IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගමක් බිය කරන ගල්ගහන භූතයෙක්

    5_NIM_P_4

 

ඔන්න යක්ෂයා ගල් ගසනවා. මෙන්න භූතයෙක් අපේ වහලට ගල් ගසනවා. අයියෝ අපේ වහලටත් ගල් ගසනවා. අනේ දෙවියනේ හදා ගත්ත ගෙවල් දමලා අපි කොහේද යන්නේ. මෙන්න අපේ ගෙදරටත් ගල් ගහනවෝ. ගමම මහ අවුලක වැලිකන්න ගමේ ඇතිව ඇත්තෙත් බියකි .පාළුවකි.තනි කමකි. රාත්‍රියටද දහවලටද ගමේ සමහරු සිටින්නේ බියෙනි.සොහොනේ සිට එන මේ භූතයා කවුද? 


දින තුනක පමණ කාලයක සිට හංවැල්ල  අල්ලකන්ද වැලිකන්න ප්‍රදේශයේ සුසාන භූමිය දෙස සිට අද්භූත අයුරින් තම නිවාසවලට ගල් කැට විසි වෙන බැවින් දරුවන් සහ කාන්තාවන් මහත් බියට පත්වීම නිසාවෙන් තම ග්‍රාමයෙහි මහත් නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි එම ප්‍රදේශවාසීහු පවසති.මේ සම්බන්ධව ලද තොරතුර අනුව (29) උදෑසන අප එහි යන විටත් ගමිවාසීන් විශාල පිරිසක් නිවෙස්වලින් බැහැරව ප්‍රධාන මාර්ගයට විත් මහත් නොසන්සුන් අයුරින් සිටින ආකාරය ද එහි ගිය අපට දක්නට හැකි වූ අතර අප එහි ගොස් ජනතාව සමගින් මේ පිළිබදව විමසමින් සිටින අතරතුර ද අවට නිවාස වහල මතට ගල් කැට වැටෙන හඬ අපට ද අසන්නට අවස්ථාව ලැබුූණු අතර ඒ අවස්ථාවන්හීදී නිවාසවල සිටින කාන්තාවන් තම දරුවන්ද රැගෙන නිවසින් එළියට දිව යන ආකාරයද අපට දැකගත  හැකි වූ අතර නිවාස ගණනාවක වහලවල් මත කුඩා ගල් කැබැලි දක්නට ද ලැබුණි.

 

2

නිවැසියන් බියට පත්ව නිවාසවලින් දිව යන අයුරු

 


දමිළ සහ සිංහල ජාතීන්ට අයත් පවුල් 180 කින් සමන්විත මෙම ග්‍රාමයෙහි වැඩිදෙනා එදිනෙදා කුලී වැඩ කරමින් ජීවිකාව සරි කර ගන්නා අතර දවසේ උදෑසන සිට සවස් වනතුරුම වැඩි වශයෙන්ම කාන්තාවන් සහ ළදරුවන් පමණක් වාසය කරන බැවින් මෙම අද්භූත ගල් ගැසීම නිසාවෙන් තම නිවාසවල සියලු කටයුතු අඩපණ වී දරුවන්ගේ මනසට දැඩි බලපෑමක් සිදුව ඇතැයි එහි රැස්ව සිටි බොහෝ දෙනා අප සමඟ පැවසූහ. යම් මානසික ආබාධයක් ඇති ගමෙහි හෝ පිට ප්‍රදේශයක පිරිසක් මේ ආකාරයෙන් සොහොනට මුවා වී මේ ආකාරයට ගල් ගසනවා ද යන්න ද ගම්මුන් අතර ඇත්තේ සැකකයෙකි.
උදෑසන ආරම්භ වන ගල් ගැසීම මධ්‍යම රාත්‍රී කාලය දක්වා සිදු වන බවත් ඒ අතර මධ්‍යම දහවල් සහ සවස 3 ත් 4 ත් අතර කාලයේදී ගල් ගැසීම බොහෝ දුරට අඩු බවද ඔවුහු පවසති.


