IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


චාල්ස් සහ ඩයනාගේ අබිරහස් දියණියක්

    dfg 

 

මවත් පියාත් දෙදෙනාම ඇය තනිකැර දමා ගොසිනි.
මේ සුන්දර යුවතිය සිටින්නේ තනිවමය. තඹ පැහැති වූ දඟකාර කෙස් රොද ඇයට නිතර නිතර කරදර කරන්නේය.
පියාගේ කාර්යාල කාමරයේ ඇති දුහුවිලි ඉවත්කරමින් කාලයකට පසු ඇය තම පියාගේ පොත් පිළිවෙළකට සකස් කරන්නේ ලැබුණු මඳ විවේකයකිනි. රාක්කයේ පහතින්ම තැබූ දිනපොත් කිහිපයකි. ඒ අතර සුවිශේෂී දිනපොතකට ඇගේ නෙත් ඇදී ගියේය. ඒ 1981 වර්ෂයේ දින පොතයි.

 

09_SLTK_P12_Back
”මම උපන් අවුරුද්දේ තාත්තා ලියපු දිනපොත” ඇය එසේ සිතුවාය. දෛනිකව දිනපොතක් ලිවීමට පුරුදුවී සිටි තම පියා තමන් උපන් මොහොතේ ලියන්නට ඇත්තේ මොනවා දැයි දැනගන්නට ඇයට මහත් ආශාවක් ඇතිවිය. ඇය ක‍්‍රමයෙන් එහි පිටු පෙරළමින් ගොස් තම උපන් දිනයේ තැබූ දීර්ඝ සටහනක නතරවූවාය.


පුදුමයකි.
”චාර්ල්ස් ඩයනාගේ දුව අද උපත ලැබුවා. මේ ඔටුන්න හිමි කුමරි” යනුවෙන් ඇගේ තාත්තා තම උපන්දිනය දා තැබූ සටහන දුටු සාරා මොහොතක් ගල්ගැසී සිටියාය. ඇයට මේ කිසිවක් අදහාගත නොහැකිය. කලබලයට පත්වූ ඇය පියාගේ කාර්යාල කාමරය අවුස්සමින් තම උපත හා සම්බන්ධ සියලූ ලේඛන සොයන්නට වූවාය.


බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කිරුළ හිමි චාර්ල්ස් කුමරු හා ලෝකවාසී කෝටි සංඛ්‍යාත ජනතාවගේ ආදරයට පාත‍්‍ර වූ ඩයනා කුමරියගේ දියණිය තමන්යැයි මෙතෙක් පියා ලෙස සිතා සිටි පුද්ගලයාගේ දිනපොත් ඇතුළු සටහන් රැසක සඳහන්ව තිබෙනු දැක ඇය වික්ෂිප්ත වූවාය. කණ්ණාඩියක් ඉදිරියට දිවගිය ඇය තම මුහුණ දෙස බැලූවාය. පුදුමයකි. ඩයනා කුමරියගේ මුහුණත් තම yfiමුහුණත් එකිනෙක බොහෝ සමාන බව ඇයට පසක් විය. මේ බැව් තම යෙහෙළියන්ද කිහිප විටක් කියූ බව ඇගේ මතකයේ පවතී. එසේ නම් මෙය සත්‍යයක් ද තම පියාගේ දිනපොතක සටහන් වූ ඒ කරුණු සත්‍යයක් විය හැකිද? සාරා තුෂ්ණිම්භූත වී සිටියි.
තමන් වික්ෂිප්ත කළ මේ පුවත හැකිතරම් දුරට රහසක් ලෙස තබා ගැනීමට සාරා උත්සාහ ගත්තද දැන් එය සමාජයට හෙළි වී තිබේ. ඒ ඇමෙරිකාවේ ප‍්‍රකාශයට පත්කරන කුඩා ප‍්‍රමාණයේ ”ග්ලෝබ්” නමැති ටැබ්ලොයිඞ් පුවත් පතකිනි. දැන් ඒ පුවත්පත ලක්ෂ ගණනින් අළෙවි වෙයි. ඒ පුවතට එවැනි වටිනාකමක් ලැබීම සාධාරණය.


