IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය කොන්දේසියකි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මක තත්වය සෞඛ්‍යමය තත්වය මනින දර්ශකයක් ලෙස ජන්දදායක සහභාගීත්වය වැදගත් වේ.

ජන්දදායකයා ජන්ද ක්‍රියාවලියට සහභාගී නොවුණොත් එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි. ජන්දදායකයන් කිසියම් හේතුවකට හෝ ජන්දය ලබාදීමෙන් වැළකී සිටීනම් එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ නිහඬ මාරයකු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අපට මේ මොහොතේ සාකච්ජා කිරීමට සිදුව ඇත්තේ පසුගියදා පැවැති ජනාධිපතිවරණය ඇතුළු මෑත ඉතිහාසයේ ලංකාවේ ජාතික මැතිවරණවලදී ජන්දදායක සහභාගීත්වයේ අඩුවක් පෙන්නුම් කිරීමය. පසුගිය ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ජන්දදායකයන්ගෙන් ලක්ෂ 35ක් එනම් බිලියන 3.5ක් ජන්දය භාවිත කොට නැත. 2019 ජනාධිපතිවරණයේ ලියාපදිංචි ජන්දදායකයන්ගෙන් ලක්ෂ 25ක් ඡන්දය භාවිත කොට තිබුණේ නැත. 2015 ජනාධිපතිවරණයේදී ද ජන්දය භාවිත නොකළ සංඛ්‍යාව ලක්ෂ 27කි. මේ අනුව පෙනෙන්නේ මේ මැතිවරණ කිහිපයේම ලියාපදිංචි මුළු ජන්ද සංඛ්‍යාවෙන් සියයට විසි ගණනක් ජන්දය භාවිත කර නොමැති බවය. මේ තත්වය සුළුවෙන් සලකා බැහැර කළ හැකි දෙයක් නොවේ. එයින් පැහැදිලිවන්නේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ යම්කිසි පරිහානියක් කඩාවැටීමක් ඇතිවී තිබෙන බවය.

මේ තත්වය යම්කිසි ඓතිහාසික සන්දර්භයක් තුළ විග්‍රහ කළ හැකිය. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවති රටවල් අතුරින් පළමුවෙන්ම සර්වබල ඡන්ද බලය දිනාගත් යටත් විජිත රාජ්‍යය වන්නේ ශ්‍රීලංකාවයි. බ්‍රිතාන්‍යය සර්වජන ඡන්ද බලය සම්පූර්ණ කරගෙන වසර 3ක් යන්නට මත්තෙන් එම රාජ්‍යය අපට ජන්ද බලය ලබා දුන්නේය. එබැවින් සර්වජන ඡන්ද බලය මෙරටට ලැබුණු ත්‍යාගයක් ලෙස සැලකිය හැකිය. අපට සර්වජන ජන්ද බලය ලැබුණේ 1931 දීය. ඉන්දියානු ජාතිකයන් සර්වජන ඡන්දබලය පාවිච්චි කළේ ඊට වසර ගණනාවකට පසු එනම් 1952 මැතිවරණයෙනි. මේ අනුව අපි ඡන්ද බලය සම්බන්ධයෙන් දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ජාතියක් වෙමු. එතැන් සිට ඉතිහාසයේ බොහෝ අවස්ථාවල ආණ්ඩු බලයට පත් කිරීමට බලයෙන් පහ කිරීමට මෙරට වැසියෝ ජන්ද බලය යොදාගත්හ.

සර්වජන ඡන්ද බලය ලැබී වසර ගණනාවක් ගතවන තුරු ජන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 80- 82 මට්ටමේ පැවතිණ. ඊට හොඳම උදාහරණ ලෙස 1970, 1977 මැතිවරණ, 1982 ජනාධිපතිවරණය පෙන්වා දිය හැකිය. එහෙත් මෑත කාලය වන විට ජන්දදායක සහභාගීත්වයේ ක්‍රමික අඩු වීමක් බිඳවැටීමක් දැකිය හැකිය. මෙම ගැටලු‍ව ගැඹුරු ලෙස සාකච්ජාවට ගත යුත්තකි. මගේ දැනීමේ හැටියට මේ වන තෙක් මේ සම්බන්ධ පුළුල් සාකච්ජාවක් දේශපාලන පක්ෂ හෝ කිසිදු ජනමාධ්‍යයක දක්නට නොලැබිණ. මැතිවරණ කොමිසම පවා මේ සම්බන්ධව පුළුල් සාකච්ජාවකට යොමු වූ බවක් පෙනුණේ නැත. දැන්වත් මේ ගැන අපගේ අවධානය යොමු විය යුතුය. නැතහොත් අනාගතයේ බරපතළ ගැටලු‍වලට අපට මුහුණ පාන්නට සිදුවනු ඇත.

