IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කොළඹ පොත් ප‍්‍රදර්ශනයේ අහුමුළු සොයා...

කලාව කලාව සඳහාය, කලාව ජනතාව සඳහාය, කලාව සමාජ යහපත සඳහාය ආදී නිර්වචන කලාවේ අරමුණ සම්බන්ධයෙන් සාකච්ඡාවට භාජනය වූ අවධියේදී කලාව නිෂ්පාදන භාණ්ඩයක් වශයෙන් නිර්වචනය කිරීමේ පියවරක්ද මාක්ස්වාදී දෘෂ්ටියකින් පැන නැගිණි. ඒ අනුව ලේඛකයා හෝ සාහිත්‍යකරුවා නිර්මාණය කරන කෘතිය පිදුම් ලබන්නක් ලෙස, කලාවේ නියැලීමේ පමණක් ඇති පරාර්ථකාමී චේතනාවක් ලෙස නොව එයද පාරිභෝගික භාණ්ඩයක් වශයෙන් දක්වන මැදිහත්වීම පිළිබඳව සලකා බැලිණි.

 “ලේඛකයා ශ‍්‍රමිකයකු වන්නේ ඔහු අදහස් නිපදවන නිසා නොවේ. ඔහු එම`ගින් පොත් ප‍්‍රකාශකයාට ලාභ උපයාදෙන බැවිනි ඔහු පොත් ප‍්‍රකාශකයාට වැටුපකට වැඩ කරන බැවිනි” යැයි මාක්ස් පවසයි. වෝල්ටර් බෙන්ජමින්, ටෙරි ඊගල්ටන්, ජෝර්ජ් ලූකස් ආදී වියතුන්ගේ අදහස්ද මේ හා සමපාත වේ.


 
මෙම කියමන ලාංකේය සන්දර්භය තුළ සාහිත්‍ය මාසයේදී කෘති මිලදී ගන්නා පාඨකයාත්, ලේඛකයාත්, ප‍්‍රකාශයාත් යන තිදෙනාට එලෙසින්ම වලංගුද? ඒ සම්බන්ධයෙන් ඔවුන් දරන මතය කෙබඳුද? මේ ලිපිය කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සම්බන්ධයෙන් මතවාද සහ අදහස්වලින් සැකසුනකි.
 
ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය විසින් 1999 දී සිට ආරම්භ කරන ලද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය දකුණු ආසියාවේ විශාලතම පොත් ප‍්‍රදර්ශනයක් වශයෙන් සැලකේ. 2019 කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සැප්තැම්බර් 20 සිට 29 දක්වා දිනවලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ  සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ. වෙළඳකුටි 417 කින් සමන්විත මෙවර ප‍්‍රදර්ශනය පැවැත්වෙන්නේ 21 වන වරටයි.

මතුගම ගැමුණු විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරිඳු ධනුෂ්ක පාසල් මිතුරන් කිහිපදෙනෙකු සමග එහි පැමිණ සිටියදී අපට හමුවිය. තෙවන වරටත් පොත් ප‍්‍රදර්ශනයට පැමිණ සිටි බව කී ඔහු ලංකාදීපයට මෙසේ පැවසීය.
 
“පොත් ප‍්‍රදර්ශනය අපි වගේ ළමයින්ට හරිම පහසුවක්. පොත් සේරම එකම තැනකින් ගන්න පුලූවන්. විභාගය ළ`ග නිසා මම ආවේ ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල කිහිපයක් ගන්න”

මියන්මාරයේ සිට වැඩම කර සිටි රේවත හිමියෝ සිය සහෝදර හිමි නමක සම`ග පොත් ප‍්‍රදර්ශනයේ මාර්ග සිතියම අධ්‍යයනය කරමින් සිටියහ. උන්වහන්සේ අප හා සංවාදයට එක්වෙමින් මෙසේ පැවසූහ.

“ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ලියැවුණු බෞද්ධ පොත් මිලදීගන්නයි මම ආවේ. මේ ඇතැම් පොත් කොළඹ පොත්හල්වල බොහොම මිලයි. ඒත් මේ ප‍්‍රදර්ශනෙයේදී වට්ටම් දෙන නිසා අඩු මිලකට ගන්න පුලූවන්. මට තවම විදේශිකයන්ට බෞද්ධ පොත් අලෙවිකරන වෙළඳකුටියක් හොයාගන්න බැරිවුණා. විදේශිකයන්ටත් විවිධ විෂයක පොත් අලෙවිකරන කුටි වැඩි කළොත් හොඳයි කියලා මම හිතනවා.”