සාරාගේ පියාගේ දිනපොතේ තිබූ සටහන සත්‍යයක් නම් සාරා යනු බි‍්‍රතාන්‍ය කිරුළේ දෙවැනි උරුමක්කාරියයි. එය සුළුපටු කරුණක් නොවේ. බි‍්‍රතාන්‍ය කිරුළට දැන් අලූත් අභියෝගයකි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් ආසන්නයේ පිහිටා ඇති නිව් ඉන්ග්ලන්ඞ් ප‍්‍රදේශයේ ජීවත්වන ඇයට හමුවූ තොරතුරු සනාථ කැර ගත යුතුය.


අතීතයේ බි‍්‍රතාන්‍ය කිරුළ හිමිවූයේ පිරිමින්ට පමණි. කලාතුරකින් හෝ කාන්තාවකට කිරුළ හිමිවන්නේ කිරුළට හිමිකම් කියන පිරිමි පුද්ගලකු සොයා ගැනීමට හැකියාවක් නැතිනම් පමණි. එසේ වුවද බි‍්‍රතාන්‍යය මේ නීතිය වෙනස් කළේය. ඒ 2013 වර්ෂයේ දීය කිරීටක පනත යනුවෙන් හැඳින්වෙන මේ නව නීතියට අනුව පවුලේ අනුපිළිවෙළින් සිටින්නන්ට කිරුළ හිමිවිය යුතුය. පිරිමියකුද කාන්තාවකද කියා එහිදී සොයන්නේ නැත.

2


ඒ අනුව මෙතෙක් සිතා සිටියේ බි‍්‍රතාන්‍ය රැජින වූ එලිසබෙත් රැජිනගෙන් පසු ඇගේ පුත් චාර්ල්ස් කුමරා රජවන බවයි. චාර්ල්ස්ගෙන් පසු ඔහුගේ වැඩිමල් පුතා විලියම් කුමරුත් විලියම්ගෙන් පසු ඔහුගේ පුත් ජෝර්ජ් කුමරුත් රජවිය යුතුය.


ජෝර්ජ් කුමරු දක්වාම කාන්තාවක් රජවීමට හැකියාවක් නැතැයි බි‍්‍රතාන්‍යයේ පිළිගැනීම වුවද දැන් එය දැඩි අභියෝගයකට ලක්ව තිබේ. ඒ මෙතෙක් කිසිවකු නොදැන සිටි චාර්ල්ස් හා ඩයනා යුවළගේ දියණියක මතුවීම හේතුවෙනි. ඇගේ ජන්මය පිළිබඳ දිනපොතේ සඳහන්ව ඇති දේ සත්‍යයක් නම් චාර්ල්ස්ගෙන් පසු රජකමේ සැබෑ උරුමක්කරුවා ඇයයි.


ඇමරිකාවේ සිටින සාරා, බි‍්‍රතාන්‍යයේ රජ විය යුතුය. ඇය රජවුවහොත් විලියම්ටත්, ජෝර්ජ්ටත් රජකම ලැබෙන්නේ නැත. සාරාගෙන් පසු රජකම හිමිවිය යුත්තේ ඇගේ පුතකුට හෝ දියණියකටය.


ග්ලෝබ් සඟරාව පවසන්නේ සාරා කුමරිය මේ වනවිට 33 වැනි වියේ පසුවන බවයි. ඇය විලියම් කුමරුට වඩා වැඩිමහලූය.


