IMG-LOGO

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා


ගෝඨාභය යැව්වාද? ගියාද?

ගෝල්ෆේස් අරගලය සහ ඒ හේතුවෙන් රට තුළ ඇති වූ දේශපාලන පෙරළි පිළිබඳවත්, ඒවාට බලපෑම් එල්ල වූ දෙස් විදෙස් බලවේග පිළිබඳවත් කරුණු විස්තර කෙරෙන ග්‍රන්ථ කිහිපයක්ම පසුගිය කාලය තුළ ප්‍රකාශයට පත් වී තිබේ. විමල් වීරවංශ මහතා ඒ පිළිබඳව මුලින්ම කෘතියක් ප්‍රකාශයට පත් කළ අතර ඒ පිළිබඳව දෙවරක්ම මෙම තීරුවේ සාකච්ඡා කළෙමු.

සේන තෝරදෙනිය මහතා විසින් ඉන් පසුව ගෝල්ෆේස් අරගලය පිළිබඳවත්, එහි ප්‍රධාන මාතෘකාවක් වූ ක්‍රම වෙනස පිළිබඳවත්, එයින් නිර්මාණය වූ රටේ අරාජිකත්වය පිළිබඳවත් ඉංග්‍රීසි භාෂාවෙන් කෘතියක් ප්‍රකාශයට පත් කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ මහතාද තමා ජනාධිපති ධුරයෙන් නෙරපීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව දැක්වෙන ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත් කළේය.

මාධ්‍ය මගින් මෙම ග්‍රන්ථය පිළිබඳව වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණ ද මේ වනවිට එම ග්‍රන්ථයේ මුද්‍රණ තුනක් නිකුත් වී තිබේ. වාර්තමානයේ ද සාකච්ඡාවට බඳුන් වෙන සමහර ප්‍රශ්න පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා තම කෘතිය මගින් ඉදිරිපත් කර ඇති විස්තර හා මත පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වනු ඇතැයි සිතමි.

ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු දේශපාලන අධිකාරියක මහජන නියෝජිතයකු ලෙස කටයුතු කර නැතත් ඒ වනවිට කර තිබූ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනවලින් මහින්ද රාජපක්ෂ මහතාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට හෝ ජනාධිපතිවරණයට තරග කළ නොහැකි බැවින් ජනාධිපතිවරණයට තමන්ට ඉදිරිපත්වීමට සිදු වූ ආකාරය පිළිබඳව මෙහි කරුණු විස්තර කර තිබේ.

අතිබහුතර සිංහල හා බෞද්ධ ඡන්දවලින් තමන් ජනාධිපති ධුරයට පත් වූ නමුදු සෑම ජන කොටසකගේම ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බවට තමන් ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දුන් බව ද ඔහු සඳහන් කර තිබේ. රටේ ආර්ථික සංවර්ධනය අරමුණු කරගෙන බදු අඩු කිරීම් වැනි සාධනීය ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් නව පිළිවෙතකට රට පාලනය කිරීම ආරම්භ කළ ද අනපේක්ෂිත ලෙස රට තුළ කොවිඩ් වසංගතය පැතිරයාම හේතුවෙන් තමාගේ සියලු සැලසුම් උඩුයටිකුරු වූ ආකාරය ද ඔහු විස්තර කර ඇත.

විපක්ෂයට බහුතර බලයක් හිමිව තිබූ පාර්ලිමේන්තුවක් සමඟ කටයුතු කිරීමේදී විවිධ දුෂ්කරතා පැනනැගුණු නමුත් ව්‍යවස්ථාවෙන් නියමිත කාලය සම්පූර්ණ වනතුරු එය විසුරුවා හැරීමේ බලයක් ඔහුට නොතිබුණේය. එම බලය හිමි වූ මුල් දිනයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නමුදු කෝවිඩ් හේතුවෙන් මහ මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල් ගියේය. වසංගතය මර්දනය කිරීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරීමට රජයට සිදුවිය.

