විහාරස්ථානයේ ඝණ්ඨාව නොනවත්වා නාද වෙයි. මේ හඩ ඇසෙන තෙක් මානයේ සිටින ගම් වැසියෝ කෑ කෝ ගසමින් පන්සල දෙසට දිව යන්නේ සිදුවූ අරුමය කුමක්දැයි විමසිලිමත් වෙමිනි. තවත් පිරිසක් වතුර ගෙනාපල්ලා, වතුර ගෙනාපල්ලා කියමින් යළි ආපසු දුවති. විහාරස්ථානයේ පැරණි ගොඩනැගිල්ලක් ඇතුළතින් මහ ගින්නක් බුර බුරා නැගෙති. මේ චිත‍්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක දර්ශනයක් නොවේ. පසුගිය දා සැබැවින්ම කතඑව ගින්වැල්ලේ දී සිදුවූ සත්‍ය සිදුවීමකි. ඒ ගිනිවැල්ලේ රන්වැල්ල පුරාණ විහාරස්ථානයේ ඇති වූ මහා ගින්නයි. ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් යුහුසුඑව එහි පැමිණ ගින්න නිවා දැමූහ. පොලීසිය ද ගම්වාසීහු ද ඒ සඳහා තමන්ට හැකි පමණින් උදව් කළහ. මේ ගින්න තවත් එක් ගින්නක් නොවේ. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම සිංහල පුවත්පත මුද්‍රණය කළායැයි කියන පැරණිතම මුද්‍රණ යන්ත‍්‍රයක් හෙවත් තවත් ජාතියේ අද්විතීය උරුමයක් විනාශ කැර දැමීමට සමත්වූ ගින්නකි. ගින්න ඇතිවූයේ විහාරස්ථාන ගොඩනැගිල්ලේ සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් යැයි මෙම ලිපිය ලියන මොහොත වනවිටත් විශ්වාස කරයි. ඒ සඳහා රස පරීක්ෂණ ද පැවැත්වී තිබේ. දැන් සියල්ල සිදුවී හමාරය. ශී‍්‍ර ලංකාවේ මුද්‍රණ ඉතිහාසයේ අද්විතීය යන්ත‍්‍රය විනාශ වී ඇත. කතළුව ප‍්‍රදේශවාසීහු තම ගම්මානයේ තිබූ මේ අපූරු උරුමය නැතිවූ සොවින් තවමත් සුසුම් ලති. එය ජාතික වශයෙන් වැදගත් ගින්නක් වූ බැවින් පු`එල් ප‍්‍රචාරයක් ද ලැබී ඇත. ශී‍්‍ර ලංකාවේ මුල්ම සිංහල පුවත්පත ලෙස ඉතිහාසගතවී තිබෙන ‘‘ ලංකාලෝක ’’ පුවත්පත මුද්‍රණය කරන ලද්දේ මෙම මුද්‍රණ යන්ත‍්‍රය භාවිතා කරමින් බව පැවසේ. එහෙත් එය ශී‍්‍ර ලංකාවේ ලියාපදිංචි පුවත්පතක් නොවේ. මේ නිසාම ඇතැම් පිරිස් ‘‘ ලංකාලෝක ’’ පුවත්පත මෙරට මුල්ම සිංහල පුවත්පත ලෙස පිළිගැනීමට මැලිකමක් දක්වති. 1860 දී ගාල්ලේ කොටුවේ පල්ලිය වීදියේ අංක 02 දරණ ලිපිනයේ පිහිටි මුද්‍රණාලයක ‘‘ලංකාලෝක ’’ පුවත්පත මුද්‍රණය කළ බවත් එම මුද්‍රණාලයේ අයිතිකරු වූයේ ඞී.ඩබ්ලිව්.කේ.