ඔටුන්න හිමි කුමාරයා චාර්ල්ස්ට3 විවාහයට යුවතියක් සෙවීම එලිසබෙත් රැජිනගේ මහත් වගකීමක් වී තිබිණි. මේ අතර චාර්ල්ස් කුමරු ඩයනා දැන හඳුනාගෙන සම්බන්ධතාවක් ගොඩනගාගත් බව හෙළිවන්නේ 1979 දීය. එවිට ඩයනාගේ වයස අවුරුදු 18 කි. ඩයනා හා චාර්ල්ස් කුමරු අතර සම්බන්ධය දැනගත් එලිසබෙත් රැජන මේ විවාහයට කැමැත්ත දීමට පෙර බි‍්‍රතාන්‍යයේ අනාගත කිරුළ ගැන සිතීමේ ප‍්‍රතිඵලය කිරුළට හිමිකම් කියන සාරාගේ උපතයි.


අතීතයේ රජ පවුලේ දරුවන් උපත ලැබුවේ රජ ගෙදර තිබූ තිඹිරි ගෙයක දීය. දරු ප‍්‍රසූතියට රජ ගෙදර කාන්තාවන් රෝහල්ගත වූයේ නැත. නාරි හා ප‍්‍රසව වෛද්‍යවරුද රජගෙදරට පැමිණ අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර හා උපදෙස් දෙති.


එංගලන්තයේ නාරි හා ප‍්‍රසව ශල්‍ය වෛද්‍යවරුන් අතරින් එලිසබෙත් රැුජනගේ වඩාත් සිත්ගත්, ගෞරවාදරයට පත්වූ සහ විශ්වාසය දිනාගත් වෛද්‍යවරයා වූයේ නයිට් පදවියකින් ද පිදුම් ලැබ සිටි ශල්‍ය වෛද්‍ය ශ‍්‍රීමත් ජෝර්ජ් පින්කර්ය.


වෛද්‍ය විද්‍යාව ගැන මහත් දැනුමකින් යුතු මේ පරිණත වෛද්‍යවරයා බි‍්‍රතාන්‍යය රජ පවුලේ තිබූ බොහෝ යල්පැන ගිය අදහස්වලට නැවතීමේ තිත තැබුවේය. සම්ප‍්‍රදායික ක‍්‍රම අතහැර දමා නව ක‍්‍රමයට දරුවන් බිහිකරනු ලැබීම ආරම්භ කළේ ඔහු විසිනි. ඔහු 1973 වර්ෂයේ සිට රාජකිය පවුලට අවශ්‍ය කටයුතු ඉටුකෙරුණේ ඔහු අතිනි.  


ඩයනා සමග චාර්ල්ස් විවාහවීමට පෙර චාර්ල්ස් ඩයනාගේ එක්වීමකින් නිරෝගී දරුවන් බිහිවන්නේද යන්න දැන ගැනීමට එලිසබෙත් රැජිනට අවශ්‍යව තිබිණි. මේ සඳහා ඇය ශල්‍ය වෛද්‍ය ශ‍්‍රීමත් ජෝර්ජ් පින්කර්ගේ පිහිට පැතුවාය.

SLD_20150510_B004


ඒ වනවිට බි‍්‍රතාන්‍යය In Vitro Fertiliastion (IVF) භාවිත කරමින් සිටියේය. එහිදී සිදුවන්නේ යම් පුද්ගලයකුගේ ශුක‍්‍රාණු හා ගැහැණියකගේ ඩිම්බ කෘත‍්‍රිම සංසේචනයකට බඳුන්කැර ගර්භාෂයක තැන්පත් කර දරුවකු බිහිකරලීමයි. එය හැඳින්වූයේ නළ දරු උපත් යනුවෙනි. බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් ගණනාවක දරුවන් නැති අය අතර මේ ක‍්‍රමය වේගයෙන් ජනප‍්‍රිය වෙමින් පැවතිණි. ඇතැම් අවස්ථාවලදී මව් පදවිය අපේක්ෂිත කාන්තාවකගේ ගර්භාෂය දරුවකු බිහිකිරීමට සුදුසු නොවන්නේ නම් ඒ වෙනුවට වෙනත් කාන්තාවකගේ ගර්භාෂය කුලියට ගැනීමද සිදුකැරිණි. ඒ ක‍්‍රමය හැඳින්වූයේ Surrogate Parenthood නමිනි. බි‍්‍රතාන්‍යයේ ගර්භාෂ කුලියට දීමද සිදුවෙමින් පැවතිණි. ගර්භාෂ කුලියට දීම වෙනුවෙන් ගර්භාෂය හිමි කාන්තාවට මුදල් ගෙවයි. ඇතැම් කාන්තාවෝ ඒ සඳහා ස්වේච්ඡුාවෙන්ම ඉදිරිපත් වෙති. දරුවාගේ හිමිකම ලැබෙන්නේ කලලය බිහිවීමට ඩිම්බ හා ශුක‍්‍රාණු සැපයූ මවට හා පියාටය.


