IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගල් ඔය වන උයනේ "ශිල්පාගේ" දඩ කෙළිය අවසන් වෙයි

”කුළු හරක් ඉන්න පැත්තට තුවක්කුව දික් කළේ ”ශිල්පා” තමයි කියලා මට හිතුණා. තවත් තප්පරේකින් දෙකකින් ”ශිල්පගේ” උණ්ඩයකට කුළු හරකෙක් බිම වැටෙන බව මට හිතුණා. කෑගහල කුළු හරක් ටික එළෙව්වොත් ”ශිල්පත්” දුවලා ගිහින් හැංගෙන බව මට තේරුණා. ඒ නිසා ගල් කැටයක් කුළු හරක් රංචුව ඉන්න පැත්තට වීසි කළා. ඒ සැණින්ම කුළු හරක් රංචුව මහ හයියෙන් හඬ නගාගෙනම දුවන්න ගත්තා. හැබැයි ශිල්පත් කළබල වුණා. කුළු හරක් දුවන්න ගත්තේ ඇයි කියල මිනිහා වට පිට බලන්න ගත්තා. එතකොට මිනිහා අපව දැක්කා. වැඬේ වැරදුණ බව දැනුන නිසා ශිල්පත් වැව් ඉවුර දිගේ දුවන්න ගත්තා. මමත් තුවක්කුව අරන් ”ඔහොම නැවතියන්” කියාගෙනම මිනිහා පස්සෙන් දිව්වා. ”ශිල්පට” කැලේ හොඳට හුරුයි. කැලේ සතෙක් දුවනවා වගේ තමයි දිව්වේ. මේ විදිහට ගස් ගල් උඩින් පැන පැන දුවලා ගිය මිනිහා අන්තිමට වැව් ඉවුරේ පහළට පැනලා වැවට වතුර එන ඔයකින් එගොඩ වෙන්න හැදුවා. කර වටක් වතුර නිසා මිනිහා තුවක්කුවත් අත් දෙකෙන් උස්සගෙන වතුරේ ඇවිදගෙන ගියේ. මාත් ඒ විදිහටම ගියා. මිනිහා ඔය ඉවුරට ගොඩ වෙනකොටම මාත් ගොඩවුණා. මම හිතුවේ මිනිහා තව දුරටත් දුවයි කියලා. නමුත් මිනිහා එහෙම නොකර මම නොහිතපු විදිහට එක සැරේම නතර වෙලා මට තුවක්කුව එල්ල කළා. තත්පරයක්වත් නොසිතා මමත් මිනිහගේ පපුවට තුවක්කුව එල්ල කළා. එහෙම කරපු මිනිහා ආපස්සට හැරිලා ආපහු දුවන්න පටන් ගත්තා. මමත් ආපහු මිනිහා පස්සේ දිව්වා. ශිල්පා නොදැනුවත්ම දිව්වේ අපේ අනිත් නිලධාරීන් තුන්දෙනයි අත්අඩංගුවට ගත්ත තුන්දෙනයි හිටපු පැත්තට. මම කෑ ගහලා කිව්වා ”ඔන්න දඩයක්කාරයා එනවා” කියලා. ඒ සද්දෙට අරගොල්ලොත් සූදානමින් හිටියේ. අන්තිමට අපේ අයගේ ළඟටම දුවලා ශිල්පා ගැලවීමක් නැති බව දැනගෙන තුවක්කුව බිම තියලා අත් දෙක ඉස්සුවා. ඉන්පස්සේ ”ශිල්පගේ” අත් දෙකත් පිටිපස්සට තියලා බැඳලා ප‍්‍රශ්න කළා. ශිල්පගේ කරේ නූලකින් එල්ලෙමින් තිබූ සීවලී හාමුදුරුවන්ගේ කුඩා පින්තූරයක් අපි දැක්කා. ඒ විතරක් නොවෙයි ශිල්පගේ අතේ වම් බාහුවේ දඩයක්කාරයෙක් තුවක්කුවක් එල්ල කරගෙන ඉන්න ආකාරයක් වැල මිටෙන් පහළ කොටසේ කුළු හරකෙකුත් ඉන්න විදිහට පච්ච කොටලා තිබුණා. ප‍්‍රශ්න කළාට පස්සේ ”ශිල්පා”ගේ නවාතැන් පොළට ගියා. ගල් කුලක් යට ඒ වෙන විටත් මැස්සක් මත ඌරු මස් වේළෙමින් තිබුණා. අත්අඩංගුවට ගත් පිරිසක් සමග අපි නැව ”මකරෙට” ඇවිත් එදා රාත‍්‍රිය ”මකරෙ” ගත කරලා පසුදා උදේ බෝට්ටුව ආවට පස්සේ ඉඟිනියාගල වනෝද්‍යාන මූලස්ථාන කාර්යාලයට ආවා. ඊට පස්සේ ”ශිල්පා” ඇතුළු පිරිස උසාවියට ඉදිරිපත් කරලා දඩ ගැහුවා. තවත් දඬුවම් වගයක් නියම කළා. ඒවා මට මතක නෑ. වනාන්තරය සහ වනසතුන් රකින්නට යන ඇතැම් දක්‍ෂ වනජීවී නිලධාරීන් දඩයක්කරුවන්ගේ වෙඩි පහරට ලක්ව මිය ගිය අවස්ථා ඈත ඉතිහාසයේ මෙන්ම මෑත ඉතිහාසයේ ද දක්නට ඇත. එදා ශිල්පා හෝ චන්දරේ අයියා වෙඩි පහරට ලක් නොවූයේ දෙදෙනාගෙම වාසනාවට බව චන්දරේ අයියා පවසන්නේය. ”ඇත්තෙන්ම එදා ඒ මොහොත ගැන අද මතක් වෙද්දිත් මම තිගැස්මට ලක් වෙනවා. මම කිසිම දවසක නොහිතපු අවස්ථාවක් තමයි ඒ මොහොතේ උදා වුණේ. අපි දෙන්නගෙම වාසනාවට තුවක්කුවල කොකා ගැස්සුනේ නෑ. කොහොම නමුත් කාලයක් තිස්සේ ශිල්පා කියන දඩයක්කරු ගල්ඔය ජාතික වනෝද්‍යාලනය තුළ කරගෙන ගිය දඩ කෙළිය එතනින්ම නතර වුණා. ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයත් මුල්ලේගම අඩවියේ සේවය කරන කාලේ චන්දරේ අයියා තවත් අපූරු අත්දකීමක් ලැබුවේය. ඒ පිඹුරකු විසින් කරනලද දඩයමක් පිළිබඳවයි. එදින උදෑසන හොඳින් හිරු එළිය වැටී තිබුණි. තරමක නියං සමයක් වූ නිසා වනාන්තරය තුළ ජල උල්පත් සිඳී යමින් තිබිණි. ගස්වළ කොළ හැලී හරිත වර්ණය අතුරුදන් වෙමින් පැවතිනි. මේ කාලයේ දී සතුන් ජලය සොයා යති. ජලය සොයා යන සතුන් වෙනත් සතුන්ට ගොදුරු වෙයි. එදා උදේ මුල්ලේගම නිල නිවාසයේ ඉඳලා අපි තුන් දෙනෙක් මුර සංචාරයකට පිටත් වුණා. වනෝද්‍යානයට යන්න තියෙන්නේ ගම අසලින්. අපි ටික දුරක් යද්දී බල්ලෙක් බුරනවා වගේ හඬක් ඇහුණා. ගම ආසන්නය නිසා අපි හිතුවේ බල්ලෙක් කියලා. නමුත් හොඳට කන්දෙනකොට තේරුණා වෙනත් සතෙකුගේ හඬක් කියලා. කොහොම හරි විපරමින් බලද්දී තරමක් ලොකු වතුර වළක් ළඟ අඩි 15ට වඩා දිග පිඹුරෙක් මුවකු අල්ලගෙන. මුවත් අඩි දෙක තුනක් විතර උසයි. මුවාගේ පිටුපස ගාත් දෙක පිඹුරගේ කටේ. මුවා ගැලවෙන්න දඟලනවා. කොච්චර දැඟලූවත් පිඹුරා අත් අරින්නේ නෑ. පිඹුරකුට ගොදුරක් අහුවෙන්නේ සති ගණකට සැරයක්. සමහර විට මාසයක් එකහමාරක් ගොදුරු නැතිව පිඹුරන් වනාන්තරයේ සැරි සරනවා. අපි මේ සතාව බේරුවොත් පිඹුරට සෑහෙන කාලයක් බඩගින්නේ ඉන්න වෙනවා. සොබා දහමේ නීතියට ඉඩ දීලා අපි විනාඩි 10-15ක් විතර බලාගෙන හිටියා. මුවා දඟලලා දඟලලා එහෙම්ම පණ නැතුව පොළෙවට පාත් වුණා. ඒ සමගම පිඹුරා මුවාව වෙළා ගැනීම ආරම්භ කළා. මුවාව වෙළා ගන්න පිඹුරට ගත වුණේ විනාඩි තුන හතරයි. ඊට