IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


චමල් රාජපක්ෂ මහතා කටහඬ අනුව ඡන්දය විමසූ අවස්ථාවක්

තරිඳු ජයවර්ධන

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව ඡන්දය විමසීමේදී ‘කටහඬ‘ අනුව ඡන්දය විමසා තීන්දුවක් දීම වැරදි බව අතැම් දේශපාලකයෝ කීහ. කටහඬ අනුව ඡන්දය විමසූ ඉතිහාසය ගැන සොයා බැලීමේදී සිදුවීම් කිහිපයක් අතර එක් විශේෂ සිද්ධියක් විය.  මේ එම සිද්ධියයි.

ඒ 2011 වසරයි. ආණ්ඩුවේ සිටියේ එක්සත් ජානතා නිදහස් සන්ධානයයි. ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂයයි. පාර්ලිමේන්තුවේ කතානායක ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂ මහතාය.

දැනට පනතක් ලෙස සම්මත වී ඇති තොරතුරු දැන ගැනීමේ පනත පෞද්ගලික යෝජනාවක් ලෙස අවස්ථා දෙකකදී පමණ පාර්ලිමේන්තුවට ගෙන ආ අතර ඒ අක් අවස්ථාවක් වූයේ 2011 වසරේදී ය.

එදා දිනය ජුනි මස 21 වැනි දා අඟහරුවාදා ය. කතානායක චමල් රාජපක්ෂ මහතා මූලාසනයේ සිටියේය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා නැගී සිටියේය.

‘‘කතානායකතුමනි, පහත සඳහන් යෝජනාව මා ඉදිරිපත් කරනවා: "නිල තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් විධිවිධාන සැලැස්වීමත්, තොරතුරු ලබා ගැනීම-” කරු ජයසූරිය මහතාට කියන්නට ලැබුණේ එපමණකි.  රීති ප්‍රශ්නයක් ඇතැයි කියමින් ආණ්ඩු පක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා නැගී සිටියේය.

‘‘රජය විසින් පතිඥාවක් මේ ගරු සභාවට ලබා දීලා තිබෙනවා. ඒ වාගේම අධිකරණ ඇමතිතුමාත් ලබා දුන්නා. පක්ෂ නායක කමිටුවේදී පැමිණි එකඟතාවට පටහැනිව යළිත් වරක් මේ යෝජනාව ඉදිරිපත් කිරීමේ උත්සාහයට ඉඩ දිය නොහැකියි. පාර්ලිමේන්තුවේ යම් කිසි දෙයක් ගැන එකඟතාවකට පැමිණියාම ඒ එකඟතාව සියලු පාර්ශ්වයන් අනුගමනය කළ යුතුයි. ඒ නිසා ගරු මන්තීතුමාට මම ඉතාම ගෞරවෙයන් කියනවා, මේ උත්සාහය නවත්වලා රජය එක්ක මේ පශ්නය කථා කරලා මෙය ඉදිරිපත් කරන්නය කියලා. ඒ වාගේම අද දින ඉදිරිපත් කරන මේ කාරණාවම පෞද්ගලික මන්තී යෝජනාවක අන්තර්ගත කරලාත් තිබෙනවා. එකම යෝජනාවක් විවිධ තැන්වල එසේ ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට අවසර දිය නොහැකියි. [බාධා කිරීමක්] නැහැ, නැහැ. ගරු කථානායකතුමා අවසර දුන්නේ නැහැ.‘‘

ඊට පෙර එම යෝජනාව ඉදිරිපත් වූ අව්සථාවෙදි පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් එය ඉදිරිපත් කරනවාට විරුද්ධ වී තිබුණු බව දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

‘‘ඔව්, අපි ඊට පස්සේ ගරු කථානායකතුමාට කිව්වා. අපේ ස්ථාවරය වෙනස් වෙන්නේ නැහැ. මේ හිතුවක්කාර සරුංගල් යැවිලිවලට පාර්ලිමේන්තුව ලක් කරන්න බැහැ. මේවා පක්ෂ නායකයන් අතර පැමිණි එකඟතාවන්.

