IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කොළඹ වරායේ හදන අලූත් නගරය

තවත් අනාගත සිහිනයක පෙර ලකුණු දැල්වෙමින් පවතී. ඉන්දියන් සාගරයේ පුංචි මුතු ඇටය ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමේ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමෙහිලා ජනපති මහින්ද රාජපක්ෂ මහතා දරන සංවර්ධනාත්මක ප‍්‍රයත්නයේ එක් දැවැන්ත දොරටුවක් ලෙස මෙම සිහිනය හඳුන්වාදිය හැකිය. ”කොළඹ වරාය නව නගරය” වර්ෂ 2016 දී යථාර්ථයක් බවට පත්කරන්නට සැලසුම්කරන ඔක්තෝබරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට අරමුණු කිරීම ඒ සංවර්ධනයේ අලූත්ම හීනයයි. ගාලූමුවදොර සිට වැල්ලවත්ත දෙසට අක්කර 575ක් පමණ මුහුද ගොඩකර මාස 36ක කාලයකින් නිමාව දකින්නට සැලසුම්කර ඇති කොළඹ වරාය නව නගරය සඳහා අපේක්ෂිත බරපැන ඩොලර් මිලියන 600ක් ලෙස තීරණයවී ඇත. චීන ආයෝජකයකු විසින් මේ බර පැන උසුලනු ලබයි. අපේ රජයේ මුදල් ඒ වෙනුවෙන් වැය කෙරෙන්නේ නැත. ඊට අදාළ ගිවිසුම අනුව ඔවුන් වෙත අක්කර 60ක් පමණ ලබාදිය යුතු අතර එය ලබා දෙන්නේ 99 වසරක බදු පදනමට යටත්වය. මුහුද ගොඩකිරීමේ කර්තව්‍ය සඳහා ඔවුන් වැය කරන්නේ එසේ වසර 99ක බදු මුදල ලෙස ලබාදිය යුතු මුදලය. ඉතිරි අක්කර 515ක ප‍්‍රමාණය රජයේ ඉඩම් බෙදාදෙන ප‍්‍රතිපත්තිය මත 99 අවුරුදු බදු පදනම යටතේ අවශ්‍ය ව්‍යාපාරික ප‍්‍රජාවට ලබාගත හැකිය. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව වරාය හා මහාමාර්ග අමාත්‍යංශය, වරාය අධිකාරිය මූලිකත්වයෙන් කරන මේ කර්තව්‍ය සඳහා නාරා ආයතනය, රජයේ භෞතික සැලසුම් අංශය, පරිසර අමාත්‍යංශය අවශ්‍ය තැන්වලදී සහාය ලබාදීමට එක්වී සිටියි. මෙහි සැලසුම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය විසින් සැලසුම් කරනු ලැබුවත් අදාළ අමාත්‍යාංශය මොරටුව විශ්වවිද්‍යාලයේ සැලසුම් අංශය හා එක්ව එම සැලසුම අවශ්‍ය පරිදි වෙනස් කර ගනියි. ජාත්‍යන්තරව පිළිගත් වෙළෙඳ සමාගම්වල ආයෝජකයින් දැනටමත් තම ආයෝජන සඳහා ඉදිරිපත්ව ඇති අතර කොළඹ වරාය නව නගරය දේශීය විදේශීය රැකියා අවස්ථා රැසකද තොටුපොළක් බවට පත්වනු ඇතැයි වරාය හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන කියයි. තරු 5,6,7 සුපිරි හෝටල්, කෘති‍්‍රම මුහුදු වෙරළක්, ෆෝමියුලාවන් ධාවන පථයක් කුඩා මගී යාත‍්‍රාංගණයක් සුපිරි වෙළෙඳසැල් (ෂොපින් මෝල්) කුඩා ගෝල්ෆි‍්‍ර පිටියක්, ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථානයක් ජල කී‍්‍රඩාංගණයක්, කුඩා උද්‍යාන 4-6ක් අතර සංඛ්‍යාවක් කොළඹ වරාය නව නගරයේ ඉදිකරන්නට අපේක්ෂිතය. එමෙන්ම අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්ද මෙහි ඉදිවේ. කොළඹ වරාය නව නගරයට පිවිසුම් මාර්ගය වශයෙන් උමං මාර්ගයක් ඉදිකරයි. එය වැල්ලවත්ත ප‍්‍රදේශයෙන් මුහුද ඇතුළෙන් පිවිසෙන්නට ඇති ”ටියුබයක” ආකාරයේ වන පිවිසුම් දොරටුවකි. අක‍්‍රමවත් ඉදිකිරීම්වලින් තොර සිංගප්පූරුව ඩුබායි වැනි නගරවල ඇති ක‍්‍රමවත් ඉදිකිරීම් අරමුණු කරගෙන ඉදිවෙන මෙම කොළඹ වරාය නව නගරය සංචාරකයන්ගේ පාරාදීසයක් සහ ආයෝජකයින්ගේ නිජබිමක් බවට පත්වනු දැකීම මෙහි මූලිකම අභිලාෂයයි. නගරය ඉදිවූ දිනෙක නගරයට පිවිසෙනුවස් ඔබ වෙතින් මුදලක් අය නොකළත් ඒ නගරයේ සම්පත් භූක්ති විඳිනු පිණිස ඔබට රුපියල් අවැසි බව ද නොලියා නොසිටිය නොහැකිය.