කොවිඩි රටින් තුරන් කිරීමට අවශ්‍ය පියවර ඉතා කඩිනමින් හා සාර්ථකව ක්‍රියාවට නැගීම නිසා රජය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු වූ අතර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඊට අනුබද්ධ පක්ෂවලට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිවිය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මහමැතිවරණයකදී තුනෙන් දෙකක බලයක් ලබාගත් ප්‍රථම අවස්ථාව එය විය.

වසංගතයේ මුල් අවස්ථාවේ ආර්ථිකයේ සැලකිය යුතු බිඳවැටීමක් සිදු වුවද එය සාර්ථකව මැඩපැවැත්වීමත් සමඟ ආර්ථික කටයුතු යථා තත්වයට පත් වෙමින් තිබුණි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ ගියේය. අඩපණව තිබූ සංචාරක ව්‍යාපාරය යළි ප්‍රකෘතිමත් වී සංචාරකයන්ගේ පැමිණීම ද ඉහළයාමට පටන් ගත්තේය. බොහෝ පිරිස් විදේශ රැකියා සඳහා පිටත්ව ගියහ. එසේ වුවද කොවිඩ් ව්‍යසනයේ දෙවැනි රැල්ල ඒ සමඟම ආරම්භ වූ අතර විපක්ෂ දේශපාලනඥයන්ගේ ද රටේ විවිධ සංවිධානවල ද ඉල්ලීම වූයේ මුළු රටම ලොක්ඩවුන් කර මෙම වසංගතය මර්දනය කිරීමට පියවර ගන්නා ලෙසය. මහානායක හිමිවරුන් ප්‍රමුඛ ආගමික නායකයෝ පවා ජනාධිපතිවරයා වෙත එවැනි නිර්දේශ ඉදිරිපත් කළහ.

ඒ වනවිට කොවිඩි ව්‍යාප්තිය ඉහළ මට්ටමක පැවැති බොහෝ රටවල් ලොක්ඩවුන් කිරීමකින් තොරව තම රටවල ආර්ථික කටයුතු හා ජන ජීවිතය සාමාන්‍ය තත්වයකින් පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටිය ද ශ්‍රී ලංකාවේ මුළු රටම ලොක්ඩවුන් කිරීම සඳහා වූ බලපෑම දිනෙන් දින වර්ධනය විය.

මෙම තත්වය යටතේ රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට අවසානයේදී සිදුවිය. මේ හේතුවෙන් ආර්ථිකය කඩාවැටී රටේ ජන ජීවිතය අවුල් සහගත තත්වයකට පත්විය. ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට සෘජු දායකත්වය සපයන විවිධ ක්ෂේත්‍රවලට සීමා පැනවීමට සිදු වූ අතර ඒ හේතුවෙන් රට තුළ ඉන්ධන හිඟය, ගෑස් හිඟය, විදුලි කප්පාදුව වැනි දැඩි පීඩාකාරී වූ තත්වයන්ට ජනතාවට මුහුණදීමට සිදුවිය.

ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක් වූ පිරිස්වලට සහන සැලසීමට රජය කටයුතු කළේය. ඒ අනුව කොවිඩ් රෝගී තත්වයට පත්වූ පවුල් වෙනුවෙන් රුපියල් 10,000 ක වියළි ආහාර සහිත බඩු මල්ලක් ද, අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ද ලබා දුන්නේය. පසුව එම මුදල රුපියල් 5,000 දක්වා අඩු කිරීමට සිදුවිය. ඊට අමතරව වතුකරයේ ජනතාව වෙනුවෙන් සහන මිලට තිරිඟු‍ පිටි ලබාදීමට කටයුතු කළේය. ඒ අතර කොවිඩ් ව්‍යසනයට එකම විසඳුම වූ එන්නත්කරණය අඛණ්ඩව හා දීපව්‍යාප්තව සිදු කිරීමට පියවර ගත්තේය.

