IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගම්මඩුව 2

වාහල් නැටුම දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටයි. අවසානයේ දුම්මල කීරි ගසමින් යකුන් පලවා හරියි. බොහෝ විට පැය දෙකක් තුනක් පමණ ප‍්‍රලයවී නටයි. නැටුම අවසානයේ කහදියර ඉසීමෙන් පසු යථා තත්වයට පත්වෙයි. අඹ විදමන දකුණු ඉන්දියාවේ පඪිරජුගේ අඹ උයනෙහි හටගත් අරුම පුදුම අඹයක් බිද හෙලීම හුවා දක්වමින් නාට්‍යමය ස්වරූපයෙන් අඹ විදමන දක්වයි. ශකයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණෙන ආකාරය දැක්වෙයි. බෙරකරුවන් සහ මහල්ලා අතර දෙපැත්ත කැපෙන වචනවලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද රසවත් සංවාදයක් ඇතිවෙයි. මහල්ලාගේ ස්තී‘ ලෝලත්වයත් කාමුකත්වයත් ගැවියාගේ මනසට කා වැද්දීම තුළින් ප‘ජනනය ආදී මනුෂ්‍ය කාර්යයන් පිළිබද උනන්දුවක් මෙන්ම දැනීමක් ලබාදෙනවා ඇත.

නම්න් පසිඳු දඹදිව තුල පඬි රට රජ කළ නිරඳුට
යොදුන් ගණන් අඹ උයන් විය එහි මැද සෑදුන යසට
ඇසින් බලා බැරි නිමවන රන්කඳවෙයි ගහේ පාට
ගොසින් පතිනි එ අඹ ගසේ අඹයක පිළිසිද මොනවට
අරි න සැරෙන් පොලූ ගල්කැට වෙඩි සැර ආමුන පෙරලා
කරන සටන් බැරිව සෙනග සිට ආයුධ අත හැරලා
විදින වෙහෙස දැක දිවසින් සක් රජ කරුණා කරලා
රැගෙන දුන්න සහ ඔලගුව මහළු වෙසක් ගෙන දරලා
පුරුක් නවය සන්දිනිසා දුන්න අදියි වර වරක් විදල ඊය නවන්ට
මෙසේ කව් නිරිදුට උඩ බලන්ට
කලක් පවතිනා අණසක ගුවනේ කැරකී තිබෙන්ට
උලක් ඇන්න සේ අඹ කිිරි වැටුණේ පඩි නෙත මැකෙන්ට
රාම මැරිල්ල / මරා ඉපැද්දුම රාමාගේ බිරිද මිය ගිය පසු අවමගුලට රෙදි මිලදී ගැනීමට හෙට්ටියකු සොයා බලවත් පරිශ‍්‍රමයකින් පසු හමුවූ හෙට්ටියාගෙන් බලවත් කඩෙත්තු කිරීමෙන් අනතුරුව රෙදි මිලදී ගනී. රාතී‍්‍රනිදාගෙන පසුදා ඇහැරෙන හෙට්ටියාට දක්නට ලැබෙන්නේ රෙදි සොරාගෙන ඇති බවයි. වහා රාම සැක කරන හෙට්ටියා රාමාට තලා පෙලා මරා දමයි. එහෙත් රාමාට නැවත පන දීමට සිදුවන හෙට්ටියාට පත්තිනි දේවිය උදවු කරති. නැටුම්, ගැයුම්, වැයුම් වලින් සමන්විතව මෙම රංගනය ඉදිරිපත් කරයි. වර්තමානයේ ගව්මඩු තුළ රාම මැරිල්ල / මරා ඉපැද්්දුම ඉදිරිපත් කිරීම දුර්ලභය. දෙවොල් නැටීම මෙහිදී දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩ බැසිම රග දැක්වෙයි. සිද්ද දෙවොල් දෙවියෝ, දෙවොල් දෙවි හත්කට්ටුව, රටවන්දෙවි වේරගොඩදෙවි දෙවොල් බණ්ඩාර, වාහල් හාමුදුරුවො, වාහල දෙවොල්, මලල දෙවොල්්, දෙවෙල්, සීනිගම දෙවි ආදී වශයෙන් දෙවොල් දෙවියන් උදෙසා භාවිතා කරයි. ඉන්දියාවේ කර්නාටක ප‍්‍රදේශයේ නීලමාලි නැමැති නෞකාපතියෙකු වූ දෙවොල් දෙවියො මුහුදේ යාත‍්‍රා කරමින් සිටියදි කුනාටුවකට හසුව ලක්දිවට ගොඩබසින්නට උත්සහ කළහ. එවිට පත්තිනි දෙවියෝ ගිනිජල් හතක් මවා දෙවොල් දෙවියන් වැළැක්වීමට උත්සාහ කළද රෝගපීඩා නැති කරීමේ වරය අඩ සිනිගමදී ගොඩබැසීමට ඉඩදුන් බවත් සඳහන්ය. දෙවොල් නැටීමේදී දෙවොල් උපත, ලක්දිවට ගොඩ බැසීම කවිි කියා රග දක්වයි. දෙවොල් පද හතකි. දෙවොල් දෙවිලක්දිවටගොඩ බැස්සේ තවත් පිරිවර හත් කට්ටුවක් සමගිනි.
