IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගුරු මාරුවට අංචි අඳින ‘ගුරු හොරු’

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

([email protected] ,[email protected])

ලංකාවේ පාසල් පද්ධතිය යනු විටෙක ආදිශිෂ්‍ය සංගම් සමඟ ද විටෙක දේශපාලකයන් සමඟ ද එකට ගැට ගැසී ඇති නූල් බෝලයක් බඳුය. ඇතැම් විට අධ්‍යාපන අමාත්‍යාංශය යම් හොඳ තීරණයක් ගැනීමට ගියත් එය පස්සට අදින්නට මේ ජාලයට ඇත්තේ අපමණ බලයකි. අමාත්‍යාංශය තීරණ ගත් පසු නැවත අඩියක් පස්සට ගත් අවස්ථා  ඕනෑ තරම් තිබේ. ජාතික පාසල්වල වසර 10ට වැඩි ගුරුවරුන් ස්ථාන මාරු කිරීම සඳහා සියලූ කටයුතු සපුරා තිබුණත් එය දිගින් දිගටම ප‍්‍රමාද වන බව ගුරු සංගම් චෝදනා කරයි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ද මේ සඳහා අත ගසා සියලූ කටයුතු සිදු කළ ද ඇමැතිගේ බලයටත් වඩා ඇතැම් දේශපාලකයන්ගේ සහ ආදිශිෂ්‍ය සංගම්වල බලය නිසා දෝ අවස්ථා ගණනාවකදී එම තීරණය පස්සට ගියේය. මේ සතියේ එය අනිවාර්යයෙන්ම සිදු කරන බව අකිල විරාජ් කාරියවසම් මහතා කියා තිබිණි. දිගින් දිගටම සිදුවන බලපෑම් හමුවේ ඇතැම් විට මෙවරද එය යළි හකුළා ගැනීමට සිදු වනු ඇත්තේ පෙර සඳහන් කළ පාර්ශ්ව දෙක නිසාය.

මෙවර ‘සත්‍ය ගවේෂණ’ ඉදිරිපත් කරනුයේ ඒ ගුරු මාරු ගැනය.

ඇතැම් දේශපාලකයන් සහ ඇතැම් ආදිශිෂ්‍යයන් පාසල්වලට සිසුන් ඇතළත් කර ගැනීම සඳහා සම්බන්ධතා ඇති කර ගන්නේ විදුහල්පතිවරුන් සමගම පමණක් නොවේ. ඔවුහු ගුරුවරුන් සමග ද එවැනි සම්බන්ධතා ඇති කර ගනිති. එකම පාසලක දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටින නිසා පාසලේ ඒකාධිකාරයක් ගොඩනගා ගැනීමට ඇතැම් ගුරුවරු සමත්ව සිටිති. එවැනි ඒකාධිකාරයක් ඇති වීම වැළැක්වීමට නම් කළ යුතු ප‍්‍රථම කාරිය වනුයේ දීර්ඝ කාලයක් එකම පාසලේ රැඳී සිටින ගුරුවරුන් ඉවත් කිරීමය.

ජාතික පාසල්වල වසර 10ට වැඩි ගුරුවරුන් ස්ථාන මාරු කිරීම සඳහා සියලූ කටයුතු සපුරා තිබුණත් එය දිගින් දිගටම ප‍්‍රමාද වන බව ගුරු සංගම් චෝදනා කරති.

ලංකාවේ ජාතික පාසල් 353ක් පමණ තිබේ. ඒවායේ ගුරුවරු 38,000ක් පමණ සේවය කරති. ඉන් 12,000ක් පමණ එකම පාසලක එක දිගට වසර 10කට වඩා වැඩි කාලයක් සේවය කළ ගුරුවරුය. මේ සියලූ දෙනා එම පාසල්වල ඒකාධිකාරයක් හදා ගත් ගුරුවරු නොවෙති.