‘‘දැන් මේ යෝජනාවට ආණ්ඩු පක්ෂෙයන් විරෝධතාව දක්වනවා නම්, ඒ මන්තීතුමා යෝජනාව ඉදිරිපත් කළාට පස්සේ අපට කැමැත්ත විමසලා වැඩි පැත්ත අනුව ඒක පරාජය කරන්නත් පුළුවන්. ගරු මන්තීතුමා ඒ යෝජනාව ඉදිරිපත් කරන්න.‘‘ දිනේෂ් ගුණවර්ධන මහතාගේ විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් කතානායක චමල් රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

‘‘ගරු කථානායකතුමනි, පහත සඳහන් යෝජනාව මා ඉදිරිපත් කරනවා: "නිල තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් විධිවිධාන සැලැස්වීමත්; තොරතුරු ලබා ගැනීම පතික්ෂේප කිරීමට පාදක වන කරුණු නිශ්චිතව සඳහන් කිරීමත්; තොරතුරු ලබා ගැනීමේ නිදහස පිළිබඳ කොමිෂන් සභාව ස්ථාපනය කිරීමත්; තොරතුරු නිලධාරින් පත් කිරීමත්;  තොරතුරු ලබා ගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය සකස් කිරීමත්; ඊට අදාළ සහ ඊට ආනුෂංගික කරුණු පිළිබඳවත් වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය.‘‘

‘‘ ගරු කථානායකතුමනි, පැමිණි එකඟත්වය තමයි ඉතා ඉක්මනින් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම. ඒකටත් දැන් මාස නවයක් ගියා.‘‘ යැයි කියමින් යෝජනාවෙන් පසු කරු ජයසූරිය මහතා අදහස් දැක්වීමට උත්සාහ කරද්දී කතානායකවරයා අය වැලැක්වීය. ‘‘මාස නවයක් ගිය නිසා මෙග් අයිතියක් තිබෙනවා ජනතාව වෙනුවෙන් කථා කරන්න.‘‘ යැයි කියමින් කරු ජයසූරිය මහතා යළිත් වරක් අදහස් දැක්වීමට උත්සාහ කළේය. එය යලිත් නතර කළ කතානායකවරයා යෝජනාව ස්ථිර කරන ලෙස දැනුම් දුන්නේය. දිනේෂ් ගුණවර්ධන මහතා යළිත් නැගී සිට ඊට විරෝධය පළ කළේය. ආණ්ඩු පක්ෂයේ බාධා කිරීම් මැද මෙම යෝජනාව ස්ථිර කරන ලෙස කතානායක චමල් රාජපක්ෂ  මහතා විපක්ෂයට දැනුම් දුන්නේය.

යෝජනාව ස්ථිර කිරීම සඳහා නැගී සිටියේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. ‘‘ගරු කථානායකතුමනි, මම මේ යෝජනාව-‘‘ කියා පටන් ගනිද්දීම කතානායකවරයා කීවේ කතා පැවැත්වීමට ඉඩ දිය නොහැකි බවයි. ‘‘ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නයෝග අනුව- ‘‘ යැයි කියද්දීම ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා නැගී සිටියේය. ‘‘යෝජනාව ස්ථිර කරන්න කිව්වාම එතුමා කථා පවත්වනවා නේ.   ‘‘ යැයි වික්‍රමසිංහ මහතාට බාධා කරමින් අලුත්ගමගේ ඇමැතිවරයා කීවේය.

