IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


චිත‍්‍ර‍්‍රපටය පටන් ගනිද්දීම මම අධ්‍යක්‍ෂගේ කෙළිබඩුවක් වුණා

  fjd

dh

ජීවිතය යනු තක්ෂලාවකි. දිනෙන් දින මොහොතින් මොහොත අත්දැකීම්වලින් එය පෝෂණය වෙයි. ඉන් ජීවිතයට පන්නරයක් ලැබෙයි. ජීවිතයේ හරිගිය තැන්, ජීවිතයේ වැරදුණ තැන් අලූත් පරපුරකට පාර කියාදෙයි. අදත් මම අන්ධකාරය තුළින් තාරුකා සොයමි. දීප්තිමත් ලස්සන තරුකා සොයමි. ඒ තාරුකා කොතරම් සොඳුරුදැයි විමසමි. සුපුරුදු සන්ඳ්‍යාව පැමිණ ඇත. මම ඇය එනතුරු ගංඟාරාම වැව අසබඩ අසුන්ගෙන සිටියෙමි. පාට පාට වර්ණාවලි දියරැුලි මත දඟකරයි. අපූරු දසුනකි. ඒත් ඒ සොඳුරු බව විඳගැනීමට සීතල සුළඟත් සමඟ හමා ආ දුර්ගන්ධය බාධාවක් විය. සැබැවින්ම සුන්දර සැමදේම සොඳුරු නොවන බව මම පසක් කරගතිමි. ජීවිතයේ හැඩය එයයි.

 


‘‘හායි කොහොමද’’
ඇය පැමිණ සිටියාය. තද රතුපාට ඇඟටම තදවන ගවුමකින් සැරසී ඇය පැමිණ සිටියාය. මම ඇය හා සිනාසුනෙමි. ඇගේ හිනාවත් ළෙන්ගතු විය. සැබැවින්ම ඇය පිරිපුන් යෞවනියකි. එක් වරක් ඈ දෙස බලන අයෙකු තවත් වරක් ඇය දෙස හැරී බලනවා නොඅනුමානය.


‘‘ඉතිං කොහොමද ජීවිතේ’’ මම ඇය හා දොඩමළු වුනෙමි.


‘‘අපි ඉතින් කඳුළු හංගාගෙන හිනාවෙන අයනේ නංගී.’’


ඇයගේ සිනහව අව්‍යාජ විය. ඒත් ඒ සිනහව තුළ වේදනාවක සේයා සැඟවී ඇති බව මට වැටහිණි.

1


‘‘මම කැමතියි ඔයාගේ කතාව අහන්න.’’ මම මගේ අවශ්‍යතාව පැවසුවෙමි. දිගු සුසුමක් ගත් ඇය ඇගේ කතාව මෙසේ දිග හැරියාය.


‘‘මගේ නම නේරංජි. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. මට එක අක්කා කෙනෙක් හිටියා. පවුලේ බාලයා වෙච්ච මම ගොඩක් දඟ චරිතයක්. උසස් පෙළ කරන දවස්වල පංති කට්කරලා චිත‍්‍රපටිබලන්න ගිහින් අහුවෙලා තාත්තගෙන් ගුටි කාලත් තියෙනවා.


ඉස්සර අපේ පන්තියේ කෙල්ලෝ ටික එකතුවෙලා හොරෙන් බලපු චිත‍්‍රපටිවල චරිත රඟපානවා. ඒ කාලේ ජීවිතේ කිසිම බරක් පතළක් තේරුණේ නෑ. හරිම සැහැල්ලූයි.


මගේ අම්මා ගොඩක් අහිංසකයි. අපි පාලනය කරන්නේ අපේ තාත්තා. ඒත් අපට රැුකවරණය  ඕනෑම කාලය වෙනකොට හදිසියේ හෘදයා බාධයක් හැදිලා තාත්තා නැතිවුණා. ඒ වෙද්දි අක්කා විශ්වවිද්‍යාලයේ හිටියේ. අම්මයි මායි ගෙදර තනිවුණා. අම්මා ඉස්කෝලේ ගියපුවාම එයා එනකම්ම මම ගෙදරට වෙලා ටී.වී. බලනවා. නැත්නම් පත්තර බලනවා.


එක දවසක් මම වෙළඳ දැන්වීමකට ගෑණු ළමයි ගන්න දැන්වීමක් දැක්කා. ඉස්කෝලේ අපේ කෙල්ලෝ සෙට් එකත් එක්ක රඟපාපු මට ඒක සිම්පල් කේස් එකක් කියලයි හිතුණේ.

