IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ගාල්ලේ විහාරයක වැලිමලූවේ අද්භූත පා සටහන්


22-page1-S2-3

 

22-page1-S2-2ගාල්ල තල්ගස්වල නියාගම මානම්පිට ශ‍්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ බෝධීන්වහන්සේ චෛත්‍ය හා බුදු පිළිමය ආදී තැන්වලට මිනිස් පාදවලට සමාන, ඉතා විශාල හා විශාල දිගින් යුතු පා සළකුණු රැුසක් විහාරස්ථානයේ වැලි මළුවේ සටහන් වීම නිසා ප‍්‍රදේශ වාසීහු මහා පිරිසක් අද 16 දවස පුරා විහාරස්ථානයට පැමිණ ඒ පා සළකුණු  දැකබලා ගත්හ. මෙය මහා හාස්කමක් බව ප‍්‍රදේශ වාසීහු පවසති.
 

මේ සම්බන්ධයෙන් විහාරස්ථානයේ විහාරාධිපති අමිත හිමියෝ පැවැසුවේ මේ ආකාරයට අසාමාන්‍ය පා සලකුණු දැකිය හැකි වූ බවයි. අදහස් දක්වමින් අමිත හිමියෝ මෙසේ පැවැසූහ.


බෝ මළුවේ ඇති වැලිතලාවේ පා සලකුණු දහයක් විතර තියෙනවා. මේ පා සලකුණු පුද්ගලයකුගේ නොවෙයි. අසාමාන්‍ය අයුරින් තමයි පා සලකුණු දක්නට තියෙන්නේ. අටවිසි බුදු කුටි අතර තිබෙන ප‍්‍රධාන බුදුගෙය දක්වා මේ පා සලකුණු සටහන් වී තියෙනවා.


මේ විහාරස්ථානයේ චෛත්‍යයේ කොත් පැළඳවීම සහ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමේ පින්කම ඔක්තෝබර් මස 30 වැනි දින පැවැත්වූවා. ඊට පසු සෑම දිනකම රාත‍්‍රියට පිරිත් දේශනා පැවැත්වෙනවා. සෑම සෙනසුරාදාවකම දම්සක් පැවැතුම් සූත‍්‍රය දේශනා කරනවා. ඉකුත් 15දා  රාත‍්‍රි 9.00ට විතර තමයි ලියනගේ උපාසිකා මහත්මිය මේ පා සලකුණු දැකලා අපට දැනුම් දුන්නෙ ඊට පසු මාත් ගිහින් පා සලකුණු පරීක්ෂා කළා.


බෝ මළුවට ඇතුළුවන තැන තමයි මුල්ම පා සලකුණ තියෙන්නේ. අඩියක් විතර දිග ඇති. මාපට ඇඟිලි ඒ විදියට සටහන් වෙලා තියෙනවා. මේ පා සලකුණු නම් සාමාන්‍ය කෙනකුගේ නෙවෙයි. බුද්ධ මන්දිරය ළඟත් පා සලකුණු දෙකක් තියෙනවා. එතැනින් ඒහාට කිසිදු පා සලකුණක් නැහැ. මෙය අද්භූත දෙයක් හැටියට තමයි අපට පේන්නේ යැයිද අමිත හිමියෝ තවදුරටත් පැවැසූහ. 

මේ සම්බන්ධයෙන් විශාල පිරිසක් මෙය දැකබලාගත් බවද උන්වහන්සේ පැවසූහ. මේ සම්බන්ධයෙන්, ප‍්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙක්ද මෙම සිද්ධිය දැක තිබේ. ඒ අය එම මිනිස් පාදවලට වඩා විශාල වූ දිගින් හා පළලින් යුතු මේ පා සටහන් වැලි මළුවේ දැක ගත හැකි වූ බව කියතිි. පෙර දින රාත‍්‍රියේ මහා පිංකමක් තිබුණා. මෙය හමාර වූයේ 15 වන දින මධ්‍යම රාත‍්‍රියේය.


