IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


කොළය වසා ගැහීම

(ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා)

සැප්තැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු කමිටු වාර්තාව පිළියෙළ කළ ආකාරය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබේ. එහි අන්තර්ගතය තවත් ප‍්‍රශ්නයකි. මේ වාර්තාව පිළියෙළ කළේ කවුද යන්න විශාල අබිරහසකි. විවිධ පක්‍ෂවලින් ඉදිරිපත් කළ යෝජනා වෙන වෙනම මෙම වාර්තාවේ අඩංගු කර තිබේ. ඔවුන්ගේ ස්ථාවර වෙන් වෙන්ව ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී.ල.නි.පය, ඒකාබද්ධ විපක්‍ෂය, ජාතික හෙළ උරුමය පැහැදිලිව ප‍්‍රකාශ කරන කරුණක් තිබේ. එනම් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 1 හා 2 වගන්ති කිසිම ආකාරයකින් වෙනස් නොකළ යුතු  බවය. එහෙත් මේ යෝජනාවේ කරුණුවලට තමන් එකඟ නැති බවට එ.ජා.ප.ය වාර්තාවක් ඉදිරිපත් කර නැත. මෙයින් ගම්‍ය වන්නේ මේ වාර්තාව එ.ජා.පයේ වාර්තාවක් බවය.

සුමන්තිරන් මහතාත් ජයම්පති වික‍්‍රමරත්න මහතාත් එක්වී මේ වාර්තාව සකස් කර ඇති බව බොහෝ දෙනා කියන කතාවකි. එහෙත් හරියටම කවුද කියා කියන්න දන්නේ නැත. ඒ වගේම විශේෂඥයන් හැටියට විවිධ බටහිර බලවේග මේ වාර්තාව සකස් කිරීමට දායක වී තිබේ. එහෙත් ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින කිසිවෙක් මේ කි‍්‍රයාවලියට සම්බන්ධ කරගෙන නැත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දේශද්‍රෝහී විධි විධාන මෙහි අන්තර්ගතයේ ඇතුළත් වී තිබේ.

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බව කියන්නේ වත්මන් ව්‍යවස්ථාවේ 1 වැනි සහ 2 වැනි වගන්තිවලය. ඒ වගේම ඉංගී‍්‍රසි පිටපතේ ”ශ්‍රී ලංකා ඉස් අ යුනිටරි ස්ටේට්” යනුවෙන් සඳහන්ය. ඉංගී‍්‍රසි පිටපතේ ඇති මෙම ‘යුනිටරි’ යන වචනය ජාත්‍යන්තර වශයෙන් ඇති තාක්‍ෂණික වචනයකි.

ලංකාවේ සියලූ නඩු තීන්දු අර්ථ නිරූපණයට භාවිත කළේ ව්‍යවස්ථාවේ ඉංගී‍්‍රසි පිටපතේ තිබෙන ‘යුනිටරි’ යන වචනයයි. ව්‍යවස්ථා නීතිය පිළිබඳව සිංහලෙන් පොත පතක් ලියැවී නොතිබීම එයට හේතුවය. ව්‍යවස්ථා නීතිය පිළිබඳ ලංකාවේ සියලූ නඩු තීන්දු තිබෙන්නේ ඉංගී‍්‍රසි භාෂාවෙනි. 13 වැනි සංශෝධනයේදී පවා ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණය කළේ ‘යුනිටරි’ යන වචනයයි. එයට අනුරූපී සිංහල වචනය හැටියට සිංහල පිටපතේ සඳහන් වන්නේ ‘ඒකීය’ යන වචනයයි.

