IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- ප්‍රබල  ප්‍රතිවාදීන් දෙදෙකු තරගයේ සිටින පසුබිමක තව දින දෙකකින් පැවැත්වෙන ජනපතිවරණය සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර:- කවුද ඔය කියන දෙන්නා. ඒ අය තමන් ප්‍රබල යැයි කියාගෙන යනව නම් එහෙම කියාගෙන යන්න දෙන්න. අපි අපේ මැතිවරණ ක්‍රියාවලිය බොහොම ශක්තිමත්ව කරගෙන යනවා. ඒ වගේම ආණ්ඩුවක් හැටියට මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගත්තා. ඒ ඇතැම් ඒවා බොහොම වේදනාකාරීA වුවත් ඒවා නොගෙන ආර්ථිකය ගොඩනැගීම අපහසුවුණා. ඒ නිසා ඒ පියවර අකැමැත්තෙන් වුවත් ගන්න අපට සිදුවුණා. දැන් ඒවායේ ප්‍රතිඵල ටිකෙන් ටික ලැබෙමින් පවතිනවා. ඒ කියන්නේ ජනතාවට ඇති වූ පීඩනය ක්‍රමයෙන් ලිහිල්වීම ආරම්භ වී තිබෙනවා කියන එකයි. මේ තත්වය අප තවදුරටත් වර්ධනය කරගත යුතුව තිබෙනවා.  මම මේ රටේ කතා කිරීමේ නිදහස තහවුරු කර තිබෙනවා. ඒ නිසා ඔබ කියන ඔය අයට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි තමයි අනාගත ජනාධිපතිවරු කියා ඒ අයට කියන්න පුළුවන්. ප්‍රතිඵලය මොකක්ද කියා තව දින හතරකින් බලාගන්න පුළුවන්. අපේ ජය ස්ථිරයි.

ප්‍රශ්නය:- එවැනි ස්ථාවරයක් ගන්න තරම් තිබෙන හේතු සාධක මොනවද?

පිළිතුර:- මම මේ රට බාරගන්න විට තිබූ තත්වය අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ජනාවට කන්න බොන්න නැතිව සිටියා. පෝලිම් යුගය කාටවත් අමතක වෙන්නේ නැහැ. රට බංකොලොත් වී කිසිවක් කර කියාගත නොහැකි තැනක අප සිටියා. නිදහසින් පසු මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයේ පීඩාවෙන් අත්මිදීම කරා ශ්‍රී ලංකාව දැන් ප්‍රවේශ වී සිටිනවා. එදිනෙදා ජීවිතය පිළිබඳ ස්ථාවර බවකින් අනාගතය පිළිබඳ අපේක්ෂා සහිතව ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය වෙමින් පවතිනවා. සියයට හැත්තෑවක පමණ තිබූ උද්ධමනය අද සියයට 1ට වඩා අඩු අගයකට පැමිණ තිබෙන්නේ අපගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් වශයෙන්. බංකොලොත් වූ රට ඉන් මුදාගෙන ජාත්‍යන්තරයේ පවා විශ්වාසය තහවුරු වන පරිසරයක් නිර්මාණය කර ගනිමින් ශක්තිමත් පදනමක් ආර්ථිකයේ ඇතිකර තිබෙනවා. මේ වන විට ජනතාවගේ ජීවන බර ක්‍රමයෙන් සැහැල්ලු වන දිශාවට ගමන් කරමින් සිටිනවා. ව්‍යාපාර කිරීමේ පහසුව ගොඩනැගෙමින් තිබෙනවා. ජනතාවගේ ආදායම් ක්‍රමිකව වර්ධනය වේවි. ඉදිරි කාලයේ මේ සියල්ලේ ප්‍රායෝගික ප්‍රතිඵල අත්විඳින්න පුළුළුන්. මම මේ සටනට ආවේ ප්‍රායෝගිකව වැඩ කර ඒවායේ ප්‍රතිඵල ජනතාවට ලබාදීලයි. එහෙම නැතුව අභියෝග ඉදිරියේ පැනල ගිහින් නෙමෙයි. තවමත් අපේ ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන් පහව ගිහින් නැහැ. මේ අර්බුදය විසඳන්න පුළුවන් වෙනත් කෙනකු නැති බව ජනතාව දන්නවා. ඒ ජනතාව මා කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා.

