IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගෙවුණු වසරේ හොඳම ව්‍යවසායිකාව

03-Page-4-S2-01   

 

ලෝකය යකඩ ගැහැනිය ලෙස නම් කළේ බි්‍රතාන්‍යයේ හිටපු අගමැතිනිය වූ මාග්‍රට් තැචර්වය. ඇයට ඒ නම පට බැඳුණේ යකඩ වැඩ කළ නිසා නොවේ. ඇය සතු  වූ සංකල්ප සහ ක්‍රියාන්විතයේදී ගැහැනියක ලෙස පිරිමින් අබිබවා වඩාත් ප්‍රායෝගික වූ නිසාය. ඇය මෙන්වූ අපූරු කාන්තාවන් ලෝකයේ තවත් තැන්හි සිටී නම්? ශ්‍රී ලංකාවේදී අපට හමුවන එවැනි අපුරු කාන්තාවකි මේ. ලක්මිණි විජේසුන්දර වන ඇය, ශ්‍රී ලාංකීය සමාජයේදී මෙන්ම ජාත්‍යන්තරයේදී ක්‍රියාත්මකව සිටින්නේ ව්‍යවසායිකාවක ලෙසිනි. 
පසුගිය දා පැවැත්වූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (කාන්තා) මෙහෙයවූ සම්මාන ප්‍රදානයේදී 2015 වසරේ ව්‍යාවසායිකාව ලෙස විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලැබුවේ මේ ලක්මිණිය. “අයන් වන්” "IRON ONE" යනු ඇයගේ මූලිකත්වයෙන් බිහිවූ සමාගමය. පරිගණක තාක්‍ෂණයෙන් ලෝකයට අපුරු සංකල්ප උපද්දවන සහ එනිසා වඩාත් ඵලදායිතාවක් ඇතිකළ “අයන් වන්” "IRON ONE" සමාගමේ ප්‍රධාන විධායිකාව වන්නේ ඇයයි. ශ්‍රී ලාංකීය භූමියෙන් ලෝකයට දායාද වූ ව්‍යවසායිකත්වයේ අගනා මැණිකක් වූ “ලක්මිණි” ජීවිතය ජයගත් කතාවේ අපුර්ත්වයයි මේ.

 


●  ලාංකීය තොරතුරු තාක්‍ෂණයට විප්ලවීය අරුතක් ගෙන දුන් යකඩ ගැහැනිය ඔබ යැයි කිව්වොත්?
 මම හිතන්නෙ තවම මම ඒ ගමනෙහි අදියරක් පමණක් පසුකළ කෙනෙක් විතරයි. මට ඒ මාර්ගය වෙතින් තව බොහෝ දුර යාමට තිබෙනවා. ඒ නිසා ඒ කියමන අදට වඩා අනාගතයේදී වඩා ගැළපීමට පුළුවනි.

 


● ඒ දුර ගමන ගැන කීමට පෙර ඔබගේ ළමා අවධිය සිහිපත් කළොත්? 
මගේ ගම ලෙස ගත්තොත් එය කොළඹ. නමුත් මම උපන්නෙ එංගලන්තයේදීයි. මගේ තාත්තා එවකට කොළඹ සරසවියේ කථිකාචාර්යවරයකු වුණා. වසරකට පවුලම එංගලන්තයට ගිහින් තිබුණා. ඒ කාලයේදී තමයි මම  ඉපදී තිබෙන්නෙ. එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් නුවරදී මම උපන්නෙ.

 


● ඒ කියන්නෙ “නුවණ” උරුම කරගෙන තමයි ඉපදී තිබෙන්නෙ?
ඔක්ස්ෆර්ඞ්වල උපන්නට මගේ පාසල් අධ්‍යාපනය පටන් ගත්තේ ලංකාවෙදියි. පාසල් අධ්‍යාපනය  ලැබුවේ කොළඹ කාන්තා විද්‍යාලයෙන්. 

 

03-Page-4-S2-03

 


● තාත්තගෙ නම සඳහන් කළොත්?
කොළඹ සරසවියේ උප කුලපතිවරයකු වූ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර.

 


● එතකොට අම්මා?
අම්මා රැකියාවක් කළේ නැහැ. නමුත් ව්‍යවසායකත්වයේ ප්‍රායෝගිකත්වය තිබූ අපුරු කාන්තාවක වුණා. උරුමයෙන් අපි ගොවි පසුබිමකින් පැවත එන පවුලක්. අම්මා මාතර කඹුරුපිටියෙන් පැවත එන පවුලකට අයත් වුණා. තාත්තගෙ උරුමය ආවේ පේරාදෙණියෙන්. 

