(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති පිළිබඳව කෙරෙන සඳහනකදී මුතුරාජවෙල බහුලව කියැවෙන නමකි. මේ පිළිබඳව මේතරම් කතා කරන්නේ ඇයි? මුතුරාජවෙල යනු කවර අන්දමේ ස්ථානයක් ද? යන්න ගැන විද්‍යාත්මක පර්යේෂණ පවත්වන පිරිස ඊට නිශ්චිත පිළිතුරු දනිති.
මේ පිළිබඳව වර්ෂ 1977 දී භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව උනන්දුවක් දැක්වීය. එහි භූ විද්‍යා අධ්‍යනාංශයේ මැදිහත්වීම මත ලංකාවට පැමිණි පින්ලන්ත ජාතික විද්‍යාඥයෝ පිරිසක් ඒ පිළිබඳ පර්යේෂණයක් කළහ. මුතුරාජවෙල තෙත් බිම පත්ලේ ‘පීට්’ නමැති ඛණිජය ඇති බව එහිදී සොයාගැණිනි.
පීට් යනු ගල්අඟුරුවල මුල් අවධියයි. විශාල කාලයක් තිස්සේ පොළවට යටවී තිබු ශාඛවල කාබන් ඉතිරිව අනෙක් කොටස් ක්‍ෂය වී ගල් අඟුරු හැදෙමින් පවතින අතරමැදි අවධිය ලෙස පීට් හැඳින්විය හැකිය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ, මහාචාර්ය අතුල සේනාරත්න මහතා මුතුරාජවෙල පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කළ අයෙකි. ඔහු ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා 1985 දී මුතුරාජවෙල පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කර, 1987 දී එහි වාර්තාව ප‍්‍රසිද්ධ කළේය.
මුතුරාජවෙල හරස් කඩක් කැපුවහොත් එහි පතුලේ පවතින්නේ කලපු වැලි, බෙල්ලන්ගේ කටු, සිප්පි කටු ආදිය බවත්, එයින් උඩ පීට් ඛණිජය ද, ඉන් මතුපිට මැටි හා ඒ මත තුරු ලතා ද පවතින බව මහාචාර්ය සේනාරත්න මහතා හෙළි කළේය. එහි දී සොයා ගත් කාබනික ද්‍රව්‍ය විශ්ලේෂණය කරන ලදී. කාබන් 14 පරීක්ෂාවෙන් හෙළි වී ඇත්තේ පතුලේ තිබු බෙල්ලන්ගේ කටු වසර 29,000 කට වඩා පැරණි බවකි.
‘‘ඒ අනුව වසර 29,000 කට එහා සමයේ එම ප‍්‍රදේශය කළපුවක් බව පැහැදිලි වුණා ’’ මහාචාර්ය සේනාරත්න කියයි.
‘‘ඇලකන්දේ සිට බෝපිටිය දක්වා දිවෙන මුතුරාජවෙල තෙත් බිමේ ඇලකන්දේ සිට බෝපිටිය දක්වා වගුරු බිම පුරා විසිරී යන පරිදි ස්ථාන 20කින් අපි සාම්පල ලබා ගත්තා. මේ සාම්පල ගත්තේ ඇලකන්දේ දී මීටර් 10ක් පමණ ද බෝපිටියේ දී මීටර් 8ක් පමණ ද ගැඹුරින්. මේ ප‍්‍රදේශ ක‍්‍රමානුකූලව පිරී වගුරු බවට පත් වූ කලපු පෙදෙස් බවයි එයින් පැහැදිලි වන්නේ.
මේ කලපු අවසාදිතවලින් පිරෙද්දී මුහුදු වතුර කාබනික ද්‍රව්‍යවලින් බැඳ තබාගන්නා නිසා අවසාදිතවල ද්විතියක වශයෙන් හැදෙන ඛණිජවල බැර ලෝහ අන්තර්ගත වෙනවා. එය වාතයට නිරාවරණය වූ විට ජලයේ දිය වෙනවා. මේ තත්ත්වය යටතේ විවිධ ඛණිජ වර්ග නිර්මාණය වුණ බව පැහැදිලියි. පයිරයිට් එයින් විශේෂයි. එය සල්ෆයිඩයක්. ආසනික, රසදිය ආදිය ද එහි තිබුණා. පොළව අභ්‍යන්තරයේ අවසාදිතවල රසදිය හා ආසනික් අන්තර්ගතව තිබෙනවා. මේවා ඛණිජ වශයෙන් වෙන් කර ගත නොහැකිදැයි කෙනෙක් අහන්න පුළුවන්. ඒත් ඒක ආර්ථිකව අසාර්ථකයි. නමුත් පයිරයිට් දිය වෙද්දී ආසනික් ද දියවෙනවා.
