අපි මරදාන මරියකඬේ ජනාකීර්ණ වීදිය ඔස්සේ ගමන් කළෙමු. මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ හෙවත් රටම දන්න චොප්පෙ අයියාගේ නිවෙසට යාම අපේ අරමුණය. 1968 වසරේ ඔක්තෝබරයේ 16 වැනිදා තියුණු කැපුම් කෙටුම් තුවාල සමගින් චොප්පෙ අයියා ජීවිතයෙන් සමු ගත්ත ද ඔහු පිළිබඳ මතකය තවමත් නොනැසී පවතියි. කාලයේ වැලි තලාවෙන් ඒ මතකය වසා නොදමන්නට ඒ මතකය ජීවමාන කරවන්නට අවැසි තොරතුරු සොයායාම අපේ ගමනේ අරමුණය.
”කිත්සිරි රාජපක්ෂ මහත්තයාගේ ගේ කොයි හරියෙද?” සිගරැට්ටුවක් බොමින් කඩයක බිත්තියකට පිට දී සිටි තරුණයකුගෙන් මම ඇසුවෙමි.
”තව කඩ දෙක තුනක් පහු කරන කොට පොඩි ලේන් එකක් තියෙනවා. ලේන් එකේ දිගේම යන්න. එතකොට ”එන්ඞ්” එක හම්බ වෙනවා. කාගෙන් හරි අහන්න රිප්ලයි කරයි” ඒ තරුණයා කීවේය.
මරදානේ චොප්පෙ |
”ස්තුතියි” කියා අපි ඔහුගෙන් සමුගත්තෙමු.
ඒ තරුණයා කීවා හරිය. පටුමගේ කෙළවර නිවෙසකි. ඒ නිවෙසේ අපි සෙවූ අමුත්තා සිටියේය. ඔහු කිත්සිරි රාජපක්ෂය. කිත්සිරි රාජපක්ෂ යනු චොප්පෙ අයියාගේ දෙවැනි දරුවාය. ඔහු මේ වන විට කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරයෙක් ලෙස මහජන සේවයට කැප වී සිටී. ඔහුගේ ළෙන්ගතු සිනාව මිත‍්‍රශීලී පිළිගැනුම අපේ රාජකාරිය පහසු කරවන්නක් බවට ඉඟියකි.
”තාත්තා ගැන මට මතකයක් නෑ.” ඔහු සෝබරව කීවේය. ”තාත්තා මැරෙනකොට මට අවුරුදු දෙකයි. තාත්තා නැති වුණේ මගේ නංගි ඉපදුණු දවසෙමයි. මට තව අයියා කෙනෙක් ඉන්නවා.” කිත්සිරි රාජපක්ෂ කීවේය. ඔහුගේ මතක ගබඩාවේ තිබෙන්නේ පියා පිළිබඳව ඇසූ කතාවන්ය.
උන්වහන්සේ රටම දන්නා සුපතල ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. වගා කරගත් දේශපාලන සබඳතාද සහිතව සිටි උන්වහන්සේට ඉහළින් යාමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. ඔය අතරවාරයේ දී උන්වහන්සේ හා ගමේ පිරිසක් අතර විරසකභාවයක් ඇති විය.
”හාමුදුරුවනේ මේ ප‍්‍රශ්නයට විසඳුමක් නොදුන්නොත් අපි ගිහින් චොප්පෙ අයියාට කියනවා.” ගම්මු කීහ.
ගම්මුන්ගේ කියමනෙන් නායක හාමුදුරුවෝ කිපුණාහ.
”චොප්පෙට ගිහින් කියපල්ලා. මම චොප්පෙව චප්ප කරනවා.” නායක හාමුදුරුවෝ පිළිවදන් දුන්හ. චොප්පේ අයියා ගැන අසා තිබුණාට උන්වහන්සේ රුවින් චොප්පෙ අයියා නොහඳුනති. ගම්මු අදාළ ගැටලූව චොප්පෙ අයියාට රැුගෙන ගියහ.
”චොප්පෙ අයියා... හාමුදුරුවෝ කිව්වා ”චොප්පෙව චප්ප කරනවා” කියලා. ගම්වැසියෙක් කීවේය.
නායක ස්වාමින් වහන්සේ සොයා චොප්පෙ අයියා ගියේය. නායක හාමුදුරුවෝ ද වැඩ සිටියහ. චොප්පෙ අයියා හාමුදුරුවන්ට මෙසේ කීවේය.
