IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- ප්‍රබල  ප්‍රතිවාදීන් දෙදෙකු තරගයේ සිටින පසුබිමක තව දින දෙකකින් පැවැත්වෙන ජනපතිවරණය සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර:- කවුද ඔය කියන දෙන්නා. ඒ අය තමන් ප්‍රබල යැයි කියාගෙන යනව නම් එහෙම කියාගෙන යන්න දෙන්න. අපි අපේ මැතිවරණ ක්‍රියාවලිය බොහොම ශක්තිමත්ව කරගෙන යනවා. ඒ වගේම ආණ්ඩුවක් හැටියට මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගත්තා. ඒ ඇතැම් ඒවා බොහොම වේදනාකාරීA වුවත් ඒවා නොගෙන ආර්ථිකය ගොඩනැගීම අපහසුවුණා. ඒ නිසා ඒ පියවර අකැමැත්තෙන් වුවත් ගන්න අපට සිදුවුණා. දැන් ඒවායේ ප්‍රතිඵල ටිකෙන් ටික ලැබෙමින් පවතිනවා. ඒ කියන්නේ ජනතාවට ඇති වූ පීඩනය ක්‍රමයෙන් ලිහිල්වීම ආරම්භ වී තිබෙනවා කියන එකයි. මේ තත්වය අප තවදුරටත් වර්ධනය කරගත යුතුව තිබෙනවා.  මම මේ රටේ කතා කිරීමේ නිදහස තහවුරු කර තිබෙනවා. ඒ නිසා ඔබ කියන ඔය අයට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි තමයි අනාගත ජනාධිපතිවරු කියා ඒ අයට කියන්න පුළුවන්. ප්‍රතිඵලය මොකක්ද කියා තව දින හතරකින් බලාගන්න පුළුවන්. අපේ ජය ස්ථිරයි.

ප්‍රශ්නය:- එවැනි ස්ථාවරයක් ගන්න තරම් තිබෙන හේතු සාධක මොනවද?

පිළිතුර:- මම මේ රට බාරගන්න විට තිබූ තත්වය අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ජනාවට කන්න බොන්න නැතිව සිටියා. පෝලිම් යුගය කාටවත් අමතක වෙන්නේ නැහැ. රට බංකොලොත් වී කිසිවක් කර කියාගත නොහැකි තැනක අප සිටියා. නිදහසින් පසු මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයේ පීඩාවෙන් අත්මිදීම කරා ශ්‍රී ලංකාව දැන් ප්‍රවේශ වී සිටිනවා. එදිනෙදා ජීවිතය පිළිබඳ ස්ථාවර බවකින් අනාගතය පිළිබඳ අපේක්ෂා සහිතව ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය වෙමින් පවතිනවා. සියයට හැත්තෑවක පමණ තිබූ උද්ධමනය අද සියයට 1ට වඩා අඩු අගයකට පැමිණ තිබෙන්නේ අපගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් වශයෙන්. බංකොලොත් වූ රට ඉන් මුදාගෙන ජාත්‍යන්තරයේ පවා විශ්වාසය තහවුරු වන පරිසරයක් නිර්මාණය කර ගනිමින් ශක්තිමත් පදනමක් ආර්ථිකයේ ඇතිකර තිබෙනවා. මේ වන විට ජනතාවගේ ජීවන බර ක්‍රමයෙන් සැහැල්ලු වන දිශාවට ගමන් කරමින් සිටිනවා. ව්‍යාපාර කිරීමේ පහසුව ගොඩනැගෙමින් තිබෙනවා. ජනතාවගේ ආදායම් ක්‍රමිකව වර්ධනය වේවි. ඉදිරි කාලයේ මේ සියල්ලේ ප්‍රායෝගික ප්‍රතිඵල අත්විඳින්න පුළුළුන්. මම මේ සටනට ආවේ ප්‍රායෝගිකව වැඩ කර ඒවායේ ප්‍රතිඵල ජනතාවට ලබාදීලයි. එහෙම නැතුව අභියෝග ඉදිරියේ පැනල ගිහින් නෙමෙයි. තවමත් අපේ ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන් පහව ගිහින් නැහැ. මේ අර්බුදය විසඳන්න පුළුවන් වෙනත් කෙනකු නැති බව ජනතාව දන්නවා. ඒ ජනතාව මා කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා.

