IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගුරුවරියට බයේ හැංගුණු මධුෂ් පාතාලයෙක් වු හැටි

(මුදිතා දයානන්ද)

           

ඒයි මදුවෝ අන්න .......... ටීචර් එනවා ඉස්සරහට.

            අපොයි අපි විනාසයි. දැන් ඉතිං අද ගෙදර වැඩ දිපුවා නොකළොත් දීපංකෝ හෙට උත්තර.

            මධූෂ් ටීචර්ට හසුනොවී බේරීමේ අදහසින් අහළ පහළ ගේකට රිංගන්න හැදුවත් ටීචර්ගෙන් ගැලවිල්ලක් නැත.

            මධූෂ් පුතා කොහෙද මේ ගියේ? ටීචර් කතා කළත් මධූෂ් කතා නැත ඇගිල්ලෙන් පොළොව හාර හාර බිම බලා සිටියා පමණි.

            මොකද බය වෙලා? බෝල ගහන්න ගියාද? හා හා ළමයි සෙල්ලම් කළාම මොකද? මම ඒවට බණිනවා යෑ.  ගෙරද වැඩ ටිකත් ඒ වගේම කරලා ඇති නේ නේද? හා හා දැන් ඉතිං ඉක්මණට ගෙදර යනවලා. ආච්චි බලාගෙන ඇති.

එහෙම කියපු සැණින් දෙකට නැවිලා ටිචර්ට වැදපු මධූෂ් සහ ඔහුගේ යාලූවෝ ටිචර්ගෙන් මිදී ඉගිල්ලූනේ මිටින් හළ කුරුල්ලන් මෙනි.

ඒ මීට වසර විසිපහකට පමණ පෙර සිටි මධූෂ් ලක්ෂිතය. එදා තමන්ගේ ගුරුවරියට බය පක්ෂපාතකම ගරු සරුව දැක්වු මධූෂ් අද ජීවිත සමඟ සෙල්ලම් කරන, අනුන්ගේ ජීවිත කාලය පිළිබඳව තීන්දු ලබාදෙන, අනුන්ගේ ජීවිතවල ඉරණම තීරණය කරන පුද්ගලයා බවට පත්ව ඇත.

එදා ටීචර් දකින විට හැංගුණේ මධූෂ්ය. අද මධූෂ් දකින විට හැංගෙන්නේ පණට ආදරේ ඇති අයය. ඔහුගේ ගිනි අවියට පුද්ගලයෙක්, තරාතිරමක්, වයස් භේදයක් නැත. ඒ ගිනි අවිය දන්නේ කොන්ත‍්‍රාත්තුව දුන් අයගේ ගාස්තුවේ ප‍්‍රමාණය පමණි. නැතහොත් තමන්ට එම පුද්ගලයාගෙන් තිබෙන බාධාව පමණි. පළිගැනීමේ විශාලත්වය පමණි.

එදා අහිංසකයෙක් ලෙස තමන්ගේ ගුරුවරිය ඉදිරියේ හැසිරුණු මධූෂ් අද කතා කරන්නේ තුවක්කු බටෙනි. තුවක්කුව පත්තු කිරීමට පෙර ඔහු අදාළ පුද්ගලයන්ට දුරකථනයෙන් කතා කරන්නේය. ඒ තර්ජනය කිරිමටය. තමන්ට අවශ්‍ය ලෙස අදාළ පුද්ගලයා හසුරුවා ගත හැකි දැයි විමසා බැලීමටය. තමන් පිළිබඳව හෝ තමන්ගේ ගෝල බාලයන් පිළිබඳව පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරින්ට ද ඔහු තර්ජනය කළ අවස්ථාව ඇත. ඒ පිළිබඳව කරන ලද පැමිණිලිද වේ.