ජයවර්ධන මුදලිතුමා බවත් ඉතිහාසයේ සඳහන්වේ. මාසයකට දෙවරක් නිකුත්කළ මෙම පුවත්පතේ පළමු වෙළුමේ නවවැනි පත‍්‍රයේ පිටපත් ගාල්ල කුමාරකන්දේ පිහිටි කුමාර මහා විහාරයේ තිබී සොයා ගෙන තිබේ. එය 1860 නොවැම්බර් මස 20 වැනි දින නිකුත් කරන ලද්දකි. ‘‘ලංකාලෝකය’’ යනුවෙන් විශාල ඉංගී‍්‍රසි අකුරින් ද කුඩාවට සිංහල අකුරින් ද සටහන් කැර ඇති මෙම පත‍්‍රයේ පිටු සංඛ්‍යාව හතරකි. දැන්වීම් සඳහා වැඩි ඉඩක් වෙන්කැර ඇති මෙහි මුල් පිටුවේ ‘‘ කොළඹ කඬේ ’’ යනුවෙන් ආහාර මිල ගණන් දක්වා තිබීමත් විශේෂත්වයකි. පුවත් පතක මිල පැන්ස හයකි. එය ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ලියාපදිංචි පුවත්පත වූ ‘‘ලක්මිණිපහණ ’’ මුද්‍රණය ආරම්භ කළ 1862 සැප්තැම්බර් මස 11 වැනි දිනට පෙර මුද්‍රණය වූවක් බව පැහැදිලිය. එසේනම් ශී‍්‍ර ලංකාවේ ලියාපදිංචි නොවූව ද මුල්ම පුවත්පත වන්නේ ‘‘ලංකාලෝකය’’ යි. ‘‘ලක්මිණිපහණ ’’ බිහිකළේ ද සල්පිටි කෝරළයේ මුදලි ධූරය දැරූ ගාල්ලේ ජේ.ඒ.පී.ඩබ්ලිව්.ගුණතිලක අතපත්තු මහතාගේ මූළිකත්වයෙනි. රත්මලානේ වැඩවිසූ වලානේ ශී‍්‍ර සිද්ධාර්ථ හිමියන් හා දොන් අන්ද්‍රියස් ද සිල්වා, ශී‍්‍ර දේවරක්ෂිත බටුවන්තුඩාවේ පඩිතුමන් ද මේ හා සම්බන්ධ වූහ. පුවත්පතේ ආරම්භක කතුවරුන් වූයේ කොග්ගල ධර්මරත්න ප`ඩිතුමා සහ ජොහැන්නස් පණ්ඩිතතිලක යන දෙදෙනාය. මේ බොහෝ දෙනකු ගාල්ලට සම්බන්ධ බැවින් ‘‘ ලක්මිණිපහණ ’’ මුද්‍රණය කළේ ද ‘‘ ලංකාලෝකය ’’ මුද්‍රණය කළ මෙම යන්ත‍්‍රයේම බවට මතයක් පවතී. එය තහවුරු කැර නැත. බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදනය කරනු ලදුව බුරුමයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබී ඇති මුද්‍රණ යන්ත‍්‍රය ගාල්ලේ පෙට්ටිගලවත්තේ මුද්‍රණාලයක තිබුණු බවත් එම මුද්‍රණාලයේදී මෙරට ප‍්‍රථම මුද්‍රිත සිංහල සගරාව වූ ‘‘යතලබ’’ සගරාව මුද්‍රණය කරන ලද්දේ ද මෙම යන්ත‍්‍රයෙන් බවත් පැවසේ. ඉන් අනතුරුව ගාලූ කොටුවේ පිහිටි ලංකාලෝකය මුද්‍රණාලයට ගෙන ගෙනගොස් තිබී අදින් වසර 100 ට පමණ ආසන්න කාලයකදී කතඑව ගිනිවැල්ලේ පිහිටි රන්වැල්ල විහාරස්ථානයට ගෙනවිත් එහි තැන්පත් කැර තිබේ. මෙම යන්ත‍්‍රයේ ජාතික වශයෙන් ඇති වැදගත්කම වටහාගත් කෞතකාගාර දෙපාර්තමේන්තුව එය කිහිප අවස්ථාවකදී කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා ඉල්ලා ඇතත් විහාරස්ථ භික්ෂූන් වහන්සේලා සහ දායක සභාව එය ලබාදීම දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කැර තිබේ. මේ පිළිබඳ හොඳම සාක්ෂිය ඇත්තේ 1982 දීය. එවකට සංස්කෘතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පණ්ඩුල ඇදගම මහතා කතළුව විහාරාධිපති හේමාලංකාර හිමි සමග මුද්‍රණ යන්ත‍්‍රය කෞතකාගාරයට ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡුා කොට