නවකතා රචකයකු, ළමා කතා හා යොවුන් කතා රචකයකු, කෙටිකතා රචකයකු, තිර නාටක රචකයකු මෙන්ම ග්‍රන්ථ සංස්කාරකවරයකු ලෙස කෘති ගණනාවක් ලියා පළ කළ නිහාල් පී. ජයතුංග මහතා අප අතර සිටින නිර්මාණාත්මක ලේඛකයෙකි. ලොව සරසන මල්, යුග පෙරළිය, උතුරට ගිය සෙබළෙකුගේ කතාවක්, පවුරෙන් එහා, භීෂණයේ අතුරු කතාවක්, කළු බළල්ලු, මාංචු හා සෙනෙහස, ශාපලත් දේශයේ දී ආදිය ඔහුගේ නවකතා අතරින් කිහිපයක් පමණි. ජයතුංග මහතාගේ අලුත්ම නවකතාව ‘සුබාවෝ’ නමින් පසුගියදා එළිදුටු අතර එය ගම්පහ මින්සර ප්‍රකාශනයකි. මෙවර සංවාදය ජයතුංග මහතා සමග පැවැත්වෙන්නේ ඒ නිමිත්තෙනි.
• ‘සුබාවෝ’ නවකතාවට ඔබ වස්තු විෂය කොට ගන්නා පරිසරය බොහෝ දෙනාගේ අවධානය යොමු වෙතැයි සිතෙන ප්‍රකම්පනීය අගයක් ඇති එකක්. මේ ගැන යමක් කිව හැකිද?
සුබාවෝ නවකතාව මම ලියන්න පටන් ගත්තෙ දෙදහස් හතර වගෙ කාලෙ. මේ නවකතාවෙ අත්පිටපත කාලයක් තිබිල නැවත කියවමින් අඩුපාඩු හදන්න සිද්ධ වුණා. ඉන් පස්සෙ මේ අත්පිටපත නීතිඥ පී. අමරසේන වැනි කීප දෙනකුගේ පැසසුමට ලක්වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි පොත මුද්‍රණය කරන්න තීරණය වුණේ. මේ නවකතාවට තේමාව වෙන්නෙ සමස්ත සමජයෙන්ම වේදනා විඳින සමාජය නිසාම ඝාතකයෙකු වුණ දේශපාලකයෙකු සහ නිලධාරියෙකු පිළිබඳ කතාවක්.
එම ඝාතකයන්ගේ පීඩනයට ගොදුරුවූ පවුලේ එකම එක ගැහැනු දරුවෙක් දිවි රැක ගන්නවා. එම දරුවාත් විවිධ අඩන්තේට්ටම්වලට ලක්වෙනවා. එහෙත් ඇය ඒ පීඩනයන් දරාගෙන එක ඉලක්කයක් යටතේ යන ගමනක් තමයි මේ කතාවේ ඇතුළත් වෙන්නේ. අසාධාරණයට එරෙහිව සමස්ත සමාජයෙන් පලිගන්නවා වෙනුවට අසාධාරණයට වගකිවයුතු පාර්ශ්ව වෙනුවෙන් සටන් කිරීමයි මේ චරිත හරහා සිද්ධ වෙන්නෙ.
• ඔබේ නවකතා බොහොමයක ඇති කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ හුදු සෞන්දර්යාත්මක අගයකට වඩා සමාජ දේශපාලන කියැවීමට වැඩි නැඹුරුවක් දැක්වීමයි. එවැනි කියැවීමකට නවකතාව වැනි සාහිත්‍යාංගයක් යොදාගත හැක්කේ කෙසේද?