මධූෂ්ට එරෙහිව නැගුණු පළමු ඝාතන නඩු දෙකෙන්ම ඔහු නිදහස් වූයේ ප‍්‍රමාණවත් සාක්කි නැතිකමිනි. ඒ අයගෙන් එක් අයෙක් වූයේ විජේතුංග ගමගේ දයානන්දය. ඔහු දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය මහතාගේ ඥාතියෙකි. හිත්තැටිය මහතාද ඉන් වසර කීපයකට පසු එනම් 2006 ජුනි 11 වැනි දා ඝාතනයට ලක්විය. එහි චෝදනාවද මධූෂ්ටමය. එයට හේතු පාදක වු කරුණු අප මීට පෙර කතාකර තිබේ. කෙසේ වෙතත් මෙම සිදුවීමට චෝදනා ලබන මධූෂ් ඒ වන විටත් සිටියේ වෙනත් නඩුකට අදාළව රිමාන්ඩ් බාරයට පත්වය. ඒ මංකොල්ල නඩු දෙකකට අදාළවය.

මොනවද මේ මංකොල්ල නඩු ? ඉතාමත් ලස්සනට එකම තිරපිටපත තැන් කීපයකින් සුලූවට වෙනස්කර ස්ථාන දෙකකදී රඟදක්වා ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් මංකොල්ල කෑ හැටි එකල මහත් ආන්දෝලනයකට ලක්විය. මෙය සිදුවුයේ මීට වසර දහ තුනකට පමණ පෙරය.

එය වර්ෂ 2005ක් වූ මැයි 11 වැනිදාය. එදින දහවල් 1.25ට පමණ භික්ෂූන් වහන්සේ නමක් මීගමුව කොප්පරා හංදියේ පවත්වාගෙන යනු ලැබූ ලීසිං සමාගමක් වෙත පැමිණියහ. තමන්ට වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය බැවින් එය ලීසිං කර ලබාගන්නේ කෙසේදැයි ආයතනයේ නිලධාරිනියකගෙන් විමසා සිටියහ.

ඇය එකින් එක විස්තර කළාය. සියල්ල අසා සිටි භික්ෂූන් වහන්සේ නැගිට යන්නට සූදානම් විය. ඒ අවස්ථාව මධ්‍යහන වේලාව නිසා ඒ අවස්ථාවේ වැඩි පිරිසක් ලිසිං සමාගමේ සිටියේ නැත. හාත්පසට තියුණු බැල්මක් හෙලූ භික්ෂූන් වහන්සේ හොඳමයි නෝනේ එහෙම නම් මම ගිහින් එන්නම්” යැයි පවසා පිටව ගියහ.

විනාඩි දෙක තුනක් ඇතුළත පස් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් ආයතනයට පිවිසියහ. ගනුදෙනුවකට පැමිණෙන අය නම් මෙතරම් කලබලයක් අවශ්‍ය නැත. ඒ නිසා ලීසිං සමාගමේ නිලධාරීන් මෙන්ම සේවකයින්ද සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත් විය. මැතිඇමැතිවරු  ආයතනයට ලීසිං කිරිමට පැමිණෙන්නේ නම් හෝ ඔවුන් වාහන ගන්නට එන්නේ නම් හෝ එවැනි අවස්ථාවක ඇතිවු යම් සිදුවීමක් නිසා තමන් කවුදැයි හඳුන්වා දෙන්නට එනවා යැයි සිතිය හැකිය. එහෙත් එවැනි අයකුද මතක ඇති කාලෙක මෙහි පැමිණ නැත. එසේ නම් මේ කවුද?

හිටි ගමන්ම ඔවුන් තම ජැකට්ටු තුළින් එළියට ගත්තේ වාහනයක ලියකියවිලි නම් නොවේ. හැම කෙනෙක් අතටම ආවේ ගිනි අවියකි. කව්රුත් තූෂ්නිම්භූත විය. කරන්නේ කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකිය. ආරක්ෂක නිළධාරින්ද අසරණය. තමන් අතේ අවියක් නැතිව ඔවුන් සමඟ හැපෙන්නේ කෙසේද? ගිනි අවිය සේවකයින් හා ආරක්ෂක නිලධාරින් වෙත එල්ල කළ මොවුහු මෙසේ අණ දුන්හ.