ප්‍රශ්නය:- ඉදිරියේදී රට ගොඩනගන වැඩ පිළිවෙළ පැහැදිලි කරන්නේ කවරාකාරයෙන්ද?

පිළිතුර:- ප්‍රධාන වශයෙන්ම මේ ක්‍රමවේදය ඉදිරියට ගෙනයා යුතුයි. ඉන් පරිබාහිරව ගියොත් යළිත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ජනප්‍රිය කතා කියමින් මේ රට හදන්න බැහැ. මේ ක්‍රමවේදය ඉදිරියට ගෙන යනවද නැද්ද කියන එක අනෙක් අයත් පැහැදිලිව ජනතාවට කියන්න ඕන. අයි.එම්.එෆ් එකත් එක්ක අපි එකඟතාවකට පැමිණ සිටිනවා. ඒ එකඟතාව ඉදිරියට පවත්වා ගන්නවද නැද්ද කියා තීරණය කළ යුතුයි. ඒ ගමන යන බව අපි පැහැදිලිව කියා තිබෙනවා. අනෙක් අය විවිධ කතා කියමින් සිටින නිසා ඔවුන් මේ සම්බන්ධ පැහැදිලි ස්ථාවරයක් රටට කියන්න ඕනෑ. රට හදන්න පුළුවන් කියන එක අපි ඔප්පුකර තිබෙනවා. ‘‘පුළුවන් ශ්‍රී ලංකා’’ වැඩ පිළිවෙළ රට හමුවේ තබා තිබෙනවා. අයි.එම්.එෆ් එකඟතා අනුව කළහැකි සියල්ල එහි සඳහන්.

දළ දේශීය නිෂ්පාදිතයේ සියයට පහක් දක්වා අපට ණය ගන්න පුළුවන්. අපේ අයවැය සම්බන්ධ කාරණාත් බොහොම පැහැදිලිව කියා තිබෙනවා. ඒත් ජ.වි.පෙ. ප්‍රමුඛ කණ්ඩායම ඔවුන්ගේ අයවැය සම්බන්ධව තවම කියන්නේ නැහැ. ඔවුන් කියන වියදම් අනුව අපි ගණනය කිරීමක් කළා. ඒ අනුව ඔවුන්ගේ ආදායම් වියදම් පරතරය රුපියල් බිලියන හතරක් වෙනවා. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 11.2ක්. එහෙම බැලුවාම එය අයි.එම්.එෆ් ගිවිසුමේ කොන්දේසි කැඩීමක්. එවැන්නක් වුවොත් පොලී අනුපාත අඩුම තරමින් සියයට 25කටවත් වැඩි වෙනවා. අයි.එම්.එෆ් ආරක්ෂාව නැතිවූ ගමන් ඩොලරය රුපියල් 500ට යනවා. එවිට ඇතිවන තත්වය අලුතෙන් කියන්න ඕන නැහැ. ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේ මිල විශාල ලෙස ඉහළ යාවි. ආර්ථිකය යලි අස්ථාවර වේවි. මේ ගැන මම කිව්වාම විවාදයකට එන්න කියා මට අභියෝග කළා. ඒකට මම සූදානම් වුණා. ඒත් තවම ආරාධනා නැහැ. මේවා ගැන සෘජුව වාද කරන්න මම කැමැතියි. ඒත් ඔවුන් පැන යනවා.

අයි.එම්.එෆ් එකත් ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා. අප දැන් ගෙනයන වැඩ සටහනේ අරමුණු සාක්ෂාත් කළ යුතු බව කියා තිබෙනවා. ඔවුන් නොකියා කියන්නේ කළ යුත්තේ දැන් තිබෙන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයන එක කියලයි. එය ආරක්ෂා කළ යුතු බවයි. අප දැනට ලබාගෙන තිබෙන ජයග්‍රහණය ආරක්ෂා කරන්න කියලයි. එහෙත් ඇතැම් අය කියන්නේ මේවා ජයග්‍රහණ නෙමෙයි කියලයි. එහෙම නම් මේවාට පැහැදිලි උත්තර දෙන්න අවශ්‍යයි. ඒත් මේ ප්‍රශ්න හමුවේ මාලිමාව නිශ්ශබ්දයි. අපේ වැඩ පිළිවෙළ බොහොම පැහැදිලියි. දැනට රටට ජනතාවට ජයග්‍රහණ ලබාදී තිබෙන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යනවා.

