ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එට්කා වෙළෙඳ ගිවිසුමට ඇතැමුන් විරෝධය පාන්නේ එම ගිවිසුම මගින් ඉන්දියාවේ ශ්‍රමිකයන්ටත් මෙරට රැකියා කිරීමේ අවස්ථාව විවර වන බව පවසමිනි. ‘එට්කා’ යටතේ ඉන්දියානු සේවා අංශයට මෙරට දොරගුලු විවර වන බවත් එමගින් කොණ්ඩය කපන බාබර්ගේ සිට කුලීකාරයන් දක්වා විශාල පිරිසක් මෙරටට ගලා එනු ඇති බවත් විරෝධතා දක්වන්නෝ කියති.
දැනට වසර හැට හැත්තෑවකට පමණ පෙරත් ඉන්දියානු කුලීකරුවන්ගේ සහ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ ‘ආක්‍රමණයක්’ ලංකාවට සිදුව තිබිණි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ ගෘහ සේවකයන් හිසකෙස් කපන්නන්, කාණු පවිත්‍ර කරන්නන් ආදි ලෙස දහස් සංඛ්‍යාත ඉන්දියානුවෝ ලංකාවට පැමිණියහ. අධිරාජ්‍යවාදීන් විසින් මෙරට ආරම්භ කරන ලද වතු වගාව සඳහා විශාල වශයෙන් දකුණු ඉන්දීය ශ්‍රමිකයන් ගෙන එන ලද අතර, තවත් පිරිසක් නිදහසේ යාම සහ ඒමට තිබූ පහසුකම් මත වෙළඳුන් ලෙස මෙරටට පැමිණ ඇත. මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියාවේ සිට මෙරටට පලා ආ තවත් පිරිසක් උතුරු නැගෙනහිර හිස් බිම්වල පදිංචි වූහ. 1933 වසර වන විට මෙරට සිටි ඉන්දියානු වතු කම්කරුවන් ගණන හත් ලක්ෂ අසූඑක් දහසකි. (781,000) කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවල විසූ වෙනත් රක්ෂා කළ ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසකට ආසන්න විය. ජන සමාජය වඩාත් කැළඹෙන්නට පටන් ගත්තේ අගනුවර රැකියා කළ ඉන්දියානුවන් නිසාය. සිංහලයන්ට රැකියා කිරීමේ ඉඩකඩ අහිමි කර ඒ වෙනුවට ඉන්දියානුවන් යොදාගෙන ඇතැයි 1930 පමණ වනවිට විශාල මතයක් රට තුළ ඇතිවී තිබුණි. එකල පුවත්පත් කතුවරයකු වූ පියදාස සිරිසේන මහතා 1926 වසරේදී මෙසේ ලීවේය.
‘අපේ රටේ හතර පැත්තේම දොරවල් හැම ආකාරයෙන්ම විවෘත කොට ඕනෑ කෙනකුට පැමිණෙන්නට ඉඩදී තිබේ. දකුණු ඉන්දියාවේ ඉන්නා තරම් හම්බයින් හා කොච්චින් මෙන්ම දෙමළු හා ඇෆ්ගන්කාරයෝද දිනපතා මෙහි පිරෙති. රටේ හිමිකාර සිංහලයන්ට පිරිමහන්ට තිබුණු රක්ෂා සියල්ල මේ විදේශිකයන්ට අයිතිවී තිබේ. දැන් අපේ ප්‍රසිද්ධ වැඩපොළවල් බලනවිට එහි දෙකෙන් පංගුවකටත් වඩා විදේශික වැඩකාරයෝ සිටිති. මේ කුඩා සිංහල ද්වීපය සිංහලයන්ට සේම කලින් සිටි ලාංකික දෙමළාදීන්ටත් මදි තරම්ව පවතී.’ පියදාස සිරිසේන මහතා පෙන්වා දුන්නේය.
අගනුවරට බලවත් ප්‍රශ්නයක්ව පැවැති මෙම ඉන්දියානුවන් මෙරටට පැමිණියේ බ්‍රිතාන්‍ය යටත්විජිත රටවල ජනතාවට නිදහසේ ගමන් බිමන් යාමට ලැබී තිබූ අවහිරය මතය. එකල වීසා ප්‍රශ්න නොවීය. කොළඹ කොටුවේ බොහෝ වෙළඳ ශාලා අයිතිව තිබුණේ ඉන්දියානු වෙළෙඳුන්ටය. මෙම වෙළඳුන් ලංකාවට පැමිණ පදිංචිවී තම කඩසාප්පුවල සේවයට ගෙන්වා ගත්තේද ඉන්දියානු කුලීකරුවන්ය. එම යුගයේ ලාංකිකයන්ට කොටුවේ ඉන්දියානු වෙළෙඳසල්වල රැකියාව නොලැබුණි. කොටුවේ ඛාන් ඔරලෝසු කණුව ප්‍රදේශයටත් සියලු හරස් වීදිත් ඉන්දියානු වෙළෙඳුන්ගෙන් පිරී පැවතුණි.