මේ නවකතාව දේශපාලනික නවකතාවක් නොවුණත් කලා නිර්මාණය දේශපාලන කියැවීමකින් ගලවලා අරගන්න බෑ. සාහිත්‍යය තුළ දේශපාලනය සාකච්ඡා කෙරෙන්නේ නිර්මාණය තුළින්මයි. සාහිත්‍යයේ මූලිකම අරමුණ වෙන්නෙ කෙනෙකුට සතුටක් වින්දනයක් ලබාදීමයි. ඒක කරන ගමන් යම් දැනුමක්, අවබෝධයක්, ප්‍රඥාවක් ලබාදීම කරන්න පුළුවන් නම් ඒක වටිනවා.
කලාකරුවාගේ සාහිත්‍යකරුවාගේ දේශපාලනය මානව දයාවයි. කිසිම පොතක් අව්‍යාජව දේශපාලනයෙන් තොර වෙන්නෙ නෑ. ඉන්දියානු, රුසියන් ලේඛකයන්ගේ බොහෝ පොත්වලිනුත් මේ අදහස තහවුරු වෙනවා. අවසානයේ ඔවුන් මානව දයාවයි ප්‍රකට කරවන්නේ.
මම කැමතියි මෙතැනදී රවීන්ද්‍රනාත් තාගෝර්තුමා පළ කළ අදහසක් ගැන මතක් කරන්න. එතුමා කියන විදිහට ලෝකයේ වැඩිපුරම තියෙන්නෙ වීදුරු කැබලි. ඒවා බාහිරට පෙනෙනව දියමන්ති වගේ. හැබැයි සැබෑ දියමන්තිත් මේ ලෝකෙ තියෙනවා. ඒවා ඉතාම අල්පයි. හොඳ කලා නිර්මාණත් එහෙම තමයි. හොඳ කලා නිර්මාණත් දියමන්ති වගේ. වැඩි හරියක් තියෙන්නෙ බොල් හරසුන් කලා නිර්මාණ. ඒවා හරියට වීදුරු කැබලි වගේ. බොහෝ දෙනා ඒ වටිනාකමක් නැති වීදුරු කැබලිවලට රැවටෙනවා දියමන්ති කියලා.
• සමාජයේ පවත්නා සමාජ, දේශපාලන සංස්කෘතික අර්බුද හමුවේ එබඳු දියමන්තිවල අවශ්‍යතාව බොහෝ දෙනාට දැනෙමින් තිබෙනවා. ඒත් මේ වෙනුවෙන් සාහිත්‍යකරුවන්ගේ මැදිහත්වීම ඔබ කොහොමද දකින්නේ?
එක පැත්තකින් ඒක කනගාටුවට කාරණයක්. පවතින සමාජය ප්‍රශ්න කරන ලේඛකයන් කලාතුරකින් ඉන්න පුළුවන්. ඒත් බොහෝ දෙනා කලා නිර්මාණ හරහා පවතින සමාජය ප්‍රශ්න කරන්න සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැහැ. එබඳු ප්‍රබල ප්‍රශ්න කිරීමක් කලා නිර්මාණ හරහා සිදු වුණොත් පාලකයන්ගේ වගේම ජනතාවගේත් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒත් මතවාදයක් කලා නිර්මාණයක් හරහා වෙනස් කරනවාය කියන එක දවසින් දෙකෙන් කරන්න අමාරුයි. අපේ සමාජය සමඟ ඒ විදිහට සමපාත නොවුණත් මට විදෙස් උදාහරණයක් දක්වන්න පුළුවන්.