ප්‍රශ්නය:- බදු අඩුකිරීමක් ගැන අනෙක් පාර්ශ්ව වලින් කියැවෙනවා. එවැන්නක් කිරීමේ ප්‍රායෝගිකත්වය කුමක්ද?

පිළිතුර:- මාලිමාවත්, සජබත් එවැනි කතා කියා තිබෙනු දුටුවා. ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් කියා තිබුණා. හැබැයි  මේවා ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියා පැහැදිලි කරන්නේ නැහැ. පෞද්ගලික වාර්ෂික බදු නිදහස් සීමාව ලක්ෂ 24දක්වා වැඩි කරන බව කියනවා. මේවා කරන ක්‍රමය කියන්නේ නැහැ. යන්ත්‍ර සූත්‍ර සඳහා ප්‍රාග්ධන වියදම්වලින් සමාගම් ආදායම් බදු සඳහා සියයට 120 දක්වා වැඩි කරන බව කියනවා. වැට් බද්දට අදාළ භාණ්ඩ වර්ගීකරණය කර ඒ ඒ කාණ්ඩ සඳහා වෙනස් බදු අනුපාත හඳුන්වා දෙන බව කියා තිබෙනවා. 

එහෙමනම් මේ අය කරන්න යන්නේ මොකද්ද? මේවා ක්‍රියාත්මක කරනවාද නැද්ද? මේ ප්‍රශ්නවලට මේ අය පිළිතුරු නොදී පැන යනවා. දැන් ඔවුන් නිහඬයි. මේවා ගැන ප්‍රසිද්ධියේ වාද කරන්න මම ඕනම වෙලාවක සුදානම්. මේ අයගේ වැඩසටහන් ගැන මම අයි.එම්.එෆ් එකෙන් විමසුවා. ඒත් ඔය කවුරුවත් අයි.එම්.එෆ් එක සමග කතා කර තිබුණේ නැහැ. ඔය කියන ආකාරයට බදු සංශෝධන හෝ බදු ඉවත් කිරීම් කළොත් යළිත් 2022 මැයි මාසයේ තිබූ තැනට රට වැටෙනවා. දැන්මම ගෑස් සිලින්ඩර් ගෙදර ගෙනැවිත් තියාගන්න වෙනවා. තවත් බොරු කරලා වැඩක් නැහැ. මේ රාමුවෙන් පිට පැන්නොත් රට කඩා වැටෙනවා. මැතිවරණය අවසන්වී සති දෙකනින් අයි.එම්.එෆ් කණ්ඩායම ලංකාවට එනවා. දැන් තිබෙන ගිවිසුම ක්‍රියාත්මක  කරනවාද නැද්ද කියා එතකොට කියන්න ඕන. මේ අයට බලය ලැබුණොත් දෙන උත්තරය රටට කිව යුතුයි. ඒත් හොඳ වෙලාවට ඒ අයට බලය ලැබෙන්නේ නැහැ.

ප්‍රශ්නය:- දූෂණයට එරෙහි පියවර සම්බන්ධයෙන් ඔබගේ ප්‍රතිවාදීන් නිතර කියනවා. දූෂණය වැළැක්වීමට සහ දූෂිතයන්‍ට දඬුවම් දීමට ගන්නා පියවර මොනවාද?

