IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ගනුදෙනු සමබර ආර්ථිකයක් ඕනෑ ඇයි?

රජයෙන් පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපෘතිවලට මෙන්ම ඍජු විදෙස් ආයෝජනවලටද අහිතකර බලපෑම් එල්ලවී ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල සමග එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේ පසුගිය සතියේදීය.

මේ ලිපිය ඒ පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් හා ප්‍රධාන විධායක නිලධාරි මංජුල ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූවකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධිධාරියකු වන ඒ මහතා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය දිනාගෙන තිබෙන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙනි. වරලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ සාමාජිකයකු ද වන ද සිල්වා මහතා එච්.එන්.බී. ඇෂුවරන්ස් හි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයකු වෙයි. මතු දැක්වෙන්නේ ඒ මහතාගේ හඬයි.

ආනයන සීමා කිරීමෙන් රටකට ප්‍රශ්න කිහිපයකට මුහුණ දීමට සිදුවෙයි. පළමුවෙන්ම එය බලපාන්නේ අපනයන වෙළඳපොළ ඉලක්ක කරගෙන කරන දේශීය නිෂ්පාදනවලටය. එසේම එය දේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන කරන නිෂ්පාදනවලට ද බලපායි. අපනයනය මූලික කරගත් නිෂ්පාදනවලින් අතිබහුතරයකට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගන්නේ විදෙස් රටවලිනි. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි හොඳම උදාහරණය ඇඟලුම් කර්මාන්තයයි. ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය රෙදිපිළි, ඩයි වර්ග, බොත්තම්, සිප් යනාදිය සේම යන්ත්‍ර සූත්‍රද ගෙන්වන්නේ විදෙස් රටවලිනි. සාමාන්‍ය පිළිගැනීම වන්නේ ඇඟලුම් කර්මාන්තයේ යෙදවුම්වලින් සියයට 80ක්ම ආනයනය කරන බවය.

එසේම නාන කාමර කට්ටලවලට අවශ්‍ය නොයෙක් උපාංග ද රටින් ගෙන්වයි. කොමඩ් ඇතුළු නාන කාමර කට්ටල දේශීයව නිෂ්පාදනය කරන සමාගම් පහටත් කොමඩ්වලට අවශ්‍ය ෂීට් කවර සහ ෆ්ලෂිං කට්ටල රටින් ගෙන්වීමට සිදුවී තිබේ. භාණ්ඩයේ සියයට 90ක්ම මෙරට නිෂ්පාදනය කළත් එය නිමි භාණ්ඩයක් කිරීමට අවශ්‍ය ඉතිරි සියයට දහය රටින් ගෙන්වීමට සිදුවී තිබෙන බව ඉන් අනාවරණය වෙයි.

ඇතැම් නිෂ්පාදන නිමි භාණ්ඩය දක්වාම දේශීය අමුද්‍රව්‍යවලින් කළ හැකි වුවත් ඒවා ඇසිරීමට අවශ්‍ය උපාංග (Packing Matierials) රටින් ගෙන්වීමට සිදුවෙයි. ඒ සම්බන්ධයෙන් දැක්විය හැකි හොඳම උදාහරණය තේ කර්මාන්තයයි. ඒ යෙදවුම්ය. ඊට අමතරව යන්ත්‍ර සූත්‍රද ගෙන්වන්නේ විදෙස් රටවලිනි. එසේම යන්ත්‍ර සූත්‍ර හොඳින් ක්‍රියාකාරීව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අමතර කොටස් ද රටින් ගෙන්වීමට සිදුවෙයි. ඇතැම්විට පුංචි අමතර කොටසක් නැතිවීමෙන් විශාල යන්ත්‍රයක් අකර්මණ්‍ය විය හැකිය. ඒ පුංචි අමතර කොටස ආනයන සීමාවලට ලක්ව තිබේ නම්  ඒ කර්මාන්තයම අකර්මණ්‍ය විය හැකිය. ඒ සම්බන්ධයෙන් දැක්විය හැකි උදාහරණයක්ද තිබේ. දේශීයව නිෂ්පාදනය කරන කොමඩ්වලට අවශ්‍ය ෂීට් කවර හා ෆ්ලෂිං කට්ටල ආනයනය තහනම් කිරීම නිසා දේශීය කොමඩ් නිෂ්පාදන කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇද වැටිණි. ඒ කර්මාන්තයට යළි ජීවය ලැබුණේ ඒ උපාංග යළිත් රටින් ගෙන්වීමට අවසර ලැබීමෙනි. ඒ එක් උදාහරණයක් පමණි. එසේම තවත් නොයෙක් අපනයන සීමා ලිහිල් කර ගැනීමට අපේ වාණිජ මණ්ඩලයටද හැකිවිය.

