IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගණිකා නිවාසයේ කතාවට අනූෂාගේ පිළිතුර

  • මම සරත් වීරසේකර සර්ට කීවාම සීඅයිඩියට පැමිණිලි කරන්න කීවා

 

මෙරට සිනමාවේ මෙන්ම පුංචි තිරයේ ද රංගන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක් ලෙසින් ද ප්‍රේක්ෂකයන්ගේ ආදරය එදා සිට අද දක්වා එක ලෙස දිනා ගැනීමට ඇය සමත් වූවාවාය. ඇය පිළිබඳ කාලයෙන් කාලයට විවිධ පුවත් ප්‍රචාරය විණි. ඇය පසුගිය වකවානුවේ දේශපාලන වේදිකාවට ද නැංගාය.   


මේ සුරූපී රංගන හා නර්තන ශිල්පිනිය අනුෂා දමයන්තිය. තමා ගැන පළවූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ද පසුගියදා ඉදිරිපත් කළාය. මොකක්ද මේ කතාවේ සුලමුල? මේ සියල්ල දැනගැනීමේ අරමුණින් අනුෂා සමග කතාබහ කරන්නට අපි අදහස් කළෙමු. මේ අැයගේ කතාබහේ සටහනයි. 

 
•මොකක්ද අනුෂා මේ ගණිකා නිවාසයක් ඔයා මාලබේ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගියා කියලා පැතිරෙන කතාව. ඇත්තටම එහෙම දෙයක් වුණා ද?   


ඇත්තටම මට මාලබේ ගෙයක් නෑ. මම හිතන්නේ මුළු ලංකාවම දන්නවා මගේ පදිංචිය මාලාබේ නෙවෙයි. අවුරුදු විසිපහකටත් එහා මගේ පදිංචිය අතුරුගිරියේ. අතුරුගිරිය පළාතෙන් අනුෂා දමයන්ති කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා. ඇත්තටම මේ සිද්ධිය වෙබ් අඩවියකින් මතු කළ එකක්. ඒක දාලා තිබුණේ එදින සිදු වූ සිද්ධියක් විදිහටයි. එදා මම කතරගම මුරුතැන් පූජාව තියලා සරස්වතී කෝවිල අස්කරලා ශුද්ධ කරන දවස එදා මම හිටියේ කතරගම.   


22 වැනිදා මගේ යාළුවෙක් කතා කරලා අනුෂා ඔයාට නරක නිවුස් එකක් ෆේස්බුක් එකේ යනවා. මට මේ කේන්තියටමයි ඔයාට කියන්න හැදුවේ කිව්වා. මම කිව්වා මට මඩගහල ද? හා අක්කේ එහෙනම් ඒක එවන්නකෝ කියලා. එයා මට කිව්ව එක බලලා මුලින්ම මට හිනා ගියා. හැබැයි දිගටම ලියා තිබෙන දේශපාලන දේවල් ඈඳාගෙන තිබෙන කතාව ආපහු බැලුවාම මම බැලුවා මේ මොකක්ද මේ කතාව කියලා. ඒක ඒ වෙලාවේ බරපතළ විදිහට ගත්තේ නැතිවුණාට පස්සේ මට හිතුණා මේක බරපතළ චෝදනාවක් කියලා. මට සිතුණා නොදන්න පිරිස වැඩියි. ඒ නිසා මේ ගැන කතා කරන්න ඕනෑ කියලා.   


•ඔයා මේ ප්‍රවෘත්තියට අදාළ වූ පොලිසිය භාර අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ ගැන කතා කළා ද?   


ඔව්. ඒ වෙලාවෙම සරත් වීරසේකර සර්ගේ දුරකථන අංකය සොයාගෙන මම කතා කළා. මොකද ෆේස්බුක් එකේ කියලා තිබෙන්නේ මට මාලබේ ගෙයක් තිබෙනවාලු. ඒකට වලාන දූෂණ මර්දන ඒකකයෙන් පැන්නලු. එහිදී ගැහැණු ළමයි ටිකක් ඉඳලා එයාලගෙන් මෙහි අයිතිකාරිය කවුද කියා අැසූ විට අනුෂා දමයන්ති කියන සිනමා නිළියලු. එයාගේ ගෙදරට ප්‍රකාශයක් ගන්න ගිය විටදී සරත් වීරසේකර සර්ට කතාකරලා කිව්වාම ඒ නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් සර් බැණ වැදුණා කියලයි එතන ලොකු කතාවක් තිබෙනවා. මම බැලුවා මොකක්ද මේ කියලා. ඒහින්දා මම සර්ට කතා කළා. කතාකරනකොටම සර් කිව්වේ. ඔව් අනුෂා මම දන්නවා. ඒ සිද්ධිය. මම දවස් දෙකකට ඉස්සෙල්ලා දැන ගත්තෙ. ඒ පිළිබඳව ක්‍රියා කරලා තිබෙන්නේ. වැඩිදුර යමක් ක්‍රියා කරන්න ඕනෑ නම් අනුෂා ගිහින් සීඅයිඩීයට පැමිණිල්ලක් දාන්න කිව්වා.   


