IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කොළරා වසංගත අනතුර පහවෙයි

(මෙම ලිපි පෙළෙහි මුල් කොටස් පසුගිය දිනවල පළවිය.)

වන්දනාගමන් අවලංගු කිරීම පමණට වඩා අන්ත තත්ත්වයක් පැන නැගෙන පියවරක් පමණක් වූයේය. 1875 දී කොළඹින් පටන්ගෙන වෙනත් නගර කිහිපයකට කොළරාව පැතිර යද්දී මහත් කැළඹීමක් හට ගත්තේය. එවකට පොලිස්පති ජී.ඩබ්ලිව්.ආර්. කැම්ප්බෙල් කතරගමට යන වන්දනා ගමන් මුළුමනින් තහනම් කළ යුතුය යන මතයේ උන්නේය. කෙසේ වුවද මෙම දැඩි පියවර ගැනීමට රජය අකමැති වෙමින් වන්දනා ගමන් යන්නට අවසර දුන්නේය. එසේ වුවද එහිදී අවසරය දුන්නේ ප්‍රවේශපත්‍ර හිමියන් 200කට පමණි. දැඩිව මුල්බැසගත් ආගමික විශ්වාසයන්ට මැදිහත් වෙමින් මෙකී උත්සව නවතා දැමීම මගින් යටත්විජිත ආණ්ඩුව කෙරේ පවතින ජනප්‍රිය බව ගිලිහී ගොස් එයින් කැරළිකාර ව්‍යාපාරයකට මග පෑදෙන්නට ඉඩ තිබිණි.

එහෙත් අනතුරුදායක බව පැවතුනේ කතරගමට යන වන්දනාගමන්වල පමණක් නොවේ. දරුණු ලෙස වසංගත පැතිරගිය ඒ කාලයේ සෙනග රැස්වෙන ඕනෑම තැනක් අනතුරුදායක වූයේය. තලවිල සාන්ත ආනා දේවස්ථානයේ, අගෝස්තු මාසයේ පැවැත්වුනු රෝමානු කතෝලික මංගල්‍යයද වන්දනාකරුවන් බොහෝ සංඛ්‍යාවක් ඇදගන්නා උත්සවයක් වූයේය. එහෙත් එය ක්‍රිස්තියානි ව්‍යවහාරය අනුව පැවැත්වෙන්නක් බැවින් බලධාරීන් ඒ දෙස බැලුවේ වඩාත් සානුකම්පිතවය. එසේ වුවද රෝගය පැතිරයාමේ තර්ජනය සම්බන්ධයෙන් කතරගම හා සමානම හෝ ඊටත් වඩා විභවතාවක් එම උත්සවයේද තිබිණි. එම පල්ලියේ එකී සාත්තුවරයාණන්ගේ මංගල්‍ය සමයේ පුද්ගලයන් 25000 ක් ඊට සහභාගි වී යයි 1873 ඇස්තමේන්තු කර තිබිණි. යටත් විජිත ශල්‍යවෛද්‍ය පී.ඩී. ඇන්තනීස්ගේ වචනයෙන් ඒ ගැන මෙසේ කියවිණි. කතරගම උත්සවය කෙරේ මුළුමනින්ම විවේචන එල්ලවී තිබියදී මගේ විශ්වාසයේ හැටියට සාමන්‍යයෙන් ඊට සහභාගි වූයේ 5000 පමණ පිරිසකි.

අනතුරුදායක බව තේරුම් ගනිමින් රජය 1868 පළමුවෙන්ම පියවර ගනු ලැබුවේ තලවිල රැස්වන සෙනග පාලනය කිරීම උදෙසා, සෞඛ්‍ය පහසුකම්, පිරිසුදුකම, පානීය ජලය, සත්ව ඝාතන ආදිය සම්බන්ධ රෙගුලාසි පනවමිනි. රෝගය බෝවුණු උදවිය හුදෙකලා කිරීමටත්, රෝගීවූවන්ට වෛද්‍ය පහසුකම් සැලසීම්ද ඊට අදාළ රෙගුලාසි අතර තිබුණත්, කතරගමට මෙන් ඒ සඳහා ප්‍රවේශපත් ක්‍රමයක් නියමවූයේ නැත. රෝගය පැතිරීමට ඉඩ ඇති ක්‍රියාදාමවල සෑම දුර්වල ස්ථානයකටම වචනානුසරයෙන්ම පිළියම් යෙදීමට උත්සාහ ගෙන තිබිණි. කෙසේ වුවද තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මංගල්‍ය පරීක්ෂා කිරීමට සෑම ආකාරයෙන්ම පියවර ගෙන තිබුණත් ඒවා කොළරා භීතිය පහකිරීමට හේතු වූයේ නැත. පුත්තලම රජයේ සහකාර ඒජන්තවරයා වූ සී.ඊ.ඩී පෙනිසුයික් (CED Pennycuick) ගේ දින පොතේ උධෘතයක් 1889 කොළරාව පැතිරයාම ගැන පහත සටහන විය.