මේ පිළිබදව එම ගමේ පදිංචිකරුවකු වන ජානක කුමාර මහතා මෙසේ පැවසීය. දින තුනක පමණ කාලයක සිට මේ අයුරින් උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා ගමේ නිවාස ගණනාවක වහලය මතට මේ අයුරින් ගල් කැට වැටෙනවා බොහෝ වේලාවට එම ගල් කැට සුසාන භූමිය දෙසින් විසි වෙන බවට සැකයක් මතු වෙනවා. කවුරුන් හෝ සුසාන භූමියෙහි වළකින් පස් හාරා නිවාසවලට විසි කර තියෙන අයුරුත් දැක ගන්න හැකියි යැයි හෙතෙම කීය. නමුත් මේ හොර භූතයන් සොයාගන්නට අපි සැඟව සිටිය ද මේ යක්ෂ භූතයෝ අපට වසන් වී සඟවෙති.කරන්නට කියන්නට දෙයක් නැත අප සියල්ලෝම බියට හා ත්‍රාසයට පත්වී සිටියෙමු.    

 

3

ගම්වාසීන් නිවාසවලින් බැහැරව දිවා කාලය මහා මාර්ගයේ ගත කරන අයුරු

 


ඒ.කේ කුමාරි මහත්මිය අප කළ විමසුමක දී මෙසේ කීවාය. 


අපට දරුවන් එක්කලා නිවාසවල ඉන්න බයයි පුදුම කරුමයක් වෙලා තියෙන්නේ. උයා පිහා ගන්න විදිහක් නැහැ.ගෙදර වැඩක්පලක් කර ගන්න විදිහක් නැහැ අපි උදේ ඉදල මහත්වරු රස්සාවට ගිහින් නැවත එනතුර මහ පාරට වෙලා ඉන්නවා. ලෙඩෙකුටවත් ගෙදර ඉන්න විදිහක් නැහැ පොලිසියට දැනුම් දුන්නාහම එයාලා ආවත් අපට කිව්වේ ගල් ගහන කවුරුහරි අහුවුණොත් ගහල පොලිසියට භාර දෙන්න කියලයි.ඒක අපිට කවුරුවත් කියන්න ඕනේ නැහැ ගල් ගහන එකා අහුවුණොත් කරන්න ඕනේ දේ අපි දන්නවා.


හිටපු යුද හමුදා සෙබළකු වන මංජු මහතා කීවේ මේ  කරදරය පිළිබඳව අපි හංවැල්ල පොලිසියත් දැනුවත් කළා. ඒ නිලධාරී මහත්වරු කණ්ඩායමකුත් ඇවිත් බැලුවා ඒ වේලාවෙත් නිවාස කිහිපයකම වහලට ගල් වැටුණා පසුව අපි කණ්ඩායම් කිහිපයකට බෙදිලා දින ගණනාවක් පුරා සොයා බැලුවත් ගල් විසි කරන කිසිවෙකු අල්ලා ගන්න බැරි වුණා කවුරු හෝ බලධාරියෙක් මැදිහත්වෙලා මේ කරදරයෙන් අපිව බේරා දෙන්න 
වෛද්‍ය පී.එන් විද්‍යාකුලපති මහතා.

Nimthera - 02.qxd


හොල්මන් අවතාර විශ්වාස කරන්න ආමාරුයි.ඒත් අද සමාජය දෙස බැලුවහම හොල්මන් අවතාර පිළිගන්න අය ජීවත් වෙනවා.අපට හොල්මන් අවතාර ගැන මුලින්ම දැන ගන්නේ අපි පුංචිම කාලයේදී.කොහොම වුණත් ඉතින් ලොකු කුඩා කවුරුත් හොල්මන් අවතාර ගැන කථා අහන්න තියෙන්නෙ පුදුම කැමත්තක්නෙ. බොහෝ පොත්පත්වලත් හොල්මන් ගැන සඳහන් වෙනවා.