ඉරුදින ඉරුරැස් සාමි උපන්නේ
සඳුදින සඳ රැස් සාමි උපන්නේ
කුජ දින තෙදරැස් සාමි උපන්නේ
බුද දින බුදු රැස් සාමි උපන්නේ
ගුරු දින ගිනි රැස්සාම් උපන්නේ
කිවි දින ඒ මහ සාමි උපන්නේ
කුඩා සාමි සඳු දිනේ උපන්නේ
සත් දෙන කුමරුන් මෙසේ උපන්නේ
මෙකප පළමුව පහළ අපෙ මුනි රැකි දහම් සිල් ලොව් තුරා
එකළ දඹදිව කුමරුන් සත් දෙන විය සිටු පිළිසිද වරා
පිනට තම සිත නැමි මුනිදුට දෙමින් කටිනය එම වරා
පතා දෙව් වෙමි සිතා කටිනය දෙවොල් දෙවි පුදකළ වරා
දෙවොල් දෙවියන් යාපා පටුන, ලණුමෝදර, රීරිගල, ගිංතොට, බෙල්ලන් මොදර, සෙල්ලන්¥ව ගෝණගමුව, හම්බන්තොට, පානදුර ආදී ස්ථානයන්ට ගොඩ බැසීමට තැත් කළත් මුරකා්වලූන් අවසර නොදිම නිසා සීනිගමට ගොඩබැස ඇත. දෙවොල් භාගෙ කවි
සත් පත්තිනි දෙවි වන්තී
රන් රිදියෙන් ගෙන යදිතී
සත් පත්තිනි වරම් දෙති
යැදපු දෙවෙල් අදින් නැතී
ඉගුරු මිරිස් අබ සමගින
ලූනුද පස් කුලූ බඩු ගෙන
පස්ලෝ කටු ගෙන සමගින
යැදපු දෙවොල් දොස මෙසියන
අද ගොලූ බිහිරන් අරවා
ජඩ පෙළ කැසි මුසු අරවා
සැමදෙවි ආතුර ගලවා
සෙත් සිරි දි ආවඩවා
ආයුත් වඩාලා
කොතලෙන් පැන් වඩාලා
කළසෙත් මුදලා
මෙකළ කාරිය ආවඩාලා
අදිති පිළි සැට්ටත් සොද තොප්පිද
ගනිති අතට සිරියල් හා මුගුරුද
බලති යකුන් දුටු තැන බැට දෙති තද
තෙදැති දෙවොල් දෙවි සෙතදෙන් ලැබ පුද
කපුරු කස්තුරි සදුන් උරලෑ මුවද පිනිදිය කුප්පි පුරවා
අකුරු ලිත්කවි සින්දු වණ පොත් නිමිති වෙද පොත්ද ලියවා
මතුරු මනිත‍්‍රාද දැප කර නැකත් ගිනි චක‍්‍රමය කරවා
යතුරු පන්හිත් මූනද දැල් කටු ලියන පොත් පෙට්ටි පුරවා
නොයෙක් රත්නිල් පබලූ මනරන් මුතු මැනික් වයිරෝඩි ගත්
රිදී ද රත‍්‍රන් සලූද ඊසල් වරාගන් තඹ කාඩි පෙට්ටිත්
තඹත් ලෝකඩ දේද පිත්තල යකඩ වානේ ලොහො කඩාගත්
ගෙනත් නැව් ගෝරමුත් ඊයම් තට්ටු ඇද නැව් හතේ පුරවන්
තොප්පිකර උරබාහු කාගුල් ඔටුනු දුන හැද දෙවර බන්දිද
නෙත්ති රත‍්‍රන් මාලපටියද දවුල්ගස් කරමාල පටියද
සැට්ට කම්බිලි සහ මුරි වන්නද සේල බුබුලූ පටියද
ගත්තු පා මුදු වළලූ රසුනඳ ගිගිර සිව්සැට බරණ සමගද
