IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


කොළඹ රැකියා කළ ඉන්දියානුවන් එළවන්න කළ සටනක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එට්කා වෙළෙඳ ගිවිසුමට ඇතැමුන් විරෝධය පාන්නේ එම ගිවිසුම මගින් ඉන්දියාවේ ශ්‍රමිකයන්ටත් මෙරට රැකියා කිරීමේ අවස්ථාව විවර වන බව පවසමිනි. ‘එට්කා’ යටතේ ඉන්දියානු සේවා අංශයට මෙරට දොරගුලු විවර වන බවත් එමගින් කොණ්ඩය කපන බාබර්ගේ සිට කුලීකාරයන් දක්වා විශාල පිරිසක් මෙරටට ගලා එනු ඇති බවත් විරෝධතා දක්වන්නෝ කියති.

දැනට වසර හැට හැත්තෑවකට පමණ පෙරත් ඉන්දියානු කුලීකරුවන්ගේ සහ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ ‘ආක්‍රමණයක්’ ලංකාවට සිදුව තිබිණි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ ගෘහ සේවකයන් හිසකෙස් කපන්නන්, කාණු පවිත්‍ර කරන්නන් ආදි ලෙස දහස් සංඛ්‍යාත ඉන්දියානුවෝ ලංකාවට පැමිණියහ. අධිරාජ්‍යවාදීන් විසින් මෙරට ආරම්භ කරන ලද වතු වගාව සඳහා විශාල වශයෙන් දකුණු ඉන්දීය ශ්‍රමිකයන් ගෙන එන ලද අතර, තවත් පිරිසක් නිදහසේ යාම සහ ඒමට තිබූ පහසුකම් මත වෙළඳුන් ලෙස මෙරටට පැමිණ ඇත. මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියාවේ සිට මෙරටට පලා ආ තවත් පිරිසක් උතුරු නැගෙනහිර හිස් බිම්වල පදිංචි වූහ. 1933 වසර වන විට මෙරට සිටි ඉන්දියානු වතු කම්කරුවන් ගණන හත් ලක්ෂ  අසූඑක් දහසකි. (781,000) කොළඹ  සහ ඒ ආසන්න ප්‍රදේශවල විසූ වෙනත් රක්ෂා කළ ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසකට ආසන්න විය. ජන සමාජය වඩාත් කැළඹෙන්නට පටන් ගත්තේ අගනුවර රැකියා කළ ඉන්දියානුවන් නිසාය. සිංහලයන්ට රැකියා කිරීමේ ඉඩකඩ අහිමි කර ඒ වෙනුවට ඉන්දියානුවන් යොදාගෙන ඇතැයි 1930 පමණ වනවිට විශාල මතයක් රට තුළ ඇතිවී තිබුණි. එකල පුවත්පත් කතුවරයකු වූ පියදාස සිරිසේන මහතා 1926 වසරේදී මෙසේ ලීවේය.

‘අපේ රටේ හතර පැත්තේම දොරවල් හැම ආකාරයෙන්ම විවෘත කොට ඕනෑ කෙනකුට පැමිණෙන්නට ඉඩදී තිබේ. දකුණු ඉන්දියාවේ ඉන්නා තරම් හම්බයින් හා කොච්චින් මෙන්ම දෙමළු හා ඇෆ්ගන්කාරයෝද දිනපතා මෙහි පිරෙති. රටේ හිමිකාර සිංහලයන්ට පිරිමහන්ට  තිබුණු රක්ෂා සියල්ල මේ විදේශිකයන්ට අයිතිවී තිබේ. දැන් අපේ ප්‍රසිද්ධ වැඩපොළවල් බලනවිට එහි දෙකෙන් පංගුවකටත් වඩා විදේශික වැඩකාරයෝ සිටිති. මේ කුඩා සිංහල ද්වීපය සිංහලයන්ට සේම කලින් සිටි ලාංකික දෙමළාදීන්ටත් මදි තරම්ව පවතී.’ පියදාස සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