ප්‍රශ්නය:- ඉදිරියේදී රට ගොඩනගන වැඩ පිළිවෙළ පැහැදිලි කරන්නේ කවරාකාරයෙන්ද?

පිළිතුර:- ප්‍රධාන වශයෙන්ම මේ ක්‍රමවේදය ඉදිරියට ගෙනයා යුතුයි. ඉන් පරිබාහිරව ගියොත් යළිත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ජනප්‍රිය කතා කියමින් මේ රට හදන්න බැහැ. මේ ක්‍රමවේදය ඉදිරියට ගෙන යනවද නැද්ද කියන එක අනෙක් අයත් පැහැදිලිව ජනතාවට කියන්න ඕන. අයි.එම්.එෆ් එකත් එක්ක අපි එකඟතාවකට පැමිණ සිටිනවා. ඒ එකඟතාව ඉදිරියට පවත්වා ගන්නවද නැද්ද කියා තීරණය කළ යුතුයි. ඒ ගමන යන බව අපි පැහැදිලිව කියා තිබෙනවා. අනෙක් අය විවිධ කතා කියමින් සිටින නිසා ඔවුන් මේ සම්බන්ධ පැහැදිලි ස්ථාවරයක් රටට කියන්න ඕනෑ. රට හදන්න පුළුවන් කියන එක අපි ඔප්පුකර තිබෙනවා. ‘‘පුළුවන් ශ්‍රී ලංකා’’ වැඩ පිළිවෙළ රට හමුවේ තබා තිබෙනවා. අයි.එම්.එෆ් එකඟතා අනුව කළහැකි සියල්ල එහි සඳහන්.

දළ දේශීය නිෂ්පාදිතයේ සියයට පහක් දක්වා අපට ණය ගන්න පුළුවන්. අපේ අයවැය සම්බන්ධ කාරණාත් බොහොම පැහැදිලිව කියා තිබෙනවා. ඒත් ජ.වි.පෙ. ප්‍රමුඛ කණ්ඩායම ඔවුන්ගේ අයවැය සම්බන්ධව තවම කියන්නේ නැහැ. ඔවුන් කියන වියදම් අනුව අපි ගණනය කිරීමක් කළා. ඒ අනුව ඔවුන්ගේ ආදායම් වියදම් පරතරය රුපියල් බිලියන හතරක් වෙනවා. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 11.2ක්. එහෙම බැලුවාම එය අයි.එම්.එෆ් ගිවිසුමේ කොන්දේසි කැඩීමක්. එවැන්නක් වුවොත් පොලී අනුපාත අඩුම තරමින් සියයට 25කටවත් වැඩි වෙනවා. අයි.එම්.එෆ් ආරක්ෂාව නැතිවූ ගමන් ඩොලරය රුපියල් 500ට යනවා. එවිට ඇතිවන තත්වය අලුතෙන් කියන්න ඕන නැහැ. ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේ මිල විශාල ලෙස ඉහළ යාවි. ආර්ථිකය යලි අස්ථාවර වේවි. මේ ගැන මම කිව්වාම විවාදයකට එන්න කියා මට අභියෝග කළා. ඒකට මම සූදානම් වුණා. ඒත් තවම ආරාධනා නැහැ. මේවා ගැන සෘජුව වාද කරන්න මම කැමැතියි. ඒත් ඔවුන් පැන යනවා.

අයි.එම්.එෆ් එකත් ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා. අප දැන් ගෙනයන වැඩ සටහනේ අරමුණු සාක්ෂාත් කළ යුතු බව කියා තිබෙනවා. ඔවුන් නොකියා කියන්නේ කළ යුත්තේ දැන් තිබෙන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයන එක කියලයි. එය ආරක්ෂා කළ යුතු බවයි. අප දැනට ලබාගෙන තිබෙන ජයග්‍රහණය ආරක්ෂා කරන්න කියලයි. එහෙත් ඇතැම් අය කියන්නේ මේවා ජයග්‍රහණ නෙමෙයි කියලයි. එහෙම නම් මේවාට පැහැදිලි උත්තර දෙන්න අවශ්‍යයි. ඒත් මේ ප්‍රශ්න හමුවේ මාලිමාව නිශ්ශබ්දයි. අපේ වැඩ පිළිවෙළ බොහොම පැහැදිලියි. දැනට රටට ජනතාවට ජයග්‍රහණ ලබාදී තිබෙන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යනවා.

