IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ගම්පහ නගරයේ විනාඩි අටේ මහා කොල්ලය

 

 

ගම්පහ රෝහල අසල පිහිටි පෞද්ගලික ලීසිං සහ රන් බඩු උකස් ආයතන ශාඛාවකට අවිගත් කොල්ලකල්ලියක් පැන එහි තිබූ රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක පමණ මුදල් හා රන් ආබරණ පැහැරගත්තේ පසුගිය බදාදා (22) ය. ඒ දහවල් 1.45ට පමණය.

ගම්පහ යනු ශ්‍රී ලංකාවේ කාර්යබහුල නගරවලින් ප‍්‍රමුඛ වූවකි. ඉහත කී ලීසිං සහ රන් බඩු උකස් ආයතන ශාඛාව පිහිටියේ සෙනග වැඩි පුර ගැවසෙන ස්ථානයක ය. එදින එහි කළමනාකරු සහ තවත් සේවකයකු සේවයට වාර්තා කර තිබුණේ නැත. වැඩ බැලූවේ සහකාර කළමනාකරු විසිනි.

සුපිරි මෝටර් රියකින් පැමිණි බව කියන ගනුදෙනුකරුවකු එම ආයතනය ඇතුළට ගියේ ගනුදෙනුවක් කතා කර ගැනීමට යන බව පෙන්වමිනි. ඔහු ගැන කිසිවකු සැක නොසිතන්නට ඇත. ඒ ඔහුගේ හැසිරීම සැකයකට තුඩු නුදුන් නිසා විය හැකිය. ඔහු කෙලින්ම ගියේ සහකාර කළමනාකරු අසලට ය. ඒ ගනුදෙනුවක් ගැන කතා කිරීමට මෙන්ය. වැඩි වේලාවක් ගත වූයේ නැත. විනාඩියකටත් අඩු කාලයක දී තවත් හතර දෙනකු ආයතනය තුළට පැමිණියේ අවි අතැතිවය. සහකාර කළමනාකරු ළඟ සිටි පුද්ගලයා ද ඉනේ සඟවාගෙන සිටි පිස්තෝලය එළියට ගත්තේය.

‘දැඟලූවොත් තොපි ඔක්කොම වෙඩි තියා මරා දමනවා’ එක් කොල්ලකරුවකු කීය. ඒ වන විට ආයතනයේ සේවකයන් හත් දෙනෙක සහ තවත් ගනුදෙනුකරුවෙක් එහි වූහ. සිදුවන්නේ කුමක්දැයි ඔවුහු බයෙන් භීරාන්ත වූහ.

සියලූ දෙනාගේම ජංගම දුරකතන ඔවුන් භාරයට ගැණිනි. සේප්පුවල යතුරු ඇති තැන් දැනගෙන සේවකයන් සියලූ දෙනා ඇතුළේ වූ කාමරයකට දමා දොරගුළු දැමූ කොල්ලකරුවෝ සේප්පු දෙකක තිබූ දේපල පැහැර ගත්හ. පැහැරගත් රන් ආභාරණ පැකට් ගණන 186කි. එහි උකස් වටිනාකම රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ අසූ දහස් හයසියයකි. රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑ නව දහස් අටසියයක මුදලක් ද කොල්ලකරුවෝ පැහැර ගත්හ. දේපල පැහැරගත් කොල්ලකරුවෝ වාහනයකින් පැන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඒ සැණින් පොලිසියට තොරතුරු ලැබුණේය. ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විජිත ඞී. කොමසාරු, ගම්පහ පොලිස් අධිකාරි , රංජිත් මාසිංහ, ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්.එම්.එස් රාජකරුණා යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීහු එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ඇරැඹූහ.

ඇඟිලි සලකුණු සහ පොලිස් සොකෝ නිලධාරීහු ද සවස් වන විට එම ස්ථානයට ආහ. පොලිසියට හොඳ සාක්කියක් ලැබුණේය. ඒ සී.සී.ටී.වී කැමරා දර්ශනය. එම දර්ශනවල සැකකරුවන්ගේ සේයාරූ හොඳින් සටහන්ව තිබිණි. සැකකරුවන් කිසිදු බියක් සැකක් නැතිව ආයතනයට ඇතුළු වනු සහ අවි පෙන්වා සොරකම් කරන ඇයුරු එහි සටහන්ව තිබිණි.

සොරකම සඳහා ගතවී ඇත්තේ විනාඩි අටකටත් වඩා අඩු කාලයකි. ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට අමතරව තවත් කණ්ඩායම් දෙකක් මේ කොල්ලයේ පරීක්ෂණ සිදුකරති. ඒ පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය සහ පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයයි.

පොලිසිය සැකකටයුතු කාරණා කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි. හැකි ඉක්මනින්ම මේ කොල්ලයේ සුලමුල හෙළිකර ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය සැකකරයි. ප‍්‍රසිද්ධියේ සිදු වූ අපරාධ ගැන පසුගිය කාලයේ කොතෙකුත් අසන්නට දකින්නට ලැබුණි. මීට වසරකට පෙර ගම්පහ කප්රුක හිමිකරු ලැරික් සමන් රාජපක්‍ෂ කපා කොටා ඝාතනය කැරුණේ ගම්පහ නගර මධ්‍යයේදීය.