”සඟ! මාත් එක්ක බෑ දඟ”! චොප්පෙ අයියා කීවේ එපමණකි. විරසක බව පහව ගියේය. ගැටලූව සාකච්ඡා කෙරිණි. සාධාරණ විසඳුමක් ද ආවේය. ඒ කතාව කිත්සිරි රාජපක්ෂගේ මතක ගබඩාවෙන්ය.
”ඒක තමයි අපේ තාත්තගේ භාෂාව. තාත්තගේ එක විශේෂත්වයක් තමයි ඒක.” කිත්සිරි පුතා කියයි.
මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ හෙවත් චොප්පෙ අයියා ඉගෙන ගත්තේ පහ පන්තියට පමණි. ඒ මරදාන කුප්පියාවත්ත රජයේ පාසලෙනි. චොප්පෙ අයියා සමග පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා එකට ඉගෙනගත් එල්. කරුණාදාස මහතා අපට හමුවිය. එම හමුව සංවිධානය කළේද කිත්සිරි රාජපක්ෂය.
මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපතිවරයා වන කරුණාදාස මහතා කතාව ආරම්භ කළේ තම වයස ගැන කියමිනි.
”මට දැන් අවුරුදු හැත්තෑ තුනයි. චොප්පෙ හිටියා නම් එයාටත් ඒ වයසමයි.” කරුණාදාස මහතා කීවේය.
එල්. කරුණාදාස |
එකක් කියන්න ඕනේ මහත්තයො. චොප්පෙ වගේ කෙනෙක් ආයේ බිහි වෙන්නේ නෑ. කාටවත් එහෙම වෙන්නත් බෑ. එයා අපරාධකාරයෙක් නොවෙයි. හැබැයි චණ්ඩියෙක්. ඒ චණ්ඩිකම් එයා පෙන්නුවේ පොඩි මිනිසුන්ට නොවෙයි. පොලිසියටමයි. පොලිසිය දැක්කොත් පොලිසියට ගහනවා. පොලිසිය ඉන්නේ උඩින්නේ. ඉතින් ඒ පොලිසියට ගහන කෙනා මිනිස්සු අතර වීරයෙක් වෙනවා. බය තියෙන මිනිහෙක් පොලිසියට ගහන්නේ නැහැනේ. චොප්පෙ කියන්නේ අන්න එහෙම බය නැති මිනිහෙක්. කරුණාදාස මහතාගේ පූර්ව හැඳින්වීම එපරිදිය.
”මම දන්නෑ මොකක්ද කියලා මෙයාට හැමෝම බයයි. ඉස්කෝලෙ දි වුණත් ගුරුවරුවත් මොකුත් කියන්නේ නෑ. හැබැයි පුංචි කාලේ වුණත් හරිම ශක්තිවන්තයා. ඒ වගේම අමුතු ලස්සනක් තිබුණා. එයාගේ අත්දෙක දිගයි දණහිසෙන් පහළට. දකුණු කකුල නවලා බෙල්ලේ දාගන්න පුළුවන්. එයා බිලියඞ් ගහන්න යනවා. බිලියඞ් මේසේ ළඟ එයා හිටගෙන ඉන්නේ තනි කකුලෙන්. දකුණු කකුල බෙල්ලේ මේක බලන්නට මිනිස්සු එනවා. ඉස්සර මට මතකයි. හැම ඉරිදම මිනිස්සු ටවුන්හෝල් එකට එනවා මෙයාගේ වැඩ බලන්න. පුදුම ආකර්ශනයක් තිබුණේ.” කරුණාදාස මහතා කීවේය.
පාසල ආරම්භ වන්නේ පෙරවරු හතට වුවද චොප්පෙ ඇතුළු පිරිවර පෙරවරු හය පමණ වන විට පාසලට එති. ඔවුන්ගේ ජනපි‍්‍රයම කී‍්‍රඩාව තාච්චි පැනීමය.
”චොප්පෙ තමයි ඉර මැද ඉන්නේ. අත පය දිගයිනේ. කාටවත් බේරිලා යන්න බෑ. හැමදාම මෙයා තමයි දිනන්නේ. මෙයා ලොක්කෙක් වෙන්න පටන් ගත්තේ ඔන්න ඔහොම තමයි.” ඒ කරුණාදාස මහතාගේ හඬය.
