IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


කොරෝනාට බිය නොවූ සජිත්ගේ අවිනිශ්චිත බිය

කෝවිඩ්-19 වෛරසය ආසාදිතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දින කිහිපය ගතකළේ නගරයේ කාර්යබහුල පෙදෙසක පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්ය. වෛරසයට එරෙහිව ගෙන ගිය සටන ඔහු ජනගනිමින් සිටිය ද අනෙක් පැත්තෙන් වූ තවත් කාරණයක් හමුවේ ඔහු සිටියේ බියට පත්වය. එය නම්, සමගි ජනබලවේගයේ සිය නායකත්වය අහිමිවනු ඇතැයි වූ බියයි.

ඉක්මන් සුවය පතා බොහෝ දෙනා එවා තිබූ කෙටි පණිවුඩවලට පිළිතුරු සැපයීමට අමතරව, විපක්ෂ නායකවරයා සිටියේ සිය පක්ෂයේ සාමාජිකයන් සමග නිරන්තරව දුරකතන ඔස්සේ සම්බන්ධවෙමින්ය. 

පක්ෂයේ කිහිපදෙනෙකුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තහවුරු කරන ලද බුද්ධි තොරතුරු ලබාගැනීමට තරම් ප්‍රේමදාස මහතා වාසනාවත්ව තිබූ අතර, පක්ෂයේ කුමන්ත්‍රණයක් දියත්ව ඇත්තේය කියමින් එම කිහිපදෙනාගේ සහාය දිනාගැනීමට ඔහු උත්සුක විය. විපක්ෂ නායකයවරයා එසේ සම්බන්ධවූ එක් අයෙක් වූයේ හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සහ වර්තමානයේ සමගි ජනබලවේගයේ මුල් පෙළ සාමාජිකයෙක් වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.

එහි ප්‍රතිඵලයක් ලෙස ගෙවුණු සදුදා දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අතර ප්‍රේමදාස මහතාට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් එහිදී ඒකමතිකව සම්මත කර ගැනිණ. රැස්වීමට සහභාගීව සිටියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54 දෙනාගෙන් 36 දෙනෙකු පමණි. 

මුල් පුටුව

2020 අගෝස්තු මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට පෙරාතුව එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ගිය සාමාජිකයන් කණ්ඩායමකගේ එකතුවෙන් තැනුණු සමගි ජනබලවේගයේ මුල් පුටුවට ප්‍රේමදාස මහතා පත්ව තවමත් ගතව ඇත්තේ මාස 10ක පමණ කාලයකි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට බාර නොදීම එසේ එක්සත් ජාතික පක්ෂයෙන් සාමාජිකයන් බිදී යෑමට හේතුව විය.

වෘත්තියෙන් නීතිඥවරයකු වන කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් හා මෙසේ අදහස් දැක්වූයේ ය.
සමගි ජනබලවේගයේ බෙදීමක් සිදුව ඇතැයි සමාජ මාධ්‍යවල නොයෙක් පුවත් පළව තිබීම මුල්කරගෙන මම යෝජනාවක් ඉදිරිපත් කළා. මේ කතා අසත්‍යයි. ඒ නිසාම ඒ කතා පදනම් කරගෙන ඉදිරිපත් වෙමින් තිබුණු නොයෙකුත් අභූත මතවාදයන්ට නැවතීමේ තිත තබන්නට අපට වුවමනා වුනා. පක්ෂයේ හවුල්කාර පක්ෂ පවා අපේ තීරණයට එකග වුනා,

චම්පික රණවක (ජාතික හෙළ උරුමයේ හිටපු නායක), රවුෆ් හකීම් (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක), රිෂාඩ් බදුර්දීන් (සිලෝන ජනතා කොංග්‍රසයේ නායක), සහ මනෝ ගනේෂන් (දෙමළ ප්‍රගමනවාදී සන්ධානයේ නායක) යන මහත්වරු, මෙම විශ්වාසපක්ෂ යෝජනාවලියට සිය අනුමැතිය ලබාදෙන බව සදහන් වූ ප්‍රකාශයක් ඊට ඇතුළත් කිරීමට එකඟ වූහ. මේ නිසාම, යෝජනාවට පක්ෂව පෙනී සිටියවුන් ගණනින් දැක්වීමක් සිදුනොවීය.

“අපි සමගි ජනබලවේගයේ සාමාජිකයෝ නොවෙයි. කෙසේවුවත්, අපි ප්‍රේමදාස මහතාගේ නායකත්වයට සහයෝගය දක්වනවා. ඒ නිසා අපි එයට අනුමැතිය ලබාදුන්නා” යයි හකීම් පැවසුවේ ය.