6


ගෙදර කාටවත්ම නොකියා මම ඒ වෙළෙඳ දැන්වීමට තෝරගන්න ආයතනයට අයදුම්පත‍්‍රයක් දැම්මා. ඒකට පිළිතුරු ලියුමකුත් එවලා තිබුණා. මට සම්මුඛ පරීක්‍ෂණයට යන්න දවසකුයි වෙලාවකුයි දීලා තිබුණා. මම ඒ කිසිදෙයක් අම්මටවත් අක්කටවත් කිව්වේ නෑ. මගේ තිබුණ මුරණ්ඩුකමට තනියම මම කොළඹ ආවා. පළමුවෙනි දවසෙම මාව ඒ දැන්වීමට තෝරාගත්තා. මට අත්තිකාරම් මුදලකුත් ලැබුණා. මම ගෙදර ගියේ අම්මට අක්කට තෑගි ගොඩක් අරගෙන.


එදා ගෙදර යද්දි ? වුණා. අම්මගෙන් බැණුම් අහන්නත් වුණා. මම කොළඹ ගියපු කාරනේ අම්මට කිව්වට පස්සේ මම අරගෙන ගියපු තෑගි භෝග කිසිම දෙයක් එයා ගත්තේ නෑ. එයා මට කිව්ව එකම දේ. ‘‘අපි මේ ගමේ වැදගත් විදියට හිටපු මිනිස්සු. කාගෙන්වත් කයිකතන්දර ඇහුවේ නෑ..... ලෝකයා හිනස්සන්න එපා’’ කියලා. මම මුකුත් කිව්වේ නෑ. ඒත් මගේ හිතුවක්කාර හිත අම්මා කියපු කිසිදේකට ඇහුන්කන් නොදෙන්න එපා කියලයි කිව්වේ.


මම අම්මා ඉස්කෝලේ ගියාට පස්සේ ඇඳුම් කීපයකුත් දාගෙන කොළඹ නැන්දලගෙ ගෙදර ගියා. මම එච්චර මුරණ්ඩු වුණේ කොහොමද කියලා අද මටම පුදුම හිතෙනවා. අද මට මගේ අම්මාගැන පුදුම දුකක් හිතෙන්නේ නංගී. මම නිසා එයා කොච්චර හිතින් අඬන් ඇද්ද? ඒත් මොනා කරන්නද? ඉරණමේ තිබුණ විදියට හැමදේම සිද්ධ වුණා. මම වෙළෙඳ දැන්වීමට කැමතිවෙලා ලියුමක අත්සන් කළා. සල්ලිත් ගත්තා. ඒ නිසා අම්මා අකමැති වුණත් මට ඒ දැන්වීමට යන්නම වුණා. ඒ තමයි මගේ ජීවිතයේ වෙනස්කරපු මංසන්ධිය.


ඇය දිගු සුසුමක්ගෙන මොහොතකට නිහඬ වූවාය. ජීවිතේ හරිම පුදුමාකාරය. අපි පුංචි තිරයෙන් හෝ රිදී තිරයෙන් හෝ රියැලිටි ෂෝ වලින් හඳුනා ගන්නා තරුවලට කොතරම් ළෙන්ගතුවෙමුද? ඔවුන්ගේ හඬට ඔවුන්ගේ රුවට කොතරම් වශීකෘත වෙමුද? ඒත් ඒ ජීවිත තුළ කොතරම් කටුක දේ සැඟවී ඇතිද? ඇය යළිත් ඇගේ හඬ අවදි කළාය.


‘‘මම මගේ හිතුවක්කාරකම් හින්දම ජීවිතේට ආ අභියෝගවලට කිසිදු බියක් නැතිව මූණ දුන්නා. කෙල්ලෙක් වුණත් වැඩකළේ කොල්ලෙක් වගේ. ඒ නිසාම ස්කින් ටෙස්ට් එකටත් ගියේ තනිවමයි. ඒක පුංචි කාමරයක් පාට පාට ලයිට් දාලා තිබුණා. කැමරා කීපයක් තිබුණා. මට වාඩිවෙන්න, හිටගන්න කියලා එක එක විදියේ පින්තූර ගත්තා. ඒ හැම වෙලාවකම එතන හිටපු අයියා මම ඉන්න  ඕන විදියට අතපය, ඇඳුම සකස් කළා. සමහර වෙලාවට එකපාරටම කාමරය අඳුරුවෙනවා. ආයේ ලයිට් එනවා. පිරිමි දෙතුන් දෙනෙක් විතරයි හිටියේ.


ඒත් මට කිසිම බයක් හිතුණේ නැහැ. එතැන හිටිය අයත් මගේ හොඳ මිත‍්‍රයෝ වුණා. ඊට පස්සේ දවස් කීපයක්ම මම ෂූටින් ගියා. මගේ ඒ තිබුණ එඩිතරකම හින්දම පිරිමි අයත් එක්ක සුහදතාව ගොඩ නගා ගනිමින් මගේ කොටස් හොඳට රඟපෑවා. හැමෝම මට හොඳයි කිව්වා. ඒ මගේ පළමුවෙනි වෙළඳ දැන්වීම. එතනදී මට කිසිම කරදරයක් වුණේ නෑ. මුදලූත් ලැබුණා. ප‍්‍රසිද්ධියත් ලැබුණා. ඒ නිසා මට බයක් තිබුණෙත් නෑ.