ප්‍රශ්නය:- බදු අඩුකිරීමක් ගැන අනෙක් පාර්ශ්ව වලින් කියැවෙනවා. එවැන්නක් කිරීමේ ප්‍රායෝගිකත්වය කුමක්ද?

පිළිතුර:- මාලිමාවත්, සජබත් එවැනි කතා කියා තිබෙනු දුටුවා. ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් කියා තිබුණා. හැබැයි  මේවා ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියා පැහැදිලි කරන්නේ නැහැ. පෞද්ගලික වාර්ෂික බදු නිදහස් සීමාව ලක්ෂ 24දක්වා වැඩි කරන බව කියනවා. මේවා කරන ක්‍රමය කියන්නේ නැහැ. යන්ත්‍ර සූත්‍ර සඳහා ප්‍රාග්ධන වියදම්වලින් සමාගම් ආදායම් බදු සඳහා සියයට 120 දක්වා වැඩි කරන බව කියනවා. වැට් බද්දට අදාළ භාණ්ඩ වර්ගීකරණය කර ඒ ඒ කාණ්ඩ සඳහා වෙනස් බදු අනුපාත හඳුන්වා දෙන බව කියා තිබෙනවා. 

එහෙමනම් මේ අය කරන්න යන්නේ මොකද්ද? මේවා ක්‍රියාත්මක කරනවාද නැද්ද? මේ ප්‍රශ්නවලට මේ අය පිළිතුරු නොදී පැන යනවා. දැන් ඔවුන් නිහඬයි. මේවා ගැන ප්‍රසිද්ධියේ වාද කරන්න මම ඕනම වෙලාවක සුදානම්. මේ අයගේ වැඩසටහන් ගැන මම අයි.එම්.එෆ් එකෙන් විමසුවා. ඒත් ඔය කවුරුවත් අයි.එම්.එෆ් එක සමග කතා කර තිබුණේ නැහැ. ඔය කියන ආකාරයට බදු සංශෝධන හෝ බදු ඉවත් කිරීම් කළොත් යළිත් 2022 මැයි මාසයේ තිබූ තැනට රට වැටෙනවා. දැන්මම ගෑස් සිලින්ඩර් ගෙදර ගෙනැවිත් තියාගන්න වෙනවා. තවත් බොරු කරලා වැඩක් නැහැ. මේ රාමුවෙන් පිට පැන්නොත් රට කඩා වැටෙනවා. මැතිවරණය අවසන්වී සති දෙකනින් අයි.එම්.එෆ් කණ්ඩායම ලංකාවට එනවා. දැන් තිබෙන ගිවිසුම ක්‍රියාත්මක  කරනවාද නැද්ද කියා එතකොට කියන්න ඕන. මේ අයට බලය ලැබුණොත් දෙන උත්තරය රටට කිව යුතුයි. ඒත් හොඳ වෙලාවට ඒ අයට බලය ලැබෙන්නේ නැහැ.

ප්‍රශ්නය:- දූෂණයට එරෙහි පියවර සම්බන්ධයෙන් ඔබගේ ප්‍රතිවාදීන් නිතර කියනවා. දූෂණය වැළැක්වීමට සහ දූෂිතයන්‍ට දඬුවම් දීමට ගන්නා පියවර මොනවාද?

පිළිතුර:- දූ         ෂණ විරෝධී නීති ගෙනත් තිබෙනවා. මේවා උඩින් මතුවුණේ නැහැ. බලෙන් අත්පත් කරගත් දේපල ආපසු ලබාගැනීමේ කෙටුම්පත සකසා තිබෙනවා. එය නීතියක් බවට පත්කළ යුතුව තිබෙනවා. වසර පහක දූෂණ විරෝධී සැලැස්ම සකස් කරන්න තිබෙනවා. එය ඉදිරි වසරේදී කෙරෙනවා. සමාගම් නීතිය, මුදල් විශුද්ධිකරණයට එරෙහි නීති ඇතුළු නීති ගණනාවක් සංශෝධනය කළ යුතුව තිබෙනවා. මේ කටයුතු කළාම දූෂණය පිටුදැකීමට සහ දූෂිතයන්ට දඬුවම් දීමට අවශ්‍ය නීති රාමුව සකස් වෙනවා. අයි.එම්.එෆ් සංවිධානය මේ සියල්ල සකසා තිබෙනවා. ලබන වසරේදී මේ සියල්ල සම්මත කරගන්න අවශ්‍යයි. ඒ වගේම මේ කටයුතු කිරීමට අපේ අයට පුහුණුවක් දෙන්න අවශ්‍යයි. එයට ලෝක බැංකුව, ඇමරිකාව උදව් දෙනවා.

