වසර 2022 දී ශ්‍රී ලංකා ආර්ථිකය එහි ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම කඩා වැටීමට ලක් වූයේ ප්‍රථම වරට සෘණ සියයට 7.8 ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරමිනි. කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන අංශත්‍රයෙහිම ආර්ථික කටයුතු තියුණු පසුබෑමකට ලක් වූ අතර 2023 දී ද ශ්‍රී ලංකාවට මේ ආර්ථික අර්බුදයෙන් මුළුමනින්ම මිදීමට නොහැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2023 පළමු අර්ධයේ දී 2022 පළමු අර්ධයට සාපෙක්ෂව ආර්ථිකය සියයට 7.9 කින් කඩා වැටිණි.
මේ ආකාරයට ආර්ථිකය වසර දෙකක දී අඛණ්ඩව අවවර්ධනය වීම හේතුවෙන් (එසේවුවද 2023 තෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය සියයට 1.6 න් වර්ධනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි) ජනතාවගේ ආර්ථික කටයුතු සැලකිය යුතු මට්ටමකින් පහත වැටුණි. 2021 දී සියයට 13.1 ක් වූ දුප්පත්කම 2022 දී සියයට 25 දක්වා ඉහළ ගියේය. එසේම එම අගය 2023 අවසානය වෙන විට සියයට 27 දක්වා වැඩි වෙනු ඇති බවට පුරෝකථන ඉදිරිපත් වී තිබේ. මෙපරිදි ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු ජනජීවිතවල සැබෑ ස්වරූපය අනාවරණය වෙන ආකාරයේ සමීක්ෂණයක ප්‍රතිඵල ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ආර්ථික අර්බුදයේ බලපෑම පවුල් ඒකකවලට බලපා ඇති ආකාරය (Household Survey on Impact of Economic Crisis-2023) යන මැයෙන් ඉකුත්දා නිකුත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ උද්ගත වූ ආර්ථික අර්බුදය පවුල් ඒකකවලට සහ පුද්ගලයන්ට බලපා ඇති ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ සමීක්ෂණය කර ඇති අතර මෙම ලිපිය සැකසෙන්නේ එම වාර්තාවේ ඇතුළත් දත්ත ඇසුරිනි.
අදාළ සමීක්ෂණ වාර්තාවෙහි අන්තර්ගතය කොටස් හතකින් සමන්විතය. එයින් පෙන්නුම් කරන පරිදි ආර්ථික අර්බුදයේ බලපෑම අධ්‍යාපන, රැකියා නියුක්තිය, පුද්ගල ආදායම්, පවුල් ඒකකවල ආදායම් සහ වියදම්, සෞඛ්‍ය, පවුල් ඒකක ණය වීම හා පවුල් ඒකකවල ආහාර පරිභෝජනය යන සංරචක ඔස්සේ ගණනය කර ඇත.
මේ සමීක්ෂණයෙන් හෙළිව ඇති කැපී පෙනෙන තොරතුරුවලට අනුව, ලංකාවේ මුළු පවුල් ඒකකවලින් සියයට 60.5 කගේ මාසික සාමාන්‍ය ආදායම අඩු වී ඇත. එසේම පවුල් ඒකක සියයට 91.0 කගේ මාසික සාමාන්‍ය වියදම ඉහළ ගොස් තිබේ. තව ද මෙරට පවුල්වලින් සියයට 22 ක් ආර්ථික අර්බුදය හේතුවෙන් ණයකරුවන් බවට පත්ව ඇති බව ද සමීක්ෂණයේ දත්ත හෙළි කරයි. ආර්ථික අර්බුදය හමුවේ ජනගහනයෙන් සියයට 7 ක් ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රම වෙනස් කර ඇති අතර වයස අවුරුදු 3 ත් 21 ත් අතර වයසේ පසු වෙන සියයට 54.9 කගේ අධ්‍යාපන කටයුතුවලට ආර්ථික අර්බුදයෙන් බලපෑම් එල්ල වී තිබේ.