‘‘හරි ඉතින්, ඉන්න කෝ. එතුමාට තේරෙන්නේ නැහැ නේ. මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටෙත් ගරු කරු ජයසූරිය මන්ත්‍රීතුමා යෝජනා කරලා තිබෙන, ‘නිල තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් විධිවිධාන සැලැසවීමත්  ; තොරතුරු ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට පාදක වන කරුණු නිශ්චිතව   සඳහන් කිරීමත්; තොරතුරු ලබා ගැනීමේ නිදහස පිළිබඳ කොමිෂන් සභාව ස්ථාපනය කිරීමත්;..." යනුවෙන් වික්‍රමසිංහ මහතා කතා කරගෙන යද්දී කතානායක චමල් රාජපක්ෂ මහතා යළිත් ඔහුගේ කතාව නවතා යෝජනාව ස්ථිර කරන ලෙස දැනුම් දුන්නේය.   කරු ජයසූරිය මහතා ගෙන ආ යෝජනාව ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර කළේය.

යෝජනාව ස්ථිර කිරීමෙන් පසු යළිත් වරක් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කතා කරන්නට පටන් ගත්තේය.  ‘‘කථාවක් පවත්වන්න දෙන්න බැහැ.‘‘ කතානායක යළිත් කීවේය. ‘‘ඕනෑම යෝජනාවක් ස්ථිර කළාම මේ ස්ථාවර නියෝග යටෙත් කථා කරන්න ඉඩ තිබෙනවා. ඉතින් මම අහන්නේ, 2004 ඉඳන් අප සියලු දෙනාම ඉල්ලපු මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්න විරුද්ධ ඇයි කියලයි.‘‘ වික්‍රමසිංහ මහතා කියද්දී යලිත් වරක් කතානායකවරයා හඬ අවදි කළේය.

කථානායක -    විපක්ෂ නායකතුමා, තමුන්නාන්සේමේ ස්ථාවර නියෝග ගැන හොඳට දන්නවා.

විපක්ෂ නායක - හරි ඉතින්. මම අහන්නේ එච්චරයි. ස්ථාවර නියෝග යටෙත් මට කථා කරන්න අයිතිය තිබෙනවා.

කතානායක - විවාද කරන්න ඉඩ දෙන්න බැහැ.යෝජනාව ස්ථිර කළා. ආණ්ඩු පක්ෂය?

වික්‍රමසිංහ මහතාට කතා කිරීමට හා යෝජනාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ඉඩ දිය නොහැකි බව කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඉන් පසු පාර්ලිමේන්තුවේ සභා නායක ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා නැගී සිට යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළේය. ඉන් පසු කතානායක චමල් රාජපක්ෂ මහතා කටහඬ අනුව ඡන්දය විමසීම සිදු කළ යුතු යැයි ප්‍රකාශ කළේය.

කථානායක -  ආණ්ඩු පක්ෂය යෝජනාවට විරුද්ධයි. කටහඬින් කැමැත්ත විමසීම.

නිමල් සිරිපාල ද සිල්වා  - විරුද්ධයි. විරුද්ධයි. [බාධා කිරීම්]

අජිත් පී. පෙර්රා   -   ඇයි බයද? [බාධා කිරීම්]

නිමල් සිරිපාල ද සිල්වා - බය නැහැ. විරුද්ධයි. [බාධා කිරීම්]

 අජිත් පී. පෙර්රා මහතා - ඇයි, තොරතුරු දෙන්න බයද? [බාධා කිරීම්]

දයාසිරි ජයෙසකර  -  ඇයි මේ භූමිතෙල් ගෑවුණු ගැරඬි වාගේ කෑ ගහන්නේ? [බාධා කිරීම්]

අජිත් පී.  පෙර්රා -  බහුතරයක් ඉන්න ආණ්ඩුව ඇයි ඔච්චර බය? [බාධා කිරීම්]

කථානායක -   වැඩි ශබ්දයට ජයග්‍රහණය- [බාධා කිරීම්] ඒ හන්දා ඒක- [බාධා කිරීම්]

ඒ අනුව කටහඬ අනුව ඡන්දය විමසන බව දැනුම් දුන් කතානායකවරයා ප්‍රශ්න ඉදිරිපත් කළ ඡන්දය ලබා ගත්තේය. ලබාගෙන කටහඬවල් අනුව ‘විරුද්ධ‘ මන්ත්‍රීන්ට ජය බව කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අල්හාජ් ඒ.එච්.එම්. අසවර්  මහතා - Divide by name! (නමින් බෙදීමක් දෙන්න)