එහෙත් අලූත් යෝජනාවලියෙන් යෝජනා කරන්නේ කුමක්ද? ඉංගී‍්‍රසි පිටපතේ තිබෙන ‘යුනිටරි’ යන වචනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටය. එසේ කරන්නේ ඇයි දැයි විශාල ප‍්‍රශ්නයකි. මේ වචනය ඉවත් කර සිංහල වචනයක් සහ දෙමළ වචනයක් ඉංගී‍්‍රසි පිටපතට මේ අය යොදා තිබේ. ”විච් ඉස් ඇන් ඒකීය රාජ්‍යය/ ඔරුමිත්ත නාඩු” යනුවෙන් එය ඉංගී‍්‍රසි පිටපතේ දක්වා තිබේ. හොඳින් අර්ථ නිරූපණය වූ, හොඳින් පොතපතේ සඳහන් වූ එහි අර්ථ නිරූපණය පිළිබඳ කිසිදු සැකයක් නැති අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා ඒකීය රාජ්‍යය යනු කුමක්දැයි මනා ලෙස අර්ථ නිරූපණය කර ඇති ඒකීය රාජ්‍යය යන සංකල්පය නිරූපණය වන ‘යුනිටරි’ යන වචනය ඉවත්කර තිබෙන්නේ මේ රටේ ඒකීය රාජ්‍ය සංකල්පය ඉවත් කිරීමටය.

ඊට වඩා භයානක වන්නේ මේ අය හඳුන්වා දෙන දෙමළ වචනයයි. වත්මන් ව්‍යවස්ථාවේ දෙමළ පිටපතේ සඳහන් වන්නේ ‘ඔරුමිත්ත නාඩු’ යන වචනය නොවේ. එහි තිබෙන්නේ ඒකීය යන අරුත ඇති ‘ඔටි‍්‍රයච්චි’ යන වචනයයි. මේ වෙනුවට අලූතෙන් හඳුන්වා දී ඇති ‘ඔරුමිත්තනාඩු’ යන වචනයේ අරුත එක්සත් රාජ්‍යයක් නැතිනම් සන්ධීය රාජ්‍යයක් යන්නය. ඉංගී‍්‍රසි සහ සිංහල පිටපත්වල ඇත්තේ වචන දෙකකි.

මෙහි දෙමළ වචනයේ අරුත සන්ධීය යන්නයි. සිංහල පිටපතේ ‘ඒකීය’ යනුවෙන් සඳහන් වුවද අලූත් අර්ථ නිරූපණයක් ඒ යටතේ මේ යෝජනාවල දක්වා තිබේ. මෙම ව්‍යවස්ථාවේ ”ඒකීය රාජ්‍යය/ ඔරුමිත්තනාඩු යනුවෙන් සඳහන් වන්නේ නොබෙදු හා බෙදිය නොහැකි රාජ්‍යයක්” යනුවෙන් එම අර්ථය දක්වා තිබේ.

රාජ්‍යයක් බෙදිය හැකි ද නොහැකි ද යන්න සහ ඒකීය රාජ්‍ය අතර කිසිදු සම්බන්ධයක් නැත. ඒකීය රාජ්‍යයක් යනු නොබෙදුණු රාජ්‍යයක් නම් ෆෙඩරල් රාජ්‍යයක් යනු බෙදුණු රාජ්‍යයකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා දිවුරුම් දෙන දිවුරුමේ පවා කියන්නේ එක රාජ්‍යයක් එක දෙවි කෙනෙක් අදහන නොබෙදුණු රාජ්‍යයක් කියාය.

ඒකීය රාජ්‍යයක් යනු එක ආණ්ඩුවක් තිබෙන රටකි. මධ්‍යගත එක් ව්‍යවස්ථාදායකයක් සහ මධ්‍යගත විධායකයක් එහි තිබේ. ඔවුන්ට තරගකාරී ව්‍යවස්ථාදායක නැත. නීති හදන වෙනත් ආයතන තිබේ නම් ඒවා තිබිය යුත්තේ ව්‍යවස්ථාදායකයට යටත්වය.