ආරක්ෂක නිලධාරියා ඒ වන විටත් දුරකථනයෙන් පොලිසියට දැනුම් දිමට උත්සාහ කරමින් සිටියේය.

ඇති වෙන්න කෝල් ගනිල්ලා.  ඕවා එකක් වත් වැඩ කරන්නේ නෑ යකෝ. දාපං  ඕක බිම. හ්ම් දැන් එනවා මෙතනට. කෑ ගැහුවොත් මරණවා. එක්කෙනෙක්වත් අපි කියන දේට පිටින් වැඩ කරන්න එපා.  කණ්ඩායමේ ප‍්‍රධානියා වැනි අයෙක් එක තැනක සිට එසේ කෑ ගැසුවේය.

ආ හරි දැන් කට වහගෙන අතේ තියෙන හෑන්ඞ් ෆෝන් ඔක්කොම අපේ කොල්ලන් අතට දෙනවා. ඒ සමගම ක‍්‍රියාක්මක වූ එක පුද්ගලයෙක් ජංගම දුරකථන එකතු කරගත්තේය.

දැන් සේරම පෙළ ගැහිලා අර කාමරයට යනවා. කොල්ලෝ මේ ඔක්කොම අර කාමරයට දාලා දොර වහපං. උන්ට එළියට එන්න දෙන්න එපා.

ඔහු කී ලෙස සේවකයින් සියලූ දෙනා ඔවුන්ගේ විවේකාගාරයට දමා දොරවසා දැමිණි. ඉන්පසු එළියෙන්ද දොර වසා හිතේ හැටියට කටයුතු කළ කණ්ඩායම කවුන්ටර්වල ඒ වන විට එකතුවී තිබුණු හා සේප්පුව කඩා එහි තිබූ මුදල් ද ලක්ෂ දහයක් එකතු කරගත්හ. එයින් සෑහීමකට පත් නොවු ඔවුන් වාහන පහක ලීසිං කළ ලියකියවිලිද එකතු කරගනු ලැබිණි. සියල්ල ඉතාමත් සුලූ වේලාවකදී එකතු කරගත් කණ්ඩායම ආයතනය ඉදිරිපිට ගෙන්වා ගත් වාහනයක නැගී පළාගියහ. පෙර පැමිණි භික්ෂුවකගේ වෙස් ගත් අයද ඒ වාහනයේ මුහුණ සඟවාගෙන නැමී සිටිනු දුටු බවද සාක්ෂිකරුවෙකු පොලිසියට පවසා තිබිණි.

මේ සිදුවිම මීගමුව ප‍්‍රදේශයේ කටින් කට පැතිර ගිය අතර පොලිසිය කොල්ලකරුවන් සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මක කළහ. එහෙත් කිසිවෙක් සොයා ගත නොහැකි වු අතර එවැනිම සිදුවීමක් පළමු සිදුවීමට සති දෙකකට පමණ පසු එනම් මැයි 30 වැනි දා නැවත සිදුවිය.

එයද කල්බදු සමාගමකි. මීගමුව නගරාසන්නයේම පිහිටි මෙම ආයතනයටද පෙර ලෙසම සැරසුණු කොල්ලකරුවන් සිව්දෙනෙක් පැමිණියේ දහවල් 12.45ට පමණය. එදින ගනුදෙනුකරුවන් හා සේවකයන් සියලූ දෙනා ගත්විට ආයතනයේ විසි දෙනෙක් පමණ සිටියහ. එහෙත් කොල්ලකරුවන් කලබල වූයේ නැත. ඒ සියලූ දෙනා පෙර ලෙසටම කාමරයකට දමා වසා දමනු ලැබිණි.