පිළිතුර:- දූ         ෂණ විරෝධී නීති ගෙනත් තිබෙනවා. මේවා උඩින් මතුවුණේ නැහැ. බලෙන් අත්පත් කරගත් දේපල ආපසු ලබාගැනීමේ කෙටුම්පත සකසා තිබෙනවා. එය නීතියක් බවට පත්කළ යුතුව තිබෙනවා. වසර පහක දූෂණ විරෝධී සැලැස්ම සකස් කරන්න තිබෙනවා. එය ඉදිරි වසරේදී කෙරෙනවා. සමාගම් නීතිය, මුදල් විශුද්ධිකරණයට එරෙහි නීති ඇතුළු නීති ගණනාවක් සංශෝධනය කළ යුතුව තිබෙනවා. මේ කටයුතු කළාම දූෂණය පිටුදැකීමට සහ දූෂිතයන්ට දඬුවම් දීමට අවශ්‍ය නීති රාමුව සකස් වෙනවා. අයි.එම්.එෆ් සංවිධානය මේ සියල්ල සකසා තිබෙනවා. ලබන වසරේදී මේ සියල්ල සම්මත කරගන්න අවශ්‍යයි. ඒ වගේම මේ කටයුතු කිරීමට අපේ අයට පුහුණුවක් දෙන්න අවශ්‍යයි. එයට ලෝක බැංකුව, ඇමරිකාව උදව් දෙනවා.

දැනට තිබෙන ආදායම් බදු ජාලයත් පුළුල් කළ යුතුයි. තවත් අය මේ බදු දැලට ඇතුළත් විය යුතුයි. අනෙක් පක්ෂ දෙකම කතා කරන්නේ එක නීතියක් ගැන විතරයි. ඒ නීතිය දඬුවම් කිරීම විතරයි. හොරු අල්ලනවා කියා ඉවරයක් නැතුව කියවනවා. අයවැයට අවශ්‍ය මුදල් හොරු ඇල්ලීමෙන් ගන්නා බව ඔය පක්ෂ දෙකම කියනවා. ඩුබායි ගියත් විශාල මුදලක් තිබෙන කවුරුවත් තවම අල්ලාගෙන නැහැ. මේවායේ නඩු අසා ඇපීල්කර තීන්දු ගන්න තව වසර හයක් හතක් යාවි. අපරාධයෙන් ලබාගත් දේපල නීතිය යටතේ තව නඩුවක් පවරා තීන්දුවක් එන්න තවත් වසර කීපයක් ගතවේවි. වසර දහයකින්වත් මෙහා මේ කටයුතු වෙන එකක් නැහැ. ඒ කියන්නේ 2025 අය වැයට හොරු අල්ලා ගන්න සල්ලි නැහැ. 2026, 2027, 2028 ටත් ඒ සල්ලි නැහැ. ඒ නිසා මේ අය මොනවද කියන්නේ කියා ජනතාව නිවරැදිව වටහාගන්න අවශ්‍යයි. ජනතාව මුළා කරන කතා කියනවා හැරුණු කොට ප්‍රායෝගික දේවල් කියන්නේ නැහැ. හැබැයි අපි පැහැදිලිව දූෂණය පිටුදකින ශක්තිමත් වැඩපිළිවෙළ සකස් කරමින් සිටිනවා.

ප්‍රශ්නය:- රට සංවර්ධනයේදී ඉදිරියේදී ප්‍රමුඛතාව දියයුතු අංශ ඔබේ අවධානයට ලක්ව තිබේද?

පිළිතුර:- අංශ ගණනාවක් තිබෙනවා. කෘෂිකර්මය නවීකරණය කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය දෙගුණයක් කිරීමේ ඉලක්ක තිබෙනවා. ආයෝජන කලාප ඇතිකිරීම හරහා ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණ අප සතුයි. නව රැකියා ජනිත කර විරැකියාවට පිළියම් සෙවීම ප්‍රමුඛ ඉලක්කයක්. ජේ.ආර්. ජයවර්ධන ජනපති කළා වගේ යෝධ සංවර්ධන ව්‍යාපෘති කිරීමේ සැලසුමක් තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය නංවා ජනතාවගේ ජීවන මට්ටම ඉහළ තලයකට ඔසවන මේ රට සංවර්ධිත රටක් බවට පත්කෙරෙන වැඩසටහන් තිබෙන බව කියන්න පුළුවන්.

ප්‍රශ්නය:- ණය තිරසරකරණයේදී විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමට අනෙක් පාර්ශ්ව සැරසෙනවා. ඔබ මෙවැන්නක තිබෙන අවදානම දකින්නේ කොහොමද?