සමහර අය මේ හොල්මන් අවතාර දැකල තියනව කියලත් කියනවනෙ. විද්‍යාත්මකව ඔප්පුකරල නැති වුණාට හොල්මන් අවතාර කියල දෙයක් ඇත්තටම තියනව වෙන්නත් පුළුවන්.සමහර ස්ථාන වල හොල්මන් අවතාර තියනව කියල අපිට අහන්න ලැබෙනව. පාළු ගෙවල්, සොහොන් පිටි වගේ තැන්වල හොල්මන් අවතාර ගැවසෙනව කියල බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.ඇත්තෙන්ම මම නම් හිතන්නේ හොල්මන් කියලා දෙයක් නැහැ කියලා.පාළු ගෙවල්,සොහොන් පිටි ළගින් යන කොට සමහර අය කියනවා. ඔතන හොල්මන් ඉන්නව කියලා.එතකොට ඒ පුද්ගලයාට ඒ ගැන බය හිතෙනවා.එතනින් යන කොට යන්නේ බයෙන්.ගහක කොළයක් බිමට වැටුණත් ඔය ඉන්නේ හොල්මනක් කියලා බයේ දුවනවා.


හොල්මන් අවතාර අපේ ඔළුවට ඇතුළු වෙන්නෙ කුඩා කාලයේදිමයි. ඒ සමහර විට චිත්‍රපටි මගින්, කටකථා මගින්, ගෙදර අයගෙන්, යාලුවන්ගෙන්. සමහර අය හොල්මන් අවතාර දැකල තියනව කියල කියනවනෙ. විද්‍යාත්මකව නම් තාම මේ ගැන ඔප්පු කරලා නෑ, එයාලා කියන්නෙ ඉතින් මේවා මනෝභ්‍රාන්ති යනුවෙන් බව විද්‍යාකලපති මහතා කියයි. හොල්මන් ගැන මිනිසුන්ගෙ හිත්වල තදින්ම තැන්පත් වෙලා තියන නිසා තමයි ඒවා ආශ්‍රිත චිත්‍රපටි, නවකතා ආදී නිර්මාණයන් විශාල වශයෙන් නිපදවන්නෙ. සමහර විට ඔබත් හොල්මන් අවතාර පිළිබඳව විශ්වාස කරනව වෙන්න පුලුවන්. සමහර විටක ඔබ හොල්මන් හෝ අවතාර දැකල තියනවත් වෙන්න පුලුවන්. සමහර ස්ථාන වල අවතාර තියනව කියල අපිට අහන්න ලැබෙනව. පාළු ගෙවල්, පාළු මං මාවත්, තුන්මං හංදි, සොහොන් පිට්ටනි, රාත්‍රී කාලයේ අඳුරු ස්ථාන වගේ තැන්වල මේ අය ගැවසෙනව කියල බොහෝ දෙනෙක් විශ්වාස කරනව.

4
මේ විශ්වයේ අපිට නොපෙනෙන දේවල් කොයිතරම් ප්‍රමාණයක් තිබිය හැකිය. අපිට පේන ප්‍රමාණය කොපමණද. පියවි ලෝකයෙන් එහා ලෝකයක් තියනවද. හොල්මන්, අවතාර මේව මනඃකල්පිත දේවල්මද, නැතිනම් ඒවායේ ඇත්තක් තියනවද. ඒබ්‍රහම් ටී කොවුර්ගේ මතයට අනුව මේව මනෝභ්‍රාන්ති තත්වයන්ද. මුහුදට ඇල්පෙනිත්තක් දාලා ඒක උඩට ගත්තම ඇල්පෙනිත්තේ උඩ පැත්තෙ රැඳිල තියන වතුර බිඳුව තරම් ප්‍රමාණයක් තමයි අපි මේ විශ්වය ගැන දන්නෙ. මහා සාගරයක් තරම් දේවල් තියනවා. 