ඒකීය රාජ්‍යයක ස්වභාවය එයයි. සන්ධීය රාජ්‍යයක් යනු යම් රාජ්‍ය කීපයක් එකට එක්වූ රාජ්‍යයකි. පළමු හා දෙවැනි වගන්ති වෙනුවට මේ අය හඳුන්වාදී ඇති කොටසේ කියන්නේ ලංකාව මධ්‍යම හා පළාත් බද ආයතනවලින් සමන්විත ඒකීය රාජ්‍යයක් කියාය. කලින් මෙවැන්නක් තිබුණේ නැත.

මෙය චන්ද්‍රිකා ජනාධිපති ඉදිරිපත් කළ පැකේජය හා සමානය. එහි සඳහන් වූයේ කලාප සංගමයක් ගැනය. මධ්‍යම රාජ්‍ය සමඟ එකතුවන ප‍්‍රාන්ත රාජ්‍ය ගැන මේ අය කතා කරන බව පෙනේ.

ෆෙඩරල් රාජ්‍යයක් යනු එයයි. මහා සංඝයා වහන්සේලා මේ සියල්ල සමඟ කරුණු දක්වන විට මේ අයගේ හොරේ රටට හෙළිවුණි. මේ නව යෝජනාවලින් කරන්නේ කොළේ වසා ගැසීමකි.

 මෙහි සඳහන් වචනවල එල්ලීම අවශ්‍ය නොවන බව ආණ්ඩුව කියන කතාවකි. වචනවල එල්ලීම අවශ්‍ය නැති නම් තිබෙන වචන වෙනස් කරන්නේ කුමකට ද? වචනවල එල්ලී සිටින්නේ අප නොවේ. ඔරුමිත්තනාඩුවක එල්ලී සිටින්නේ ද ආණ්ඩුවය. ආණ්ඩුව මේවාගේ එල්ලී සිටින්නේ සිංහල ජනතාව මුළා කිරීමටය.

මේ යෝජනාවල අන්තර්ගතය දෙස බැලූව ද පෙනෙන්නේ ඒකීය රාජ්‍යයක තිබෙන ලක්‍ෂණ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පෙළගැසී ඇති බවය. විධායකය ගතහොත් අනෙක් අය එම මධ්‍යගත විධායකයට යටත්ය. ඒකීය රාමුවක් තුළ අර්ධ ෆෙඩරල් ආකෘතියක් 13 වැනි සංශෝධනයෙන් හඳුන්වා දුන්නේය. පළාත් සභාවල පාවිච්චි කරන විධායක බලය මධ්‍යම ආණ්ඩුව පාලනය කළ හැකි බව සර්වානන්ද විනිශ්චයකාරතුමා පෙන්නා දුන්නේය.

 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (අ) (ආ) 2 යන වගන්තියේ දැක්වෙන්නේ පළාතක ආණ්ඩුකාරවරයා කටයුතු කළ යුත්තේ ජනාධිපතිවරයාගේ විධායක බලයට අනුකූලව බවය. එහෙත් අලූත් යෝජනාවලින් කියන්නේ ආණ්ඩුකාරවරයා තවදුරටත් චාරිත‍්‍රානුකූල කාර්යභාරයක්ය කියාය. එනම් නාමික ස්වරූපයකි. උත්සවවල පහන් පත්තු කරන්නට ගෙන්වන ආරාධිතයකුගේ තත්ත්වයට ආණ්ඩුකාරවරයා පත්කිරීම මේ අයගේ සූදානමය.

මෙහි ප‍්‍රතිඵලය වන්නේ පළාත් ආණ්ඩුවක තිබෙන නොමනා කි‍්‍රයාවකට ආණ්ඩුකාරවරයා හරහා ප‍්‍රතිකර්මයක් යෙදීමට ජනාධිපතිවරයාට නොහැකිවීමය. දෙමළ සන්ධානයේ සහ බටහිර බලවේගවල වුවමනාවට මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව අතර තිබෙන සම්බන්ධතාව ජේ‍දනය කිරීමක් මෙහිදී කර තිබේ.