එවැනි සිද්ධිවලට සම්බන්ධ මින් සුළු පිරිසක් පමණක් වුවත් එකම පාසලක දීර්ඝ කාලයක් තිස්සේ සේවය කිරීමෙන් නැති ප‍්‍රශ්න ඇතිවූ අවස්ථා  ඕනෑ තරම් තිබේ. පාසල්වල වසර 10ට වැඩි ගුරුවරුන් ස්ථාන මාරු කිරීම ගැන 2008 වසරේ පමණ කරළියට ආවේ ලෝක බැංකුවේ කොන්දේසියක් නිසාය. ලංකාවේ පාසල්වල ගුරුවරුන් බෙදී යාමේ විෂමතාවයක් ඇති නිසා එමවිෂමතාවය ඉවත් කරන ලෙස 2008 වසරේදී පමණ යෝජනාවක් ගෙනැවිත් තිබේ. අවස්ථා කිහිපයක දී එය ක‍්‍රියාත්මක කරන්නට හැදුවත් ජාතික පාසල්වල එය සාර්ථකව සිදු කර ගැනීමට නොහැකි විය.

ඒ පෙර සඳහන් කළ පරිදි එන දේශපාලන හා ආදි ශිෂ්‍ය සංගම් බලපෑම නිසාය. පළාත් සභා කිහිපයක වසර 10ට වැඩි ගුරුවරුන් ස්ථාන මාරු කළත් සියයට සියයක් සාර්ථකව සිදුවූයේ නැත.

 

ගුරු මාරු මණ්ඩල නොකැඳවා අත්තනෝමතිකව ගුරුවරුන් ස්ථාන මාරු කළ අවස්ථා රැ සක් කාලන්තරයක් තිස්සේ දැක ගත හැකි වූ අතර ඒ ඇතැම් අත්තනෝමතික ස්ථානමාරු වලට එරෙහිව ගුරුවරු මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කළහ. තවත් බාලක විද්‍යාලයක 2014 වසරේ දී මෙවැනිම සිදුවීමක් සිදු විය. එම පාසලේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර ඒ සඳහා ඇඟිල්ල දිගුවූයේ ශිෂ්‍ය භට ඛණ්ඩය වෙතය. මේ නොසන්සුන්කාරී ක‍්‍රියාකාරම් නිසා පාසල දින කිහිපයක් වසා තැබීමට ද සිදු විය. ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහි නිර්දේශය වූයේ එම පාසලේවසර 10ට වැඩි ගුරුවරුන් ස්ථාන මාරු කරන ලෙසය.

 

 

ලංකාවේ ගුරුවරුන් ස්ථාන මාරු කළ යුත්තේජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තිය අනුවය. එම ප‍්‍රතිපත්තිය අනුව ගුරුවරුන් මාරු කිරීම සිදු කරනුයේ සියලූම ගුරු සංගම් නියෝජිතයන්ගෙන් හා නිලධාරීන්ගෙන් සැදුම්ලත් ගුරු මාරු මණ්ඩලයක් හරහාය.

ජාතික පාසල් යනු අධ්‍යාපන අමාත්‍යංශය හරහා සෘජුව පාලනය වන පාසල්ය. ලංකාවේජාතික පාසල් ඇත්තේ 353ක් පමණය. ඉතිරි සියලූ පාසල් පළාත් පාසල්ය. ඒවා පාලනය වන්නේඒ ඒ පළාත්වල පළාත් අධ්‍යාපන අමාත්‍යංශ හරහාය.

මේ සියල්ල සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට විටින් විට චක‍්‍රලේඛ සහ මාර්ගෝපදේශ නිකුත් කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනි. ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තිය ද එසේමය. එය ජාතික පාසල් මෙන්ම පළාත් පාසල්වලට ද අදාළය. පළාත් පාසල්වල බොහෝ විට එම බලය කලාප අධ්‍යාපන කාර්යාල වෙත පවරා ඇති අතර කලාප අධ්‍යාපන කාර්යාලවලින් එය ක‍්‍රියාත්මක කළ යුතු වන්නේ ගුරු සංගම් නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ගුරු මාරු මණ්ඩලයක් හරහාය.