ලෝක දේශපාලනය තුළත් ජන්දදායකයාගේ උදාසීන බව හේතුවෙන් දේශපාලනයේ විවිධ අර්බුද මේ වනවිට මතුවී තිබේ. ඇමෙරිකාවේ පවා මැතිවරණවලදී ජන්දය ලබා දෙන ප්‍රතිශතය ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 55ක් දක්වා පහළ බැස තිබේ. එංගලන්තයේ 1950 දී ජන්දය ලබා දුන් ප්‍රතිශතය සියයට 83.9කි. එහෙත් 2002 මැතිවරණය වනවිට එම ප්‍රතිශතය සියයට 59.4කි. මේ තත්වයට ලංකාව වුවද පත් වීමේ අවදානමක් ඇත.

ජන්දදායකයන් ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහන් ලංකාවේ ක්‍රියාත්මක වේ. එහෙත් මෙහි ප්‍රධාන ගැටලු‍ව බවට පත්වන්නේ ජන්දදායකයන් බොහෝ දෙනා ජන්දය පාවිච්චි කිරීමට උදාසීන වන්නේ ඇයිද යන්නය. ඒ සඳහා ප්‍රධාන කරුණු 3ක් හේතු විය හැකිය. නෛතික සහ පහසුකම් නොලැබීමේ සාධක ඉන් එකකි. ඇතැමුන්ට තැපැල් ඡන්ද ලබා දීමේ නීතිමය බාධා ආදිය මේ අතර වේ. ඒ හැර රජයේ මෙන්ම පෞද්ගලික අංශවලද සමහරුන්ට කාර්ය බහුලතාව නිසා ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩක් නොලැබෙන අවස්ථා තිබිය හැකිය. එසේම රෝහල් කාර්ය මණ්ඩල, ගැඹුරු දිවියේ මසුන් මරන ධීවර ප්‍රජාව ආදි වශයෙන් විශාල පිරිසක් මැතිවරණ දිනයේ පවා කාර්ය බහුලව සිටිති. ඔවුන්ට ඇතැම් විට තැපැල් ඡන්ද භාවිත කිරීමේ හැකියාවක්ද නොමැති විය හැකිය. ඒ නිසා මෙවැනි තත්වවලට විකල්පය වන්නේ තැපැල් ඡන්ද ක්‍රමය තවදුරටත් පුළුල් කිරීමය. නොයෙසේනම් විකල්ප ඡන්ද ක්‍රමයක් මේ අයට හඳුන්වා දීමය.

තවත් පැත්තකින් මැදපෙරදිග ඇතුළු විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝද බහුතරය මෙරට ලියාපදිංචි ජන්දදායකයෝය. එහෙත් ඔවුන්ට පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමට තරම් අවස්ථාවක් නොලැබේ. ඔවුන්ටද ඒ වෙනුවට ඡන්ද ප්‍රකාශ කිරීමට විකල්ප වැඩපිළිවෙළක් නොමැත. මැදපෙරදිග රටවල පමණක් ලක්ෂ 6ක ලාංකිකයෝ පිරිසක් රැකියාවල නිරතව සිටිති. ඔවුනට ජන්දය භාවිත කිරීමට බාධක පවතින බව මේ අනුව පෙනේ. දෙවැනි කාරණය නම් මැතිවරණ දිනවලදී පෞද්ගලික හේතු මත ජන්දය දීමට අපහසු පිරිසක් වෙති. ඒ සඳහා විකල්පයක් යෝජනා කළ නොහැකි තරම්ය.

තුන්වැනි කාරණය කාගේත් අවධානයට යොමු විය යුතු ඉතා වැදගත් එකකි. එම කරුණ නම් ජන්දදායකයාගේ තිබෙන මන්දෝත්සාහීභාවයයි. ඉතාම නරකම හා බරපතළම කාරණය මෙයයි. මීට හේතු ගණනාවක් බලපාන්නට පුළුවන. එහෙත් මේ දෙස තවමත් අපේ රටේ අධ්‍යයන පර්​ෙ ය්ෂණ නිසි පරිදි සිදු වූ බවක් පෙනෙන්නට නැත. එබඳු පර්​ෙ ය්ෂණ අවශ්‍ය බව අපට පසුගිය ජනාධිපතිවරණය ඇතුළු මෑත කාලීන මැතිවරණ සාක්ෂි සපයා තිබේ.