 


● පවුලේ සහෝදර සහෝදරියන් ගැන කිව්වොත්?
අයියලා දෙන්නයි, අක්කයි. මම පවුලේ බාලයා. ලොකු අයියා රොහාන් වෛද්‍ය විද්‍යාව කළේ. එම අංශයේ පරිපාලනයටත් සම්බන්ධයි. පොඩි අයියා ශාලිත ව්‍යාපාර අංශයේ උසස් අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම එයා ඒ අංශයේ වඩා ප්‍රායෝගික වුණා.  ඒ ව්‍යවසායකත්වයේ නිර්මාණාත්මක ගුණය අපට ලැබුණෙ අපේ අම්මාගෙන්. ශාලිත අයියා පසු කලෙක දේශපාලනයට සම්බන්ධ වුණත් අම්මාගෙ දැක්ම වුණේ එයා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ඉහළටම යාවි කියලයි.

 


 ● එතකොට එවකට ලංකාවේ අංක එකේ ධනවතා වූ උපාලි විජයවර්ධන මහතාගේ ඥාතිත්වය මොකද්ද?
අපේ අම්මගෙ නම අනෝජා විජයවර්ධන. උපාලි විජයවර්ධන කියන්නේ අම්මගෙ මල්ලි. අම්මට තව නැගණියක් හිටියා. එයාගෙ නම කල්්‍යාණි.

 


● ඔබගෙ පාසල් කාලයේ මතකය මොන වගේද?
අපේ පවුලේ ඥාතීත්වය අදටත් එකම පරිසරයක (කොළඹ-07) විසිරී තිබෙන පවුලක්. පාසල් කාලයේදී මම ඉගෙනුම ලැබු කාන්තා විද්‍යාලයට රථයකින් යන්න ඕනෑ වුණේ නැහැ. ඇවිදගෙන ගියේ. පාසල පිහිටා තිබුණෙ නිවස මායිමේ. පාසලේදී මම වඩා නිශ්ශබ්ද චරිතයක් වුණා. හැබැයි ගෙදරදී නම් හරිම දඟ වැඩ කළේ.

 


● මොනවද කළ දඟ වැඩ?
දහවල් කාලයේදී අම්මයි - අක්කයි නිදාගෙන හිටියේ නම්? මම ඒ නින්දට බාධා කළා. ඒ වගේ පුංචි පුංචි දඟ වැඩ තමයි කළේ. පාසලේදී වුණත් මම වැඩිපුර ගැවසුණේ දඟ වැඩ කළ ළමයි එක්කයි.

 


 ● ඒ කාලයේ මොන වගේ අරමුණක්ද තිබුණෙ?
විශේෂත්වයක් තිබුණෙ නැහැ. හැබැයි කුතුහලයෙන් යුතු දේ කෙරෙහි වඩා උනන්දු වුණා. එවැනි දේ අත්හදා බලන්න ආසා කළා. ගණිතයට වඩා දක්‍ෂ වුණා. ඒ වගේම කඩ පාඩම් නොකළ යුතු විෂයයන් කෙරෙහි වැඩිපුර උනන්දු වුණා. කොහොමටත් පංතියේ ගුරුතුමිය කියාදුන් දේ ගැන මතකය එක්වර රැදීම මගේ අධ්‍යාපන කටයුතුවලට ලොකු ශක්තියක් ගෙන දුන්නා. විෂයයන් ගැන හොඳ මතකයක් නිරන්තරයෙන් ඇති වූ බව කිව හැකියි.

 


● තාත්තා ගැන මතකය මොනවගේද? පවුලේ බාලයා ඔබ වූ නිසා තාත්තා ඔබට වැඩිපුර ආදරය කරන්නට ඇති?
 තාත්තා දරුවන් ඔක්කෝටම එක වගේ සැලකූ චරිතයක්. හරිම සාධාරණ විදියට කටයුතු කළේ. නමුත් පවුලේ බාලයා වෙච්ච නිසා දෝ මගේ කුඩා කාලයෙදී තාත්තා තමයි මට උදෑසන තේ එක පවා හදලා දුන්නෙ. මාව නැගිට්ටවන්න පෙර මා ළඟ ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ තමයි මාව නැගිට්ටුවේ. කොයි හැටි වෙතත් තාත්තාගේ මුළු ජීවිතයම වැඩිපුර ගෙවුනේ සරසවියෙ කටයුතු සඳහායි. 
මම අහලා තියෙන විදියට කොළඹ සරසවියෙ එවකට එතරම් ගොඩනැගිලි තිබිලා නැහැ. නමුත් නව ගොඩනැගිලි සාදා දීමට සහ ඒ වෙනුවෙන් ප්‍රතිපාදන සොයාදීමට තාත්තා බොහෝ සෙයින් වෙහෙස වී තිබෙනවා. කොළඹ සරසවිය දියුණු කරවීමට නිරන්තරයෙන් පුරෝගාමී වූ චරිතයක් වග පසුව මා දැනගත්තා. 