මම එදා උදේ නුවර හිටියේ. දවස් තුනක වැඩකට ගිහින් හිටියේ. ඒ වැඩෙත් දාලා එදාම රෑ මම ගෙදර ආවා. පසුවෙනිදා උදේ CID එකට ගිහින් පැමිණිල්ලක් දැම්මා. ඒකෙන් තේරෙන කාරණ කිහිපයක් තිබෙනවා. නිළියක් හැටියට මට මඩගහන්න වුවමනා වුණේ නෑ. ඒකෙ පැහැදිලිවම අවශ්‍ය වුණේ මම දේශපාලනය තදින් කරපු නිසා මා හරහා යම් දේශපාලන තැන්වලට මඩ ගහන්න. ඒ කතාවට සරත් වීරසේකර සර් එනවා වලාන දුෂණ මර්දන ඒකකයත් එනවා. ඒ කියන්නේ මාව ඉත්තෙක් කරගෙන මේ රටේ නීතිය හරියට සිද්ධ කරන්නේ නෑ, මේ රටේ රාජ්‍ය ආයතන ඇමැතිවරයා පාලනය කරනවා වගේ පණිවියක් නේද මේ දෙන්න හදන්නේ. මම හිතන්නේ මෙය දේශපාලන පළිගැනීමක්. සරත් වීරසේකර සර්ගෙනුත් ගත්තේ දේශපාලන පළිගැනීමක් හැටියටයි මම දකින්නේ.   


මගේ නිර්දෝෂීභාවය කියන්න ඕනේ නෑ. හදවතට එකඟව මම දන්න නිසා ඒක නොවෙයි ඊට පස්සෙ මට දැණුනු එකම දේ. මම සීඅයිඩී එකට ගිහින් ඒකයි පැමිණිලි කළේ. මම කිව්වේ මම අවශ්‍ය මම නිර්දෝෂී කියන්න නෙවෙයි. එහෙම ඕනෑ නෑ. මගේ හෘදය සාක්ෂිය දන්නවා මම එහෙම අල්පමාත්‍ර කෙස්ගහක දෙයක් කරලා නෑ කවරදාකවත් මගේ වටා සිටින අයත් දන්නවා. හැබැයි මට මේ කරපු පුද්ගලයා ඕනේ මේක කළේ කවුද? මම කිව්වා එයාව නීතිය ඉදිරියට ගේන්න කියලා. ගෙනල්ලා ඒ කෙනා කවුද කියලා අධිකරණයට ඉදිරිපත් කරලා දැඩි දඬුවම් පමුණුවලා, ඒ කෙනා ප්‍රසිද්ධ කරන්න මෙයා තමයි මේක කළේ කියලා. මම කිව්වා ඒක කරනතුරු මම මෙය නතර කරන්නේ නෑ කියලා.   


සමහරු කියන්න පුළුවන් ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ වගේ කතාවක්. එහෙම සැකයක් ඇති වෙන්න පුළුවන් නේ ද?   


එහෙම වෙන්න පුළුවන්. මගේ තාත්තා අවුරුදු 20 කට අධික කාලයක් ඉතාලියේ ඉන්නේ. එයා අවුරුද්දකට දෙපාරක් විතර ඇවිල්ලා යනවා. ඒ හැම කැප කිරීමක්ම අපේ දෙමවුපියෝ කරලා තිබෙන්නේ අපේ හෙට දවස ලස්සනට ජීවත් කරවන්නයි. ඉතිං මේ දැන් ලස්සනට ජීවත් වෙන්නේ අපේ තාත්තගේ අම්මාගේ දහඩිය හින්දයි. පහත් වැඩ කරලා නොවෙයි. මගේ තාත්තා දුක් මහන්සි වෙලා සල්ලි හම්බ කරන්නේ. එහෙම හම්බකරලා ගොඩනැගුණු ජීවිත මේ. ඉතිං එහෙම ජීවිතවලට මෙවැනි නින්දිත විදිහට කවුරු හරි චෝදනා කරනවා නම් අපහාස කරනවා නම් ඒක දරාගෙන ඉවසගෙන ඉන්න බැහැ නේද?. ඒ නිසා මම ඇත්තටම නීතියෙන් ඉල්ලන්නේ මෙවැනි ඒවාට වාරණ දාන්න. මෙවැනි ඒවාට නීති සම්පාදනය කරන්න. මෙවැනි පුද්ගලයන් මාධ්‍ය ඉදිරියට ගෙනල්ලා පෙන්වන්න. එහෙම එකපාරක් කරන්න. එතනින් එහා කවදාවත් කරන එකක් නෑ.   