මම මාස ගණනක් ගෙදර ගියේ නෑ. අම්මා නැන්දලාගේ ගෙදර ඇවිත් මාව බලලා ගියා. මම හිතුවක්කාර නිසා අම්මා මට වැඩි බලපෑමක් කරන්න ආවෙත් නෑ. එයා දන්නවා කොච්චර එපා කිව්වත් මම කරන්නේ මට  ඕන දේ කියලා. මම රඟපාපු වෙළඳ දැන්වීම දැකලා මට එක කලාකෘතියක රඟපාන්න අවස්ථාවකුත් ලැබුණා. මම ඒක ගොඩක් සතුටින් භාරගත්තා. ඒ තමයි මට මාව නැතිවුණ මූසල මංසන්ධිය.


ඒක වැඩිහිටියන්ට පමණයි නිර්මාණයක්. මට ලොකු මුදලක් දෙන්න පොරොන්දු වුණා. කතාවේ පිටපතත් කියවන්න දුන්නා. සමහර දර්ශන කැමරා ටි‍්‍රක්ස් කියලා කිව්වා. ජීවිතේ ගැන අබමල් රේණුවකවත් බයක් තිබ්බේ නැතිමම කිසිම චකිතයක් නැතිව ඒ නිර්මාණයට කැමති වුණා.


මට හිටපු එකම භාරකාරයා අම්මා. එයා ඉන්නේ ගමේ. මම ඉන්නේ ලොකු නැන්දලාගේ ගෙදර මම ගැන හොයන්න කවුරුවත් හිටියේ නෑ. ඒ නිසා භාරගත්ත චිත‍්‍රපටියේ වැඩ ටික කරන්න නුවරඑළිය පළාතට තනියම යන්න මම දෙපාරක් හිතුවේ නෑ. මමයි, මගේ පාට්නයි, කැමරා ශිල්පියොයි, අධ්‍යක්‍ෂකයි, නිෂ්පාදකයි තවත් දෙදෙනෙකුයි නුවරඑළියේ ගියා. අපි ලස්සන කන්දක් උඩ තිබුණ ගෙදරකයි නැවතුණේ. මාත් එක්ක තව ගෑණු කට්ටිය දෙන්නෙක් හිටියා. අපි එක කාමරේක හිටියේ. අනෙක් පිරිමි අය වෙනමයි හිටියේ.


එදා අපි නුවරඑළියට යද්දී හවස් වෙලා තිබුණේ. පිරිමි අයත් ගෑණු අයත් දෙගොල්ලොම ‘ඩි‍්‍රන්ක්ස්’ ගත්තා. මට ඩි‍්‍රන්ක්ස් අරගෙන පුරුද්දක් තිබුණේ නෑ. ඒත් මගේ ජීවිතේ නෑ, බෑ කියලා දෙයක් තිබුණේ නෑ කවදාවත්. ඒ නිසා මමත් පුරුදුකාරියක් වගේ එයාලත් එක්ක බිව්වා.


අනෙක් දවසේ කරන වැඩ ටික කතා කරලා කාලා බීලා අපි නිදාගන්න කාමරවලට ගියා. මම මත්වෙලා හිටියේ. අපේ කාමරයට ආපු එක අයියා කෙනෙක් අපේ අධ්‍යක්‍ෂතුම මට කතා කරනවා කිව්වා. මම එදා වැනි වැනීම කාමරයෙන් එළියට ගියා. එයා හිටියේ එළියේ බංකුවක වාඩිවෙලා මම එතනට ගිහින් වාඩි වුණා.


‘‘ඔයා මහ පුදුම කෙල්ලෙක්. ගමේ කෙල්ලෙක් කියලා කියන්නවත් බෑනේ වස්තුවේ....’’ ඔහු මගේ අතකින් අල්ලලා ළඟින්වාඩි කරවා ගත්තා.


‘‘එදා මට හිතුණේ ඒක මහ ලොකු දෙයක් කියලා. මම හිතුවේ එයා මහ ලොකු මිනිහෙක් කියලා. එයා මට කිව්වා.... කවදාකහරි මම ජනපි‍්‍රයම තරුවක් කරනවා කියලා. අර ඈත අහසේ පායලා තියෙන ලස්සන තරුවක් කරනවා කියලා. මම ඒ කතා අහලා ගොඩක් සතුටු වුණා. පාට පාට ලයිට්දාපු, ලොකු ස්ටේජ් එකක අත්පොළසන් නාදය මැද්දේ සම්මාන ගන්න හැටි එයා මට එදා ලස්සනට පෙන්නුවා. මම ඒ හීනේ අතරමං වුණා. මම ලස්සන සුරංගනාවියක්, මට තියෙන්නේ තාරුකා වගේ ලස්සන ඇස් දෙකක් කියලා එයා කිව්වා. එදා මට එයා මගේ ලෝකේ වීරයෙක් වුණා. එයාගේ පිහිටෙන් ජීවිතේ දිනන්නයි මට  ඕන වුණේ....