ඒකල ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හල් ප‍්‍රධානියෙකු සිය දියණියගේ විවාහ මංගලෝත්සවයට බැංකුවෙන් ගෙන ආ මුදල් ආයතනය අසල දී කොල්ලකෑවේ මීට මාස දෙකකට පමණ උඩදීය. ඒ සිද්ධියෙන් සති දෙකක් යන්නටත් මත්තෙන් එම ප‍්‍රධනියා මියගියේ හදිසි හෘදයාබාධයකිනි.

පසුගිය සතියේ පානදුරේ ස්වර්ණාභරණ හලක් කොල්ලකෑ බවට පොලිසියට පැමිණිලි ලැබිණි. ඒ ගැන විමර්ශන ඇරැඹූ පොලිසියට අනාවරණය වූයේ එය ව්‍යාජ පැමිණිල්ලක් බවයි. ස්වර්ණාභරණ අලෙවිහළ හිමි පවුලේ සාමාජිකයකු විසින් සැලසුම් සහගතව එය කර ඇතැයි පොලිිසිය සොයා ගත්තේය.

ගම්පහ පොලිසිය ගැන තවත් යමක් සඳහන් කළ යුතුමය. එහි දක්ෂ නිලධාරීහු සිටිති. නමුත් නිලධාරි හිඟයක් ද ඇති බව රහසක් නොවේ. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි. මේ සිද්ධියත් සමග පොලිසිය කල්පනා කළ යුතු තවත් කාරණයක් ඇත. ඒ නගර මධ්‍යයේ පිහිටි මූලස්ථාන පොලිසිය නගරයෙන් පිටතට ගෙන ගියාක් මෙන්ම නගරයේ ආරක්ෂාවට සරිලන ලෙස එහි නිලධාරීන් වැඩි කිරීමයි.

හයසියයක් පමණ සිටිය යුතු පොලිසියක තුන්සියයක් පමණ සිටීමෙන් දෙතුන් දෙනාගේ වැඩ එක් නිලධාරියකුට කරන්නට සිදුවීම ගැන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ අවධානයට මේ මොහොතේ හෝ යොමු වෙතියි අපි සිතමු.

 

කොල්ලකරුවන් රන්බඩු රැගෙන යන අන්දම සීසිටීවී කැමරාවේ දිස්වන අයුරු මෙම ඡායාරූප වලින් දැක්වේ


 

 

ගම්පහ පෞද්ගලික ලීසිං ආයතනයේ කොල්ලය සම්බන්ධයෙන් සිකුරාදා (23) උදෑසන සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුවකු නෙළුව ප‍්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව නෙළුව පොලීසියට සිද්ධිය දන්වා ඇත. ඉන් අනතුරුව නෙළුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. එම සැකකරුගේ රුව සහ ලීසිං ආයතනයේ සී.සී.ටී.වී ආරක්ෂක කැමරා දර්ශනවල සඳහන්ව තිබූ රුව සමාන යැයි පොලිසිය කියයි.

ගම්පහ කොට්ඨාස බාර පොලිස් අධිකාරි විජිත ඩි කොමසාරු මහතාට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගම්පහ රෝහල අසල පෞද්ගලික ලීසින් සමාගමක ශාඛාවක රන් ආභරණ සහ මුදල් පැහැර ගැනීමට සම්බන්ධ කොල්ලකරුවන් ගැන සාර්ථක තොරතුරක් ලබාදෙන පුද්ගලයකුට රුපියල් දස ලක්ෂය දක්වා මුදල් ත්‍යාගයක් පිරිනමන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

කොල්ලකරුවන් ගැන තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය සුරකින බවද සිරිවර්ධන මහතා පවසයි.
තොරතුරු ලබාදිය හැකි දුරකතන අංක මෙසේය.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති - 0777 923922 සහ 011 2911197
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරි - 077 4784646 සහ 033 2222228
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති - 077 3917092 සහ 011 2947780
 

 

තරිඳු ජයවර්ධන

 



අදහස් (0)

ගම්පහ නගරයේ විනාඩි අටේ මහා කොල්ලය

මංජුල Saturday, 31 August 2013 07:02 PM

මේවා නැවත අසන්නට නොලැබේවා

:       0       0

දනු Saturday, 07 September 2013 08:36 AM

අරුණ උඔලා වගේ මිනිස්සු තමයි මැරෙන්න ඕනා. උඔ මහ මී හරකෙක්.(නදී)

:       0       0

අරුණ Sunday, 25 August 2013 11:14 PM

ලංකාව සාමකාමීම රටක් කියලා කියන්නේ කොහොමද? කොටි නැතිකළාට පමණක් සාමකාමී රටක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

රොහාන් Friday, 30 August 2013 06:20 PM

අරුණ, ඔයාගේ මොලය තිබෙන තැන හරියටම මේ කතාවත් එක්ක හිතාගන්න පුළුවන්. ඇමරිකව වැනි රටවල් එක්ක බලනකොට අපේ රට තාමත් සාමකාමී රටක්. (නි)

:       0       0

ජනක Tuesday, 27 August 2013 10:09 AM

අරුණ ඔබගේ අදහස් හරිම වැරදියි ඔහොම හිතන්න එපා (දී)

:       0       0

චමත් Saturday, 31 August 2013 05:04 PM

ඔව් අරුණ, හොරකමක් මංකොල්ලයක් වගේද බෝම්බ පිපිරිලා මිනිස්සු මැරෙනකොට? හමුදාවේ අය තුවාල වෙනකොට මැරෙනකොට? ලංකාව දැන් සාමකාමී රටක්. මේ වගේ සුළු සිද්ධියක් එච්චර ගණන් ගන්න ඕනේ නෑ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 329 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 48 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 114 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 245 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 231 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 906 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 520 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site