IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කොළඹ වහල් දූපත

වහල් දූපත ලෙස සිංහල වහරට ගැණුන ‘‘ස්ලේව් අයිලන්ඞ්’’ හි මෙයට සියවස් තුන හතරකට පෙර කාපිරින් රඳවා සිටි පෙදෙසකි. වර්තමාන කොළඹ දෙක ලෙස හඳුන්වන කොම්පඤ්ඤවීදියට අයත් ප‍්‍රදේශයේ මෙම වහල් දූපත තිබුණා යැයි සැලකේ. ආචාර්ය කේ.ඞී. පරණවිතාන මහතා පවසන පරිදි කොළඹ ජනප‍්‍රියම නම හා ස්ථානයත් මේ කොම්පඤ්ඤ වීදියයි. පසු කලෙකදී රෝහල් සමුපකාර, කාර්යාලය, කුරුඳුවගා, ආගමික ස්ථාන, ගුවන් හා යුද හමුදා කඳවුරු, වෙළෙඳ ව්‍යාපාරික ආයතන රාශියක්  කොම්පඤ්ඤවීදියේ පිහිටා ඇත. ඇෆ්ගන් ජාතිකයන් බහුලව සිටි නිසා ඇෆ්ගන් ටවුම ලෙසත්, කාපිරි ජාතිකයන් සිටි නිසා කාපිරි නගරය ලෙසත්, මැලේ ජාතිකයන් සිටි නිසා මැලේ නගරය ලෙසත් විටින් විට හැඳින්වූ කොම්පඤ්ඤවීදිය ඇතැම් විට දී ‘‘බේරේ ටවුන්’’ ලෙසද ඇතැම් ඉංග‍්‍රීසි හා සිංහල ලේඛනවල දක්වා ඇත. කොම්පඤ්ඤ වීදියට වහල් දූපත යන නම හැදුණු ආකාරය ගැන ඇත්තේ මෙවන් කතාවකි. 1630 දී පමණ පෘතුගීසින් විසින් ඉන්දියාවේ සිට මෙරටට රැුගෙන එන ලද කාපිරි ජාතිකයන් සිටි නිසා වහල් දූපත ලෙස නම් වූ බව කියැවේ. ඉන්දියාවේ ගෝව ප‍්‍රදේශයේ සිට මලබාර් වරායෙන් මෙම කාපිරි පිරිස් මෙරටට ගෙන්වා ඇත්තේ වහල් සේවයේ යෙදවීමටය. ලෝකයේ බොහෝ පෘතුගීසි යටත් විජිත වල මෙම අප‍්‍රිකානු කාපිරි ජාතිකයන් වහල් සේවයට ගෙන සේවයේ යොදවා ඇත. ඇතැම්විට වෙළෙඳ භාණ්ඩ ලෙසත්, සොල්දාදුවන් ලෙසත්, කඳවුරු සහයකයන් ලෙසත්, ද්‍රව්‍ය ප‍්‍රවාහකයන් ලෙසත්, මෙම අප‍්‍රිකානුවන්ව සුදු ජාතිකයන් විසින් යොදවා ගත් බව සඳහන්ය. මෙලෙස යොදා ගත්තේ මෙම පිරිස් අයිතිව සිටි ස්වාමිවරුන්ට මුදල් ගෙවා බවද පැවසේ. ස්වභාවයෙන්ම සැහැසි ජාතියක් වූ නිසා මොවුන්ගේ විශාල තොල් යා වන පරිදි යකඩ ඉබ්බන් දමා අත්වලට මාංචු සහිත යකඩ දම්වැල් දමා ඇතැම් විට මෙරට සේවයේ යොදවා තිබී ඇත. ඒ ඔවුන් ඇතැම්විට මිනිසුන් සපා මරා දමනු ඇතැයි යන බිය නිසාය. මන්දයත් මෙම කාපිරි ජාතිකයන් මිනී මස් බුදින්නන් ලෙස ඇතැම් රටවල ප‍්‍රචලිතව සිටි නිසාය. කෙසේ හෝ මෙරටට ගෙනා කාපිරි පිරිස් පෘතුගීසීන්ගේ නොයෙක් වගා බිම්වල, ගෘහ සේවයේ යොදවා තිබුණි. පෘතුගීසීන් පමණක් නොව ලන්දේසීන් ද මෙම පිරිස් වගා බිම්වල යොදවා ආහාර ද්‍රව්‍ය වගා මෙන්ම වීද වගා කරවූ බවත් සඳහන්ය. ඇතැම් යහපත් චර්යා දැක්වූ පිරිස් කොළඹ රෝහලේ සාත්තු සේවයට ද යෙදවිණි. 18 වැනි ශතවර්ෂයේ දී පමණ මෙම කාපිරින්ගේ කැරැල්ලක් හටගෙන ඇත. එහිදී පාරවල් දෙපස ගොඩ නැගිලිවලට හානි පමුණුවමින් මෙම කැරැල්ල පැතිර ගොස් තිබේ. මොවුන් ඉතා ප‍්‍රචණ්ඩ අයුරින් එහිදී හැසිරී සිටි බවද සඳහන්ය. එම කැරැල්ලේදි බැරැන්ට් වැන්ඩර් ස්ටොන්ස් නම් පිස්කල්වරයා හා ඔහුගේ බිරිඳ නිදි යහනේදීම කිරිච්චියකින් ඇණ මරා දමා ඇත. කෙසේ හෝ වැන්ඩර් පිස්කල්ගේ නිවසේ සේවය කළ එම කාපිරි