ඉන්පසු ආයතනයේ කවුන්ටර්වල හා සේප්පුවේ තිබු ලක්ෂ දහයක පමණ මුදල් වලින් පමණක් සෑහීමකට පත් නොවු කොල්ලකරුවෝ ලක්ෂ පහක පමණ වටිනාකමක් සහිත ගනුදෙනුකරුවන් හා සේවකයින් සතුව තිබූ මුදල් සියල්ල හා රන්භාණ්ඩද කොල්ලකනු ලැබිණි. මෙම සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් අයකුගෙන් ලද තොරතුරුවලට අනුව කොල්ලකෑමට මධූෂ් සම්බන්ධ යැයි සැකයක් මතුවු අතර ඒ අනුව විමර්ශන සිදුකරනු ලැබිණි. මධූෂ් සමඟ සම්බන්ධතා පැවැත්වූ ගම්පහ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් සමඟ එක්ව මෙම මංකොල්ලය සැලසුම් කර ඇති බව එහිදි අනාවරණය වි තිබේ.

ඒ අනුව මධූෂ් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබිණි. ඉන් ටික කලකට පසුව ඔහුට රිමාන්ඩ් බාරයේ සිටියදීම පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. එහෙත් සාධාරණ සැකයෙන් තොරව මධූෂ් මෙම සිදුවිමට සම්බන්ධ බවට ඔප්පු කරන තෙක් වසරකට පමණ පසුව ඔහුට ඇප ලැබිණ.

එහෙත් මංකොල්ල නඩුවෙන් ඇප ලැබුවද යළි ඝාතන චෝදනාවක් යටතේ ඔහු රිමාන්ඩ් බාරයට පත් කෙරිණි. ඒ ඩැනී හිත්තැටිය ඝාතන චෝදනාවය. වසර කීපයකට පසු එම නඩුවට අදාළව ඇප ලැබු ඔහු පසුව රිමාන්ඩ් බාරයට පත්වන්නේ දකුණෙන් වාහන සොරකම් කර එල්ටීටිඊය අවශ්‍ය වාහන උතුරට සැපයූ බවට වූ චෝදනාවක් අනුවය. එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියදී ඔහුට තවත් මනුෂ්‍ය ඝාතනයට තැත් කළැයි චෝදනාවක් එල්ල විය. ඒ රටේ ප‍්‍රබල දේශපාලඥයකු ඝාතනය කරන්නට සැලසුම් කළ බවටය.

එම චෝදනාව එල්ල වන්නේ 2009 වැල්ලවත්ත ප‍්‍රදේශයේදි ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුවය. එම සැකකරු එල්ටීටීඊ සබඳතා පවත්වන අයෙක් වු අතර හමුදාවේ සේවය කරමින් සිටියදී අතුරුදන් වු තම සහෝදරයා සොයාගැනීමට එල්ටීටීඊ සාමාජිකයකුගෙන් ඔහු කර ඇත. එම ඉල්ලීම සිදුකිරිමට නම් පෙර කි දේශපාලඥයා ඝාතනය කරන ලෙස තමන්ගෙන් එම කොටි සාමාජිකයා ඉල්ලූ බවත් එම ඉල්ලීම පරිදි බන්ධනාගාර ගතව සිටි තමන්ගේ හිතවතෙකු මගින් මධූෂ්ව හඳුනාගත් බවත් සැකකරු පවසා ඇත. ඒ අනුව මධූෂ් බන්ධනාගාරයේ සිටියදී මේ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කළ බවත් මධූෂ්ටද කොටි සාමාජිකයන් සමඟ තිබූ සබඳතා අනුව අවශ්‍ය අවි ආයුධ උතුරෙන් ගෙන්වා ගත් බවත් සැකකරු ත‍්‍රස්ත විමර්ශන නිලධාරින් හමුවේ පාපෝච්චාරණය කර තිබිණ.