දැනට තිබෙන ආදායම් බදු ජාලයත් පුළුල් කළ යුතුයි. තවත් අය මේ බදු දැලට ඇතුළත් විය යුතුයි. අනෙක් පක්ෂ දෙකම කතා කරන්නේ එක නීතියක් ගැන විතරයි. ඒ නීතිය දඬුවම් කිරීම විතරයි. හොරු අල්ලනවා කියා ඉවරයක් නැතුව කියවනවා. අයවැයට අවශ්‍ය මුදල් හොරු ඇල්ලීමෙන් ගන්නා බව ඔය පක්ෂ දෙකම කියනවා. ඩුබායි ගියත් විශාල මුදලක් තිබෙන කවුරුවත් තවම අල්ලාගෙන නැහැ. මේවායේ නඩු අසා ඇපීල්කර තීන්දු ගන්න තව වසර හයක් හතක් යාවි. අපරාධයෙන් ලබාගත් දේපල නීතිය යටතේ තව නඩුවක් පවරා තීන්දුවක් එන්න තවත් වසර කීපයක් ගතවේවි. වසර දහයකින්වත් මෙහා මේ කටයුතු වෙන එකක් නැහැ. ඒ කියන්නේ 2025 අය වැයට හොරු අල්ලා ගන්න සල්ලි නැහැ. 2026, 2027, 2028 ටත් ඒ සල්ලි නැහැ. ඒ නිසා මේ අය මොනවද කියන්නේ කියා ජනතාව නිවරැදිව වටහාගන්න අවශ්‍යයි. ජනතාව මුළා කරන කතා කියනවා හැරුණු කොට ප්‍රායෝගික දේවල් කියන්නේ නැහැ. හැබැයි අපි පැහැදිලිව දූෂණය පිටුදකින ශක්තිමත් වැඩපිළිවෙළ සකස් කරමින් සිටිනවා.

ප්‍රශ්නය:- රට සංවර්ධනයේදී ඉදිරියේදී ප්‍රමුඛතාව දියයුතු අංශ ඔබේ අවධානයට ලක්ව තිබේද?

පිළිතුර:- අංශ ගණනාවක් තිබෙනවා. කෘෂිකර්මය නවීකරණය කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය දෙගුණයක් කිරීමේ ඉලක්ක තිබෙනවා. ආයෝජන කලාප ඇතිකිරීම හරහා ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණ අප සතුයි. නව රැකියා ජනිත කර විරැකියාවට පිළියම් සෙවීම ප්‍රමුඛ ඉලක්කයක්. ජේ.ආර්. ජයවර්ධන ජනපති කළා වගේ යෝධ සංවර්ධන ව්‍යාපෘති කිරීමේ සැලසුමක් තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය නංවා ජනතාවගේ ජීවන මට්ටම ඉහළ තලයකට ඔසවන මේ රට සංවර්ධිත රටක් බවට පත්කෙරෙන වැඩසටහන් තිබෙන බව කියන්න පුළුවන්.

ප්‍රශ්නය:- ණය තිරසරකරණයේදී විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමට අනෙක් පාර්ශ්ව සැරසෙනවා. ඔබ මෙවැන්නක තිබෙන අවදානම දකින්නේ කොහොමද?

පිළිතුර:- අවශ්‍යතා අනුව ණය සමාලෝචන කටයුතුවලදී භාවිත කිරීමට විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන බවට ජාජබ කියා තිබෙනවා. එය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් සඳහන්. මේවා අපට බලපාන්නේ නැහැ. ණය තිරසරකරණ ගිවිසුම් තිබෙන්නේ අඩු ආදායම්ලාභී රටවල් සමග. මේ අය කියන්නේ අඩු ආදායම්ලාභී රටවල්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේදී වෙළෙඳපොළ ප්‍රවේශයක් සහිත රටවලට අදාළව ස්වෛරීත්ව අවදානම් සහ ණය තිරසරකරණය පිළිබඳ රාමුවයි අපට බලපාන්නේ. එයින් පැහැදිලි වන්නේ මේ අය වැරැදි බස් එකට නැගල කියලයි. වැරැදි බස් එකක නැග්ගාම යන්නේ වැරැදි ගමනක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මෙහෙම ගියොත් රටට අත්වන ඉරණම හිතාගන්නවත් බැරි වෙයි.