ජන්දදායකයා උදාසීනවීමට බලපාන එක් හේතුවක් නම් ඡන්ද ක්‍රියාවලිය කෙරෙහි ජන්දදායකයා තුළ කිසිදු විශ්වාසයක් නොමැති වීමයි. එසේම කිසිඳු අපේක්ෂකයකුගෙන් හෝ පක්ෂයකින් තමන්ගේ අභිලාෂ ඉටු නොවීමද මේ මන්දෝත්සාහීභාවයට හේතු විය හැකිය. පවත්නා දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් නොමැති වීම තවත් හේතුවකි. ඡන්දය ලබා දුන්නත් ඡන්දදායකයාගේ බලපෑමක් දේශපාලන ක්‍රියා කලාපවලට නොමැති බව හැඟී යාමෙන් ජන්දදායකයා ඡන්දය නොදී සිටිය හැකිය. ඒ නිසා ඡන්දය දීමෙන් තේරුමක් නැතැයි ඇතැම්හු කල්පනා කරති. ඇතැමුන්ට ඇත්තේ අපේක්ෂා භංගත්වයකි. ජන්දදායකයා දිගින් දිගටම ඡන්දය භාවිත කළත් දේශපාලකයන් කෙරෙහි විශ්වාසය බිඳී යාමෙන් ඔවුහු අපේක්ෂාභංගත්වයට පත් වෙති. දේශපාලකයා යනු, ජනතාව ගැන නොසිතන තමන් ගැනම සිතන ආත්මලාභය සඳහාම කටයුතු කරන කපටි පිරිසක්ය යන්න සමාජයේ සමහර කොට්ඨාසවල විශ්වාසයක් පවතී. කාලයක් පුරා තමන් ලැබූ අත්දැකීම් පදනම් කරගෙන ඔවුහු එබඳු මතයක සිටිති. ඒ හේතුවෙන් ද ඇතැම්හු ඡන්දය භාවිත කිරීමට උනන්දු නොවෙති. තමන්ගේ ඇතැම් අපේක්ෂා නිසි පරිදි ඉටු නොවීම සම්බන්ධයෙන් සුළු ජන කොටස් අතර පවත්නා මතයද තවත් වැදගත් කාරණයකි.

ඡන්දය දීමෙන් පළක් නොවේය යන පොදු මතයක් බහුතර ජනතාව තුළ ඇතිවුහොත් එය ඉතා බරපතළ තත්වයකි. එබඳු තත්වයක් ඇති නොවීමට වග බලාගැනීම ඉතාම අවශ්‍ය වේ. එබදු මතයක් ජනතාව තුළ ඇතිවීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ නිහඩ මාරයෙකි. මේ සඳහා ප්‍රතිකර්ම යෙදිය හැක්කේ කෙසේද? ලංකාවේ ජන්දදායකයන්ගේ ජන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් 1946 දී පැනවූ මැතිවරණ නීති අදටත් ක්‍රියාත්මක වේ. එහෙත් ඒවා කාලානුරූපව වෙනස් කිරීම දැන් අවශ්‍යව තිබේ. නූතන ලෝකය ඩිජිටල්කරණයට ලක්ව තිබේ. තරුණ පෙළ ඒ සඳහා හොඳින් හුරු පුරුදුව සිටිති. මේ නිසා සාම්ප්‍රදායික මැතිවරණ පරිපාලනයෙන් ඔබ්බට ගොස් නව තාක්ෂණික යුගයට ගැලපෙන අන්දමේ මැතිවරණ නීති වෙනස් කරමින් අවශ්‍ය නීතිමය පහසුකම් ලබාදීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමු විය යුතුය. එය පියවරින් පියවර වර්ධනය කරගත යුතු තත්වයකි. අවශ්‍යය නම් මේ සංශෝධන තැපැල් ඡන්දවලින් ආරම්භ කළ හැකිය.

ඊට අමතර විකල්ප ජන්ද ක්‍රම හඳුන්වාදීමේ හැකියාව පවතී. එම විකල්ප ක්‍රම තැපැල් ඡන්ද ක්‍රමයටත් පවත්නා සාම්ප්‍රදායික ජන්ද ක්‍රමයටත් අයත් නොවන ඒවා විය හැකිය. මේ වෙනුවෙන් වහාම නව නීති සකස් කිරීම වැදගත් වේ. නීති සම්පාදකයන්ට ඒ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති විය යුතුය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යනු රටක ජීවනාලියයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කෙරුණේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ නොහැකි විටයි. එම ක්‍රමයට උචිත පරිසරයක් රටේ නිර්මාණය කිරීමට අවශ්‍ය පරිසරය තවදුරටත් ව්‍යාප්ත කිරීම වැදගත් කාරණයකි.