එකල මරදාන පොලිසියේ සේවය කළ දැන් විශ‍්‍රාම සුවයෙන් පසුවන ඩබ්ලිව්. ඒ. සිරිවර්ධන මහතා චොප්පෙ සම්බන්ධව රසකතා මතක ඇත්තෙකි. එක කතාවක් මෙසේය.
”දවසක් මරියකඬේ නාට්‍යයක් පෙන්නුවා. නාට්‍යයේ නම දුටුගැමුණු හා එළාර. චොප්පෙ තමයි දුටුගැමුණු රජ්ජුරුවන්ට රඟපාන්නේ. දැන් නාට්‍ය නැගලා යනවා. ඔය නාට්‍යයේ එක තැනක තියෙනවා රාජ සභාව රැස් කරපු අවස්ථාවක සෙබළුන් ඇවිත් කියනවා ”රජතුමනි දෙමළු අපේ රට වනසනවා” කියලා. දැන් ඒ විදියට සෙබළු ඇවිත් කිව්වා විතරයි ”චොප්පෙට අමතක වුණා නාට්‍යයක් රඟපානවා කියලා. මෙයා එක පාරටම ”ගනු කඩුව” කියාගෙන අහන් ඉන්න බැරි කුණුහරුප වැලක් කියාගෙන ගියා. නාට්‍ය එතැනින්ම ඉවරයි.”
සහකාර පොලිස් අධිකාරිවරයෙක් දිනක් මරියකඬේ හරහා ජීප් රියකින් ගමන් කරමින් සිටියේය. චොප්පේ එය දුටුවේය. පොලිස් නිල ඇඳුම ඔහුට නයාට අඳුකොළ මෙනි. කඩුව අතට ගත් ඔහු එයින් ජීප් රියට කොටාගෙන කොටාගෙන ගියේය. ජීප් රියේ බඳේ පතුරු ගැලවී පාර පුරා විසිරී ගියේය. පොලිස් අධිකාරිවරයා ගමන් කරන ජීප් රියට කඩුවෙන් කොටන ත‍්‍රාසජනක ජවනිකාව සෑහෙන පිරිසක් අයාගත් මුවින් යුතුව බලා සිටියහ.
”ඒ.එස්.පී. මහත්තයා ජීප් එකේ ඇතුළෙම හිටපු හින්දා බේරුණා. බැරි වෙලාවත් දොර ඇරගන්න පුළුවන් වුණා නම් මොනවායින් මොනවා වෙයිද කියලා කියන්න දන්නේ නෑ.” ඩබ්ලිව්. ඒ. සිිරිවර්ධන මහතා කීවේය.
ඒ චොප්පෙගෙ හැටිය. චොප්පෙට පොලිසිය පෙන්නන්න බැරුවා සේම පොලිසියටද චොප්පෙව පෙන්නන්නත් බැරිය. පොලිසියද කළේ චොප්පෙට දුටු තැන පහරදීමය.
චොප්පෙගෙ නිවෙස |
මම මේ කියන්න යන කතාව වුණේ 1967 අවුරුද්දේ. ඒ කාලයේ මම හිටියේ මරදාන පොලිසියේ. මොකක් හරි වරදකට චොප්පෙව පොලිසියට අල්ලාගෙන ආවා. චොප්පෙ පොලිසියට බය නෑ. මෙයා දැන් පොලිසිය දෙවනත් වෙන්න කෑගහනවා. -තොපි එක එකා වරෙව් මාත් එක්ක ගහගන්න” එහෙම කිය කියා තමයි චොප්පෙ කෑගහන්නේ. පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති වුණේ පොලිස් පරීක්ෂක ලාල් මැන්ඩිස් මහත්තයයි. මන් හිතන්නේ ඒ මහත්තයත් මරදාන පොලිසියට ආපු අලූත වෙන්න ඕනෑ. චොප්පෙ මෙහෙම කෑගහනකොට පොලිස් පරීක්ෂක මැන්ඩිස් මහත්තයා සෑහෙන අපහසුතාවයට පත් වුණා. මෙන්ඩිස් මහත්තයා මට කතා කරලා කිව්වා චොප්පෙව නිශ්ශබ්ද කරන්න කියලා. මම ගිහින් කිව්වා ”කට වහගෙන ඉදින්” කියලා. ඒත් මෙයා ”එක එකා වරෙව්” කිය කියා කෑගහනවා. මම අත දිග ඇරල දුන්නා මුහුණට එකක්. චොප්පෙ බිම වැටුණා. ඊට පස්සේ මමම තමයි චොප්පෙව නැගිටෙව්වේ. එයාව පාලනය කරන්න වෙන ක‍්‍රම නෑ.” ඩබ්ලිව්. ඒ. සිරිවර්ධන මහතා කීවේය.
