IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


ගල්ඔය වන උද්‍යානයේ වන සතුන් අතර

ඉඟිනියාගල පදිංචි ඇඹුල්දෙණිය අසිරිංගලාය දසනායක චන්ද්‍රසිරි මහතා වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ 39 වසරක් තරම් වූ දිගුකලක අත්දැකීම් ඇති අයෙකි. අද 59 වැනි වියේ පසුවන ඔහු එවක වනසත්ව දෙපාර්තමේන්තුවේ අනියම් කම්කරුවකු ලෙස, 1972-10-01 දින සේවයට බැඳී සේවයෙන් විශ‍්‍රාම යාමට ආසන්නයේදී අඩවි ආරක්‍ෂක (III ශ්‍රේණිය) තනතුරට උසස් වී සිටියේය. වර්තමානයේ ඔහු විශ‍්‍රාම පූර්ව නිවාඩු ලබා සිටි අතර ලබන 04 දා ඔහු විශ‍්‍රාම යයි. බිම් මට්ටමේ සිටම කැලේ - කොලේ කරක් ගැසූ චන්ද්‍රසිරි මහතා වනජීවින් ඇසුරේදී ලැබූ අත්දැකීම් සම්භාරය බොහෝය. කිසිදු දිනක චෝදනාවකට හෝ වැඩ තහනමකට ලක්නොවූ ඔහු තමන් ලැබූ වැටුපටත් වඩා සේවයක් දෙපාර්තමේන්තුවට කර ඇති බව අපට දැන ගන්නට ලැබුණි. මේ නිසා කාලයක් පුරා අත් දැකීම් ලැබූ අය වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දුර්ලභය. ඒ නිසා වනපෙත් මැදින් ගිය තොරතුරු සොයා අපි ඔහු හමු වුනෙමු. ”ඒ කාලේ රත්නපුර හිටපු මන්ත‍්‍රී නන්ද එල්ලාවල  මහත්තයාගේ නියෝජිතයකුගේ මාර්ගයෙන් තමයි මට මේ පත්වීම ලැබුණේ. පළමු පත්වීම ”ගල්ඔය ජාතික වනෝද්‍යානයට” මම - ඒ කාලේ ගල්ඔය තියෙන්නේ කොහේදවත් කියලා දන්නේ නෑ. යාළුවෙකුත් එකතුකරගෙන අම්පාරට ඇවිත් වන සංරක්‍ෂණ කාර්යාලයෙන් තොරතුරු අහගෙන ගල්ඔය වනෝද්‍යානයේ මූලස්ථානය වූ ඉඟිනියාගල කාර්යාලයට ආවා. ඒ කාලේ ගල්ඔය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු විදිහට වැඩ කළේ ක‍්‍රිස්ටි වික‍්‍රමසිංහ කියලා මහත්තයෙක්. එයා යටතේ තමයි මෑතකදී විශ‍්‍රාම ගිය නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එඞ්මන් විල්සන් මහත්තයා වැඩ කළේ. එතකොට විල්සන් මහත්තයා III ශ්‍රේණියේ වනසත්ව අඩවි ආරක්‍ෂකවරයෙක් ලෙස තමයි හිටියේ. අපි එයා යටතේ වැඩ කළා. මාත් එක්කම පත්වීම් ලබපු ජයතිලක බණ්ඩා, කේ.ඒ. සෝමදාස, බී. ජයතිලක යන තුන්දෙනෙක් එදා ඇවිත් හිටියා. මේ තුන්දෙනාම කෑගල්ලේ. ඒ කාලේ සංචාරක ඇමැති පී.බී.ජී. කලූගල්ල මහත්තයා. ඒ අමාත්‍යංශය යටතේ තමයි අපේ දෙපාර්තමේන්තුව තිබුණේ. ඒ නිසා කෑගල්ලට වැඩි සැලකිල්ලක් තිබුණා. මේ අයත් එක්කම කුරුණෑගල සෝමරත්න බණ්ඩාර බිබිලේ ජයසිරි බණ්ඩාර යන දෙන්නත් ඇවිල්ලා හිටියා. ඒ කාලේ අපේ දවසේ පඩිය රුපියල් 4යි ශත 14යි. ඉතිං උද්‍යාන භාරකාරතුමා අපට කන්ඩ බොන්ඩ දීලා වනාන්තරය ගැනත් වන සතුන් ගැනත් පැය දෙක හමාරක විතර දේශනයක් දුන්නා. ඔය අතරේ කී දෙයක් මට අද වගේ මතකයි. ”තව අවුරුදු දහයක් දොළහක් යද්දී දෙමළ අයත් සිංහල අයත් අතර ලොකු ගැටුමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒකට මූණ දෙන්නත් සූදානම් වෙන්න  ඕනෑ” කියලා කිව්වා. පස්සේ අපට මිදුලට එන්න කියලා ගස්වල කොළ වර්ග පෙන්නලා, ඒ ගස්වල නම් ඇහුවා. එතන තියෙන හැලඹ ගහේ (අදටත් තිබේ) අලි කඹයක් එල්ලලා තිබුණා. අඩි 40ක විතර උස අත්තක