 


● තාත්තාගේ අහිමි වීම ඔබට මොනවගේ මානසිකත්වයක්ද ඇති කළේ?
එතකොට මගේ වයස අවුරුදු 18ක් විතර ඇති. තාත්තා විශ්‍රාම ගෙන සිටි නිසා තාත්තා එක්ක අපේ වතුවලට යන්න සහ සංචාරයෙහි නිරතවීමට අපි හරි ආසා කළා. අපි ඒ විදියට තාත්තා එක්ක ගමන් යාමට සැලසුම් පවා හදාගෙන හිටියෙ. ඒ අතරෙදි තමයි තාත්තගෙ ජීවිතය අපෙන් අහිමි කළේ. එය අපට වාවාගත නොහැකි දෙයක් වුවත් අම්මා වඩා ශක්තිමත් චරිතයක් වී එතැන් සිට කටයුතු කළා. ඒ ඉවසා දරා ගැනීමේ ශක්තිය අපටත්  උරුම වූ  දෙයක් වුණා. ව්‍යාපාරික පවුලකට අම්මා උරුමය ලැබුවාට අපට තිබුණෙ වතු. හැත්තෑවෙදි ඉඩම් පවා අහිමි වුණා. අම්මා වඩා නිර්මාණශීලි චරිතයක් වූ නිසා ස්ව උත්සාහයෙන් නැගී සිටීමේ සහ පවුල නගා සිටුවීමේ ශක්තිය ඇය සතු වුණා. කිසිම විදියකින් නිකරුණේ කිසිවක් නාස්ති කරන්න ඉඩ තැබුවෙ නැහැ. සියලු දේ ක්‍රමවත් පාලනයකින් පවත්වාගෙන ගියා. 

 

03-Page-4-S2-04

 

 


● ඔබ ඉපදී තිබෙන්නේ එංගලන්තයේදී. එසේ වුවත් ඔබ මේ අඳින පලඳින විදිය වගේම බාහිර පෙනුම ආදී සියල්ල හරිම ශ්‍රී ලාංකීයයි. හරිම සරලයි. කොහොමද එහෙම වුණේ?
තාත්තාගේ වෘත්තීය ජීවිතයේදී වැඩිපුර භාවිත වුණේ ඉංග්‍රීසි මාධ්‍යයයි. ඒ නිසා නිවසේදී පවා ඉංග්‍රීසි භාෂාව වැඩිපුර භාවිත වුණා. ඒ හැරත් ඉංග්‍රීසියෙන් කතා කළොත් ඉංග්‍රීසියෙන් පිළිතුරු දීමටත් සිංහලෙන් කතා කළොත් සිංහලෙන් පිළිතුරු දිය යුතුය යන නියමය පනවා තිබුණා. අපේ අම්මා වැඩිපුර  භාවිත කළේ සිංහල. ඒ වගේම ඇය අපට නීති පනවා තිබුණා. අක්කටයි-මටයි කවදාවත් කොට ඇඳුම් අඳින්න දුන්නෙ නැහැ. ජීන්ස් අඳින්න දුන්නෙත් නැහැ. පාසලේ ඉංග්‍රීසි භාවිත වූ සමාජයක අක්කයි-මායි වෙනස් චරිත වූ නිසා සමහර විට ඒ ස්වාභාවය කැපී පෙනෙන්නට ඇති. එදා කුඩා කාලයේ සිට අම්මගෙන් ලැබුණු ඒ ආභාසය තමයි  නිරන්තරයෙන් උරුම වුණේ. 