රජය කියන්නේ ආනයන ආදේශන ප්‍රතිපත්තියකට යායුතු බවය. සරලව කිවහොත් ආනයනය කරන එහෙත් මෙරටෙහි නිෂ්පාදනය කළ හැකි ඇතැම් භාණ්ඩ රට ඇතුලේදීම නිෂ්පාදනය කළ යුතු බවය. එය හොඳ පිළිවෙතකි. එහෙත් එතැනදී ද යම් යම් දේවල් ඇතැම් විට යන්ත්‍ර සූත්‍ර ද තවත් විටෙක ඒවාට අවශ්‍ය අමතර කොටස්ද එසේත් නැතිනම් අමුද්‍රව්‍ය ද රටින් ගෙන්වීමට සිදුවෙයි. ඒ ඇතැම් අමතර කොටස් හා අමුද්‍රව්‍ය පොඩි පොඩි දේවල් විය හැකිය. එහෙත් ඒ පුංචි පුංචි දේවල් නැතිව නිමි භාණ්ඩයක් නිෂ්පාදනය කළ නොහැකිය. ජනාධිපතිවරයා කියන්නේ අපේ රටේ තිබෙන ඇතැම් භාණ්ඩ අමුද්‍රව්‍ය ලෙස රට නොයවා අගය එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය කර රට පැටවිය යුතු බවය.

එසේ කිරීම සඳහා ද යම් යම් ද්‍රව්‍ය හෝ උපාංග රටින් ගෙන්වීමට සිදුවෙයි. ඒ සම්බන්ධයෙන් ද දැක්විය හැකි කදිම උදාහරණයක් වන්නේ තේ ය. ඇතැම් විදේශ රටවලින් ඉල්ලන්නේ විවිධ රස ගැන්වූ තේ ය. ඉඟුරු රසැති තේ ඉල්ලන රටවලට ඒවා සැපයීමට ගුණාත්මකභාවයෙන් ඉහළ ඉඟුරු රටින් ගෙන්වීමට සිදුවූ අවස්ථා සුලබය. ඉඟුරු ලංකාවේ තිබෙන බව සත්‍යයකි. එහෙත් ඉහත කී නිෂ්පාදනයට අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ ඉඟුරු ලංකාවෙන් සොයාගැනීමට නොහැකි වන අවස්ථා තිබේ. ලංකාවේ ගුණාත්මක භාවයෙන් ඉහළ තේ තිබුණත් ඉඟුරු රටින් ගෙන්වීමට සිදුවූ බව රටට නොරහසකි. ඉදිරියේදී ගුණාත්මකභාවයෙන් ඉහළ ඉඟුරු ලංකාවේ නිෂ්පාදනය කළ හැකි වුවත් එය කෙටි කාලයකින් හෝ හදිසියේ කළ හැකි කටයුත්තක් නොවේ. එවැනි අවස්ථාවක රටින් ඉඟුරු ගෙන්වීමට ඉඩ නොලැබුණොත් විදෙස් රටවලින් ඉල්ලන ඉඟුරු රසැති තේ නිෂ්පාදනය කිරීමට ලාංකික නිෂ්පාදකයන්ට නොහැකිවිය හැකිය. ඒ නොහැකියාවෙන් අගය එකතු කළ තේ නිෂ්පාදන කර්මාන්තය ඇනහිටීමෙන් දේශීය කර්මාන්ත කඩා වැටිය හැකිය. ඒවායේ රැකියා කරන අයට ජීවිකාව නැතිවිය හැකිය. එසේම රටට අත්‍යවශ්‍ය විදේශ විනිමයද නොලැබී යා හැකිය.

