එළදැත්තේ නොක්ස්ගේ ජීවිතය පිළිබඳ එදා රොබට් නොක්ස් සිර කළ ගම සොයා ගිය ගමන මැයෙන් 2014 මැයි 6 දින මෙම පුවත්පතේ පළවිය. එහෙත් සැඟවුණු කථාවක් එළිදැත්තේ නැත. ගොවිතැන්බත් කරමින්, එළුගාලක් පවත්වාගනිමින් අතමිට සරු කරගත් නොක්ස් ඉතාමත් සැහැල්ලූවෙන් ජීවිතය ගතකරමින් සිටින අතර තම නිවෙසට කිට්ටුව වෙසෙන ගොවිරාල කෙනෙකුගේ එකම දියණිය වන ‘‘ ටිකිරිඑතනා’’ නම් තරුණියක් ගොවිරාලගේ ඇඹිණියක් තමා ගැන අනුකම්පා සහගතව බලා හිතවත්කමක් ඇතිකරගෙන ඇත.
නිතරම ඔවුන් කෑමබීම සකස්කර ගෙන නොක්ස්ගේ නිවසට ආගිය අතර ඔහුද අල්ලාප සල්ලාපයේ යෙදීමට එහි ගොස් ඇත. ‘‘ටිකිරිඑතනා’’ නොක්ස්ට කරකාර දීමට හිතාගෙන ඔවුන් එසේ කටයුතු කරන බව ඔහුට සිතුනත් තමාගේ එකම අධිෂ්ඨානය, අරමුණ රටින් පැනයාම බැවින් ඔහු ඉන් ඔබ්බට නොගිය බව ඔහුම සඳහන් කරයි. නොක්ස් වෙළෙදාමේ යන බව පවසා රටින් පැනයන මෙහෙයුමට යන දින ටිකිරි එතනාගේ ඇස්වල කඳුළු දැක දැක පියමංකර ඇත. ගමරාලගේ බලකිරීම මත ටිකිරිඑතනා ගමේ ගොවි තරණයෙකුට විවාහ කර දී ඇත. එලදැත්තේ මෙම තොරතුරු විස්තරය සොයා ගන්නා ලද්දේ රන්ජිත් ධම_කිර්ති මහතාගේ රොබට් නොක්ස් නම් කෘතියෙනි.
ලක්දිවේ සිරකරුවකුව සිටි තමාගේ ජීවිතය ගැනත් අප හෙළදිව ගැනත් සටහන් තැබීම අපගේ ඉතිහාසයේ II රාජසිංහ රජුගේ සාක්‍ෂිකරුවකු වශයෙන් අප ඔහුට ගරු කළ යුතුය. නොක්ස් සහ පිරිස අපගේ රටේ ආරක්‍ෂාව පතා රජතුමා විසින් සිරකරගෙන සිටිනු ලැබීම ගැනත් රජුට ස්තූතිය පිරිනැමිය යුතුය.
එහෙත් අද වර්තමානයේ ඉතිහාසයට අගය කිරීමක් නොමැති තරම්ය. නොක්ස්ගේ ලංකා වෘත්තාන්තය වැළලී යෑමට ඉඩදී බලාසීටීම අප අපගේම අගය හෑල්ලූවට ලක්කිරීමක් වන්නේය. වසර හාරසීයක් පැරණි නොක්ස්ගේ වෘත්තාන්තය පරිවර්තන පොත් කිය වූ බුද්ධිමතුන්, පාලකයන් කොපමණ ඇද්ද? ලංකාවේ දරුදැරියන්ටත්, සංචාරකයන්ටත් දැකබලා ගැනීමට ඔහුගේ ඉතිහාසය මතක සටහන් ආරක්‍ෂා කිරීමට මෙතෙක් නොහැකි වීම කණගාටුවට කරුණකි. එය රැකගැනීම රටේ අගය වැඩි වීමකි. 1908 හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජේ.පී ලූවිස් මහතා විසින් ලැගුම්දෙණියේ සහ එලදැත්තේ ස්මාරකයක් ඉදිකරනු ලැබ තිබීම පිළිබඳ ස්තුතිවන්ත විය යුතුය.
