රන් කිරි කට ගෑ කටින් ගොන් කිරි බීමට පටන් ගැනීමේ ආදීනව අපි සැවෝම අද යහමින් අත් විඳින්නෙමු.දම් වැළක පුරුක් මෙන් ප‍්‍රශ්නයෙන් ප‍්‍රශ්නය දින දින එකතු වෙමින් කිරිපිටි ප‍්‍රශ්නය අද පත්ව ඇත්තේ මුලක් අගක් නොපෙනෙන පැටලූණු නූල් බෝලයක තත්ත්වයටය.
නවසීලන්තයෙන් ආනයනික කිරිපිටිවල ඩිසිඩි නමැති ශරීරයට කිසිසේත්ම හිතකර නොවනා විෂ රසායන අඩංගු වන බව කාර්මික තාක්ෂණික ආයතනය (ITI) විද්‍යාත්මකව කරුණු පෙන්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමත් සමග කිරිපිටි පිළිබඳ ප‍්‍රශ්නය තීව‍්‍ර විය.
නවසීලන්තයෙන් වාර්ෂිකව මෙරටට ආනයනය කෙරෙන කිරිපිටි ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 83,000කි. මෙරට කිරි පරිභෝජනයට අවශ්‍ය කිරිපිටි සියයට 80 (80%) ප‍්‍රමාණයක් මෙරටට ගෙන්වනුයේ නවසීලන්තයෙනි. එහෙයින් පැන නැගී ඇති ප‍්‍රශ්නය සුළු පටු වන්නේ නැත.
කිරිපිටි සම්බන්ධව කථිකාවන් උණුසුම් වූයේ අගෝස්තු මස 05 වැනි දින සිටය. එදින සිට සෞඛ්‍ය අමාත්‍යංශය නවසීලන්තයෙන් ගෙන්වන සියලූම කිරි නිෂ්පාදන වරායෙන් නිදහස් කිරීම වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවීය.
ඒ නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදන කි‍්‍රයාවලියේ දී සිදුවූ බව කියන යම් අපිරිසුදු තත්ත්වයක් මුල් කරගනිමින් චීනය සහ රුසියාව කිරි නිෂ්පාදන මිලදී ගැනීම අත්හිටුවීමට ගත් තීරණයත් සමගම මෙරට ද අත්හිටුවීම් කි‍්‍රයාත්මක විය.
වේ ප්‍රෝටීන (Whey protein) අධි සාන්ද්‍රණය සහිත කිරි නිෂ්පාදනවල ක්ලොස්ටි‍්‍රඩියම් බොටලිනම් (clostridium botulinum) බැක්ටීරියාව පිළිබඳ කථිකාව වේදිකාවේ ප‍්‍රධාන නාටකයක් බවට පත්වන්නේ ඊටත් පසුවය.
මෙම කිරිවල අඩංගු යැයි කියන බොටලිනම් වූ බැක්ටීරියාවෙන් ශරීරය අඩපණ කර ආඝාත තත්ත්වයක් ඇති වන බව විදේශ මාධ්‍යයෙන් පවා අනාවරණය කරනු ලැබුවේ එහි ඇති භයානකකම නිසාය.
මෙම බැක්ටීරියාව මගින් ඇතිවන රෝගය බොතුලිනියා යනුවෙන් හැඳින්විණ.
මේ අනුව වෙළෙඳපොළේ අලෙවිය සඳහා තිබෙන උයැහ protein අධි සාන්ද්‍රණ ඉවත් කිරීමට මෙරට බලධාරින් පියවර ගත්හ. ආරක්ෂිත පියවරක් ලෙසට ළදරු කිරිපිටි සාම්පල් ද පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර උපදේශක කමිටුව තීරණය කරනු ලැබුවේය.
මෙම ලිපිය ලියනා මොහොතේ රටේ පැවැති අලූත්ම තත්ත්වය වූයේ මෙරට අලෙවි කෙරන සියලූම කිරිපිටි සම්බන්ධ දැන්වීම් නැවත දැණුම් දෙනතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර උපදේශක කමිටුවෙන් තහනම් කිරීමයි.
ඞීසීඞී විස රසායන අඩංගු කිරිපිටි වර්ග හතක් විකිණීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශ ප‍්‍රධාන ආහාර බලධරයා පියවර ගෙන තිබුණි.