උඩැක්කිත් බෙර රබන් මද්දිලි දවුල් තම්මැට්ටමද වීනා
හඬත් නද තම්බෝරු සක්ගෙඩි පුරන් පේත්තුද කොම්බු හොරණෑ
කුඩත් කොඩි කුඹ දෝලි කූනන් චාමරද සේසත්ද රැගෙනා
කොඩිත් රෙදි නැව් හතට වෙන්කර පංචතූරිය නාද දෙමිනා
කරක්කච්චිද සේල කම්බිලියෙන් තුන් විල්ලෝඩි ගනිමින්
කුලච්චිත් සොද කසා කච්චිද කාල්ලන් පට සේල හරියන්
තඩුප්පුත් සොඳ සීන් කම්බිලි රත්නවල්ලිද කොකිල පට්ටන්
ඉරට්ටුත් පොත් හරිද අබරණ වල්ලිද මුතු දැඩි රැළිද තොක්කන්
රත්න කම්බිලි සේල ඔලියල් පාරු සේලද කිවිසි විලඹුන්
මුත්තු වරියං සේල ගුජ්ජරියනුත් රතු සේරාඩි කලඹුන්
පච්ච වඩමත් කුලූද නිල්වන් සුදු කවද නිල් පිලීලෙන් යුත්
කච්චි මුරිවත් කඳන් කම්බා ඉද්දමල් මුතු වඩිග කායත්
පට්ට පට්මල් තොප්පි උඩ උරමාල සහ පරමදා සැට්ටද
කට්ටු සුරුට්ටුද අමු වඩිගද සැට්ට රතු පගලත්තු තොප්පිද
සැට්ට සන්තන් ඔවක් පටිසත නාගපසලන සම් සෙරෙප්පුද
කට්ටු බැද නැව් පොට්ටි පුරවා ලක්ෂ ගණනක් පැටෙව් නිවරද
දෙවොල් දෙවි ලංකාවට ගොඩ බැසිමෙදි බාධාකළ දෙවිවරු ගැනද කවි ගී ගයයි
සමන්ත කූට පර්වතයක සාසන බාරව සිටිනෙක
සවන් පුරා අසන බණත රකින සීලෙ සිල් මහිමෙක
අතින් දරණ පත් කඩයක නා ගණවැල නිතර අතක
සමන් දෙවිදු යන උතුමෙක දෙවොල් යකුට බලපෑවෙක
ජලෙන් උපන් ජල කුමරක නාථ දෙවියො යන සුරිඳෙක
ඈත සිටන් එනවා දැක දෙවොල් කුමරු ඒ ගල් නැවක
බිත තොටින් ආ උන්දැක යාපා පටුනේ තොට රැක
නාථ දෙවියො යන උතුමෙක දෙවොල් යකුට බලපෑවෙක
අයිල දෙකේ ආ මුණ රැක නැවතුනු හිමි අයියනායක
වෛර බදින හිත තදයක දහිරිය ගැන නොමැති සෝක
ලෙයිද ඇගේ මල් වැල් දැක උනුව ගියේ ඇටගත නෙක
අයියනායක දෙවි උතුමෙක දෙවොල් යකුට බලපෑවෙක
ඇද්ද මෙහෙම බල මහ්ිමෙක ගොසින් ඉපිද අඹ සුද්ද ඇතිව උයනක
පඬිරජු දැක එරන් අඹය විදපු හනික
විද්ද සැනින නැටි කැපුනෙක කිරිවැටිලා නෙත මැකුනෙක
සිද්ද පතිනි තෙද උත-මෙක දෙවොල් යකුට බලපෑවෙක
දෙවොල් නැටීමෙදී දෙවොල් දෙවියන්ට ලක්දිවට එන්නට සිදවූ කරුණුත් සිදුවූ බාධාත් දක්වනලද ප‍්‍රාතිහාර්යයන් පිළිබදවත් දෙවොල් කවිවලින් ගයවින් කටයි.