 


● ඔබගේ මාමා වූ උපාලි විජයවර්ධන ගැන මතකය මොන වගේද?
මාමා නැතිවන විට මගේ වයස අවුරුදු 12ක් විතර ඇති. මාමගෙ නිවසට ගෙවල් තුනකට මෙහා අපේ නිවස තිබුණේ. මගේ මතකයේ හැටියට මාමා බොහොම සුහදශීලි බොහොම සතුටින් අනෙක් අය හා ගතකළ චරිතයක් වුණා. නිවසේ සේවය කළ අය එක්ක පවා හරිම සුහදශීලීව කටයුතු කළා. පවුලේ අභිමානවත් චරිතයක් වග අපි කවුරුත් දැනගෙන සිටියා. ඒ දිනවල කැන්ඩෝස් වෙතින් අලුත් චොකලට් එකක් නිෂ්පාදනය වුණා. ඒවා වෙළෙඳපොළට යොමු කරවීමට පෙර නැන්දා අපට ඒවා රස බලන්න එවූ සිරිතක් තිබුණා. මාමා හෙලිකොප්ටරය ගෙනාවාම ඒ ගැන අපි හරි කුතුහලයෙන් විමසිලිමත් වුණා. එහි යාමටත් අපි ආසා කළා.

 


● ව්‍යාපාර ක්‍ෂේත්‍රයට අමතරව “මාමා” ආසා කළ වෙනත් දේ මොනවාද?
සතුන්ට හරිම කරුණාවන්ත වුණා. විශේෂයෙන්ම නිවසේ සුරතලයට බල්ලන් සිටියා. ලැබ්රඩෝස් කියන සුනඛ වර්ගයේ විවිධ වර්ණවලට අයත් කීප දෙනෙක්ම සිටි බව මතකයි.

 


● “මාමා” අතුරුදන් වූ පුවත  කොහොමද දැන ගත්තෙ?
 මම පාසල් ගොස් සිටියේ. ගෙදර ආවාම පවුලේ වැඩිහිටියන් ඒ ගැන කතා වෙද්දී පුංචි අපි වික්‍ෂිප්තව ඒව අහගෙන හිටියා.  ඒ මතකය තමයි තිබෙන්නෙ.

 


● මෑත කාලයේදී සමහර මාධ්‍ය ඔස්සේ “මාමා ” වෙනත් රටක සිටින බවට සමහර පුවත් අහන්න දකින්න ලැබුණා. ඔබ එය විශ්වාස කරනවාද?
මම නොදන්නා දේ ගැන කතා කරන්න යන්නේ නැහැ. තර්කානුකූලව බැලුවොත් මම නම් අද හිතන්නේ මාමා ගමන්ගත් යානය කඩා වැටෙන්න ඇති. සමහර අයට විවිධ උපකල්පන කළ හැකියි. එදා මාමා නැවත පැමිණෙමින් සිටියේ 45 වැනි උපන්දිනය  සැමරීමට බව මම අහලා තිබුණා. ඒ වෙනුවෙන් පවුලේ අය සුදානම් වෙමින් සිටි අයුරු යාන්තමට වගේ මතකයි.

 


● දැන් අපි ඔබගෙ ජීවිතය දෙස නැවත හැරෙමු. එදා පාසලෙන් ඉවත් වුණේ මොන වගේ අරමුණක් ඇතිවද?
 නිතරම කුතුහලයෙන් යුතු අදහස් තිබුණා. නමුත් වෛද්‍ය, ඉංජිනේරු හෝ වෙනත් වෘත්තියක නියැළෙන බවට වූ නිශ්චිත අරමුණක් තිබුණෙ නැහැ. ගෙදරිනුත් ඒ වෙනුවෙන් බලපෑම් ආවේ නැහැ. මම ගැහැණු ළමයකුවීම ඊට තවත් හේතුවක් වෙන්නට ඇති. නමුත් මේ වැඬේ පටන් ගත්තාම ඒ ගැන වැඩි උනන්දුවීමේ රිද්මය තිබුණා. පාසලෙන් ඉවත් වුණාම වැඩිපුර අධ්‍යාපනයට එංගලන්තයට ගියා. එහෙම ගියේ පරිගණක ඉංජිනේරු අංශය ගැන ඉගෙන ගැනීමටයි. හරි පුදුමෙ කියන්නෙ ඒ අංශයට පිවිසීමටත් පෙර තාත්තා මගේ උසස් අධ්‍යාපනයට අවශ්‍ය පොත් ගෙනල්ලා තිබුණා. එතරම් දුර දැක්මක් තාත්තාට තිබුණා. තාත්තා මරා දැමුවාට පසුව අය්යලා දෙදෙනාටත් භීෂකයන් විසින් භීෂණය ඇති කෙරුණා. ලොකු අයියා වෛද්‍ය විද්‍යාව හදාරන්න එංගලන්තයට ගිය පසු එහෙනං නංගිවත් එවන්න මම බලා ගන්නම් කියලා කියා තිබුණ. ඒ විදියට තමයි  පරිගණක ක්ෂේත්‍රයේ ගමනට අවතීර්ණ වුණේ?