ඒ අනුව, පසුදින එනම් 16 වැනි දින උදෑසන මේ සිද්ධිය දැකගත හැකිව තිබිණි. වෙහෙර, බෝධීන්වහන්සේ ඇති වැලි මළුවේ, බිමෙහි සක්මන් කර ඇති ආකාරයට මේ අසාමාන්‍ය පාද සටහන් දැකිය හැකි අතර බුදු පිළිමවහන්සේ අසලට මෙම පාසටහන් ගමන් කර එම ස්ථානයේ එක තැන මේ පාසටහන් නතර වී යම් වේලාවක් සිට ඇති බව ඒ පා සලකුණු වලින් දැකිය හැකි වූ බව ගම්වාසීහු හා ප‍්‍රදේශවාසීහු පැවසූහ.


මේ ආකාරයට බුදුපිළිමවහන්සේ අසළ නතරව ඇති පා සලකුණු පසු පසට හෝ ඉදිරිපසට හෝ ගමන් කළ බවක් ද දැකිය නොහැකි බව ගම්මු කියති. මෙය මහා අසිරිමත් සිදුවීමක් බව ප‍්‍රදේශවාසීහු අප සමඟ  පැවසූහ. බුදු පිළිමය අසල පා සලකුණු තිබුණද එය ඉන් ඉදිරියට හෝ පසුපසට සටහන් ව නොමැති බවද විහාරස්ථානයේ සිටි තරුණයෝ අප සමඟ පැවැසූහ.

 


 


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙම ස්ථානයට ගොස් පරීක්ෂණයක් පැවැත්විය.


Untitled-2හෙතෙම කියන්නේ කිසිදු ආකාරයෙන් මෙය දෙවියකුගේ හෝ වෙනත් අමුණුෂ්‍යයකුගේ නොවන බවයි. මෙය යම් කිසි පුද්ගලයකුගේම මිනිස් පා සලකුණක්. මෙය හිතා මතා කර ඇති මුලා කිරීමේ කටයුත්තක්. මෙය යම් තරුණයකුගේ මිනිස් පා සටහන් වෙනවා. එය වයස අවුරුදු දහයක සිට වයස අවුරුදු තිහක අයකුගේ පා සලකුණක් වෙන්න හැකියාව  තියෙනවා. දැන් මෙම සිද්ධිය  වූ විගසම අප එම ස්ථානයට ගියා. එහිදී තමයි කිසිම මාධ්‍ය ආයතනයකට ගත නොහැකි වූ පිංතූර අප ගත්තේ. මෙහිදී  මේ පා සලකුණු අප නිවැරදිව සටහන් කළා. පා සලකුණු විලූඹ පැත්තේ සාමාන්‍ය මිනිස් විලූඹකට සමානයි. නමුත්, විලූඹේ සිට ඇඟිලි දක්වා ගමන් කරද් දී වෙනසක් තියනවා. එය යම් අයකු විසින් සකස් කර තිබෙන ආකාරය දැකිය හැකියි. ඇඟිලි අතරින් වැලි පිටතට නෙරාගිය බවක් දැකිය නොහැකියි.


සමහරු කියනවා මෙය කඩවර දෙවියන්ගේ කියල. නමුත්, දෙවියන්ට හෝ අමනුෂ්‍ය පිරිසකට භෞතික දේ කරන්න හැකියාවක් නෑ. එය විද්‍යාත්මක කාරණාවක්. මෙය අපේ බුද්ධාගම සද්ධාබුද්ධි සම්පන්න වූ ආකාරයෙන් අදහන පිරිසක් නිසා මෙය වැරදි බව පැහැදිළියි. මෙය යමෙක් හිතාමතා කළ රැුවටිල්ලක් වෙනවා. යම් මානසික විකෘතිතාවක් ඇති අයෙක් තමයි මෙය කර තියෙන්නේ.