ලැගුම්දෙණියේ ස්මාරකය පසුගිය දිනක මහනුවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, සහකාර අධ්‍යක්‍ෂ එල්.එම්. ගුනතිලක බණ්ඩා මහතාගේ මැදිහත් වීම මත ‘‘එලර්ටන්’’ පෞද්ගලික හෝටල් ආයතනය මඟින් ආරක්‍ෂිත වැටක් ඉදි කර ඇති අතර එලදැත්ත ස්මාරකය ද එසේ රැක ගැනීමට කටයුතු කිරීම යුතුකමක් සේම අතරගල්ල නිවස තිබූ තැන ස්ථානය ද ස්මාරකයක් ඉදිකිරීමත්, බණ්ඩාර කොස්වත්ත නමැති ස්ථානය ද එසේ සංරක්‍ෂණය කිරීම දැනටත් ප‍්‍රමාද නැත.
නොක්ස් සමඟ සියලූම සිරකරුවන් II රාජසිංහ රජුගේ අණ පරිදි කන්දේ නුවර නිල්ලඹ නගරයට කැදවනු ලැබූ බව ඔහු සඳහන් කරන පරිදි රජ මාලිගාව සොයා යා යුතුය. නිල්ලඹ රජමාලිගාවේ තිබුණ කිසිවක් නටබුන් සොයා ගැනීමට නැත අනුමාන කළ හැකි උළුකැට කැබලි කීපයක් සොයාගැනීමට හැකිවීම සාක්‍ෂියක් වෙයි.
ඉංග‍්‍රිසි පාලන සමයේ තේ වගාව සඳහා ඉඩම් මිලදී ගත් පුද්ගලයකු එහි තිබූ සඳකඩ පහන රැගෙන ගොස් ඇති අතර එය රැගෙන ගිය අයට රාත‍්‍රියේ නින්ද ගොස් නොමැතිව බයෙන් නිදි වර්ජිතව සිට උදෑසන අසළ ඇති පිට්ටනියේ කොස් ගස අසළට ගෙනවිත් දමා ඇත. ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කරන්නේ සෑහෙන කලක් එය එම ස්ථානයේ තිබුණත් දැන් එම සඳකඩ පහන අතුරුදහන් වී ඇති බවයි. නොදන්නා කෙනෙක් හෝ එය ගෙනගොස් ඇත්නම් මහනුවර පුරාවිද්‍යා කාර්යාලයට භාර දීම මනුෂ්‍ය ගුණධම_යකි.
‘‘රාජමලේ වත්ත’’ රජ දවස නිල්ලඹ නගරයකි. රජුගේ මාලිගාව තිබූ තැන අදටත් ඇති අතර මාලිගාවේ සිට නිල්ලඹ ඔයෙන් එගොඩවී එතනින් හන්තාන කදුවැටියෙන් පහළට සැතපුම් හතරක් ගෙවා මහනුවර රජමාලිගාවට යාහැකිය. රජු ගමන් කර ඇත්තේ එසේය. එහෙත් අද දවස එම මාර්ගය වල්බිහිවී අඩිපාර පමණක් ඇත. පේරාදෙණිය ගලහ හන්දියේ සිට ගලහ මාර්ගයේ ගොස් සැතපුම් දහසයක් දුර ගෙවා ‘‘රාජමලේ’’ වත්තට ළඟාවිය හැකිය.
රාජමලේ රජුගේ මාලිගාව තිබූ තැනට පහළින් නිල්ලඹ ඔයේ රජු දිය නානලද ස්ථානයේ ඓතිහාසික සාධක මනාවට පිළිබිඹු වෙයි. ‘‘යහන් ඇඳ’’ නමින් හදුන්වන ස්ථානය ඇති අතර එම ස්ථානයට යෑමට පිවිසුම් මාර්ගයක් නොමැත. නිල්ලඹ ඔය දිගේ සැතපුම් කාලක පමණ දුරක් ගල්මතින් නැග ජල පහරවල් අතරින් දුෂ්කර ගමනකින් පසු එතනට ළගාවිය හැකිය.