අනෙක් කාරණය අපනයන ප්‍රවර්ධනයයි. ඒ සඳහා වාණිජ මණ්ඩලය ලෙස අපිද මැදිහත් වන්නෙමු. විදෙස් රටවල තිබෙන අපේ තානාපති කාර්යාල මගින් ඒ රටවල තිබෙන වාණිජ මණ්ඩල සමග එක්ව කටයුතු කරගෙන යන්නෙමු. ඒ ක්‍රියාවලියේදී අපනයන සංවර්ධන මණ්ඩලයද අප සමග එක්ව සිටියි. අපේ අරමුණ ඒ රටවලට අපේ නිෂ්පාදන වැඩි වැඩියෙන් යැවීමය. ඒ සඳහා ඒ රටවල නියෝජිතයන් සමග ගනුදෙනු කරද්දී අප ඔබෙන් ගන්නා භාණ්ඩවලට සාපේක්ෂව ඔබ අපෙන් ගන්නේ මොනවාදැයි ඒ නියෝජිතයෝ අපෙන් අසති. අපේ භාණ්ඩ පමණක් මිලදීගන්න. ඔබේ රටේ භාණ්ඩ මිලදී ගැනීමට බැරිය අපහසුය කියා අපට විදෙස් රටවල් සමග ගනුදෙනු කළ නොහැකිය. අප ඔවුනට යමක් දෙද්දි අපටද ඔවුනගෙන් යමක් ගැනීමට සිදුවෙයි. ගනුදෙනු කියන්නේ එයටය. ඔබේ රටේ නිෂ්පාදන අපට අවශ්‍ය නැත, අපේ නිෂ්පාදන පමණක් ඔබ මිලදී ගන්නැයි කියමින් අපේ අපනයන ප්‍රවර්ධනය කළ නොහැකිය. ඒ නිසා ආනයන සීමා දිගුකාලීනව පවත්වාගෙන අපනයන ප්‍රවර්ධනය කළ නොහැකි බව කාටත් අවබෝධ කරගත හැකිය.

රජයෙන් ආනයන සීමා පැනෙව්වේ ඇයිදැයි ද සොයා බැලිය යුතුය. මගේ දැනුම හා අවබෝධය අනුව නම් මෙය රජය ආශාවෙන්, කැමැත්තෙන් කළ දෙයක් නොවේ. එසේම මෙය රජයේ ආර්ථික උපාය මාර්ගයක්ද විය නොහැකිය. මෙය කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට ඇතිවූ ප්‍රශ්න මගහරවා ගැනීම සඳහා තාවකාලිකව ගත් පියවරක් විය යුතුය. රටේ ඇති වූ ආර්ථික අර්බුදය නිසා රුපියලේ වටිනාකම දිනෙන් දින බාල්දු විය. ඇමෙරිකන් ඩොලරයේ වටිනාකම ඉහළ ගියේය. ඩොලරයක් මිලදී ගැනීමට රුපියල් 200 ක් තරම් ඉහළ මුදලක් වැය කිරීමට සිදුවිය. ඇති වූ ඒ ප්‍රශ්නය මගහරවා ගැනීමට තාවකාලිකව ගත් පියවරක් ලෙස ආනයන සීමා හැඳින්විය හැකිය. රුපියලේ වටිනාකම රැකගැනීම සේම දැනට රට ඇතුළේ තියෙන ඩොලර් සංචිත රැක ගැනීමද මෙහි තවත් අරමුණකි. ආනයන සීමා පැනෙව්වේ නැති නම් ඩොලරයක වටිනාකම රුපියල් 185 සීමාවේ නවතා ගැනීමට නොහැකි වන්නට ද ඉඩ තිබිණි. මේ ආනයන සීමා නොපනවා සිටියා නම් ඩොලරයක වටිනාකම රුපියල් 200 ත් ඉක්මවා යා හැකිව තිබිණි. එය එසේ වූවානම් ඇතිවන ප්‍රතිවිපාක දැනට වඩා දරුණුය. ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ ගියේ නම් ජනතාවගේ ජීවන වියදම ද ඊට සාපේක්ෂව ඉහළ යයි. සීනි, පරිප්පු, ලූණු, කිරිපිටි යනාදිය අත්‍යවශ්‍ය භාණ්ඩය. ඒවා ආනයනය කළ යුතුමය. ඒ පරිභෝජනයට අවශ්‍ය තරම් රට ඇතුළේ නිෂ්පාදනය නොවීම හේතුවෙනි. ඛණිජ තෙල් ද ආනයනය කරයි. රුපියලේ වටිනාකම තවත් බාල්දු වූයේ නම් ඒ සියල්ලේ මිල ද ඉහළ යයි.