මන්දෝත්සාහී ජන්දදායකයන්ගේ මානසික මට්ටම යහපත් කිරීම එහි අවශ්‍යතාව හා වටිනාකම තේරුම් කරදීමට අවශ්‍යය පරිසරය නිර්මාණය කිරීම අධ්‍යාපනයේද වගකීමකි. සෑම ඡන්දයක්ම රටේ තීරණාත්මක සාධකයක් බව පුරවැසියාට තේරුම් ගැනීමේ පරිසරය සැකසිය යුතුය. අවාසනාවන්ත තත්වය වන්නේ සෑම ඡන්ද ප්‍රතිඵලයක්ම ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් පමණක් විශ්ලේෂණය කිරීමට යාමය. ඡන්දය ලබා නොදුන් ජන්දදායකයන්ගේ විශ්ලේෂණය කෙරෙහි බොහෝ අය අවධානය යොමු නොකරති. එහෙත් ඔවුන්ගේ මතය විශ්ලේෂණය ඉතාම අවශ්‍යය ය. ඡන්දයක ඇති වැදගත්කම පාසල් පාඨ ග්‍රන්ථ සඳහා පවා ඇතුළත් කළ යුතුය.

එසේම දේශපාලන පක්ෂවලට සහ ඒවායේ නියෝජිතයන්ට විශාල වගකීමක් පැවරී තිබේ. එහි මූලික පියවර ජන්දදායකයන්ට එපා නොවන විදියට ක්‍රියා කිරීමය. ජන්දදායකයා අපේක්ෂා කරන්නේ පවත්නා ක්‍රමයේ පැහැදිලි වෙනසකි. ඒ වෙනස සිදුවන්නේ නම් මෙරට දේශපාලකයන් කෙරෙහි ජන්දදායකයන්ගේ විශ්වාසයක් ඇතිවේ. ඉදිරියට එන මහමැතිවරණයේදී දේශපාලකයන් මේ සම්බන්ධයෙන් සාවධනව සිටීම වැදගත් වනු ඇත. පෙර මැතිවරණවලදී ඡන්දය භාවිත නොකළ මන්දෝත්සාහී ඡන්දදායකයන් ළග එන මැතිවරණයේදී ඡන්දපොළට ගෙන්වා ගැනීමට අවශ්‍ය විශ්වාසය ඇති කළ යුතු අතර එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ වැදගත් පියවරක් වනු ඇත. රටක දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගෙන්නේ ඒ මතය. එසේම බලයට පත් වන ආණ්ඩුවේ සුජාතභාවය කෙරෙහිද රටේ ඡන්ද ප්‍රතිශතය බලපෑමක් කරනු ඇත. නීතිමය බලය සමග සදාචාරාත්මක හිමිකම ඒ සුජාතභාවය තුළ දැකිය හැකිය.

මෙවර ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ හතර ලක්ෂයක් පමණය. එයින් ඡන්දය භාවිත නොකළ පිරිස ලක්ෂ තිස් පහකි. අඩුම තරමින් එයින් ලක්ෂ විසිපහක්වත් ඡන්දය භාවිත කළේ නම් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රතිශතය වෙනස් වන්නට ඉඩ තිබුණි. ඡන්ද බලය පුරවැසියන්ගේ හිමිකමකි. එහෙත් ඡන්දදායකයා ඡන්දය භාවිත කිරීමට උනන්දු නොවීමෙන් මෙරට පුරවැසියා ක්‍රියාකාරී තැනැත්තෙකුද යන්න ප්‍රශ්නකාරී වේ. ක්‍රියාකාරී පුරවැසියා යනු ප්‍රධාන වශයෙන්ම තමන්ගේ වගකීම් තේරුම් ගත්තෙකි. පුරවැසියකුගේ ප්‍රධාන වගකීමක් නම් ඡන්ද අයිතිය භාවිත කිරීමයි. තම පරම අයිතිය භාවිත කොට කිසියම් ආණ්ඩුවක් ගෙන ඒමට හෝ කිසියම් ආණ්ඩුවක් පෙරළීමට පුරවැසියාට අයිතිය ඇත. එය දේශපාලනික වශයෙන් තමාගේ මැදිහත්වීම සඵල කරන්නකි. සිවිල් අයිතිවාසිකම් සමාජ ආර්ථික අයිතිවාසිකම් දිනාගැනීමට පුරවැසියාට හැකිවන්නේ ද තම ඡන්ද අයිතිය භාවිත කොට දේශපාලනය නිවැරැදි මඟට ගතහොත් පමණි.

 

(***)

සටහන – ගාමිණී කන්දේපොළ



අදහස් (0)

කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 21 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 154 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 188 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 135 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 195 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site