IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගෙවුණු වසරේ මතක සටහන්

"දවසින් දවස සතියෙන් මාසය      එන්නේ කාලය ඉගිල යනු කාටත්      නොදැනෙන්නේ සුබ හා අසුබ දෙක එකලෙස       සිදුවන්නේ ඒ යට ගියාවට අප නෙත් යොමු       වෙන්නේ” 2011 වසර අවසන් වී 2012 වසර උදාවී ඇත. ගෙවිගිය එම වසර දෙස නැවත හැරී බැලීමේදී අප මතකයට නැගෙන සුවිශේෂී සිදුවීම් පෙළකි. අලූත් අවුරුද්දක් පිළිගන්නට මුළු රටක්ම සැදී පැහැදී සිටින මේ මොහොතේ ගෙවුණු වසරේ මතකය වෙත ඔබ කැටුව යන්නට අපි අදහස් කළෙමු. ජනවාරි 13 වැනිදා මධ්‍යම කඳුකරයට ඇද හැළුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර ගැටඹේ” ප‍්‍රදේශයේ නිවාස කීපයකට පස් කඳු කඩා වැටීමෙන් සත් දෙනෙක් මිය ගියහ. ජනවාරි 14 වැනිදා වර්ෂාව අධික වීමත් සමග අනුරාධපුර පොලොන්නරුව, ත‍්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර හා වව්නියා යන ප‍්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් ඇති විය. ජනවාරි 15 වැනිදා ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග පැවැත්වීම සඳහා ඉදිකළ සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණය විවෘත විය. ජනවාරි 16 වැනිදා පුනරීන් හා යාපනය යා කළ මන්නාරම ඒ 32 මාර්ගයේ කිලාලි කළපුව හරහා ඉදිකළ සංගුපිඞ්ඩි පාලම විවෘත විය. ජනවාරි 30 වැනිදා විනාඩි 14 තප්පර 42 කාලයකදී කිලෝමීටරයක් දුර කැලණි ගෙඟ් පිහිනා වාර්තාවක් තැබීමට පස් වියැති වියානා  ඕෂධී දියණිය සමත් වූවාය. ජනවාරි 31 වැනිදා ලංකා ඊ නිව්ස් වෙබ් අඩවි කාර්යාලයට ප‍්‍රහාරයක් ඒලල විය. මෙහිදී හටගත් ගින්නෙන් කාර්යයාලයට අලාභහානි වූ බවට වාර්තා විය. පෙබරවාරි 04 වැනිදා 63 වැනි නිදහස් සමරු උළෙල අභිමානවත් ලෙස කතරගමදී පැවැත්විණි. මෙයට සමගාමීව පස්වැනි වරටත් දැයට කිරුළ ප‍්‍රදර්ශනය බුත්තලදී ආරම්භ විය. පෙබරවාරි 07 වැනිදා යුරෝපයේ හා ඇමෙරිකාවේ ධනවතුන් භාවිත කරන (ප‍්‍රාඩෝ, බෙන්ස්, යුසිල්ස්) අධිසුඛෝපභෝගී ලිමෝසින් වර්ගයේ මෝටර් රථ තුනක් ප‍්‍රථම වතාවට ලංකාවට ගෙන්වනු ලැබීය. පෙබරවාරි 20 වැනිදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සූරිය වැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී කැනේඩියානු පිළ ලකුණු 210කින් පරදවා ලෝක කුසලාන තරගාවලියේ සනිටුහන් කළේය. පෙබරවාරි 30 වැනිදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ ලාංකික ධීවරයින් පස්දෙනකු අත්අඩංගුවට ගත්බවට වාර්තා විය. ධීවරයෝ දෙදෙනෙක් වෙඩි පහරින් මරුමුවට පත්වූහ. මාර්තු 01 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැට වාරයක් සපිරීමට ආසන්නව තිබියදී පැවැත්වූ පෙරහුරු සංදර්ශනයේදී කෆීර් යානා දෙකක් එකට ගැටීමෙන් ගුවන් හමුදා ඉතිහාසයේ ප‍්‍රථම බිහිසුණු අනතුර සිදුවිය. එහිදී එක් ගුවන් නියමුවෙක් මිය ගියේය. මාර්තු 17 වැනිදා පළාත් පාලන ආයතන 234 ක් සඳහා පැවති මැතිවරණයෙන් ආයතන 205 ක බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවිය. අපේ‍්‍රල් 02 වැනිදා 2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල සමත් විය. ඉන්දියානු කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය. අපේ‍්‍රල් 05 වැනිදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම් නායක කුමාර් සංගක්කාර් මහතා කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ප‍්‍රකාශ කළේය. අප්‍රේල් 06 වැනිදා ලෝක කුසලාන පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිත්වයෙන් අරවින්ද ද සිල්වා මහතා ඉල්ලා අස්විය. අපේ‍්‍රල් 09 වැනිදා ලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මහාවංශයේ හය වැනි පරිච්ඡේදය රචනා කිරීම ඇරඹිණ. 1978-2010 