සටහන: සංජීවිකා සමරතුංග - ඡායාරූප අනුග‍්‍රහය: වරාය හා මහා මාර්ග අමාත්‍යාංශය
අනාගත නගරයේ දසුනක් සංචාරක හෝටල් සාප්පු සංකීර්ණ නගරය ඉදිකළ පසු දිස්වන්නේ  මේ ආකාරයටය



අදහස් (0)

කොළඹ වරායේ හදන අලූත් නගරය

ජෝන් Sunday, 12 August 2012 12:05 AM

චඃ... ඇහැරුනාණේ. සිහින‍ය අපරාදේ. (නි)

:       0       0

සුරේශ් Monday, 06 August 2012 09:11 AM

ඩුබායි වගේ ....හොදයි...(ස)

:       0       0

කුමාර Thursday, 09 August 2012 04:08 PM

කරුණාකර ප්‍රථමයෙන් රට මනුස්සකමින් සංවර්ධනය කරන්න. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 09 August 2012 09:41 AM

කරුනාකර ගසාකෑම්වලින් තොරව මේ වැඩේ කරන්න ඕන කවුරු කවුරුත්...(ස)

:       0       0

අසන්ක Sunday, 12 August 2012 04:22 AM

මම ඉන්නේ සෞදි අරාබිය. මෙහෙ ගොඩ කරන හැටියට මුළු ලෝකයම යටවෙන්ට ඕනෑ එහෙනම්. අපේ රටම විතර ඉඩම් ප්‍රමාණයක් ගොඩ කරනවා එක වසරකට. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 09 August 2012 09:49 AM

නියමයි....(ස)

:       0       0

කැමිලස් එන් පෙරේරා Wednesday, 08 August 2012 04:06 AM

ඉතා හොද වැඩක්.. ඉදිරියේ තවත් මෙවැනි දේ බිහිවේවා..!!!(නු)

:       0       0

ප්‍රියනාත් Wednesday, 08 August 2012 07:40 AM

මෙවැනි දේවල් කිරීමට සියලුම නායකයන්ට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ඇත්ත කියන්නා Tuesday, 07 August 2012 04:31 PM

ලංකාවට සත 5 ක් ලැබෙනවද ඕකෙන් (දී)

:       0       0

අජිත් Friday, 10 August 2012 10:25 PM

ඔය වැඩ වලින් වෙන්නේ අපි බද ගින්නේ ඉන්න වර ගණන වැඩි වෙන ඒක විතරයි (දී)

:       0       0

දී සිල්වා Friday, 10 August 2012 11:00 PM

ඔය අපේ ඉඩමක් නෙවෙයි (දී)

:       0       0

පතිරණ Thursday, 09 August 2012 12:56 PM

මේ නගරෙත් කුණු වලින් පිරෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

නාමල් Sunday, 05 August 2012 06:11 PM

නියමයි. ගොඩක් සතුටුයි. (නි)

:       0       0

මොහොමඩ් Friday, 10 August 2012 11:59 PM

බොහොම හොදයි. ඉතා ඉක්මණින් නිමාව දකීවායි කියා ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Sunday, 05 August 2012 08:02 PM