මත්වෙලා හිටපු මම එදා රැුය ගතකළේ එයාගේ තුරුලේ. කෙල්ලෙක් විදියට ගෙදරින් එළියට බැහැපු මම එදා ගැහැණියක් වුණා....


උදේ ඇහැරෙද්දි මම හිටියේ එයා ළඟ. මගේ හිස කැරකෙන්න ගත්තා. ජීවිතේ කිසි දේකට බයවෙච්ච නැති මම, කවදාවත් ඇස් දෙකට කඳුළක් නගාගත්තේ නැති මම ජීවිතේ පළමුවෙනි වතාවට ගෑණුකම ගැන තේරුම් ගත්තා. එදා මම හොඳටම ඇඬුවා. ඒත් ළිඳට වැටුණ මිනිහා ළිං කටින්ම ගොඩ වෙන්න  ඕන කියලා කියමනක් තියෙනවානේ. මමත් මාව විනාශ කරපු ඒ නරුමයාගේ කරේම එල්ලිලා එයා මට පෙන්නපු හීනය දකින්න අධිෂ්ඨාන කරගත්තා. ඒත් මම ඒ මිනිහාට දෙවනි පාරටත් රැුවටුණා කියාල හිතන්න තරම් මොළයක් එදාමට තිබුණේ නෑ. ඇගේ දෙනෙත් වියරුවෙන් මෙන් දිලිසුණා. මම ඇය දෙස බලා සිටියෙමි. අපි කාටත් සිහින ඇත්තෙමු. ඒත් ඒ සිහින සපුරා ගැනීමට යන මාවත් දුෂ්කරයි. සුදන ජනයාසේම දුදන ජනයාද එම මංමාවත්වල ගැවසෙති, සැරිසරති.


තාරුකාගේ ගිනි පුළිඟුවන් දෑස් ඇගේ ජීවිතයේ කිසිවකුත් නොදන්නා අඩවියක නැවතී ඇත. ඒ නිමේෂයට ඇය සදාකාලිකව වෛරකරන බවට ඇගේ මුවින් නික්මුණු දිගු සුසුම්වලින් කියැවුණි.


‘‘ඔයා දන්නවද මගේ ජීවිතෙත් අන්ධකාරයෙන් වැහිලා තියෙන්නේ....’’ ඇය යළිත් ඇගේ හඬ අවදිකළාය. මම නිහඬවම ඇගේ කතාවට සවන්යොමු කළෙමි.


‘‘එදා උදේ ඒ මිනිහා මට තවත් කාලකණ්නි යෝජනාවක් ගෙනාවා. ඔයා දන්නවද ඒ මොකක්ද කියලා. සමහර විට ඔයාට හිතාගන්නවත් බැරිවෙයි. මීට අවුරුදු කීපයකට ඉස්සරවෙලා තිබුණ සමාජ පරිසරයත් එක්ක මම ඒ තත්ත්වයට කොහොම මූණදුන්නද කියලා.’’


මම ඇය දෙස බැලූවෙමි. ඇය කියන්නට උත්සහ ගන්නේ කුමක්දැයි සිතුවෙමි. ඒත් මට එය නිශ්චය කරගත නොහැක. එහෙත් එය ඇගේ ජීවිතයේ එක අවාසනාවන්ත ඇත්දැකීමක පෙර නිමිත්තක් බව නම් මට පසක් විය. මම ඇගේ ඒ දුක්බර පුවත ඇගේ මුවින් වචන වනතුරු නිහඬව බලාසිටියෙමි.


‘‘මම මේ නිර්මාණයට දායකවුණේ ඒකෙ තියෙන සමහර දර්ශන කැමරා ටි‍්‍රක්ස් කියලා කියපු නිසා. ඒත් මේ නරුම මිනිහා ඒ දර්ශනවලට මට සජීවීව ඉන්න කිව්වා. මම මගේ තිබුණු හිතුවක්කාරකම් නිසා අම්මගේ හිතරිද්දලා තනියම කොළඹ ඇවිල්ලා කෙල්ලක් විදියට ආරක්‍ෂා කරපු හැමදේම නැතිකර ගත්තා. ඊට පස්සේ ඒ ගින්නත් එක්කම මුළු ලෝකයකට පේන්න සෑහෙන පිරිසක් ඉදිරියේ නිරුවත් දර්ශනවලට පෙනී සිටින්න කියලා බලපෑම් කළා. ඒ වගේම ඒ නිර්මාණයට වුවමනාවටත් වඩා මම වෙනුවෙන් වියදම් කරලා තියෙන්නේ කියලා චෝදනා කළා.