පස්සේ පිඹුරා ඒ වෙළුම තවත් තද කළා. ඒ තද කිරීමට මුවාගේ ඇඟේ කුඩා ඇටකටු දර බිඳෙන්නා වගේ බිඳෙන හඬ අපටත් ඇහුණා. ඊට පස්සේ මුවාගේ ඔළුව පැත්තෙන් ටික ටික ගිලින්න පටන් ගත්තා. පැය භාගයක් විතර යද්දී පිඹුරගේ බඩ හරිය විශාල වුණා. ගොදුර ගිල්ලට පස්සේ පිඹුරට දැඩි අපහසුතාවක් දැනෙනවා. ඒ නිසා ගොදුර වමාරා නැවත ගිලීම මෙවැනි උරගයන්ගේ සිරිතක්. අපේ ගමන ප‍්‍රමාද වෙන නිසා අපි ඒ දර්ශනය දකින්න හිටියේ නෑ. අපි එතැනින් පිටත් වෙලා අපේ මුර සංචාරය අවසන් කරලා ආපසු එනවිට පිඹුරා අර වතුර වළට ඇදිලා ගිය ලකුණු පේන්න තිබුණා. අපි සතියක් විතර නිරීක්‍ෂණය කළහම පිඹුරා වතුර වළේ ඉන්න බව දකින්න ලැබුණා. ගොදුර හොඳින් දිරෙව්වට පස්සේ තමයි පිඹුරා ගිහින් තිබුණේ. පිඹුරෝ මහ මූකලංවල දකින්න අමාරුයි. වැඩියෙන්ම ඉන්නේ ළඳු කැලෑවල. විශේෂයෙන්ම සත්තු ගමන් කරන පාරවල අයිනේ රැකගෙන ඉන්නවා. පිඹුරා ලොකු ගොදුරක් ගිල්ලහම උගේ හම ඇදෙනවා. එතකොට හම ගැලවෙනවා. පසුව ටික කලකින් ආයෙත් හම යථා තත්ත්වයට පත් වෙනවා. කැලේ ගොදුරු නැති වුණාම ගමක කුකුල් කූඩුවකට හරි රිංගන එක පිඹුරගේ සිරිතක්. 1987 චන්ද්‍රා ජයවර්ධන මහත්තයා ගල්ඔය උද්‍යාන භාරකරු විදිහට ඉන්නකොට මා මුල්ලේගම අඩවියේ රාජකාරි කළා. එහිදී දවසක් අපට කිව්වා, මුල්ලේගම ඉඳලා සේනානායක සමුද්‍රයට පාරක් කපන්න කියලා. ඒ වෙනකොට යාන්තම් අඩි පාරක් තිබුණා. පාර කපන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලා හොයලා බලන්න කිව්වා. ඒ අනුව මම ගමේ මනුස්සයකුත් අල්ලගෙන පාර සලකුණු කරලා ඇවිත් කිව්වා පාර කපන්න පුළුවන් කියලා. ඒ අනුව චන්ද්‍රා ජයවර්ධන මහත්තයා අපට අවශ්‍ය උපකරණ දීලා කිව්වා වාහනයක් යන්න පුළුවන් මට්ටමට පාර කපන්න කියලා. උදලූ, කැති, පොරෝ ටෝච් එහෙම අරගෙන තමයි අපි ගියේ. ලෝරන්ස්, මයිකල් බෙන්ජිමින්, එම්.එම්. කරුණාරත්න, තිස්ස සහ බාලසූරිය යන අයත් තවත් අලූත් කම්කරුවන් කීප දෙනකුත් මේකට සහභාගි වුණා. සේනානායක සමුද්‍ර ඉවුරේ ”කැබැල්ල බොක්ක” කියන ස්ථානයේ තමයි අපි කඳවුරු ගහගත්තේ. ”කැබැල්ල බොක්ක” කියන ඔය මෙතැනින් වැවට වැටෙන නිසා එතැන අදටත් ”කැබැල්ල බොක්ක කඳවුරු බිම” ලෙස හඳුන්වනවා. මේ පාර හඳුන්වන්නේ ”කැබැල්ල බොක්ක පාර” කියලා. අපි මාස 04ක් තිස්සේ වලස්සුන්ගේ හොස්ස අස්සේ ඉඳගෙන තමයි පාර කැපුවේ. එක දවසක් පර කපලා හවස් වරුවේ වැවෙන් මාළු ඇල්ලූවා. මාළු කපලා බත් උයලා කාලා, අපි රෑ වෙනකොට ටෙන්ට් අස්සට ගුලි වුණා. එළියේ ගිනි මැල දෙකකුත් පත්තු