මාරු මණ්ඩලවලට පිටින් ගුරුවරුන් ස්ථාන මාරු කළ අවස්ථා ඉතිහාසයේ සිට  ඕනෑ තරම් තිබේ. බොහෝ විට එවැනි දෑ සිදු කරන්නේ එක්කෝ විනය පරීක්ෂණයක් මුල්කරගෙනය. නැති නම් කෝන්තර පිරිමසා ගැනීම සඳහාය. ගුරු මාරු මණ්ඩවලට පිටින් ගුරුවරුන් මාරු කිරීමට හොඳම උදාහරණය කවි ලියු ගුරුවරයාගේ ස්ථාන මාරුවයි.

ඔහු නමින් කුෂාල් ශාලිකය. ජාතික පාසල්වලට භෞතික විද්‍යාව ගුරුවරුන් තෝරා ගැනීම සඳහා පැවැති තරග විභාගයට ඔහු ඉදිරිපත් විය. එම තරග විභාගයෙන් වැඩි ලකුණු ලබා ගත් පිරිසක් එවකට අලූත් විෂයක් ලෙස උසස් පෙළට එකතු වූ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයට තෝරා ගනු ලැබූහ. කුෂාන් ශාලික ගුරුවරයා ද 2014 මැයි 12 වැනි දා පත්වීම් ලබන්නේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයෙනි.

ඔහුගේ පත්වීම් ලිපියේ එය පැහැදිලිව සඳහන් වෙයි. මුල්ම පත්වීම ගෙන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ගිය ඔහු සතියට කාලච්ජේද 30 ක කාලසටහනක් උගන්වමින් සිටියේය. පාසල් පරිපාලනය ගැන කවි ලියා ෆෙස්බුක් පිටුවේ දැමීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියජනවරි මාසයේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමර්ශනයක් පැවැත්වූ අතර මෙම ගුරුවරයාගෙන් ද ප‍්‍රකාශයක් සටහන් කර ගත්තේය.

කවි ලිවීම ගැන විමර්ශනයක් ආරම්භ කළැයි මාධ්‍යවල පළ වෙද්දී ඊට හැම පැත්තෙන්ම විරෝධතා එන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස  විමර්ශනයෙන් ගුරුවරයා නිදහස් විය. අවසානයේ කිසිම හේතුවක් නැතිව හැටියේ මේ ගුරුවරයා නාරම්මල මයුරපාද විද්‍යාලයට ස්ථාන මාරු කළේය. ඒ වන විට නාරම්මල මයුරපාදයට මේ ගුරුවරයායේ සේවාව අවශ්‍ය වී තිබුණේ නැත. ඒ වන විටත් නාරම්මල මයුරපාද විද්‍යාලයේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය උගන්වන ගුරුවරු තිදෙනෙක් සිටියහ.

ඔහු කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් ස්ථාන මාරු කෙරුවේ සතියට කාලච්ජේද 30ක් උගන්වමින් සිටියදීය. ශාලික ගුරු මහතා ඒ වන විට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට අතිරික්ත ගුරුවරයෙක් නොවීය. ගුරු මාරු මණ්ඩලය කැඳවන්නේ නැතිව සිදු කළ මෙම අත්තනෝමතික ගුරු මාරුව ගැන මාධ්‍යවල පළ වෙද්දී අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය නිලධාරියා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කීවේ මෙය සේවා අවශ්‍යතා මත සිදු කළ ස්ථාන මාරුවක් බවයි.

කවි ලියු නිසා එම ගුරුවරයා මාරු කළ බව කීම අසත්‍යක් බව ද එම නිවේදනයේ සඳහන් වී තිබිණි. මාධ්‍ය නිවේදනයේ දැක්වෙන සේවා අවශ්‍යතාවක් ඒ වන   විට නාරම්මල මයුරපාදයට නොතිබුණු අතර මෙම ගුරවරයාට ඉගැන්වීමට ලබා දීමට කාලසටහනක් ද එම පාසලට නොතිබිණි. ඔහුට ඉගැන්වීමට ලැබුණේ ඒ වන විට අසනීප වී රෝහල් ගත වී සිටි ගුරුවරියකගේ ගණිතය කාල සටහනකි. පෙර සඳහන් කළ පරිදිම මෙය විමර්ශනයක් මත කළ ස්ථානමාරුවක් නොවකෝන්තරයක් මත කළ ස්ථාන මාරුවකි.

