට උපකාර කර ඇත්තේ භාරත ලක්ෂ්මන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්දය. දෙමටගොඩ චමින්දගේ කීමට අනුව ඔහුගේ ගෝලයෙක් මෙම පරණ  ගිනිඅවි තුන කුඩු රොෂාන් විසින් ලබාගෙන ඇත. 


ජංගම දුරකථන හරහා මෙම ගිනිඅවි සැපයීම සිදුකෙරී ඇති බව පොලිසිය පවසයි. 


කුඩු රොෂාන් පොලිසියට පවසා ඇතැයි කියන ආකාරයට ඔහු කාලයක සිට කඩවත පිහිටි මෙම දේවාලයට යන එන අයෙකි. 


“මම කඩවත දේවාලයට ගොස් කපු මහතාගේ මාර්ගයෙන් උක්කුවා මරා දමන්න හදි හූනියම් කළා. කොඩිවින කළා. නමුත් එවායින් ඌව මරා දමන්න බැරිව ගියා. ඒ හින්දා තමා මේ විදියට වෙඩි තියා මරා දමන්න තීරණය කළේ” යැයිද සැකකාර කුඩු රොෂාන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබෙන බව කියයි. 


“මගේ මල්ලිලා දෙන්නෙක් ඉස්කෝලේ යනවා. ඒ දෙන්නටත් අතරමගදී හම්බුනාම උක්කුවා  හරියට කරදර හිරිහැර කරනවා. බැරිම තැන දවසක්  මල්ලිලා දෙන්න උක්කුවා කාර් එකේ යද්දී කාර් එකට  බියර් කෑන්  එකකින් ගසා තිබෙනවා. මල්ලිලා දෙන්නා කළ මේ වැඩෙන්  පස්සේ ඌ ඒ දෙන්නා එක්ක තවත් වෛර බැඳගෙන හිටියේ. මල්ලිලා දෙන්නට ඌ ජීවිත හානියක්  කරයි කියා හිතා ඉස්කෝලේ ගමනත් පසුගිය ටිකේ නවත්වා දමා තිබුණා. බියර් කෑන්වලින් ගහලා තිබුණේ  මේ සිද්ධිය වෙන්න සති දෙකකට විතර කලින්. 


නිතරම අපේ ගේ ළඟට උක්කුගේ කට්ටියක් ඇවිත් හූ කියනවා. කෑගහනවා. කුණුහරුප කියා බණිනවා. ඔය සිද්ධිය වෙච්ච දවසේත් කට්ටිය  එල්ලේ ගහන්න ගියේ අපේ ගේ ළඟින් කෑගහාගෙන. මුන්ගෙන් අපිට හරිම කරදයරක් වෙලා තිබුණේ. අපේ තාත්තාවත් උක්කුවා මරා දැම්මා. අපිට නිවසේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ”


සැකකාර කුඩු රොෂාන් පොලිසියට එහෙම කතාවක් ද පවසා තිබෙන බව දැන ගැනීමට ඇත. 


චූටි උක්කුවා ඇතුළු කට්ටියට වෙඩි තැබූ කණ්ඩායම ත්‍රීරෝද රථ දෙකකින් කඩවත ප්‍රදේශයේ පිහිටි දේවාලයකට ගොස් ටී-56 අවිය එහි සඟවා රොෂාන්ගේ මිත්තණිය පදිංචිව සිටින වැලිවේරියේ නිවසට ගොස් එහි සිට කුලී රථයකින් රත්නපුරට ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. 
බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.එච්. චන්ද්‍රතිලක සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  නෙවිල් ද සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර වික්‍රමසිංහ,  උපපොලිස් පරීක්ෂකවරුන් වන දුනුසිංහ, ලසන්ත, සැරයන්වරුන් වන ජයනෙත්ති (31065), මර්වින් (20297), කොස්තාපල්වරුන් වන ධර්මතිලක (77161), ධනසිරි (71602), සේනාධීර (67479), සාලින්ද (84328), රාමනායක (77116), ජයනෙත්ති (31065), රුවන් (69987), සනත් (60183), ප්‍රියදර්ශන (87159), පැතුම් (14663) සහ බණ්ඩරනායක (17571) යන මහත්වරුන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

m



අදහස් (0)