මෙවැනි ව්‍යාපෘති රටක සංවර්ධනයට ඉතා වැදගත්. බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවුණද ලංකාවේ සීමිත භූමි ප්‍රමාණය තුළ ඉඩම් ගැටළුවක් නැතුවා නොවේ. සමුදුරු තීරයක් සහිත වෙනත් රටවල්ද මෙවැනි ව්‍යාපෘති මගින් සිය භූමි ප්‍රමාණය වැඩිකරගෙන ඇත. එහෙත් මුහුද ගොඩකර නගරයක් ඉදිකිරීම මගින් වෙනත් අයහපත් ප්‍රතිඵල උදාවන්නේ දැයි සිතා බැලිය යුතුය. ඒ සඳහා නිසි සක්‍යතා අධ්‍යයනයක් මගින් කරුණු සොයා බැලීම වටී. පරිසර ඉංජිනේරුවෙකු වශයෙන් මා සිතන්නේ යෝජිත නගරය මුහුද ගොඩකිරීම වෙනුවට මුහුදේ ඉදිකෙරෙන වේදිකාවක් මත ඉදිවන්නේ නම් වඩා සුදුසු බවයි. මක් නිසාද යත් සමුද්‍රයේ ජල පරිමාව අඩුවීමක් සිදු නොවන බැවින් එක් ප්‍රදේශයක් ගොඩකිරීම නිසා ඉවත්වන ජලය වෙනත් ප්‍රදේශයක් යටකරගෙන ස්ථානගත වීම ස්වභාවකව සිදුවන බැවිනි. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරයට කිසියම් හෝ හානියක් සිදුවීම ස්වභාවයයි. එම පරිසර බලපෑම හැකිතාක් අඩුවන පරිදි කටයුතු කිරීම තිරසාර සංවර්ධනයයි. මේ පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් මැනවි. (නි)

:       0       0

සුදේශ් Thursday, 09 August 2012 01:45 PM

ලස්සන ඡායාරෑප..!!(නු)

:       0       0

සම්පත් Sunday, 05 August 2012 08:49 PM

නියමයි. (නි)

:       0       0

මංගල Saturday, 02 March 2013 06:42 PM

ලංකාව දැන් හරි දියුණුයි (දී)

:       0       0

නිරෝෂන් අමරසිංහ Friday, 17 August 2012 02:51 PM

දුප්පත් මානසිකත්වයෙන් මිදිල ලෝකෙ දියා හොඳට බලන්න (අ).

:       0       0

රංගජිත් Saturday, 11 August 2012 07:54 PM

ආචාර්යතුමා.. ඔය පරිසර උපාධිය කඩෙන් ගත්ත එකක් වගේ.. මුහුද ගොඩකරන්නෙ මුහුදෙ වැලි වලින් කියලා දන්නෙ නැද්ද? එකතැනක ගැඹුරු වැඩි වෙලා තවත් තැනක ගොඩ ගොඩ වෙනවා.. මට නම් විශ්වාසයි මෙයාට තියෙන්නෙ කලා උපාධියක්..!(නු)

:       0       0

ප්‍රියන්ත Monday, 06 August 2012 05:08 PM

කතරගම දෙවිදුගේ බලෙන් මේ වැඩය ජය ගන්නවා සිකුරුයි. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 01:09 PM

මෙහෙම දියුණු වුණහම අපට අනෙක් රටවල අයත් සමග කට ඇරලා කතා කරන්න පුලුවන් අපේ රට ගැන. (නි)

:       0       0

උපුල් Tuesday, 07 August 2012 07:31 PM

අනාගතේ ඩුබායි රටක් බලා ගැනීමට හැකි වේවි. ඉක්මනට නිමවේවා (අ)

:       0       0

සංජය පෙරේරා Monday, 06 August 2012 02:34 AM

දැක්කාම නම් ආසයි. ඒත් ග්‍රැෆික් නිසා දුකයි. (ත)

:       0       0

ඔසද Monday, 06 August 2012 03:43 AM

ගොඩක් හොඳ වැඩක්. ලෝකේ ලස්සනම රට මගේ ලංකාවයි. මගේ රට හැම දිනකම දියුණුවෙන් දියුණුවට පත් වේවා. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 128 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5970 3

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 887 6

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1478 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 136 1

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 213 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site