ගුරු මාරු මණ්ඩල නොකැඳවා අත්තනෝමතිකව ගුරුවරුන් ස්ථාන මාරු කළ අවස්ථා රැසක් කාලන්තරයක් තිස්සේ දැක ගත හැකි වූ අතර ඒ ඇතැම් අත්තනෝමතික ස්ථානමරු වලට එරෙහිව ගුරුවරු මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කළහ.

තවත් බාලක විද්‍යාලයක 2014 වසරේ දී මෙවැනිම සිදුවීමක් සිදු විය. එම පාසලේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර ඒ සඳහා ඇඟිල්ල දිගුවූයේ ශිෂ්‍ය භට ඛණ්ඩය වෙතය. මේ නොසන්සුන්කාරී ක‍්‍රියාකාරම් නිසා පාසල දින කිහිපයක් වසා තැබීමට ද සිදු විය. ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහි නිර්දේශය වූයේ එම පාසලේ වසර 10ට වැඩි ගුරුවරුන් ස්ථාන මාරු කරන ලෙසය.

එම නිර්දේශ පැත්තක තිබිය දී මූලික විමර්ශනවල නිර්දේශ මත යැයි කියමින් පාසලේ ශිෂ්‍ය භට ඛණ්ඩය භාර ගුරුවරයා එම පාසලේ සිට කිලෝමීටර 40ක් පමණ දුර පාසලකට ද, උසස් පෙළ ඉංග‍්‍රීසි ගුරුවරයා එම පාසලේ සිට කිලෝමීටර 50ක් පමණ දුර පාසලකට ද ස්ථාන මරු කරනු ලැබීය. එම ස්ථාන මාරුවට එරෙහිව මෙම ගුරවරු දෙදෙනා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළහ.

එහි දී අනාවරණය වූයේ පාසලේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ගුරුවරුන් දෙදෙනා කිසිම විමර්ශනයකින් වැරදිකරුවන් වී නැති බවයි. පැහැදිලිවම එම ස්ථානමාරුව කර තිබුණේ කිහිපදෙනකුගේ වුවමනාවක් මතයි. එම නිසා ඔවුන් ඉල්ලන පාසලක් ලබා දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කළ අතර ඊට අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් පැමිණි අධ්‍යක්ෂවරයා ද එකඟ විය.

දැනගන්නට ඇති පරිදි මේ වන තෙක් අධ්‍යාපන අමාත්‍යංශය එම නිර්දේශය ක‍්‍රියාත්මක කර නැත. විමර්ශනයෙන් නිර්දේශ නොකළ ගුරුවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු කළ අධ්‍යාපන අමාතයංශය විමර්ශනයෙන් නිර්දේශ කළ වසර 10ට වැඩි ගුරුවරුන් ස්ථාන මාරු කළේ නැත. ඒ දේශාපාලන බලපෑම සහ ආදි ශිෂ්‍ය සංගමේ කිහිප දෙනකුගේ බලපෑම නිසාය.

පාසලේ විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වූ ගුරුවරියක ද ස්ථාන මාරු කළ යුතුව තිබූ ලැයිස්තුවේ සිටින්නීය. ඇය එම විද්‍යාලයේ එක දිගට වසර 21ක් පමණ සේවය කර තිබුණත් මේ වන තුරු ස්ථාන මාරුවීමක් ලැබී නැත. ඒ වෙනුවට ඇයට අංශ ප‍්‍රධාන කමක් ලැබිණි.

පෙර සඳහන් කළ පරිදිම ගුරු මාරු මණ්ඩල නැතිව ගුරුවරුන් ස්ථාන මාරු කිරීම නිසා ගැටළු ඇතිවූ අවස්ථා එමට තිබේ. දීර්ඝ?කාලයක් එකම පාසලේ සිටින ගුරුවරුන් නිසා ගැටලූ ඇතිවූ අවස්ථා ද එමට ඇත.

වසර 10ට වැඩියෙන් එකම පාසලේ සේවය කළ ගුරුවරුන් ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තිය අනුව ස්ථාන මාරු නොකිරීම ගැන ගුරුසංගම් දිගින් දිගටම චෝදනා කළේය. ඒ අනුව වහාම ගුරු මාරු මණ්ඩල කැඳවා වසර 10ට වැඩි ජාතික පාසල් ගුරුවරුන් ස්ථාන මාරු කිරීමට වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කළේය.

