පාකිස්තානය සිටින්නේ 12 වැනි ස්ථානයේ
ඉන්දීයාව සතු හමුදා පිරිස් බලය 4,207,250 කි
පාකිස්තානය සතු හමුදා පිරිස් බලය 919,000 කි
ඉන්දියාව සතු යුද ටැංකි ගණන 4,426 ක්
පාකිස්ථානය සතු ටැංකි ගණන 2,924 ක්
ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් මේ වනවිට සිටින්නේ කෙහෙවලු පටලවා ගෙනය. එම ප්‍රහාරය එල්ල කළේ පාකිස්තාන රජයේත්, එරට අයි.එස්. බුද්ධි අංශයේත් සහාය ලබන ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තවාදීන් යැයි ඉන්දියාව චෝදනා නගයි. ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සොයා ඔවුන් අවසන් කර දමන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දී ඇත.
ප්‍රහාරය සම්බන්ධයෙන්, ඉන්දීය රජය සහ ආරක්ෂක අංශ පාකිස්තානයට එල්ල කරන චෝදනා පදනම් විරහිත යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා ඇත. දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස සිටින අය හෙළිදරවු කර ගැනීමට ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත්තේ ඒ සඳහා පාකිස්තානයේ පූර්ණ සහාය ලබා දෙන බව ද පවසමිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාවෙන් මෙන්ම පාකිස්තානයෙන් ද ඉල්ලා ඇත්තේ හටගත් අර්බුදය හැකි ඉක්මනින් සාමකාමීව විසඳා ගන්නා ලෙසය.
පෙහෙල්ගාම් ප්‍රදේශයේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර ඔවුන් සියලු දෙනා සංචාරකයන්ය. තුවාල ලැබූ ගණන 17 කි. ඝාතනයට ලක්වුණු 26 දෙනාගෙන් 25 දෙනකු ඉන්දියානුවන් වූ අතර, එක් අයෙක් නේපාල සංචාරකයෙකි. ප්‍රහාරයෙන් පසු ඉන්දු පාකිස්තාන දේශසීමා වසා දැමුණු අතර, ඉන්දියාවේ සිටින පාකිස්තානුවන්ට පැය 48 ක් ඇතුළත පිටවී යන්නැයි නියෝග කෙරුණි.
ඉන්දියාවට අයත් ඉන්දු ගංඟාව සහ එහි අතු ශාඛාවලින් පාකිස්තානයේ මිලියන සංඛ්‍යාත පිරිසකට ජලය සපයමින් 1960 දී අත්සන් තැබුණු ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමට ද ඉන්දීය රජය පියවර ගත්තේය.
ඉන්දු ගංඟාවල ජලය පාකිස්තානය වෙත ගලා ඒම නැවැත්වීමට ඉන්දියාව උත්සාහ ගන්නේ නම් එය යුදමය ක්‍රියාවක් ලෙස සලකන බවට පාකිස්තානය දිගින් දිගටම අනතුරු අඟවා ඇත.
ඉන්දීය රජය, පාකිස්තානයේ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ හමුදා නිලධාරීන් ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව, ත්‍රස්ත ප්‍රහාරය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් තෙක් ඔඩුදුවන්න වූ අතර, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද බියක් නිර්මාණය විය. ඉන්දු පාකිස්තාන දේශසීමා සෙබළුන් අතරේ වෙඩි හුවමාරු ද සිදුවිය. න්‍යෂ්ටික ශක්තියෙන් හෙබි ආසියානු රටවල් දෙකක් වන පාකිස්තානය එකිනෙකාට එරෙහිව යුද ප්‍රකාශ කළහොත්, එය කලාපීය ආරක්ෂාවටත්, ගෝලිය ආරක්ෂාවටත් එය තර්ජනයක් වනු නිසැකය.
රට රටවල යුද ශක්තිය පෙන්වන, 2025 ගෝලීය යුද බල දර්ශකය අනුව, යුද ශක්තිය අතින් ලොව සිවුවැනි ස්ථානයේ සිටින්නේ ඉන්දියාවය. පාකිස්තානය සිටින්නේ 12 වැනි ස්ථානයේය. හමුදා ශක්තිය අතින් ඉන්දියාව පාකිස්තානයට වඩා ඉදිරියෙන් සිටී. ඉන්දීයාව සතු හමුදා පිරිස් බලය 4,207,250 කි. එයින් ක්‍රියාකාරී හමුදා සොල්දාදුවන් ගණන 1,362,500 කි. අතිරේක හමුදා සොල්දාදුවන් ගණන 2,844,7500 කි. පාකිස්තානය සතු හමුදා පිරිස් බලය 919,000 කි. ක්‍රියාකාරී හමුදා සොල්දාදුවන් ගණන 6,37,000 කි. අතිරේක හමුදා සොල්දාදුවන් ගණන 282,000 කි. ඉන්දියාව සතු පාබල හමුදා සාමාජිකයන් ගණන 2,197,117 ක් වන අතර පාකිස්තානය සතු පාබල හමුදා සාමාජිකයන් ගණන 1,311,500 කි.