ඞීසීඞී නමැති විෂ රසායනය ආහාරවල කිසිසේත්ම අඩංගු නොවිය යුත්තක් වන අතර එම රසායන භාවිතය කරනුයේ පොහොර නිෂ්පාදනයට රබර් නිෂ්පාදන කටයුතුවලදීත් සම් ආශි‍්‍රත නිෂ්පාදන කටයුතුවලටය. මහා පරිමාණ කර්මාන්ත ශාලාවල අවහිරවන නළ පද්ධතීන් හි අප ද්‍රව්‍ය ඉවත් කිරීමටද ප‍්‍රධාන වශයෙන්ම යොදා ගන්නා අමු ද්‍රව්‍යයක් වී ඇත්තේ ඩිසිඩිය.
කිරිපිටි හරහා අපගේ දරුවන්ගේ ශරීර තුළට ඩිසිඩි රසායනය අඩංගු වී ඇද්ද යන්න, ඇස්තමේන්තු කිරීමට කිසිවෙකුට හැකි වන්නේ නැත. නමුත් මේ සියලූ කරුණුවලින් සිදුව ඇත්තේ අනාගත පරපුරේ නිරෝගිකම උදුරා ගැනීමය.
අපි කිරි බිව් ජාතියක් නොව කිරි කෑ ජාතියකි.
ශ්‍රී ලාංකික ගැමි සංස්කෘතිය තුළ අතීතයේ දි පවුලට දරුවන් දෙදෙනකු එක් වූ විට ප‍්‍රධාන වශයෙන්ම සිදුවූයේ තම ආර්ථික ශක්තිය අනුව වැස්සියක් නිවසට ගෙන ඒමය. මව්කිරි බී අවසන් වන දරුවාට කුඩා කළ පටන්ම බීමට ලබා දුන්නේ දෙව් සැණින් රත්කර පිළියෙළ කර ගත් එළ කිරි වීදුරුවක්ය. ශරීරයට අවශ්‍ය විටමින් වර්ග, කැල්සියම් සියල්ල ඒ එළකිරි වීදුරුවක් හරහා දරුවෙකුට ලැබුණ අතර ඔවුන්ගේ නිරෝගි බවේ රහසද වූවේ එයය.
දරුවෙකු කුසට ආදා සිට මවගෙත් දරුවාගෙත් පෝෂණයට අවශ්‍ය දෑ ලබා ගැනීමට අධික මිල ගණන් යටතේ අලෙවි වූ කිරිපිටි බිමේ මුදල්වලින් වැකුණු ව්‍යාජ සංස්කෘතියක් එදා තිබුණේ නැත.
දරුවන් දහ දෙනෙකු පහළොස් දෙනෙකු වැදු මෑණිවරුන් ශරීර ශක්තිය රැකගෙන සිටියොත් දරුවා කිරි අරින තුරු දෙතනට ඉණූ කිරි ටික සෙනෙහසින් පෙව්වේත් දහස් ගණන් වියදම් කර ලබාගත් පිටිවලින් සප්පායම් වී නොවන බව අමුතුවෙන් මතක් කළ යුතු නැත.ජාතියට බත සැපයූ කෙත් බිම් රටේ ජනතාවගේ ජීවිත කෙටිකර දමනා මර උගුල් බවට පත් වෙත්ම ආනයනික කිරිපිටිවල ඇති විෂ අන්තර්ගත බව කතා කිරීමට අවශ්‍ය නොවනා ප‍්‍රශ්නයක් බවට ඇතැමෙකුට සිතිය හැක.
නමුත් දොළොස් ලක්ෂයක් කිරි එළදෙනුන් සිටින රට තුළ රටේ කිරි පරිභෝජනයට අවැසි කිරි ප‍්‍රමාණය ලබා ගැනීමට විදෙස් රටවලින් කිරිපිටි ආනයනය කිරීම් පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ දෑස් විවර කිරීමට ඉදිරිපත් කළ යුතු කරුණු ගණනාවකි.
විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියත් සමඟ පිටරට ඇති ඕනෑම කුණු ගොඩක් මෙරටට ගෙන ඒමේ දොරටු විවර වීමත් සමග කිරිපිටි මෙරට ප‍්‍රධාන ආනයනික ද්‍රව්‍යයක් බවට පත්විය.