ප්‍රශ්නය:- ණය තිරසරකරණ ක්‍රියාවලියට මේවනවිට වසර එකහමාරක පමණ කාලයක් ගතව තිබෙනවා. අනෙක් පක්‍ෂ කියන ආකාරයට යළි එවැනි සමාලෝචනයකට ගියොත් මොනවගේ තත්වයක් උද්ගත විය හැකිද?

පිළිතුර:- තිබෙන ගිවිසුමට කැමැතිද කියා තව සති දෙකකින් අයි.එම්.එෆ් එක විමසනවා. අකැමැතියි කිව්වොත් ඒ අය එම වැඩපිළිවෙළ නතර කරනවා. ඊට පස්සේ යළිත් සාකච්ඡා කරාවි. ඒ සාකච්ඡා තවත් වසරක් එකහමාරක් ඉදිරියට ඇදී යාවි. අයි.එම්.එෆ් සහ අනෙක් රටවල් 18 සහයෝගය නැත්නම් මෙරටේ ආර්ථිකය ඉතාම නරක තැනකට ඇද වැටෙනවා. ඒක නවත්වන්න අමාරුයි. ඩොලරය රුපියල් 500 ට නගිනවා. ඒ ගණන කොතරම් කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඇත්තටම 2022 රට තිබුණාට වඩා නරක තැනකට රට වැටේවි. මේවා ක්‍රියාත්මක කළොත් ජනතාවට අන්ත දුක් විඳින්න වේවි. ඒක නවත්වන්න බැහැ. ණය සමාලෝචන නැවත කරන බව කියන මාලිමාවේ අය මාධ්‍යයට ඇවිත් හෝ මේවා කරන ක්‍රමය කියන්න ඕන. මූලික ප්‍රශ්න විසඳන්න අවශ්‍යයි. ඔවුන් ඉන්නේ ආනයන ආර්ථීකයකද අපනයන ආර්ථිකයකද කියා ඉතා පැහැදිලිව රටට කියන්න අවශ්‍යයි. කොහේ හරි යන ගමන් කෑගහගෙන ගියාට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ.

ප්‍රශ්නය:- රාජ්‍ය වියදම් වැඩිවන යෝජනා ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් ඇතුළත්. ආර්ථිකයේ තත්වය දැනටත් යහපත් නැත්නම් මේවාට අවශ්‍ය මුදල් සොයාගන්නේ කොහොමද?

පිළිතුර:- අපි වැඩ කරන්නේ අපි එකඟ වූ අයවැය සීමාව තුළයි. ලබන වසරේදී අපට රුපියල් බිලියන 1000 ක් අවශ්‍යයි. ඒ මුදල සොයාගන්න අපට පුළුවන්. අයවැය සීමාව තුළ ඒ කටයුත්ත කෙරෙන බව විශේෂයෙන් කියන්න අවශ්‍යයි. සියයට පහ ඉක්මවන්නේත් නැහැ. මේ වනවිටත් රාජ්‍ය ආදායම් ඉහළගොස් තිබෙනවා.

ප්‍රශ්නය:- ආදායම් සොයාගත හැකිබව ඔබ සඳහන් කළා. ඒ මුදල් සොයාගන්නා ක්‍රමය මොකක්ද? බදු ඉහළ නංවනවාද? බදු සහන දෙන බවත් කියනවා. බදු සහන දෙන අතර බදු වැඩි නොකර රාජ්‍ය ආදායම් නංවන ක්‍රමය මොකක්ද?

පිළිතුර:- ක්‍රම දෙකක් තිබෙනවා. බදු දැලට හසු නොවන පිරිසක් සිටිනවා. ඒ අය බදු දැලට හසුකර ගැනීමේ වැඩ පිළිවෙළක් තිබෙනවා. ඒ හරහා ආදායම් නැංවෙනවා. මේකට කාලයක් යනවා. එක වසරකින් වෙන්නේ නැහැ. දෙවනුව දළ දේශීය නිෂ්පාදිතය වැඩි වෙන්න වැඩි වෙන්න රාජ්‍ය ආදායමත් වැඩි වෙනවා. ඒ ඔස්සේ අපේ ආදායම් ඉලක්ක සපුරාගන්න පුළුවන්.