දෙවි සත් දෙනගේ--
උපතක් කියමි ලාගෙ
දුක් නිවන යාගේ
කියමි මේ කවි දෙවොල් බාගේ
මුහුදු මනි මේකලා
දෙවි වූ දිවැස් දැකලා
ගල් පහුර මවලා
දුන්නු මෙරට එන්න නොබලා
තෙද දෙවොල් යක්කූ
බහිරව පිල්ලි යක්කූ
ගිනි මදන යක්කූ
එන්න මෙකරට දෙවොල් යක්කූ
ඈත සිටන් ගොඩබැස එන්ඩ සපිරියේ
වැදී කුමක සේ එනවාට අපිරියේ
නොදැන එන්ඩ ඇරියොත් වැරදි කාරියේ
එදැක සමන් දෙවි ගොඩ එන්ඩ හැරියේ
කොතෙක් මෙතර දිය වටකර වළල්ලේ
දෙකක් පසුව ගිය තොටමුණ ඇසිල්ලේ
තොටක් තවත් දුටුවොත් සිත ලවුල්ලේ
තොටක් දැකපු ගොස් දෙවිනුවර වැල්ලේ
එතෙර සිට ඇවිත් උන් කරපු කාරියේ
මෙතෙර ගොඩ එන්ඩ උන් කරන වීරියේ
නොතිර නම් කළායින් වැරැදි කාරියේ
කතරගම දෙවිදු ගොඩ එන්ඩ නෑරියේ
නොදැක කෙලින ගග දියමෙන් සිසිල් උදාරයෙන් පැන ගිනි වී
මැදට සැක නො වී
අදහ සිතින් ලත් අණසකය බොහෝ වී
එදා පතිනි නම තැබුවට දෙවොල් දෙ වී
දෙවොල් කඩවත ඇල්ලීම දෙවොල් නැටුමේදී දෙවොල් දෙවියන්ට ඒමට බාධාවන ලෙස සුදු රෙද්දක් කඹයක් සේ අඹරවා අල්ලයි. නැයටුම් ශිල්පීන් දෙමළෙන් සහ දෙමළ අයෙක් වෑයමෙන් සිංහල කතා කරන්නා සේ ගුරුන් සමග සංවාදයේ යෙදේ. විහිළු තහලු පද වරද්දා කීම ආදියෙන් පේ‍්‍රක්ෂකයා ආශ්වාදයට පත්වෙයි.
දොළසක් දෙවි ගොඩ බැස මෙලකට පිරිවර සමග එදා
බලයක් පෑ තතිනි දෙවිදුගෙන් වරමුත් ලැබ එමදා
කෙළියක් ගිනි කෙලිනා ලෙස ගිනිමැලයේ දුවති එදා
හිලියක් වුණි මෙමුළු ලකට දෙවොල් සුරිදු වැඩිය එදා
තෙද වර පාමින් වර ලැබ පතිනි දෙවිදුගෙන් ලක සොද ලෙස වට
කෙළි පුද ලබවින් වැජඹෙන තම යස පලකොට
අද වැඩියොත් දෙවොල බාගයේ බණ්ඩර දෙවි පේනට
සිද බිද වෙයි සෑම සතගෙ උවදුරු දොස් මුලූ පූට
ලිහිල් නොකර මිනි අබරණ පැළද සුවද සමගින්නේ
විදුලි කළඹ මෙන් දිලිසෙන රන් ආවුද ගෙනතින්නේ
දෙවොල් බාගයේ බණ්ඩර දෙවි පේනට වඩිමින්නේ
සියල් සතගෙ උවදුරු ගිය රිවි දුටු පිනි බිඳු වැන්නේ
සිනිගම දැකලා
ගමරට මැදට වැඩලා
තෙද බලය, පාලා
දෙන්ඩ කෝවිල කර වදාලා
සීනිගම මැතිදුට
දමා ගිනි ජල් ලෙඩ කොට
කර කෝවිලක් වට
දුනොත් ලෙඩ හොඳ කරමි හනිකට
තේජස් වදාලේ
තුන්තානි ගෙන දෙවෙලේ
සුප් කප් දැලේ
කරපු දෙවිදුට ඒ දේවාලේ
කරපු දේවාලෙට
වැඩලා දෙවිඳු එතනට
ලොව හැම දනන්හට
දමා ගිතන් ගති තදකොට
තෙද බලය පෑවේ
අණසක දිව්වේ වූවේ
හැම දොස් මිදුවේ
බලය පෑ දෙවි කෙහෙල් ගමුවේ