 

22-page1-S2-1

 

01



අදහස් (0)

ගාල්ලේ විහාරයක වැලිමලූවේ අද්භූත පා සටහන්

saduni Wednesday, 26 November 2014 03:23 PM

මමත් බැතිමත් බෞද්ධයෙක්...බුදුසමය වැනි අංගසම්පූර්ණ ජීවන දර්ශනයක පැවැත්ම හා ප්‍රචාරයට මෙවැනි බොලඳ උත්සාහයන් අනවශ්‍ය බවයි මගේ හැගීම.ඉන්දියාවට ගියාම හින්දු කෝවිල් ආශ්‍රිතව මෙවැනි රැවටීම් අනන්තවත් වාර්තා වෙනවා.අපිට නිර්මල බුදු දහමේ දායාදය මෙතරම් හොදින් ලැබෙද්දී මොකටද තවත් නොපෙනෙන දෙවියන්ගේ හාස්කම්.ඕව. හොදයි මිනිසුන් මුලාකොට බද වඩාගන්නා කපුවන්ට. අපේ හෑගොඩ විපස්සී මාහිමිපාණන් වහන්සේගෙන් ඇහුවොත් මේ ගැන ඉතා විචක්ෂනශීලී ධර්මයට එකග පිළිතුරක් සපයාවි. (අ)

:       0       0

සඳුනි Wednesday, 26 November 2014 04:01 PM

මාත් ලිපිය කියෙව්වා.සදුනි අක්කගේ අදහස හරි වගේ.අපේ හාමුදුරුවරුත් මේ" හාස්කම් "ඉස්මුදුනින් පිලි නොගෙන දනුගත් හාමුදුරුනමකගෙන් විමසනවානම් හොදයි නේද? (අ)

:       0       0

හරීන්ද්‍ර Tuesday, 02 December 2014 03:36 AM

අනේ බුද්ධාගමට ගිය කල. දුකයි අප්‍රමාණ දුකයි. පොඩි දේටත් මිනිස්සු රැවටෙනවා. (නදී)

:       0       0

මේනකා Friday, 28 November 2014 05:25 AM

saduni මේක බොලද ප්‍රචාරණයක් නෙමෙයි. එහෙනම් ඒ පත්තරේට දුන්න අය. හාමුදුරුවෝ පවසලා තියෙන්නේ මේක අත්භූත දෙයක් විදිහට. නැතුව දේව හාස්කමක් විදිහට නෙවෙයි. ඒකට වැදුම් පිදුම් කරන්න කියලා සල්ලි ගරන දෙයක් මෙතැන වෙලා නැහැ. මේක ඕනාම දෙයක් වෙන්න පුලුවන්. සමහර විට 6-4 නොදත් ළමයින්ගේ වැඩක් වෙන්න පුලුවන්. පත්තරේට එන ‍එකයි පුදුමෙ. මේ ඒකට නිදසුන් ෆේස් බුක් එකෙ ලංකාදීප පිටුවේ මේපුවතට අදාලව කමෙන්ටුව ගත්තෙ ////Sujith Lasan මමත් දහම් පාසලේ ඉන්නකොට පන්සලේ වැලි මළුවේ කෘතිමව පාසටහන් හැදුවා. අැත්ත එ්වා වගේම පාසටහන් හදන්න පුළුවන්.//// (ස)

:       0       0

චන්‍ද්‍රසිරි Saturday, 29 November 2014 03:58 PM

විහිලුවට කවුරු හරි කරපු වැඩක්.(හේ)

:       0       0

හර්ෂණ Friday, 28 November 2014 06:55 AM

බුදු දහම පන්සල විහිලුවට ලක් කරන්න හදපු දෙයක්. (ර)

:       0       0

දුෂ්‍යන්ත Friday, 28 November 2014 07:07 AM

මේවාගේ දෙයක් අපේ ගමේ පන්සලේත් තිබුණා මේකත් එවාගේ එකක් ද දන් නෑ (ම)