 ‘ඒ’ සහ ‘බී’ ශාලාවල සිටි විවිධ ජන වර්ගවල පාඨක පිරිස් වෙළඳකුටි අබියස සිටිමින් තමන් ගත් පොත් ගැන සාකච්ඡා කරමින් සිටියහ. ඒ අතර සිය සහෝදරියන් පොත් රැගෙන එනතුරු බලා සිටි දර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරියක වන එම්.අයි.බී.රිෆාදා මහත්මිය අපට හමුවිය. පොත් ප‍්‍රදර්ශනයට එකතුවිය යුතු අංශ ගැන ඇය අප හා මෙසේ පැවසුවාය.

“මම 1 වසරට සිංහල විෂය උගන්වනවා. ළමයින්ටත් මෙයට ඇවිත් පොත් ගන්න කියලා මම පාසලේදී කිව්වා. පොත් ප‍්‍රදර්ශනයේ දෙමළ පොත් සඳහාත් අලෙවි කුටි තිබුණා නම් හොඳයි. බොහෝ පිරිසක් සිංහල පොත් වගේම දෙමළ පොත් මිලදීගන්නත් පැමිණෙනවා. ඒ වගේම ගර්භනී බව, සෞඛ්‍ය වැනි අංශ සඳහාත් පොත් වෙනම මිලදීගැනීමට පහසුකම් සලසා තිබුණා නම් හොඳයි”
 
නූතන කවියකු ලෙස හඳුනාගත හැකි චින්තක සමන් ගොඩගේ ප‍්‍රකාශන කුටිය ඉදිරියේදී සිය කවිපොත් කිහිපයක්ද සම`ග රැඳී සිටියේය. පොත් මිලදීගැනීම්වලින් එහා වැදගත් කටයුතුද මෙහි සිදුවන බව ඔහු පැවසීය.

 

“මේ ප‍්‍රදර්ශනයේ බොහෝ පිරිස යන්නේ පොත් මිලදීගන්නයි. නමුත් පොත් එළිදැක්වීම්, පොත් ගැන විද්වත් සංවාද වැනි දේවලූත් තිබෙනවා. ඒවාට යන්නෙ අතලොස්සයි. ඒ ගැන ප‍්‍රචාරය වෙන්නේ නැති තරම්. ඒ හැරුණාම නූඞ්ල්ස් කාලා පොත් කිහිපයක් අරන් මිතුරන් හමුවෙලා නිදහසේ දවසක් ගතකරන්නයි මිනිස්සු එන්නෙ”

සිය ප‍්‍රකාශන කුටිය ඉදිරියේ අසුන්ගෙන යන එන පාඨක පාරිභෝගිකයන් දෙස බලමින් සිටි දයාවංශ ජයකොඩි මහතා සැප්තැම්බර් මාසයේ පාඨක පිරිස වර්ධනය වී ඇති බව පැවසීය.

“වෙනත් මාසවලට වඩා සැප්තැම්බරයේදී බොහෝ පොත් අලෙවි වෙනවා. පාඨකයන් දැන් නිතර කියවන බව පෙනෙනවා. අපේ සමාගම සාමාන්‍යයෙන් සෑම අගහරුවාදා දිනකම අලූතින් පොතක් නිකුත් කරනවා. ඒ බොහෝ කෘති අලෙවි වෙනවා”
 
ළමා පොත් අඩුමිලට අලෙවි කරන කුටියක් ඉදිරියේ පනාගොඩ ශ‍්‍රී පරාක‍්‍රම විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙතුලි සඳුන්‍යා ඇගේ මව සහ පියා සම`ග පොත් තෝරමින් සිටියාය. සිබිල් වෙත්තසිංහගේ සිතුවම් සහිත පොත් සහ කුමාරතුංග මුණිදාසගේ පොත් අතැතිව සිටි ඇය තරමක ලජ්ජාශීලි බවකින් අපට මෙසේ පැවසුවාය.