•ඔයා පසුගිය කාලයේත් දේශපාලන වේදිකාවල කළ ප්‍රකාශ හින්දා මෙවැනි ප්‍රශ්නවලට ලක්වුණා ද?   


ඔව්. සාමාන්‍යයෙන් කලාකාරිනියක් හැටියට දේශපාලනය තෝරගන්නකොටම ඔය මඩ ප්‍රහාර සියල්ලට ලෑස්තිවෙන්න ඕන. ඕනෑම රටක පක්ෂය හා විපක්ෂය කියලා දෙපැත්තක් ඉන්නවානේ. සමාජය දෙස බැලුවාම සාමාන්‍යයෙන් දේශපාලනඥයන් දෙපැත්තක හිටියත් ඔවුන් බෙදෙන්නේ නැතුව හිටියට මිනිස්සු බෙදිලා ඉන්නේ. ඒක තමයි ඇත්තම කතාව. වේදිකාවේ දේශපාලඥයන් ගහගත්තාට සහයෝගයෙන් වැඩ කරන්නේ. මිනිස්සු එහෙම නෑ. තරහයි, වෛර කරනවා. දෙපැත්තට බෙදිලා ගහමරා ගන්නවා. ඒක පක්ෂයකට ගිය විටදී අනෙක් පක්ෂයේ අයගෙන් අනිවාර්යයෙන්ම මඩ ප්‍රහාර එල්ල කරනවා. නින්දා කරනවා. ඒවා දරාගන්න පුළුවන් විදිහේ ඒවා නම් කමක් නෑ. සාමාන්‍යයෙන් මට ඒ වගේ ගොඩාක් දේවල් කරලා තිබෙනවා. මම ඒවා ගණන් ගන්නේ නෑ. මොකද මගේ හෘද සාක්ෂිය එකඟයි.  


කොන්ද කෙළින් තියාගෙන වරදක් කරලා නැති පහත් වැඩක් කරලා නැති කෙනෙක් විදිහටයි මම දේශපාලන වේදිකාවට නැග්ගේ. පිරිසිදු හින්දයි එහෙම නැග්ගේ. නැත්නම් දේශපාලන වේදිකාවලට මම නගින්නේ නෑ.

   

 

කතාබහ කළේ 
සමන්ත යහම්පත්  



අදහස් (4)

ගණිකා නිවාසයේ කතාවට අනූෂාගේ පිළිතුර

ganegoda Saturday, 31 July 2021 04:07 PM

ඇත්ත, නැත්ත නොදැන වුණත් ලියන්න තියෙන්නේ... ගැහැණියක්, ගැහැණියකගේ ගරුත්වය හෙළාදකින ක්‍රියාවන් වලට උදව්, උපකාර, අනුබල දෙනවා නම්, ඒක ඔයාලාටම කරගන්න ලොකුම නින්දාවක්...

:       14       99

SL Sunday, 01 August 2021 09:24 AM

මේවා කරන අයට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ. සමාව ගැනීමක් නැහැ. එ්කයි මේ වගේ දේවල් නැවත නැවත වෙන්නේ. හිරුනිකාට, මැයට සහ වෙනත් අයට කරන මඩ ගැසීම් වලට නිසි දඬුවම් තියෙන්න ඕනේ... ඔප්පු කරන්න සාක්ෂි නැතිව, ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියලා බේරිලා යන්න පුළුවන් වටපිටාවක හැමෝම පීඩාවට පත්වෙනවා...

:       0       0

pakeer Sunday, 01 August 2021 10:33 PM

කෙනෙක් තමන්ගේ මොලේ විකුනනවා. තවත් ‌කෙනෙක් තමන්ගේ ලස්සන විකුණනවා මේ වගේ තමයි හැමදේම

:       144       33

බද්රානි Thursday, 05 August 2021 07:24 PM

ආයේ කතා දෙකක් නැහැ, නිලිකමට කෙසේ වෙතත්, ඒ වැඩේට නම් දක්ෂයි මෙයාලා කොහොමත්. අනේ අපි නම් කියන්නේ නැහැ මේ අයට නිලියෝ කියලා. කොහොමත් ඉතින් "ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ".

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 756 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 371 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 126 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4271 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12680 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 687 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site