කරලයි තිබුණේ. ? දහය එකොළහ වෙනකොට කැලේ අතරින් වලස්සු ගොරවන හඬක් ඇහුණා. සද්දය ළඟ ළඟ ඇහෙන්න පටන් ගන්නකොට අපත් ටිකක් බය වුණා. අපේ පෙර අත්දැකීම් අනුව ඒ හඬ නම් පැහැදිලිවම වලස් රංචුවකගේ බව දැනුනා. අපි ටෙන්ට් එකේ සිදුරුවලින් එළිය බැලූවා. දෙයියනේ ලොකු කුඩා වලස්සු පස් හය දෙනෙක්ම අපේ ටෙන්ට් එක වට කරලා හොරස්... හෝස් ගාලා ඉව අල්ලනවා. ගිනි මැල දෙකත් ක‍්‍රමයෙන් නිවෙමින් තමයි තිබුණේ. එහෙම ඉව අල්ලන ගමන් ලොකු වලස්සු පිටිපස්සේ කකුල් දෙකෙන් හිටගෙන අත් දෙක දෙපැත්තට දාලා ඉන්නවා. එතකොට වලහා මිනිහටත් වඩා උසයි. වලස් රංචුව නිසා අපි සෑහෙන්න බය වුණා. රංචුවත් එක්ක සටන් කරනකොට තවත් වලස්සු එන්න ඉඩ තියෙනවා. කෝකටත් කියලා අපි ටෙන්ට් එක ඇතුළේ තිබුණු කැති පොරෝ සූදානම් කර ගත්තා. වැරදිලාවත් ටෙන්ට් එක ඉරාගෙන ඇතුළට ආවොත් එක්කො ගහමු නැත්නම් දුවලා ගිහිල්ලා ගස් උඩ හරි නගිමු කියලා අපි රහසින් කතා කරගත්තා. කොහොම හරි මිනිත්තු කීපයක් අවට ඉව අල්ලපු වලස්සු කළුවරේම ස්ථාන දෙකකට විතර ගිහිල්ලා මහ හඬින් මොනවට හෝ පොර කෑවා. එහෙම පොරකාලා කැලෑව ඇතුළට ගිහින් නිහඬ වුණා. පැයකට විතර පස්සේ තමයි අපේ ඇඟට ලේ ඉනුවේ. පහුවදා උදේ අපි කූඩාරම අවට කැලෑවේ නිරීක්‍ෂණය කරද්දී තමයි කාරණය වැටහුණේ. වලස්සු ඇවිත් තියෙන්නේ මාළු ඉවට. කපපු මාළුන්ගේ සුන්බුන්වලට තමයි උන් පොරකාලා තියෙන්නේ. ලබන සතියට...

සටහන සහ සේයා රූ දිගාමඩුල්ල සමන් දිසානායක
ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 1 ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 2 ගල්ඔය උද්‍යානයේ වන සතුන් අතර - 3 හිටපු අඩවි ආරක්‍ෂක දසනායක චන්ද්‍රසිරි



අදහස් (0)

ගල් ඔය වන උයනේ "ශිල්පාගේ" දඩ කෙළිය අවසන් වෙයි

දර්ශන මුනසිංහ Saturday, 03 December 2011 08:47 PM

බොහොම හොදයි වටිනා ලිපියක්

:       0       0

උදාර Friday, 02 December 2011 09:22 AM

ශ්‍රී ලංකාවේ හොදම වෙබ් අඩවිය

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 629 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1033 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 143 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 392 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 558 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 927 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site