IMG-LOGO

2025 පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින්දා


කොටඋඩ යන සංවර්ධන ව්‍යාපෘති

මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබෙන්නේ ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද ‘‘අදානි ග්‍රීන් එනර්ජි සමාගම’’ පසුගිය දිනක ශ්‍රී ලංකාවෙන් තම සුළං බලශක්ති ව්‍යාපෘතිය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට වු ආරංචියයි. ඒ සමගම දැනගන්නට ලැබුණේ ඉන්දියානු පාර්ශ්වය සහ ශ්‍රී ලංකා රජය ලබන සතියේ තවත් සාකච්ඡා මාලාවකට යාමට තීරණය කර ඇති බවත්, එමඟින් ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අක්‍රිය නොවිය හැකි බවත්ය.

මන්නාරමේ සුළං බලශක්ති ව්‍යාපෘතිය සහ රටේ තවත් සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා සඳහා ඉන්දියානු සහ ශ්‍රී ලංකා පාර්ශ්ව ලබන සතියේ සංවෘත දොරවල් පිටුපස හමුවී ගැටලු සාකච්ඡා කිරීමට සහ අන්‍යෝන්‍ය තීරණයකට එළඹිය හැකිදැයි බැලීමට බොහෝ දුරට ඉඩ ඇති බවට තොරතුරු ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය රජය සමඟ සාකච්ඡා වට 14ක් පවත්වා තිබේ. අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදය පිළිබඳව ඉන්දීය පාර්ශ්වය තම කලකිරීම ප්‍රකාශ කර තිබෙන අතර එය මෙම ව්‍යාපෘතිය මෙරටින් ඉවත් වී යෑමට හේතු වී තිබේ.  රජය එම බලාගාරය අනුමත කිරීම් හා අදාළ තීරණ ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය. ඉඩම් නිදහස් කිරීමේ දී මතුව ඇති පාරිසරික ගැටලු සහ අධිකරණ නඩුවක් ද මීට බලපා ඇත.

මෙම ක්‍රියාවලිය හේතුවෙන්, අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් සමාගමේ ලේකම් ප්‍රග්නේෂ් ඩර්ජි ආයෝජන මණ්ඩලයේ (BOL) සභාපති අර්ජුන හේරත් වෙත ලිපියක් යවමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි 484MW පුනර්ජනනීය බලශක්ති සුළං බලාගාර සහ ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ පද්ධතිය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ දකුණු කොටසේ පරිභෝජන මධ්‍යස්ථාන වෙත ඉලෙක්ට්‍රෝන රැගෙන යාම සඳහා අතිරේක 220KV සහ 400KV සම්ප්‍රේෂණ ජාල පුළුල් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ අදානි ග්‍රීන් ලංකා විදුලිබල මණ්ඩලය සහ විවිධ රජයේ දෙපාර්තමේන්තු සමඟ දීර්ඝ සාකච්ඡාවල යෙදී සිටි බවයි.

අදානි ග්‍රීන් කණ්ඩායම් රජය පත් කළ කමිටු සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවත්, සාකච්ඡා වට 14 කට වැඩි කාලයකින් පසු, විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම සඳහා වසර 20 ක් සඳහා නියම කර ඇති තීරුබදු සඳහා අනුමැතිය ලබා දුන් බවත් එම ලිපියේ තවදුරටත් සඳහන් විය.

මන්නාරම පාරිසරික අනුමැතිය සහ ඒ ආශ්‍රිත ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් හැර, සියලු‍ම නිෂ්කාශන සහ බලපත්‍ර සඳහා අදානි ග්‍රීන් ද කටයුතු කළ බව එහි සඳහන් විය.

 සමාගම පැවසුවේ සියලු‍ම නිෂ්කාශන පාහේ ලබා ගත් බවයි.