මෙතැනින් නැවතීමක් ද නැත. මධ්‍යම ආණ්ඩුවට පළාත් ආණ්ඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකි වන්නේ සමගාමී ලැයිස්තුව නිසාය. මෙය දිගු ලැයිස්තුවකි. පළාත් ආණ්ඩුවක් නොමනා ලෙස කටයුතු කරනවා නම් සමගාමී ලැයිස්තුවේ ඇති විෂයයන් හරහා එය නිවැරැදි කිරීමට මධ්‍යම ආණ්ඩුවට පුළුවන. සමගාමී ලැයිස්තුව ඉවත් කළ යුතු බව මෙතෙක් කල් කිව්වේ ඒ නිසාය.

මේ වාර්තාවේ කෙටුම්පත්වලදී ප‍්‍රකාශ කර තිබුණේ සමගාමී ලැයිස්තුව ඉවත් කළ යුතු බවය. එයට දැඩි විරෝධයක් එල්ල වුණි. එනිසා එහි තබාගත යුතු දේ මොනවා දැයි කතා කළ හැකි බව ප‍්‍රකාශ වුණි. කෙසේ වුවත් මෙහි සඳහන් වාක්‍යයෙන් පැහැදිලි වන්නේ එක්කෝ සමගාමී ලැයිස්තුව සම්පූර්ණයෙන් ඉවත් කිරීමය. නැතිනම් එහි විෂයයන් නොවැදගත් කාරණා කීපයකට සීමා කිරීමය. එහි ප‍්‍රතිඵලය වන්නේ පළාත් ආණ්ඩු සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට කටයුතු කිරීමට නොහැකි වීමය.

රාජ්‍යයක් ස්වාධීන හා ස්වෛරී නම් ජාතික ප‍්‍රතිපත්ති තීරණය කළ යුත්තේ මධ්‍යම ආණ්ඩුවයි. එසේ නොහැකි නම් එය විසිරී යනු ඇත. ජාතික ප‍්‍රතිපත්ති පිළිබඳ නීති හැදීමට මධ්‍යම ආණ්ඩුවට ඇති අයිතිය නැති කළ යුතු බව ද මේ අය කියා තිබේ. එවිට ජාතික ප‍්‍රතිපත්ති පිළිබඳ නීති හැදීමට නොහැක.

මේ ආකාරයට තවත් බොහෝ කරුණු ගෙනහැර දැක්වීමට පුළුවන. 13 වැනි සංශෝධනයට අප කොතරම් විරුද්ධ වුවත් එය ගෙනා ජනාධිපති ජේ.ආර්.ට රට ගැන පොඩි කැක්කුමක් හෝ තිබූ නිසා පළාත් ආණ්ඩු පාලනය කිරීමට මධ්‍යම ආණ්ඩුවට බලය ලබාදී තිබුණි. පළාත් ආණ්ඩු නොමනා ලෙස කටයුතු කරන විට ඒවා පාලනය කිරීමට මධ්‍යම ආණ්ඩුවට ඇති බලය නැති කිරීම මේ යෝජනාවලියේ මුඛ්‍ය පරමාර්ථය වී තිබේ. මෙහි ඍජු ප‍්‍රතිඵලය මේ රට කෑලි කෑලිවලට කැඞී රට සම්පූර්ණයෙන් විනාශ වීමය.

එපමණක් නොවේ. මේ යෝජනාවලියේ භයානක ප‍්‍රතිපාදනයක් තිබේ. රටේ දේශසීමාව කුමක්දැයි තීරණය කිරීමට විදේශ බලවේගවලට ඉඩ දෙන්නේ නැත. ඉන්දියාව ද එසේය. අනෙක් රටවල ද තත්ත්වය එයයි. යම් ප‍්‍රශ්නයක් තිබේ නම් ඔවුන්ම ඒවා විසඳා ගන්නවා මිස ඒවා විසඳීම වෙනත් අයට පවරන්නේ නැත. එහෙත් ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මේ යෝජනාවලින් කියන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ දේශසීමාව තීරණය කළ යුත්තේ ජාත්‍යන්තර නීතියට අනුව බව මේ අය කියා තිබේ.