අල්ලකන්ද වැලිකන්න  මේ ගම්මානයේ ඉතාම අඩු පිරිසක් උගතුන් බුද්ධිමත් පිරිසවේ. මේ ගමෙහෙි සමහර පවුල් කිහිපයක්ම එතරම් දියුණුවක් නැත. අධ්‍යාපනයෙන් ද,පරිසරයෙන් ද ආර්ථිකයෙන් ද,සමාජ,පවුල් හා වෙනත් අවස්ථාවලින්ද අංගවලින්ද, ඒ සමහරක් ගමෙහි පිරසක් නොදියුණු තත්වයේ සිටිති. මේ අතර ගමේ සමහර තරුණ පිරිසක් හා කොල්ලන් කුරුට්ටන් පිරිසක් මෙය සිදු කළ බවට ගමේ කියනා කතාන්දරයකි.


කෙසේ නමුත්,මේ ගමෙහි සිදු වු බව කියන හොල්මන් කතාන්දරය ජනතාව කියන පවසන කතාන්දරයකි.මෙවැනි බාහිර ලෝකයෙන් පිට එහෙමත් නැත්තම් සාමාන්‍ය මිනිස් ජීවිතයට නුහුරු දේවල් අපි කාටත් අහන්න ලැබිලා ඇති. නමුත් ඒ සම්බන්ධව කටයුතු කරන හෝ වැඩි දුර හොයා බලන කෙනෙකුන් තවමත් මට හමු වී නැත.මේ ගැන මේවන විට සොයමින් සිටින්නේ වෛද්‍ය පීඑන් විද්‍යාකුලපති මහතාය.


සමහරු අදවන විට කරන්නේ, කරන්නේ අවතාරද විකුණාගෙන කෑමකි, ඔවුන් එවැනි දෑ මත යැපීමට පුරුදු වී සිටින පිරිසකි. හඳහන් බලන්නන්, යක් ඇදුරන් පේනකරුවන්, දේවාලකපුවන් මේ ආකාරයට ජනතාව හොල්මන් අවතාර යක්ෂයන් පෙන්වා මවා පා යැපෙති. හංවැල්ල ප්‍රදේශයේ ජනතාවද පිරිසක් මේ ආකාරයට යක් ඇඳුරන් සොයා ගියෝය.සමහරු දේවාල ගානේ ගියහ.යන්ත්‍රමන්ත්‍ර හදි හූනියම් හා ආරක්ෂක රැකවල් දමා ගත්හ. අර ආරක්ෂක වතුර මේ ආරක්ෂක වතුර හා කහ නූල් ද අඩුවක් නැත.


මෙහි දී අප නිගමනය කළ කරුණ වුයේ මෙවැනි දේ සෑම අයෙකුටම නොපෙනීමයි.මෙවැනි දේ සම්බන්ධව කතා කිරීම ත්‍රාසය ගෙන දෙන්නක් වීමක් වශයෙන් ගම්මානයේ සමහරු පැවසුහ.සමහරු  බොහෝ දෙනෙක් මේ බොරු යැයි ප්‍රශ්නය මඟහැරීම ද දැකිය හැකි විය.


ලෝකයේ සෑම රටකම පාහේ මෙවැනී අත්දැකීම් සම්බන්ධව මතිමතාන්තර පැවතී හංවැල්ල ප්‍රදේශයේද සිදුවන්නේ මෙවැනිම සිද්ධියකි.මෙය අප අද ඊයේ ඇසු කතාන්දරයක් නොවේ රටපුරාම හා ලෝකයේද මෙැනි කතාන්දර දැකිය හැකිය. පුරාණ කාලයේ පටන් අද දක්වාම නොනැසී පැවතිම මින් අදහස් කෙරේ.