”‍ව්‍යාපෘති යෝජනාව නැවත සාකච්ඡා කිරීම සඳහා තවත් කැබිනට් මණ්ඩලයක් විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවක් (CANC) සහ ව්‍යාපෘති කමිටුවක් (PC) පිහිටුවන බව දැනගන්නට ලැබුණි. මෙම අංශය අපගේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දී සාකච්ඡා කරන ලද අතර, සමාගම ශ්‍රී ලංකාවේ ස්වෛරී අයිතිවාසිකම් සහ එහි තේරීම්වලට සම්පූර්ණයෙන්ම ගරු කරන අතරම, එම ව්‍යාපෘතියෙන් ගෞරවනීය ලෙස ඉවත් වන බවට තීරණය කරන ලදී,”‍ යනුවෙන් අදානි ග්‍රීන් එනර්ජි සිය ලිපියේ සඳහන් කර ඇත.

‘‘අපි හිස නමන අතරතුර, අදානි සමූහය සහභාගී වීමට කවදා හෝ සලකා බැලු‍වහොත්, ශ්‍රී ලංකා රජයට ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාර ගැනීමට අප සෑමවිටම සූදානම් බව අපි නැවත තහවුරු කිරීමට කැමැත්තෙමු’’, එය නිගමනය කරයි. ‘‘සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජයට අපගේ සුබ පැතුම් සහ කෘතඥතාව පළ කිරීමට අපි කැමැත්තෙමු”‍ යනුවෙන් ද ලිපියේ එසේ සඳහන් විය.

පසුගිය දිනක මෙලෙසින්ම මෙරටින් ඉවත් වූ තවත් ව්‍යාපෘතියකි. එනම් යුනයිටඩ් පෙට්ට්‍රෝලියම් සමාගම යි. පෙර රජයේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර ඉන්ධන සැපයුම්කරුවන් රට තුළට ගෙන ඒමේ වැඩපිළිවෙළ යටතේ, යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම 2023 ජූනි 8 වන දින මූලික ගිවිසුම් අත්සන් කළේය. ආයෝජන මණ්ඩලයේ (BOI) සඳහන් වන පරිදි, සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 27.5ක ආරම්භක ආයෝජනයක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව පුරා පවතින ඉන්ධන පිරවුම්හල් 150ක මෙහෙයුම් සහ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතිය ලබා දී තිබිණි. යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ 2024 ජුනි 4 වැනි දින ගිවිසුමකට එළැඹියේය. මෙම ගිවිසුමට ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා අත්සන් තැබූ අතර ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් වෙනුවෙන් අත්සන් තැබිණි.

United Petroleum Australia Pty Ltd ඕස්ට්‍රේලියානු උප මහාද්වීපය පුරා ඉන්ධන පිරවුම්හල් 500කට අධික ප්‍රමාණයක් හිමි ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් වෙළෙඳ සමාගමකි. යුනයිටඩ් සමූහයට ඕස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ තවත් බොහෝ ව්‍යාපාර ඇති අතර සමාගම ඔස්ට්‍රේලියාවෙන් පිටත සිය සිල්ලර ඛනිජ තෙල් ව්‍යාපාරය පුළුල් කළ පළමු අවස්ථාව මෙයයි.

යුනයිටඩ් යනු ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ පරිසර හිතකාමීත්වය කෙරෙහි අවධානය යොමු කරන සමාගමක් ද වේ. මෑතක දී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් ජනවාරි මස සිට එම සමාගමට අයත් සියලු‍ ඉන්ධනහල්වල මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත භාර දී ඇත. යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටට ඉන්ධන සැපයීම හා අලෙවිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සමග වසර 20 ක් සඳහා ගිවිසුම් ගත වුව ද, ගිවිසුම ප්‍රකාරව ක්‍රියාත්මක වීමේ ඇති අපහසුතා හේතුවෙන් වසරක් ගත වීමට ද පෙර මෙසේ මෙහෙයුම්වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ලැබී ඇති තොරතුරුවලට අනුව, සමාගමට අයත් සියලු‍ දේපළ නැවත භාර දෙන ලෙස යුන්යිටඩ් පෙට්‍රෝලියම්හි ප්‍රධාන විධායක නිලධාරි නයිජර් සිමන්ස්, සමාගමේ සියලු‍ සේවකයන්ට ලිපියක් මඟින් දැනුම් දී ඇත.

