ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත වූ රුපියල් කෝටි එකසිය තිහක් ඔවුන්ගේ ගිණුම් අංක වැරදියට සටහන් කිරීම නිසා නියමිත වෙලාවට ගොවීන්ට ලබාදීමට නොහැකි වූ බව සඳහන් පුවතක් ”ගොවි සල්ලි පමා කිරීම පක්ෂ දෙකක් හවුල් දේශපාලන ගේමක්” යන හිසින් නොබෝදා අප පුවත්පතේ පළ වූයේය. ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලැබුණු කෝටි 800ක මුදල ගොවීන්ගේ ගිණුම් වෙත බැර කිරීමේ දී මෙම ප්‍රමාදය සිදු වූ බව ද එම පුවතේ සඳහන් විය.
මීට අමතරව , ”හිතාමතා ගොවි ගිණුම් අංක වැරැද්දූ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කරයි ” යන හිසින් යුතුව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ කෘෂි පුවත් නිවේදනයක සඳහන් වන්නේ මේ සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවකි. ඇමැතිවරයා කියන ආකාරයට ඉහත සඳහන් නිලධාරීන් මෙකී වරද දේශපාලන පක්ෂ දෙකක බලපෑම් මත සිදු කර ඇත්තේ ද යන්න මෙතෙක් නිසි විමර්ශනයකින් සනාථ වී නැත. රාජ්‍ය සේවකයන් දේශපාලනය කරන්නේ නම් රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගොස් දේශපාලනය කළ හැකි බව අමාත්‍යවරයා කී බව එම පුවත් ලිපියේම සඳහන් වෙයි.
විශේෂයෙන් ගොවිජන සේවා (මේ වනවිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව) දෙපාර්තමේන්තුවට දේශපාලනය රිංගා ගැනීම සම්බන්ධයෙන් පළමු කොටම වගකිව යුත්තෝ දේශපාලකයෝමය. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ අවස්ථා දෙකකදී දැවැන්ත සේවක පිරිසකට දේශපාලන පත්වීම් ලබා දී ඇත. පළමුකොටම 1979 අංක 58 දරන ගොවිජන සේවා පනතට අදාල වගා නිලධාරීන් පත්කිරීමේ දී එම කාරණය සිදු වූයේ දේශපාලන පදනමක පිහිටා ය. එවකට පැවති ග්‍රාම නිලධාරි වසම් තුනකට පමණ එක් අයකු බැගින් වගා නිලධාරීන් පත් කිරීම සිදු කෙරිණි. ඉන් අනතුරුව 1994 දී පොදු පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසුව 1995දී ගොවි සෙවණ නියාමකවරුන් පත් කරන ලදී. දළ වශයෙන් එක් ග්‍රාම නිලධාරී වසමකට එක් අයකු බැගින් පත් කරන ලද ගොවි සෙවණ නියාමකවරුන්ගේ නිල නාමය පසුව කෘෂි පර් යේෂණ හා නිෂ්පාදන සහකාර හෙවත් කෘපනිස යනුවෙන් වෙනස් විය.
සංඛ්‍යාව අතින් දොළොස් දහසකට වැඩි පිරිසක් එසේ පත් කරන ලද්දේ දැඩි දේශපාලන පදනමක පිහිටාය. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පවා එවකට සලකා නොබැලූ අතර ඔවුන් මැතිවරණ බල ප්‍රදේශ මට්ටමින් තෝරා ගැනුණේ බලයේ සිටි දේශපාලන පක්ෂයේ සංවිධායකවරුන් සහ මන්ත්‍රීවරුන් විසිනි. පිටකොටුව වැනි අතිශය නාගරික ප්‍රදේශවලට පවා ගොවි සෙවණ නියාමක නිලධාරීහු පත් කරනු ලැබූහ.
තම පාක්ෂිකයන්ගේ දරුවන් එම තනතුරුවලට පත් කරන ලද බව එවකට සිටි අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අවස්ථා බොහෝය. එයින් නොනැවතී එම නිලධාරීන් රටේ මැති ඇමතිවරුන්ගේ දේශපාලන කටයුතුවලට ප්‍රසිද්ධියේම හවුල් කර ගැනීම ද සිදු වූයේය. නිර්මලව පැවති ගොවිජන සේවා දෙපාර්තමේන්තුව දේශපාලනීකරණයට භාජන වූයේ දේශපාලකයන් ගේම වරද නිසාය.
ගොවීන් ලක්ෂ දොළහකගෙන් සීයට 38ක ගිණුම් අංක (එසේ ගණන් බැලූ විට සහනාධාර ප්‍රමාද වූ ගොවීන් සංඛ්‍යාව 456000කි) වැරදී ගොස්, මුදල් ආපසු ලැබී ඇති බව අමාත්‍යාංශයේ පුවත් ලිපියේ සඳහන් වේ. මෙතරම් අඛණ්ඩ සම්බන්ධීකරණ ජාල රටාවක් පවතින දෙපාර්තමේන්තුවකට මේසා වරදක් සිදුවීම අතිශය කනගාටුදායකය.
මේ වන විට රටේ ජනගහනයෙන් සියයට හැට අටක් පමණ දෙනා ආහාර අහේනියෙන් පීඩා විඳින බව ලෝක ආහාර සංවිධානය අනුග්‍රහයෙන් නොබෝදා කළ සමීක්ෂණයකින් හෙළිදරව් විය. එයින් ද වැඩිපුරම පීඩා විඳින්නේ ග්‍රාමීය මට්ටමේ ජනයා බව තවදුරටත් අනාවරණය විය.
එවැනි අවස්ථාවක ගොවීන්ගේ ආර්ථික අපහසුතා මඟ හැරීමට නිසි වෙලාවට ඔවුන් අතට පත්විය යුතු මුදල් ගිණුම් අංක වැරදි යාම නිසා ඔවුන් අතට නොලැබීම මහත් වරදකි. මිල අධික යෙදවුම් උදෙසා ගොවීන් බොහෝ විට වියදම් දරන්නේ අවිධිමත් මූලාශ්‍රවලින් ගත් ණය වලිනි. ඒ අධික පොලිය යටතේය.
බොහෝ විට ඔවුහු ඒ සඳහා කනකර උකස් තබති. මේ වන විට රට තුළ සැලකිය යුතු මට්ටමින් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කර ගැනීමේ පහසුකම් පවතිද්දී අංක වැරදීමකින් ගොවීන්ගේ සහනාධාර මුදල් නොලැබී යාම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් පොදු ජනතාවට වගකිව යුතුය.
(***)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගොවීන්ට මුදල් දීම පමා කළ නිලධාරින්ට දඬුවම් නැද්ද?