 


● ඉන්පසු ලංකාවට ඇවිත් මොනවද කළේ?
වසර පහක් එංගලන්තයේ සිටි මට ලංකාවට ඒමේ තදබල කැමැත්තක් තිබුණා. ලංකාවේ වැඩිපුර ජීවිතය ගත කිරීමේ ආසාව නිතරම තිබුණා. නමුත් ලංකාවට ඇවිත් සතියක් විතර යන කොට මට ලොකු පාළුවක් ඇතිවුණේ. මට මොනවා හරි කරන්න ඕනෑය කියලා ඒ පාර මම ශාලිත අයියට කිව්වා. ලංකාවටම සැටලයිට් මගින් අන්තර්ජාල පහසුකම් සපයන ව්‍යාපෘතියක් සෙලින්කෝ සමූහයට අයත් ආයතනයකින් ආරම්භ කළා. එම ව්‍යාපෘතියේ මුල් සේවකයා ලෙස එක්වීමට ලැබුණත් සැටලයිට් මිල අධික වූ නිසා ඒ ව්‍යාපෘතිය නතර වුණා. ටික කලක් එහි නිරතව සිටි නිසා මම පළපුරුද්දකුත් ලැබුවා. ඒ කාලයේ අද වගේ රැහැන් රහිත පහසුකම් තිබුණෙ නැහැ. එනිසා රැහැන් ඇදීමට එළීමට පවා මම කටයුතු කළා. හරියටම කිව්වොත් විදුලි කාර්මිකයකු කරන වැඩත් කළා. ඒ නිසා ලොකු අත්දැකීමක් ලැබුවා. ඉන්පසුව ලංකා බෙල් ආයතනයේ කාලයක්  සේවය කළා.

 


● එදා පළමුව ලැබුණ වැටුප මතකද?
C - Com (සීකොම්) ආයතනයේ සේවයට එක්වුණාම මුලින්ම රුපියල් 15,000 ක් ලැබුණා. ඒක මට විශාල දෙයක් වුණා. නමුත් සල්ලි හොයන එකට වඩා පළපුරුද්ද ලැබීම සහ පිපාසය වුණේ අත්දැකීම් ලබා ගැනීමයි. ලංකා බෙල් මට ඒකට බොහෝ සෙයින් උපකාරි වුණා. එහි සිටි දෙවසරක කාලයේදී අත්දැකීම් රැසක් ලබා ගත්තා.

 


● ඉන්පසුව?
නිතරම මම යාළුවන්ට කියලා තිබුණේ මගේම දෙයක් මා දන්නා මේ පරිගණක තාක්‍ෂණය වෙතින් කරනවා කියලයි. හැබැයි ඒ මොන අංශයෙන්ද කියන නිශ්චිත අදහසක් තිබුණෙ නැහැ. ලංකා බෙල් ආයතනයේ කළමනාකාරිණී ලෙස කටයුතු කර ඉවත් වෙද්දී ඇමරිකාවේ කොටස් වෙළෙඳ පොළට ලංකාවේ සිට මෘදුකාංග සේවා සැපයීමේ අවස්ථාවක් ලැබුණා. ඔන්න ඔතැනින් තමයි මගේම වු ගමනක ආරම්භය සලකුණු වුණේ. මා දැන සිටි කෙනෙක් දන්නා කෙනෙක් මාර්ගයෙන් තමයි ඒ අවස්ථාව මට ලැබුණෙ. ඒත් ඒ අවස්ථාව ලැබී දෙවසරක් යාමට පෙර ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල වුණා. කොටස් වෙළෙඳපොලට අවශ්‍ය ග්‍රාහකයන්ට අවශ්‍ය තොරතුරු එදිනෙදා ලබාදීමේ සිස්ටම් එක තමයි අපි කළේ. එදා ඒ අවකාශය තිබුණා.