කථානායක -   ඒක අනුමත නැහැ. [බාධා කිරීම්]

රනිල් විකමසිංහ - Divide by name! (නමින් බෙදීමක් දෙන්න)

නිමල් සිරිපාල ද සිල්වා  - No (බැහැ)  [බාධා කිරීම්]

දයාසිරි ජයසේකර -    Divide by name! (නමින් බෙදීමක් දෙන්න) [බාධා කිරීම්]

කරු ජයසූරිය   -  Divide by name! (නමින් බෙදීමක් දෙන්න) [බාධා කිරීම්] ලෝකය දැන ගත්තාවේ. එච්චරයි.

අල්හාජ් ඒ.එච්.එම්. අසවර්  -  Divide by name! (නමින් බෙදීමක් දෙන්න)

කතානායක -  ඔව්, අස්වර් මන්තීතුමා නමින් ඉල්ලා සිටිනවා. කැමැත්ත නමින් ගන්න.

අල්හාජ් ඒ.එච්.එම්. අසවර්   - Sir, I rise to a point of Order. (රීති ප්‍රශ්නයක් තිබෙනවා)

කථානායක -    ගරු මන්තීතුමා, මෙහි සීනුව නාද වෙනවා. Point of Order (රීති ප්‍රශ්න) ගෙනන්න බැහැ. කරුණාකර වාඩි වෙන්න. [බාධා කිරීම්]

කෙසේ වෙතත් අස්වර් මහතා නැගී සිට ඉල්ලූ බෙදීමට අනුව නමින් ඡන්දය විමසීමට  කතානායකවරයා තීරණය කළේය. ඉන් පසු බෙදුම් සීනුව නාදවීමෙන් පසු ඡන්දය නමින් විමසීම ආරම්භ විය.

කරු ජයසූරිය මහතාගේ යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 32ක් පමණි. විරුද්ධව ඡන්ද 99ක් ලැබිණි. නොපැමිණි මන්ත්‍රීන් ගණන 93කි. වැඩි ඡන්දයෙන් යෝජනාව පරාජය වූ නිසා යෝජනාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවූයේ නැත.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌යෝග 47(1) ට අනුව කථානායකවරයා විසින් ප්‍රශ්නය සභාවට ‌යොමුකරනු ලැබ   පක්ෂ අය “පක්ෂයි”යනු‌වෙන් ද විපක්ෂ අය “විරුද්ධයි” යනු‌වෙන් ද ප්‍රකාශ කිරීමෙන් කටහඬ අනුව ඡන්දය විමසිය හැකිය. සභා‌වේ මතය පැහැදිලි ප්‍රමාණවත් බවකින් ප්‍රකාශ වූ බවට කථානායකවරයා සෑහීමකට පත්‌වේ නම් ඒ බව සභාවට ප්‍රකාශ කළ හැකිය. කතානායක චමල් රාජපක්ෂ මහතා ‘කටහඬ‘ අනුව ඡන්දය විමසා ‘විරුද්ධයි‘ කී මන්ත්‍රීවරුන්ට ජය බව  ප්‍රකාශ කළේ එම ස්ථාවර නියෝගය අනුවය.

කථානායකවරයා‌ගේ තීරණය පිළිබඳව යම් මන්ත්‍රීවර‌යෙක් සෑහීමකට පත්නොවන්‌නේ නම් එම මන්ත්‍රීවරයාට ‌බෙදීමක් ඉල්ලා සිටිය හැකිය. බව එම ස්ථාවර නියෝගයේ දැක්වේ. අස්වර් මන්ත්‍රීවරයා නැගී සිට නමින් බෙදීමක් ඉල්ලුවේ ඒ අනුවය.  ඉන් පසු බෙදීමේ සීනුව නාද කර නමින් ඡන්දය විමසුවේ ස්ථාවර නියෝගවලට අනුවය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී විශ්වාස භංග යෝජනාව ගෙන ආවේ විපක්ෂයේ මන්ත්‍රීවරයකුවිසිනි. කතානායකවරයා ඊට ‘කටහඬ‘ අනුව ඡන්දය විමසුවේය.  වෙනත් ක්‍රමයකට ඡන්දය ඉල්ලන්නැයි කිසිම මන්ත්‍රීවරයකු නැගී සිට බෙදීමක් ඉල්ලනු පෙනුනේ නැත.