බි‍්‍රතාන්‍යයේ මහ රැජින වූ එලිසබෙත්ගේ පූර්ව අනුදැනුම හා උපදෙස් මත වෛද්‍ය පින්කර් ඩයනා පරීක්ෂා කළේය. ඒ වනවිට යොවුන් වියට පා තැබූ සුන්දර යුවතියක වූ ඇය කන්‍යාවක් බව වෛද්‍ය කණ්ඩායම දැනගත්හ. කන්‍යාභාවය බි‍්‍රතාන්‍ය රජ පවුලේ පමණක් නොව එංගලන්තයේ නොසළකන්නක් වුවද ඩයනා කිසිදු පුරුෂයකු හා සම්බන්ධ නොවූ තැනැත්තියක වීම ගැන මහ රැජින වඩාත් සතුටුවන්නට ඇත.


සුදුසු දිනයක් බලා ඩයනාගෙන් ඩිම්බ කිහිපයක් ලබා ගැනිණි. අනතුරුව ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුගෙන් ශ‍්‍රක‍්‍රාණු ෙසෙල රැගෙන එකිනෙක සංසේචනය කරන ලද්දේ මේ දෙදෙනාට අනාගතයේ නිරෝගී දරුවන් බිහිකිරීමට හැකියාව ඇත්දැයි සොයා බැලීමේ අටියෙනි.


බි‍්‍රතාන්‍ය රජ පවුලේ බලාපොරොත්තු සඵල කරමින් සංසේචිත යුක්තානුවෙන් දරු කලලයක් බිහිවන්නට විය.  මේ දෙදෙනාගේ එකතුවෙන් ඉතා සාර්ථක නිරෝගී දරුවන් බිහිකළ හැකි බව එකල වෛද්‍යවරු ප‍්‍රකාශයට පත්කළහ. එය රජ පවුලේ අමන්දානන්දයට හේතුවක් වී තිබිණි. පසුව මහ රැජනගේ නියෝගය වූයේ අත්හදා බැලීම සඳහා බිහිකළ කළලය විනාශ කැර දැමිය යුතු බවයි.


එසේ වුවද මේ වෛද්‍ය කණ්ඩායමේ සිටි එක් වෛද්‍යවරයෙක් අනාගතයේ කිරුළ හිමි චාර්ල් කුමරුගේ සහ ඔහුගේ භාර්යාව වීමට නියමිත ඩයනාගේ සංසේචිත යුක්තානුවක් තම බිරිඳගේ ගර්භාෂයේ සීරුවෙන් තැන්පත් කළේය.


ග්ලෝබ් සඟරාව පවසන්නේ එලෙස බිහිකළ නළ දරුවා සාරා බවයි. ඇය දැන් 33 වැනි වියේ පසුවන්නීය. හැඩ රුවෙන් ඩයනා කුමරිය හා බොහෝ සෙයින් සමාන වූ මේ තරුණිය බැලූ බැල්මට ඩයනාගේ දියණියක් යැයි  ඕනෑම ඇස් ඇත්තෙකුට හැෙඟනු ඇත.