ජුලි 25
වන්දනාවේ ගොස් එන වන්දනාකරුවන් නගරයට ඇතුළුවීම වලක්වන්නට අවශ්‍ය සියලු කටයුතු පිළියෙළ කළෙමි. යම් හදිසි කරුණක් උදෙසා කච්චේරියට ගොස් ඒටාලෙයි හරහා යන අතරතුර තාර සහ විෂබීජනාශක නිදහසේ යොදාගැනීමට හැකියාව ගැන සොයා බැලීමි. ඒ වනවිට වෛද්‍ය වැන්ඩර්ස්ට්‍රාටන් (Dr. Vanderrstraten) පාරෙන් එහි පැමිණ සිටියේය. බෝට්ටුවලට නගින්නට බලාපොරොත්තුවෙන් වන්දනාකරුවන් 2000ක් පමණ එතැන සිටියහ. බෝට්ටු හැකි ඉක්මනින් එහෙ මෙහෙ යමින් තිබුණේය. ජැටියද මිනිසුන්ගෙන් පිරී තිබුණු එක් තැනකි. එහි දෙපස 400 ක් 500 බැගින් වූ ජනයා පිරිමි, ගැහැනු සහ ළමයි ඉන දක්වා වතුරට බැස පළමුවෙන් බෝට්ටුවට නගින්නට පොරකෑවෝය. රෝගී පුද්ගලයකු තමන් අතර ඉන්න බවට ගම්මුලාදෑනි වෙත වාර්තා වී තිබුණේය. සැතපුම් 3ක් ඈත තලවිල බාරව උන් පොලිස් සාර්ජන්ට්වරයා, තම කිසිදු නිලධාරියකු එවා නොතිබුණි. එම නිසා සියල්ල මා විසින්ම කළ යුතු වූයේය. යම් නියෝගයක් පනවන්නා සේ ඉතා අසීරුවෙන් කටයුතු සාර්ථක කරගන්නා ලදී. එටාලෙහි කොළරා රෝගීන් දෙදෙනකු හමුවී තිබිණි. වැන්ඩර්ස්ට්‍රාටන් වෛද්‍යවරයා සහ ඔහුගේ වෛද්‍ය ශිෂ්‍යයකු ඔහු කැටුව පැමිණ තිබිණි.

කොළඹ අවට අධි ජනගහණයක් ඇති තීරුව වෙත රෝගය පැතිර යාදෝයි ආණ්ඩුකාරවරයා දැඩි සැලකිල්ලෙන් පසු වූයේය. එහිදී මියගිය සංඛ්‍යාව 25කට සීමාවීම පුදුමයක් විය.

ඒ ආකාරයෙන්ම 1891 ජුනි මාසයේදී මහියංගණයේ බිම්තැන්නට වන්දනාවේ ගිය දහසක් පමණ ජනයාට සෞඛ්‍ය සම්පන්න නොවූ තත්ත්වයක් තුළ පානීය ජලයද නොමැතිව වදවිඳින්නට සිදුවිය. කොළරාව පැතිරෙන්නට ගත්විට එකී රෝගයද රැගෙන වන්දනාකරුවෝ තම නිවෙස් බලා ගියහ. බලධාරීන් සිටින්නේ බදුල්ලේ බැවින් වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කිසිවෙකු එහි පැමිණියේ නැත. එම අගනගරය වූ බදුල්ලේ උන් වෛද්‍ය බලධාරීහුද වන්දනා නඩ ඒකරාශී වන බව නොදත්හ. ඌව රජයේ ඒජන්ත ඊ.සී ෆිෂර් එම තත්ත්වය මෙසේ දුටුවේය.

මෙම වන්දනාවන් පිළිබඳව මට කිසිදු තොරතුරක් නොලැබුණේය. බදුල්ලේ සිටි මට වමනය හා පාචනය සහිත කොළරාව බවට සැක කෙරෙන පළමු රෝගියා ගැන වාර්තා වනතුරු මම කිසිවක් නොදත්තෙමි.’’