තමයි ගැට ගහලා තිබුණේ. අපි පස්දෙනාටම ඒක දිගේ උඩටම ගිහින් පහළට බහින්න කිව්වා. මම විතරයි උඩටම ගියේ, අනිත් පස්දෙනාටම යන්න පුළුවන් වුනේ මගට විතරයි. කොහොම හරි අපිට ඉඟිනියාගල බරව පිටිය පැත්තේ ”ගල්ඔය බෝඞ්” එකේ ක්වාටර්ස් එකක් ලබා දුන්නා. අපි එතන ඉඳලා තමයි වැඩට ආවේ ගියේ. අපට තිබුණු රාජකාරිය තමයි වනෝද්‍යානයේ ඇති මං මාවත් එළි කිරීම, උද්‍යාන කාර්යාල වටා පිරිසිදු කිරීම ආදී කටයුතු. ලංකාවේ අනිත් වනෝද්‍යානවලට වඩා ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වෙනස් කම් කීපයක්ම තියෙනවා. මේ වනෝද්‍යානයේ සංචාරකයන්ට යා හැකි මාර්ග දෙක තුනයි තියෙන්නේ. සංචාරකයන්ට බෝට්ටුවක් මගින් ගිහිල්ලා වනෝද්‍යානයක් නරඹන්න තියෙනවා නම් ඒ ගල්ඔය ජාතික වනෝද්‍යානය විතරයි. ඉඟිනියාගල සේනානායක සමුද්‍රය වටේට තමයි මේ වන උයන පිහිටා තිබෙන්නේ. ඒ නිසා සංචාරකයන් බෝට්ටුවේ ගිහිල්ලත් මේ උයන නරඹනවා. ගල්ඔය ජාතික වනෝද්‍යානයෙත් ඒ අවට කැලෑවලත් වලස්සු හරියට ඉන්නවා. ඝන කැලෑවල තියෙන ගල් ගුහා තමයි ඔවුන්ගේ වාසස්ථාන. ඒ වාසස්ථානවලට වෙනත් සතුන්ට එන්ඩ දෙන්නේ නෑ. අපි ගල් ගුහාවක් ළඟට ගියහම වලස් ගඳ හොඳට දැනෙනවා. වලසුන් වැඩියෙන්ම කන්නේ මී වද, වේ තුඹස්, පළතුරු වර්ග ආදිය තමයි. උදේ 8.00ට 9.00ට විතර නිදාගන්න වලස්සු හවස 3-4 වෙනකම් හොඳට නිදා ගන්නවා. එතැන් පටන් ? එළිවෙනතුරු නැවතත් කෑම සොයාගෙන යනවා. කලාතුරකින් දවල් කාලයේදීත් වලස්සු වනාන්තරයේ සැරිසරනවා. වලහා මී වද එකින් එක කඩන ගමන් පිටිපස්සෙන් තියා ගන්නවා. සේරම කඩලා ඉවර වුණාම තමයි කන්නේ. අපි වගේ මී වදේ සූප්පු කර - කර ඉන්නේ නෑ. වදේ ඉන්න පිලව් (මී මැසි පැටවු) එක්කම කාලා දානවා. ගස් අතුවල, ගස් බෙණවල තියෙන මී වද කඩන්න වලහා හරි දක්‍ෂයි. වලහගේ මුළු ඇඟම ලෝම වලින් වැහිලයි තියෙන්නේ. අත්වල පිට අල්ලයි, කකුල් වල යටි පතුලයි, හොම්බයි ඇරුනහම වෙන කිසිම තැනක් පේන්නේ නැහැ. මී වද කඩද්දී ඒකේ ඉන්න මී මැස්සෝ වලහට විදිනවා. අනිත් තැන්වලට විදින්න බැරි නිසා හොම්බට තමයි විදින්නේ. ඒ නිසා තමයි වලහා හොම්බ පාත් කරගෙන හොම්බට විදින මී මැස්සෝ අත් දෙනෙක් එළව - එළවා මීය කඩන්නේ. හොඳට වැඩුණු වලහෙක් අඩි දෙක හමාරක් තුනක් උසයි. අඩි පහක් හයක් දිගයි. වලස්සු අවුරුදු 25-30ක් ජීවත් වෙනවා. ගොඩක් අවස්ථාවලදී මිනිස්සුන්ගේ ඇඟට පනින්නේ වැලහින්න. ඒකට හේතුව තමයි වැලහින්න සමග පැටවු සිටීම. වැලහින්න සමග ඇවිදින පැටවකු  සාමාන්‍යයෙන් අඩියක් විතර උසයි.  වී කාලේ ඔය ගල්ඔය වනෝද්‍යානයේ  ආසන්නයේ තියෙන දේවාලහිඳ, කෙසෙල්වත්ත කියන ගම් වල මිනිස්සු නිතරම වලස් ප‍්‍රහාර වලට ලක් වෙලා ඉඟිනියාගල රෝහලට අරන් ඇවිත් තියෙනවා. වලහා පිටිපස්සේ කකුල් දෙකෙන් හිටගෙන සතුරාගේ මූණ හපා කන්න හදනවා. එහෙම නැත්නම් ඉදිරිපස අත්වලින් ගහනවා. ඒ ගහන පාරක් වැදුණොත් ඇඟේ මස් ඉරාගෙන යනවා. හුඟක් දෙනෙක්ගේ මුහුණුවලින් කෑලි ඉරාගෙන ගිහින් තියෙන හැටි මම දැකලා තියෙනවා. වලහගේ අත් පාවල තියෙන නියපොතු අඟල් තුනක් විතර දිගයි. නියපොත්තේ කෙලවරින් තරමක් නැමිලා තියෙන්නේ.  