අගනුවරට බලවත් ප්‍රශ්නයක්ව පැවැති මෙම ඉන්දියානුවන් මෙරටට පැමිණියේ බ්‍රිතාන්‍ය යටත්විජිත රටවල ජනතාවට නිදහසේ ගමන් බිමන් යාමට ලැබී තිබූ අවහිරය මතය. එකල වීසා ප්‍රශ්න නොවීය. කොළඹ කොටුවේ බොහෝ වෙළඳ ශාලා අයිතිව තිබුණේ ඉන්දියානු වෙළෙඳුන්ටය. මෙම වෙළඳුන් ලංකාවට පැමිණ පදිංචිවී  තම කඩසාප්පුවල සේවයට ගෙන්වා ගත්තේද ඉන්දියානු කුලීකරුවන්ය. එම යුගයේ ලාංකිකයන්ට කොටුවේ ඉන්දියානු වෙළෙඳසල්වල රැකියාව නොලැබුණි. කොටුවේ ඛාන් ඔරලෝසු කණුව ප්‍රදේශයටත් සියලු හරස් වීදිත් ඉන්දියානු වෙළෙඳුන්ගෙන් පිරී පැවතුණි.

කොළඹ වෙනත් රැකියාවල ද ඉන්දියානු ආක්‍රමණය පැවතුණි. 1915දී කොළඹ වරායේ සේවකයන්ගෙන් සියයට 50ක් සිංහල ජනයා වූ බවත්  එකල  දේශපාලන  රැස්වීම්වලදී හඬ නැගුණි. වරායේ වැඩිපුර රැකියා තිබුණේ අඟුරු මඩුවේය. අඟුරු මඩුව යනු එකල තිබූ අඟුරු කෝච්චිවලට අඟුරු පටවන තැනය. එකල වරාය අවට නිවාස සියල්ල ඉන්දියානුවන් බදුගෙන තිබූ බවත් එක නිවසක හත් අට දෙනා පදිංචිව සිටිමින් හිමිදිරියේම අඟුරු මඩුවට රිංගා දෛනික කුලියට රැකියාව කරන බවත් එමගින් සිංහලයන්ට රැකියා නොලැබෙන බවත් එකල සිංහල නායකයෝද රැස්වීම්වලදී පෙන්වා දුන්හ.

1930 වසර වනවිට  කොළඹ නගර සභාවෙන් බලපත්‍ර ගත් හෝටල්වලින් සියයට විසි අටක් ඉන්දියානුවන්ට අයත් හෝටල් විය. මෙහි සේවය කළ සියලු දෙනාම ඉන්දියානුවෝය.

රජයේ දෙපාර්තමේන්තු වූ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ සේවකයන් පිරිසම ඉන්දියානුවන් විය. මහා මාර්ග ආදිය තැනුවේ මෙම දෙපාර්තමේන්තුවෙනි. තැපැල් දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පහළ රැකියා අතිවිශාල ප්‍රමාණයක සේවයේ යෙදී සිටියේ ඉන්දියානුවන්ය. කොළඹ නගර සභාවෙන් බලපත්‍ර ගත් හෝටල්වලින් සියයට විසි අටක් ඉන්දියානුවන්ට අයත් හෝටල් විය. මෙහි සේවය කළ සියලු දෙනාම ඉන්දියානුවන්ය. රජයේ දෙපාර්තමේන්තු වූ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ සේවකයෝ ඉන්දියානුවෝ වූහ. මහා මාර්ග ආදිය තැනුවේ මෙම දෙපාර්තමේන්තුවෙනි. තැපැල් දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පහළ රැකියා අතිවිශාල ප්‍රමාණයක  සේවයේ යෙදී සිටියේ ඉන්දියානුවන්ය.

මීගමුව වැනි මුහුදුබඩ ප්‍රදේශවල පොල්වතු බොහොමයක් අයිතිව තිබුණේ ඉන්දියානුවන්ටය. රජය මුඩුබිම්  පනත යටතේ යුරෝපීයන්ට උඩරට ඉඩම් කුණුකොල්ලයට විකුණා දමද්දී පහතරට ඉඩම් මිලදී ගත්තේ ඉන්දීය මුදලාලි පෙළැන්තිය ය.