කොළඹ වෙනත් රැකියාවල ද ඉන්දියානු ආක්‍රමණය පැවතුණි. 1915දී කොළඹ වරායේ සේවකයන්ගෙන් සියයට 50ක් සිංහල ජනයා වූ බවත් එකල දේශපාලන රැස්වීම්වලදී හඬ නැගුණි. වරායේ වැඩිපුර රැකියා තිබුණේ අඟුරු මඩුවේය. අඟුරු මඩුව යනු එකල තිබූ අඟුරු කෝච්චිවලට අඟුරු පටවන තැනය. එකල වරාය අවට නිවාස සියල්ල ඉන්දියානුවන් බදුගෙන තිබූ බවත් එක නිවසක හත් අට දෙනා පදිංචිව සිටිමින් හිමිදිරියේම අඟුරු මඩුවට රිංගා දෛනික කුලියට රැකියාව කරන බවත් එමගින් සිංහලයන්ට රැකියා නොලැබෙන බවත් එකල සිංහල නායකයෝද රැස්වීම්වලදී පෙන්වා දුන්හ.
1930 වසර වනවිට කොළඹ නගර සභාවෙන් බලපත්‍ර ගත් හෝටල්වලින් සියයට විසි අටක් ඉන්දියානුවන්ට අයත් හෝටල් විය. මෙහි සේවය කළ සියලු දෙනාම ඉන්දියානුවෝය.
රජයේ දෙපාර්තමේන්තු වූ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ සේවකයන් පිරිසම ඉන්දියානුවන් විය. මහා මාර්ග ආදිය තැනුවේ මෙම දෙපාර්තමේන්තුවෙනි. තැපැල් දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පහළ රැකියා අතිවිශාල ප්‍රමාණයක සේවයේ යෙදී සිටියේ ඉන්දියානුවන්ය. කොළඹ නගර සභාවෙන් බලපත්‍ර ගත් හෝටල්වලින් සියයට විසි අටක් ඉන්දියානුවන්ට අයත් හෝටල් විය. මෙහි සේවය කළ සියලු දෙනාම ඉන්දියානුවන්ය. රජයේ දෙපාර්තමේන්තු වූ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ සේවකයෝ ඉන්දියානුවෝ වූහ. මහා මාර්ග ආදිය තැනුවේ මෙම දෙපාර්තමේන්තුවෙනි. තැපැල් දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පහළ රැකියා අතිවිශාල ප්‍රමාණයක සේවයේ යෙදී සිටියේ ඉන්දියානුවන්ය.
මීගමුව වැනි මුහුදුබඩ ප්‍රදේශවල පොල්වතු බොහොමයක් අයිතිව තිබුණේ ඉන්දියානුවන්ටය. රජය මුඩුබිම් පනත යටතේ යුරෝපීයන්ට උඩරට ඉඩම් කුණුකොල්ලයට විකුණා දමද්දී පහතරට ඉඩම් මිලදී ගත්තේ ඉන්දීය මුදලාලි පෙළැන්තිය ය.
1935 වසර වනවිට ඉන්දියානුවන් අසූදාහක් මෙරට ගෘහ සේවකයන් ලෙස රට පුරාම සේවයේ යෙදී සිටි බවත් එයින් අටදහසක් කොළඹ නගරයේ ගෘහ සේවකයන් වූ බවත් මෙම ප්‍රශ්නය ගැන එකල දිගින් දිගටම සාකච්ඡා කළ පුවත්පත් වාර්තාවල සඳහන් වේ. මේ පිරිස වතු වැඩට ගෙන ආ ඉන්දියානුවන්ට අමතරවය. එකල දේශපාලකයන් ඇතුළු ජනනායකයන් විරුද්ධත්වය දක්වා ඇත්තේ තේ වගාවට ගෙන ආ ඉන්දියානුවන්ට වඩා කොළඹ ඇතුළු ප්‍රදේශවල රැකියා සඳහා පැමිණ සිටි ඉන්දියානුවන්ටය. 1930 සිට 1935 දක්වා වසර පහ තුළ වතු වගාවට ඉන්දියානුවන් තුන් ලක්ෂයක් ගෙන එද්දී එම වසර පහ තුළ වෙනත් රැකියා සඳහා ලක්ෂ පහක ඉන්දියානුවන් පිරිසක් අනාරාධිතව පැමිණ ඇත. මෙම ඉන්දිය සංක්‍රමණිකයන් සංඛ්‍යාව බලවත් පිළිලයක්ව තිබූ බව වටහා ගත හැක්කේ 1935 වනවිට මෙරට සිටි සිංහල ජනගහනය හතළිස් ලක්ෂයක් පමණක් වූ බව සලකන විටය.