ජාතිකයා මිනී මැරුමට පෙර ඔවුන්ගේ නිදි යහනයට සැඟවී සිට ඔවුන් නින්දට යනතුරු බලා සිටි බවත් එවක මූලාශ‍්‍රවල ලියැවී ඇත. එවකට ආණ්ඩුකාර අයිසැක් මේෆ්ට මෙම කැරැුල්ල දැඩිව මර්දනය කිරීමට පියවර ගත්තේය. කැරැල්ල මැඩ පැවැත්වූ පසු සෑම දිනකම ඒ ඒ ආයතනවල, නිවාස වල වැඩ කළ කාපිරි ජනයා සියලූ දෙනාම ‘‘කාපිරි තැන්න’’ නම් ස්ථානයට කැඳවා ඇත. එහිදී සියලූම දෙනාගේ නම් අඬගසා අඩු අය කවුරුන්දැයි සොයා බැලිණි. ඉන් පසුව කොටුවේ කොටු බැමි අතර පටු පාරක් දිගේ කැඳවාගෙන සැලි පෝර්ට් යන ස්ථානයට ගෙනගොස් ඇත. සැලි පෝර්ට් යනු එවකට වැවේ තිබූ තොටුපළක් වීය. එහිදී තිබූ බෝට්ටුවලට මෙම කාපිරින් පටවාගෙන ලංදේසි බසින් අයිජේ නමින් හැඳින්වූ කඩතොළු සහිත දිවයිනකට රැගෙන ගොස් ඇත. එම දිවයින අර්ධද්වීපයක් ලෙස තිබූ එකකි. එම අර්ධද්වීපයට කැඳවාගෙන ගිය මෙම පිරිස ලැයිම් හා මුඩුක්කු වල පදිංචි කරවා ඇත. ඒ නිසාම සියවස් තුනක් තිස්සේම වහලූන්ගේ දූපත ලෙස මෙය හඳුන්වා ඇත. එය ‘‘වහලූන්ගේ දූපත’ ලෙස හංවඩු ගැසීම නිසා පසු කලෙක බොහෝ විචාරක දෝෂ දර්ශනයට ද ලක්ව ඇත. මෙයට වහල් දූපත ලෙස බි‍්‍රතාන්‍යයන් නම් කෙරූ බවද ඇතැම්හු සළකති. එහෙත් වර්ෂ 1845 දී පමණ බි‍්‍රතාන්‍යයන්ම මෙරට වහල් සේවය තහනම් කර ඇති අතර එය නීතීගත කර ඇත. ලංකාවේ වහල් සේවය තහනම් කර දිගු කලකට පසු ලෝකයේ වහල්සේවය තහනම් කිරීමද විශේෂත්වයකි. මුල්ම අවධියේදී රෝගී හා මහලූ අය මෙම දූපතේ රදවා තිබූ බව ඉංග‍්‍රීසි මූලාශ‍්‍ර වල සඳහන් ය. 1807 දී පමණ කාපිරි ජාතිකයන් හත්සියයක් පමණ මෙරට සිටි බව කෝඩිනර්ගේ වාර්තාවල සඳහන්ය. පුත්තලම, මඩකළපුව, ත‍්‍රිකුණාමලය ආදී ප‍්‍රදේශවල පසුකාලයක මෙම ජාතීන් සුළු වශයෙන් පැතිරී ගොස් ඇත. ස්ලූයිස්කින් නම් කපිතාන්වරයකුගේ මන්දිරයක කාපිරි තූර්ය වාදක කණ්ඩායමක් සිටි බවද ඉතිහාස මූලාශ‍්‍රවල සඳහන්ය. ‘කපිර් වෙල්ඞ්ට්’ නම් විවෘත බිමක මෙම කාපිරි වෙනුවෙන් 1875 දී පමණ බිතාන්‍ය සොල්දාදුවන් බැරැක්ක ඉදි කරනු ලැබූ බව ද සඳහන්ය. එහිදී එක් මායිමක් ලෙස වත්මන් බේරේ වැවත්. අනෙක් පස ඇතුළු නගරයේ කොටු බැම්ම තිබූ බවද සඳහන්ය. කෙසේ හෝ ලන්දේසි යුගයේ කොළඹ කොටුව නිර්මාණයට කාපිරි ජාතිකයන් යොදවා ගත් බවත් එකල කාපිරින් හාර දහසක් පමණ මෙරට සිටි බවත් ආණ්ඩුකාර ගොයන්ස්ගේ වාර්තාවක සඳහන්ය. මුවෙන් චිකෝ නි සංගීත රාවයත් චතුරංග හෙවත් ක්වෝඩි‍්‍රල් නැටුමත් මෙම කාපිරින්ට ආවේණික වටිනා සංස්කෘතික දායාද බව ද සැලකේ. කාපිරියකු විසින් මරා දැමුණු වෙරන්ට් වැන්ඩර් වරයාගේ නිවස පසු කලෙක භූතයන් හොල්මන් රජකළ නිවසක් බවද කට කතා පැතිරී ඇත. එම නිවසේ පසු කලෙක පදිංචි වූවන්ට වැඩිකලක් ගතකිරීමට තරම් හැකියාවක් නුවූ නිසා පසු කලෙක බි‍්‍රතාන්‍යයන් කෝපි ගබඩාවක් ඉදිකර ඇත. පසු කලෙක එම කෝපි ගබඩාව කඩා ඉවත් කර ඇති අතර අද එය තිබූ තැනක්වත් සොයාගත නොහැකිය. කොළඹ කොටුවේ ලංකා බැංකු ගොඩනැගිල්ල අසල ඇචිලන් බැරැක්ක වලට යාබදව කපිර් වෙල්ඞ්ට් හෙවත් කාපිටි තැන්න තිබී ඇත.  