ඒ වන විටත් බන්ධනාගාර ගතව සිටි මධූෂ්ගෙන් ත‍්‍රස්ත විමර්ශන නිලධාරින් අධිකරණයෙන් අවසර මත ප‍්‍රශ්න කළහ. පසුව ඒ සම්බන්ධයෙන්ද මධූෂ්ට එරෙහිව නඩුවක් විභාග විය. එහෙත් 2013 වසරේ නොවැම්බර් 21 වැනිදා නීතිපති උපදෙස් මත මධූෂ් එම චෝදනා වලින් නිදහස් කර තිබේ. ඉන්පසු ඔහු මෙරට අතහැර විදෙස් ගතව ඇත. අද ඔහු සිටින්නේ ඩුබායි වලය.  එහෙත් මේ වන විට ඔහු ඉතාලියට පළාගොස් ඇති බවටද මතයක් තිබේ.

 



අදහස් (15)

ගුරුවරියට බයේ හැංගුණු මධුෂ් පාතාලයෙක් වු හැටි

laksman Friday, 13 April 2018 12:56 AM

බුද්ධකාලයේ අහිංසක අංගුලිමාල වුනේ ගුරුවරයා නිසා. වර්තමානයේ ගුරුසේවය රැකියාවක් වෙලා.

:       107       32

athula Friday, 13 April 2018 09:52 AM

අහිංසකයින් තමයි දරුණු අපරාදකාරයන් කරන්නේ සමාජය විසින්මයි. මේක තවම අපේ රටේ තේරුම් ගන්නෙත් නැහැ එහෙම විසඳුම් හොයන්න ඕනත් නැහැ. මෙම අතිශය අමානුෂික ක්‍රමවේදය වෙනස් කරනතුරු මේවා එන්න එන්නම දරුණු වෙනවා.

:       48       81

pakeer Friday, 13 April 2018 10:58 AM

ලෝකේ කොහෙත් මෙහෙමයි, ඒක මේ ක්‍රමේ වැරැද්ද නෙමෙයි. ඒ තමයි ලෝකේ හැටි. මේකට ඕනේ, ලැජ්ජාව, භය නැතිකම සහ මෝඩකම. මේවා තියෙන ඕනේ කෙනෙකුට ඕනෙම සමාජෙක මේවා කරන්න පුළුවන්. යුරෝපයේ, දකුණු සහ උතුරු ඇමෙරිකාවේ, ඒ වගේම නැගෙනහිර ආසියාවේ, රුසියාවේ, චීනේ, ජපානේ මේ හැම තැනම තියෙනවා මේවා.

:       1       57

6ttth Friday, 13 April 2018 08:32 PM

මේවා පිටුපස ඉන්නේ දේශපාලකයෝ.

:       47       208

yaha Friday, 13 April 2018 09:47 PM

පේනවනේ අපේ නීතියේ තියන දුර්වලකම්. නියපොත්තෙන් කඩන්න තියන එක කඩාගන්න බැරිකම. ජරාම නීති පද්දතියක් තමයි අපේ තියෙන්නේ

:       0       141

rohan Sunday, 15 April 2018 07:30 AM

සමාජයේ යම් වරදක් නිසා පාතාලයෙක් වෙන්න තරම් සාධාරණ හේතු මෙයාට නැහැ. ඒවගේම අපේ බන්ධනාගාරය කියන්නේ අපරාද ඉගෙන ගැනීමේ පාසැල මේ සියල්ල අපේ රජය ප්‍රතිපත්තියක් නැති පාලනය වරද.