උපන් බිළිඳාගේ සිට මියැදෙන්නට ආසන්නව සිටින මහල්ලා දක්වා ආනයනික කිරිපිටි භාවිත කරනුයේ අවශ්‍යතාවයට එහා ගිය පුරුද්දකට ඇබ්බැහිවීම තුළය.
ආයුර්වේදයට අනුව පුද්ගලයෙකු ආහර ලබා ගන්නා අවශ්‍යතා කිහිපයක් ගැන විස්තර කර තිබේ. බඩ වියත රැක ගැනීමට ආහාර ගැනීම බොහෝ පිරිසකගේ ප‍්‍රධාන අරමුණ වුවත් ඇතැම් පිරිස් ආහාරපාන ලබා ගනුයේ රුව වැඞීමට, අහංකාර කමට සහ අභිමානය පෙන්වීමටය.
මෙහිදී කිරිපිටි හෙවත් ගොං කිරි බීම හඳුන්වා දිය හැක්කේ අහංකාර ආහාර ගැනීමක් ලෙසටය. ඒ වසර පන්දහසක් පැරැණි ආයුර්වේදයේ කිරිපිටි සම්බන්ධව නිර්වචනය කර ඇති ආකාරයය.
ආනයනික කිරිපිටිවල ඩිසිඩි අඩංගු බවත් බොටලිනම් බැක්ටීරියාව ඇති බවත් විද්‍යාගාර පර්යේෂණ දත්තයන් පදනම් කොට නිගමනයන්ට එළඹ ඇතත් පිටිකළ කිරි ස ම්බන්ධව පවතින ප්‍රෝඩාවන් බොහොමයක් ගැන ලොවට හෙළි වූයේ මීට වසර ගණනාවකට පෙරය.
පිරිසිදු තණ බිම්වල, නිදැල්ලේ සිටින සෞඛ්‍ය සම්පන්න එළදෙනුන්ගෙන් ලබාගත් නැවුම් එළකිරි පිටිකර පාරිභෝගික ඔබ අතට පත්වනවා යැයි රුපියල් මිලියන ගණන් විය පැහැදම්කර මහජනතාවට දැනුම් දුන්නද එහි සත්‍යතාවය ඛේදනීයය.
හිරුගේ ආලෝකයක් වහළේ සිදුරකින්වත් නොවැටෙන මහා පරිමාණ ගව පට්ටිවල කිරි එළදෙනකුගේ වපසරිය වනුයේ ශරීරයේ ප‍්‍රමාණයට සීමා මායිම් ලකුණු කර බැඳී ඇති යකඩ බම්බු වැටවල්ය.
කිරි වෑහීම වර්ධනය කිරීමටත් ශරීර බර ප‍්‍රමාණය වැඩි කිරීමටත් කෘතිම හෝමෝන යෙදවූ තණ කොළ කුස පිරෙනකම් කා රෝගී නොවී සිටීමට යෙදවූ ඖෂධ කළතා දෙන වතුර බාල්දි බී, සරඹ කණ්ඩායමක සීරුවෙන් සිටගෙන සිටීමට අණ ලද දරු පිරිසක් මෙන් සිව්පාදයට දරාගත නොහැකි තරම් උදරය සහිත කඳක් දරා සිටිනා කිරිදෙනුන්ගේ බහිශ‍්‍රවය කාර්යයන් වන්නේද එකම ඉරියව්වක දී යකඩ බම්බුවලින් සීමා මායිම් වෙන්කළ වපසරියේදීමය. තණ බුරුලට උණනා කිරි යන්ත‍්‍රානුසාරයෙන් බලහත්කාරයෙන් මෙන් දොවා ගන්නා අතර කඳ දරාගත නොහැකිව සිව්පාදයන් කඩා වැටෙනා කිරි එළදෙන ඊළඟට යොමු කරනුයේ බර්ගර් නිෂ්පාදන ආයතනයන්හි ප‍්‍රධාන අමු ද්‍රව්‍යයක් ලෙසටය.
තිත්ත නමුත් සත්‍ය වන්නේ මෙය බව කිරිපිටි වලට ලොල් බඳිනා අපි කවුරු කවුරුත් දැන ගත යුතු කරුණකි.
