IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කොළඹ නැව් තොට දකුණු ආසියාවේ විශාලම වරාය වූ හැටි

 

 

ලෝක ආර්ථිය බිඳවැටීම 2009 වසරේ නැව්කර්මාන්තයට බලපාමින් තිබියදී ලංකාවේ වරාය සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට වත්මන් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් වරාය අධිකාරියට අනුමැතිය ලැබිණි. කොළඹ වරාය පුළුල් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් වීමට හේතු කාරක වූයේ පසුගිය දශක කිහිපය තුළදී ඉන්දියානු සාගර කලාපය ආශ්‍රීත රටවල බහාලූ ප‍්‍රවාහන සේවාවල සිදුවූ අඛණ්ඩ වර්ධනයයි. ඒ සමගම ගැඹුරු දිය නාලිකා, ගැඹුරු සමූහ නැංගුරම් අංගන හා වඩාත් විශාල ප‍්‍රමාණයේ හැරවුම් චක‍්‍රයන් යනාදිය අවශ්‍ය වන පරිදි නෞකා අංගනද ප‍්‍රමාණයෙන් විශාල කිරීමේ අවශ්‍යතාව පැණනැගිණි.
තවදුරටත් වරාය පුළුල් කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ඉඩකඩ නොතිබුණු බැවින් සහ කොළඹ නගරය දැනට ඇති වරාය වටා විහිදී ඇති බැවින් නව වරාය මුහුද තුළට සහ වත්මන් වරායට දකුණු දෙසට වන පරිදි ස්ථානගත කිරීමට සිදුවිය. නව වරාය ප‍්‍රධාන පෙරදිග අපරදිග නැව් මාර්ග දෙසට හා ඉන් පිටතට

වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පි‍්‍රියත් බන්දු වික‍්‍රම

පහසුවෙන් ළඟා විය හැකි වන පරිදි ගැඹුරු මුහුදට යොමුවූ මීටර් 20ක ගැඹුරකින් යුත් මංපෙතකින් හා බහාලූ 18,000 ප‍්‍රමාණයට අධික පැටවුම් ධාරිතාවක් සහිත දැවැන්ත නෞකා සඳහා ආරක්‍ෂා සහිත නැවතීම්, හැරවීම් හැකියාව ඇති විෂ්කම්භය මීටර් 840ක හැරවුම් චක‍්‍රයක් සහිත හෙක්ටයාර 285ක නැව්තොට ද්‍රෝණි ප‍්‍රදේශයකින් සමන්විතය.

ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය ආශ‍්‍රිත පැරැණි තොරතුරු පරීක්‍ෂා කරන විට පෙනී යන පරිදි දියකඩනය හා නැව්තොට ප‍්‍රදේශය ගැඹුරට හෑරීම වැනි යටිතල පහසුකම් සංවර්ධනය කටයුතු වැඩි ප‍්‍රමාණයක් දැක ගත හැක්කේ 1875-1912 කාල පරාසය තුළය. වාණිජ වරායක් ලෙස ගාල්ලට හිමි වී තිබූ පිළිගැනීම වර්ෂ 1880 ගණන්වලදී කොළඹට හිමිවූ අතර ඊට පෙර ගාලූ වරාය දිවයිනේ ප‍්‍රධාන වරාය ලෙස පැවතිණි. කොළඹ වරායේ දියකඩනයේ අවසන් අගල සම්පූර්ණ කරනු ලැබුවේ අප බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයට යටත්ව සිටි 1912 දීය. එම වකවානුවේදී කොළඹ වරායේ කිලෝ මීටර් 2.7ක දිගින් යුත් දියකඩනය සම්පූර්ණ කිරීම සඳහා ආසන්න වශයෙන් වසර 37ක් පමණ ගතවිය. කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා 2008 දී නව දියකඩනය ඉදිකිරීම වරාය සංවර්ධන අධිකාරිය විසින් ඇරඹුවේ එයින් වසර 96කට පසුව වන අතර වසර හතරකට ආසන්න කාලසීමාවකදී කිලෝමීටර් 6.8ක දිගින් යුත් එම දියකඩනය ඉදිකිරීමට හැකිවිය.

මෙම දියකඩනය ඉදිකිරීමට පළමුවරට වැලි භාවිතා කළේය. ඊට හේතුව වූයේ ඒ සඳහා ගල් යොදාගන්නේ නම් ගල් කියුබ් බිලියන 18ක් පමණ අවශ්‍යවීමයි. එය සොයා ගැනීම ප‍්‍රායෝගිකව අපහසු නිසා වැලි යොදා ගැනීමට තීරණය විණි. ඒ අනුව වැලිකියුබ් මිලියන 12ක් සහ ගල් කියුබ් මිලියන 6ක් මෙම දියකඩනය සඳහා යොදාගත්තේය. ඊට අමතරව දියකඩනයේ ආරක්‍ෂාව වෙනුවෙන් ‘‘කොන්ක‍්‍රීට් බ්ලොක්’’ භාවිතා කළේය.