අන්තිමට මම ගොඩක් අසරණ වුණා. මට කරකියාගන්න දෙයක් නැතිවුණා. නන්නාඳුනන තැනක මට කාගේ පිහිටක්ද? මගේ තිබුණ දඟකාරකම්, කෙළිගති, සියල්ලක්ම හීන වුණා. මට ඒ මිනිස්සු කියපු දේ කරන්න වුණා. හැමෝම ඉස්සරහා මම මගේ ලජ්ජාභය වෙන්දේසි කළා.


ඇයගේ රෝසපාට කම්මුල් දිගේ කඳුළු ඇල්ලක් ගලාගෙන හැලූණාය. අපේ ජීවිතවල නොකියූ රහස් කොතෙක් නම් ඇත්දැයි මම සිතුවෙමි. ලොවට පේන්නට සිනාසෙන හදවතින් විඳවමින් ජීවත්වෙන චරිත කොතෙක් නම් වේදැයි මම සිතුවෙමි. සැබැවින්ම ඇය කවුරුන්ද? ඇය ලොව දකින්නේ කේසේද? අවබෝධ කරගන්නේ කෙසේද? ජීවිත මිථ්‍යාවෙන් වැසී ඇති ආකාරය නම් හරි අපූරුය. මම කඳුළු වියළුණු ඇගේ මුව දෙස බලාසිටියෙමි.


‘‘එදා මට මාව නැත්තටම නැතිවුණා. ජීවිතේ පළමුවෙනි වතාවට මත්පැන් බිව්වා. එදා ඒ ඊට පස්සේ දවසේ මුළු ලෝකෙටම පේන්න මම නිරුවත් වුණා. මම තවත් මොනවා රකින්නද? මට මගේ අම්මාගේ මූණ බලන්න බෑ. ආයෙත් ගමට ගිහින් ජීවත් වෙන්න බෑ. මම මගේ ජීවිතය මාව විනාශ කරපු ගෙන්දම් පොළොවෙන්ම හොයාගන්න  ඕන. ඒ නිසා මම මාව විනාශ කරපු නරුම මිනිහවම මගේ ඉලක්කයට යන්න පාවිච්චි කළා. ඒ මිනිහා බැඳපු මිනිහෙක්. දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්. මට තවත් දරු පවුලක් අනාථවෙයි කියලා හිතන මානසිකත්වයක් තිබුණේ නෑ. ඒ මිනිහාගේ බිරිඳගේ කඳුළු මම පිච්චියකට මායිම් කළේ නෑ. ඒ දරුවන්ගේ පුංචි හිත් ගැන අංශු මාත‍්‍රයක තරම්වත් අනුකම්පාවක් ඇතිවුණේ නෑ. මම මාව විනාශ කරපු මිනිහගේ ජීවිතේ එල්ලූණා. ඔහුගේ අනියම් බිරිඳ වුණා. නිත්‍යානුකූල බිරිඳටයි දරුවන්ටයි ලොකු ගින්දරක් දැනෙන්න ඇති. ඒත් මම ඒ ගැන හිතන්න කාලයක් මිඩංගු කළේ නෑ.


ඒ මිනිහා මාව කරළියට ගෙනවා. දීප්තිමත් නවක තරුවක් විදියට සමාජයට හඳුන්වලා දුන්නා. මමත් ටික ටික සමාජයේ ජනපි‍්‍රය තාරකාවක් බවට පත්වුණා. ඒ ආපු ගමනේ දේශපාලන අංශයේ ප‍්‍රධාන චරිත මට මුණගැහිලා තියෙනවා. අධ්‍යක්‍ෂකවරු, නිෂ්පාදකවරු මුණ ගැහිලා තියෙනවා. මම මගේ ටාගට්එකට යන්න  ඕනම දෙයක් කරන සුදානමින් හිටියේ.


සමහර අවස්ථාවල රුපියල් සීයට දෙසීයට විකිණෙන ගණිකාවක් නොවුණත්, දාස් ගණන්වලට විකිණෙන රෑ සමනලියක් වෙලා තියෙනවා. ලස්සන ගෙවල්, සුඛෝපභෝගී වාහන, රටරටවල සංචාර, විවිධ ඇඳුම් පැළඳුම්, පාර්ටිස්, නයිට් ක්ලබ් යන්න, විස්කි බ‍්‍රැන්ඩි බොන්න හොඳට සල්ලි  ඕන. මට මගේ රූපේ ඒකට ගොඩක් උදව් වුණා.