ඒ අනුව සියලූ ගුරු සංගම් වල නියෝජිතයන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ගුරු මාරු මණ්ඩලයකින් ජාතික පාසල් ගුරුවරුන්ගේ ස්ථාන මාරු සිදු කිරීම ආරම්භ කළේය. එහි දී පැන නැගුණු ප‍්‍රධානම ගැටලූව දුර පළාත්වල ජාතික පාසල් දුරින් පිහිටීමයි. එම ගැටළුවටද පිළියම් සොයමින් ගුරුවරුන්ට අසාධාරණයක් නොවන පරිදි ගුරු මාරු සිදු කෙරෙණි. ලබන වසරේ විශ‍්‍රාම ගැනීමට සිටින ගුරුවරුන් පමණක් ස්ථාන මාරු නොකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබිණි.

වසර 10 කටත් වැඩියෙන් ජාතික පාසල්වල ගුරුවරුන් පැළ පදියම් වන්නේ ඇයි?

අධ්‍යාපන අමාතයංශය මුලින් කීවේ කීවේ මෙම වසරේ දෙවැනි පාසල් වාරය ආරම්භ කරන විට මෙම ස්ථාන මාරු සිදු කරන බවයි. එය පස්සට ගියේය. ඉන් පසු කීවේ තුන්වැනි පාසල් වාරය ආරම්භ වන විට ගුරුමාරු සිදු කරන බවයි. නමුත් එය ද ක‍්‍රියාත්මක නොවිනි.

මෙම ගුරුමාරු වලට එරෙහිව විදුහල්පතිවරු කිහිප දෙනෙක් දෙමාපියන් සහ ආදි සිසුන් මෙහෙයවූහ. තම පාසලේ ප‍්‍රතිඵල රඳා පවතින්නේ මෙම ගුරුවරුන් නිසා බවත්, ඔවුන් යෑම විශාල පාඩුවක් බවත් ඇතැම් විදුහල්පතිවරු කීහ. දීර්ඝ කාලයක් තිස්සේ එකම පාසලේ රැදී සිටිමින් යම් යම් අයථා වැඩවලට සම්බන්ධ වූ ඇතැම් ගුරුවරු දේශපාලකයන් සහ ආදි ශිෂ්‍යයන් මාර්ගයෙන් ස්ථාන මාරුනැවැත්වීමට උත්සාග ගනිමින් සිටිති. දීර්ඝ කාලයක් තිස්සේ ප‍්‍රතිඵල අතින් ඉදිරිපෙළ සිටි එක්තරා බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක් දෙමාපියන් හා ආදිසිසුන් ගෙන්වා මෙම ස්ථාන මාරු නවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන්නැයි දන්වා තිබිණි. ඊට හේතුව එම ගුරුවරුන් පාසලේ හොඳ ප‍්‍රතිඵල පෙන්වූ ගුරුවන් බව ඇය කියා තිබිණි.

හොඳ ප‍්‍රතිඵල පෙන්වන ගුරුවරුන් සිටී නම් ඔවුන්ගේ සේවය එකම පාසලකට කාලන්තරයක් තිස්සේ ලබා දීම කොහොමත් සුදුසු නැත. අනිත් පාසල්වල දුවාදරුවන්ට ද එම ගුරුවරුන්ගෙන් ඉගෙනීමේ අවස්ථාව ලැබිය යුතුය. වසර 10ට වැඩි ගුරුවරුන් ස්ථාන මාරු කිරීම නතර කරන ලෙස දේශපාලකයන්ගෙන් සහ ආදි ශිෂ්‍ය සංගම්වලින් ඉල්ලීම් රැසක් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. මේ සියලූ ඉල්ලීම් පාසල් සිසුන් ගැන සිතා නම් නොවේ.