 


● කොහොමද එදා ඔබ ඒ කටයුත්ත පටන් ගත්තෙ?
අපේ ගෙදර ගරාජයේ තමයි මුලින්ම මෙය පටන් ගත්තෙ. සේවක පිරිසක් කියලා හිටියෙ නැහැ. ඇමරිකාවට ලබාදුන් සේවය නතර වීමත් සමග ඊළඟට ඒ සේවය ලබාදීමේ අවකාශය ගැන සොයා බැලුවා. කොහොමටත් මම කැමැත්තෙන් කරන දේ අත් නොහැරීමේ ගුණය මට තිබුණා. යම්කිසි දෙයක් විවෘත වුණාම එය නවතා දැමීමේ මානසිකත්වයේ සිටියෙ නැහැ. අම්මා සහ අයියලාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ අනුව නැවතත් මගේ කටයුත්ත ගරාජයේම පටන් ගත්තා. හොඳ දක්‍ෂ මේ අංශයේ සිටි පළපුරුදු ඉංජිනේරුවරු මා එක්ක එකතු වුණා. අපි වැඬේ කරගෙන ගියා. ලංකාවේ කොටස් වෙළෙඳ පොළට අපි අපේ සේවය ලබා දෙන්න පටන් ගත්තා. එය වඩා ඵලදායි බවට පත්වුණා. “ඩොට්කොම්” සංකල්පය එද්දී ඊට අනුගතව ඉන්පසුව අපි සේවය ලබා දුන් ග්‍රාහකයන් 20ක් දක්වා දියුණු කර ගත්තා. එක් අවස්ථාවක අයියාගෙ ගිණුම හරහා බැංකු ණයකුත් ලබා ගෙන මගේ ආයතනයට යෙදුවා. මොකද ලොකු ප්‍රාග්ධනයකින් නෙවෙයි මේ ගමන පටන් ගත්තෙ. පවුලට දේපොළ තිබුණාට අපට අධ්‍යාපනය ලබා දී තිබුණාට විශාල ධනයක් පොඳි බැඳ තිබුණෙ නැහැ. ගමන හෙමිහිට ආවේ ඒ විදියටයි.

 


● එතකොට “අයන්වන්” "IRON ONE" ආයතනය පටන් ගත්තෙ?
2006 දී විතර ඊට මුල පිරුවෙ.

 


● “අයන්වන්” කියන නම යොදා ගත්තෙ ඇයි? පරිගණක ඉංජිනේරු තාක්‍ෂණයට එය නොගැළපෙනවා කියලා විශ්වාස කළේ නැද්ද?
“අයන්වන්” පටන් ගත්තෙ ඇමරිකාවේ සිටින මගේ තවත් යාළුවකු සමගයි. වන් නැතිනම් එක (ප්‍රමුඛ) කියන අදහස අපට තිබුණා. ඒත් අවසන ඊට ඉදිරියෙන් අයන් කියන වචනය අන්තිමට ලැබුණෙ මගේ යාළුවාගේ බිරිඳගෙන්. අපේ සංවාදය අවසන ඇය ඒ නම ගැන මගේ යාළුවාට කියා තිබුණා. මුලින් අපි මීට යොදා ගෙන තිබුණේ “අත්ලාන්තික්” කියන නමයි. මගේ යාළුවාගේ අම්මයි- තාත්තයි මට මගේම අම්මා - තාත්තා වගේ වුණා. ඇයි “ලකී” පුතා (මට ආදරයට හිත මිතුරන් කිව්වෙ ලකී කියලයි) මේ අත්ලාන්තික් කියලා දැම්මෙ ඒක ග්‍රීක මිථ්‍යාවට අනුව ගිළුණු භූමිය කියලා එයාල කිව්වා. ඒ නමට අදටත් මම ආසා කළත් අපි එය වෙනස් කොට “අයන්වන්” ලෙස යොදා ගත්තා. අලුත් දෙයක් පටන් ගනිද්දි ගරාජයෙන් පටන්ගෙන වසරකදී දියුණු වූ නිසා බම්බලපිටියෙ මීවැල්ල ගොඩනැගිල්ලට එය ගෙන ගියා. තවත් දියුණු වෙද්දී එතැනත් ඉඩ මදි වුණා. ඉන්පසුව තමයි නවම් මාවතේ අලුත් තැනට ආවේ. ශක්තිමත් කියන පදනම යටතේ ඒ නම යොදා ගෙන තිබුණත් සමහර අවස්ථාවලදී අපේ ඔෆීස් එකට දුරකථන ඇමතුම් පවා ආවේ කේබල්ස් (රැහැන්) විකුණනවද කියලා අහලයි. මොකද අයන් කිව්වාම “යකඩ” කියන අදහසනෙ එන්නෙ. සමහර අය මට අයන් වුමන් කියන්නත් අපේ සේවය කරන පිරිමි පාර්ශ්වයට අයන් මෑන් කියන්නත් පටන් ගත්තා. කොහොම වුණත් මේ නමට අපි කැමතියි.