තිබේ. සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම යන්ත‍්‍රය රුපියල් 25,000 ක මුදලකට කෞතුකාගාරයට ලබාදීමට කැමැත්ත ප‍්‍රකාශ කැර තිබූ බව පැවසේ. ඉන් අනතුරුව එය එම මුදල ගෙවා ගෙනයාමට සූදානම් වෙද්දී විහාරස්ථ දායක සභාව පවසා ඇත්තේ මුද්‍රණ යන්ත‍්‍රය කෞතුකාගාරයට ලබාදීමටනම් රුපියල් 250,000 ක මුදලක් අවශ්‍ය බවයි. එහි ප‍්‍රතිඵලය වූයේ එපමණ මුදලක් නොමැති බැවින් මුද්‍රණ යන්ත‍්‍රය තවදුරටත් විහාරස්ථානයේම තිබීමයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විහාරාධිපති ගලගම සුගුණවංශ හිමියෝ මෙසේ කීහ. ‘‘ අපේ විහාරස්ථානයේ වැඩ විසූ සංඝ පරම්පරාවට මේ යන්ත‍්‍රය ලැබිලා ඒ අනුව තමයි මේ විහාරස්ථානයේ මෙය තැන්පත් කැර තිබුණේ. එය කවදා මෙතැනට ගෙන ආවාදැයි නිශ්චිතවම කිව නොහැකියි. නමුත් වසර 100 ට වැඩි කාලයක සිට මෙතැන තිබෙනවායැයි විශ්වාස කරන්න පුළුවන්. මම දන්නා තරමින් විවිධ අවස්ථාවලදී කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් වගේම බුරුමයෙන් පවා ඇවිත් මුදල් දෙන්නම් කියමින් මේ යන්ත‍්‍රය ඉල්ලූවා. නමුත් විහාරස්ථානයේ දායක සභාව එය ලබාදීමට කැමැත්ත දුන්නේ නැහැ. මෙය ජාතික වශයෙන් වැදගත් යන්ත‍්‍රයක්. එය විනාශවී යාම ඇත්තටම දැඩි ශෝකයට හේතුවක්. මේ යන්ත‍්‍රය වගේම විහාරස්ථානයේ ඇති වටිනා ග‍්‍රන්ථ රැසක් විනාශ වෙලා. ඒ කිසිවක් මිල කළ නොහැකියි. ’’ විහාර ගොඩනැගිල්ල ගිනිගන්නා අවස්ථාවේ විහාරාධිපති සුගුණවංශ හිමියෝ එහි සිට නැත. විහාරවාසී අහංගම සෝමානන්ද හිමියෝ විහාරයේ වැඩසිටි අතර එම හිමියන් පවසන්නේ රාතී‍්‍ර 7.30 ට පමණ තමන්වහන්සේ මුද්‍රණ යන්ත‍්‍රය ඇති ගොඩනැගිල්ලේ සියළුම විදුලි පහන් නිවා දමා තම කුටියට ගිය බවයි. පසුව රාති‍්‍ර 10.00 පමණ ගින්න පිළිබඳ දැනගත් බවත් ගම්වාසීන් පොලීසිය සහ ගිනි නිවන හමුදාව එක්ව ගින්න නිවාදමන විට ගොඩනැගිල්ලටත් මුද්‍රණ යන්ත‍්‍රයටත් දැඩි හානි සිදුව ඇති බවත් සෝමානන්ද හිමියෝ කියති. ‘‘ මොනවා වුනා ද කියලා අපි දන්නේ නැහැ. ගින්න ඇතිවීමත් සමගම පන්සලේ ඝණ්ඨාව නාද කරලා ගමේ මිනිසුන් කැඳෙව්වා. නමුත් ගින්න නිවා දමන විට සියල්ල සිදුවී අවසන් ’’ ගින්නට හේතුව විදුලි කාන්දුවකැයි කීව ද මෙම ගොඩනැගිල්ලේ කුප්පි ලාම්පුවක් දැල්වීම විහාරාධිපති හිමියන්ගේ පුරුද්දක් වී තිබූ බව තතු දන්නෝ පවසති. කිහිප අවස්ථාවකදී සොරුන් ගොඩනැගිල්ලට ඇතුළුවී තිබීම හේතුවෙන් එසේ කරන බවත් විහාරාධිපති හිමියන් අසළ ඇති වෙනත් විහාරස්ථානයක රාති‍්‍රය