දක්වා වූ දේශපාලනික ආගමික, සංස්කෘතික හා තාක්ෂණ ක්ෂේත‍්‍රයේ සිදු වූ වැදගත් සිද්ධී මෙහි ඇතුළත් කිරීමට නියමිත බව වාර්තා විය. අප්‍රේල් 13 වැනිදා යුද්ධය අවසාන භාගයේ ලංකාවේ සිදුවූ සිදුවීම් පිළිබඳ සකස් කළ පිටු 196 කින් යුත් මර්සුකි දරුස්මාන්ගේ උපදේශන කමිටු වාර්තාව ලංකා රජයට භාරදුන්නේය. මැයි 03 වැනිදා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අර්බුද උත්සන්න වීමත් සමග 1992 වසරේ සිට ලාංකික ක‍්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක‍්‍රීඩකයන් තරග පාවාදීම්වලට සම්බන්ධ වූ බවට හෂාන් තිලකරත්න මහතා ප‍්‍රකාශ කළේය. මෙම ප‍්‍රකාශය ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ ආන්දෝලනයකට තුඩු දුන්නේය. මැයි 06 වැනිදා ආසියාවේ හොඳම පවුල් සෞඛ්‍ය නිලධාරිනිය ලෙස දිඹුලාගල ලලිතා පද්මිණි මහත්මිය ජාත්‍යන්තර ඇගයීමට පාත‍්‍ර වූවාය. මැයි 14 වැනිදා 2600 වැනි සම්බුද්ධ ජයන්තිය උත්කර්ෂවත් ලෙස සැමරිණ. මෙයට සමගාමීව මැයි මස 14-20 දක්වා වෙසක් සතියක් ප‍්‍රකාශයට පත් කෙරිණි. මැයි 18 වැනිදා අධිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම අගවිනිසුරුවරිය ලෙස ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පත්වූවාය. මැයි 26 වැනිදා ප‍්‍රවීණ සාහිත්‍යධරයකු හා කවියකු වූ අරියසෙන් අහුබුදු මහතා දැයෙන් සමුගත්තේය. මැයි 23 වැනිදා සම්ප‍්‍රදායික සරසවි සිසු ආකල්පයට නව අරුතක් ගෙනදෙමින් 2011 වසරේ නවක සරසවි සිසුන් හට සති තුනක නායකත්ව පුහුණුවක් ලබාදීමේ පළමු පියවර ක‍්‍රියාත්මක විය. මැයි 30 වැනිදා පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් යෝජනා පනතට විරුද්ධව කටුනායක වෙළඳ කලාපයේ ඇති වූ සේවක උද්ඝෝෂණයේදී පොලීසිය අතර ගැටුමින් රොෂාන් චානක තරුණයා මරුමුවට පත්විය. ජූනි 08 වැනිදා රජරට හා කැලණිය සරසවි මගින් කළ පර්යේෂණයකින් අනාවරණය වූ බව පැවසූ ආසනික් නැමති විෂ රසායනය රජරට ප‍්‍රදේශයේ ජනයා පරිභෝජනයට ගන්නා කෘෂි නිෂ්පාදනයන්හි (සහල්) අන්තර්ගත බැව් ප‍්‍රකාශ කළේය. ජූනි 24 වැනිදා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පැවති ලංකාව හා නවසීලන්තය අතර තරගයේදී තහනම් උත්තේජක භාවිත කිරීමේ චෝදනාවට වැරදිකරු වූ උපුල් තරංග ක‍්‍රීඩකයාට මාස තුනක තරග තහනමක් පැනවීය. ජූලි 04 වැනිදා තිස්තුන් වැනි පොලිස්පතිවරයා ලෙස එන්.කේ. ඉලංගකෝන් මහතා පත්විය. ජූලි 09 වැනිදා 2008, 2010 හා 2011 යන වසරවලදී රටම භීතියට පත් කළ කහවත්තේ සිදු වූ වයෝවෘද්ධ කාන්තා ඝාතන පෞද්ගලික හේතූන් මත සිදුවූවක් බව අනාවරණය විය. ජූලි 12 වැනිදා ප‍්‍රමිතියෙන් තොර බාල පෙට්ට‍්‍රල් ආනයනය කිරීම මත ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ අර්බුද රැසක් මතුවිය. ජූලි 30 වැනිදා ආසියාවේ දිගම දල ඇතා වූ මිල්ලන්ගොඩ රාජා මිය ගියේය. අගෝස්තු 03 වැනිදා ලාංකික වන්දනාකරුවන් පිරිසකට ඉන්දියාවේ චෙන්නායි නුවරදී සිදු වූ ප‍්‍රහාරය පිටුපස ත‍්‍රස්තවාදයට සහාය දක්වන සාමාජික පිරිසක් ඇති බව අනාවරණය විය. අගෝස්තු 09 වැනිදා 2011 ජූලි මස 20 වැනි දින සිට ප‍්‍රමිති සහතිකය නොලැබූ පකිස්ථානයෙන් ආනයනය කළ සිමෙන්ති කොට්ට තොගයක් වෙළෙඳ පොළට නිකුත් කිරීමෙන් ගොඩනැගිලි හා කර්මාන්ත ක්ෂේත‍්‍රයේ අර්බුද රැසක් මතුවිය. අගෝස්තු 12 වැනිදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වන අලි සංගණනයක් ආරම්භ කෙරුණි. අගෝස්තු 14 වැනිදා ලෝක තෙල් අර්බුදයට විසඳුමක් දෙමින් කල්පිටිය මුහුදේ ඛනිජ තෙල් ගවේෂණය ඉන්දියානු කේන්ස් සමාගමට බාරවිය. සැප්තැම්බර් 17 වැනිදා දුම්රිය ඉතිහාසයේ මෑත යුගයේ ඇති වූ බිහිසුණු අනතුර අලව්වේදී වාර්තා විය. මෙම අනතුරින් එක් දුම්රියක ගමන්ගත් රියදුරු හා රියදුරු