මුහුදෙන් වට වූ දුපතක් නිසා අපට මේ දක්වා දේශසීමා ප‍්‍රශ්න තිබුණේ නැත. ජාත්‍යන්තර නීති අනුව දේශසීමා තීරණය කළ යුතු බව ලෝකයේ කිසිම රටක ව්‍යවස්ථාවක කියා නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් එක් කාලවලදී ගන්නා තීරණ ජාත්‍යන්තර නීතියට එකතුවනු ඇත. ශ්‍රී ලංකාව යනු උතුරු නැගෙනහිර හැර ඉතිරි කොටස බවට ඔවුන් යම් දිනක තීරණය කළොත් මේ යෝජනාවලිය අනුව නම් එය පිළිගැනීමට අපට සිදුවනු ඇත. මෙවන් දේ යෝජනා කරන අය දේශද්‍රෝහීන් නොවේද? මේ යෝජනා ජාතිවාදී දේශද්‍රෝහී යෝජනා බව මේ කරුණුවලින් තහවුරු වන්නකි.

 මේ යෝජනා මත ව්‍යවස්ථාවක් සැකසෙන්නේ නැති බව දැන් ආණ්ඩුව කියන කතාවකි. එය පුදුමය දනවන්නකි. මේ මත ව්‍යවස්ථාවක් සකස් නොකරන්නේ නම් මෙවැන්නක් ගෙනාවේ කුමටද? මේ මත වැඩ නොකෙරෙන්නේ නම් කළ යුත්තේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා මේ යෝජනා ඉල්ලා අස්කර ගැනීමය.

මෙය හුදු ලියැවිල්ලක් පමණක් බව ආණ්ඩුවේ ඇමැතිවරුන් කියන කතාවකි. එක් එක් අයගේ අදහස් පමණක් බවය. මේවා සියල්ල  මිථ්‍යා කතාය. වත්මන් ව්‍යවස්ථාවේ ඒකීයභාවය සම්බන්ධ මූලික වගන්තිය වෙනුවට මේ අය යෝජනා කර ඇත්තේ එක් විකල්පයකි. විකල්ප කීපයක් නැත.

අරක වෙනුවට මේක ගේනවා කීම එයින්ම තහවුරු වනු ඇත. ශ්‍රී.ල.නි.ප.ය මෙයට කැමති නැති බව කියා තිබේ. ඒකාබද්ධය, ජාතික හෙළ උරුමය වගේම සමහර මුස්ලිම් පක්‍ෂ ද මෙයට කැමැති නැත. එසේ නම් මෙවැන්නක් කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ කාටද? මෙයින් වැටහෙන්නේ එය ද මුළාවක් බවය.

මේ වාර්තාවේ පිටපත් මහනායක හිමිවරුන්ට ද පිළිගැන්වූයේය. මේ යෝජනා මත ව්‍යවස්ථාවක් හදන්නේ නැතිනම් එහි පිටපත් මහ නාහිමිවරුන්ට පිළිගැන්වූයේ කුමකටද? මේ අය කරන්නේ වංචාවක් බව මෙයින් පැහැදිලිවනු ඇත. මේ අයට දැන් අවශ්‍ය වී තිබෙන්නේ විවේචනය නතර කර ගැනීමටය. ජනතාවගේ බදු මුදලින් පිටපත් මුද්‍රණය කර මේ වාර්තා බෙදා හැරියේ කුමකට ද?

දෙමළ ජාතික සන්ධානය මධ්‍යස්ථ තැනකට පැමිණ නැත. ඔවුන්ට ෆෙඩරල් අවශ්‍ය බව මේ වාර්තාවේම කියා තිබේ. මධ්‍යස්ථ තැනක ඉන්නවා නම් එවන් ස්ථාවරයක් ගෙනහැර  දක්වන්නේ ඇයි? අපට තිබෙන ප‍්‍රශ්නය එයයි.