කෙසේ වුවද මෙය පළාතේ රජයේ ඒජන්තවරයාට නිදහසට කාරණයක් නොවීය. තම ප්‍රධාන කාර්යාලය පිහිටි නගරයෙන් සැතපුම් දහයක් පහළොවක් පමණ නුදුරින් පිහිටි ප්‍රදේශයක වාර්ෂිකව පැවැත්වෙන දහස් ගණන් ජනයා සහභාගී වන පූජා උත්සවයක් ගැන ඔහු දත යුතුව තිබිණි. ඒ කෙසේ වෙතත් බුත්තල, වැල්ලවාය ඇතුළු ප්‍රදේශ කරා රෝගය දරුණු ලෙස ව්‍යාප්ත වී ගිය බව හොඳින් පෙනී ගියේය. දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි, වෛද්‍ය තෝන්හිල් මෙයින් කුපිත වී දැඩි නීති පනවන්නට උත්සුක වූයේය.

දැඩි පාලනයකින් යුතුව මිස කිසිදු ස්ථානයකට මොනම අයුරින් හෝ වන්දනා ගමන් යෑමට අවසර නොදිය යුතු විය. ඒකරාශි වීමට අවසර දුන්නේ සුළු පිරිසකට පමණි. ගමන යාමට හා ඒමටත්, නතරවී සිටින්නටත් ප්‍රමාණවත් ආහාර නොමැතිව වන්දනා ගමන් යන්නට කිසිවකුට ඉඩ නුදුන්නේය. එසේම පයින් යාමට ඔවුන් ශරීර ශක්තියෙන් යුක්තව සිටිය යුතුය. නවතින ස්ථානවල ප්‍රමාණවත් නිවාස පහසුකම් සපයා තිබිය යුතු වූ අතර ඒවායේ සෞඛ්‍ය පහසුකම් ද පවත්වාගත යුතු විය. එසේම පිරිසුදු ජලය හොඳින් සම්පාදනය විය යුතුය. අවසාන වශයෙන් වෛද්‍ය නිලධාරියකු හා පොලිසියේ සෑහෙන තරමේ නිලධාරියකුට ඒවා නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබිය යුතුවිය. එසේම ඔවුන් අතර රෝගය බෝවූ අයකු සිටියහොත් දැඩි ලෙස ඔහු හුදෙකලා කිරීමට හා නිරෝධායනයට ලක් කිරීමට ඒවායේ පහසුකම් තිබිය යුතු වූයේය.

එහෙත් මේ සියලුම මාර්ගෝපදේශ සපයා තිබුණද ඒවා ප්‍රායෝගික නොවූයේය. වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොසිටි නිසා එවැනි අසීරු කාර්ය භාරයක් දැරීමට ඊට නොහැකි විය. රෝගය වළක්වාගැනීමේ ආරක්ෂක පියවර අනුගමනය කරමින් ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් හා පානීය ජල සම්පාදනය පැවතීම කෙරේ අවධානය යොමු කළ යුතු විය. මෙම නීති අනුව ක්‍රියාත්මක වෙද්දී කතරගම මැණික් ගඟේ දිය නෑමට ඉඩ දුන්නේ පාලමෙන් පහළ, සින්හාසනකොට හරියේ පමණකි. ගඟ ඉහළ ජලය පානය කිරීමට හා ආහාර පිසීමට ගැනීම සඳහා වෙන් කොට තබන ලදී. 1873 ගඟ සිඳී ගියවිට කතරගමට වන්දනා ගමන් ඒම දින දෙකකට නතර කර දැමුවේ, කෘෂිකාර්මික කටයුතු සඳහා ඊට කලින් රැස්කර තැබූ ජලය වන්දනා නඩවලට භාවිතයට මුදා හැරීම සඳහාය.

දහනව වැනි සියවසේ පළමු දශක දෙක නිමා වෙද්දී යටත් විජිත පරිපාලනයට වන්දනා නඩ පාලනය කිරීමේත්, පානීය ජල හා සෞඛ්‍ය පහසුකම් ලබාදීමේත් වඩාත් හොඳ අත්දැකීම් ලැබී තිබුණේය. කොළරා රෝග පැතිරීම අවදානම සහිත යුගය නිමාවට පත් විය. 1911 හම්බන්තොට රජයේ ඒජන්ත ජෝන් ස්කොට් කතරගම ප්‍රවේශපත්‍ර ක්‍රමය අහෝසි කරන්නට එකඟ වූයේ මීට වඩා වන්දනාකරුවන්වත් සහභාගි වන මඩුපල්ලි මංගල්‍යය (අපස්වාමිදූගේ මංගල්‍ය)ට සහ ශාන්ත ආනා මංගල්‍යයට (25000-30000 ක් පමණ) එවැනි සීමා නොපැනවූ බව මතක් කරමිනි.