සෙනගක් සමෝගේ
කියන ගින්දර රාගේ
එන නැව මේ කාගේ
කියන් එන නැව දෙවොල් බාගේ
ඉස මුව සෝදමින්
පිරිසුදු වතක් අදිමින්
ගසා දුම්මල සුවදින්
ගොසින් විල ළග ගසක් සොයමින්
මිල්ලයක් දැකලා
ගස පිස දමලා
අගුරු දුම්මල දීලා
එත්ලූ මිල්ලය සොයාලා
භගිනි කියන දෙමළ භාෂාවට
දෙගිනි සාව ඇවිලෙති ගිනි මැලයට
මෙගිනි පාගමින් මැල් නටන්නට
එගිනි කුරුම්බර වඩිනේ පේනට
සිද්ද පත්තිනි දෙවි වරම් දෙන්නේ
ලද්ද වරම් තුන් ලොව විහිදෙන්නේ
සුද්ද වංස ඇති දෙවොල් යකුන්නේ
සද්දවසක් ඇදුරා පේ වෙන්නේ
දහ අට බාසයයි කියති මෙසේයා
ලූහු බැද ගිනි පිට නටති මෙසේයා
ලූහුබැද යක් සෙන් දුවපු මෙසේයා
බිය වැද යක් සෙන් දුවපු රැසේයා
තිර හතරක් බිදිමින් නොලසේයා
සරසා වටතිර බදිති මෙසේයා
බිමට එපියවිලි එලූ පියසේයා
ගොසින් එගිනි කඳ සුන් කරනේයා
පිස්ලි වෙලා පනිමින් ගිනි මැලයට
දස්ස වෙලා වඩිනේ අද පේනට
මෙගිනි පාගවින් මැලේ නටන්නට
විස්තර පේනක් කියන්න හනිකට
හත් දවසක් ආයුද ගෙන සුරතට
එක් දවසක පිරිවර ගනනින් වට
දස දහනක් ගිනි රැස් විහිදෙන්නට
සත් දවසක් යැද තිබුනොත් දෙවිඳුට
දහස් ගණන් ගිනි පුපුරු මෙසේයා
දහස කෙළින තරු රැස් ලෙසිනේයා
රෝස් වෙලා යැද තිබුනු දොසේයා
දෝස මුදන්නට නටති මැලේයා
සත් පත්තිනි මැඩම වන්නට
සළඹ හතක් අතට ගන්ඩ
හැදපු දෙවොල් සන්හිඳෙන්ට
දිව සළුවෙන් ආවඩන්ඩ
ගිනි පෑගීම
සිද්ද පතිනි දෙවි නෙතට පෙනෙන්නේ
සැදි සීනිගම තොට දැක එන්නේ
සිද්ද පතිනි ගිනි වැටක් මවන්නේ
වැද්ද නොදී ගිනිකඳු පාගන්නේ
රුසිරු නවදෙන විමන වඩිනවා
හතර ටෙට් දෙවි දිවැස් බලනවා
ගිගිරි සළඹ දෙවොල් දෙවිඳු දරනවා
දෙවොල් දෙවඳු ගිනි කෙළියට එනවා
අග්නි දිගට වැදලා රඹ තොරණයි
රතුපිට පිළියෙන් බැදි උඩු වියනයි
රිදියෙන් රත්තරනෙන් රඹ තොරණයි
දෙවොල් දෙවිදු ගිනි කෙළියට වැඩියයි
දොළහ පෙලපාලිය පසුදා උදේ දෙවොල් නැටීමෙන් අනතුරුව දොළහ පෙනපාලිය නටයි. දොළහ දෙවියන්ගේ සිත් සතුටුකර ඔවුන්ගේ ආශිර්වාද ලබා ආතුර පිරිසට සෙත් කිරිම දොළහ පෙළපාලියේදී සිදුකෙරෙයි. දුම්මල, කහදියර කොතලය, මොට්ටැක්පිලිය, කුඩය, කොඩිය, සේසත, ඇතා, දවුල, තම්මැට්ටම , කොම්බුව, නලාව, යන භාණ්ඩ දොළහ පෙළපාලියේදී භාවිතා කරයි, ඇත්බන්ධනය මෙහිදී ඇතේක ීමීමෙක් ආදී සතුන් අල්වා දෙවියන්ට පූජා කිර්ම නාත්‍යානුසාරයෙන් රග දක්වයි.