මෙවැනි තත්වයක් රට තුළ පැවැතිය ද විදේශ ණය ආපසු ගෙවීම ද නියමිත ආකාරයට සිදු කිරීමට රජය පියවර ගත්තේය. 2021 ජනවාරි මාසයේදී ද ඩොලර් මිලියන 500 ක විදේශ ණය මුදලක් ආපසු ගෙවීමට රජය කටයුතු කළේය. විදේශ ණය ආපසු නොගෙවා දුෂ්කරතාවට පත් ජනතාවගේ ආහාරපාන හා අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් එම මුදල් යෙදවිය යුතු බවට මතයක් විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම විවිධ සංවිධාන විසින් සමාජගත කරනු ලැබීය. දේශපාලනඥයන්, විද්වතුන් මෙන්ම වෘත්තිකයෝ සැලකිය යුතු පිරිසක් මෙම මතය ලිඛිත ප්‍රකාශනයක් මගින් රජයට ඉදිරිපත් කළෝය.

ඉහත කරුණු තම ග්‍රන්ථයෙන් විස්තර කර ඇති ගෝඨාභය මහතා විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම සම්බන්ධයෙන් ඇමරිකාවේ හැමිල්ටන් රිසව් බැංකුව විසින් ලිඛිතව ලංකා රජයට දන්වා ඇති කරුණු ද තම ග්‍රන්ථයේ හෙළිකර ඇත. එම බැංකුව ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරවල ඩොලර් මිලියන 250 ක් ආයෝජනය කර තිබූ බැංකුවකි.

ණය ගෙවීම සඳහා 2023 අප්‍රේල් මාසය දක්වා හිඟව පවතින්නේ ඩොලර් මිලියන 150 ක පමණ මුදලක් බව ද එවැනි ‘සොච්චම්’ මුදලක් හිඟවීම හේතුවෙන් ස්වෛරීත්ව ණය ගෙවීම පැහැර හැරීමක් ප්‍රකාශයට පත් කිරීම “ඇදහිය නොහැකි තරම් අනවශ්‍ය හා අදූර්දර්ශී ක්‍රියාවක් බව” ද පෙන්වා දී තිබේ. කෙසේ වුවද අවසානයේ එළඹුණු තත්වයන් මත මුදල් අමාත්‍යාංශයේ සහ මහබැංකුවේ නිලධාරීන්ගේ කරුණු දැක්වීම අනුව විදේශ ණය ගෙවීම අත්හිටුවන බව ප්‍රකාශයට පත් කිරීමට සිදු වූ බව ද ගෝඨාභය මහතා පෙන්වා දෙයි.

සියලුම කොවිඩ් මරණ ආදාහනය කිරීමට සිදුවීම සහ කාබනික පොහොර පිළිබඳ ප්‍රශ්නය ආදිය සම්බන්ධයෙන් මෙන්ම රටතුළ අර්බුද නිර්මාණය කිරීමට උපකාරි වන සෑම සිදුවීමක්ම විරුද්ධවාදීන් ප්‍රයෝජනයට ගෙන ඇති ආකාරය ද විස්තර කර ඇත. චීන කාබනික පොහොර නැව, අසූචි නැවක් ලෙස අර්ථකථනය කරමින් ගෙන ගිය ප්‍රචාරය පිළිබඳව ද එහි විස්තර කර ඇත.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ බෙහෝ කරුණු ද මෙම ග්‍රන්ථය මගින් විවරණය කර තිබේ. කාදිනල්තුමන් සමඟ තමන් පවත්වා ගෙන ගිය සමීප සබඳතාව, විවිධ උත්සව සහ භෝජන සංග්‍රහවලට කාදිනල් තුමන්ගේ ආරාධනයෙන් සහභාගි වූ ආකාරය, මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පාස්කු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වෙනස්කම් ඇති කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවට කාදිනල්තුමන් කරුණු පැහැදිලි කළ ආකාරය ද මෙහි විස්තර කර ඇත.

මේ ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා එම කාල පරිච්ඡේදය සිදු වූ බොහෝ සිදුවීම් පිළිබඳව බොහෝ දෙනෙකු නොදත් කරුණු රැසක් අනාවරණය කර තිබේ.