එම බහුතරයක් ඉල්ලීම් තම තමන්ගේ පෞද්ගලික න්‍යායපත‍්‍ර ගැනසිතමින් කළ ඉල්ලීම්ය. ලංකාවේ ගුරු හිඟයක් ඇතැයි කීම අමූලික බොරුවකි. ලංකාවේ ඇත්තේ ගුරු හිඟයක් නොව ගුරුවරුන් බෙදී යෑමේ විසමතාවයකි. ජනප‍්‍රිය තලයේ බොහෝ පාසල්වල ගුරුවරුන් අතිරික්තව සිටිද්දී නගරයෙන් ඈත පාසල්වල විෂයන්වලට ගුරුවරු හිඟයක් පවතී. කළ යුත්තේ එම විසමතාව නැති වෙන පරිදි ගුරුවරුන් නිසි පරිදි ස්ථාන ගත කිරීමයි.

වසර ගණනාවකට පසු අධ්‍යාපන අමාත්‍යංශය පියවරක් ඉදිරියට තබා ඇත. ඒ මාරු මණ්ඩල කැඳවා වසර 10ට වැඩි ගුරුවරුන් ස්ථාන මාරු කිරීමට ලැයිස්තු සකසා ඇත. තැබූ පියවර ආපස්සට නොගෙන දේශපාලන හා ආදි ශිෂ්‍ය සංගම් බලපෑම්වලට නතු නොවී එම ස්ථාන මාරු ක‍්‍රියාත්මක කරන තෙක් බොහෝ දෙනෙක් බලා සිටිති. එපමණක් නොව ජාතික පාසල් සහ පළාත් පාසල් නොතකා ගුරුවරුන් ස්ථාන මාරු කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කළහොත් මෙම විසමතාව තවදුරටත් නැති වී යනු ඇත.



අදහස් (8)

ගුරු මාරුවට අංචි අඳින ‘ගුරු හොරු’

raawanaa Friday, 13 October 2017 02:49 AM

රටේ සියලු පාසල්, ජාතික පාසල් ලෙස නම් කළා නම් ඔය ප්‍රශ්නේ විසඳන්න පහසුයි. මේ පළාත් සභා මර උගුල නිසා තමයි මේ සේරම වින්නැහිය. ප්‍රතිපත්තියක් නැතිකම නිසා ගුරු පවුල් දුක් විඳිනවා. සියල්ලට කලින් ගුරුවරුන්ගේ මනස සුවපත් කල යුතුයි, ජාතික පාසල් ගුරුවරු, ජාතික පාසල්වල කැරකෙනවා. පළාත් සභා ගුරුවරු පළාත් සභාවල කැරකෙනවා. මෙහි අවසන් ප්‍රතිපලය බලපාන්නේ මේ රටේ අහිංසක දරුවන්ට. විශ්‍රාම යාමට නියමිත ගුරු මාරු අවු.5 වත් නවතා දැමිය යුතුයි.

:       4       109

samanthiMonday, 16 October 2017 03:36 AM

ගුරුවරුන්ගේ දරුවන්ගේ/ පවුල් ප්‍රශ්න/ ප්‍රවාහන ගැටළු අවම කිරිමට ගුරුවරුන් තමන් පදිංචි ප්‍රදේශයේ විවිධ පාසැල් වලට මාරු කරන්න. අතනට මෙතට මාරුකලාම ගුරුවරුන් කියන කොටස කවදාවත් තමන්ගේ ගෙදර දරුවො සැමියා එක්ක එකට ඉන්න බැරිවෙනවනේ. කිසිම ස්ථාවරත්වයක් නැහැනේ. එක තැන ඉදලා ලොකුකම් වංචා කරන අය සිටිනම් කල යුත්තේ එය නැවැත්විමට දඩුවම් දිමට ක්‍රමයක් හැදිම මිස රට එහා කොනට මෙහා කොනට මාරු කරලා ගුරුවරුන් අපහසුතාවයට පත් කිරිම නෙමෙයි

:       1       20

kasun Saturday, 14 October 2017 12:45 AM

ගුරුවරියන්නේ රටේ වැඩි. ඒ අය අතනට මෙතනට මාරු කලාම ඒ පවුල දරුවන් අනාථ වෙන බව කාටවත් පේන්නේ නැද්ද? ඒ දරුවන් පාසැල් ගණනාවකට යන්න වෙනවා. සැමියා වෙන තැනක රැකියාව කලාම පවුල කැඩෙනවා. මේවාත් බලන්න...