නැතත් බලැති දොළසත් දෙවියන් නමට
කොතේක් පාලි කෙරුවත් නැත සිත සතුට
මෙතෙක් කර දොළස ආතුර රැකීමට
ඇතෙක් සොයා බැදලා දෙමි පඬුරකට
බලා පුත්තලම් මඩකලපව හිමයේ
බලා ඇවිද වැදි හත්කට්ව හිමයේ
මුලා නොවී තුන් සිටිනාකල හිමයේ
එදා බැඳ දුන්න දෙවිහට ඇතායේ
වදුරා
නැතත් හිම වතේ අතු අග දළු කන්නා
පුතේක් බඩ යටින් එල්ලා ගෙන එන්නා
මදක් රැවුල ඔරවා බිරු සන් දුන්නා
ඇතෙක් දුටිමි ගහනින් ගහකට පැන්නා
මුවා
අං දෙක බරු ලෙසට පිට දඅග විහිදෙච්චී
කං දෙක බට දළුව විලසට බේරිච්චී
තැන් තැන්වල හමේ සුදු ලප ඉහිරෙච්චී
ගම්බිර හොද ඇතේක් අද මට හමුවෙච්චී
ඉබ්බා
තැනත් හිම වතේ තැන් තැන්වල හිටියා
එතෙක් කර කියමි දුටුවේ නැති සැටියා
කොතෙක් වත් මහත නැත ලා සක් කැටියා
ඇතෙක් දුටුමි ඒ දණ්ඩක් උඩ සිටියා
ලේනා
ටිං ටිං ගගා කිතරම රැුව් දී සිටියා
රන්වන් ඉරි තුනක් පිට දිග ඇති සැටියා
යම් තම් හඬක් නැගුනොත් ගහ උඩ සිටියා
මන් අද ඇතෙක් දුටුවා වැට ළග සිටියා
ඇතා
කෙසෙල් කඳන් සේමයි දළ ඇතාගේ
වට්ටි කුළු වගොයි කන්දෙක ඇතාගේ
බැවිල මල් වගෙයි ගෝමර ඇතාගේ
බඳන්න බැරි කිම සාමිනි ඇතාගේ
ගරා වෙස් පෑම ඇස්වහ, කටවහ, හෝවහ ආදී කසල දොස් දුරු කිරිම ගරාවෙස් පෑමෙන් අපේක්ෂා කෙරේ. වචන මාරුකර කිවිම දෙපිට නැපෙන වචන මෙන්ම අසභ්‍ය වචනද කරා යකා සහ ගුරුන් අතර හුවමාරු කරගනී. විලක්කු සිටුවීම ගරා වෙස් පෑමෙන් අනතුරුව විලක්කු දල්වා ආතුරයින්ට සෙත් පතා වස් දොස්පහ කරයි.(හීන් පන්දම් විශේෂය විලක්කු නම් වෙයි)
අවුලා විලක්කු
වැන්දෝ දනෝ එක්කූ
දෙව් දොළහ එක්කූ
මෙයින් ගන්නේ ඒ විලක්ක
පැලේ උඩට ගොස් උරගුන් වැටුනද
රැලේ වෙලා කිකිළිය හැඩලූවද
කුලේ වැදූ ඇතු සැවොම මැරෙව් කවුද
බලේ ඇතිව ඉන්දොස යයි මුල් සිද
මූදු රෙළ බෝ පඩිගේ වැසුවා
ගම් බම් වාදය වී දිවිරුවා
දොළහ දෙවිදු හට දොස්කර වූවා
ඉන් ආ වස් දොස් අද දුරු වූවා
ඇල්ලේ මාවත බිම ඉරි ඇන්දා
මලලේ ලා උරගුන් බැන්දා
තෙල්මේ මිහිකත අනුහසයෙන්දා
ඇල්මේ ජලමෙන් දොස ගියේ බින්දා
පානේ රැල් ගඩපිඹලා නිව්වා
යානේ පැදුරට නොකියා ආවා
මානේපොළටය දොස්කර කීවා
මෙතැනේ උවදුරු අද දුරු වේවා
මේ ආදී වශයෙන් සෙත් ශාන්තතිකර දලුමුර(බුලත්) පූජාකර දේව දානය දී දෙවොල් මඩුවේ කටයුතු නිමාවේ, සෞන්දර්ය කලා විශ්ව විද්‍යලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලයනල් බෙන්තරගේ මහතාට විශේෂ ස්තුතිය පිර්නමමු. ආශ‍්‍රිත ග‍්‍රන්ථ