ඕලන්ද බසින් කපිර් වෙල්ඞ්ට් යනු කාපිරින් පෙරට්ටුව සඳහා කැඳවූ ස්ථානය යැයි සැළකේ. එය පසුව කාපිරි මුඩුක්කුව ලෙස හඳුන්වා මෑත දශක දෙකකට පමණ පෙර කෝසල පටුමග ලෙස හඳුන්වා ඇත. කාපිරින් ලංකාවට ගෙනෙනාවිට ලංකාවේ වහල් සේවය නොතිබුණි. එය ලංකාවාසීන්ට ආධුනික දෙයක් විය. හත්ති කුච්චි සෙල් ලිපියේද ක‍්‍රි.ව. අට වැනි හා නව වැනි සියවස්වල මහා තිත්ථවල කාපිරි මිනිසුන් සිටි බව අරාබි වාර්තා වලද සඳහන් ව ඇත. ඇතැම් කාපිරින් විහාරස්ථානවල ඇබිත්ත තනතුරේද සිට ඇත. 1815 දී සිංහල මුස්ලිම් කෝලහල වලටද සම්බන්ධ වූ මෙම ප‍්‍රථම හා දෙවන ලෝක යුද සමයේදී යුද සේනාංකවලටද අපේරට වෙනුවෙන් යුද්ධයට සහභාගි වී ඇත. එපමණක්ද නොව රොබට් නොක්ස්ගේ වාර්තාවලට අනුව දෙවැනි රාජසිංහ රජු තම ශ්‍රී විභූතිය වර්ණවත් කිරීමට කාපිරි යුද සේනාංකයක්ද භාවිතා කර ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉංග‍්‍රීසීන් විසින් අත් අඩංගුවට ගන්නා ලද විට රජුගේ සේනාවේ කාපිරින් දෙසීයක් සේවය කළ බව ජෝන් ඩොයිලිගේ වාර්තාවල සඳහන්ය.පිරිමි අය මෙලෙස යුද කටයුතුවල නිරත වූවද කාන්තාවන් ගෘහ සේවයේ ඉවුම් පිහුම් කටයුතු වලට සහභාගි වී ඇත. කෙසේ වෙතත් විසිවන සියවසේදී පමණ ලංකාවේ පුවත්පත් වලින් මෙම කාපිරි ජනතාව සිටි ප‍්‍රදේශය හැඳින්වූ වහල් දූපත යන්නට එරෙහිව ප‍්‍රබල හඬක් නංවා ඇත. ලන්දේසි ඉංජිනේරුවරයකු වූ ‘ද බියර්’ සිහිවීමට කාපිරි ජනයා සිටි මෙම ප‍්‍රදේශයේ වැව බේරේ වැව ලෙස නම් කළ බැව් ඇතැම්හු පවසති. එලෙස බේරේ වැව කියා නම් කළානම් වහල් දූපත යන නම නොදා ‘‘බේරේ නගරය’’ ලෙස නම් නොකළේ ඇයි දැයි ඇතැම්හු ප‍්‍රශ්න කරති. එහෙත් ද බියර් සිහිවීමට බේරේ වැව කියා නම් කිරීම පිළිගත නොහැකි බවද තවත් අය කියති. 1659 දී ලංදේසි ජාතික මිනින්දෝරු ඒඩි‍්‍රයන් ද ලීව් නම් නගර නිර්මාණකරු හා මිනින්දෝරුවා කොළඹ කොටුව නිර්මාණය කරන විට වත්මන් බේරේ වැවට කිසිදු නමක් නොතබා ජලාශය යැයි නම්කර ඇත. 1796 දී සිතියමක කොළඹ විල ලෙස නම් කර තිබුණද බේරේ වැව යන නම නිල වශයෙන් ලැබී ඇත්තේ 1927 වර්ෂයේ දීය. කෙසේ හෝ වහල් දූපත ලෙස හැඳින්වූ මෙම ස්ලේව් අයිලන්ඞ් නම් ප‍්‍රදේශයේ කිසිදු දූපතක් මේතාක් හමුවී නොමැති බව ඉතිහාසඥයෝ මත පළකරති. සියවස් දෙක තුනක් තිස්සේ කොළඹ නගරයේ ඉතාම මනස්කාන්ත නිසංසල දර්ශනයක් වූ බේරේ වැව පෘතුගීසි, ලංදේසි හා ඉංග‍්‍රීසින්ගේ අපමණ වර්ණනාවන්ට ලක්ව ඇත. කලක් එහි ඔරු පැදීම්. බිලීබෑම් වැනි තරඟ පැවැත්වූ බවද සඳහන්ය. එවන් සුන්දර දර්ශන වලට හිමිකම් කියූ බේරේ ජලාශය අද වන විට බොහෝ දෙනාගේ නාසය දුඟදින් හකුළුවන ස්ථානයක් බවට පත්ව ඇති බවද කිව යුතුමය. විශේෂ ස්තූතිය. පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රෝහිත දසනායක මහතාට