මෑතක දී සිදු මේ මෙම ව්‍යාපෘති ඉවත්වීම්වලට අමතරව මෙරට ඕනෑ තරම් කඩාකප්පල් වූ ව්‍යාපෘති පවතී. එලෙස එක් ව්‍යාපෘතියක් වන්නේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ 2014 දෙසැම්බර් 14 වන දා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ව්‍යාපෘතිය නිම කිරීමට     ඇස්තමේන්තු කර තිබුණේ 2018 වසරේදීය. සැලසුම් කළ පරිදි ව්‍යාපෘතිය නිම කිරීමට නොහැකි වූ බැවින් 2015 දී බලයට පත් වූ ආණ්ඩුව අධිවේගී මාර්ගය අලු‍තින් නම් කර එවක අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහා මහතා විසින් 2017 පෙබරවාරීයේ දී යළිත් මුලගල් තබා වැඩ ආරම්භ කරන ලදී.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඇති දෙවන අදියර 2022 ජනවාරි මස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් විය. පොතුහැර සිට ගලගෙදර දක්වා වන තෙවැනි අදියරේ ඉදිකිරීම කටයුතු මේ වනවිට සිදු කරමින් පවතී. අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු තවමත් ආරම්භ කර නොමැති වේ. අධිවේගී මාර්ගයේ දෙවැනි, තුන්වැනි සහ සිව්වන අදියර එසේ පවතිද්දී පළමු අදියර මේ වන විට පවතින්නේ ඛේදජනක තත්වයකයි.

කඩවත මීරීගම පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු 2015 ආරම්භ කළ නමුත් 2020 වසර වන තෙක් කිසිදු ඉදි කිරීමක් සිදු නොකළ අතර 2020 ජුනි මස ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කරන ලදි. 2022 වසරේ ජුනි මස වන විට නැවත ව්‍යාපෘතියේ වැඩකටයුතු අතරමැද නවත්වා ඇත. එතැන් සිට අද වනතුරු කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදුකර නොමැත. ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස චීනයේ මෙටලර්ජකල් කෝපරේෂන් කටයුතු කරන අතර චීනයේ එක්සිම් බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 989ක සහන ණයක් ලබා දී ඇත.

මෙම මාර්ගයේ කඩවත - මීරිගම කොටසේ දිග කිලෝමීටර් 36.54 ක් වන අතර, මංතීරු හතරකින් සමන්විත වේ. එය ඉදිකිරීම සඳහා මහා මාර්ග අමාත්‍යාංශය විසින් රුපියල් බිලියන 158 ක් ඇස්තමේන්තු කර තිබිණි. එමෙන්ම 2024 සැප්තැම්බර් මස ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ද අස්තමේන්තු කර තිබිණි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර වසර ගණනාවකි. එහෙත් තවම වැඩ අවසන් කොට නැත. ඉදිකිරීම් සඳහා යොදාගත් යන්ත්‍ර සූත්‍ර, වාහන සහ අමුද්‍රව්‍ය බෙම්මුල්ල ප්‍රදේශයේ ගබඩාකොට ඇත. එම ද්‍රව්‍ය ද අව්වෙන් වැස්සෙන් විනාශ වෙමින් පවතී.