කැල්සියම් ඌණතාවයනුත්, ඔස්ටියෝ පොරෝසිස් ඇතිවේ යැයි කියා අනිසි බියක් ජනයා තුළ ජනිත කර මව් පදවිය උකසට තබා කිරිපිටි අලෙවි කිරීම මෙරට සිදුවන තවත් ප‍්‍රධාන පෙළේ ප්‍රෝඩාවකි.
ශත ගණනක මිල වන කැල්සියම් ඖෂධ යොදවා පිටි පැකට්ටුවක මිල රුපියල් පනහකින් හැටකින් වැඩිකර පාරිභෝගිකයා අතට පත් කිරීමට බහු ජාතික සමාගම් නියෝජිතයන් උත්සාහ ගනුයේද අපූරු ආකාරයටය.
දක්ෂ කී‍්‍රඩකයින් ජනපි‍්‍රය නළු නිළියන් වෘත්තියෙන් නිපුන වෘත්තියවේදින් යොදවාගෙන බහුතර ජනතාවක් මුලා කිරීමට ඔවුන් උත්සාහ දරනුයේ කිහිප දෙනෙකුට ලැබෙනා ලාභය මුල්කර ගනිමිනි.
දෑස් විවර කර බැලිය යුතු තවත් ප‍්‍රධානම කරුණක් වනුයේ අතපය දිගහැර වියදම් කරන බහු ජාතික සමාගම්වල අතකොළුවක් බවට ඇතැම් බලධාරීන් ගොදුරු වී ඇති බවය. නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටී තිබෙන මෙවන් යුගයක බහු ජාතික සමාගම්වල රූකඩ බවට මෙරට ප‍්‍රධාන පෙළේ බලධාරින් සහ මාධ්‍ය ආයතන යටත්වී ඇති බවද නොරහසකි.
ගමේ ගොඬේ දෙපාර්ශ්වයක් අතර සිදුවන නොකටයුත්තක දී ඔවුන්ගේ නම්ගම් හෙළිදරව් කිරීමට මාධ්‍යයෙන් පසුබට නොවුවත්, ප‍්‍රසිද්ධිය මුදල් ශක්තිය තනතුරු බලය ඇති අයෙකුගෙන් වරදක් වූ විට මාධ්‍ය හෙළි කරනුයේ ”රටේ නම් දැරූ අයෙකු ලෙස” වරද කළ අයට වටිනාකමක් දී ඔහුගේ අනන්‍යතාවය සඟවාගෙනය.
කිරිපිටි සම්බන්ධයෙන්ද පැවැතියේ මේ හා සමාන ගැටලූවකි. පර්යේෂණාගාර වාර්තා මගින් ශරීරයට අහිතකර දෑ අඩංගු බවට කරුණු පෙන්වා දුන්නද බහු ජාතික සමාගම්හි නිෂ්පාදනය කෙරෙන කිරිපිටි පිළිබඳ හෙළිදරව් කිරීමට මෙරට විෂය භාර බලධාරින් පවා උත්සාහ ගත්තේ බොහෝ පමා වීය.
මහා පරිමාණ ආයතනයන් සමග හැප්පෙන, ප‍්‍රශ්න රටේ ඇති වනවට බොහෝ කැමැත්තෙන් සිටින කළු කබායන්ට යට වූ පිරිසක් සිටින බවද සටහන් තැබිය යුතුය. බල්ලොත් නොකන මුදලට වහල්වී කළු කබායේ බලයෙන් සාධාරණයට එරෙහිව කි‍්‍රයාකරන ලක් මවගේ දරුවන් හේතුවෙන් ඇතැම් විට ආනයනික කිරිපිටි ප‍්‍රශ්නය යට යා හැක. රටේ වන දේවල් අනුව එය පුදුම වන්නේද නැත.
වරද පෙන්වා දුන් පිරිස දේශයට ද්‍රෝහි වූ පිරිසක් ලෙසට කිරිපිටි ප‍්‍රශ්නයේ දී ඇතැමකුට ඇඟිලි දිගු වූ බවද සත්‍යයකි.
තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ ආනයනික කිරිපිටිවල ”ප‍්‍රශ්නයක්” තිබියදී එය යට ගැසීමට උත්සාහ ගත් පිරිස සාහසික පිරිසක් බවය.බහු ජාතික කිරිපිටි සමාගම් තාක්ෂණික විද්‍යා ආයතනයෙන්(ITI) ලබාදුන් වාර්තාව ප‍්‍රසිද්ධවීමත් සමග මාධ්‍ය මගින්, මුදල්දී දැන්වීම් ප‍්‍රචාරය කර කියා සිටියේ ආනයනික කිරිපිටිවල කිසිසේත්ම කෘතිම රසායන නොමැති බවත් ඇතැම් පිරිසක් වැරැුදි මතයක් ගොඩනගන අනිසි බියක් රට තුළ ඇති කිරීමට උත්සාහ ගන්නා බවත්ය. ආනයනික කිරිපිටි වන ඇන්කර්, ඩයමන්ඞ්, ඇන්කර් වන් ප්ලස්, මැලිබන් නන්ෆැට්, සහ දේශීය කිරිපිටි වන හයිලන්ඞ් කිරිපිටි, පැලවත්ත කිරිපිටි සාම්පල කාර්මික තාක්ෂණ පර්යේෂණ ආයතනයේ (ITI)දී පරීක්ෂාවට භාජනය වී තිබුණි.
මෙම වාර්තාවෙන් අනාවරණය වී තිබුණේ ආනයනික කිරිපිටි සියල්ලෙහි ඩිසිඩි සාමාන්‍ය අගයට වඩා සියයට පනහකට වැඩි ප‍්‍රමාණයක් අඩංගු බවයි.
මුදල්වලට යට වී රටේ දරු පරපුරට පවා විෂ අඩංගු කිරිපිටි විකිණීමට උඩගෙඩි දෙන නිලධාරින්, දේශපාලනඥයින් කර ඇත්තේ රටේ දරුවන්ට සාහසික අපරාධයකි.
මෙම මාතෘකාව පිළිබඳ අප කතා කරද්දි බොහෝ පිරිසක් චෝදනා කරනු ලැබුවේ දේශියත්වයට ගැතිව දේශීය ව්‍යාපාර නැංවීමට උත්සාහ දරන බවය. කිරිපිටිවල විෂ රසායන අඩංගු බව, තාක්ෂණ හා විද්‍යා අමාත්‍යංශයට අයත් අයිටීඅයි ආයතනයෙන් ඉදිරිපත් කළ විද්‍යාත්මක පර්යේෂණයක් අතැතිවයි අප මෙම කරුණු රටට ඉදිරිපත් කරන්නේ. මෙය විවෘත අභියෝගයකි.
රටේ අනාගත දරු පරපුරේ ශරීර සෞඛ්‍යයට අතිශයින් අහිතකර වන විෂ රසායන ඇති බව කීමට බලධාරින් මැළිවීම ඉතා කනගාටුවට කරුණකි. අනාගත පරපුරේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමකි.
මීට වසර කිහිපයකට පෙර මෙරටින් පිටරට සත්ව උද්‍යානයකට අලියකු ගෙන යෑම සම්බන්ධව මෙරට පුවත්වල පිටු 148 ඒ පිළිබඳව ලියැවී තිබුණත් දරුවන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල කරනා විෂ රසායන අඩංගු බවට කරුණු අනාවරණය වී තිබියදීත් ඒ වෙනුවෙන් කතිකාවක් ගොඩනගන්නට පුවත්පත්වල ලිපි පළ කරන්නට විද්‍යුත් මාධ්‍යයෙහි ඊට ඉඩක් වෙන්කර ගන්නට මානව හිතවාදින් වෘත්තිකයන් ඉදිරිපත් නොවනා රටක ජීවත්වීම අවාසනාවක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
වෛද්‍ය නිලධාරින්ගේ සංගම් සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කිරිපිටි සම්බන්ධයෙන් රටේ ඇති වී ඇති ප‍්‍රශ්නය ඉතාම උග‍්‍රයි. වෙනත් රටක විෂ රසායනයක් අඩංගු කිරිපිටි වර්ගයක් දරුවන්ට ලබාදී තිබූ බව ඔප්පු වුවහොත් එරට සෞඛ්‍ය ඇමැතිවරයාට දරුවන්ට වන්දි ගෙවීමට පවා සිදු වෙනවා.