කවදාවත් කොල්ලෙකුට ආදරේ නොකරපු මම ආදරය මොනවගේද කියලා දැනගෙන හිටියේ නෑ. මම ආදරය කියලා හඳුනා ගත්තේ ලිංගික සූරාකෑම. අද මට හොඳ නමක් තියෙනවා. සල්ලි තියෙනවා. ව්‍යාපාර තියෙනවා. ඒත් තාම මම තනිකඩයි. මම කාවද විශ්වාස කරන්නේ. මට ආදරේ කරපු මාව රැකගත්තු මගේ අම්මා තාත්තා ඇරුණුකොට මේ ලෝකේ කිසිකෙනෙක් මම විශ්වාස කරන්නේ නෑ. හැමෝම අවස්ථාවාදියෝ ගෑනු ගෑනියෙක් උඩට එනවට කැමති නෑ. පිරිමි උදව්වක් කළොත් තවත් දේවල් බලාපොරොත්තු වෙනවා. හොඳ අයත් ඇති. ඒත් මට එහෙම අය මුණ ගැහිලා නෑ. ආදරය කියන්නේ බොරුවක්. අවස්ථාවාදී කියමනක්.


ඇය නිසල දිය දෙස බලාගෙන වියරු සිනහවක් නැගුවාය. සැබැවින්ම ඇයට ජීවිතය වැරදුනේ කොහේදිද? කවදාද? ඇය චෝදනා කරන්නේ කවුරුන්ටද? සිතීමට බොහෝ දේ ඇත.


‘‘ඔයා මොනවද කල්පනා කරන්නේ’’ ඇය මොහොතකට කල්පනාවේ වැටුණු මගේ සිත් දැහැනට එබී බැලූවාය.


‘‘ජීවිතේ ගැන’’ මම නිහඬ පිළිතුරක් දුනිමි.


‘‘ඔයාට මොනාද මම ගැන හිතෙන්නේ’’ ඇය මගේ සිතුවිලි උරගා බලන්නට සැරසුණාය.


මම කිසිවක් නොකියා ඇය දෙස බලා සිටියෙමි.


‘‘දන්නවද කාන්තා හිංසනය ගැන හැමෝම කතා කරනවා. ඒත් කවද්ද කොතනදිද කාන්තාවන් හිංසනයට පත් නොවුණේ. මම පුංචි කාලේ ගොඩක් දඟයි. ඒත් නරක නැහැ. මගේ තාත්තා ගොඩක් සැරපරුෂයි. සමහර විට එයා ළමයෙකුට දරාගන්න බැරි දඬුවම් මට දීලා තියෙනවා. ඒ වෙලාවට මට පුදුම තරහක් ආවේ. සමහර විට මම හිතුවක්කාර වැඩ කරන්න පුරුදු වුණෙත් ඒ නිසා වෙන්න ඇති. අපේ ගෙදර කි‍්‍රයාත්මක වුණේ තාත්තා ගේ නීතිය. අම්මා හැමවෙලාවෙම තාත්තාගේ නීතිවලින් හෙම්බත්වෙලා හිටියේ. ඒවා දැකපු මම ගෑනියෙක් අහිංසක වීම නිවටකමක් කියලයි හිතුවේ. අන්තිමට තාත්තා නැතිවුණාම මට ලොකු නිදහසක් ලැබුණා. මම මගේ ජීවිතය හොයාගෙන ගියේ තනියම. මට මම ගෑනියෙක් කියන එක අමතක වුණා. පිරිමි එක්ක එකට වාඩිවෙලා මත්පැන් බිව්වා. මගේ ගැහැනුකම ඔවුන් ව්‍යාජලෙස උදුරාගත්තා. මාව සමාජයේ වෙන්දේසි කළා. ප‍්‍රසිද්ධ තරුවක් වෙන්න එක එක්කෙනා සතුටු කරන්න වුණා. දෙපාරක් මම ඇබෝෂන් කළා. කවුද මම දිහා අනුකම්පාවෙන් ලැබුවේ. කවුරුවත් නෑ. හැමෝම අවස්ථාවාදියෝ. ඒ නිසා මගේ හිතේ කවුරුවත් වෙනුවෙන් අනුකම්පාවක් උපදින්නේ නෑ. මම මගේ ඉලක්කයට යන්න  ඕනම දෙයක් කරනවා.


ඇය දිගු සුසුමක්ගෙන පිට කළාය. මම ඇගේ නළියන දෑස්වලට එබුනෙමි.


‘‘ජීවිතේට හොඳ මිනිස්සුත් මුණ ගැහෙනවා. ඒ නිසා හැම වෙලේම අශුභවාදී වෙන්න එපා.’’ ඇය මගේ දෑත් තදින් අල්ලාගත්තාය.


