සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම ගොවියා වාර්ෂිකව සිදුකරන කාර්යයකි. එක් ගමෙක පමණක් නොව ගම් හතක පමණ පිරිසක් එකතුවන ගම්මඩු ශාන්තිකර්මය විවිධ හේතූ නිසා ක‍්‍රමයෙන් අපගෙන් ඈත්වී අභාවයට යමින් පවතී. පාරම්පරිකව හා විවිධ ගුරුගෝල සම්බන්ධතා මත පැවතෙමින් ආ මේ මහා ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යය පරම්පරාව කෙළවර වීමත්, නාගරීකරණයත්, කුල බලපැමත්, ආර්ථික ව්‍යුහයේ වෙනස්වීමත්, රැුකියා සඳහා ගමෙන් පිටවීමත්, විදේශගතවීමත්, ගුරුමුෂ්ටි තබා ගැනිමත් වැනි හේතූ නිසා ද රූපවාහිනිය, ජංගම දුරකථනය, අන්තර්ජාලය වැනි නවීන රසවින්දනාත්මක මෙවලම් නිසා ද තර්ජනයට ලක් වී ඇත. ගම්මඩුවේදී පත්තිනි දේවිය, දෙවොල් දෙවි ප‍්‍රධාන සතරවරම් දෙවියන් ප‍්‍රාදේශීයව වෙනස්වුවත් සමන්දෙවි නාථදෙවි විෂ්ණු දෙවි කතරගම දෙවි විභීෂණ දෙවියන්ගෙන් සතර දෙනෙක් පුද ලබති. දෙවොල් මඩුවේදී අනුගමනය කරන පුජා රටා ස්තී‍්‍ර පුරුෂයන් අතර ප‍්‍රජනන ක‍්‍රියාවලිය උත්තේජනය කිරීමේ සියුම් පණිවුඩයක් ද දෙයිග පරපුර පවත්වාගෙන යෑමෙන් පොළොවේ සශ්‍රීකත්වය වර්ධනය වෙතියි යන විශ්වාසය මෙම ශාන්ති කර්මයට ද පසුබිම් වී ඇතැයි පැරැණියෝ කියති ගම් මඩුවක ප‍්‍රධානයා කපුපත්තිනි, පත්තිනිහාමි පත්තිනි මහත්මයා, කපුරාල නොහොත් කපු මහත්මයාය. මඩු ශාන්ති කර්මයට එක්වන ඇදුරන් නිති තිසරණ පන්සිල් රකින නුවණැති, ශාස්ත‍්‍ර මනාකොට උගත් අය විය යුතුය. මහත් ඝෝෂා හඬින් කතාකරන ශබ්ද නගා අඩි තබමින් වටපිට බලමින් ගමන් කරන වැඩි උස් හෝ මිටි නොවන තළෙලූ පැහැපත් පී‍්‍රති ජනක කතා ඇති ඇදුරන්ම යෝග්‍ය යැයි දක්වයි. හිසකෙස් වඩා බොකුටුව දත් බොල්ලෑ දෑසින් කබ කඳුළු ගලන ඇඟ, කොරළ ඇති, වපර ඇස් ඇති, දත් අවලක්ෂණ ඇදුරන් යාගයට නොගතයුතු බව පැරැණි යාග කවිවලින් පැවැසෙයි. වාචාල බස් දොඩන, සුරාසොඬ, අවකල් කි‍්‍රයා ඇති ඇදුරන්ගෙන් ශන්තියක් නොලැබේ.