තවත් එවැනිම ව්‍යාපෘතියක් ලෙස රත්නපුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හඳුනාගත් හැකිය. රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය, “මහින්ද චින්තනය ඉදිරි දැක්ම” යටතේ 2014 වසරේ යෝජනා වූ අතර, 2014 වසරේ ශක්‍යතා අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව බස්නාහිර හා සබරගමුව පළාත් යා කරමින් දකුණු අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ආරම්භ වී පැල්මඩුල්ල දක්වා දිවෙන කිලෝ මීටර් 76.25 ක දිගින් යුතු මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන කටයුතු 2018 වසෙර් අවසන් විය. මෙම අධිවේගි මාර්ගය ඉදිකිරීමෙන් හොරණ, ඉංගිරිය, කිරිඇල්ල, රත්නපුර, පැල්මඩුල්ල සහ බලංගොඩ යන නගරවලට ප්‍රතිලාභ ලැබෙන අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ජනතාවට ද ගමන් පහසුව සැලෙසනු ඇත.

ඒ අනුව  සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට 2020.07.01 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලදී. තවද මෙම ව්‍යාපෘතිය සඳහා පරිසර අධ්‍යයන වාර්තාව මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් තරන ලද්දේ පළමු අදියර සඳහා පමණි. එබැවින් 2021.05.03 දින පළමු අදියර සඳහා පමණක් විධිමත් ප්‍රසම්පාදන ක්‍රමයක් අනුගමනය කර කොන්ත්‍රාත්කරු වශයෙන් මාගා ඉංජිනේරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය තෝරා ගන්නා ලදී. පළමු අදියර සඳහා කොන්ත්‍රාත් මුදල රුපියල් බිලියන 54.6 කි.

ව්‍යාපෘතියේ කටයුතු අතරමග නවතා දැමීම හේතුවෙන් කොන්ත්‍රාත්කරුට සිදු වූ ලාභය අහිමි වීම වෙනුවෙන් ඔවුන් රුපියල් මිලියන 14,000 ක් වන්දි මුදලක් ඉල්ලා ඇත. ඉඩම් අත්පත්කර ගැනීම සඳහා රුපියල් මිලියන 3350 ක් ද, සංවර්ධන කටයුතු සහ ව්‍යාපෘති කාර්යාලය සඳහා රුපියල් මිලියන 4106 ක් ද සහ කොන්ත්‍රාත්කරුට ගෙවා ඇති මුදල රුපියල්. මිලියන. 3372 කි. ඒ අනුව මේ දක්වා වියදම් වූ මුළු මුදල රුපියල් මිලියන 10828 කි. මේ වන විට ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දමා ව්‍යාපෘති කාර්යාලය ද වසා දමා ඇත.

තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ද මේ වනවිට නතර වී ඇත. 2015 වර්ෂයේ දී වූ ආණ්ඩු පෙරළියත් සමග ඇති වූ ජනතා විරෝධයත් සමග මෙකී ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට නොහැකිවිය. කෙසේවුවද 2017 වර්ෂයේදී නැවත මෙකී ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා චිනයේ EXIM බැංකුව සමග ණය ගිවිසුම් අත්සන් කරනු ලැබීය. 2018 වර්ෂයේදී ව්‍යාපෘති කළමනාකරණ ඒකකයද ස්ථාපිත කරනු ලැබීය. ඒ කොයිහැටි වුවද පාස්කු ප්‍රහාරයෙන් පසු කොන්ත්‍රාත්කාර සමාගම විසින් අධ්‍යයන කටයුතු නතර කිරීමට කටයුතු කරනු ලැබීය.

2020 වර්ෂයේ දී මෙකී ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භකරනු ලැබීය. මේ පිළිබඳ වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත්තේ 2020, 2021 යන වර්ෂවල මෙකී ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේ කටයුතු සියයට 95ක් ද, මැනුම් හා සමීක්ෂණ කටයුතු සියයට සියයක් මේ වනවිට අවසන් කර ඇති බවය. තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ මූලික කටයුතු සියල්ල අවසන් කර ඉදිකිරීම් ඇස්තමේන්තුවෙන් සියයට 09ක පමණ ආසන්න ප්‍රමාණයක වැඩ කොටසක් අවසන් කොට ඇත.

ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ද පසුගිය කාලයේ දැඩි ලෙස කථා බහට ලක් වූ ව්‍යාපෘතියකි. මෙකී ව්‍යාපෘතියේ පළමු අදියරේ සැලසුම් සකස් කිරීම සඳහා පමණක් අවුරුදු 05කුත් මාස 04ක් ගතවී තිබූ අතර ව්‍යාපෘතියේ සැලසුම් සකස් කිරීමේ කටයුතුවලින් සියයට 7.5ක ප්‍රමාණයක් තවදුරටත් නිමකළ යුතුව තිබුණි. ගිං නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනි දින වාරිමාර්ග අමාත්‍යාංශය විසින් චීනයේ CAMEC සමාගම සමග ඇමෙරිකානු ඩොලර් 690,000,000 ක කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹ තිබුණි. ඒ සඳහා පූර්ව අත්තිකාරම් ලෙස කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 4.35ක් වූ ඇමෙරිකානු ඩොලර් 29,989,000ක මුදලක් (රුපියල් 4,011,054,982) අදාළ කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට කටයුතු කරනු ලැබීය.

කෙසේ වුවද යහපාලන රජය බලයට පත්වීමත් සමග මෙකී ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට කටයුතු කරනු ලැබීය. මෙකී ව්‍යාපෘතිය නිල්වලා ගංගාව ආශ්‍රිතව පමණක් සිදුකරන ලෙස ආර්ථික කළමනාකරණ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත්කර තිබුණි. මෙම ව්‍යාපෘතිය ආරම්භකර දැනට වසර 09ක් ගතවී තිබේ. ඒ සඳහා දරා ඇති වියදම රුපියල් මිලියන 4,090කි. ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 4.5කි. ඒ විතරක් නොව වසර 05 කාලයක් තුළ ව්‍යාපෘති කාර්යාලයේ කාර්ය මණ්ඩල සඳහා වැටුප් දීමනා හා අනිකුත් කටයුතු සඳහා රුපියල් මිලයන 27ක මුදලක් වැයකර තිබුණි. මෙකී ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් මිලියන 4,090ක මුදලක් වැයකරනු ලැබුවද ජනතාවට කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ලැබී නොතිබුණි.

වයඹ මහ ඇළ ව්‍යාපෘතිය ද වාරිමාර්ග අමාත්‍යාංශය මගින් කරනු ලබන මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘතියකි. මෙකී ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 9978.48කි. මෙහි ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව 2020 වර්ෂයේදී චීනයේ CAMEEQMCG-JV නැමති විදේශීය සමාගමකට භාරදී තිබූ අතර 2020 2024 යන කාලය තුළ ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම්කර තිබුණි. කොන්ත්‍රාත් සමාගමේ කාර්ය මණ්ඩල හිඟය, ඉදිකිරීම් උපකරණ නොමැතිවීම, දුර්වල වැඩබිම් කළමනාකරණය හේතුවෙන් වසර දෙකක කාලයක් තුළ ව්‍යාපෘතියේ ඉදිකිරීමේ ප්‍රගතිය සියයට 2.97ක් තරම් පහළ මට්ටමක පැවතුණි. මේ නිසා මෙකී කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය මගින් පියවර ගෙන තිබුණි. ඒ වනවිට කොන්ත්‍රාත් සමාගම වෙත පූර්ව අත්තිකාරම් ලෙස ලබා දී ඇති මුදල රුපියල් මිලියන 1,197.32කි. නිම කළ වැඩ වෙනුවෙන් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 355.24කි. ඉදිරියේ දී මෙකී කොන්ත්‍රාත්තුවේ පිරිවැය රුපියල් මිලියන 17604කින් ඉහළ යා හැකි බවට ඇස්තමේන්තුකොට තිබුණි.