මෙම ගල් ගසන සද්ද හා පියවි ඇසට නොපෙනීම හා හිටි හැටීයේ දර්ශණය වීම,යමෙක් හෝ පිරිසක්  බියගැන්වීමද බියවීමද යන්නද මේහි දී අපට සිතා ගත හැකි විය. මළ ගිය ප්‍රාණයන් ලෙස අර්ථ දැක්වීම සිදු කරීමත් වෙනත් හොරකමක් හෝ යම් ලිංගික අවශ්‍යතාවයක් හෝ වෙනත් සම්මත නොවු කටයුත්තක් සඳහා පිරිසක් හෝ පුද්ගලයෙක් ගමන් කිරීම මෙහිදි තවත් මතයක් බව ගමෙහි ජනතාව කීහ.


රාත්‍රියත් සමඟ එසේත් නැතිනම් අදුර සමඟ පවත්නා සම්බන්ධය නිවස නිවාඩු ගන්නවා කියන සිද්ධියක් නිසා භූතයෝ එසේ සිදු කළහැකිද රාත්‍රියට නිදිනැතුව සිටින පිරිස් සමහරු මේ කටයුත්ත සිදුකරන අප අනුමාන කරන පිරිස නිදියන්නේ සවසයි. ඒ නිසා ඒ වේලාවට සොහොන් කොත්වලින් ගල් නිවෙස්වලට එන්නේ නැත.


 කෙසේ තර්ක සිදුකළද,නවීන විද්‍යාවෙන් මේ පිළිබදව සොයා බැලීමට ඇති අපහසුතා නිසා අල්ලකන්දේ අමුසොහොනේ ගල්ගසන හොල්මන් අවතාර භූතයා කවුරුන්ද යන්න හිතාගත නොහැකිය.


සොහොන් හා පාළු නිවාස තුළ වැඩිපුර මෙවැනි දෑ ඇතැයි ප්‍රචලිත වීම තුළ ගම්වාසිහු  බියට පත්ව සිටිති. මේනිසා ගමේපිරිසක් රැකවල් දා ගමට ගල් ගසන පිරිස සොයන්නට කටයුතු කරමින් සිටිති.


මේවැනි විසඳුම් සොයා ගැනීමට අපහසු ගැටලු රාශියක් ඇති නමුත් මෙහි යම්කිසි සත්‍යතාවයක් නැතැයි බැහැර කළ නොහැකිවීම.නිසා තවමත් මේ ගැටලුව අප අතරම පවත්නා බව සැබෑවකි. මෙවැනි අත්දැකීම් වලට මුහුණ දුන් බොහොමයක් දෙනා පවසන ආකාරයට ඔවුන්ට දර්ශණය වී තිබෙන්නේ මළ ගිය ආත්මයන් එසේත් නොමැතිනම් නොපෙනෙන නමුත් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට හැකි යම් කිසි ජීවි හෝ අජීවි සත්ත්ව කොට්ඨසයක් ය. මියගිය අයවලුන්ගේ සොහොන් මත හා ඔවුන්ගේ අයිතියට තිබු ඉඩම් දේපල ආදියෙහි නොපෙනෙන අයිතිකරුවකු ලෙස සැරිසැරීමද මේ අතර ප්‍රචලිතම කතාන්දරයන්ය. මේවැනි හා තවත් නොයෙකුත් සිද්ධි දාමයන් පුරාවට දිවෙන මේ අවතාරයන් දවසක එළියට ගත යුතුමය නමුත් මෙය සම්පුර්ණයෙන්ම බැහැර කිරීමට හෝ සම්පුර්ණයෙන්ම පිළි ගැනීමට සමස්තයක් ලෙස කවුරුත් ඉදිරිපත් නොවන්නේ මේ සම්බන්ධව ඇති අනියත බිය හෝ මේය විශ්වාස කිරීමට තරම් සාධක කිසිවෙකුත් සතුව නොපවතිනා නිසාද?


මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත හංවැල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පරීක්ෂා කර ඇතත් සැකකටයුතු කිසිවක් හමු නොවූ බව මේ  පිළිබඳව කළ විමසීමේදී හංවැල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.තරුණ පිරිසකගෙන් පොලිසිය ප්‍රශ්න කළ ද කිසිවක් සොයාගත නොහැකි වී තිබේ. 


අමු සොහොනේ සිට ගමට ගල්,වැලි පස් ගසන පිරිස සිටින්නේ ගමේ නැතිනම් පිටස්තර පිරිසක්ද  ඔවුන් කව්ද යන්න ඉදිරියේ දී තහවුරුවනු ඇත.
ගාල්ලේ විදුල මනෝ විද්‍යා සංගමයේ පිරිස් හා පී.එන් විද්‍යාකුලපති මහතා සමඟින් තවත් වෛද්‍යවරු කණ්ඩායමක් එහි ගොස් පරික්ෂණ සිදුකරති.ඒ මත ගල් ගසන භූතයන් කවුරුන්ද යන්න රටපුරා ගල් ගසන භූතයන් සොයා දුන් ඔවුන්ට මේ සිදුවීමේ ද සත්‍ය තහවුරු කර ඔබට පවසන්නට හැකිවනු ඇත.

m



අදහස් (0)

ගමක් බිය කරන ගල්ගහන භූතයෙක්

නාමල් Sunday, 13 March 2016 07:42 AM

සීසීටීවී කැමරා සවිකරලා බලන්න පුලුවන්නේ මොකාද කියලා. තාක්ෂණය මෙච්චර දියුණු ලෝකේ ඕක මොකක්ද? (නි)

:       0       0

ආලෝක Saturday, 12 March 2016 05:42 AM

මෙවන් දේ බොහෝවිට මිනිසුන්ගේ වැඩ වෙන්න පුළුවන්. කෙසේ නමුත් ප්‍රේතයෙක් යක්ෂයෙක් හරි එහෙම කරනවා නම් හෝ භූතයෙක් වැහුණ කෙනෙක් කරනවා නම් ඒ ගහන්නෙත් අහළ පහළ තිබෙන ගල්ම තමයි. නැතුව වෙන ලෝකෙකින් අරගෙන ආ ඒවා නෙමෙයි. ආවේශයකින් එහෙම දේවල් කළාම ඒ ආතුරයාට සිහිය ආවහම දන්නේ නැහැ තමා ඒ දේ තමා කළා කියලා. මේ මගේම අත්දැකීම් රාශියක් අනුසාරයෙන් මා විශ්වාස කරන දෙය මිස සත්‍යය නොවන්න පුළුවන්. (නි)

:       0       0

සිසිර Sunday, 13 March 2016 02:54 PM

මට නම් විශ්වාස කරන්න බෑ (බ)

:       0       0

අශෝකා Friday, 11 March 2016 08:31 AM

මමනම් භූතයන් විශ්වාස කරනවා. ඒ ගැන අත්දැකිමුත් තියෙනවා. ලංකාවේ පදිංචියට ඇවිත් අලුතින් ඉදිකල නිවසේ මේ සියල්ල තිබුන. මන්තර කරුවන්ටද මුදල් ගෙව්වා. නමුත් පලක් වුණේ නැහැ. මම ඊට පස්සේ තීරණය කල බුදු ගුණ ගයන්න. මස තුනක් මස්මාලු කිසිවක් ගෙදරට ගෙනාවේ නැහැ. හොදට නාලා පිරිසිදුවෙලා තුන් සුත්ත්රයත් ජලනන්දන පිරිතත් කිව්වා! ඒවා එහෙමම නැතිවෙලා ගියා! එදායින් පස්සේ මම මේ බුදුගුණ බලය තදින්ම විශ්වාස කරනවා!(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2912 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 354 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 987 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 86 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site