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ යථා කාලයේදී වඩාත් ගැඹුරු සමූහ නෞකා සඳහා මීටර් 23 දක්වා ගැඹුරු පරාසයක් කරා යා හැකි පරිදි මීටර් 18ක ගැඹුරු ප‍්‍රමාණයන් දිගේ නැංගුරම් අංගන තුනකට ප‍්‍රමාණවත් වන මීටර් 1,200ක දිගින් යුත් පර්යන්ත තුනක් ඉදිවීමට නියමිතය. පසුගිය 05 වැනි සඳුදා ජනපතිතුමන් අතින් විවෘත වූයේ දකුණු පර්යන්තයේ පළමු මීටර් 400ක ඉදිකිරීම්ය. මෙම වසර අවසානයේ එහි තවත් මීටර් 200ක් බහාලූම් සඳහා යොදාගත හැකි වනු ඇත. පළමු අදියරේ පළමුවැනි පියවරේදී මහජන අරමුදල්වලින් මුලික වරාය යටිතල පහසුකම් සලසාදීම කෙරුණු අතර, විවෘත මුහුදේ දියකඩනය නියාමන ස්ථානය ඉදිකිරීම සහ පුළුල් කළ වරාය තුළ මාර්ග පද්ධතිය සැකසීම යනාදිය ඒ අතරින් වඩාත් වැදගත් තැනක් ගනී.

පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ඇමෙරිකන් ඩොලර් දස ලක්‍ෂ 400ක් වැය විණි. එයින් ඇමෙරිකන් ඩොලර් මිලියන 300ක් ආසියානු සංවර්ධන අරමුදලෙන් ලබාගත් අතර ඉතිරි ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් යොදවනුු ලැබිණි. මෙම වරායේ සම්පූර්ණ ඉදිකිරීම් 2018 පමණ වන විට සම්පූර්ණ කිරීමට අපේක්‍ෂිත අතර ඒ සඳහා වැයවන සම්පූර්ණ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 2,000ක් ලෙස ගණන් බලා ඇත. මෙයින් පුද්ගලික අංශය ආයෝජනය කිරීමට අපේක්‍ෂිත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 100කි. රජය ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 900 ආයෝජනය කිරීමට නියමිතය.

 



ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිය අරමුදල් යොදවමින් මෙම ව්‍යාපෘතියේ තෙවැනි අදියර වන නැව් පර්යන්ත ඉදිකිරීමේ කටයුතු ද අරඹා ඇති අතර එය 2014 දී මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනෙනු ඇත. මෙම ඉදිකිරීම් කටයුතු මුළුමනින්ම නිම වූ පසු ඒකක මිලියන 2.4ක බහාලූ ධාරිතාවක් බැගින් වන පර්යන්ත 3 මගින් කොළඹ වරායේ දැනට පවතින වාර්ෂික බහාලූ ධාරිතාවය මිලියන 7.2 ප‍්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ද අපේක්‍ෂා කෙරේ. මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ණය සැපයීමෙන් ද, එක්සත් රාජධානියේ ස්කොට් විල්සන් සමාගම උපදේශන සේවා සැපයීමෙන් හා හයුන්ඩායි ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගම නියමිත කාලසීමාව තුළ ඉදිකිරීම් අවසන් කිරීමෙන් ද අපට සහාය වෙයි. මෙය ඉදිකිරීමෙන් අනතුරුව වරායට විවෘත වන මීටර් 570ක පමණ වූ ප‍්‍රවේශ ඇළ මාර්ගයෙන් බහාලූ 10,000x25,000 පමණ පැටවූ ලොව විශාලතම නැව් වලට පවා මෙම වරායට ඇතුල් වීමේ හැකියාව ලැබේ.
දැනට මෙම වරාය දකුණු ආසියාවේ විශාලතම වරාය වන අතර ලෝකයේ වරායවල් අතර 30 වැනි ස්ථානය හිමිවී ඇත. මෙහි සියලූ ඉදිකිරීම් අවසන් වීමෙන් පසු බහාලූ ධාරිතාව මිලියන 220 දක්වා ඉහළ යයි. එවිට ලෝකයේ වරායවල් අතර 15 වැනි ස්ථානය හිමිවීම සැබැවින්ම අප රටේ සංවර්ධනය පෙන්වන කැඩපතක් බඳුය. වරායක් වෙනුවෙන් කෙරෙන ආයෝජනයකදී එය සැලසුම් කරන මූලික අවධියේදීම ඉලක්ක කරනුයේ එම වැයවන පිරිවැයට සරිලන ආදායමක් උපයා ගැනීමය. පසුගිය වසර කිහිපය තුළ වරාය ඉපයූ ආදායම් නිරීක්ෂණය කිරීමේදී 2009 වසරේ රුපියල් මිලියන 22, 2011 වසරේ රුපියල් මිලියන 32ක් සහ 2012 වසරේදී රුපියල් මිලියන 38ක් උපයා ඇත. එම කාලසීමාව තුළ වරායේ ආදායම් සහ වියදම් හොඳින් පාලනය කෙරුණු අතර අනවශ්‍ය සේවකයින් වන්දි දී ඉවත් කර වරාය පාලනය කාර්යක්‍ෂම කිරීමට පාලනාධිකාරිය කටයුතු කළේය. 2020 පමණ වන විට ඇමරිකන් ඩොලර් බිලියනයක වාර්ෂික ආදායමක් උපයා ගැනීමටද නියමිතය.

යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙයින් ආකාර කිහිපයකින් රටට ප‍්‍රතිලාභ ලැබේ. ලෝකයේ මහාපරිමාන නැව් අපේ වරායට වැඩි ප‍්‍රමාණයක් පැමිණීමෙන් රටට ගෙනෙන සහ රටින් ගෙනයන භාණ්ඩ සඳහා ඇති ඉඩකඩ සොයා ගැනීම පහසුවේ. එසේ ඉඩකඩ වැඩිවීම නිසා වැඩිපුර භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමට හැකියාව සැලසෙන අතර විශාල ආයෝජකයන් ප‍්‍රමාණයක්ද රට තුළට පැමිණේ. එයින් වත්කම් ප‍්‍රමාණය ඉහළ යන අතර රට තුළ සංසරණය වන මුදල් ප‍්‍රමාණය ඉහළයයි. එයින් ජනතාව අත වැඩි මුදල් ප‍්‍රමාණයක් ගැවසේ. එසේ රටට පැමිණෙන ආයෝජකයන් ප‍්‍රමාණය වැඩි වීම නිසා රටේ රැුකියා අවස්ථා ද ජනිත වේ. එසේම එයින් දෙවැනි පෙළ ව්‍යාපාරික පන්තියක්ද බිහිවේ.

කෙසේ වුවද සංවර්ධන ව්‍යාපෘතියක ප‍්‍රතිලාභ දවසකින් දෙකකින් නෙලා ගැනීම අසීරුය. ඒ සඳහා යම් කාලසීමාවක් අප බලා සිටිය යුතුය. වරායේ සියලූ ඉදිකිරීම් අවසන් වීමෙන් පසු මෙය ජාත්‍යන්තරයේ බහාලූ ප‍්‍රතිඅපනයනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද දකුණු ආසියාවේ දැවැන්තම නාවික කේන්ද්‍රස්ථානය බවටද පත්වීම නිසැකය.

මහින්ද චින්තනයේ එන ‘‘නිල්ගුවන් තලය ජය ගැනීම හා සමුදුර ජයගැනීම’’ යන තේමාවන් ඔස්සේ ගොඩනැගුණු මෙම වරායෙන් 2020 වසර වන විට යහපත් අරමුණු කිහිපයක් සාක්ෂාත් කර ගැනීමේ හැකියාව රටට උදාවනු ඇත. සමුද්‍ර කටයුතු පිළිබඳ විශිෂ්ටත්වය සඳහා වන මධ්‍යස්ථානයක් වීම, බහාලූ ප‍්‍රවාහන ධාරිතාව ටොන් මිලියන 200 ඉලක්කය සපුරා ගැනීම, ඇ.ඩො. බිලියනයක ආදායමක් අත්කර ගැනීම, වරායන් තුළ ඇ.ඩො. බිලියන 10ක ආයෝජනයන් ලබා ගැනීම, ජාතික ආර්ථිකයට ප‍්‍රධානතම දායකත්වය දක්වන්නකු බවට පත්වීම හා පරිසර හිතකාමී වරාය මෙහෙයුම් කටයුතු ඇරඹීම වැනි අරමුණු ඒ අතර වෙයි.