අරගලය සහ පැවැති දේශපාලනය වෙනස් කිරීම සඳහා ඇතැම් විදේශ රටවල් මෙන්ම විදේශ බලවේග ද ක්‍රියාත්මක වූ බව බොහෝ දෙනකු දන්නා කරුණකි. ඒවා පිළිබඳව වැඩි විස්තරයක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් වී ඇති බවක් නොපෙනේ. මහින්ද මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ පසු නව අගමැතිවරයකු පත් කිරීමේදී විවිධ බලපෑම් දැඩිව එල්ල වූ නමුත් ඒ කිසිවක් ගෝඨාභය මහතා නොපිළිගත්තේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවීමට පෙර පත් කරන ලද අගමැතිවරයා ඉවත් කරන ලෙස ඔහුට දැඩි බලපෑම් එල්ල වූ බවටත් එය නොපිළිගැනීම නිසා මුලින් පොරොන්දු වූ පරිදි රටින් පිටවීම සඳහා ලබාදීමට එකඟව සිටි ගුවන්යානය ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළ බවටත් පළ වූ අරංචියේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව මෙහි සඳහනක් නොවන අතර තනතුරෙන් ඉවත්ව නොයන ලෙස ශ්‍රී ලංකාවට ආධාර කරන රටක් තමන්ගෙන් ඉල්ලා සිටි බව පමණක් ප්‍රකාශ කර ඇතත් එම රට කුමක්ද යන වග ද එහි සඳහන් කර නැත.

අතීත සිදුවීම්වලට අදාළ බොහෝ කරුණු ගෝඨාභය මහතා හෙළිකර තිබේ. ඒ අතරම මෙතෙක් හෙළි නොවූ තොරතුරු ද වාර්තා කර තැබීමේ ජාතික වගකීම ඉටු කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටිති.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

ගෝඨාභය යැව්වාද? ගියාද?

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

අතුරුදන්වූවන්ට යුක්තිය ඉල්ලන අරගලය
2025 මාර්තු මස 05 70 0

ශ්‍රී ලංකාව තුළ ‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්”‍ සංසිද්ධිය නිර්මාණය කර ඇත්තේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර පැවත


ගෝඨාභය යැව්වාද? ගියාද?
2025 මාර්තු මස 05 322 0

ගෝල්ෆේස් අරගලය සහ ඒ හේතුවෙන් රට තුළ ඇති වූ දේශපාලන පෙරළි පිළිබඳවත්, ඒවාට බලපෑම් එල්ල වූ දෙස් විදෙස් බලවේග පිළිබඳවත් කරුණු විස්තර කෙරෙන ග්‍රන්ථ කිහිපය


පාතාලය මැඬීමේ යුද්ධය
2025 මාර්තු මස 04 259 1

දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති නොනවතින ලේ වැගිරීම්වලින් පසු, 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා හමුදාවන් කොටි ගරිල්ලන්ට එරෙහිව ඓතිහාසික මිලිටරි ජයග්‍රහණය


අනෝතත්ත විල නෙළුම නෙලාලා
2025 මාර්තු මස 04 365 0

මේ ගීතය එදා පමණක් නොව අද ද ගුවන්විදුලි, රූපවාහිනී නාළිකාවලත් දළදා මාලිගය අභියසත් සුවහසක් රසික ජනයාගේ මුවගෙහිත් කොපමණ වාර ගණනක් ගායනා වන්නට ඇතිදැයි ගණ


අයවැයේ අනාගත පණිවිඩය
2025 මාර්තු මස 04 199 0

අයවැය යනු රටක වාර්ෂිකව ආදායම් සහ වියදම් පිළිබඳව ඇස්තමේන්තු කරමින් ඉදිරිපත් කරන නීත්‍යනුකූල ලියවිල්ලකි. රජයේ අදායම් සහ වියදම් සම්බන්ධයෙන් විස්තරාත්


නුදුටු කුමරතුඟුන්ගේ අගේ
2025 මාර්තු මස 03 110 1

කුමරතුඟු‍ මුනිදස් මහ සුබැසියාණන්ගේ ඊයේට (2) යෙදුණු 81 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20073 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 141 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 469 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 542 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site