2025-26 වසර සඳහා ඉන්දියාවේ ආරක්ෂක අයවැය ඇමෙරිකානු ඩොලර් බිලියන 79 ක් (ඉන්දීය රුපියල් ලක්ෂ 6.8 කෝටියක්) පමණය. මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 9.5 ක ඉහළ යෑමකි. පාකිස්තානය වෙන් කරන ආරක්ෂක අයවැය ප්‍රමාණය කුඩාය. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 කි.
ඉන්දියාව සතු යුද ටැංකි ගණන 4,426 ක් පමණය. භීෂ්ම සහ අර්ජුන් වැනි යුද ටැංකි ඉන්දියාව දේශීය නිෂ්පාදනය කරන ලද නවීන පන්නයේ යුද ටැංකි බව පැවැසෙයි. පාකිස්ථානය සතු ටැංකි ගණන 2,924 කි. ඊට අමතරව ඉන්දියාව සතු සන්නද්ධ රථ ගණන 148,594 කි. පාකිස්තානය සතු රථ ගණන 17,516 කි.
ඉන්දියාව සහ පාකිස්තානය සතුව න්‍යෂ්ටික අවි ඇත. එමෙන්ම රටවල් දෙකම බැලැස්ටික දිගු දුර මිසයිල වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. න්‍යෂ්ටික අවි අතින් පාකිස්තානය ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටී. ඉන්දියාව සතු න්‍යෂ්ටික අවි ගණන 160 කි. පාකිස්තානය සතු න්‍යෂ්ටික අවි ගණන 165 කි.
ඉන්දියාව සතුව කිලෝ මීටර් 5,200 ක දුරක් විදිය හැකි අග්නි-5 මිසයිල ඇත. අග්නි 6 මිසයිලය නිපදවමින් පවතින බවට ද වාර්තා පළ වෙයි. පාකිස්තානය සතු බැලැස්ටික මිසයිල වර්ගය වන්නේ ෂාහීන් 3 ය. මෙයට යා හැකි යැයි පැවැසෙන්නේ කිලෝ මීටර් 2,750 ක දුරක් පමණි. පාකිස්තාන හමුදාව මෙම මිසයිලය වැඩි දියුණු කරමින් සිටින බවත්, එහි දුර කිලෝ මීටර් 3,000 තෙක් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් පැවැසෙයි. ඒ, චීනයේත්, බෙලරූසයේත් සහාය ඇතිවය.
ඉන්දීය ගුවන් හමුදාව ආසියාවේ බලවත්ම ගුවන් හමුදාවන්ගෙන් එකකි. ඉන්දියාව සතු ගුවන් යානා ගණන 2,102 කි. පාකිස්තානය සතුව ඇත්තේ 951 ක් පමණි. ඉන්දීය ගුවන් හමුදාවට අයත් තේජස් වැනි නවීන පන්නයේ ප්‍රහාරක යානා ඉන්දියාව විසින් නිපදවන ලද්දකි. ප්‍රමාණයෙන් කුඩා වුවත් පාකිස්තාන ගුවන් හමුදාව සතුව ජේෆ් 17 තන්ඩර් සහ එෆ් 16 වර්ගයේ ප්‍රහාරක යානා අයත් වෙයි.
ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද්ධයක් ඇවිළී ගියහොත්, වැඩි වාසි ඇත්තේ ඉන්දියාවට බව පැහැදිලිය. පාකිස්තානයේ සහායට චීනය ඉදිරිපත් වුවත්, ඉන්දියාවේ සහායට ඇමෙරිකාව ඉදිරිපත් වුවත්, මහා පරිමාණ යුද්ධයකදී ඇමෙරිකාව හෝ චීනය හෝ සෘජුව ඉන්දියාවටත් පාකිස්තානයටත් සහාය නොදක්වනු ඇත.
(***)
ලුසිත ජයමාන්න
එන්.ඩී.ටීවී ඇසුරිනි
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
2023 සැප්තැම්බර් 5 වැනිදා අඟහරුවාදා බ්‍රිතාන්‍යයේ “චැනල් 4” රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ “ඩිස්පැචස්” වැඩසටහන ඔස්සේ “ශ්‍රී ලංකාවේ පාස්කුදා බෝම්බ ප්‍රහාර”
ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් මේ වනවිට
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගැටුමකට අරඅදින ඉන්දු - පාකිස්තාන යුද ශක්තිය