රාජාණ්ඩු පාලන ක්‍රමයක් තිබුණ රටක පාලන බලය ගෙන ගියේ හමුදාව විසින්. මේ පාලනය යටතේ ලේඛකයන්ට මාධ්‍යවේදීන්ට දැඩි සීමාවලට අසාධාරණකම්වලට මුහුණ පාන්නට සිද්ධ වුණා. ඒ සීමා අතර ඉඳගෙනම ඔගස්ට් ස්ට්‍රින්බර්ග් නමැති ලේඛකයා ‘ජනතාවගේ කතාව’ නමින් පොතක් ලිව්වා. ජනතාවගේ පීඩනය, පවතින සමාජය ප්‍රශ්න කරමින් ඔහු ලියූ මේ පොත මොනතරම් ජනප්‍රිය වුණා ද කිව්වොත් සාමාන්‍ය මිනිස්සු මේ පොත ලාම්පු, ඉටිපන්දම් එළියෙන් පවා කියවන්න පටන් ගත්තා. මේ පොත හඬ නගා කියවද්දි ජනතාව ඒ වටා ඒකරාශී වෙලා අහගෙන ඉන්න පටන් ගත්තා. ඒත් මේ පොතේ කතා කරන දේශපාලනයේ ගැඹුර පාලකයන්ට තේරුණේ නෑ.
ස්ට්‍රින්බර්ග් ඊට පස්සෙ තව පොතක් ලිව්වා ‘රතු ලාම්පුව’ කියලා. මේකත් ඒ වගේම ජනප්‍රිය වුණා. අන්තිමේදි ජනතාව උසිගන්වනවාය යන වරදට ඔහුට සිදුවුණා අත්අඩංගුවට පත් වෙන්න. හැබැයි මේක ආරංචි වුණාම දහස් ගණනින් ජනතාව ඔහු වෙනුවෙන් හඬ නගන්න පටන් ගත්තා. අන්තිමට මේ ජනතා උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් හැටියට ස්ට්‍රින්බර්ග් නිදහස් වෙනවා.
ලේඛකයා සෑම විටම ජනතාවගේ පැත්තේ සිටගත යුතුයි. ඔහු රාජ්‍ය පක්ෂපාතීත්වය ඇතිව හෝ සම්මාන ඇගයුම් බලාගෙන ලේඛනයේ යෙදුණොත් එය අවංක ප්‍රයත්නයක් වෙන්නෙ නෑ. මානව දයාව නැතිව මොන සුදුසුකම් දක්ෂතා ලේඛකයාට තිබුණත් වැඩක් වෙන්නෙ නෑ. දේශපාලකයන්ගේ යකඩ සපත්තුවට ලේඛකයාගේ පෞරුෂය බිඳින්න ඉඩ දෙන්න හොඳ නෑ.
• හැබැයි කෙනෙක් තර්ක කරන්න පුළුවන් කිසියම් සමාජ – ආර්ථික – දේශපාලන අර්බුදයකට ගොදුරු වූ සමාජයක ලේඛකයාත් සාමාන්‍ය පුරවැසියෙක් පමණයි නේද කියල. ඔහු පවා මේ ක්‍රමය තුළ අසරණයි නේද කියලා.
මම නම් ඒ අදහස් පිළිගන්නෙ නෑ. ලේඛකයාට තිබෙන ආත්ම ශක්තියත්, ආත්ම ගෞරවයත් නිර්මාණ ශක්තියත් ඔහු වළලා දැමිය යුතු නෑ. නිහඬ විය යුතු නෑ. හිට්ලර්ට විරුද්ධව පවා පොත් ලියූ, නාට්‍ය නිර්මාණය කළ නිර්මාණකරුවන් එදා ඔවුන්ගේ සමාජයේ සිටියා. ඒ නිර්මාණ බලලා හිට්ලර් වටා සිටි ඇතැම් සෙන්පතියන් හිට්ලර්ව අතහැර ගියා. ෂෙන් පෝල් සාත්‍රේගේ සමයේ ලේඛකයා යනු රාජ්‍යයක් තුළ රාජ්‍යයක්ය යන මතය තහවුරු වුණා.
• ඒත් ලේඛකයා මොන තරම් හොඳ දේ ලිව්වත් ඒවා කියැවීමට පාඨක පිරිසක් නැත්නම් ලේඛකයා ගන්නා මහන්සිය අපතේ යනවා නේද?