ඒ නිසා වලහ ගහන පාරක් හරියට නැවුණු වානේ කම්බියකින් ගහලා අදිනවා වාගේ බරපතලයි. මිනිහෙක්ගේ ඇඟට වලහෙක් කඩා පනින්නේ අනපේක්‍ෂිත විදිහටයි. ගල් ගුහා වල දිවි ගෙවනවාට අමතරව වලස්සු ගස් බෙණ වලත් ඉන්නවා. ඔය වන මංපෙත් වල ඇවිදගෙන යද්දී ළඟ - ළඟ මිනිස් කටහඬක් ඇහුනු සැනින් වලහා හැංගෙනවා. හැංගිලා මිනිහට යන්න ඇරලා තමයි ඇඟට පනින්නේ. අගෝස්තු මාසෙට ගහකොල වේලිලා යන නිසා, ගස්වල ගෙඩි ජාති අඩුයි. ඇහැටු ගෙඩි වල ලාවුලූ. මොර, ඇහැල කරල්, වා - කරල්, ආදිය තමයි වලහා කන ගෙඩි වර්ග. කෑම හිඟ නිසා ඒ කාලෙට උන්ට ටිකක් අමාරුයි. අපි ගල්ඔය ජාතික වනෝද්‍යානයේ සේවය කරන කාලේ වලස්සු බහුලව ගැවසෙන ස්ථාන ගණනාවක්ම අඳුනගෙන තියෙනවා. ගුරුළුඔය, කැබැල්ල බොක්ක ඔය, හත්පොතකන්ද, මකර ආසන්නය යන තැන් අපි අඳුනාගත්ත තැන්. ඡායාරූපයකින් හරි චිත‍්‍රපටියකින් හරි වලහෙක් දැකලා තිබුණට පණ ඇති වලහෙක් මම ඒ කාලේ දැකලා තිබුණේ නෑ. ඉතින් වන සත්ව දෙපාර්තමේන්තුවේ සේවයට ඇවිත් ටික දවසක් ගත වුණා. එක දවසක් පුරුදු පරිදි අපි පස්දෙනා කැතිත් අරගෙන කොස්සපොල පාර සුද්ද කරන්න ගියා. වෙලාව උදේ 8.00 - 8.30 විතර ඇති. උස් ගස් සහිත ඝන කැලෑව නිසා ඒ වෙලාවේ කැලෑව තරමක් අඳුරුයි.  මමයි, අබේරත්න කියලා කෙනෙකුයි තමයි ඉස්සරහින්ම ගියේ. මගේ මේ 39 අවුරුද්දක සේවා කාලය තුළ කලාතුරකින් ඇරෙන්න වෙනත් කිසිම අවස්ථාවක කැලේ යද්දී පිටිපස්සෙන් ගිහිල්ලා නෑ. කැලෑ ජීවිතේදී මට ඒක ඒ විදිහටයි පිහිටලා තිබුණේ. ඉතිං අපි දෙන්නා ඉස්සරහින් යද්දී පිටිපස්සෙන් තව තුන් දෙනෙක් ආවා. පාරත් එච්චර පළල නෑ. දෙපැත්තෙම සරුවට  වැඩුණු ගස්නේ. අඩි විස්සක් විතර මිසක් ඉන් එහාට පැහැදිලිව මුකුත් පේන්නෑ.  කලින් අත්දැකීම් නොතිබුණු නිසා අපිත් පොඩි කයිවාරුවක් ගහගෙන කැලේ ගැන එතරම් අවධානයකින් තොරවයි ඉස්සහට ගියේ. ඔහොම යනකොට මෙන්න බොලේ අඳුරු කැලෙන් එක සැරේම වලස්සු දෙන්නෙක් අපේ පැත්තට පැන්නා... අපට කිසි දෙයක් හිතාගන්නත් බැරිවුණා.

මතු සම්බන්ධයි.
දිගාමඩුල්ල සමන් දිසානායක හිටපු අඩවි ආරක්‍ෂක දසනායක චන්ද්‍රසිරි



අදහස් (0)

ගල්ඔය වන උද්‍යානයේ වන සතුන් අතර

රොෂාන් Sunday, 12 April 2015 04:05 PM

බොහොම හොඳ ලිපියක්, අන්තර්ජාලය හරහා හැමෝටම බලන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 162 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 285 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 64 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 50 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 959 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1108 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 193 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 388 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 913 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site