ජනප්‍රිය ගායක අනිල් භාරතී ටික කලක් රෝගාතුරව සිට පසුගිය 22 වැනිදා පානදුර රෝහලේ දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවමංගල්‍ය කටයුතු හෙට (26) සවස පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේ දී සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
අනිල් භාරතී යැයි කී සැණින් අපට සිහිපත් වන්නේ ඔහු ගැයූ ‘බෙත්ලෙහෙම් පුරේ’ යන නත්තල් ගීයයි. 1972 දී ක්ලැරන්ස් විජේවර්ධනගේ තනුවකට කරුණාරත්න අබේසේකරගේ පදමාලාව අනුව ගායනා කළ එම ගීතය දැන් වසර හතළිහකටත් වඩා පැරණිය. ඒ නිසාම අනිල්ට නත්තල් ගීත ගායනා කිරීමට බොහෝ අවස්ථා ලැබුණේය. ඔහු ඒ අනුව නත්තල් ගීත 40ක් පමණ ගායනා කර ඇත.
අනිල් මාධ්‍ය සමග දැඩි හිතවත් බවෙන් කටයුතු කෙළේය. නත්තල් ළං වෙත්ම බොහෝ විටෙක ඔහු තම හිතවත් මාධ්‍යවේදීන්ට කතා කර තම අලුත් නත්තල් නිර්මාණ ගැන කීවේය. නැතිනම් මාධ්‍යකරුවන් හමුවීමට පැමිණියේය. ඔහු දක්ෂකම්වලින් පිරි ගායකයකු මෙන්ම නිහතමානී පුද්ගලයෙක් විය. අනිල් ගායකයකු ලෙස කොතරම් ජනප්‍රියත්වයට පත් වුවද පෞද්ගලික ආයතනයක බොහෝ කාලයක් යන තුරු රැකියාව කෙළේය.
අනිල් භාරතී නමින් ජනප්‍රිය වුවද ඔහුගේ මුල් වාසගම පීරිස්ය. ඔහු වරක් සාකච්ඡාවකදී පැවසුවේ භාරතී යන කොටස ඔහුගේ පවුලේ පෙර පරපුරේ අය විසින් යොදා ගත් බවකි.
‘‘ඒත් අපි හොඳ සිංහලයෝ’’ යි අනිල් පැවසීය.
එක් සහෝදරයකු සහ සහෝදරියක් සිටි අනිල්ගේ පවුලේ පිරිස බටහිර ගීතවලට ඇල්මක් දැක් වූහ. ඔවුන් හැදී වැඩුණේ ද ක්‍රිස්තියානි පරිසරයකය. මේ නිසා බටහිර ගීත ගායනය ඔහුට අමුත්තක් නොවීය.
කුඩා කලදීම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ගී ගැයූ අනිල්ට වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව ද තිබිණි. ඔහු පසු කල අධ්‍යාපනය හැදෑරුවේ මොරටුවේ වෙල්ස් කුමාර විද්‍යාලයෙනි. ඔහුට පහළ පන්තිවල රැගෙන ගත් අනෙක් ජනප්‍රිය ගායකයන් දෙදෙනකු වන්නේ පුන්සිරි සොයිසා සහ පෝල් ප්‍රනාන්දුය.
අනිල්ගේ වැඩිමහල් සොහොයුරා නිහාල් භාරතීය. ඔහුද ගුවන් විදුලියේ සේවය කළ දක්ෂතම ඉංග්‍රීසි නිවේදකයෙකි.
අනිල් ඉංග්‍රීසි ගීත ගායනා කරන අයුරු දුටු බොහෝ දෙනා ඔහුට කීවේ එකල එනම් 1965 දී පමණ ජෙට්ලයිනර්ස් සංගීත කණ්ඩායම ආරම්භ කළ ආධුනික බටහිර ගීත ගායනා තරගයට සහභාගි වන ලෙසය.
ඒ අනුව ඔහුට ප්‍රථම වරට තම දක්ෂතා උරගා බලන්නට අවස්ථාව ලැබිණි. එහිදී ඔහුට ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වූයේ ට්‍රිනී ලෝපෙස් ගායනා කළ ‘ලෙමන් ට්‍රී’ ගීතය ගැසීමෙනි. එයින් පානදුර ප්‍රදේශයේ ජනප්‍රියත්වයක් ලද අනිල්ට එකල එහි තිබූ රේන්ජර්ස් නමැති සංගීත කණ්ඩායමට බටහිර ගී ගයන ගායකයකු ලෙස සම්බන්ධ වීමට හැකි විය.