කොළඹ දෙදරවූ පාතාල වෙඩි

රන්ජිත් Tuesday, 01 November 2016 08:08 AM

නැතිවූ පාතාලය නැවත ඇවිල්ලා වගෙයි. මහින්ද මහාතා රට පාලනය කරනකොට නම් පාතාලයක් තිබුණෙ නැහැ. ජනතාවට බියෙන් සැකෙන් තොරව සමගියෙන් සාමයෙන් ජීවත්වන්න පුළුවන් රටක් වියයුතුයි. එහෙත් අද එවැනි තත්වයක් නෙමෙයි තියෙන්නෙ (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 01 November 2016 09:38 PM

චතුරි, මට ඔය සුදු වෑන් වලින් උස්සපු පස් දෙනෙක්ගේ නම් දෙන්න. හැබැයි ත්‍රස්තවාදියෝ/පාතාලයෝ නොවන. අපි හරිම කැමතියි අපිට ඕනෑ දේ ඇත්ත කියලා හිතන්න. දැන් බොහොමයක් අයට මතක නැහැ කොළඹ රජකරපු දේශපාලකයන්ගේ අනුග්‍රහය ලබපු පාතාලේ නැතිවු‍ණේකොහොමද කියලා. (නි)

:       0       0

චන්න බුවනක Saturday, 05 November 2016 05:09 PM

පාතාලය... කාටවත් චෝදනා කරන්න ඕනෑ නැහැ. අපි දන්න දා ඉඳලම පාතාලය තියෙනවා. බලන්නකෝ ගිනි අවි සහ ගිනි කෙළි. අපි දන්නදා ඉඳන් ඉන්න හැම දේශපාලුවෙක්ම රට කරන කාලේ පාතාලය තිබුනා (නි)

:       0       0

රෝයි Thursday, 03 November 2016 05:29 AM

මහින්දගේ කාලයේ පාතාලය තිබුනත්, ඔහු එය මර්දනය කළා. නම්දරපු පාතාලයන් රටෙන් පැනගියා. නමුත් එම පාතාලයන් නැවත රටට දැන් පැමින තිබෙනවා. (නි)

:       0       0

සුභාෂ් Thursday, 03 November 2016 06:12 AM

මහින්ද කාලේ රජයේ පාතාලයේ වැඩ. කුඩු රොෂාන් ඔය චමින්ද එහෙම ඔය ගානට හැදුවේ කවුද? (නි)

:       0       0

ද සිල්වා Wednesday, 02 November 2016 08:29 PM

රන්ජිත්, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත්ලා එහෙම හිටියේ කාගේ කාලයේද?

:       0       0

කුමාර Tuesday, 01 November 2016 01:11 PM

මහින්ද මහතා රට පාලනය කරනකොට නම් පාතාලයක් තිබුණෙ නැහැ. (හේ)

:       0       0

පියුමි‍ Tuesday, 01 November 2016 02:50 PM

රන්ජිත්, ඉස්සර පාතාලයට බයක් තිබුනේ නැතිවුණාට මහින්දට බයවුණානේ (නි)

:       0       0

චතුරි Tuesday, 01 November 2016 04:40 PM

රන්ජිත් මැරිලා ඉපදිලා වගේ මහින්දගේ ගැන. කියන්නේ මහින්දගේ කාලේ පාතාලයක් තිබුනේ නැතිද . දේවාල වෙන්න. ඇති තිබුනේ සුදු වැන්. සෙල්ලම කවුද කෙරුවේ ,මාධ්‍යවේදීන් ,ඒ. අය ගේ උදව් කරුවන් මේ සේරමලා ,ඇතුළු අහිංසකයින් මැරුවේ කවුද ඔයාගේ වයස කියාද. . හරි අසරණ පාටයි අදහස කියවන කොට ,වහින වෙලාවට පරිස්සමින් ඉන්න. (අ)

:       0       0

ගුණසිරි Wednesday, 02 November 2016 09:02 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති , කෝපයෙන් මියයන නිසා නිරයේ ඉපදීම ,තිරිසන් යෝනියේ සර්ප කුලවල ඉපදීම සිදුවේ ,නැවත මනුෂය උපතක් කරා එන්නේ අගුරු සුදු වුණාම. (ම)

:       0       0

චමින්ද Tuesday, 01 November 2016 06:31 PM

මහින්දගේ කාලෙත් පාතාලය තිබුනා. ඊටවඩා මහින්දගේ රාජ්‍ය පාතාලය බලවත් වුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 579 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 104 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1030 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 130 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 225 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 444 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 721 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site