අපගේ ලංකාදීපය ඊයේ (05) මුල් පිටුවේ පළ කළ ඡායාරූපය සියලු පාඨකයන්ගේ හදවත් කම්පනයට පත් කළ බවට සැකයක් නැත. . පාතදුම්බර අරත්තන හා මැදදුම්බර ඇල්ලියද්ද යන ගම්මාන යා කරන හුළු ගඟ තරණයට මෙම ගම්වැසියන් අත්වැල් බැඳගෙන සැඩ පහර මැදින් ගමන් කරන අයුරු එම ඡායාරූපයෙන් දැක්විණි.
හුළු ගඟ හරහා ඉදිකර තිබූ පාලම කැඩී ගොස් තිබීම මේ ත්‍රාසජනක අත්දැකීමට ගම්වැසියන් තල්ලු කර ඇති බව ද ඡායාරූප විස්තරයෙහි සඳහන් ය. ඔවුන්ට මහවැසි මැද වුව ද තමන්ගේ දෛනික අවශ්‍යතා ඉතා දුෂ්කරතා මැද පිරිමසා ගන්නට සිදුව තිබේ. ඒ සඳහා පරදුවට තැබීමට ඔවුන් සතුව ඇත්තේ තම ජීවිතය පමණි. ඔවුන් පසුගියදා පරදුවට තබා තිබුණේ එම වටිනා ජීවිතයි.
මේ පාලම කැඩීගොස් මේ වනවිට වසර දොළහක් ගතවී තිබෙන බව ද සඳහන් වෙයි. එම ගෙවීගිය වසර දොළහ තුළ ආණ්ඩු ගණනාවක් බලයට පත් විය. ලොරි ගාණකට පොරොන්දු දී බලයට ආවත් ගම් දෙකක් යා කරන පාලමක් හදා දීමට ඒ කිසිදු ආණ්ඩුවකට නොහැකිවීම ගැන අපට නම් දැනෙන්නේ ලජ්ජාවකි. එහෙත් ලජ්ජාව යන වචනය නම් ශබ්දකෝෂයෙන් කපාහැර තිබෙන දේශපාලකයන් නම් මෙවැනි සිදුවීම් ගැන මොහොතක් හෝ කම්පා වෙන්නේ නැති බව සහතිකය. ඔවුන්ට කාර් පර්මිට්, බාර් ලයිසන් පවුලටම රක්ෂණාවරණ ලබා ගැනීම වැනි ‘ඉතා වැදගත්’ කාරණා සම්බන්ධයෙන් වද වීමට කාලය අවශ්‍යය. ඒ හේතුවෙන් පොදු මහජනතාව මේ දුක් විඳිය යුතු ය.
ගමක ඇති පාලමක් කැඩීයාම ගැන එකවර බලධාරීන්ගේ අවධානය යොමු නොවීම සාමාන්‍ය තත්වයකි. එහෙත් ගම් දෙකක් යා කරන පාලමක් කැඩී යාම විශාල පිරිසකට බලපාන ගැටලුවකි. වඩාත් පුදුමයට කාරණය නම් මේ පාලම කැඩීගොස් වසර 12ක් ගතවනතුරු ඒ බව කිසිදු බලධාරියකුගේ අවධානයට ලක් නොවීම ය. අඩුම තරමින් මේ කාලයේ නැතත් ඒ කාලයේ ක්‍රියාත්මකව තිබූ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ හෝ අවධානයට මේ පාලම ලක්නොවූයේ මන්දැයි සොයා බැලිය යුතු නොවේ ද? එම ඡන්දය කල් දමා ගැනීමට පසු කාලයේ දැඩි උනන්දුවක් දැක්වූ දේශපාලකයන්ට නම් මෙවැනි පාලමක් ගැන වෙහෙසවීමට කාලය නැති වූවා විය හැකිය. ඇතැම් ඡන්දදායකයන් තම පළාත් මන්ත්‍රීවරයා එනතුරු කොස්ස, ඉදල රැගෙන බලා සිටින කාටුන් පුවත්පත්වල පළ වෙන්නේත් මෙවැනි කාරණා හේතුවෙනි.
සංවර්ධනය සම්බන්ධයෙන් විවිධ ආණ්ඩුවල මැති ඇමැතිවරුන් සිදුකරන පුරාජේරු කතා මෙරට වැසියන්ට හොඳ හැටි පුරුදුය. කනගාටුව වන්නේ එවැනි කතා සිදු කළත් පාලමක් හැදීම වැනි මහා පරිමාණ නොවන සංවර්ධන කටයුත්තක් ඉටු කිරීමට පවා පළාතේ මැති ඇමැතින් උනන්දුවක් දක්වා නොතිබීමයි. මෙහිදී එම ගම්මානවල පරිපාලන කටයුතු භාර රජයේ නිලධාරීන් ද මේ සිද්ධියට වගකිව යුතු බවද අපි සිතමු. දේශපාලන අධිකාරිය සමග රජයේ නිලධාරීන්ද එක්වී පවත්වන සංවර්ධන කමිටු සාකච්ඡාවලදී හෝ ගම් දෙකක් යා කරන පාලමක් කැඩීගොස් තිබීම සාකච්ඡාවට නොගත්තා නම් එය එම නිලධාරීන් අතින් සිදුවූ බරපතළ වැරැද්දකි. එහෙත් රජයේ නිලධාරීන් මේ සිද්ධිය පෙන්වාදී තිබියදීත් ඒ ගැන අවශ්‍ය කටයුතු සිදු නොකළා නම් ඒ සම්බන්ධයෙන් දේශපාලකයන්ට එහි වගකීම පැවරීම වැළැක්විය නොහැක.
පාලමක් කැඩීගොස් තිබීම පාතදුම්බරට සහ මැදදුම්බරට පමණක් සීමා වී නැත. මෙය එවැනි එක් සිද්ධියක් පමණි. එහෙත් මෙහි ඇති වඩාත් බරපතළ කාරණාව වන්නේ මේ දෙගම්වැසියන්ට සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමේදී පාලම නොමැතිවීම දැඩි ලෙස බලපාන අඩුපාඩුවක් වීමයි. දැඩි ලෙස වැස්ස ඇතිවන කාලයකදී එම අඩුව දෙගුණ වන බව අපගේ ඡායාරූපය නිහඬව පෙන්වා දෙන යථාර්ථයයි.
රටේම අවධානයට යොමු වූ මේ අඩුපාඩුව සම්පූර්ණ කර දීමට රාජ්‍ය නිලධාරීන් සහ රජයේ බලධාරීන් නොපමාව ක්‍රියා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය තමන්ගේ ජීවිතය ද පරදුවට තබමින් තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රියා කරන එම දෙගම්වැසියන්ගේ අප්‍රතිහත ධෛර්යයට උපහාරයක් වනු ඇත. එසේම මේ සිද්ධිය මෙවැනි අඩුපාඩු මත වාඩිවී පුටු රත්කරන රජයේ නිලධාරීන්ගේත් දේශපාලකයන්ගේත් ඇස් ඇරීමට හේතුවනු ඇතැයි අපේක්ෂා කරමු.
(***)
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගමට අඩු සැලකිලි යථාර්ථය පෙන්වන මැදදුම්බර ජන දුක