ගතකරන බවත් ගම්වාසීහු පවසති. එදින විහාරාධිපති හිමියන් විහාරස්ථානයෙන් බැහැරව යාමට පෙර එම කුප්පි ලාම්පුව දල්වා තිබී අනතුරුව නිවා දැමූ බව පවසති. ගින්න ඇතිවූ ස්ථානයට පැමිණි රස පරීක්ෂක කණ්ඩායම පවසන්නේ ගින්නට හේතුවක් නිශ්චිතව සොයා ගත නොහැකි වූ බවයි. නමුත් විහාර ගොනැගිල්ලේ දැල්වීමට පුරුදු ව තිබූ කුප්පි ලාම්පුව මේ විනාශයට හේතුවූවා ද යන්න පිළිබඳව ද පැහැදිලි සාක්ෂියක් නැත. කෙසේ වෙතත් දැන් ලංකාලෝකය මුද්‍රණය කළ ගල් අච්චුව හෙවත් මුද්‍රණ යන්ත‍්‍රය විනාශ වී ගොසිනි. එහි සිය`එම දැව කොටස් සහ වෙනත් ලෝහ වලින් සැකසූ සියුම් කොටස් සියල්ල විනාශ වී ඇත. මුද්‍රණ යන්ත‍්‍රයට භාවිතා කළ ලෝහමය අකුරු කොටස් ද ගින්නට හසුවී විනාශ වී ගොසිනි. නමුත් දැඩි සේ කළු පැහැ ගැන්වුණු ලෝහමය සැකිල්ල ඉතිරිව තිබේ. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය නන්දා වික‍්‍රමසිංහ සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ මානවවංශ විද්‍යා සහකාර අධ්‍යක්ෂ සෙනරත් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත ගාල්ල ජාතික කෞතුකාගාරයේ ස්ථාන භාර නිලධාරි මංජුල කරුණාතිලක මහතා මෙම යන්ත‍්‍රය යළි සංරක්ෂණය කළ හැකි දැයි සොයා බැලීමට කතළුව රන්වැල්ල විහාරස්ථානයට පැමිණියේය. ගින්නට හසුවූ යන්ත‍්‍රය පරීක්ෂාකළ ඒ මහතාගේ මතය වූයේ මෙය යළි සංරක්ෂණය කිරීමේ හැකියාව පවතින බවයි. මෙම යන්ත‍්‍රයට සමකාලීනව එය නිපදවූ ආයතනයෙන්ම ගෙන්වූ යන්ත‍්‍ර ශී‍්‍ර ලංකාවේ තවමත් ඉතිරිව තිබෙන බැවින් ඒවා ආදර්ශ වශයෙන් ගෙන යන්ත‍්‍රයේ දැවමය කොටස් නැවත සකස් කිරීම පහසු කාර්යයක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ජාතික වශයෙන් වැදගත්කමක් ඇති මෙම පැරණි මුද්‍රණ යන්ත‍්‍රය යළිත් සකස් කොට එය මහජනතාවට දැකගැනීමේ පහසුව සඳහා ජාතික වස්තුවක් ලෙස කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීම වඩාත් සුදුසුයැයි යන්න බහුතරයකගේ මතය වී තිබේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අහංගම පොලීසිය විසින් පවත්වයි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගින්නෙන් වැනසුණු ලංකාවේ පළමු පත්තර මැෂිම
පවිත්‍රා Sunday, 09 December 2012 01:49 PM
ඉතින් මොකේදැයි දන් වලඳන්නේ (ස)
ලලිත් - කටාර් Wednesday, 28 November 2012 06:47 PM
වැනසුණු දේ වනසාම දැමිලා නේද? (නි)
අරුණ Sunday, 02 December 2012 02:11 PM
අපේ අතීතය අපි රැක ගන්න ඕනේ (දී)