චොප්පෙගෙ කාමරය |
”දවසක් චොප්පෙ මට කිව්වා -මම මැරුණු දවසට මේ ලයිට් කණුවක් ගානේ චණ්ඩි බිහි වෙනවා” කියලා. ඒ මතකය එල්. කරුණාදාස මහතාගෙනි.
”කිව්වා වගේම තමයි දැන් හැම තැනම චණ්ඩි” ඔහු තවදුරටත් කීවේය.
”මගේ ළඟ ඒ කාලේ තිබුණ මොරිස් මයිනර් කාර් එකක්. ඒකේ අංකය 2 ශ්‍රී 4016. මේ මගේ කාර් එකෙන් තමයි චොප්පෙ එහෙ මෙහෙ යන්නේ. මදාවි සෝමේ, ජෙෆ්රි නානා, බෙනඩික් අයියා, මාලිගාවත්තේ ජෝපි වගේ අය තමයි එයාගේ කණ්ඩායම. මෙයා යනකොට ඉතින් මුළු පළාතම නිශ්ශබ්දයි. කවුරුවත් කතා කරන්නේ නෑ. ඈතට වෙලා මෙයා දිහා බලාගෙන ඉන්නවා. මෙයා ගැන මිනිසුන්ට තිබුණේ බයක් නොවෙයි ගෞරවයක්.” කරුණාදාස මහතා කීවේය.
එකලද මරදාන ගණිකාවන්ගේ පාරාදීසයක් බවට පත් වී තිබිණි. උඩබැලූවේ කබරි එහි නායිකාවය. මිනිසුන් කොටු කර ගන්නට නෙතඟ බැල්මෙන් සිටියද චොප්පෙ අයියා පැමිණෙන විට ඔවුහු සැඟ වී යති. ගණිකාවෝ කිසි දිනෙක ඔහුගේ ඉදිරියට නොපැමිණියහ.
කරුණාදාස මහතා මෙසේ කියයි.
”චොප්පෙ හැමදාම රෑට ඇවිදිනවා. එයාට තිබුණ බයිසිකලයක්. ටෝච් එකක් අරගෙන තමයි එයා යන්නේ. එහෙම යනකොට පොලිසිය ආවොත් කියනවා” මහත්වරු යන්න මම මේ ඒරියා එක බලාගන්නම්” කියලා. එහෙම කිව්වා විතරක් නොවෙයි ඇත්තටම බලාගත්තා. එක හොරෙක් නෑ. කප්පම්කාරයෙක් නෑ. ඒ වගේම තමයි මෙයා නඩු විසඳනවා. යුක්තිය ඉෂ්ට කරනවා. හැබැයි පොලිසියටත් බාර දෙනවා. එහෙම බාර දීලා කියන්නේ ”මහත්වරුන්ගේ රාජකාරිය මහත්වරුන් කරන්න, මම ඒකට බාධා කරන්නේ නැහැ. හැබැයි මම ප‍්‍රශ්නේ විසඳලා තියෙන්නේ” කියලා කියනවා. එයා කවදාවත් පොලිසියේ ඒ රාජකාරිවලට අතගැහුවේ නෑ. ඔහු අමුතුම මනුස්සයෙක්.
(තවත් කතා ලබන සතියට)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චොප්පෙ ගැන පුතා කියන කතාව
සුජිත් මිලානෝ Friday, 04 April 2014 11:05 PM
මේ තුට්ටු දෙකේ රස්තියදුකරයන්ව වීරයෝ කරන හින්ද තමයි පැදුරක් ගානේ මැරයෝ රස්තියාදු කාරයෝ බිහි වෙන්නේ. (ස)
අචිරා Monday, 03 March 2014 10:56 PM
මෙයා පල් හොරෙක් මිනිමරුවෙක්. මේ අයව වීරයන් කරන්න හොඳ නැහැ.(නදී)