මේ අතර සිකුරාදා (16) පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබගෑනියෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු කතානාය චමල් රාජපක්ෂ මහතා මෙසේ කීවේය.

‘‘අපට මීට වඩා මේ කතානායකවරයාට පාර්ලිමේන්තුවේ ගරු කිරීමක් කරන්නත් බෑ.  සභාවක් පවත්වාගෙන යන්න ඉඩ දෙන්නත් බෑ. අපිටත් පාර්ලිමේන්තුව කරගෙන යන්න සහයෝගය දිය හැක්කේ එතුමා අපක්ෂපාතී නම් පමණයි. එතුමා එක පැත්තකට ඇහුම්කන් දීලා තවත් අයගේ උවමනාවන්ටයි වැඩ කරන්නේ. මේ සවස් තුනේම සිදුවූ සිදුවීම් අපි හෙළා දකිනවා.  එක පැත්තකින් කණගාටු වෙනවා. මේ සියල්ලටම වගකිවයුත්තේ කතානායකවරයායි. ‘‘

‘‘මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න නම් එතුමා පාර්ලිමේන්තුව තුල සාමකාමී වාතාවරණයක් ඇති කර ගත යුතුයි. එහෙම නම් එතුමාට තියෙනවා හැමදෙනාගෙම අදහස් විමසලා සාමය ඇති කරන්න. හැම දෙනාගෙම අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න ඕනෑ. මේක බරපතල කරුණක්. නමුත් මෙතුමා ඉඩ දුන්නේ නෑ.''

(ෙතාරතුරු උපුටා ගත්ෙත් ජුනි මස 21 වැනි දා හැන්සාඩ් වාර්තාෙවනි)

 



අදහස් (15)

චමල් රාජපක්ෂ මහතා කටහඬ අනුව ඡන්දය විමසූ අවස්ථාවක්

ajith Saturday, 17 November 2018 03:48 PM

ද්‍රජාස හා ජවිපෙ විපක්ෂයේ තනතුරු මහින්දට දියයුතුයි . එතකොට මහින්ද විපක්ෂයට යාවි

:       63       25

rasitha Saturday, 17 November 2018 05:27 PM

ඒගැන ප්‍රකාශ කිරීමක් පමණයි, නමුත් සිද්දවෙලා නෑ. නමින් ගන්න චන්දයෙන් කතාව අවසන්

:       148       172

V.warnakulasuriya Saturday, 17 November 2018 05:58 PM

හිටපු ඒකාධිපතියන් වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගනිමින් සිටිති. මේ සිදුවීම මේ මොහොතේ ජනතාවගේ මතකයට එක්කිරීම ගැන අපි වැදගත් කොට සළකමු.

:       289       200

Chanak Los angeles Saturday, 17 November 2018 09:37 PM

අහෝ වැරදි මාර්ගයෙන් ඝර්බයට ඇතුළු වී අගමැතියි කියා ගන්නා කෙනා මේක නොදැනද මෙවැනි ක්‍රමයකින් චන්දයක් තෝරන්න බැහැ කියලා කීවේ ? හැබැයි කීවේ නම් ඉපදුන දා සිටම පාර්ලිමේන්තු අවා කියලයි ..අනේ කාලේ වනේ වාසේ ,,,

:       1017       750

vidya Sunday, 18 November 2018 12:58 AM

හැලි වඳුරු සංගමයෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් . සුද්ද අපට පාරක් ඇරලා ගියා කෙලින් යන්න පුරුදු වෙන්න කියලා. එනමුත් ඒක වෙලා නැහැ . රාවණාගේ වරිගෙන් ආපු එවුන් කියලා බොහොම ආඩම්බර වෙන ජාතිය. දැන් වත් ඇහෙරලා බල පල්ලා.