  • පත්තිනි දෙවියෝ යාතුකර්ම සහ පුදපූජා
කර්තෘ දයා අමරසේකර ප‍්‍රකාශක ආරිය ප‍්‍රකාශකයෝ ප‍්‍රථම වුද්‍රණය 2007 සැප්තැම්බර්
  • සිද්ද දොවොල් දෙවියෝ
කර්තෘ අසෝක මාලිමගේ ප‍්‍රකාශක කර්තෘ ප‍්‍රථම මුද්‍රණය 2007 ජුලි
  • පුරාණ පත්තිනි හෑල්ල
කර්තෘ සේන අම්බලන්ගොඩ ප‍්‍රකාශක මල්ටි පොත්හල ප‍්‍රථම මුද්‍රණය 2009
  • තොවිල්
කර්තෘ ජේ කේ සුමනපාල සමරසේකර එම් ඞී ගුණසේන සහ සමාගම
  • ගම්මඩුව සිංහල විශ්වකෝෂ උද්ධෘත
ප‍්‍රකාශක සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව මුද්‍රණය 1996 සම්පාදනය සිංහල විශ්වකෝෂ කාර්යාලය
  • අපේ ශාන්තිකර්ම
කර්තෘ නන්දික බැද්දේුගම ප‍්‍රකාශක එස් ගොඩගේ සහ සහෝදරයෝ ප‍්‍රථම මුද්‍රණය 2008
  • දෙවොල් දෙවියෝ
කර්තෘ මහාචාර්ය තිස්සකාරියවසම් ප‍්‍රකාශක වෛi ජයසිරි මෙන්ඩිස් ප‍්‍රථම මුද්‍රණය 1992 සැප්තැම්බර් 8
  • ස්පෝලියා සෙලනිකා
සංස්කාරක සිරිනිමල් ලක්දුසිංහ ප‍්‍රකාශක ජාතික කෞතුකාගාර දෙපාර්තමෙන්තුව 1994 ‘ගම්මඩුව‘ සම්බන්ධයෙන් ඔබගේ අදහස් හෝ යෝජනා www.lankadeepa.lk  වෙත එවන්න. වාහල් නැටුම වාහල් නැටුම වාහල් කල ගෙන නැටීම බිදුනු නල ඉවත්කිරීම සක්ගෙඩිය ගෙන වාහල් දෙවොල් නැටුම (දෙවොල් කාගුල් පැලදනැත) දෙවොල් නැටුම (දෙවොල් කාගුල් පැලදනැත) දෙවොල් (දෙවොල් කාගුල් සමග) ගරායක් නැටුම



අදහස් (0)

ගම්මඩුව 2

අමිත ජයසිංහ Saturday, 06 April 2013 09:43 PM

මට අවශ්‍යයයි කිරිඅම්මා දානය දෙන නිවැරදි පිළිවෙල හා ගායනා කරන ස්ත්‍රෝත්‍ර හා කවි දැනගන්න. (නි)

:       0       1

නිත්‍යා Saturday, 05 January 2013 01:53 PM

පාරම් පරික‍ දේ අසන්නට දකින්ට අවස්ථාව සලසාදීම ගැන ස්තූතියි (ස)

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1277 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4671 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 127 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 514 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 419 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1685 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site