උකුල් ඇටය නෙරවා පස්ස | දික් වන |
කකුල් බකල වී තොල් කබර | සෑදෙමින |
මයිල් නැතිව ඇඟ තැන තැන කැලල් | වන |
කෝල් මුර යාගයට නොගනු මේ | දන |
පොරණ පළමු නිරිඳුගෙ ලෙඩ හරින්න | ට |
කරන යාග බමුනන් කැඳවමින් සි | ට |
පුරණ පති දහම් පත්තිනි දෙවි නම | ට |
තොරණ දැකපු බලයෙන් දොස ගියෙ දුර | ට |
ගිරා පරවියො මයුරකෝකිල වටට සදමින් | ආසනේ |
සරා රන්කොත් පිහිටුවාගෙන මුදුන මකරිඳු | වාහනේ |
සරා සුදු උඩුවියන් බඳිමින් රඟට සිතුවම් | කරමිනේ |
විරාජිත මේ තොරණ බලයෙන් සියළු විපරිත | හරිමිනේ |
එකල් පෙර | දවසා |
සේරමානන් රජුගේ | සිරසා |
ගිනිජල් ගති | රොසා |
එදා ගම්මඩු ගන්න | එනිසා |
ලක්හිමි නැසු තරහළු කළ වාද යෙ | න |
නෙත් මකවා පඩිපුර ගිනිලූ තෙදි | න |
සිත් පහදවා තපසට වැඩි අනුහසි | න |
සත් පත්තිනි දෙවි තොටඹෙට වරන් දෙ | න |
කැලේ ගොසින් අමු මිල්ල කපන් | නේ |
කැලේ වටට උඩු වියන් බඳින් | නේ |
රැලේ පුළුන් ලෙස දුම විහිදෙන් | නේ |
මැලේ ගසන්නයි දොවොල් යකුන් | නේ |
මෙසේ බිම මැන | ගෙන |
දෙපසේ ඇදුරු සිට | ගෙන |
ඉසේ දොස් | හරිමින |
බිසෝ කප් සිටුවන්න බිම | මැන |
එරන් ඔංචිල්ලා දෙවියෝ මවා | පෙර |
රුවන් ගමනකින් දෙවියෝ වැඩම | කර |
මෙවන් කරුණු දැකලා සිටියේ | අසුර |
වරෙන් මෙපුද ගන්නට ගිනි | කුරුම්බර |
පාට සුදුයි සිය ගත අමු සොහොනට දිලෙයි ඊට | නා |
කැඩපත සේ මුහු | ණා |
මිනිය අතකිනි මල් උර | නා |
බීත වෙලා වර ඒ මහ සොහො | නා |
සතර වරම් දෙවියන්ගෙ බල | යෙන |
කකුසඳ කෝණාගම මුනි බල | යෙන |
රට වට පායන ඉර හඳ බල | යෙන |
හැන්දෑ සමයම කළ ලෙඩ හරි | මින |
විට විට මුනි, දහම්, සඟ රුවන සහිත | දරා |
තුටුකර මෙයින් කිහි රැුළි පුල්වන් පව | රා |
අට විසියක් සෙනඟ පත්තිනි අතින් | වරා |
හැට හතරක් සමයන් යකුනි බැස | වරා |
ඉස වට සැඩපළු දරණ වෙලා | ගති |
ඇතෙකු කටින් අල්ලාගෙන ලේ | බොති |
අතකට රන්කුඹු සෙල්ල දරා | ගති |
මහ සොහොනා සමයමට බලා | එති |
දිනුඳු කුල අග | පත් |
දිණා ආසිරි විකු | මත් |
කාවේරි පුර මහ | ත් |
සේරමානන් නිරිඳු වැජ | බෙත් |
නොමනා වන ලෙඩ | ත් |
එරජ සිරසෙහි හට | ගත් |
පතිනි දෙවි අඟ | පත් |
පෙනී සිහිනෙන් කිවුය | මෙපුවත් |
දිලෙන මිණි බර | නේ |
සැදී සුරඟුන් ගුව | නේ |
කෑ මුකය නොදැ | නේ |
කිමෙක මහ රජ වෙහෙස විඳි | නේ |
පත්තිනි දෙවි | තෙදින් |
හලෝ පිරිපත | නොලසින් |
කෙළි පුද දෙන | ලෙසින් |
කියා නිරිඳුට ගියා | අහසින් |
සිව් පහළොස් | රියන් |
මඩුවක් තනා | සුපසන් |
සොළසක් යක් | දෙසුන් |
පේව එසඳෙහි මනා | සුපසන් |
සඟල ගෙන | සුරතට |
දුම්මල රැගෙන | වමතට |
භූමි දෙවි තුති | කොට |
ගන්න පාවා සඟල | අඳිනට |
සතර දෙකක් එක් අඟලක් සරභ | ගනු |
සරස වසා සිටිනා දස රුවට | ගනු |
සතර එක් අඟුල් බෝපත් තබා | ගනු |
හිමි සැට දාඟුලයි බෝපත් ලකුණු | ගනු |
පසඟුල් දිග කනඟුල් අඹ පුළුල | කලා |
තොසව රැුළි ලමින් අඳවන්ට දෙව් | |
නිසල පුබුදු පියුමකි සුවඳින් ලක | ලා |
මෙලෙසට කටිය වට තබමින් රැළි | ලාලා |
මෙසේ ලකුණු දැන සත් විදිය | විසිතුරු |
විසේ සවන් ගුරු ඇදුරන් තෙපුල් | ගරු |
තොසේ දෙවිඳු වැද නමකර පා | තඹුරු |
මෙසේ අඟුරු දුම්මල ලා වඩ | මිතුරු |
අසූ දහස් නරු තබමින් අඳින | සළු |
විසු තෙතිස් කෝටිය දෙවියන් නිය | ළු |
අසූ සාර ඉඩහල් උවිඳු සුළකු | ළු |
ඇසූ පටන් ආවඩමින් මෙකප | මුළු |
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම්මඩුව
ගාමිණී Thursday, 11 April 2013 06:31 AM
මේකකට කොච්චර විතර වියදමක් යනවද? (නි)