මෙහි පීට් පොළව යට තිබෙද්දී දුඹුරු පැහැති අතින් පොඩි කළ හැකි කොටසක්. ඒවා එළියට ගත් පසු සාමාන්‍ය වාතාශ‍්‍රයේ දී කළු පැහැ ගැන්වෙනවා. එසේ වන්නේ ඔක්සිජන් සමග ගැටීමෙන්. අනෙක් අතට මේ ප‍්‍රදේශයේ පොළව පතුලේ පවතින භූගත ජලයේ රසදිය පවතිනවා. මේ නිසා මෙම තෙත් බිම තුළ ක‍්‍රියාකාරම් සීමිත කළ යුතු බවට මම නිර්දේශ කළා.
මෑතක දී පරිසර යුක්ති කේන්ද්‍රය සිදුකළ පර්යේෂණයකින් කලපු මසුන්ගේ ශරීර තුළ ස්වල්ප වශයෙන් රසදිය ඇති බවක්, ඒ මසුන් ආහාරයට ගන්නා මිනිසුන්ගේ ශරීර තුළ වැඩි ප‍්‍රමාණයක් ඇති බවත් සොයා ගෙන තිබෙනවා. එයට ද හේතුව වන්නේ මේ අවසාදිත සමග ඇති රසදිය හා ආසනික්, ශාඛ ප්ලවාංග වලට ඇතුළු වීමයි” යැයි අතුල සේනාරත්න මහතා කියයි.
වර්ෂ 1992 දී රජය මගින් සකස් කරන්නට ආරම්භ කළ මුතුරාජවෙල ප‍්‍රධාන සැලැස්ම වෙනුවෙන් මහාචාර්ය සේනාරත්න සිය පර්යේෂණයේ සිතියම් ගතකිරීම් ද සමග සිය යෝජනා භාරදුන්නේය. විශේෂයෙන් එහි භූගත ජලය ලබා ගැනීම හේතුවෙන් ජනතාවට ඇතිවිය හැකි විපත් පිළිබඳව ද පෙන්වා දුන්නේය.
මෙවැනිම පරිසර තත්ත්වයන් පැවැති බ‍්‍රහ්ම පුත‍්‍ර නදියේ ඩෙල්ටාවක බංගලාදේශ රජය විසින් අඩු ආදායම් ලාභී පිරිස් පදිංචි කරවූ අවස්ථාවක් උදාහරණ ලෙස ඔහු පෙන්වා දුන්නේය. එහි දී එම ජනතාවට පානීය ජලය ලෙස දුන්නේ එහි භූගත ජලයයි. ඔවුහු විශාල පිරිසක් ආසනික්, පයරයිට් මිශ‍්‍ර වූ ජලය හේතුවෙන් බෝනොවන රෝග තත්ත්වයන්ගෙන් මිය ගිය පුවත ඔහු පෙන්වා දුන්නේය. අදත් එහි වැසියෝ එකී රෝගාබාධ හේතුවෙන් මියෙති. එහෙත් ඔහුගේ අදහස්වලට තබා සිතියමටවත් කිසිදු ඉඩකඩක් එම ප‍්‍රධාන සැළැස්මේ ඉඩ ලැබුණේ නැත.
ඔහු පෙන්වා දෙන්නේ හෑරීම් මගින් මෙම රසායනික එළියට එන්නට ඉඩ තිබෙනවා මෙන්ම ගොඩකිරීම්වල තෙරපීම තුළින් ඒවා කලපුවට යන බවකි.
‘මේ සම්බන්ධව පුළුල් අධ්‍යයනයක් සිදුකළ යුතුයි. එය භූ රසායනික අධ්‍යයනයක් විය යුතුයි. රටට ගැළපෙන පරිසරයට ගැලපෙන කටයුතු පමණක් එහි කළයුතුයි’’ යැයි ද මහාචාර්ය සේනාරත්න පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඔහුගේ සොයාගැනීම් අනුව මුතුරාජවෙල අතීත කුඹුරු යායකි. එමෙන්ම විශාල කිඹුල් ගහනයක් සහිත පෙදෙසකි. ජලය ආම්ලිකය. මෙම ජලයේ විශේෂ පරිසර ලක්ෂණ පවතින අතර උභය ජීවී පරාදීසයකි. මේ නිසා යම් සංවර්ධන කටයුත්තක් කරන්නේ නම් ප‍්‍රවේශමෙන් විමසා බලා එය කළ යුතුය.