:       95       220

jaya Sunday, 18 November 2018 03:11 AM

එහෙනම් දැන් විශ්වාසභංගය සම්මතයි.

:       162       200

vipul Monday, 19 November 2018 09:55 AM

මේ වගේ සුළු පනතක් කටහඬින් ගත්තට අගමැති කෙනෙක් ඉවත් කිරීම කටහඬින් කරන්න බැහැ.

:       390       332

Udaya Tuesday, 20 November 2018 10:42 AM

මෙය අදාළ කතාවෙන් මදක් දුර උවත්, සත්‍යයි.. තොරතුරු දැන ගැනීමේ පනත කොහොමද සුළු වෙන්නේ? ඒ පනතට අනුව තමයි මේ පුවත් පතම මැති ඇමති වරුන්ට ලැබෙන වැටුප් හා දීමනා ගැන ජනතාව දැනුවත් කලේ. රනිල් එක්ක වැඩ කරන්න බැරි වූ විට පක්ෂ නායකයන් කැදවල සාර්ථක ලෙස විශ්වාසභංගයක් ගෙන්වන්න ජනාධිපති විසින් මූලිකත්වය ගත යුතුව තිබුනා. නීතිය නවන්නේ නීතිය දන්නා අය වීම විශ්වාසභංග වීමක්.

:       0       70

Udaya Tuesday, 20 November 2018 10:50 AM

ස්ථාවර නියෝග වලට අනුව මෙය නිවැරදියි.

:       111       83

uddikaWednesday, 05 December 2018 04:40 AM

ස්ථාවර නියෝග අත්හිටවලා මේ දෙය මෙයාල කලේ නේද

:       0       0

Chanak Los angelesWednesday, 21 November 2018 04:43 AM

ඔබද ව්‍යවස්ථාව හැදුවේ ?

:       14       31

Alfi Wednesday, 21 November 2018 05:39 PM

අගමැතිවරයෙකු ඉවත් කර අලුත් ආණ්ඩුවක් සදහා ඉතිහාසයේ කිසි දිනක කටහඬවල් උපයෝගි කරගෙන පාර්ලිමේන්තුව තුල ඡන්දයක් පවත්වා නොමැත. මෙය අලුත්ම නිර්මාණයකි

:       130       56

ajith Tuesday, 27 November 2018 02:43 AM

එක එක්කෙනාට ඕනේ විධියට ජනතා කැමැත්තට පයින් ගහල තමන් කැමති කැමති අයවලුන් අගමැතිකමට පත් කරන්න පුළුවන් නම් කෝටි ගානක් වියදම් කරලා චන්දෙ තියන්නේ අහවල් දේකටද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕකටද? මෙහෙම ගියොත් අනාගතයේදී අපේ දු දරුවන් ඇතුළු පරපුර එක එකාගේ වහල්ලු වේවිද? මෙවැනි අත්තනෝමතික අදුරදර්ශී ක්‍රියා මෙතැනින්ම නවත්වන්න ඕනේ.

:       0       10

ABNFriday, 07 December 2018 05:49 AM

ඔබ කැමති වුනත් නැතත් හරි වුනත් වැරදි වුනත් ව්‍යවස්ථාවේ තියෙන්නෙ "ජනාධිපතිගේ අභිමතය" අනුව තමයි අගමති පත් කරන්නෙ...කියලා

:       3       0

lasantha Tuesday, 27 November 2018 07:37 AM

එයාලට හොඳවුනාට මෙයාලට මෙයාලට අකැපයි.....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 441 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 175 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 583 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 854 4

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 794 2

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 14115 5

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 984 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 428 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 575 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site