සටහන හා ඡායාරූප - පුෂ්පා වීරසේකර
එදා වහල් දූපතට විහාරස්ථානය පෙණුන අයුරු 1905දී කොම්පඤ්ඤ වීදිය



අදහස් (7)

කොළඹ වහල් දූපත

සෙව්වන්දි Thursday, 16 August 2012 02:34 PM

ඉතා වටිනා ලිපියක් පළ කිරීම සම්බන්ධයෙන් පුෂ්පා වීරසේකරට ස්තුතියි..!! තවත් මෙවැනි වැදගත් සහ අර්ථවත් ලිපි වැඩි වැඩියෙන් පළ කරන්න.. මොකද කියවීම මිනිසා සම්පුර්ණ කරයි.. ගොඩක් ස්තුතියි...!(නු)

:       0       0

ප්‍රසාද් Saturday, 06 October 2012 09:11 PM

මේවා මානව අයිතීන් උල්ලංගනය වන වැඩ

:       0       0

සරත් Wednesday, 15 August 2012 10:42 AM

අපි නොදන්නා කොච්චර දේවල් තියෙනවද (දී)

:       0       0

ශාන් Friday, 31 August 2012 03:03 PM

ඉතා වටිනා ලිපියක්. ඡායාරූප තව මදි අපට. ස්තුතියි. අපි නොදන්නා කොච්චර දේවල් තියෙනවද? (නි)

:       0       0

සතිස් Monday, 13 August 2012 07:36 PM

ඉතා වටින ලිපියක්. ඡායාරූප තව මදී. ස්තුතියි.

:       0       0

දයා සෞදි Tuesday, 14 August 2012 04:15 PM

කොළඹ නගරය පිළිබදව බොහෝ නොදන්න තොරතුරු පළකිරීම පිළිබදව රෝහිත දිසානායක මහත්තයත් ලංකාදීප පත්‍රයටත් තුති..!!(නු)

:       0       0

Sithie seeneth Thajudeen Thursday, 05 December 2024 10:27 PM

ඒ මහත්මියට තුති. නොදන්නා කරුණු රාශියක් දැන ගත්තෙමි. නගරයක ඉතිහාස තොරතුරු ඉතාම වැදගත්ය. මැලේවරු අදටත් ජීවත්වන පරිසරයකි. තවද අද වනවිට සියලුම ජාතීන් නියෝජනය කරන පරිසරයකි. වැදගත් එවන් තොරතුරු වලින් අප සමාජය දැනුවත් කිරීම අගයමි. බෙහෙවින්ම තුති. ඒ තොරතුරු ලබාදුන් සියලුම දෙනාට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 132 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 473 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 137 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 133 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 314 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 602 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site