‘‘ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මම විශ්වාස කරන්නේ කොහොමද? මට එහෙම අය මුණ ගැහිලා නෑනේ.’’ ඇගේ සැහැල්ලූ සිනාව යළිත් මතුව ආවාය.
‘‘පුංචි දරුවන්ගේ ලෝකේ ලස්සනයි. එයාලට අම්ම තාත්තාගේ ආදරේ දැනෙනවා නම් එයාලා හිතුවක්කාර වෙන්නේ නෑ. අනෙක් අය ගෑනු ළමයෙක් කාගේ හරි දුවක්, සොයුරියක් කියලා හිතනවා නම් මේ ලෝකේ ලස්සන වෙයි. ඒත් ඒක එක කතන්දර පොතක පිටුවක් විතරයි නංගී..... මිනිස්සු ඒ ගොල්ලන්ගේ සිතුවිලි වෙනස් නොකරගන්නා තාක්කල් අපි වගේ අහසේ ලස්සනට බබළන, කළුවරේ ලෝකෙට හොරෙන් අඬන චරිත උපදිනවා. ඒක කාටවත් වළක්වන්න බෑ.....


ඇය මගෙන් සමුගෙන යාමට නැගී සිටියාය. ඇයට සමුදුන් මම නිසසල දියමත වැටුණු විවිධ වර්ණාවලි දෙස බලා සිටියෙමි. කවුරුන් හරිද? කවුරුන් වැරදිද, තීරණය කළ යුත්තේ කුමක්ද?

m



අදහස් (0)

චිත‍්‍ර‍්‍රපටය පටන් ගනිද්දීම මම අධ්‍යක්‍ෂගේ කෙළිබඩුවක් වුණා

හසන්ති Saturday, 25 July 2015 08:12 AM

බලද්දී , සමාජ ක්‍රමයේ වැරැද්ද නම් මේ රටේ දැරියගේ සිට මහළු ආත්තම්මා දක්වාම අපේ රටේ හැම බවලතාම විලි බියනැති කරගත් ඇත්තියන් වෙන්න ඕන . ඉතින් එහෙම නැහැනේ. තමන්ගේ ලජ්ජා නැති කමේ වැරැද්ද සමාජ ක්‍රමයට බර කරන්න බැහැනේ. (ස)

:       0       0

චන්න බුවනක Wednesday, 22 July 2015 02:37 PM

මේවා ගැන මොනවා කියන්නද කියල හිතෙනවා. (අ)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 22 July 2015 02:41 PM

මේක ඉතින් නූගත්කම, අනුකරණයේ ප්‍රතිඵලයක්. (ර)

:       0       0

රංග Thursday, 23 July 2015 10:30 AM

අවුරුදු 13ක ළමයෙක් කිව්වා නම් පිළිගන්න තිබුනා. හැමෝම හොඳ නම් රටකට නීති, පොලිසි, උසාවි අවශ්‍ය නැහැ නේ. තමාගේ මෝඩ හීන පස්සේ දුවලා සල්ලි පස්සේ දුවලා පස්සේ කියනවා වැරදුනා කියලා. මොලයක් තියන කෙනෙක් නම් එක පාරක් වැරදුනාම අයෙමත් නොකර ඉන්න තිබුනා. (ර)

:       0       0

රජී Tuesday, 28 July 2015 11:36 AM

ගෑනු තමන්ගේ අදහස් වලට වහල් වෙනවා, පිරිමියෙක් එක්ක නිදියගෙන සතුටක් ලබාගන්න ගමන් සල්ලිත් හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය ගණිකාවක් වෙන එක තමා කියලයි හිතන්නේ. අන්තිමට ආදරය කියන වචනයට බැන බැන ලස්සන හදවත් වලට ආදරය කරන මිනිස්සුන්ට වෛර කරනවා. මේ ලෝකේ පැවත්ම තියෙන්නේ ආදරය කියන වචනයත් එක්ක කියල ඔක්කොම මිනිස්සු දැන ගන්න ඕන. (නදී)

:       0       0

ගාමිණී Friday, 24 July 2015 02:04 AM

දෙවියන්නේ නාමෙට මා අපේ දරු දැරියන්ගෙන් ඉල්ලා හිටින්නේ දෙමාපියන් දෙන අවවාද ගැන දෙපාරක් හිතන්න. දෙමාපියන් කවදාවත් දරුවෙකුට නරක දෙයක් කරන්නේ නැහැ. (නි)

:       0       0

අජිත් Thursday, 23 July 2015 04:24 AM

‘‘පුංචි දරුවන්ගේ ලෝකේ ලස්සනයි. එයාලට අම්ම තාත්තාගේ ආදරේ දැනෙනවා නම් එයාලා හිතුවක්කාර වෙන්නේ නෑ. අනෙක් අය ගෑනු ළමයෙක් කාගේ හරි දුවක්, සොයුරියක් කියලා හිතනවා නම් මේ ලෝකේ ලස්සන වෙයි. ඒත් ඒක එක කතන්දර පොතක පිටුවක් විතරයි නංගී..... මිනිස්සු ඒ ගොල්ලන්ගේ සිතුවිලි වෙනස් නොකරගන්නා තාක්කල් අපි වගේ අහසේ ලස්සනට බබළන, කළුවරේ ලෝකෙට හොරෙන් අඬන චරිත උපදිනවා. ඒක කාටවත් වළක්වන්න බෑ.....(ම)