ප්‍රශ්නය:- විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධව අනෙක් අපේක්ෂකයන් ඔවුන්ගේ ඍජු තීරණය රට හමුවේ තබා තිබෙනවා. එහෙත් ඔබ ඒ කටයුත්ත ඊළඟ පාර්ලිමේන්තුවට බාර දෙන බව කියනවා. ඔබට ඍජු ස්ථාවරයක් නැතිද?

පිළිතුර:- අද ප්‍රශ්නය විධායක ජනාධිපතිධුරය නෙමෙයි. ඕක වෙනස්කළා කියා මේ වෙලාවේ ජනතාවට වැඩක් නෑ. ඕවා ගැන වාදකර ආර්ථික ප්‍රශ්නය අමතක කරනවා. අද තිබෙන ඇත්ත ප්‍රශ්නය ආර්ථිකය. ඒ ඇත්ත ප්‍රශ්නය යටපත් කරන්න ඔයවගේ ප්‍රශ්න සමහරු ඇදගෙන යනවා. කවුරු හිටියත් මිනිස්සු ජීවත් වෙන්න ඕන මේ රටේ. නොකෙරෙන දේවල් ගැන බොරුවට කතා කරල වැඩක් නෑ, විධායක ජනපති ක්‍රමය යටතේ දශක කීයක් ගමන් කළාද? අහෝසි කරන්න ඕනනම් මහ මැතිවරණයකට ගිහින් තුනෙන් දෙකක් අරගෙන ඒක කරන්න පුළුවන්. ඒත් ඒක කරන්නේ නැහැ. මේ පුටුවේ වාඩි වුණාම කවුරුත් මේක වෙනස් කරන්නේ නැහැ කියා ජේ.ආර්. මට කිව්වා.

ප්‍රශ්නය:- ටී.එන්.ඒ. පක්ෂය සජබට සහය දෙන බව ප්‍රකාශ වී තිබෙනවා. උතුරේ ප්‍රශ්න තවමත් විසඳී නැති පසුබිමක ඒ ජනතාව සම්බන්ධ ඔබේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර:- ටී.එන්.ඒ. එක එහෙම කාටවත් සහය දෙන්නේ නැහැ. එකැන පක්ෂ ගණනාවක් සිටිනවා. සුමන්දිරන්ලා සජිත්ට සහය දෙන බව කියා තිබෙනවා. අනික් අය එහෙම ස්ථාවරයක නැහැ. ඔවුන්ට තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නය. ඒ අය ඡන්දය දෙන්නේ ආර්ථික ප්‍රශ්නය විසඳන කෙනාට. ආර්ථික ප්‍රශ්නය විසඳන්නේ කවුද කියා ඔවුන් දන්නවා. බහුතර මන්ත්‍රීවරු මට සහය දෙනවා. උතුරේත් වතුකරයේත් බහුතරය ගන්නේ මම.

(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (14)

ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට

විජිත් Wednesday, 18 September 2024 04:51 PM

රනිල් වික්‍රමසිංහ සීයේ , මුලින්ම ඔයා දැනගන්න ඔයා කවුද කියලා. ඔයාට කොහෙත්ම ජනමතයක් නැහැ. ඔයා ඉදිරිපත්වුණු හැම ඡන්දයක්ම පැරදුණා. දැන් ඔබ අතදිගහැරලා කෝටි ගණන් සල්ලි වියදම් කරනවා මිනිස්සුන්ට අල්ලස් දෙන්න... ඒ සල්ලි තමයි ඔබ මහා බැංකුව හොරාකාපු සල්ලි. ඔබගේ මිනීමරු ඉතිහාසය ගැන අපිට අමතක නැහැ. ඔබ මේ කියන බොරු කෙබර මිනිස්සු අහන්නේ නැහැ. ඔබගෙන් අල්ලස් සල්ලි අරවා මේවා ගත්ත මිනිස්සුත් 21 වෙනිදාට ඔබට නොවෙයි ඡන්දේ දෙන්නේ....!

:       3       5

m. saman perera Wednesday, 18 September 2024 06:33 PM

ලැජ්ජයි ජිම් පප්පේ, රට අගාධයට දැම්මේ නැහැ...