අනෙක් කාරණය ලංකාව සිටින්නේ ණය අර්බුදයකය. විදෙස් රටවලට ගෙවීමට තිබෙන ණය ඉතා විශාලය. ඒ ණය ගෙන තිබෙන්නේ රුපියල්වලින් නොව ඇමෙරිකන් ඩොලර්වලිනි. ණය ආපසු ගෙවිය යුත්තේද ඩොලර්වලිනි. ඒ ඩොලර් මිලදී ගැනීමට රුපියල් වැඩි ප්‍රමාණයක් වැය වෙයි. 2019 දී ද ඒ ප්‍රශ්නය ඇතිවිය. එය ද අපේ සැලකිල්ලට ලක් විය යුතුය. යම් කාරණයක් සිද්ධියක් දෙස එක පැත්තකින් පමණක් බැලුවොත් පෙනෙන්නේ එක පැත්තකින් පමණකි. එවිට පෙනෙන්නේ ප්‍රශ්නයක නියම ස්වභාවය නොවේ. එය අපට තේරුම් ගත හැකිය. පැනවූ ආනයන සීමා ලිහිල් කරමින් යන්නේ ඒ නිසාය. පසුගිය සති කිහිපයේදී ගැසට් නිවේදන නිකුත් කරමින් රජය කළේ පැනවූ ආනයන සීමා ලිහිල් කිරීමය. ඇතැම් භාණ්ඩ ණය පදනම මත ගෙන්වා ගැනීමට හැකිවන පරිදි ආනයන සීමා ලිහිල් කළේය. 2020 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන්ද ඒ සඳහා ඉඩ දී තිබේ. ඇඟලුම් කර්මාන්තය ගැන අයවැයේ විශේෂයෙන්ම සඳහන් විය. අපනයනය අරමුණු කරගත් කර්මාන්තවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගැනීමේදී අය කළ තීරු බදු ඉවත් කිරීමට පවා මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. ඇතැම් තීරු බදු අනුපාත සැලකිය යුතු මට්ටමකින් අඩු කර තිබේ. ඒ සියල්ලෙන් රජය රටට ප්‍රදර්ශනය කරන්නේ ආනයන සීමා දිගටම පවත්වාගෙන යාමේ උපාය මාර්ගයක රජය නොසිටින බවය.

බොහෝ දෙනා කතා කරන්නේ වාහන ආනයනය තහනම් කිරීම පිළිබඳවය. රජයත් රටත් මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය බරපතළ හෙයින් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට තවත් කාලයක් ගත වන බව අප තේරුම් ගත යුතුය. වාහන ආනයනය සඳහා රටින් පිටව යන විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාලය. එහෙත් අප මේ ගතකරමින් සිටින්නේ රට සතුව පවතින සීමිත විදේශ විනිමය සම්පත් මහා පරිමාණයෙන් රටින් පිටට යැවිය හැකි තත්ත්වයක නොවේ. එහෙයින් වාහන ආනයන සීමා ඉතා ඉක්මනින් ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු වීම අතාර්කිකය. එය අතාර්කික වන්නේ රටට අවශ්‍ය තරමට විදේශ විනිමය රටට නොලැබෙන හෙයිනි. සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා එමගින් ලැබුණු විදේශ විනිමයද දැන් නොලැබෙයි. විදේශ රැකියා කරන අයගෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයන්හිද වර්ධනයක් නැත. එසේම යුරෝපයේ රටවල් හා අමෙරිකාව තවමත් යථා තත්ත්වයට පත් නොවීම නිසා ඒ රටවලට කළ අපනයනද නැවතී තිබේ. ඒ නිසා අපනයනයෙන් ලැබුණු විදේශ විනිමය බරපතළ ලෙස පහත වැටී තිබේ. ඒ තත්ත්වය මත වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ යළි ආනයනය කිරීමට වහාම යොමුවීමේ හැකියාවක් දැනට නැති බව අපට තේරුම් ගත හැකිය. ඒ නිසා වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ ආනයන සීමා ලිහිල් කර ගැනීමට අප තවත් කාලයක් බලා සිටිය යුතුය. ආනයන සීමා ලිහිල් කිරීම නිසි තැනින් ආරම්භ කර තිබෙන බව අපේ විශ්වාසයයි.