1935 වසර වනවිට ඉන්දියානුවන් අසූදාහක් මෙරට ගෘහ සේවකයන් ලෙස රට පුරාම සේවයේ යෙදී සිටි බවත් එයින් අටදහසක් කොළඹ නගරයේ ගෘහ සේවකයන් වූ බවත් මෙම ප්‍රශ්නය ගැන එකල දිගින් දිගටම සාකච්ඡා කළ පුවත්පත් වාර්තාවල සඳහන් වේ. මේ පිරිස වතු වැඩට ගෙන ආ ඉන්දියානුවන්ට අමතරවය. එකල දේශපාලකයන් ඇතුළු ජනනායකයන් විරුද්ධත්වය දක්වා ඇත්තේ තේ වගාවට ගෙන ආ ඉන්දියානුවන්ට වඩා කොළඹ ඇතුළු ප්‍රදේශවල රැකියා සඳහා පැමිණ සිටි  ඉන්දියානුවන්ටය. 1930 සිට 1935 දක්වා වසර පහ තුළ වතු වගාවට ඉන්දියානුවන් තුන් ලක්ෂයක් ගෙන එද්දී එම වසර පහ තුළ වෙනත් රැකියා සඳහා ලක්ෂ පහක ඉන්දියානුවන් පිරිසක් අනාරාධිතව පැමිණ ඇත. මෙම ඉන්දිය සංක්‍රමණිකයන් සංඛ්‍යාව බලවත් පිළිලයක්ව තිබූ බව වටහා ගත හැක්කේ 1935 වනවිට මෙරට සිටි සිංහල ජනගහනය හතළිස් ලක්ෂයක් පමණක් වූ බව සලකන විටය.

යටත්විජිත පාලකයන් රජයේ ඉහළ රැකියා සඳහා ලාංකිකයන් බඳවා ගත්තේ නැත. එම අවස්ථාව ඉන්දියානුවන්ට ලැබිණි. ඉන්දියානුවන් රජයේ  රැකියාවලට බඳවා ගැනීම බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන්ට වාසියක් වූයේ ඉන්දියානුවන් අඩු වැටුපට සේවය කිරීමට කැමැත්ත පළ කිරීම නිසාය. රජයේ සේවයේ කම්කරු රැකියාවලින් සියයට හැත්තෑ පහක් පමණම ඉන්දියානුවන්ට හිමිවී තිබීම නිසා ඉන්දීය විරෝධය ලාංකිකයන් තුළ තදින් පැතිර ගියේය.

දිගින් දිගටම ඉන්දියානුවන්ට එරෙහිව නැගුණු විරෝධය නිසා 1931 දී ඩොනමෝර්  ආණ්ඩු ක්‍රමය යටතේ පිහිටුවන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාව මෙරට රැකියා කරන ඉන්දියානුවන් ආපසු සිය රට යැවීමට විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කළේය. මෙරට ඇතැම් ජන නායකයන් සර්වජන ඡන්ද බලය අනවශ්‍ය බවට තර්ක කළේත් මේ නිසාය. මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය යටත් විජිත රජය තමන් විදේශයෙන් ගෙන ආ කුලීකරුවන්ට  ඡන්ද බලය ලබාදීමට උත්සාහ කළ අතර, මෙරට ජනනායකයන් තේරුම් ගත්තේ එමගින් ආණ්ඩු පිහිටුවීමේ දී විදේශිකයන්ගේ බලය වැඩිවන බවය. 1933 හා 1939 අතර කාලයේ විවිධ අණපනත් මගින් ඉන්දියානුවන් සෑහෙන  ප්‍රමාණයක් යළිත් ඉන්දියාවට යැවීමට  හැකියාව ලැබිණි. 1948 දී නිදහස් ලංකාවේ අගමැති ඩී. එස්. සේනානායක මහතා ගෙන ආ පුරවැසි පනත් දෙක මගින් තවත් විශාල පිරිසක් ඉන්දියාවට යැවීමට හැකියාව  ලැබිණි. විශාල පිරිසක් ඉන්දියාවට ගියද කොළඹ නගරයේ සැලකිය යුතු වෙළඳ ප්‍රජාවක් ඉතිරි විය. මේ පිරිස රටේ පවතින නීති රීතිවලට අනුව තම වෙළෙඳාම්  කටයුතු  කරගෙන ගොස් තමන්ගේ ව්‍යාපාර  යාපනේ දෙමළ ව්‍යාපාරිකයන්ට පවරා සියරට ගියහ. 1983 කළු ජූලියේදී ගිනිබත් කරන ලද බොහෝ කඩ සාප්පු මෙසේ උතුරේ දමිළ ජාතිකයන්ට හිමිවූ ඒවාය. ඉන්දීය ශ්‍රමිකයන්ගේ භීතිකාව අද පමණක් නොව සියවස් කිහිපයක් තිස්සේ පැවත එන බව මෙයින් පෙනී යයි.