“මට ගෙදර පොත් රාක්කයක් තියෙනවා. පොත් කියවන්න කැමතියි. ගිය අවුරුද්දෙත් අම්මා එක්ක ආවා. සිංහල පොත් ගත්තා. ඉංග‍්‍රීසි පොතුත් කියවනවා”
 
පොත් මිලදී ගන්නා පිරිස මෙන්ම මෙහිදී ගස් සෙවණ අසළ වාඩිගෙන නිදහසේ සංවාද කරමින් සහ විස්තර කතාකරමින් සිටි පිරිසද මෙහි බහුලය. එසේ සිටි අයෙකු වෙත අපගේ අවධානයට යොමුවිය. රජයේ හිටපු ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වූ සුදර්ශන ගුණවර්ධන මහතා පොත් ප‍්‍රදර්ශනයෙන් හටගන්නා උපසංස්කෘතිය සම්බන්ධයෙන් ලංකාදීපයට මෙසේ පැවසීය.

 “ලංකාවේ සංස්කෘතියට පොත් ප‍්‍රදර්ශනය දායක වෙනවා. මොකද සංස්කෘතියක් තියෙන්න නම් එතන කර්මාන්තයක් තියෙන්නත්  ඕනෙ. ගොඩක් වෙලාවට මේ ගැන කතාකරන අය මේ කර්මාන්තය අමතක කරලා තියෙන්නේ. හොඳ පොත් කියලා දෙයක් තියෙන්න නම් පොත් නිෂ්පාදන කර්මාන්තයක් කියලා දෙයක් තියෙන්න  ඕන. මේ ප‍්‍රදර්ශනය පොත් කර්මාන්තකරුවන්ට අවස්ථාව සලසනවා නගරයේ ප‍්‍රධාන තැනකට තමන්ගේ නිෂ්පාදන ගෙනල්ලා ඒවා අලෙවිකරන්න ලැබෙනවා”

“නිෂ්පාදනය වෙන්නේ කලාත්මක කෘති. කලාකෘතිවලට වගේම කලාකරුවන්ට එහිදී ප‍්‍රකාශනයක් ලැබෙනවා. කලාත්මක නිර්මාණ කරන කෙනාට නිෂ්පාදනවලින්ම පවතින්න බැහැ. මෙතන අවකාශයක් තියෙනවා අපිට තෝරාගන්න. ඒ එක්කම විනෝද අවකාශයකුත් තියෙනවා. අපි පොතේ ප‍්‍රකාශකයා හෝ කර්තෘව හමුවෙනවාණි යාලූවො හමුවෙනවාණි නූඞ්ල්ස් කනවා එතකොට මෙතන වෙනම උප සංස්කෘතියක් හැදෙනවා. සමාජ මාධ්‍ය බලවත් වීම ගැන පොත් ගැන දැනගන්නවා. මේ සේරම පොත් කර්මාන්තයට උපකාර කරනවා. පොත ලියන කෙනාට අලූත් පාඨක සමාජයක් හැදෙනවා වගේම ප‍්‍රකාශකයාට වෙළඳපොළක් හැදෙනවා. මිනිසුන්ගේ ක‍්‍රය ශක්තිය වැඩිවෙලා තියෙනවා. පොතක් ගන්න අවශ්‍ය පෙළඹීම වැඩියි. මම මේ ප‍්‍රදර්ශනය දකින්නේ සුබවාදී දෙයක් විදියට”
 


ලංකාවේ දුෂ්කර සහ ඈත පළාත්වලින් පවා පැමිණි පිරිසක්ද පොත් ප‍්‍රදර්ශනයට පැමිණ සිටියහ. ඒ වෙනුවෙන්ම ආහාර සකසාගෙන පැමිණි ඔවුහු කණ්ඩායම් වශයෙන් එක් එක් කුයිවල සරමින් සිටිනු අපි දුටුවෙමු. එසේ සරමින් සිටි සෂ්මිත වික‍්‍රමසිංහ පැවසූයේ මෙවැන්නකි.

 “මම අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලයේ 11 වසරේ ඉගෙනගන්නේ. අනුරාධපුරේ ඉඳන් පාසැලේ යාලූවෝ 6-0ක විතර පිරිසක් එක්ක උදේ පාන්දර බස්රථවලින් කොළඹ ආවේ. ඉගෙනගන්න අපි වගේ පිරිසට මේ ප‍්‍රදර්ශනය හරිම පහසුවක්. විභාගවලට අවශ්‍ය පොත් සියල්ල එකම තැනකින් වගේම අඩු මිලට ගන්නත් පුලූවන්”

සිංහල භාෂාව පමණක් නොව වෙනත් භාෂාවලට අදාළ කෘති මිලදීගැනීමටද ඇතැම් පිරිස් අවධානය යොමුකරමින් එහි ගැවසුනහග චීන භාෂා කෘති මිලදීගැනීමේ අරමුණින් එහි පැමිණ සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂා අධ්‍යයනාංශයේ සේවය කරන යශෝදා වන්නිනායක මෙනවිය අප හා මෙසේ පැවසුවාය.