කුමන්ත්‍රණය

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ආරම්භවීමෙන් පසුව, යෝජනාව ගෙන ඒමට මූලිකත්වය ගත් කිරිඇල්ල මහතා අදහස් දක්වමින් ප්‍රේමදාස මහතාට එරෙහි කුමන්ත්‍රණයක් පවතින්නේ යැයි පැවසුවේය. මෙම යෝජනාවලියේ අරමුණ වන්නේ එවැන්නක් නොමැතිවත්, තැන පලවෙමින් තිබෙන නොයෙක් දුර්මතයන්ට නැවතීමේ තිත තැබීම බවත්, සමගි ජනබලවේගයේ නායකයා වන්නේ ප්‍රේමදාස මහතාම බව නැවත වරක් අවධාරණය කිරීම හරහා සමජ මාධ්‍යවල දැනට ක්‍රියාත්මකව පවතින ද්වේෂසහගත ප්‍රචාරණ ව්‍යාපාරය අවසාන කර දැමිය හැකි වනු ඇති බවත්, ඔහු පෙන්වා දුන්නේය. එහිලා, වඩාත්ම වැදගත් වූ අදහස මතුකරන ලද්දේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසිනි. 

අපි සජිත් ප්‍රේමදාස මහතාව අපේ නායකයා හැටියට පිළිගෙන තිබෙනවා. එහෙම තත්ත්වයක, කටකතාවලට හෝ ප්‍රබන්ධවලට හෝ අපි පදනමක් දිය යුත්තේ ඇයි? 

එවැනි කුමන්ත්‍රණයක් සැබෑවටම පවතින්නේ නම්, මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සාධාරණ යැයි ඔහුගේ තර්කය වූ අතර එසේ කුමන්ත්‍රණයක් තිබෙන්නේ නම් මෙවැනි යෝජනාවක් හරහා එම කුමන්ත්‍රණය පසුපස සිටින්නවුන්ට සමගි ජනබලවේගය තවමත් එක්සත් යන පණිවුඩය ලබාදිය හැකි බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

පක්ෂයේ තවත් මුල් පෙළ සාමාජිකයෙක් වන හරීන් ප්‍රනාන්දු මහතාත් අදහස් දක්වමින් මෙසේ කීවේය. 

“සජිත් ප්‍රේමදාසගේ නායකත්වය තහවුරු කිරීම මෝඩ වැඩක්. ඔහුට එරෙහිව කුමන්ත්‍රණයක් ඇත්තටම තියෙනවා නම් වෙන කවුරුවත් නොවෙයි මමයි එයට නායකත්වය දෙන්නේ. හැබැයි එහෙම දෙයක් වෙන්නේ නැහැ”

ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළකළේ කෝවිඩ්-19 එන්නත ලබාගෙන පැමිණෙමින් සිටිය දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රබන්ධ යැයි ද කුමන්ත්‍රණ යැයි , සමගි ජනබලවේගයේ මුල් පෙල සාමාජිකයන්ම එකඟ වන කාරණා මත පිහිටා වුව ඔවුන් සියලුදෙනාම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට විශ්වාස පක්ෂභාවය පලකළත් ඔහුගේ ක්‍රියාකලාපය නිසාම සන්ධානයේ බෙදීම් ඇතිව තිබෙන්නේය යන්න වසන් කළ හැක්කක් නොවේ. එය කොපමණ දුරකට උත්සන්නව තිබෙන්නේ ද යත් පක්ෂ අභ්‍යන්තරයේ පවතින්නේ දැඩි නොසන්සුන්තාවයකි. 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානමින් සිටීම මෙම තත්ත්වය තවත් තීව්‍ර කර තිබේ. එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, වික්‍රමසිංහ මහතාවම පත්කළ බහුතර සාමාජිකයන් පිරිසකගෙන් සමන්විත වන බැවින්, ගෙවුණු පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබාගත් 2% ක ඡන්ද ප්‍රතිශතයට සරිලන පරිදි පක්ෂය වෙත හිමිව තිබූ බෝනස් පාර්ලිමේන්තු අසුනට වික්‍රමසිංහ මහතා පත්කිරීමට අනුමැතිය ලබා දුන්නේය. 

ඔහු ලබන 22 වැනිදා දිව්රුම්දීමට නියමිතව ඇතත් එය තරමක් ප්‍රමාද විය හැකි යැයි එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් කොටස් පවසයි. 

තනතුරක ගනුදෙණුව

සමගි ජනබලවේගයේ එක්තරා මුල්පෙළ සාමාජිකයෙක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරක් බලාපොරාත්තුව, ගනුදෙනුවක යෙදීමේ සූදානමින් සිටින බවටත්, ඔහුත් සමග සමගි ජනබලවේගයේ සාමාජිකයන් 19 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීමට සිටින බවටත් කතා ඇසේ. මෙහි සත්‍ය අසත්‍යභාවය තවමත් දැනගැනීමට නොහැකිය. නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ සාමාජිකයෙක් මෙසේ කීවේය. 