:       0       0

ප්‍රියා Friday, 28 November 2014 07:24 AM

ඇත්තටම මේ මිනිස්සුන්ට පිස්සුද.මේ වගේ අන්දන්න පුලුවන් ජාතියක් මුලු ලෝකේම නැ.(ම)

:       0       0

කමල් Monday, 01 December 2014 07:50 AM

මේවා හොඳයි තමිල්නාඩුවට. (නදී)

:       0       0

ධම්මික Friday, 28 November 2014 02:44 PM

මමත් මේ ලිපිය කියෙව්වා.හිතාගන්න බෑ.කොහොම උනත් හැම දෙයක්ම දහමේ ඉගැන්වෙන විදියට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ කරගත්තනම් තමයි හොඳ.(දිල්)

:       0       0

පියුමි අරුප්පල Thursday, 27 November 2014 11:35 AM

මාත් මෙය කියෙව්වා මා හට මෙය පෙනෙන්නේ බොළඳ උත්සහයක් කියා. (ස)

:       0       0

අමාල් Friday, 28 November 2014 08:44 AM

ඇයි මිනිස්සු මෙච්චර උත්සහ කරලා මිනිසුන්වම රවට්ටන්න හදන්නේ...(අ)

:       0       0

ලලිත් Wednesday, 26 November 2014 07:05 PM

මෙවැනි අවිදිමත්, අවිචාර, දෑ බුදු දහම හා කිසිදා නොගැලපේ. බුදු දහමේ ඉගැන්වීම් අතිශයින්ම ප්‍රඥා ගෝචර බැවින් තම තම නැණ නුවණ යොදා විචාර ශීලීව බලන්නේනම් මැනවි.(හේ)

:       0       0

යොමාල් Friday, 28 November 2014 08:59 PM

ඉතින් මෙහෙම බොරුවක් කරලා මොකක්ද ඇති ප්‍රයෝජනය? (නි)

:       0       0

අනුර ප්‍රනාන්දු Saturday, 29 November 2014 07:45 AM

මෑතකදී සිදු වුන,සමහර පන්සල් වල බුදු පිලිම වලින් රැස් විහිදෙනව දැකපු අය ඉන්නවනම් මෙතන ලියා අපට දන්වන්න පුලුවන් ද? (ස)

:       0       0

ප්‍රියන්ත Sunday, 30 November 2014 12:58 AM

මෙය යමෙක් හිතාමතා කළ රැවටිල්ලක් වගෙයි. යම් මානසික විකෘතිතාවයක් ඇති අයෙක් තමයි මෙය කරන්න ඇත්තේ. (නි)

:       0       0

සරත් පියසේන Sunday, 30 November 2014 07:42 AM

මෙම කථාවෙ සියල්ලම බැහැර කරන්න උත්සාහ ගන්න එපා (නි)

:       0       0

රුමේෂ් Sunday, 30 November 2014 07:50 AM

මම නම් හිතන්නේ මේක වෙන කෙනෙක්ගේ වැඩක් (නි)

:       0       0

තිස්ස Tuesday, 02 December 2014 07:00 AM

ඕක ඇත්ත උනත් ඇති පලේ මොකක්ද? මුළු වැවම පිරිත් පැන් කළ බව අදහාපු මිනිස්සු ඉන්න රටක තමයි තාම අපි ඉන්නේ. නොපෙනෙන දේ මොනවටද? දහම නිවැරදිව තියෙද්දි. (නදී)

:       0       0

අජිත් Tuesday, 02 December 2014 07:06 AM

අනේ හාමුදුරුවනේ. මේ පොඩි ළමයන්ට සත්‍යය නේද පෙන්වල දෙන්න ඕනා. මිත්‍යාව නෙවෙයි නේද? (නදී)

:       0       0

ඛේමානන්ද හිමි Friday, 28 November 2014 11:33 AM

මගේ අදහස නම් බරවා හැදුනු කෙනෙක් වෙන්න ඇති (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4938 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 672 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1247 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 111 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 198 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site