මේ සියල්ලට හේතුව ආනයන වියදම හා අපනයන ආදායම අතර පරතරයයි. මෙරට වාර්ෂික ආනයන වියදම ඇමෙරිකන් ඩොලර් බිලියන 21 කි. වාර්ෂික අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 11 කි. ඒ අනුව ආදායම හා වියදම අතර පරතරය ඇමෙරිකන් ඩොලර් බිලියන 10 කි. එහෙත් දැන් අප සිටින්නේ මෙතෙක් ලැබුණු අපනයන ආදායමත් පහත වැටී තිබෙන සමයකය. ඊට හේතුව මෙරට භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් අපනයනය කරන ඇමෙරිකාව සහ යුරෝපයේ රටවල් තවමත් ලොක්ඩවුන් තත්ත්වයේ පැවැතීමය. අපේ ආනයන සීමා සම්බන්ධනේ යුරෝපා සංගමයෙන් එල්ලවන විවේචන හෝ චෝදනා සම්බන්ධයෙන් ද අප කුපිත විය යුතු නැත. කළ යුත්තේ ක්‍රමානුකූලව අවස්ථානුකූලව නිසි පියවර ගැනීමය. මක් නිසාද යත් ඒ රටවල් නොසලකා හැරියහොත් අමාරුවේ වැටෙන්නේ අපම වන බැවිනි. අප අමාරුවේ වැටෙන්නේ ඒ රටවල් අපේ භාණ්ඩ මිලදී ගැනීම නවතා දැමුවහොත්ය. ඇඟලුම් පමණක් නොව මෙරට සමස්ත අපනයනවලින් වැඩි ප්‍රමාණයක් යවන්නේ ඇමෙරිකාවට සහ යුරෝපයටය. 2019 දී ලංකාවෙන් ඇමෙරිකාවට යැවූ භාණ්ඩවලින් මෙරටට ලැබී තිබෙන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 3,141 කි. 2019 දී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 26.3 ක් යවා තිබෙන්නේ ඇමෙරිකාවටය. 2019 දී ඇමෙරිකාවෙන් අප ගෙන්වා තිබෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 542 ක භාණ්ඩය. එය අපේ සමස්ත ආනයනවලින් සියයට 2.7 ක් තරම් සොච්චමකි. එසේ නම් ඇමෙරිකාව සමග වෙළඳාමේදී වැඩි වාසි ලබාගන්නේ ලාංකික අප මිස ඇමෙරිකාව නොවන බව අවබෝධ කරගත යුතුය.

යුරෝපය සම්බන්ධයෙන්ද පවතින්නේ එවැනි තත්ත්වයකි. 2019 දී යුරෝපයේ රටවලට අප යැවූ භාණ්ඩ සඳහා මෙරටට ලැබී තිබෙන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 3,552 කි. ඒ වසරේදී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 29.7 ක් යවා තිබෙන්නේ යුරෝපයේ රටවලටය. 2019 දී යුරෝපයෙන් ලංකාව ආනයනය කර තිබෙන්නේ අමෙරිකන් ඩොලර් මිලියන 1,952 ක් වටිනා භාණ්ඩය. ඒ අපේ සමස්ත ආනයනවලින් සියයට 9.1 කි. ඒ අනුව යුරෝපය සමග වෙළෙඳාමෙන්ද වැඩි වාසි ලබන්නේ ලංකාව මිස යුරෝපය නොවේ. එහෙයින් යුරෝපා සංගමයෙන්  එල්ලවන විවේචනවලට අප පිළිතුරු දිය යුත්තේ හැඟීම්බරව නොව බුද්ධිමත්ව හා රාජ්‍ය තාන්ත්‍රිකවය.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (1)

ගනුදෙනු සමබර ආර්ථිකයක් ඕනෑ ඇයි?

SAKALABUJAN Friday, 27 November 2020 04:15 AM

ජනතාවට පටි තද කර ගන්න කීවට වැඩක් නැ. දේශපාලකයෝ ආනයනික වාහන 300ක් වරායෙන් නිදහස් කරගෙන සතුටින් පදිනවා. ව්‍යාපාරිකයින් කිරි පිටි, සීනි ආනයනය කරලා වැඩි මිලට විකුණනවා. කෝරොනා පරීක්ෂණවලින් පෞද්ගලික රෝහල් මිනිස්සු හූරන් කනවා. රට ඉඳලා එන මිනිස්සු හෝටල්වලට දාගෙන මාසෙට ලක්ෂ ගණන් හූරන් කාලා නිරෝධායනය කියල දත ගලවනවා. මෙයාලා මේ අපට වැල් බයිලා ගහනවා. අරහේ ආනයන දෝරේ ගලනවා..

:       2       24

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 148 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 147 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1068 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 198 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 471 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1120 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site