අද තියෙන තාක්ෂණික සමාජයත් එක්ක තරුණ පරපුරේ කියැවීමේ රුචිය අවම වෙලා තියෙන බව කනගාටුවට කරුණක්. පාසල් ශිෂ්‍යයන් පමණක් නොවෙයි ගුරුවරුන් පවා පොතපත කියැවීමෙන් ඈත් වෙලා. ගුරුවරුන් යම් පිරිසක් ඉන්න බව ඇත්ත පොතපත කියවන. ඒත් සමස්තයක් හැටියට ගත්තාම පොත පත නොකියවන ගුරුවරුන් සිටින සමාජයක දරුවන්ගේ කියැවීමේ රුචිය ඇති කරන්නේ කොහොමද? සාහිත්‍ය ගුරුවරයාගේ දැනුම පවා පාඩම් මාලාවට සීමාවෙලා. රටක සාහිත්‍යයට ඇති රුචිය වර්ධනය කරන්න නම් ඒක පාසලෙන් පටන්ගන්න ඕනැ.
අනෙක් පැත්තෙන් එදා මාධ්‍යයේ සාහිත්‍යයට තිබුණ ඉඩ කඩ අද බොහොම සීමාවෙලා තියෙනවා. මේ වගේ කාරණාත් පාඨක උද්‍යෝගය බිඳ වැටීමට හේතුවෙලා තියෙනවා. විචාර කලාව බිඳ වැටීමටත් මේ තත්ත්වය බලපා තිබෙනවා. විචාරය කියල තියෙන එකෙත් පිට කසා ගැනීමේ ක්‍රමයක් දැන් තියෙන්නෙ. අනිත් එක විචාරයේ දක්ෂ විද්වතුන් පවා මේ කියන සමාජ ආර්ථික ක්‍රමය එක්ක ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න කැමැත්තක් නැති බවයි පෙනෙන්නේ.
සමාජයේ ආර්ථික අතින් තාක්ෂණික අතින් දියුණු වුණත් වැඩක් වෙන්නෙ නෑ මිනිසාගේ මනස හැදුවෙ නැත්නම්. මනස හදන්න පුළුවන් වෙන්නෙ සාහිත්‍යයෙන් කලාවෙන්. අපේ පාලන තන්ත්‍රය ඇතුළෙ එබඳු වැඩපිළිවෙළක් ඇති බවක් පෙනෙන්නට නැහැ. එදා සාහිත්‍ය ඉතිහාසය පාසල් පෙළ පොතෙන් ඉවත් කිරීමේ ප්‍රතිඵල දැන් හොඳටම පෙනෙනවා නේද?
ප්‍රවීණ ලේඛක නිහාල් පී. ජයතුංග
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරුවරුන් පොත පත කියන්නේත් නැත්නම් දරුවන් ගැන කවර කතාද?
himal Tuesday, 21 February 2023 11:37 AM
දැනුම ගන්න සම්ප්‍රදායික පොත් පත්තරම කියවන්න ඕන නෑ, විද්‍යුත් මාධ්‍යයෙන් පවා පොත්පත් කියවන්න හැකියි, ඒක වරදක් නොවේ. අනෙක් අතට ඔය ඉතිහාසය, සාහිත්‍යය ඉගෙන ගත් විශ්වවිද්‍යාලවල කලා පීඨවල ඉන්න අයගේ කෙරුවාවල් හොඳටම පේන්න තියෙනවනේ... ඒකෙන් මනස ගැනත් පේනවානේ...
රවිඳුMonday, 27 February 2023 06:59 PM
විද්‍යුත් මාධ්‍යවල දැනුම කියලා පට්ටපල් බොරුත් තියන එකයි අවුල... මට වුණත් බොරුවක් ලියලා දැම්ම හැකියි. විශ්වාසනීයත්වයක් නෑ. හැබැයි පොත් එහෙම ලියැවෙන්නේ නෑ. ඒකයි වෙනස...