අධ්‍යාපන අංශයට ආර්ථික අර්බුදයේ බලපෑම
මේ යටතේ අවුරුදු 3 ත් 21 ත් අතර වයසේ පසුවෙන අයගේ අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අර්බුදය බලපා ඇති ආකාරය විමසුමට ලක් කර තිබේ. ඒ අනුව, එම වයස් කාණ්ඩයේ පසුවන්නන්ගෙන් සියයට 54.9 කගේ අධ්‍යාපන කටයුතු ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම්වලට ලක්ව ඇති අතර නාගරික, ග්‍රාමීය සහ වතුකරය වශයෙන් ආර්ථික අර්බුදය අධ්‍යාපන අංශයට බලපා ඇති ආකාරය ගැනත් දත්ත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, නාගරිකව අධ්‍යාපනය ලබන සියයට 54.2 ක පිරිසක් ආර්ථික අර්බුදය හමුවේ බලපෑමට ලක්ව ඇති අතර ග්‍රාමීය ප්‍රදේශවල සියයට 55.1 කගේ අධ්‍යාපන කටයුතුවලට බලපෑම් එල්ල වී ඇත. මේ අතර වතුකරයේ අධ්‍යාපනය ලබන වයසේ පසු වෙන දරුවන්ගෙන් සියයට 55.1 කගේ අධ්‍යාපන කටයුතු ආර්ථික අර්බුදය හමුවේ බලපෑමට ලක්ව ඇති බවත් සමීක්ෂණයේ දත්ත පෙන්වා දෙයි. එමෙන් ම අධ්‍යාපන කටයුතුවලට ආර්ථික අර්බුදය හමුවේ එල්ල වූ අහිතකර බලපෑම් අවම කිරීම අරබයා ගත් ක්‍රියාමාර්ගවලට අදාළ සංඛ්‍යා දත්ත ද මෙමගින් අනාවරණය කර තිබේ. ඊට අනුව, යට කී වයස් කාණ්ඩයේ (3-21) පසුවන්නන්ගෙන් සියයට 53.2 ක් පොත් පත් ඇතුළු නව අධ්‍යාපන උපකරණ මිලදී ගැනීම සීමා කර හෝ සම්පූර්ණයෙන්ම මිල දී ගැනීමෙන් බැහැරව ඇත. එසේම තවත් සියයට 44 ක් අලුත් නිල ඇඳුම් මිලදී ගැනීම සීමා කිරීමට හෝ ඒවා මිල දී ගැනීමෙන් වැළැකී සිටීමට හෝ තීරණය කර තිබේ. එය ආර්ථික අර්බුදයෙන් අධ්‍යාපන කටයුතුවලට එල්ල වූ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා තෝරා ගෙන ඇති දෙවැනි ක්‍රියාමාර්ගය වන බව ද මේ වාර්තාව කියයි. එකී බලපෑම සමනය කිරීම අරබයා තවත් ක්‍රියාමාර්ග දෙකකට අවතීර්ණ වී ඇතැයි කියන මෙම වාර්තාව, උපකාරක පන්තිවලට සහභාගී වීම අඩු කර ඇති ප්‍රතිශතය සියයට 40.6 ක් බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන පන්තිවලට සහභාගී වීම සියයට 28.1 ක් බවත් සඳහන් කරයි. ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන කටයුතු බලපෑමට ලක්වූවන්ගෙන් සියයට 93.5 ක් එම බලපෑම අවම කර ගැනීම සඳහා ඉහත සඳහන් කළ ක්‍රියාමාර්ගවලින් එකක් හෝ අනුගමනය කර ඇතැයි කියන සමීක්ෂණ වාර්තාව, තවත් සියයට 6.5 ක් එකදු ක්‍රියාමාර්ගයක් හෝ අනුගමනය කර නැති බව ද හෙළි කරයි.
රැකියාවලට ආර්ථික අර්බුදයේ බලපෑම
ආර්ථික අර්බුදය හමුවේ සේවා නියුක්ති අංශය කැපීපෙනෙන බලපෑමකට ලක්ව ඇතැයි කියන සමීක්ෂණ වාර්තාව, අවුරුදු 15 සහ ඊට වඩා වැඩි වයසේ පසුවෙන පුද්ගලයන් පිළිබඳ දත්ත ආශ්‍රයෙන් මේ කොටස සකස් කර ඇති බව ද සඳහන් කරයි. ඒ අනුව, 2022 මාර්තු සිට එල්ල වූ බලපෑම් මෙමගින් විමසුමට ලක් කොට තිබේ. කිසියම් හෝ ආර්ථික කටයුත්තක නියැළි (රැකියාවක නියුතු) සියයට 14.2 ක සේවා නියුක්තිකයන් පිරිසකගේ රැකියා ආර්ථික අර්බුදය හමුවේ අහිමි වී ඇත. කාන්තා හා පිරිමි වශයෙන් ගත් විට ආර්ථික අර්බුදය පැවති කාලයේ වැඩිමනත් රැකියා අහිමි වී තිබෙන්නේ පිරිමි පක්ෂයේ වෙන අතර එහි ප්‍රතිශතය සියයට 18.4 කි. රැකියා අහිමි වී ඇති කාන්තා ප්‍රතිශතය සියයට 8.3 කි. මේ අතර සියයට 84.8 ක පිරිසක් රැකියා අහිමි වීමේ අවදානමකට මුහුණ දී නැති අතර ඔවුන් අඛණ්ඩව තමන්ගේ ආර්ථික කටයුතුවල නියැළී ඇත.
පුද්ගලයන්ගේ ආදායම්වලට එල්ල වී ඇති බලපෑම්
ආර්ථික අර්බුදයත් සමග පුද්ගලයන්ගේ ආදායම් ද සැලකිය යුතු මට්ටමකින් පහත බැස ඇති අතර 2022 මාර්තු සිට පවුල් ඒකකවල පුද්ගලයන්ගේ ආදායම් මාර්ගවලට එල්ල වූ බලපෑම් හමුවේ වෙනත් ආදායම් මාර්ගවලට යොමු වූ ආකාරය ගැන දත්ත ද මෙම සමීක්ෂණයෙන් හෙළි කර තිබේ. ඒ අනුව මෙරට පවුල් ඒකකවල සාමාන්‍ය මාසික ආදායම ආර්ථික අර්බුදය නිසා අඩු වී තිබේ. සියයට 48.7 ක් වැඩ කරන පැය ගණන අඩු කර ඇති අතර එය පවුල් ඒකකවල මාසික ආදායම් අඩු වීම සඳහා දැඩිව බලපා ඇත. මෙපරිදි මාසික ආදායම් පහළ යෑමත් සමග එහි අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා පවුල් ඒකක අනුගමනය කර ඇති ක්‍රියා මාර්ග ගැන ද මෙම සමීක්ෂණයෙන් විමසා ඇති අතර ඊට අනුව, පවුල් ඒකක සියයට 6.6 ක් දෙවැනි රැකියාවලට හෝ අතිරේක ආදායම් මාර්ගවලට යොමු වී තිබේ.