:       0       0

ඉනෝකා Thursday, 13 August 2015 06:42 AM

කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

බලක්ති Friday, 24 July 2015 02:34 PM

ළමා වයසට එයාලට තේරුම අඩුය .එමෙන්ම වැඩිහිටියන් තම දරුවන් ගැන හොඳ අවදානයෙන් සිටීම වැදගත් .ළමයින්ගේ සහ සමාජයේ ආරක්ෂාවට තිබෙන නීති වල පාඩු එමටය .අපගේ අවට ගැන හැම විටම සැලකිල්ලෙන් සිටීම අප කාගේත් වගකීමකි.සමාජයේ සිදුවෙන මෙවැනි දේවල් වලට කව්ද වග කියන්න ඕනේ.සමාජ ක්‍රමයේ වරද ද ?ආගම දහම අනුව මිනිසුන් ජීවත් නොවීමද? කවද මේවා කෙළවරක් වේවිද ? පිලිතුර ඔබම සොයා ගත යුතුය. (අ).

:       0       0

කිරන් Wednesday, 22 July 2015 05:20 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

අනුරාධා Thursday, 23 July 2015 09:04 AM

"පිරිමි උදව්වක් කළොත් තවත් දේවල් බලාපොරොත්තු වෙනවා. හොඳ අයත් ඇති. ඒත් මට එහෙම අය මුණ ගැහිලා නෑ. ආදරය කියන්නේ බොරුවක්. අවස්ථාවාදී කියමනක්". (ර)

:       0       0

ජයනි Thursday, 23 July 2015 05:38 AM

සමහර ගෑනු ළමයින් දැන දැනම සල්ලි සහ ප්‍රසිද්ධිය සඳහා දරු පවුල් කාර පිරිමියන් දැලේ දාගන්නවා. හැබැයි ඊට පසුව වැඩ වැරදුනාම කියන්නේ අපි බලාපොරොත්තු වුනේ සමාජයේ හැම පිරිමියාම අපිට ඒගොල්ලන්ගේ දුවෙක් සහෝදරියෙක් විදියට සලකාවි කියලා. ඇයි මෙහෙම තමන්ගේ හිත රවට ගන්නේ. තමන් අනුන්ගේ සල්ලිකාර සැමියෙක් දරුවන්ගේ පියෙක් එක්ක පැටලෙනකොට අර අහිංසක දරු පවුල ගැන තමන්ට කිසිම අනුකම්පාවක් නැහැ. හැබැයි තමන්ට මුළු ලෝකෙන්ම අනුකම්පාව බලාපොරොත්තු වෙනවා. (බ)

:       0       0

අජිත් Thursday, 23 July 2015 01:12 PM

මහා මෝඩ ගෑනියෙක්. අම්ම කිව්ව වෙලාවේ හිතන්න තිබුන නේද? අකීකරුකම නිසා මදීද කරගත්තේ වින්නැහිය. (අ)

:       0       0

නදී Thursday, 23 July 2015 09:21 AM

තමන් වරද්ද ගත්තාම පැත්තක ඉන්න අහිංසක ගැහැණු දරුවෝ පලිද. වෙරදී කරලා නොදෙනුවත්කම කියලා තමන්ගේ වැරදී වහගන්ඩ හදන තවත් එක ගෙහැනියක් බව පේනවා. මම නං මේවගේ ගැහැණුන්ට වෛර කරනවා. (ර)

:       0       0

ඩී.උපුල් Sunday, 26 July 2015 11:35 AM

මේ වගේ ජෝක්ස් දහස් ගණනක් අහල ඇති. ආක්ෂා සුධාරිගේ කතාවත් මේ වගේමයි. සල්ලි දැක්ක ගමන් ඔක්කොම අමතකයි. මේකට කියන්නේ මෝඩකම හෝ හිතුවක්කාර කම නෙවෙයි. ගණිකාවක් වීමට යටි හිතේ ඇති කැමැත්ත. (බ)

:       0       0

හසිත් Thursday, 23 July 2015 01:32 AM

තමන් සිහියක් නැතුව වැඩිහිටි අවවාද නොතකා අමාරුවේ වැටෙනවා. ඊළඟට සමාජයට වැරැද්ද පටවනවා. මම නම් මෙහෙම ගැහැණුන්ට අනුකම්පා කරන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3709 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 437 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1057 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 95 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 183 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 242 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1033 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site