1915 මහජන කැරළි කෝලාහල වර්ධනයට ගත් කුරිරු පියවර සමග දේශපාලන තත්ත්වයද බොහෝ සෙයින් සංවේදී වූයේය. නිදහස උදෙසා හඬ නැගීමට පෙරමග පෙන්වූයේද එම කැරළි කෝලාහලයි. 1916 කතරගම වන්දනා ගමන් පාලනය කිරීමට අවුරුදු 56ක් තිස්සේ යොදාගෙන තිබුණ නීති ලිහිල් කොට 1924 දී ඒවා මුළුමනින් අහෝසි කරන ලදී.


රාජකාරි සඳහා කැපවීම
වසංගත රෝග නවතා දැමීම සඳහා වෛද්‍ය නිලධාරීන් කැපවීමෙන් කටයුතු කළ බවට, 1891 ඌව පළාතේ නාඋල වසූරිය පැතිර යද්දී වෛද්‍ය තෝන්හිල් කළ විස්තරය සාක්ෂි දරයි.

රෝගීන් නිසි පරිදි හුදෙකලා කිරීම කළ නොහැකි වූයෙන් මම එකවරම, රෝගය බෝවූ තැනැත්තා බදුල්ල රෝහලට ගෙන යාමට කැමති වූයෙමි. මගේ කරත්තයෙන් ගොස් රෝගය හටගත් නිවසත්, එහි ඇති සියලු දේත් විෂබීජ හරණයට ලක්කිරීම මවිසින්ම අධීක්ෂණය කළෙමි. එහි සිටි අනෙක් නිවැසියන්ද හුදෙකලා කළෙමි. ඒ දෙතැනම එන්නත් කිරීමත්, නැවත එන්නත් කිරීමත් මම පවත්වාගෙන ගියෙමි. මෙම ස්ථාන දෙකෙන්ම වෙනත් රෝගීන් වාර්තා නොවූයේය. මෙම පියවර නොගත්තේ නම් හෝ, දැඩි ලෙස මේවා අධීක්ෂණය නොකළේ නම් වසූරිය රෝගය නාඋල්ල හරහා දික්වැල්ල කඩවීදියටත්, එතැනින් බදුල්ල නගරයටත් ඉන්පසු වතුවලටත් පැතිර යන බවට සැකයක් නැත.

මෙවැනිම රාජකාරිමය කැපවීමක් 1891 ඌව සහ හම්බන්තොට ප්‍රදේශවල කොළරාව පැතිර යන විටද පෙනෙන්නට තිබේ. කරත්ත, ඇඳුම් ආදී දේ පරීක්ෂා කිරීමට හා රෝගීන් රඳවා ගැනීමට නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා තිබුණේය. කරත්ත ආදිය විෂබීජහරණයට ලක්කොට මාතර හා ගාල්ල ප්‍රදේශවලට රෝගය පැතිරයාම වලක්වන ලදී. ඊට අමතරව තංගල්ලේ රෝහලක්ද පිහිටුවන ලදී. රෝගය නිරෝධායන ප්‍රදේශවලින් පිටත දික්වැල්ල සමීපයේ පැතිරෙන විට සහකාර රජයේ ඒජන්ත හර්බට් වයිට් එහි පදිංචි වී රෝග පාලන පියවර අධීක්ෂණය කළේය. එකම රෝගියකුට සීමා වී රෝගය පැතිරයාම සාර්ථක වූයේ එසේ කළ නිසාය.

ශ්‍රී ලංකාවේ කොළරාව පැතිරීම උච්ඡ අවස්ථාවට එළඹියේ 1840-1895 කාලයේදීය. එම සියවසේ අවසාන දශක දෙකේදී නිරෝධායන වැඩපිළිවෙළ හා කොළරා පැතිරීම වළක්වන ශිල්ප ක්‍රම හොඳින් ක්‍රියාත්මක විය. ඒ අතර වසූරිය වැලැක්වීම, එන්නත් කිරීම හා යළි එන්නත් කිරීමද ඉහළින් සිදු වූයේ පළමු ලෝක මහ යුද්ධය නිමාවී යම්තමින් වසරක් ගතවෙද්දීය. 1917 දී ඉන්දු ලංකා දුම්රිය මාර්ගයෙන් කම්කරුවන් ගෙන ඒම සීමාකොට ඉන්දියාවේ මන්ඩාපන්හි නිරෝධායන කඳවුරක් පිහිටුවනු ලැබීය. 1920 න් ඔබ්බට කොළරාව හා වසූරිය පැතිර යාමෙන් තවදුරටත් වෛද්‍ය දෙපාර්තමේන්තුවට කරදරයක් වූයේ නැත. එහි අවධානය ඉදිරියට පැමිණීමට ඇති රෝග දෙසට යොමු විය.

*** පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

කොළරා වසංගත අනතුර පහවෙයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 74 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1419 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 660 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 208 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4665 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12996 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38547 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site