මේ අතර පවුල් ඒකක සියයට 2.0 ක් ණය ගැනීම, වටිනා බඩු භාණ්ඩ උකස් කිරීම, අනෙක් අයගෙන් මුදල් හෝ ආහාර ඉල්ලා ගැනීම ආදී ක්‍රියා මාර්ගවලට යොමු ව ඇත. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ පවුල් ඒකක සියයට 73.6 ක් එම බලපෑම් අවම කිරීම අරබයා කිසිදු විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කර නැති බව ද සමීක්ෂණ වාර්තාව හෙළි කරයි. මේ අතර පවුල් ඒකකවල වියදම් වෙනස් වී ඇති ආකාරය පිළිබඳ දත්ත ද මෙම සමීක්ෂණයෙන් ඉදිරිපත් කර තිබෙන අතර ඒ අනුව, පවුල් ඒකක සියයට 91.1 කගේ වියදම් ඉහළ ගොස් තිබේ. පවුල් ඒකක සියයට 3.6 ක් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ වියදම් අඩු වී ඇති බවය. තවත් පවුල් ඒකක සියයට 5.3 ක් සඳහන් කර ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ වුව ද ඔවුන්ගේ වියදම්වල වෙනස්වීම් සිදුව නොමැති බවය.
පවුල් ඒකකවල මාසික සාමාන්‍ය වියදම් ඉහළ යෑමට බලපෑ හේතු ද මේ සමීක්ෂණයෙන් අනාවරණය කර ඇති අතර ඒවාට අනුව, පවුල් ඒකක සියයට 99.1 ක් ප්‍රකාශ කොට තිබෙන්නේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා ඔවුන්ගේ මාසික වියදම් වැඩි වී ඇති බවය. මේ අතර තවත් පවුල් ඒකක සියයට 83.0 කගේ මාසික සාමාන්‍ය වියදම් වැඩි වී තිබෙන්නේ ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙනි.
සෞඛ්‍ය අංශයට බලපෑම
සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා තිබෙන අවස්ථාවලට ආර්ථික අර්බුදයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව අදාළ සමීක්ෂණ වාර්තාවෙන් හෙළි වේ. ඒ අනුව, මෙරට පුද්ගලයන්ගෙන් සියයට 29 ක් කුමන හෝ රෝගයකින් පෙළෙන අතර එම පිරිසෙන් සියයට 7 ක් ආර්ථික අර්බුදයේ බලපෑම හමුවේ ඔවුන්ගේ ප්‍රතිකාර විධි වෙනස් කර ඇත. රෝගීන්ගෙන් සියයට 32.3 ක් ඔවුන්ගේ රෝගී තත්ත්ව උග්‍ර වූ විට පමණක් ඖෂධ භාවිත කිරීමට පෙලඹ සිටිති.
පවුල් ඒකක ණයකරුවන් කළ ආර්ථික අර්බුදය
ආර්ථික අර්බුදය හමුවේ මෙරට පවුල් ඒකකවලින් සියයට 54.9 ක් ණයකරුවන් බවට පත්ව ඇතැයි මෙම සමීක්ෂණ වාර්තාව හෙළි කරයි. පවුල් ඒකක ණය ලබාගෙන ඇති මූලාශ්‍ර ද මෙයින් අනාවරණය කර ඇති අතර ඊට අනුව, සියයට 21.9 ක් ණය ගෙන ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලිනි. වැඩිම පවුල් ඒකක ප්‍රමාණයක් එනම්, සියයට 31.0 ක් ණය වී තිබෙන්නේ තමන් සතු වටිනා බඩු භාණ්ඩ උකස් කිරීමෙනි. පවුල් ඒකක ණයකරුවන් වීමට බලපා ඇති හේතු ද මෙයින් හෙළි කර තිබේ. ඒ අනුව, මෙරට පවුල් ඒකකවලින් සියයට 22.3 ක් ණය ගෙන තිබෙන්නේ ඔවුන්ගේ දෛනික ආහාර අවශ්‍යතා පිරිමසා ගැනීමටය. තවත් පවුල් ඒකක සියයට 15.7 ක් ණයකරුවන් වී තිබෙන්නේ ආර්ථික කටයුතු වෙනුවෙන් ණය ගත් හෙයිනි. රටේ පවතින කනගාටුදායක තත්ත්වය මෙමගින් මනාව අවබෝධ කරගත හැකිය.
(*** සටහන - උපුල් වික්‍රමසිංහ)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගිය වසරේ රටට අපට මොකද වුණේ?