නමුත් අපේ රටේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඩිසිඩි සම්බන්ධ ප‍්‍රශ්නය ගැන මාධ්‍යයෙන් අනාවරණය කිරීමට පටන්ගත් වහාම සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආනයනික කිරිපිටිවල විෂ රසායන නොමැති බව තායිලන්තයේ සිදුකළ පර්යේෂණයකින් ඔප්පු වී ඇති බවය.
ශ්‍රී ලාංකික ජනතාවගේම සෞඛ්‍ය නගා සිටුවීමට පෙනී සිටින සෞඛ්‍ය අමාත්‍යංශය දේශීය වගකිව යුතු ආයතනයක වාර්තාවක් නොපිළිගෙන විදේශ වාර්තාවක් පදනම් කරගනිමින් නිගමනයන්ට ඒමට උත්සාහ දැරීම ගැටලූ සහගතය.
සෞඛ්‍ය අමාත්‍යංශයේම තවත් ප‍්‍රකාශකයකු ප‍්‍රශ්නය වෙන මාවතකට යොමු කිරීමට මුද්‍රිත මාධ්‍යයකට ප‍්‍රකාශ කර තිබුණේ ඩිසිඩි යනු විෂ රසායනයක් නොවන බවක් එම රසායනයට වඩා දියලූණු විෂ සහිත බවත්ය. ආසනික්, ඩිසිඩි, කැඞ්මියම් වැනි දෑ සුළු ප‍්‍රමාණයන්ගෙන් ආහාරවල අඩංගුවීම ගැටලූවක් නොවන බවය.
සුළුතර පිරිසකගේ ලාභය වෙනුවෙන් රටේම ජනතාවට වන්දි ගෙවීමට සිදුවන මෙවැනි සිදුවීම් යට ගැසීමට විෂයභාර අමාත්‍යංශය කි‍්‍රයා කිරීම ගැටලූ සහගත බවය.
කාලයත් සමග ප‍්‍රශ්න යටපත් නොකර අන්තර් අමාත්‍යංශ කමිටුවක් පත්කර දියර කිරි ලංකාවේ ප‍්‍රචලිත කිරීමට දැන් හෝ කි‍්‍රයා කරන්නේ නම් එය කාලින අවශ්‍යතාවක් බවද වැඩි දුරටත් වෛද්‍යවරයා ප‍්‍රකාශ කළේය.
ෆොන්ටෙරා ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති පරීක්ෂණාගාරවල ඩිසිඩි පරීක්ෂාව කිරීමට තරම් තාක්ෂණික පහසුකම් නොමැති බවත් කාර්මික තාක්ෂණික ආයතනය මේ සම්බන්ධව කළ පරීක්ෂණයේ වාර්තාවන් සාවද්‍ය බවය.
මෙම ප‍්‍රකාශය තරයේ ප‍්‍රතික්ෂේප කරන අයිටීඅයි ආයතනය සඳහන් කරනුයේ ඩිසිඩි පරීක්ෂාව පමණක් නොව ඩිසිඩි අමු ද්‍රව්‍යයක්ම භාවිතයෙන් නිෂ්පාදනය කෙරෙන මෙලමයින් පරීක්ෂාවටද තම ආයතනය සතුව පරීක්ෂණාගාර තත්ත්ව රසායනික විශ්ලේෂණ උපකරණ සහ මේ සඳහා දැනුම ඇති විශේෂඥයින් පවතින බවය.