“එහෙම කතාවක් තියෙනවා තමයි. නමුත් අපි තවමත් සිටින්නේ ඒ ගැන සොයාබලමින්” යැයි ඔහු පැවසුවේය. ප්‍රේමදාස මහතා කලබල වූයේ ඔහුට ලැබුණු බුද්ධි තොරතුරු අතිශයින් විශ්වසනීය වූ බැවින්ය. කෙසේවුවත්, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සන්ඩේ ටයිම්ස් හා කියා සිටියේ මෙවැන්නකි.

“අපි අතරේ බෙදීමක් පවතින බවට කටකතා පැතිරෙමින් තිබෙනවා. සජිත් ප්‍රේමදාසට විශ්වාසය පලකරමින් සියලුමදෙනා ඡන්දය දුන්නා. මේ තත්ත්වය යටතේ ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් ඉදිරියට යන්නට නම් අපිට සියලුමදෙනා වුවමනායි” යයි රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීවේය. 

එසේ වුව ද සමගි ජනබලවේගයේ තවත් මුල් පෙළ සාමාජිකයෙක් නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත මෙසේ කීවේ ය.
“කොහොම හරි, රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ආවොත් ඔහු සමගි ජනබලවේගය හෝ අපගේ නායකයාව හෝ හඹා එන්නේ නැහැ. තමන්ම විසඳාගත යුතු දේශපාලන ගනුදෙනු ඔහුට තියෙනවා. ඒ කොහොම වුනත්, ඔහුත් අයිති වෙන්නේ විපක්ෂයට” 
ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ වන රටේ ප්‍රධාන විපක්ෂය දුර්වල කිරීමට ඔහු රජයට උපක්‍රමික සහායක් දක්වනු ඇතිද? යන්න මෙම මුල් පෙල සාමාජිකයා නැගූ පැනය විය. 

එක් පසෙකින්, වික්‍රමසිංහ මහතාගේ හිතවතුන් පවසන්නේ ඔවුන්ගේ නායකයා නැවත පක්ෂයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අයට සියල්ල අමතක කර සමාව දීමට සූදානමින් සිටින බවය. නමුත් සිය මිත්‍රයා මෙන්ම රටේ අගමැතිවරයා ද වන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට සම්පූර්ණයෙන්ම විරුද්ධ ස්ථාවරයක් අනුගමනය කිරීමට ඔහු කටයුතු කරනු ඇතිද? යන්නත් ප්‍රහේලිකාවකි. 
මේ කාරණා ද්විත්වය අරබයා නොයෙක් මත පළවෙමින් පවතී. 

දේශපාලනය පසෙකලා බැලුවහොත්, වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ දෙදෙන පෞද්ගලික මට්ටමින් ගත්විට ඉතාම සමීප මිතුරන්ය යන්න රහසක් නොවේ. කොටින්ම, 2015 වසරේ ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව මහින්ද රාජපක්ෂට මැදමුලනේ පිහිටි ඔහුගේ නිවස බලා පියාසර කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි. - 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් පවා වෙන්කර දීමට වික්‍රමසිංහ මහතා කටයුතු කළේය. 

මහින්ද රාජපක්ෂ මහතා, මීට මාස කිහිපයකට පෙර කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණියේය. ඒ, එම කාලයේ අසනීපයෙන් එහි රැදී සිටි පවුලේ සාමාජිකයෙක් බැහැ දැකීමටය. දෙදෙන විටින්විට දුරකතනය ඔස්සේ ද අදහස් හුවමාරු කරගනිති.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය කෝවිද ගුණසේකර

 

 

 



අදහස් (2)

කොරෝනාට බිය නොවූ සජිත්ගේ අවිනිශ්චිත බිය

Liyanage Wednesday, 16 June 2021 10:45 AM

මේ රට හදන්න සැබෑ වුවමනාවක් ඇති ජනප්‍රියම නායකයා සජිත්... ඔහුගේ ඉදිරි ගමන සාර්ථකව ගොඩ නුගෙනු ඇති. මේ රජයේ ගොන් තකතීරු වැඩ සජිත්ගේ ඉදිරි ජයග්‍රහන වේගවත් කරයි.

:       2596       1809

hesa Wednesday, 16 June 2021 11:22 PM

ඔව් ඔව්... දැන් ඉතින් රඡයට විරුද්ධව නොවේ.. එජාපය තුළම ඇතිවන ප්‍රශ්න විසඳගන්නයි බලන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 77 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 252 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 85 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 85 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 250 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 482 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site