:       13       42

jayaSaturday, 14 October 2017 07:26 AM

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට පැමිණෙන ඕනෑම අයෙක් රටේ ඕනෑම තැනක රැකියව කිරීමට සුදානම් විය යුතුය. සියලු දෙනාට ප්‍රශ්න තියෙනවා. පවුල් ප්‍රශ්න විසඳා ගැනීමට නොහෙකි නං වෙන රස්සාවක් හොයා ගන්න වෙනවා. මම මෙහිදී ඔල මොට්ටල ස්ථාන මාරු ගැන නෙවෙයි කියන්නේ...

:       57       18

gayaniMonday, 16 October 2017 03:15 AM

ගාල්ලෙ කෙනා කොලඹටයි කොළඹ කෙනා ගාල්ලටයි දැම්මම හරියට උගන්වන එක වෙනනෙත් නැහැ. මොකද බලන් ඉන්නේ ගෙදර දුවන්න. අනික නවාතැන් ප්‍රශ්න. ඒ අයගෙත් දරුවන්ගෙ සැමියගෙ ප්‍රශ්නළ ප්‍රවාහන ගැටළු. ගුරුවරු තමන් ඉන්න ප්‍රදේශය අවට පාසැල් වලට දැම්මම මොකද වෙන්නේ? පරණ රාජ්‍ය සේවයේ නිති ඇයි බැරි වෙනස් කරන්න?

:       0       70

Pushpakumara Tuesday, 17 October 2017 04:03 AM

සමහර 2017 ස. පෙළ හා උ. පෙළ 2018 පන්තිවල විෂය භාර හා පන්තිභාර ගුරුවරු මාරු කරලා තියනවා . එම මාරුවීම් අදාළ විභාග ඉවර වෙනකල් කල් දාන්න පුලුවන්නම් හොදයි . ඉතා කෙටිකලකින් අලුත් ගුරුවරයෙකුට ලමයන්ව හදුනාගෙන උගන්වන්න ලේසි නොවෙවී . ඒවගේම ලම්යින්ටත් අපහසු වෙවී අලුත් ගුරුවරයෙකුට ගලපන්න. නිලධාරින් මේ ගැනත් හිතුවොත් හොදා .

:       0       1

vd Tuesday, 17 October 2017 06:25 PM

කරුණාකර පළාත් සභා පාසල්වල වසර 10ට වඩා සේවය කළ ගුරුවරු මාරුකරන්න. දුෂ්කර පාසල්වලට ගිහින් සෙනසුරාදා සහ ඉරිදා නොමිලේ උගන්වන්න රජයේ ගුරුවරුන්ට අවස්ථාව දෙන්න. දුෂ්කර පාසල්වල සති අන්තයේ සේවය අවශ්‍ය නම් කියන්න මම නොමිලේ උගන්නන්න එන්නම් ඕන දුෂ්කර පාසලකට. phd උපාධි ඇති ගුරුවරුන්ගේ සේවය ලබා ගන්න සුදුසු ක්‍රමවේදයක් සකසන්න. phd උපාධි ඇති ගුරුවරුන් ගුරු සේවයේ 1 පන්තියට උසස් කර පොත් ලිවිම පර්යේෂණ කටයුතු ආදියේ යෙදීමට, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු සදහා යොමුකරන්න. ඔවුන්ගේ සේවය කලාපයේ සියලු පාසල්වලට ලැබෙන සේ අවස්ථා සකසන්න

:       0       0

Kdyg Friday, 27 October 2017 03:49 PM

වෙනත් රජයේ ආයතන වගේ මාරු කිරීමේ ප්‍රතිපත්ති නිසිලෙස ක්‍රියාත්මක කළ යුතුයි. වසර ගණනක් එකතැන හිටියාම පාසල් පිරිහෙනවා. ගුරු විදුහල්පතිවරු මෙන්ම අනධ්‍යයන අයත් 5න් පහටවත් මාරුකළ යුතුයි. දරු පවුල් සිටින්නේ ගුරුවරුන්ට විතරක් නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 449 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 40 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 160 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 196 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 142 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 204 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38797 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site