මෙම කරුණ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතාගෙනුත් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගෙනුත් තොරතුරු දැන ගැනීමට උත්සාහ දැරුවත් ඔවුහු කිසියම් සාකච්ඡුාවක නියැලී සිටි බව කියමින් අපහට තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කළහ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගොන් කිරි වස වෙන්නේ මෙහෙමයි
පාලිත Saturday, 24 August 2013 04:30 PM
අපේ රටේ මුදලින් යටවෙලා බලධාරීන් කරන අපරාධ පෙන්නුවට ස්තුතියි. සාමාන්‍ය මිනිස්සුන්ට කොලේ වහලා ගහන ගැහිලි වල අපරාධකාරයන්ට දඬුවම් දෙන්න ඕනෑ මිනිස්සු (නි)
මාවන් Sunday, 18 August 2013 07:02 PM
කරුණාකර මේ පිළිබඳ පෝෂණවේදීන්ගේ මතය විමසන්න. (නි)
මදූ Tuesday, 20 August 2013 02:06 PM
මහජනතාව දැනුවත්කරාට ලංකාදීපයට බොහොම පින්. බීමට නුසුදුසු කිරි වර්ගවල නම් කරුණාකර පලකරන්න. එය අපි හැමෝටම කරන උපකාරයක්. (අ)
නාරද Friday, 16 August 2013 05:33 PM
ඉතා හොද ලිපියකි (නි)
නේත්‍ර Wednesday, 14 August 2013 09:18 PM
මේ ලිපිය ගොඩක් වටිනවා.දීර්ඝ උනත් මේ ලිපියෙන් දැනගත්ත පණිවිඩය ගොඩක් ප්‍රයෝජනවත්.මෙවැනි අපරාද වලක්වන්න ඉන්න බලදාරීන් නිදාගෙන මෙන් සිටීම ගැන මහාජනතාව වශයෙන් ගොඩක් කණගාටු වෙනවා. (අ)
විජේසිරි Saturday, 17 August 2013 01:48 PM
අපට අවශ්‍ය මෙහෙම ඇත්ත කියන මාධ්‍යෙවේදිනියෝ.(නදී)
භාග්‍යා Friday, 16 August 2013 12:18 PM
කිරි බොන්න එපා එපා කිව්වට ඒ ඇයි කියලා දැනගත්තේ අද. බොහොම ස්තූතියි. (ස)
ලක්මාල් Tuesday, 13 August 2013 03:12 AM
අපේ ප්‍රණාමය මිලාන්! (නි)
බන්දුල Sunday, 11 August 2013 07:51 PM
ලිපිය දීර්ඝ නිසා ගොඩක් දෙනා කියවන්නෙ නැතුව ඇති. කරුණාකර මේ ලිපිය කියවන්න. ගොඩක් ප්‍රයෝජනවත් වේවි. අපිව දැනුවත් කළාට මේ ලිපියට දායක වුණ හැමටම ගොඩක් ස්තුතියි (නි)
ප්‍රසාද් Sunday, 18 August 2013 01:04 PM
ස්තූතියි! (නි)
චින්තක Sunday, 18 August 2013 01:05 PM
ජනතාව නිවැරදිව දැනුවත් කළාට ස්තුතියි (නි)
නිහාල් Friday, 16 August 2013 01:17 PM
ඉතාම ප්‍රයෝජනවත් කාටත් වැදගත් ලිපියක්. නොබියම ඉදිරිපත් කිරීම ගැන ප්‍රසාදය! (නි)
ගංගා Monday, 12 August 2013 10:59 AM
අසුනත එදිරිසුරිය ඔබට ගොඩක් පින්. ඔබ හෝ මේ පිළිබඳව අපිව දෙනුවත් කරන්න සිටියට (දී)
රාජා Thursday, 15 August 2013 03:31 PM
ඉතාම වටිනා ලිපියක්. අපව දැනුවත් කලාට ගොඩක් ස්තුතියි. (ස)
අජිත් Wednesday, 21 August 2013 10:13 AM
මෙම ලිපිය ඉතාම වැදගත්. අපේ රටේ අහිංසක මනුෂයෝ මේ වස වලින් මුදවා ගන්නවට. මෙය මහජනතවට පත්‍රිකාවක් ලෙස බෙදා දෙන්න පුලුවන් නම් ඉතා හොඳයි. (නි)
පැතුම් Saturday, 24 August 2013 02:12 PM
අපි හැමෝම දැන් කලයුතු දෙයක් තියනවා. අපිට මේ කිරි දුන් සමාගම්කාරයෝ එල්ලා මරා දැමීමට කියා අදිකරණයෙන් ඉල්ලීමක් කරමු.(නදී)
එන්.සී.ඒ. ගුණසේකර Wednesday, 28 August 2013 04:18 PM
අසුන්තා ඔබට දීඝායු ඉතා වදගත් ලිපියක්.මේ වගේ ලිපි දිගටම පලකරන්න .රටේ මහජනතාව දැනුවත් කරන්න. (ස)
චමීර Saturday, 17 August 2013 11:28 AM
ගොඩක් හොද ලිපියක්. (නදී)
සංජය ගයෂාන් හේරත් Friday, 16 August 2013 08:31 AM
හොද ලිපියක් (නි)