:       9       15

m. saman perera Thursday, 19 September 2024 10:37 AM

රට අගාධයට යන්න දෙන්නේ නෑ.. උඹලා තමයි මේක කලේ

:       7       17

Lalith Thursday, 19 September 2024 07:57 PM

සීයේ ඒත් ණය ගෙවන්න වෙන්නේ අපිටමයි? මේත් ණය ගෙවන්න වෙන්නේ අපිට මයි නේද?

:       2       5

ranjith Thursday, 19 September 2024 08:15 PM

බල තණ්හාව හමුවේ මිනිස්සු කුජීත වන හැටි... මොනතරම් උප්පරවැට්ටි දැම්මද? ඡන්දෙ නොතියන්න. අන්තිමට ජනමතයට හිස නමන්න වෙනවා.

:       2       7

බණ්ඩා Thursday, 19 September 2024 11:17 PM

අනිවර්‍යෙන්ම ජ​.වි.පෙ බලයට ආවොත් ටික දවසකින් තෙල්, ගෑස්, පොහොර ගේන්න සල්ලි නැතිවෙයි. කොටස් වෙළඳ පොළ සහ සම්පූර්ණ මූල්‍ය වෙළඳ පළ කඩා වැටෙයි. ඩොලරය සමග උද්ධමනය අහස උසට යයි. වෙනිසියුලා වට වුනෙත් ඒක. එදාට ඔය කඩේ යන අය හොයාගන්නත් නැතිවෙයි.

:       6       3

වන්නකු Friday, 20 September 2024 06:05 AM

අවුරුදු හතලිස් ගණනක් ගිය ගමන කොහොමද ඒ දවස් වල වැල් පාලම හැදුවද?

:       1       6

Mark Ted Brooks Friday, 20 September 2024 09:01 AM

1977 දී පැවතී පාර්ලිමේන්තු මැතිවරණයේ දී අපේ ආච්චිලා සීයලා , දෙමව්පියන් රනිල් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළා, ඊට පස්සේ පැවතී මහා මැතිවරණයේ දී අපේ ඡන්දය ලබා දුන්නා, දැන් අපේ දරුවන් ගේ ඡන්දය නවත්ත රනිල්ට දිය යුතු නැත , රනිල් දැන් විශ්‍රාම යා යුතුයි . රටට කෙලවෙලා තියෙන්නේ , කරපු දෙයක් නම් නැත තවදුරටත් රනිල් කියන සියා ශ්‍රී ලංකාව පාලනය නොකළ වගේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවිය යුතු ය

:       2       5

pakeer Friday, 20 September 2024 04:15 PM

6 පාරක් අගමැති වෙච්චි කෙනෙක් කියන කතා...!

:       2       6

Karunajeewa Saturday, 21 September 2024 03:30 PM

අනිත් මතයන් වලට ඉඩ නැද්ද..? අසාධාරණයි...

:       1       2

ranjith Saturday, 21 September 2024 07:02 PM

ඡන්ද කල්දාපු පාලකයෝ ඉතිහාසයේ හැමදාම අන්ත පරාජයකට පත්වුණා... මෙවරත් එහෙම වේවි. බලතණ්හාවේ සීමාවක් නැති නිසා නිකන් පරාද වෙනවා.

:       1       3

Perera Sunday, 22 September 2024 04:39 AM

රට ආගාධයට දැම්ම එකෙක් ඔහෙත් .. අපි දැන් ජාති කුල ආගම් පන්ති බෙදා පසකෙලා සියල්ලෝම ලාංකිකයන් හැටියට රට ආගාධයෙන් ගොඩ ගන්න මේ පාර ඇවිල්ලා ඉන්නෙි

:       2       2

chandima Monday, 23 September 2024 06:13 PM

ගමන කියන්නේ කොයි ගමනද? ඔබතුමා ඉන්න කාලේ කිසිම ගමනක් ගියේ නැහැනේ... එකතැන හිටගෙන උන්නා මිසක්? සමහරවිට මලගෙවල් මගුල්ගෙවල් වලට සම්මන්ත්‍රණවලට ගිය ගමන් වෙන්න ඇති මේ කියන්නේ...

:       1       1

Nimal 1 Tuesday, 24 September 2024 06:43 AM

ඔබට නම් දැනටමත් ගමන වැරදිලා

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 617 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 975 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 140 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 389 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 556 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 927 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site