කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්දන් සහ මදුරුවන් දක්වා වූ පළිබෝධකයන් සඳහා අගනුවර ඇති ප්‍රධාන අභිජනන භූමියකි.
මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු සහ චිකුන්ගුන්යා වැනි රෝග තත්වයන් දැන් කොළඹ නගර සීමාව තුළ පැතිර යමින් පවතින බැවින්, මෙම දේපළ ප්‍රධාන සෞඛ්‍ය අනතුරක් බවට පත්ව ඇත. පර්චස් 74ක විශාලත්වයෙන් යුතු මෙම භූමිය කලින් යෝජිත නිවාස ව්‍යාපෘතියක් සඳහා වෙන් කර තිබුණත්, අදාළ ප්‍රදේශය වගුරු බිමක් වීම නිසා පයිල් ගැසීමට නොහැකි වීම මත වසර 11කට පෙර ව්‍යාපෘතිය හදිසියේම නතර කරනු ලැබීය.
වසර ගණනාවක් පුරා, අතහැර දමා තිබීම හේතුවෙන් මෙම ඉඩම වල් පැළෑටි, පඳුරු සහ කුඩා ගස්වලින් වැසී ඇති අතර, එය කසළ බැහැර කිරීම සඳහා පහසු ස්ථානයකි. දේපළ හිමි නාගරික සංවර්ධන අධිකාරියට දොස් පවරන පළිබෝධ පාලන ඒකකයේ නිලධාරින්, ඉඩම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාර ගැනීමෙන් වැළකී සිටියි.
එහිම පැතිකඩට අනුව, මෙම ඒකකයේ ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් වන්නේ, “පළිබෝධ ආසාදන සහ පවතින පළිබෝධ වර්ග හඳුනා ගැනීම සඳහා දේපළ පරීක්ෂා කිරීමයි”. එහෙත් එහි නිලධාරින් පවසන ආකාරයට, මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් බැවින්, ඔවුන්ගේ කාර්යාලය ඉදිරිපටම සිදු වන පළිබෝධ ආසාදන සම්බන්ධයෙන් ඔවුන්ට කිසිවක් කළ නොහැකිය.
පසුගිය දා මෙම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට යෙදුණු “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ මාධ්‍යවේදින් පිරිසකට මදුරුවන්ගෙන් පිරුණු භූමියේ තත්වය දැක ගැනීමට හැකියාවක් ලැබුණු අතර, මෙම ස්ථානය ටින්, කෑන්, ඉවතලන කුණු, තීන්ත භාජන, කැඩුණු වීදුරු බෝතල් සහ පැරැණි ටයර්වලින් පිරී තිබුණි.
දේපළෙහි ආරක්ෂාව සඳහා ඉදිකර තිබූ මුර කුටිය සහ එහි වැසිකිළිය අතහැර දමා තිබුණි. එහි විදුලි පහන් නොතිබුණ ද, නීති විරෝධි ලෙස විදුලිය ලබා ගන්නා බව අඟවමින් විදුලි මීටරය ක්‍රියාත්මක වෙමින් තිබුණි.
එම අවස්ථාවේදී “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට අදහස් දැක්වූ ප්‍රදේශයේ පදිංචිකරුවන් පැවැසුවේ, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නිතර නිතර ඩෙංගු සහ චිකුන්ගුන්යා වැනි රෝග වැළඳෙන බවයි. එසේම, ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් කරා යන නගරවාසින්ගේ සංඛ්‍යාව මෑත සතිවල විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින්, ඔවුන් ද කුමන මොහොතක හෝ රෝගී වෙතැයි ඔවුහු බියට පත්ව සිටිති.
මෙම ස්ථානය අසල පිහිටි “189 වත්තේ” පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 113ක් පමණ නගරය පුරා පැතිර යන මදුරුවන් ආශ්‍රිත උණ සහ සන්ධි වේදනාවන්ට මුහුණ දී සිටිති. ඔවුන්ගෙන් එක් අයෙක් “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකයට කරන ලද පැමිණිලි නොසලකා හැර ඇති බවයි. එම ඒකකය පිහිටා ඇති දේපළ ද තණකොළ සහ වල් පැළෑටි වැවී, අපිරිසුදු කැළිකසළවලින් පිරි භයානක තැනක් බවට පත්ව ඇත.
වැඩිදුරටත් අදහස් දැක්වූ අවට පදිංචිකරුවන් පවසා ඇත්තේ, ඔවුන්ගේ නිවාස හොඳින් සැලසුම් කර නොමැති අතර, ඔවුන්ගේ නිවාසවලට යන වීදි සහ මාර්ග වසර ගණනාවක් තිස්සේ කිසිදු අලුත්වැඩියාවක් නොකර එකම තත්වයේ පවතින බවයි.
ඔවුන්ට පවසන ආකාරයට, දැනට අතහැර දමා ඇති මෙම භූමියේ නිවාස ඒකක 115කින් සමන්විත මෙගා නිවාස යෝජනා ක්‍රමයක් (තට්ටු නිවාස) ඉදිකර දීමට මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය පොරොන්දු වී ඇත්තේ වසර 11කට පමණ පෙරය.
මෙම “වත්තේ” නිවාස 85න් නිවාස හයක් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය
පියවරගෙන තිබුණ ද, ඒවායෙන් ඉවත් කර ඇත්තේ වහල පමණකි. එහි ප්‍රතිඵලයක් ලෙසින් ගරා වැටුණු බිත්ති පමණක් ඉතිරිව ඇති එම නිවාස මදුරුවන්, මීයන් සහ සර්පයන් බෝ කරන අභිජනන මධ්‍යස්ථාන බවට පත්ව ඇත.