මේ වනවිට එම ප‍්‍රදේශයේ සිදුවන පාරිසරික විනාශය අතිමහත්ය. අනවසර ගොඩ කිරීම්, නොයෙක් අන්දමේ ජාවාරම් මෙන්ම පුද්ගලික ඉඩම් ක‍්‍රමානුකූලව පුළුල් කර ගැනීම්වලින් ද එය සමන්විතය. සිදුවෙමින් යන විනාශයන් හමුවේ මුතුරාජවෙල විනාශය වැඩි ඈතක නොවේ. කඩොලාන පිහිටි පෙදෙස් විනාශ වන වේගය වැඩිය. මුහුදු තීරයට ආසන්නව කඩොලාන ව්‍යාප්ත වී ඇති අතර ඉන් ගොඩබිම දෙසට වන්නට වැඩිපුරම වැවී ඇත්තේ වෙල්ආතා හා ඇකේෂියා නමැති ආක‍්‍රමණික ශාඛ දෙවර්ගය ය. ඒවා සීඝ්‍රයෙන් ප‍්‍රදේශය පුරා පැතිර යයි.
මුතුරාජවෙල තෙත් බිමෙහි ඇති පෞද්ගලික ඉඩම් ඇතුළු අක්කර 700ක හෝටල් සංකීර්ණයක් හා ගොල්ෆ් පිටියක් ඉදිකිරීමට මේ වනවිට යෝජිතව ඇති අතර ඒ සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සැකසීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර දී තිබේ.
මහාචාර්ය සේනාරත්න මහතා කියා සිටින්නේ කවර ව්‍යාපෘතියක් සිදුකළ ද ඒ සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සැකසීම අත්‍යවශ්‍ය බවය. ඒ අනුව එම ව්‍යාපෘතිය කළ හැකි ද නොහැකිද යන්න එළිවන බැවින් එසේ නිසි අධ්‍යයනයක් සිදුකිරීමෙන් අවැඩක් නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි. භූ රසායනික තත්ත්වයන් පරික්ෂා කිරීම අනිවාර්ය තත්ත්වයක් වන අතර මෙය මුතුරාජවෙල වැනි පරිසර කලාපයක අධ්‍යයනයන් කළ පිරිසක් විසින් සිදුකිරීම ද අනිවාර්යයය.
එමෙන්ම එවැනි අධ්‍ය්‍යනයක් සිදුකරන්නේ නම් එකී වාර්තාව සැකසීමේ දී ඒ පිළිබඳව සුදුසුකම් ලත් පුද්ගලයෙකු විසින් අධීක්ෂණය සිදුකළ යුතු බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගල් අඟුරු නිධියක මූලික අදියර සඟවාගත් මුතුරාජවෙල
dhamneth Monday, 01 February 2021 09:30 PM
මේ දිනවල අපිට අසන්න ලැබෙනවා රටේ නොයෙකුත් පළාත්වලින් වටිනා ඛනිජ සම්පත් ලැබෙනවා කියා. සති කීපයකට පෙර සේරුවාවිලෙන් රත්තරන්, තවත් ප්‍රදේශයකින් ඖෂධ නිෂ්පාදනයට ගන්න පොස්පරස්, ගෑස්, යකඩ ආදී වශයෙන්... මේ දේවල්වල ඵල නෙලා ගැනීමට කඩිනම් වැඩ පිළිවෙළක් ඇයි තවම නැත්තේ?
Raveendra Tuesday, 02 February 2021 01:09 AM
ඉතාමත්ම වටිනා විග්‍රහයක්. එනමුත් මේ පිළිබඳව ක්‍රියාකිරීමේදී සෑම දෙයක්ම මුදල් මතම පදනම් වූ අය සිටින සමාජයක මෙවන් අදහස් පිළිබඳව ඇහුන්කන්දීමට වත් එවන් අය ඉදිරිපත් නොවෙනු ස්ථිරයි...