:       0       67

Nirnamica Sunday, 15 April 2018 08:03 AM

පාතාල මැරයෝ තමන්ගේ පාසල් ගුරුවරුන්ට වරද පටවන්නේ නම් එක්තරා විදියක කපටි කමක්. ඔය මිනිස්සුන්ට හැදෙනවානම් ඕනි තරම් අවස්ථා තියෙනවා. ඒත් මතක තියා ගන්න ජන්ම මැර ගති නම් වෙනස් වෙන්නේ නැහැ. මගේ නිවසට යාබද ගෙදර ඉන්නවා පාතාලයට සම්බන්ධ අයෙක්. අසල්වාසියා වැඩිහිටියා කියලා නෙමෙයි ඔහු අපිට කතා කරන්නේ උඹ බන් කියල. ඔවුන්ගේ සිදුවන හිරිහැරයක් වරදක් උනත් කොච්චර හොඳින් කියන්න ගියත් එන්නේ අසභ්‍ය වචනයෙන් බැනගෙන ගහන්න. අපි යටත් වෙලා වගේ ඉන්න ඕනි. ඒ ඔහුගේ නිතිය. ඔහුට උසාවි වල නඩු ගොඩයි. ඇප පිට ඉන්නවා. පොලිසියට කිව්වොත් ආපු ගමන් තර්ජනය කරනවා. ජිවිතයට තියෙන බය නිසා මගේ නම දාන්නත් බයයි.

:       0       64

NirnamicaSunday, 15 April 2018 10:42 AM

මේ මැරයන්ට විරුද්දව අපිට පොලිසියට යන්න විදියක් නැහැ. පොලිසි ගියොත් ගෙදර ආපු ගමන් අපිව මරා දානවා කියල තර්ජනය කරනවා.

:       0       54

SANJAYA Monday, 16 April 2018 11:49 AM

මදුෂ් යනුවෙන් යමෙක් සිටිනවා විය හැකිය. නමුත් අප කිසිවෙකුට ඔහු ගැන දන ගැනීමට අනවශ්‍යයි. එය නීතියේ රාජකාරියකි.

:       0       1018

dill Tuesday, 17 April 2018 08:39 AM

එහෙත් 2013 වසරේ නොවැම්බර් 21වැනිදා නීතිපති උපදෙස් මත මධූෂ් එම චෝදනාවලින් නිදහස් කර තිබේ.

:       0       24

පිටිගල මිලානෝ Wednesday, 18 April 2018 12:37 AM

මේකා ටික දවසක් මිලානෝ වල හිටියා කියලා ආරංචියි. පස්සේ කෝමෝවලට ගියා...

:       0       2

amila Saturday, 21 April 2018 11:11 AM

මේ රටට ආදරේ නම් මේවගේ ලියුම් ප්‍රසිද්ධ කරන්න එපා.. මේක ඔයවගේ හිතන එ්ත් කරන්න බැරිව ඉන්න සියගාණක් තරුණ ළමයින්ට රුකුලක්. අපරාධ කාරයින් ජාතික වීරයන් බවට පත් කරන්න ඔබට හැකිය. එයින් මේ සමාජය වසන්න බැරි තැනක් වෙන බව පොඩ්ඩක් හිතන්න. නීතිය ක්‍රියාත්මක නොවන පරිසරයක අපරාධකාරයින් උස්සා තැබීමෙන් ආර්ථික වාසිය පමණි... ඔබට ආත්මයක් නැත....

:       0       38

saama Sunday, 22 April 2018 07:11 AM

මේ වගේ අපරාධකරුවන් බිහිවෙන්න අපේ අධ්‍යාපන ක්‍රමයේත් වරදක් ඇති. එනමුත් අපේ හමුදාවට හා පොලිසියට දිරිය ලැබේවා!!! මෙයාව කොයි ලෝකේ හිටයත් අල්ලගන්න.

:       0       11

kamal Monday, 23 April 2018 11:56 AM

කබ්බෝ ෆෝර්ම් කරන මේ වගේ නිව්ස් ගේන අයට ගහන්න ඕනේ...

:       0       14

මචන් Tuesday, 24 April 2018 10:08 AM

අපේ ඉස්කොලෙත් හිටියා මේ නමම තියෙන ළමයෙක්. හැමදාම සර් කෙනෙක්ගෙන් ගුටි කනවා මොනවා හරි වැඩක් කරලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 271 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 21 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 153 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 188 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 135 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 194 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38765 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 294 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 995 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site