13 වැනි සංශෝධනය කෙසේ සම්මත කර ගත්ත ද එය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කළේ නැත. පොලිස් බලතල දුන්නේ නැත. පළාත් සභාවලට පොලිස් බලතලත් දී 13 වැනි සංශෝධනය හරිහැටි කි‍්‍රයාත්මක කළා නම් මේ රට ඉතිරි වන්නේ නැත. 13 වැනි සංශෝධනය කි‍්‍රයාත්මක කළත් මොකුත් වුණේ නැහැ කිව්ව ද මුකුත් වීමට 13 වැනි සංශෝධනය හරිහැටි කි‍්‍රයාත්මක කළේ නැත. 13 වැනි සංශෝධනයේ නව බෙදීමට හේතුවන බලතල කි‍්‍රයාත්මක වූයේ නැත. එනිසා 13 වැනි සංශෝධනය ගෙනහැර දක්වමින් බොරු තර්ක ගොඩනැගීමේ ඵලක් නැත.

මේ රටට අලූත් ව්‍යවස්ථාවක් කිසිසේත්ම අවශ්‍ය නැත. රටට අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වුවත් රටට එරෙහි වැඩ කරන පිරිසකට එවැන්නක් සැකසීමට ඉඩදීම භයානකය. ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් මේ කිසිදු කමිටුවකට සම්බන්ධ කරගෙන නැත. මේ කමිටු සකසා තිබෙන්නේ බටහිර බලවේගවල වුවමනාවටය. මේ රටේ සිටින සෑම සිංහල බෞද්ධයෙක්ම මෙයට විරුද්ධය. දේශපේ‍්‍රමි කතෝලිකයන් මෙයට විරුද්ධය. මුස්ලිම් සහ දෙමළ පක්‍ෂ කීපයක් එකතු කරගෙන රට බෙදීමට කටයුතු කරන පිරිසකට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කළ නොහැක.

 

සටහන - චමින්ද මුණසිංහ



අදහස් (3)

කොළය වසා ගැහීම

Pansilu Tuesday, 31 October 2017 09:54 AM

දිය කොරහේ කිබුලන් සෙවීම....

:       150       12

Rajrathnam Wednesday, 01 November 2017 04:59 PM

මේ රටේ සුළු ජාතික ප්‍රශ්ණෙ කියල මේ අය මේ ව්‍යවස්ථාවක් ගේන්නේ අන්තවාදී ජාතිවාදී දෙමළ හා මුස්ලිම් පක්ශ වල ඡන්ද ටික ගන්න. ඇත්තටම සාමාන්‍ය දෙමළ සහ මුස්ලිම් වැසියන්ට ඕනේ වෙනම රටක් හෝ ප්‍රාන්තයක් මේ රටේ ඇති කරන්න නෙමේ, වතුකරයෙත් අනෙත් ප්‍රදේශ වලත් ඉන්න සාමාන්‍ය දෙමළ මිනිස්සු බලන්නේ කුලී වැඩෙන් ලැබෙන දෛනික වැ‍ටුප වැඩි කරගෙන තුන් වේල කාල ජීවත් වෙන්න. ළමයින්ව කුලී වැඩට නොයවා ඒ අයට උගන්නවන්න, ජීවත් වෙන්න ගෙයක් හදා ගන්න, ගොවිකම් වලට සාධාරණ මුදලක් ලබා ගන්න. මුස්ලිම් සාමාන්‍ය අයටත් ඕනේ ඕවම තමා. දැන් එතකොට ඔය ව්‍යවස්ථාවෙන් ඒ වගේ ප්‍රශ්ණ විසඳන හැටි තියෙනවද?

:       1       155

kumar (galf) Thursday, 02 November 2017 05:54 AM

මොකා කෑ ගැහුවත් JR පළාත් සබාව දුන්නා වගේ, බටහිර හා ඉන්දියාවේ බලපෑම් වලට ඕක දීලම තමා පස්ස බලන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 343 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 418 0

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 235 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 9948 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 208 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1365 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 842 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 387 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 540 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site