පිළිතුර:- අවශ්‍යතා අනුව ණය සමාලෝචන කටයුතුවලදී භාවිත කිරීමට විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන බවට ජාජබ කියා තිබෙනවා. එය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් සඳහන්. මේවා අපට බලපාන්නේ නැහැ. ණය තිරසරකරණ ගිවිසුම් තිබෙන්නේ අඩු ආදායම්ලාභී රටවල් සමග. මේ අය කියන්නේ අඩු ආදායම්ලාභී රටවල්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේදී වෙළෙඳපොළ ප්‍රවේශයක් සහිත රටවලට අදාළව ස්වෛරීත්ව අවදානම් සහ ණය තිරසරකරණය පිළිබඳ රාමුවයි අපට බලපාන්නේ. එයින් පැහැදිලි වන්නේ මේ අය වැරැදි බස් එකට නැගල කියලයි. වැරැදි බස් එකක නැග්ගාම යන්නේ වැරැදි ගමනක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මෙහෙම ගියොත් රටට අත්වන ඉරණම හිතාගන්නවත් බැරි වෙයි.

ප්‍රශ්නය:- ණය තිරසරකරණ ක්‍රියාවලියට මේවනවිට වසර එකහමාරක පමණ කාලයක් ගතව තිබෙනවා. අනෙක් පක්‍ෂ කියන ආකාරයට යළි එවැනි සමාලෝචනයකට ගියොත් මොනවගේ තත්වයක් උද්ගත විය හැකිද?

පිළිතුර:- තිබෙන ගිවිසුමට කැමැතිද කියා තව සති දෙකකින් අයි.එම්.එෆ් එක විමසනවා. අකැමැතියි කිව්වොත් ඒ අය එම වැඩපිළිවෙළ නතර කරනවා. ඊට පස්සේ යළිත් සාකච්ඡා කරාවි. ඒ සාකච්ඡා තවත් වසරක් එකහමාරක් ඉදිරියට ඇදී යාවි. අයි.එම්.එෆ් සහ අනෙක් රටවල් 18 සහයෝගය නැත්නම් මෙරටේ ආර්ථිකය ඉතාම නරක තැනකට ඇද වැටෙනවා. ඒක නවත්වන්න අමාරුයි. ඩොලරය රුපියල් 500 ට නගිනවා. ඒ ගණන කොතරම් කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඇත්තටම 2022 රට තිබුණාට වඩා නරක තැනකට රට වැටේවි. මේවා ක්‍රියාත්මක කළොත් ජනතාවට අන්ත දුක් විඳින්න වේවි. ඒක නවත්වන්න බැහැ. ණය සමාලෝචන නැවත කරන බව කියන මාලිමාවේ අය මාධ්‍යයට ඇවිත් හෝ මේවා කරන ක්‍රමය කියන්න ඕන. මූලික ප්‍රශ්න විසඳන්න අවශ්‍යයි. ඔවුන් ඉන්නේ ආනයන ආර්ථීකයකද අපනයන ආර්ථිකයකද කියා ඉතා පැහැදිලිව රටට කියන්න අවශ්‍යයි. කොහේ හරි යන ගමන් කෑගහගෙන ගියාට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ.

ප්‍රශ්නය:- රාජ්‍ය වියදම් වැඩිවන යෝජනා ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් ඇතුළත්. ආර්ථිකයේ තත්වය දැනටත් යහපත් නැත්නම් මේවාට අවශ්‍ය මුදල් සොයාගන්නේ කොහොමද?

පිළිතුර:- අපි වැඩ කරන්නේ අපි එකඟ වූ අයවැය සීමාව තුළයි. ලබන වසරේදී අපට රුපියල් බිලියන 1000 ක් අවශ්‍යයි. ඒ මුදල සොයාගන්න අපට පුළුවන්. අයවැය සීමාව තුළ ඒ කටයුත්ත කෙරෙන බව විශේෂයෙන් කියන්න අවශ්‍යයි. සියයට පහ ඉක්මවන්නේත් නැහැ. මේ වනවිටත් රාජ්‍ය ආදායම් ඉහළගොස් තිබෙනවා.

ප්‍රශ්නය:- ආදායම් සොයාගත හැකිබව ඔබ සඳහන් කළා. ඒ මුදල් සොයාගන්නා ක්‍රමය මොකක්ද? බදු ඉහළ නංවනවාද? බදු සහන දෙන බවත් කියනවා. බදු සහන දෙන අතර බදු වැඩි නොකර රාජ්‍ය ආදායම් නංවන ක්‍රමය මොකක්ද?