1981 ජුනි මාසයේ 29 වැනිදා මුළුමහත් ලෝකයේම පැවති උත්කර්ෂවත් විවාහ මංගලෝත්සවය පැවැත්විණි. ඒ චාර්ල්ස් ඩයනා විවාහයයි. ඔවුන් දෙදෙනා විවාහවන විටත් කාටත් හොර රහසේ වෛද්‍යවරයාගේ බිරිඳගේ කුස තුළ චාර්ල්ස් ඩයනා දෙදෙනාගේ දරු කලලය වැඩෙමින් තිබිණි. විවාහ උත්සවයෙන් සති 10ට පසු වෛද්‍ය බිරිඳ එංගලන්තයේ පැඩිංටන් නගරයේ පිහිටි ශාන්ත මේරි රෝහලේදී දැරියක ප‍්‍රසූත කළාය. මේ යුවළ ඇයට සාරා යනුවෙන් නම් තැබූහ.


සාරා හදා වඩාගත් මාපියෝ පසු කලෙක රිය අනතුරකින් මියගියේ සාරා මෙලොව තනිකර දමමිනි.


දිනපොත හමුවීමෙන් පසු තමන් අවුරුදු දෙකක් පමණ කාලයක් මේ ගැන සොයා බලනවිට තර්ජනාත්මක දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බවත් ඒවාට බිය වී ඇමෙරිකාවට පලා ආ බවත් සාරා කියන බව ග්ලෝබ් පුවත්පතේ දැක්වේ.


කෙසේ වෙතත් දැන් මේ පරීක්ෂණය සිදුකළා යැයි කියන වෛද්‍යවරයාත් සාරාට උපත ලබාදුන් මව හා හදා වඩාගත් බව කියන වෛද්‍යවරයාත් මිය ගොසිනි. සාරාගේ ඇත්ත කතාන්තරය හෙළිකැර ගැනීමට හැකිවන්නේ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවලින් පමණි.


ග්ලෝබ් පවසන්නේ සාරා හමුවීමට පසුගිය දිනක විලියම් කුමරු හා කේට් කුමරිය ද පැමිණි බවයි. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ග්ලෝබ් නමැති ටැබ්ලොයිඞ් ප‍්‍රකාශනය පවසන්නේ වරක් චාර්ල්ස් කුමරු හමුවූ අවස්ථාවක ”මගේ අම්මාගේ ඝාතකයා” යැයි චාර්ල්ස් කුමරුට බැණ වැදී ඇති බවයි.
මේ කරුණු සම්බන්ධයෙන් රජ පවුල තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. නමුත් බි‍්‍රතාන්‍යයේ ඉතා ජනප‍්‍රිය අන්තර්ජාල පුවත්පතක් වන ඬේලිමේල් පුවත්පත සඳහන් කරන්නේ මේ කතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.


ග්ලෝබ් සඟරාව පිළිගත නොහැකි අසත්‍ය තොරතුරු රැුසක් සහිත විකාර කතාවක් පවසන බවට ඬේලි මේල් චෝනා කරයි. මෙවැනි කතාවක් සහිත ප‍්‍රබන්ධ ග‍්‍රන්ථයක් තිබූ බවද ඒ හේතුවෙන් සාරා මෙවැනි කතාවකින් ප‍්‍රසිද්ධ වන්නට උත්සාහ ගන්නවා යැයිද ඬේලි මේල් අන්තර්ජාල පුවත්පත පවසයි.


(විදෙස් මාධ්‍යයන්හි පළවූ ආන්දෝලනාත්මක පුවතක අනුවාදයකි)

df



අදහස් (0)

චාල්ස් සහ ඩයනාගේ අබිරහස් දියණියක්

සොපී Wednesday, 13 May 2015 07:38 PM

සුරංගනා කතාවක් වගේ හරිම ලස්සනයි.ඇත්තටම සාරා ඩයනාගේ දුව වේවා ...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 181 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 135 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 64 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 154 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 80 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 623 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 613 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 317 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site