 “මෙම පොත් ප‍්‍රදර්ශනයට ආවේ තුන්වෙනි වතාවටයි. චීන භාෂාවට වෙනම කුටි තිබෙනවා. ඒවායේ හොඳ පොත් තිබුණා. නමුත් සගරා සඳහා වෙනම අලෙවි කුටි තිබුණේ නැහැ. ලංකාවේ සගරා බොහොමයක් පළවෙනවා. ඒවා වෙනම කුටියක අලෙවි කරනවා නම් පාඨකයාට පහසුවක්”
 

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා පාඨකයකු සමග කතාබහක යෙදෙමින් සිටියදී අපට මුණගැසිණි. පොත් ප‍්‍රදර්ශනය සාධනීය බව කී දිසානායක මහතා මෙසේද කීය.

 “වෙනත් අලෙවි භාණ්ඩ ප‍්‍රදර්ශනය කරනවාට  වඩා පොත් ප‍්‍රදර්ශනය කිරීම කොයිතරම් දෙයක්ද? හැම්බර්ග් වගේ දේවල් කනවට වියදම් කරනවාට වඩා රජවරු ගැන, භාෂාව ගැන තියෙන මේ පොතපත කියවන එක වැදගත්”
 
ජේ.බී. දිසානායක මහතා සිටි කුටියෙහිම දැඩි උද්යෝගයෙන් කෘතියක් කියවමින් සිටි රත්මලානේ සිට පැමිණි ස්වර්ණා වික‍්‍රමසිංහ මහත්මිය සිය මිනිබිරිය සමග එහි පැමිණ සිටියාය.

“පොත් ප‍්‍රදර්ශනය තියපු හැම අවුරුද්දකම වගේ මම ආවා. වැඩිපුර කියවන්නේ බුද්ධාගමේ පොත්. වයසක අපිට ගැළපෙන පොත්  ඕනෑතරම් තියෙනවා. මිනිබිරියත් මාත් එක්ක ඒවා තෝරගන්න උදව්වෙනවා. තරුණ පිරිස ආහාර සංස්කෘතියට නැඹුරුයි කියලා මත තිබුණාට මම නම් එන්නේ පොත් ගන්නයි”

 
කොළඹ පොත් ප‍්‍රදර්ශනයේ සේවයෙහි යෙදී සිටින්නෝද බොහොමයකිග ඇතැමෙක් පොත් රාක්ක සකසති. තවෙකෙක් ඒවා ලොරිවලින් රැගෙන කුටි වෙත ගෙනයතිග තවත් පිරිස පාඨකයන් විමසන පොත් තෝරාදෙති. මේ අතර අඩු මිලට පොත් අලෙවි කරන බාගේන් කුටියේ රැඳී සිටි සී.එස්. කුමාර නම් වෙළඳ සේවකයෙකු අපට මුණගැසිණි.

 

“බාගේන් කුටියට බහුතර මිනිස්සු එනවා. වැඩිපුර එන්නේ තරුණ පිරිසයි. නමුත් මේ කුටිය ගැනවත් ප‍්‍රදර්ශනයේ මාර්ග සැලසුම් ගැනවත් බොහෝ පිරිසකට අවබෝධයක් නැහැ. ඔවුන් හිතන්නේ බාගේන් කුටියෙන් අනෙකුත් ප‍්‍රකාශන ආයතනවල අලුතෙන් පළකරන පොතුත් ගන්න පුලුවන් කියලායි. ඒවාගේම මේ කුටිවලට තියෙන පහසුකම් තරමක් දියුණු කළොත් හොඳයි” යැයි ඔහු කීය.
 

රුසියාව ප‍්‍රකාශන ආයතනයේ ප‍්‍රධානී, ලේඛක ව.අ.සරත් ලාල් කුමාර මහතා පැවසුවේ පොත් ප‍්‍රදර්ශනය ආශිර්වාදයක් බවයි.

“බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ වසරකට බොහෝ ප‍්‍රදර්ශන පැවැත්වෙනවා. ඒ කිසිවකට මේ තරම් මිනිස්සු එන්නෙ නැහැ. මේ වාරයේ මිලියන 15කට එහා පිරිසක් එයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. බොහෝ අය අහනවා මේ එන සේරම කියවන අයද කියලා. එන අය බහුතරය කියවනවා. රුසියානු ප‍්‍රකාශකයින් ගත්තහම අද ඉන්නේ රුසියානු සාහිත්‍ය කියවන පස්වන පරපුර. පුවත්පත්වලින් පොත් ගැන දැනගෙන මිනිස්සු දැන් එන්නේ පොත ගැන කෙළින්ම අපෙනුත් අහගෙනයි. මේ නිසා පොත් අලෙවිහලේ ඉන්න කෙනාත් පොත ගැන දැනගෙන ඉන්න  ඕනෙ. කියවලා තියෙන්න  ඕන. පොත් ප‍්‍රදර්ශනය අප විවේචනය කළ යුතු නැහැ. අඩුපාඩු හදාගන්න  ඕන. මේ කටයුත්ත අපි අගය කරන්න  ඕන”
 

කල්ලංචිය ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඒ.එස්.ඒ. වික‍්‍රමසිංහ මහතා සිය පාසල් සිසු දරුවන් කිහිපදෙනෙකු කැටුව පැමිණ සිටියේය. ඒ මහතා අප හා මෙසේ කීය.

“තරුණ පරපුර පොත්වලට ආශක්ත වෙලා. විෂය පොත්වගේම පෑන් පැන්සල් හාෆ්ෂීට් වගේ ලිපිද්‍රව්‍යත් මේවායේ අලෙවිකරනවා. පාසල් විෂය නිර්දේශයට වගේම ජීවිතයටත් වැදගත් ඉතාම හොඳ කෘති තිබෙනවා. සාමාන්‍ය වෙළඳසැල්වලින් ගන්නවාට වඩා අඩු මිලකට මේවා ගන්න පුලූවන්”

පොත් මිලදී ගැනීමෙහි යෙදී සිටි නන්විද පාඨක සමාජයට තවදුරටත් බාධා නොකළ අපි කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන භූමියෙන් පැමිණියෙමු.

 

සටහන  - ඩිල්ෂානි චතුරිකා දාබරේ

ඡායාරූප සහ වීඩියෝ - මනෝජ් හර්ෂික 
 



අදහස් (3)

කොළඹ පොත් ප‍්‍රදර්ශනයේ අහුමුළු සොයා...

ඉරේෂ් Wednesday, 25 September 2019 11:55 AM

පොත් ප්‍රකාශන සංගමයේ ලේකම්තුමා අවුරුදු 15ක් තිස්සේ ස්ටෝල් කරපු සන්නස්ගල මහතාට එක කුටියක්වත් නොදී එළවලා, ලේකම්තුමාම විතරක් කුටි 5ක් හෝ ඊට වැඩි ගණනක් හොඳම ශාලාවල දාගෙන කියා සන්නස්ගල මහතා ප්‍රසිද්ධියේම කියකියා යනවා. හරි සවුත්තු වැඩ එහෙම වැඩ කීරීම නම්...

:       0       5

සබ්රි Tuesday, 01 October 2019 01:31 AM

මෙවර ප්‍රකාශකයින් තමන්ගේ ප්‍රකාශනවලටම 20%ට වඩා වට්ටම් දුන්නේ නැහැ. සමහරු දුන්නේ 12% යි. ඉස්සර 30%ක් 40%ක් වට්ටම් දුන්නා. ලාබෙට පොතක් ගන්න ආපු අයට මෙවර පොත් ප්‍රකාශකයින් කොකා පෙන්නලා. මෙහෙම ගියොත් පොත් ප්‍රදර්ශනයට අබ සරණයි.

:       0       0

vipula Tuesday, 01 October 2019 07:25 AM

මේක තනිකර ප්‍රෝඩාවක් . 20% අඩු කිරීමක් විතරයි තියෙන්නේ. ඕක ගන්න ගමේ ඉදන් කොලඹ ඇවිල්ලා ගමන් වියදමයි, කෑම වියදමයි එකතු කරාම ඒ පොත් ටික නගරේ පොත් සාප්පුවෙන් ගන්න එක ලාබයි. මේ තරම්වත් මිල අඩු කරේ මේ පාර. දැන් තියෙන ආර්ථිකය හැටියට මීට වඩා අඩු කරන්න බැරුව ඇති.

:       2       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 47 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 70 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 106 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 59 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1560 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 714 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38620 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site