‘‘යහන් ඇඳ’’ ගල්තලාව මට්ටම් කර ඇඳ නිර්මාණය කර ඇත. ‘‘යහන’’මතට වර්ෂාව ඇති අවස්ථාවල ජලය ඒම වැළැක්වීමට මනා ගල්පිහිල්ලක් කොටා ඇති අතර යහනේ හිස තැබීමට ගලින්ම කරන ලද කොට්ටයක් මෑතක් වෙනතුරු තිබී ඇත. අව්ව, වැස්ස සඳහා පියස්සක් ඉදිකර තිබූ බවට සලකුණු පෙන්නුම් කරන්නේ සමාන්තරව ගලේ හාරා ඇති වළවල්ය. යහන් ඇඳේ කොට්ටයේ නිදන් ඇතැයි සිතා අපගේ ඉතිහාසයේ අගය නොදන්නා අධමයන් නිදන් සොයා එය ගල් බෝර දමා විනාශකර ඇත. කොට්ටයේ මනාවට සියුම් ලෙස නෙළුම් මල් දෙකක් නිමවා තිබූ බව ගම් වැසියෝ ප‍්‍රකාශ කරති.
‘‘යහන් ඇඳේ’’ ගල්තලාවේ පහළින් ඇත්තේ ස්වාභාවික දියතටාකයකි. ගල් අතරින් ගලාඑන සුපිරිසිදු ජලයෙන් එය නිර්මාණය වෙයි. දර්ශනීය ලෙස දිස්වෙන වෘක්ෂලතාවෙන් අවට පරිසරය ආවරණය වෙන නැගෙන හිරු බැසයන තුරුම හිරුඑළිය ජලතටාකයට මනාසේ පතිතවෙන ස්ථානයකි.
යහන් ඇඳට මදක් ඉහළින් රජුගේ මගුල් ඇතා දිය නෑවීම සඳහා යොදාගන්නා එවැනිම ස්ථානයක් ඇත. එය පැහැදිලිව පෙන්වා සිටියේ නිල්ලඹ ශ්‍රී බෝධිරාජාරාමය, ශ්‍රී ආනන්දාරාමය යන උභය විහාරාධිපති පූජ්‍ය මුල්ගම සුමන කිත්ති හිමියන් විසිනුයි. ඇතා දිය නෑවීමට යොදාගෙන ඇති ස්ථානය පැති දෙකකින් ගල් පවුරක් ආකාරයට ඔයේ නිර්මාණය වී ඇති ස්ථානයක්ය. මගුල් ඇතාගේ හිස එම ගලේ නිර්මාණයකර පැහැදිලිකර ඇති ආකාරය දිස්වන්නේ ඇතුගේ ඇස සහ කන නිර්මාණය පුදුම මානව කි‍්‍රයාකාරකමක් ලෙසටයි. රජු ඇතා පිට යනවිට එලන ලද සළුව ගලේ නිර්මාණය කර ඇති බව දිස්වෙන අතර, එහි නෙළුම් මල් කොටා තිබීම හේතුවෙන් ගල්බෝර දමා නිදන් සොයා විනාශකර ඇත.
‘‘යහන් ඇඳ’’ ඇති ගල්තලාව රජුගේ මාළිගාව තිබූ ‘‘රාජමලේ’’ වත්ත දෙසට විහිදී පවති. එම ගල්තලාවේ යහන් ඇඳට යටින් අභ්‍යන්තරයේ උමං මාර්ගයක් ඇත. තරමක් දුරට ගියත් ඉහළින් ගල් කඩාවැටී උමං මාර්ගය වැසී ඇත. ජනප‍්‍රවාදයේ පවතින්නේ එම උමග මාලිගාව දක්වා තිබී ඇති බවත් මුල්ගම ප‍්‍රදේශයේ ඇති කොහොඹා දේවාලයට තවත් උමගක් සහ හන්තාන කදු ප‍්‍රදේශයෙන් සෙංකඩගල පුරට තවත් උමගක් තිබී ඇති බවත්ය.