 

ජනපති සමරු ඵලකය විවෘත කර



රටේ ඉදිවන බොහොමයක් සංවර්ධන ව්‍යාපෘති නැරඹීමට මේරටේ බහුතරයක් ජනතාව ඉතා කැමැත්තක් දක්වති. එහෙත් සමහර ව්‍යාපෘති නැරඹීමට ආරක්‍ෂක හේතු මත ඔවුනට අවස්ථාවක් නොලැබෙයි. කෙසේවුවද පසුගිය 8 වැනිදා සිට ලබන 13 වැනිදා දක්වා මෙම වරාය භූමිය ජනතාවට නොමිලේ නැරඹීමට වරාය පාලනාධිකාරිය අවස්ථාව සලසා ඇත. ඒ අනුව එම දිනයන්හි පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා තම තමන්ගේ පුද්ගලික මෝටර් රථවලින් හෝ වරාය අධිකාරියෙන් සලසා දෙන ප‍්‍රවාහන පහසුකම් මත වරාය භූමිය නැරඹීමේ අවස්ථාව ජනතාවට උදාවී ඇත.
 

 

සටහන - දුෂ්‍යන්ත කුමාර / ඡායාරූප - ගයාන් අමරසේකර

 



අදහස් (0)

කොළඹ නැව් තොට දකුණු ආසියාවේ විශාලම වරාය වූ හැටි

ක්‍රිස් Tuesday, 20 August 2013 11:17 PM

මෙම වරායෙන් අපට 15% චීනුන්ට 85%යි... (නි)

:       0       0

විජිත ඕස්ට්‍රේලියාව Thursday, 15 August 2013 06:21 PM

මහින්ද ජනපතිට අපගේ උත්තමාචාරය!ජය වේවා! (නි)

:       0       0

සරත් Thursday, 15 August 2013 07:38 PM

මේ ආණ්ඩුව මිනිස්සුන්ගේ මයිල් ගහට පවා දැනෙන්න වැඩ කරනවා.(නදී)

:       0       0

රොෂාන් සංජීව Tuesday, 13 August 2013 02:50 AM

ජය වේවා! අද අපට ලාබ නැතත් අපේ දරුවන්ටයි මේ දේවල්...අනාගත දරුවෝ මේවායේ ඵල ලබාවි. ඒකයි සත්‍යය. ජයෙන් ජය පතමි. (නි)

:       0       0

දිනේෂ් Sunday, 18 August 2013 01:02 PM

ඔය වරාය අපේද? චිනුන්ගේද? (නි)

:       0       0

ගුනසේකර Wednesday, 28 August 2013 09:07 AM

අපේ මිනිස්සුන්ට සංවර්ධනය කියලා පොටෝ එක්ක පෙන්නුවත් ඇති. (නදී)

:       0       0

ධම්ම Monday, 12 August 2013 04:30 PM

හම්බන්තොට වරායත් ගොඩබිම හාරන්නේ නැතිව මේ විදියට මුහුදේ හැදුවානම් මොනතරම් අගේද? (ත)

:       0       0

සත්‍යා Monday, 19 August 2013 07:10 AM

සෑම්, ඔබ පුන්නක්කු ගිලින මිනිසුන් අතර නියම සිංහල හාලේ බත්කන කොන්ද පණ ඇති මිනිහෙක්. ඒකයි ඔබට බොහෝ දෙනෙකුට නොතේරෙන කොලේ වහලා කරන සංවර්ධනයේ නියම යතාර්ථය පෙනෙන්නේ. හෙට දිනයේත් මොවුන් එන්න තියෙන නැව් ගැන තොර තෝංචියක් නැතුව කතා කරාවී. (නි)

:       0       0

සෑම් Saturday, 17 August 2013 10:47 AM

කොළඹ වරාය විශාල කරලා හදනකොට ඒක ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය කියනවා . හම්බන්තොට හදනකොට කිව්වෙත් ඒකම තමා. මගේ මව් රට දියුණු වෙනවට මම ඉත සිතින් සුබ පතනවා . නමුත් වරාය දැනට ලබන පාඩු පිටට හම්බන්තොටට ගත්තු නය, පොලිය, සහ නඩත්තු වියදම්, කොළඹට ගත්ත නය හා පොලිය එකතු උනාම මොකද වෙන්නේ ?(නදී)

:       0       0

හිරාන් Tuesday, 13 August 2013 06:02 PM

මේ ආණ්ඩුව තමයි රජවරුන්ගෙන් පස්සේ, සුද්දන්ගෙන් පස්සේ මේ රටට දැනෙන්න වැඩක් කළේ.... (නි)

:       0       0

දසුනි Sunday, 18 August 2013 06:46 PM

මේවා කියවද්දී නම් හරියට ආසා හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 258 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 46 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 101 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 195 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 229 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 887 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site