අතහැර දැමූ ඉඩම අසල ජීවත් වන ඒ.ටී. රජිනිකාන්ත් (43) මහතා පවසන්නේ, තම දියණියන් තිදෙනාගේ සෞඛ්‍යය ගැන තමා සැලකිලිමත් වන බවයි. මෙම ඉඩම මදුරුවන් බෝවන හා ගැවසෙන ස්ථානයක් බවට පත්ව ඇති නිසා තම දරුවන්ට ඩෙංගු හෝ චිකුන්ගුන්යා වැනි රෝග වැළඳීමේ අවදානමක් ඇති බව ද ඔහු පෙන්වා දෙයි. මීට අමතරව, වරින් වර මීයන් මෙන්ම නොයෙක් සර්පයන් ද තම නිවෙසට පැමිණෙන බව ඔහු පවසයි.
“අත්හරින ලද මේ ඉඩමේ ඉදිකිරීමට නියමිතව තිබූ මහල් නිවාසයෙන් අපටත් නිවෙසක් ලබා දෙන බව පොරොන්දු වුණා. ඉදිකිරීම් සඳහා ඉඩ ලබා ගැනීමට නිවාස 15ක් ඉවත් කිරීමට මුලින් සැලසුම් කර තිබුණත්, පයිල් ගැසීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දැමුවා” යැයි ඔහු පවසයි.
ප්‍රදේශයේ තවත් පදිංචිකාරියක වන සන්දනම් ෆ්ලෝරි (67) “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමාට සහ ඇගේ ලේලියට චිකුන්ගුන්යා රෝගය වැළඳුණු බවයි.
“189 වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බොහෝ දෙනකුට චිකුන්ගුන්යා රෝගය වැළඳුණා. සන්ධි වේදනාව නිසා දැන් මට පයින් යාමට අපහසුයි. දැන් මගේ ලේලිය මෙම රෝගය නිසා ඇඳට වැටිලා ඉන්නවා” යැයි ඇය පැවැසුවාය.
අතහැර දැමූ ඉඩම තුළ මදුරුවන් බෝවන ස්ථාන ඇති බවත්, මදුරුවන් මර්දනය කිරීම සඳහා දුම් ගැසීම සහ රසායනික ද්‍රව්‍ය ඉසීම සිදු කළ බවත්, කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකයට අනුයුක්ත සෞඛ්‍ය උපදේශක වයි. සංජීව ෆ්‍රැන්සිස් පිළිගනියි.
“ඒත් එය අපගේ විෂය පථයට අයත් නොවන එකක් නිසා මෙම ඉඩම සුද්ධ කිරීමට අපිට හැකියාවක් නැහැ” යැයි ඔහු පෙන්වා දෙයි.
කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරි, වෛද්‍ය කේ. ශ්‍රීප්‍රතාපන් මහතා “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත්, ඔවුන් ප්‍රදේශය පරීක්ෂා කර පියවර ගැනීමට කණ්ඩායම් යෙදවීමට සැලසුම් කර ඇත.
මහල් නිවාස ඉදිකිරීම භාරව සිටි කොන්ත්‍රාත්කරු වන සුබසිංහ කන්ස්ට්‍රක්ෂන්ස් සමාගමේ ප්‍රකාශකයකු පැවැසුවේ, තම සමාගමේ සහ රජයේ අන්‍යෝන්‍ය එකඟතාව මත මෙම ව්‍යාපෘතිය අවසන් කළ බවයි. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් දෙවැනි කොන්ත්‍රාත්කරු “සුබසිංහ කන්ස්ට්‍රක්ෂන්ස්” බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට දැන ගැනීමට ලැබී ලැබුණි.
එම සමාගමේ ප්‍රකාශකයකු පවසන්නේ, ආරක්ෂිත පියවරක් ලෙස ඔවුන් නාගරික සංවර්ධන අධිකාරිය මෙන්ම මෙම ව්‍යාපෘතියේ උපදේශකයන් වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සමඟ එක්ව පයිල් ගැසීම සමාලෝචනය කළ අතර, ඒ අනුව පයිල් 8-9ක් පමණ අසාර්ථක වී ඇති බව සොයාගත් බවයි. එබැවින්, ඉදිකිරීමේ ශක්තිය ඉහළ නංවා ගැනීම සඳහා තවත් අමතර පයිල් 18-19ක් පමණ අවශ්‍ය වූ බව ද ඔහු පැවැසීය.
“මෙම කොන්ත්‍රාත්තුවට අමතර පයිල් ගැසීම් ඇතුළත් කර තිබුණේ නැහැ. මෙම අමතර පයිල් ගණන නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නා. එය අනුමත වුණේ නැහැ. ඉතින් 2019-2020 දක්වා කාලය තුළදී අන්‍යෝන්‍ය එකඟතාව මත කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට අපට සිදු වුණා” යැයි ඔහු පවසයි.
නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (නිශ්චල දේපළ සහ ඉඩම් කළමනාකරණ) ඊ.ඒ.සී. පියශාන්ත මහතා “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙම ව්‍යාපෘතිය 2014 දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ආරම්භ කරන ලද එකක් බවත්, පසුව එය අන්‍යෝන්‍ය එකඟතාව මත අවසන් කිරීමට පෙර, කොන්ත්‍රාත්තුව 2017 වසරේදී සුබසිංහ කන්ස්ට්‍රක්ෂන්ස් වෙත ලබා දුන් බවත්ය.
පියශාන්ත මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ මෙම ඉඩම ඉක්මනින් පිරිසුදු කරන බවත්, නාගරික සංවර්ධන අධිකාරියට අයවැයෙන් අරමුදල් ලැබුණු නිසා නිවාස ඉදිකිරීම නැවත ආරම්භ කරන බවත්ය. නාගරික සංවර්ධන අධිකාරිය දැනට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
(***)
“සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පළ වූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි