IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගඟට ඉනි කැපූ හමුවීම් දෙකක්


අගමැති වික‍්‍රමසිංහ මහතා, අමාත්‍ය රවී කරුණානායක සමග පසුගිය අගහරුවාදා රාති‍්‍රයේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේ දී, ජනපති සිරිසේන මහතාව හමුවූයේය.

දෙදෙන අතර මෙම හමුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හෝ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හෝ දැනුම්වත් කර නොතිබිණ. දෙදෙන අතර මෙවැනි හමුවක් පැවැත්වීම සදහා මුල් පියවර තැබූයේ කවුරුන් ද සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම මත පළවිය. 

එක් පිලක් කියා සිටියේ විධායක අගමැතිධූරය අහෝසි කළ යුතුව ඇතැයි යෝජනාවක් ජනපතිවරයාට ඉදිරිපත් කළ අගමැතිවරයා, වහාම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතුව තිබෙන බවට සාකච්ඡා කිරීම සදහා මෙසේ ජනපතිවරයා හමුවූ බවය. විධායක ජනපතිධූරය අහෝසි කිරීමට අවශ්‍ය වූයේ අගමැතිවරයාට නොව ජනපතිවරයාට බව අනෙක් පිල පවසා සිටියේය.

එවන් ව්‍යායාමයක් සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය අවශ්‍ය බවට සහ ඔහුගේ පක්ෂය, එනම් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ, එහි ජනපතිවරණ අපේක්ෂකයා ප‍්‍රකාශයට පත්කර තිබෙන වාතාවරණයක, එවැනි සහයක් ඔහුගෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කිරීමට නොහැකි බවට ද, දෙදෙනගේම අදහස විය. 

දේශපාලන කවයන්හි සාකච්ඡාවල පළවෙමින් තිබෙන අදහස වන්නේ ගෝඨාභය රාජපක්ෂට ජනපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් වැඩි මනාපයක් මහින්දට නොමැත යන්නය. නමුත් දැන් ගෝඨාභයගේ නම ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙන හෙයින්, එයට එරෙහිව කිසිත් කළ නොහැකි තත්ත්වයක, මහින්ද රාජපක්ෂ එම තීරණය ප‍්‍රකාරව කටයුතු කරමින් සිටින බවට ද, එම කවයන්හි වැඩිදුරටත් අදහස් පළවෙමින් තිබේ. 

විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම පේ‍්‍රමදාසගේ සහ ගෝඨාභයගේ ජනපති අපේක්ෂා සුන්කරන න්‍යෂ්ඨික බෝම්බයක් හා සමය. එපමණක් නොවේ. මෙම යෝජනාව සාර්ථක වුවහොත්, එක්සත් ජාතික පක්ෂය සැළකිල්ලට ගැනීමේ දී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරග කිරීම වෙනුවෙන් නාම යෝජනා ලබාගැනීම සදහා පේ‍්‍රමදාස ඇතුලූ ඔහුගේ පිරිවරට නිතැතින්ම රනිල් වික‍්‍රමසිංහ දෙසට හැරීමට සිදුවේ. තවත් වචනවලින් කියතොත් එය , එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ලෙස තවදුරටත් රැදී සිටීම සදහා ඔවුන්ව බලහත්කාරයෙන් යටත් කරගැනීමක් වැන්න. 

එවන් තත්ත්වයක තවත් කිහිපදෙනෙකුට විනය කි‍්‍රයාමාර්ගවලට යටත්වීමටත්, තවත් අයට ඔවුන්ගේ ඉල්ලීමක් ඉවත දැමෙන තත්ත්වයකට මුහුණදීමටත් සිදුවනු ඇත. මැතිවරණවලට ඉදිරිපත්වීමට බියෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින තවත් අයට ද මෙය සුභ පුවතක් නොවේ. එසේ තම අසුන අහිමිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් දැනටමත් බියපත්ව සිටින බවද, වික‍්‍රමසිංහ මහතා පැවසුවේ ය.

බදාදා රාති‍්‍රයේ සිය නිල නිවසේ දී පැවැති හමුවක දී ජනපති සිරිසේන මහතා මෙම යෝජනාව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළේය. 

විධායක ජනපතිධූරය අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව තමා දැඩිව විශ්වාස කරන බව පැවසූ රාජපක්ෂ, නමුත් ඒ සදහා වේලාව මෙය නොවන බව කීවේය. විධායක ජනපතිධූරය අහෝසි කිරීම යනු ජාතික මට්ටමින් ඉතාම වැදගත් කාරණයක් බව පෙන්වා දුන් ඔහු, එය කිසිසේත්ම දේශාලන පක්ෂයක අවශ්‍යතා වෙනුවෙන් සිදුකළ යුත්තක් නොවන බව අවධාරණය කළේය. 

ශී‍්‍ර ලංකාවට වඩා හොද ව්‍යවස්ථාවක් තිබිය යුතුවීමේ අවශ්‍යතාවය සැළකිල්ලට ගැනීමකින් තොරව, වෙනත් කරුණු කාරණා මත පදනම්ව මෙසේ විධායක ජනපතිධූරය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වීම පිළිගත නොහැකි බව ඔහුගේ අදහස විය. කෙසේ හෝ ඔවුන් විධායක ජනපතිධූරය අහෝසි කළ ද, එය ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනපතිවරණයට කිසිදු බාධකයක් එල්ල නොකරනු ඇති බව රාජපක්ෂ පැවසුවේය. පවත්නා නීති සහ ව්‍යවස්ථාමය අවසරයන් අනුව කටයුතු කරනු ඇති මැතිවරණ කොමිසම ලබන ඔක්තෝබර් මස 8 වැනිදාට පසුව නිල වශයෙන් නාම යෝජනා කැදවනු ඇතැයි ඔහුගේ අදහස වූ අතර, නව ව්‍යවස්ථාවක් මග එන්නේයැයි කියා එම කි‍්‍රයාවලිය නැවැත්වීමේ හැකියාවක් නොමැති බව ද කීවේ ය.

වික‍්‍රමසිංහගේ යෝජනාවට කැමැත්ත දක්වන ජනපති සිරිසේනගේ ආධාරකරුවන්, මෙම කාරණය සම්බන්ධයෙන් ජනපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර යම් එකඟතාවයක් ඇති වූ බව පවසා සිටියේය. ජනපතිවරයා වෙත යම් කාලයක් දිනා දීමට මෙම කණ්ඩායමට තිබූ අපේක්ෂාව අනුව එසේ එක`ගතාවයක් ඇතිව තිබෙන බවක් හදුනාගන්නට ඇත. 

මෙසේ ජනපතිවරයා වෙත යම් කාලයක් ලැබීමට ඉඩ තිබෙන අවස්ථාවක් පවතින බව පෙනෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතය. 

උදාහරණයක් ලෙස, ඔක්තෝබර් මස 8 වැනිදා නාම යෝජනා කැදවීමේ දිනය ලෙස ඔහු ප‍්‍රකාශයට පත්කළහොත්, එයින් සති 4 - 8 කාලයක් ඇතුළත මැතිවරණ දිනය නියම කිරීමට ඔහුට හැකිය. මේ කුමන අවස්ථාවක් යටතේ වුව ද, ජනපති සිරිසේන මහතාගේ ධූර කාලය 2020 ජනවාරි මස 8 වැනිදායින් නිමාවට පත්වන්නේය.

විධායක ජනපතිධූරය වහාම අහෝසි කිරීමට තමා එකගතාවය පළකළ බවට පළවන වාර්තා මහින්ද රාජපක්ෂ මහතා තරයේ ප‍්‍රතික්ෂේප කළේ ය.

”එහෙම කරන එක විහිලූවක්. බලයට පත්වූ පසු විධායක ජනපතිධූරය අහෝසි කරන බව මේ රජය පැවසුවා. එහෙම නම් ඇයි මෙපමණ කාලයක් බලාගෙන හිටියේ? අගමැති වික‍්‍රමසිංහ දැන් ඒ ගැන කතාකරන්නේ පෞද්ගලික හේතු නිසා සහ ඒ හේතු නිසාම එහෙම කරන එක ඔහුට වාසි සහගත නිසා.....”
”රටේ අනාගතය ඒ වෙනුවෙන් පාවා දෙන්නට අප සූදානම් නැහැ. විපක්ෂයේ අපි රජයට ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එකක් තමයි ශී‍්‍ර ලංකාවට බලපෑම් එල්ල කළ හැකි ගිවිසුම්වලට විදෙස් රටවල් හා අත්සන් තැබීමෙන් වැළකීම. අනෙක තමයි නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට මැතිවරණ අවසන් වන තෙක් සිටීම”

”එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතා වෙනුවෙන් අගමැති වික‍්‍රමසිංහ පෞද්ගලි මට්ටමින් දියත් කර තිබෙන කටයුතුවලට අපි නම් කිසිම දායකත්වයක් ලබාදෙන්නේ නැහැ” යයි ඔහු සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.

ගෙවුණු සතියේ වූ තවත් සිදුවීමක් විය. එය කොළඹ රාජ්‍යතාන්ති‍්‍රක ප‍්‍රජාවට පිළිගත් ක‍්‍රමවේදය නොබිද පණිවුඩයක් ලබාදීමට ගැනුණු උත්සාහයක් වූ අතර, අදහස වූයේ එක්සත් ජාතික පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස වික‍්‍රමසිංහ ඉදිරිපත් නොවන්නේ නම්, එසේ ඉදිරිපත් කිරීම සදහා ඔහු කැමැත්තෙන් පසුවන අපේක්ෂකයා වන කතානායක කරූ ජයසූරිය මහතාව විදෙස් තානාපතිවරුන් අතර ප‍්‍රවර්ධනය කර ඔහුව එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස හදුන්වාදීමය. 

අමාත්‍ය රවී කරුණානායක සහ ඔහුගේ බිරිද මේ අරබයා විශේෂයෙන් මුද්‍රණය කරන ලද ආරාධනා පත් කොළඹ වෙසෙන විදෙස් තානාපතිවරුන් වෙත යැවීමට කටයුතු කර තිබිණ. නොනිල මට්ටමින් පැවැත්වෙන රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයකට පැමිණෙන ලෙස ඔවුන්ට ආරාධනය කර තිබුණු අතර, සැහැල්ලූ ඇදුමකින් සැරසී පැමිණෙන ලෙස ද එහි වැඩිදුරටත් දන්වා තිබිණ. 

පස්වරු 8 සිට භෝජන සංග‍්‍රහය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණේ කෝට්ටේ පාර්ලිමේන්තු මාවතේ පිහිටි කරුණානායකට අයත් සුභෝපභෝගී තෙමහල් නිවසේය. කරුණානායක මහත්මිය ද සිටින බැවින්, මේ සදහා සිය බිරින්දෑවරුන් ද කැදවාගෙන ආ යුතුදැයි අවම වශයෙන් තානාපතිවරුන් දෙදෙනෙකුට පැනයක් නැගුණු අතර, ඒ සම්බන්ධයෙන් කරුණානායක නිවසින් විමසූ විට, රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය පිරිමි පාර්ශවයට පමණක් බව ඔවුන්ට දැනුම්දෙනු ලැබිණ.

නියමිත වේලාව වන විට ආරාධිතයන් කරුණානායක නිවසයට පැමිණෙන්නට ගත්තේය. එය භෝජන සංග‍්‍රහයේ සංවිධායකයින් අපහසුතාවයට පත්වූ අවස්ථාවක් විය. එක්සත් ජනපදයේ, චීනයේ, කොරියාවේ සහ පකිස්තානයේ තානාපතිවරුන් එහි පැමිණ නොසිටීම කැපී පෙනිණි. 
අරාබි රටවල් සැළකීමේ දී ඔවුන් නියෝජනය කරමින් පැමිණ සිටියේ කටාර් රාජ්‍යයේ තානාපතිවරයා පමණකි. එක්සත් ජනපදය එක්සත් ජාතික පක්ෂයේ ළගම ආධාරකරුවකු ලෙස කටයුතු කරමින් සිටියද, ඉදිරියේ එන ජනපතිවරණය සළකා නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කිරීමට තීරණය කර තිබෙන බව පැහැදිලිව පෙනී ගියේය. ජර්මනිය, ප‍්‍රංශය, රුමේනියාව ඇතුලූ යුරෝපා සංගමයේ අනෙක් රටවල්වල තානාපතිවරුද පැමිණ නොසිටි අතර, කියුබානු තානාපතිවරයා ද පැමිණ සිටියෝ අතර නොසිටියේය. ඇතැමුන්ට ආරාධනා පත් යවා පවා නොතිබිණ.

පස්වරු 8.45 වන විට අගමැති වික‍්‍රමසිංහ මහතා පැමිණියේය. ඔහුට පමණක් නොව කතානායක කරූ ජයසූරියටද විදෙස් තානාපතිවරුන් හමුවීම සදහා අවස්ථාවක් ලබාදීමට මෙම භෝජන සංග‍්‍රහය සංවිධානය කැරුණු හෙයින්, ඔහුට ද එහි පැමිණෙන ලෙස ආරාධනයක් කර තිබූ බව සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට ලැබිණ. කෙසේවුව ද, ජයසූරිය මහතා එහි නොපැමිණියේය. 

ජයසූරිය මහතා මෙම භෝජන සංග‍්‍රහයට නොපැමිණි හේතුව පෙර අවස්ථාවක ජයසූරිය හා මුදල් අමාත්‍ය සමරවීර අතර පැවැති හමුවක්දැයි යන්න පැහැදිලි නැත. දෙදෙන එසේ හමුවූයේ සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් ඉහළ ජන සහභාගීත්වයක් සහිත ජන රැලියක් මාතර දී සංවිධානය කිරීමට සමරවීර කටයුතු කළායින් පසුවය. සමරවීර සමග පැවැති හමුවේ දී පැමිණිල්ලක් කළ ජයසූරිය මහතා, මාතර හමුවේ දී කැබිනට් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා තමාව අපහාසාත්මක අයුරින් නාකි සීයා කෙනෙකු ලෙස හදුන්වා දී තිබෙන බව පැවසුවේය. තම කැබිනට් සගයා එවැනි ප‍්‍රකාශයක් සිදු නොකළ යුතුව තිබුණු බව සමරවීර නිහතමානීව පිළිගත්තේය. දෙදෙනගේ සාකච්ඡාව කේන්ද්‍රගත වූයේ එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය සහ ඒ හා බැදුණු වෙනත් කාරණා වටාය.

භෝජන සංග‍්‍රහයට ජයසූරිය සහභාගීව නොසිටීම පැහැදිලි ලෙසම කැපී පෙනිණ. අගමැති වික‍්‍රමසිංහ පැමිණ සිටි තානාපතිවරුන්ට අතට-අත දෙමින් ඔවුන් හා සතුටු සාමිච්චියෙහි නිරත විය. නමුත් වරක් විදේශ කටයුතු අමාත්‍යධූරය ද හෙබවූ සහ, එවක සිය වානිජමය රාජ්‍යතාන්ති‍්‍රකත්වය තේමාකරගත් වැඩසටහනක් වෙනුවෙන් ඉහළ මුදලක් වැය කරමින්, මෙරටට ආයෝජකයින් කැදවා ගන්නා ලෙසට විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටි ව්‍යාපෘතියක් දියත් කළ, කරුණානායකට ඔහු සංවිධානය කළ භෝජන සංග‍්‍රහයට විදෙස් තානාපතිවරුන් අතලොස්සක් පමණක් සහභාගීවීම ලැජ්ජාවට කාරණයක් විය. ඩෙන්මාර්කයේ රජ කුමරු නොමැතිව හැම්ලට් නාටකය රග දැක්වූවාක් වැන්නට කරුණානායක නිවසේ පැවැති තත්ත්වය සමාන කළ හැකිය. මේ මධ්‍යයේ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය සංවිධානය කිරීම පසුපස වූ කාරණය ද වැළලී ගියේ ය.

විශාල භෝජන ශාලාවක් මධ්‍යයේ වූ දිගු මේසයක එක් කෙළවරේ අගමැති වික‍්‍රමසිංහ මහතා අසුන්ගෙන සිටියේය. මේසය මධ්‍යයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අසුන්ගෙන සිටි අතර, එහා කොණේ සිටියේ රවී කරුණානායකය. දෙස් විදෙස් ආහාර වර්ගවලින් සංග‍්‍රහය සමන්විත විය. පසුව එයට සහභාගී වූ විදෙස් තානාපතිවරුන් එකිනෙකා අතර අදහස් හුවමාරු කරගනිමින් විමසා සිටියේ එවැනි අවස්ථාවකට තමන්ට ආරාධනා ලැබුණේ ඇයි සහ එය පසුපස තිබූ අරමුණ කුමක් විය හැකි ද, යන පැනයන්ය.

ද සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුව ඇසුරිනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර

 



අදහස් (1)

ගඟට ඉනි කැපූ හමුවීම් දෙකක්

max Tuesday, 03 September 2019 05:57 AM

ඇතැමුන් කෙතරම් දේශපාලන නූල් සූත්තර කාරයන් ද යන වග වටහා ගැනීමට මෙම තානාපති සාදයත්, විධායක ජනපති දුරය මේ ජනපතිවරණ මුව විටට පැමිණ ඇති අවස්ථාවේ අහෝසි කිරීමට ගන්න උත්සාහයත් හොද සාධක ය. ඒ ගැටයට මහින්ද හසු නොවීම රටේ වාසනාවකි. 13 අහෝසි නොකර විධායක ජනපති ධුරය අහෝසි කළහොත් ඉඩම් බලතල පොලිස් බලතල සහිතව උතුරේ ජාතිවාදීන් කුමක් කරන්නේ ද දේශපාලකයන් සිතා ගැනීමට පුළුවන.

:       0       19

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 60 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 85 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 108 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 78 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1588 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 730 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site