සහයක ඇතුළු තිදෙනෙක් මිය ගියහ. සැප්තැම්බර් 21 වැනිදා හෙළ සිනමා වංශ කතාවේ නොමැකෙන මතක සටහන් තැබූ ජෝ අබේවික‍්‍රම මහතා දැයෙන් සමුගත්තේය. සැප්තැම්බර් 24 වැනිදා ප‍්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය භාවිත කිරීම මත හටගත් අසාත්මිකතාවයක් හේතුවෙන් මියගිය බව කියන මීගමුවේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ මළ සිරුර හැඳල වත්තල ප‍්‍රදේශයේ මහමග දමා තිබිය දී හමුවිය. ඔක්තෝබර් 08 වැනිදා හම්බන්තොට පැවති පළමු දකුණු ආසියාතික වෙරළ ක‍්‍රීඩා උළෙලේ දී ජීවිතාරක්ෂක ක‍්‍රීඩා ඉසව් සඳහා සියලූ රන් පදක්කම් ලබා ගැනීමට ශ්‍රී ලාංකික ක‍්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ මහ නගර සභා මැතිවරණය ඇතුළු පළාත් පාලන මැතිවරණය පැවැති දා සවස ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය විය. එහිදී කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා වෙඩි වැදී රෝහල්ගත කෙරිණි. ඔක්තෝබර් 15 වැනිදා ”ටයි මහත්තයා” ලෙස හැඳින්වුණු ප‍්‍රවීණ කලාකරු ටයිටස් තොටවත්ත මහතා අභාවප‍්‍රාප්ත විය. ඔක්තෝබර් 28 වැනිදා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මාන සුනේත‍්‍රා රාජකරුණානායක මහත්මියගේ "කවි කඳුරටත්” ජයතිලක කම්මැල්ලවීර මහතාගේ "චුම්බන කන්දටත්” හිමි විය. ඔක්තෝබර් 31 වැනිදා ඔක්තෝබර් මස තිස්වැනිදා මැදියම් රැය ගෙවීයද්දී රාත‍්‍රි 12 පසුවී මිනිත්තු 01 ට ලොව ජනගහණය කෝටි 700 කළ ලංකාවේ සත් බිලියන බබා කොළඹ කාසල් රෝහලේදී මෙලොව එළිය දුටුවේය. නොවැම්බර් 01 වැනිදා "දොස්තර හොඳ හිත” ලෙස හැඳින්වූ ප‍්‍රසාද් ජයසිංහ වෛද්‍යවරයාගේ ඝාතනයේ සුලමුල හෙළිවීමත් සමග කරන්දෙණිය ප‍්‍රදේශය නොසන්සුන්තාවක් හටගත්තේය. ප‍්‍රකෝපකාරී වූ ජනයා නීතිය සියතට ගෙන ක‍්‍රියාත්මක වූහ. නොවැම්බර් 12 වැනිදා 2018 පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඔස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ් කොස්ට් නගරයට හිමි විය. සත්කාරකත්වය දිනා ගැනීමේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්විය. නොවැම්බර් 18 වැනිදා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව පැවති සුදුකොඩි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරිණි. නොවැම්බර් 21 වැනිදා ඉදිරි වර්ෂය සඳහා වූ රජයේ අයවැය ලේඛනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. නොවැම්බර් 25 වැනිදා දිවයිනේ ප‍්‍රදේශ රැසක ඇතිවූ ධාරානිපාත වැසි හා සුළං හේතුවෙන් පුද්ගලයන් හතළිස් දෙනකු පමණ අතුරුදන් වූ බව වාර්තා විය. මෙම තත්ත්වය දකුණු පළාතට දැඩි ලෙස බලපෑවේය. නොවැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්විය. දෙසැම්බර් 07 වැනිදා හමුදා සේවයෙන් පැන ආ විශේෂ කාර්ය බලකායේ සෙබළකු විසින් මොනරාගල හම්බෙගමුවදී පෙම්වතියගේ මව පියා සහ සහෝදරිය ඝාතනය කරන ලදී. දෙසැම්බර් 13 වැනිදා එළවුළු හා පලතුරු ප‍්‍රවාහනය සඳහා යොදා ගැනෙන ප්ලාස්ටික් කූඩ නීතියට එරෙහිව එළවුළු හා පලතුරු ගොවීහු කළ උද්ඝෝෂණයන් රටේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. දෙසැම්බර් 19 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව ධූරය සඳහා පැවති ඡන්ද විමසීමේදී රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත වරක් නායකත්වයට තේරී පත්විය. නියෝජ්‍ය නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවිය. දෙසැම්බර් 16 වැනිදා යුද්ධය ඇතිවීමට බලපෑ හේතු සාධක පිරික්සීම සඳහා පත්කළ උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. දෙසැම්බර් 17 වැනිදා ජාත්‍යන්තර මෝටර් රථ තරගාවලියක් ප‍්‍රථම වරට රාත‍්‍රිකාලයේදී අගනුවර ආරම්භ විය.