පිළිතුර:- ක්‍රම දෙකක් තිබෙනවා. බදු දැලට හසු නොවන පිරිසක් සිටිනවා. ඒ අය බදු දැලට හසුකර ගැනීමේ වැඩ පිළිවෙළක් තිබෙනවා. ඒ හරහා ආදායම් නැංවෙනවා. මේකට කාලයක් යනවා. එක වසරකින් වෙන්නේ නැහැ. දෙවනුව දළ දේශීය නිෂ්පාදිතය වැඩි වෙන්න වැඩි වෙන්න රාජ්‍ය ආදායමත් වැඩි වෙනවා. ඒ ඔස්සේ අපේ ආදායම් ඉලක්ක සපුරාගන්න පුළුවන්.

ප්‍රශ්නය:- විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධව අනෙක් අපේක්ෂකයන් ඔවුන්ගේ ඍජු තීරණය රට හමුවේ තබා තිබෙනවා. එහෙත් ඔබ ඒ කටයුත්ත ඊළඟ පාර්ලිමේන්තුවට බාර දෙන බව කියනවා. ඔබට ඍජු ස්ථාවරයක් නැතිද?

පිළිතුර:- අද ප්‍රශ්නය විධායක ජනාධිපතිධුරය නෙමෙයි. ඕක වෙනස්කළා කියා මේ වෙලාවේ ජනතාවට වැඩක් නෑ. ඕවා ගැන වාදකර ආර්ථික ප්‍රශ්නය අමතක කරනවා. අද තිබෙන ඇත්ත ප්‍රශ්නය ආර්ථිකය. ඒ ඇත්ත ප්‍රශ්නය යටපත් කරන්න ඔයවගේ ප්‍රශ්න සමහරු ඇදගෙන යනවා. කවුරු හිටියත් මිනිස්සු ජීවත් වෙන්න ඕන මේ රටේ. නොකෙරෙන දේවල් ගැන බොරුවට කතා කරල වැඩක් නෑ, විධායක ජනපති ක්‍රමය යටතේ දශක කීයක් ගමන් කළාද? අහෝසි කරන්න ඕනනම් මහ මැතිවරණයකට ගිහින් තුනෙන් දෙකක් අරගෙන ඒක කරන්න පුළුවන්. ඒත් ඒක කරන්නේ නැහැ. මේ පුටුවේ වාඩි වුණාම කවුරුත් මේක වෙනස් කරන්නේ නැහැ කියා ජේ.ආර්. මට කිව්වා.

ප්‍රශ්නය:- ටී.එන්.ඒ. පක්ෂය සජබට සහය දෙන බව ප්‍රකාශ වී තිබෙනවා. උතුරේ ප්‍රශ්න තවමත් විසඳී නැති පසුබිමක ඒ ජනතාව සම්බන්ධ ඔබේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර:- ටී.එන්.ඒ. එක එහෙම කාටවත් සහය දෙන්නේ නැහැ. එකැන පක්ෂ ගණනාවක් සිටිනවා. සුමන්දිරන්ලා සජිත්ට සහය දෙන බව කියා තිබෙනවා. අනික් අය එහෙම ස්ථාවරයක නැහැ. ඔවුන්ට තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නය. ඒ අය ඡන්දය දෙන්නේ ආර්ථික ප්‍රශ්නය විසඳන කෙනාට. ආර්ථික ප්‍රශ්නය විසඳන්නේ කවුද කියා ඔවුන් දන්නවා. බහුතර මන්ත්‍රීවරු මට සහය දෙනවා. උතුරේත් වතුකරයේත් බහුතරය ගන්නේ මම.

(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (2)

ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට

m. saman perera Wednesday, 18 September 2024 06:33 PM

ලැජ්ජයි ජිම් පප්පේ, රට අගාධයට දැම්මේ නැහැ...

:       2       8

m. saman perera Thursday, 19 September 2024 10:37 AM

රට අගාධයට යන්න දෙන්නේ නෑ.. උඹලා තමයි මේක කලේ

:       0       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 578 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 240 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 588 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 271 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 190 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 159 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 25 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 64 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site