යටත්විජිත පාලකයන් රජයේ ඉහළ රැකියා සඳහා ලාංකිකයන් බඳවා ගත්තේ නැත. එම අවස්ථාව ඉන්දියානුවන්ට ලැබිණි. ඉන්දියානුවන් රජයේ රැකියාවලට බඳවා ගැනීම බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන්ට වාසියක් වූයේ ඉන්දියානුවන් අඩු වැටුපට සේවය කිරීමට කැමැත්ත පළ කිරීම නිසාය. රජයේ සේවයේ කම්කරු රැකියාවලින් සියයට හැත්තෑ පහක් පමණම ඉන්දියානුවන්ට හිමිවී තිබීම නිසා ඉන්දීය විරෝධය ලාංකිකයන් තුළ තදින් පැතිර ගියේය.
දිගින් දිගටම ඉන්දියානුවන්ට එරෙහිව නැගුණු විරෝධය නිසා 1931 දී ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ පිහිටුවන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාව මෙරට රැකියා කරන ඉන්දියානුවන් ආපසු සිය රට යැවීමට විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කළේය. මෙරට ඇතැම් ජන නායකයන් සර්වජන ඡන්ද බලය අනවශ්‍ය බවට තර්ක කළේත් මේ නිසාය. මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය යටත් විජිත රජය තමන් විදේශයෙන් ගෙන ආ කුලීකරුවන්ට ඡන්ද බලය ලබාදීමට උත්සාහ කළ අතර, මෙරට ජනනායකයන් තේරුම් ගත්තේ එමගින් ආණ්ඩු පිහිටුවීමේ දී විදේශිකයන්ගේ බලය වැඩිවන බවය. 1933 හා 1939 අතර කාලයේ විවිධ අණපනත් මගින් ඉන්දියානුවන් සෑහෙන ප්‍රමාණයක් යළිත් ඉන්දියාවට යැවීමට හැකියාව ලැබිණි. 1948 දී නිදහස් ලංකාවේ අගමැති ඩී. එස්. සේනානායක මහතා ගෙන ආ පුරවැසි පනත් දෙක මගින් තවත් විශාල පිරිසක් ඉන්දියාවට යැවීමට හැකියාව ලැබිණි. විශාල පිරිසක් ඉන්දියාවට ගියද කොළඹ නගරයේ සැලකිය යුතු වෙළඳ ප්‍රජාවක් ඉතිරි විය. මේ පිරිස රටේ පවතින නීති රීතිවලට අනුව තම වෙළෙඳාම් කටයුතු කරගෙන ගොස් තමන්ගේ ව්‍යාපාර යාපනේ දෙමළ ව්‍යාපාරිකයන්ට පවරා සියරට ගියහ. 1983 කළු ජූලියේදී ගිනිබත් කරන ලද බොහෝ කඩ සාප්පු මෙසේ උතුරේ දමිළ ජාතිකයන්ට හිමිවූ ඒවාය. ඉන්දීය ශ්‍රමිකයන්ගේ භීතිකාව අද පමණක් නොව සියවස් කිහිපයක් තිස්සේ පැවත එන බව මෙයින් පෙනී යයි.
(*** ප්‍රේමකීර්ති රණතුංග)
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එට්කා වෙළෙඳ ගිවිසුමට ඇතැමුන් විරෝධය පාන්නේ එම ගිවිසුම මගින් ඉන්දියාවේ ශ්‍රමිකයන්ටත් මෙරට රැක
තීරණාත්මක ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම හඳුන්වා දෙන ලදි. විදේශ මුදල් අර්බුදය සහ වර්ධනය වෙමින් පැවැති ණය ගැටලු මධ්‍යයේ ක්
පසුගිය ජනාධිපතිවරණයේදී එවක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු දැන් වික්‍රමසිංහ මහතාගෙන
වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව
2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලුවල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලුපිටියේ
නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කොළඹ රැකියා කළ ඉන්දියානුවන් එළවන්න කළ සටනක්
janahitha Monday, 20 January 2025 12:24 PM
අද තිබෙන තත්වය වෙනස් පසුගිය කාලයේ ලාංකිකයන් ඉන්දියාවට පැනගියා... අදත් ලක්ෂ ගාණක් එහි පදිංචිව සිටිනවා. වංචා, දූෂණ සහ ආර්ථිකය වැටීම තමයි හේතුව.
Athula k Monday, 20 January 2025 06:37 PM
දැනුත් සංචාරක වීසා මත පැමිණි ඉන්දියානු කම්කරුවන් ගොඩක් ඉන්නවා. ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් සහ රන් බඩු කර්මාන්තයේ...