(*** ප්‍රේමකීර්ති රණතුංග)



අදහස් (3)

කොළඹ රැකියා කළ ඉන්දියානුවන් එළවන්න කළ සටනක්

janahitha Monday, 20 January 2025 12:24 PM

අද තිබෙන තත්වය වෙනස් පසුගිය කාලයේ ලාංකිකයන් ඉන්දියාවට පැනගියා... අදත් ලක්ෂ ගාණක් එහි පදිංචිව සිටිනවා. වංචා, දූෂණ සහ ආර්ථිකය වැටීම තමයි හේතුව.

:       11       5

Athula k Monday, 20 January 2025 06:37 PM

දැනුත් සංචාරක වීසා මත පැමිණි ඉන්දියානු කම්කරුවන් ගොඩක් ඉන්නවා. ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් සහ රන් බඩු කර්මාන්තයේ...

:       1       13

Abesinghe Friday, 24 January 2025 11:23 AM

මේ තතත්වය වහාම නැවැත්විය යුතුයි. විශේෂයෙන්ම ඉන්දියාවෙන් සළ වෙනත් රටවලින් බෝට්ටු වලින් සරණාගතයින් ලෙස පැමිණෙන අය.. නැත්නම් අනාගතයේ ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධාගම නැති රටක් වෙයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

හැමදාම සිසුන් හැඬවූ ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ ජාවාරම
2025 ජනවාරි මස 27 13 0

2024 වර්ෂයට අදාළ 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාග දිනයට කලින් පිටවීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණ


ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවට හිමි තැන
2025 ජනවාරි මස 27 15 0

භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට ම


ශ්‍රී දළදා මාලිගයට කළ කොටි ප්‍රහාරයට වසර 27 යි
2025 ජනවාරි මස 25 325 1

කොටි ත්‍රස්තවාදීන් 1998 ජනවාරි මස 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 27ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ගැඹුරු හඬින් රසිකයන් සැනසූ අනිල් භාරතී
2025 ජනවාරි මස 25 381 0

ජනප්‍රිය ගායක අනිල් භාරතී ටික කලක් රෝගාතුරව සිට පසුගිය 22 වැනිදා පානදුර රෝහලේ දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවමංගල්‍ය කටයුතු හෙට (26) සවස පානදුර මිනුවන්පිටි


ආරක්ෂාවේ ප්‍රභේද අවශ්‍යද?
2025 ජනවාරි මස 25 419 1

පසුගිය ඉරිදා කළුතර පැවැති ප්‍රසිද්ධ රැස්වීමක දී කතා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනටමත් හිටපු ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ බිරියන්ට ප්‍රමාණව


කකුල් මාට්ටු දැම්මොත් ඉවරයි
2025 ජනවාරි මස 24 667 0

2018 වසරේ දී ‘‘බිම්බා දේවිය හෙවත් යශෝධරා” චිත්‍රපටයෙහි තිරනාටකය වෙනුවෙන් කරුණු එක්රැස් කරද්දී යශෝධරා හැර මට හමුවූ චරිත අතුරින්ම සිත පැළපදියම් වූයේ ප්‍


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 30 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 570 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 662 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site