සටහන - භද්‍රානි කුමාරි කුලතුංග
අලව්වේ සිදුවූ දුම්රිය අනතුර කෆීර් යානා දෙකක් එකට ගැටීමෙන් ගුවන් හමුදා ඉතිහාසයේ ප‍්‍රථම බිහිසුණු අනතුර සිදුවිය වෙළඳ කලාපයේ ඇති වූ සේවක උද්ඝෝෂණයේදී පොලීසිය අතර ගැටුමින් රොෂාන් චානක තරුණයා මරුමුවට පත්විය වන අලි සංගණනය භාරත පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සුදු කොඩි නඩුව අධිසුඛෝපභෝගී ලිමෝසින් වර්ගයේ මෝටර් රථ තුනක් ප‍්‍රථම වතාවට ලංකාවට ගෙන්වනු ලැබීය ප‍්‍රමිතියෙන් තොර බාල පෙට්ට‍්‍රල් ආනයනය කිරීම සංගුපිඞ්ඩි පාලම විවෘත වීම අධික වර්ෂාව නිසා ඇතිවූ ජල ගැලීම් ජාත්‍යන්තර මෝටර් රථ තරගාවලියක් ප‍්‍රථම වරට රාත‍්‍රිකාලයේදී අගනුවර දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්විය.        



අදහස් (0)

ගෙවුණු වසරේ මතක සටහන්

ජයී Monday, 02 January 2012 04:21 PM

අතීතය ගැන චින්තනය කර බැලීමෙන් අපට වර්තමානය නිසි අයුරින් සකස්කර ගැනීමටත් අනාගතය හොඳ සූදානමකින් බලාපො‍රොත්තු වීමටත් හැකිය. අතීතය නොදන්නා අය මේ මොහතේ උපන් බිලිඳකු මෙන් අසරණය.

:       0       0

කුෂාන් Tuesday, 03 January 2012 11:44 AM

ගොඩක් ස්තුතියි 2011 නැවත මතක් කළාට

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1094 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4566 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 413 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site