මේ අතරතුර අනිල්ගේ ඥාති සහෝදරයකු විසින් ක්ලැරන්ස් විජේවර්ධන හඳුන්වා දෙනු ලැබීය. වසර දෙකක් පමණ ක්ලැරන්ස් ඇසුරේ සිටි ඔහුට ‘‘අද වෙයි ඉරු දින’’ නම් ගීතය ගායනා කිරීමට ලැබුණේය. එය ඔහුගේ ප්‍රථම ගීතය විය. එය ඔහු ජනප්‍රිය ගායකයකු බවට පත් කළේය.
‘‘ක්ලැරන්ස් ළඟ හිටියට ඔහු මට මේ ගීතය ගයන්නට අවස්ථාව දුන්නේ වසර දෙකක් විතර ගියාට පස්සෙ.. මේ තමයි සුදුසුම කාලය කියල ක්ලැරන්ස් මට කීවා. ඔහු සම්මුඛ සාකච්ඡාවල දී පැවසීය.
එතැන් පටන් ඔහුගේ ගීත ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. අනිල්ගේ ගැඹුරු හඬ ඉතා ඉක්මනින් රසිකයෝ වැළඳ ගත්හ. එම ගීත සාදවලට විශේෂයෙන්ම ගැලපුණේ ‘‘අද වෙයි ඉරුදින, සීතල සඳ එළියේ, ටිකිරි මලී’’ ආදී ගීත ගණනාවක්ම ඔහු ගායනා කෙළේය. සිය බිරිඳ හා පුතුන් දෙදෙනා සමග ඔහු ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කෙළේය. ඔහු ගැයූ චිත්‍රපට ගී අතර ‘දමයන්ති’ චිත්‍රපටය ඉන්ද්‍රානි පෙරේරා සමග ගායනා කළ ‘මල් මල් හැඟුමින් පැතුම් පිරේ’’ ගීයද බෙහෙවින් ජනප්‍රිය වූවකි.
සංදර්ශන වේදිකාවෙන් සාදයේදීත් නැතිවම බැරි අනිල්ට ‘බෙත්ලෙහෙම් පුරේ’ ගීතය ගායනා කිරීමට ලැබුණෙත් අහම්බෙනි. එය ඔහු ජනප්‍රියත්වයේ ඉහළටම රැගෙන ගියේය. ඔහුගේ ගැඹුරු හඬින් ගායන ලතාවත් තවත් බොහෝ කාලයක් යනතුරු රසිකයන්ගේ දෙසවනින් ඈත්ව නොයනු ඇත. එමෙන්ම ‘බෙත්ලෙහෙම් පුරේ’ ගීතයද සෑම නත්තලකදීම බොහෝ කාලයක් යනතුරු අපට ඇසෙනු ඇත.
(*** රොඩ්නි විදානපතිරණ)
2024 වර්ෂයට අදාළ 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාග දිනයට කලින් පිටවීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණ
භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට ම
කොටි ත්‍රස්තවාදීන් 1998 ජනවාරි මස 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 27ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනප්‍රිය ගායක අනිල් භාරතී ටික කලක් රෝගාතුරව සිට පසුගිය 22 වැනිදා පානදුර රෝහලේ දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවමංගල්‍ය කටයුතු හෙට (26) සවස පානදුර මිනුවන්පිටි
පසුගිය ඉරිදා කළුතර පැවැති ප්‍රසිද්ධ රැස්වීමක දී කතා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනටමත් හිටපු ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ බිරියන්ට ප්‍රමාණව
2018 වසරේ දී ‘‘බිම්බා දේවිය හෙවත් යශෝධරා” චිත්‍රපටයෙහි තිරනාටකය වෙනුවෙන් කරුණු එක්රැස් කරද්දී යශෝධරා හැර මට හමුවූ චරිත අතුරින්ම සිත පැළපදියම් වූයේ ප්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගැඹුරු හඬින් රසිකයන් සැනසූ අනිල් භාරතී