ෂෂ රාජසිංහ රජුගේ නිල්ලඹ රජ මාලිගාවේ උළුවස්ස බේරි තිබී කෙසේ හෝ නිල්ලඹ ඔයට දමා ගසාගෙන විත් මහවැලි ගෙඟ් මොරේවක නම් ස්ථානයේ ඉවුරේ රැඳී තිබී එයින් ඔසවා ගෙන ගොස් උඩුනුවර ලෝකේෂ්වර නාථ දේවාලයේ උළුවස්සට තබා ඇත. එය දැක ගැනීමට දේවාලයටම යායුතුය. අඩි 6 අඟල් 10 උස අඩි 4 අඟල් 6 පළල හා අඟල් 6 ඝනකම වටිනා දැවයෙන් නිර්මාණය කර ඇති පුදුමාකාර කලාත්මක කැටයම් නිර්මාණයකි. කිසිම තැනක දැකගත නොහැකි අපූරු උළුවස්සකි. දේවාලයේ තිර රෙද්ද මෑත්කර එය පෙන්වනුලැබ සිටියේ ලෝකේෂ්වර නාථ දේවාලයේ කපු මහතා වන ඒ.එම්. ටිකිරිබණ්ඩා කපු මහතා විසිනුයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගලේ හැදූ ‘යහන් ඇඳ’
රුක්ෂාන් Sunday, 28 June 2015 10:53 AM
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මෙ වගේ වැදගත් දෙයක් පලකරපු එක ගැන.අපේ ඉතිහාසය දැනගන්න ඒවා පිලිබදව තොරතුරු හොයන්ඩ කැමති තරුණ පරපුරක් තවම ඉන්නවා..(බ)
ප්‍රසාදිනී Thursday, 04 June 2015 06:55 AM
අපේ ඉතිහාසය වැලලී යන්නට ඉඩ නොදී ආරක්ෂා කිරීමට ලංකාදීප දරණ උත්සාහය ඉතා ප්‍රසංශනීයයි.කරැණු සොයා පළකළ සෙනරත් බණ්ඩාර මහතාට බොහොමත් පිං (ම)
සේන Friday, 29 May 2015 02:31 AM
ඉතාම වටිනා ලිපියකි මෙවෙනි ලිපි පාසල් දරුවන්ට පෙන්වා දිය යුතුය (ම)
පතිරණ Monday, 08 June 2015 09:28 AM
නොක්ස් ලංකාවේදී කසාද බැන්දේ නැත්තේ පැනලා යන්න හිටපු නිසා කියන කතාව මම නම් විශ්වාස කරන්නේ නැහැ "හිස්ට්‍රි ඔෆ් සිලෝන් ෆ්‍රොම් ද අර්ලියස්ට් පීරියඩ් ටු ද ඉයර් 1815" කියල ඔක්සන් කියලා මහත්තයෙක් 1817 ප්‍රකාශ කරපු පොතක මම දැක්කා නොක්ස් එංගලන්තෙට ගිහිනුත් කසාද බැදලා නැහැ. අනික නොක්ස්ට මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන් චරිතයක් තිබිලා නැහැ ඒ පොතේ හැටියට. ටිකිරි එතනාගේ වාසනාවට ඒ මගුල කෙරිලා නැත්තේ. (බ)
ප්‍රියන්ත Friday, 29 May 2015 07:41 AM
වැදගත් ලිපියක්.(හේ)
තිලක් Thursday, 28 May 2015 06:31 AM
අපේ අතීතය වැලලී යන්නට නොදී ආරක්ෂා කිරීමට ලංකාදීප දරන උත්සාහයට අපේ ස්තූතිය.(බ)
පේරාදෙණිය සෙනරත් බණ්ඩාර Monday, 31 August 2015 05:42 AM
ඔබේ ප්‍රතිචාර තුළින් මා දිරිමත් වෙයි බොහොම ස්තුතියි...! (බ)
සිසිර Friday, 29 May 2015 11:14 AM
අලුත් පරම් පරාවට වැදගත්.(හේ)
චන්ද්‍රපාල කෝදාගොඩ Friday, 29 May 2015 11:18 AM
අගය කළ යුතු ලිපියකි -සෙනරත් බණ්ඩාර මහතාට ස්තුතියි (හේ)