පසුගිය ආණ්ඩුවලින් ආරම්භ කළ මෙවැනි සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කිරීමට තිබුණද විවිධ හේතු මත එම ව්‍යාපෘති අතරමග නවතා දමා ඇත. අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති ගණන බොහොමයකි. ඒ මඟින් අහිමි වන්නේ ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභයි. විනාශ වන්නේ මහජන මුදල්ය. මහජනයාටද මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළා යැයි අමතක වන තරමට සමහර ඉදිකිරීම් නවතා වසර ගණනකි. වගකිවයුතු නිලධාරීන් ද නිහඬය. ව්‍යාපෘතිවල අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම නොව ව්‍යාපෘතිය වෙනුවෙන් වියදම් වූ මහජන මුදල් ගඟට ඉනි කැපුවා සේ නිස්කාරණයේ නාස්ති වීමය. ශ්‍රී ලංකාවේ මහජන මුදල් නිස්කාරණයේ විනාශ වීම මෙරට ජනයාට අලු‍ත් අද්දැකීමක් නොවූවත් වගකිවයුතු බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමුවිය යුතුය.

(*** ශෂිකා අබේරත්න)

 



අදහස් (2)

කොටඋඩ යන සංවර්ධන ව්‍යාපෘති

බද්රානි Monday, 17 February 2025 04:47 PM

දේශීය ආයෝජකයාට, විදුලි ඒකකයකට ඩොලර් ශත 4.65කට ලබාදිය හැකිව තිබියදීත්, ඩොලර් ශත 8.26 කට අදානිට විකිණීම සාධාරනීකරණය කරන්නද? මේවා යට තිබෙන්නේ, කොමිස් මුදල් බව ආයේ අමුතුවෙන් ලිවීමට අවශ්‍ය නැහැ... මහජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙනගෙන මේ රටේ දූෂිත පාලකයින් වෙනුවන් ලිපි ලියමින් ඔය ගන්න සොච්චමෙන් වගතුවක් තියනවාද..? ඒ වගේම නිසි පාරිසරක වාර්තා නොමැතිව කළ උමාඔය වැනි විනාශකාරී ව්‍යාපෘති මේ රටේ ජනතාවට සිදුවී ඇති හානි හා අපහසුකම් ගැන මේ ලියන්නන්ට වගේ වගක් නැහැ. රටේ ජනතාවගේ මුදල් කාබාසිනියා කළ, හෙජින් ගනුදෙනුව, ග්‍රීක් බැඳුම්කර, මහබැංකු මංකොල්ලය, මිග්යානා හා ශ්‍රී ලන්කන් සේවයට නව ගුවන් යානා මිලට ගැනීම්, වැනි කොමිස් කුට්ටි බිස්නස් ගැන?

:       0       4

Punchi Appu Wednesday, 19 February 2025 02:11 AM

අදානි දීපු අත්තිකාරම් කොමිස් මුදල් වලට දැන් මොකද වෙන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 10 0

ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න


ලෙයට ලෙය ඉල්ලන පාතාලය
2025 පෙබරවාරි මස 20 17 0

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම


ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්
2025 පෙබරවාරි මස 20 6 0

2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්‍


අයි.එම්.එෆ්. මග යන අයවැයක්
2025 පෙබරවාරි මස 19 268 1

ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය


අයවැය විමසුම් ඇසකින්
2025 පෙබරවාරි මස 18 672 1

ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවේදී ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. ඒ 2025 වර්ෂය වෙනුවෙනි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය නිරීක්ෂණය කිරීම


කොටඋඩ යන සංවර්ධන ව්‍යාපෘති
2025 පෙබරවාරි මස 17 329 2

මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබෙන්නේ ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද ‘‘අදානි ග්‍රීන් එනර්ජි සමාගම’’ පසුගිය දිනක ශ්‍රී ලංකාව


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 39 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 366 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 158 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site