 


● 2006 දී පටන්ගත් “අයන්වන්” මේ දස වසරකදී ලෝකයම අල්ලන තරමට දියුණු වීමේ රහස මොකක්ද? මෙහි ස්වාභාවය මොන වගේද?
මෘදුකාංග නිර්මාණ අංශයෙන් අංශ හතරකට විතර දායකත්වය ලබා දීම සිදුවෙනවා. එකක්. කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කිරීමේ පහසුව වෙනුවෙන්. එයින් කොටස් වෙළෙඳපොළ හා බැඳී කටයුතු කරන අයට විශාල ප්‍රයෝජනයක් සිද්ධ වෙනවා. ජංගම දුරකථනයෙන් සියලු දේ කළ හැකි පහසුකම පවා ඒ මගින් සිදු කරගත හැකියි. ලංකාවේ ඉහළින්ම ඒ සේවය පවත්වාගෙන යන්නෙ අපි. ලෝකයේ වෙනත් සමාගම් සඳහාත් සේවය ලබාදීමට කටයුතු කරනවා.
බෝඞ් පැක් (Board Pack) කියන සේවය ඊළඟට අපි සමාගම් සඳහා හඳුන්වා දුන්නා. සමාගම්වල මීටින්වලදී එහි රහස්‍යභාවය සුරැකෙන අපූරු ආරක්‍ෂණ සහිත දත්ත සේවයක්. මේ රටේ විතරක් නොවේ රටවල් 15ක විශාල සමාගම් 15කට විතර දැන් අපි මේ සේවය ලබා දෙනවා. ඒ අතර ලෝකප්‍රකට සමාගම් පවා අපේ මේ ශ්‍රී ලංකන් තාක්‍ෂණය භාවිත කරනවා. මේ විදියෙ නව සංකල්ප නිසා තමයි අපි නිරන්තරයෙන් දියුණුවට ගියේ. එහි රහසක් නැහැ.

 


● ඇමෙරිකාවේ ඩිස්නි, රැල්ෆ් ලොරේන්, වික්ටෝරියා සීක්‍රට් වැනි ලෝ ප්‍රකට ආයතනවලට පවා නව සේවා ලබා දෙනවා නේද?
සහතිකෙන්ම ඔව්. ඒ ප්‍රකට සමාගම්වලට වෙනම සේවා ලබාදීමේ සේවයක් කරනවා. එය ඔවුන්ගේ කටයුතුවලට වඩාත් ඵලදායි වුවක් වී තිබෙනවා. මේ වගේ නව තාක්ෂණයේ සොයා ගැනීම් සමග යන ගමන නිසා තමයි අපි ලෝකයට වඩා සමීප වෙමින් සිටින්නේ. උසස්ම සේවය සහ ඒ මගින් ග්‍රාහකත්වයට උපරිම ඵල ගෙනදීමට අවශ්‍ය සේවා සැපයීම තමයි අපගේ පරමාර්ථය.

 


● අද වන විට අයන්වන් සතුව ලොකු ප්‍රාග්ධනයක් ඇති නේද?
ඇත්ත වශයෙන්ම අපි උපයන ප්‍රාග්ධනය ඉදිරි සංකල්ප සඳහා එහි දියුණුව සඳහා නිරන්තරයෙන් යොදවනවා. මේ අපේ සේවා මගින් ශ්‍රී ලංකාවේ නාමය ලෝකයේ අංක එක කරවීම අපේ ප්‍රයත්නයයි. අපට එය කළ හැකියි. ඒ වෙනුවෙන් විශාල වශයෙන් වියදම් කළ යුතු වෙනවා.

 


● මේ වසරේ හොඳම ව්‍යවසායිකාව (2015) වීම ගැන හිතන්නෙ කොහොමද?  මේ ගැන  හිතුවද?
සම්මාන කරා යාමේ අරමුණ තිබුණෙ නැහැ. මගේ ජීවිතයේ නිතරම හොඳ දෙයක් වී නම්? ඒ පිටුපස කවුරුන් හෝ හිටියා. මගේ පාසලේ සිටි යාළුවෙක් තමයි මේ සම්මාන ප්‍රදානය සඳහා යොමු කළ යුතු අයදුම්පත පවා ගෙනැත් දුන්නෙ. මට ගෙදරටම ගෙනැල්ලා දීලා කීප වතාවක්ම ඒ ගැන මතක් කිරීමත් කළා. අපි මේ සම්මාන ගැන හිතලා තිබුණෙ  නැහැ. අපි අපේ සේවය ගැන තමයි නිතර හිතුවෙ. මාස 13 ක් විතර විටෙක මම ලංකාවේ හිටියෙ පැය කීපයක් විතරයි. අපේ ව්‍යාපෘති සහ සංකල්ප ක්‍රියාත්මක කරවීම සඳහා නිතර විදෙස්ගත වෙන්න සිදුවුණා. වෙලාවකට මට මගේ අඳින ඇඳුම පවා සකසා ගන්න තරම් වෙලා තිබුණෙ නැහැ. එච්චර වෑයමක් කරලා තමයි අපි ලෝකයට යමින් සිටින්නෙ. කිසිවක් පහසු නැහැ. නමුත් කරන දේ සහ කළ යුතු දේ ගැන ආසාවෙන් උනන්දුවෙන් කරනවා නම් එය වඩා ඵලදායි වේවි. නව පරපුරට මා ලබා දෙන පණිවුඩය එයයි.

 


● ඔබ කියන්නෙ නිතරම නව සංකල්ප ක්‍රියාත්මක කරවන්න කියලද?
මෙම පරිගණක ක්ෂේත්‍රය යනු නිරන්තරයෙන් නව සංකල්ප බිහිකළහැකි අංශයක්. සැබැවින්ම එය කළ හැකියි.

 


● ඔබ වැනි කාන්තාවක් ලංකාවට පමණක් නොවී ලෝකයටම සම්පතක් කිව්වොත්? ඔබ ඒ ගැන ආඩම්බර වෙනවද?
සතුටක්. ඒත් ආඩම්බරයට හේතුවක් නෙවෙයි. මෙම අංශයෙන් අපට ලෝකයට තව කළ හැකි සහ කළ යුතු දේ බොහොමයි. අපි තවම මේ ගමන පටන් ගත්තා විතරයි. මේ අංශයෙන් අනාගතය වෙනුවෙන් ලෝකයට පහසුව සැපයීමට වගේම උසස්ම සේවා ලබාදීම අපගේ පරමාර්ථයයි.

m



අදහස් (0)

ගෙවුණු වසරේ හොඳම ව්‍යවසායිකාව

නිරේෂ් Wednesday, 07 September 2016 05:26 AM

ඔබට ඔබෙගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල එක හිතින්ම සුබ පතනවා. (බ)

:       0       0

සුරේෂ් Friday, 16 September 2016 03:15 AM

ඔබට හදවතින්ම සුබ පතනවා.(හේ)

:       0       0

ඉදුනිල් Friday, 16 September 2016 03:15 AM

සුබ අනාගතයක් වේවා.(හේ)

:       0       0

විජේසුන්දර Tuesday, 13 September 2016 02:05 PM

ඔබ තුමිය විසින් ලද මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත විජේසුන්දර පරපුරේම ගෞරවය පිරිනමමි.(අ)

:       0       0

දමයන්ති Tuesday, 06 September 2016 09:24 PM

සුබ පතනවා (නි)

:       0       0

අජිත් Wednesday, 07 September 2016 02:56 PM

හදවතින්ම සුබ පතනවා. ගොඩක්ම සතුටුයි. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 10 September 2016 11:06 AM

මේ වගේ ව්‍යවසායකයින් දස දහස් ගණනක් බිහිවේවා! ඒ හැමටම මෙතුමිය ආදර්ශයක් වේවා! අපේ සුභ පැතුම්...! (නි)

:       0       0

අමල් Tuesday, 06 September 2016 11:26 AM

ඔබ තුමියට හදවතින්ම සුබපතනවා. (ර)

:       0       0

මධුසංඛ Saturday, 10 September 2016 02:00 AM

හදවතින්ම සුබ පතනවා (නි)

:       0       0

ගයාන් Wednesday, 07 September 2016 03:19 AM

හදවතින්ම සුබ පතනවා. ජය වේවා! (නි)

:       0       0

සොපි Tuesday, 06 September 2016 02:13 PM

ශ්‍රී ලාංකික දිරිය කාන්තාවක් ලෙස එතුමිය ගැන හරිම ආඩම්බරයි . (අ)

:       0       0

අමිල Friday, 09 September 2016 01:44 PM

ඔබට මගෙන් සුබ පැතුම් (අ)

:       0       0

සවින්ද Wednesday, 07 September 2016 11:55 AM

ලෝකයම ජය ගැනීමට හැකි වේවා කියා හදවතින්ම සුබ පතනවා! ශ්‍රී ලාංකියයන් වශයෙන් අප ඔබ ගැන ආඩම්බර වෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 989 0

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 153 2

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 826 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 73 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 220 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site