IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ඡන්ද උණුසුම පටන් ගනිද්දීම නිවිතිගලින් බිල්ලක්

   sh

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ගෙවී ගියේ දින දෙක තුනකි. රත්නපුර දිස්ත‍්‍රික්කයේ තැන තැන හන්දිවලත් ඇතැම් උපනගරවල විදුලි සහ දුරකතන කණුවල කොළකොඩි සහ ඉටිරෙදිවලින් කැපූ කොළපාට කොඩිවැල් සුළ`ගට ලෙලදෙන්නට විය.

 

MURDER_P24
ජනවාරි 08දා තෙක් නිල් කොඩි එසවුණු ඒ මංසන්ධිවල ආධිපත්‍ය කොළ කොඩි හිමිකරගත්ත ද ඒ ගැන සාමාන්‍ය ජනතාව තුළ තිබුණේ උදාසීන බවකි.
කොඩිවැල් සංස්කෘතිය දිනෙන් දින හිස ඔසවද්දී 29දා මැදියම් රැයේ පැතිරගිය ආරංචිය වූයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී තලතා අතුකෝරළ එජාප මන්ත‍්‍රීවරියගේ සමීපතම ආධාරකරුවෙකුට පිරිසක් පහරදී ඔහුව ඝාතනය කර ඇති බවකි.


ලද තොරතුරු අනුව කරුණු සොයද්දී ඝාතනයට ලක්ව තිබුණේ නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ දෑල, දොඹගම්මන ජනපදයේ පදිංචිව සිටි තිස් අට වියේ පසුවූ උපුල් තුෂාර දේවාලේගම යන තිදරු පියායි.


තුෂාරගේ ඝාතනයට එක්සත් ජනතා නිදහස් සංධානයේ පිරිසක් සම්බන්‍ධ බවට තමන් සැකකරන බව තුෂාරගේ මව වූ ටී.ඒ. සුමනාවතී (60) මහත්මියත් නැගණියන්වූ තමරා උදේනි සහ තමරා චාන්දනී දෙදෙනාත් තරයේම විශ්වාස කරන්නීය.


ඝාතනයට ලක්වූ තුෂාර එක්සත්  ජාතික පක්‍ෂයේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙකු බව එම පක්‍ෂය පිළිගනී. ඔහු 2004 සහ 2009 යන වර්ෂවල නිවිතිගල ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු වීමේ පරම අදිටනිනි. එහෙත් ඒ දෙවරේදීම ප‍්‍රමාණවත් මනාප හිමිකරගැනීමට ඔහු අසමත්වීම නිසා මන්ත‍්‍රීවරයෙක් නොවිණි.


”අයියා යූඇන්පී එකෙන් දේශපාලනය කරනවාට සමහරු කැමති නෑ. 2004 පළාත් පාලන ඡුන්දෙ වෙලාවේ අයියා නිවිතිගල ප‍්‍රාදේශීය සභාවට ඉල්ලූවා. ඡුන්දෙ දාන්න යනකොට සන්ධානේ මැරයෝ අයියාට ඡන්දෙ දාන්න නොදී පහරදීලා නව පොළකට පිහියෙන් ඇන්නා. ඉස්පිරිතාලෙදි අයියට කරදර කරන්න හැදු නිසා අතුකෝරළ මහත්තයාගේ ගෙදර මාස තුනක් තියාගෙන වෙදකම් කළේ” තුෂාරගේ නැගණිය වූ තමරා උදේනි පැවසුවේ හැ`ඩූ ක`දුළිනි.
30දා හිරු නැගී හෝරා දෙකතුන යනවිට ලැව්ගින්නක් සේ පැතිරගිය ආරංචිය වූයේ ‘‘ඔන්න මේ පාර මහ ඡන්දෙත් පළමුවෙනි දේශපාලන බිල්ල නිවිතිගලින්’’ යන්න ඉස්මතු කරමිනි. ඊට හේතුව වූයේ ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේදී පළමු මිනිස් බිල්ලත් නිවිතිගල ආසනයේ කහවත්ත නගරයේදී සිදුවීම සිහි කරමිනි.

SLMA_24.qxd
උපුල් තුෂාර ඝාතනය කර තිබූ ආකාරය ගැන සිතූ හැම දෙනාම ‘‘අනේ අපොයි, නාමයෝජනා දෙන්නත් ඉස්සර මෙහෙමනම් ඉස්සරහට කොහොම වෙයිදැයි’’ කතා කරන්නට පටන් ගත්හ.


තුෂාරගේ  මව ටී.ඒ. සුමනාවතී (60) මහත්මිය ඒ අවාසනාවන්ත සිදුවීම් පෙළ අප සමග පැවසුවේ දරාගත නොහැකි වේදනාවකිනි.”පුතා මේ දවස්වල උන්නේ පැල්මඩුල්ලේ එයාගේ බිරි`දගේ ගෙදර. දවල්ට දෑල එනවා. එදා හවස හයයි කාලට විතර ගෙදරින් පිටත්වුණේ පැල්මඩුල්ලේ පන්තියට ගිය ළමයාත්, එයාව එක්කං ආපු පුතාගේ නෝනවත් එක්කගෙන ගෙදර යනවා කියලා. අටයි කාලට පන්ති ඉවර වෙන්නේ. වෙනදටත් එයා එහෙමයි කරන්නේ.”


”අට හමාරට විතර පුතාගේ නෝනා කතාකරලා කිව්වා ‘තුෂාර’ තවම ආවේ නෑ කියලා. ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ කියලා කිව්වා. අපි කිව්වා හයයි කාලට විතර ගෙදරින් ආවා කියලා. පස්සේ අපිත් පුතාගේ ෆෝන් එකට කතා කළා. ඒත් ඒක වැඩ කළේ නෑ.”


”පුතාට මොකද වුනේ කියලා අපි කලබල වෙලා හොයන්න පටන්ගන්න කොට දොඹගම්මන වත්තේ ලයිමේ ඉන්න දිනේෂ් කියන ළමයා ටෙලිෆෝන් කරලා කිව්වා තුෂාර අයියට කට්ටියක් ගහලා අමාරුයි, ඇවිත් එයාව ඉස්පිරිතාලෙට එක්ක යන්න කියලා. මගේ මහත්තයා ඇහුව්ව තුෂාර කොහේද ඉන්නේ කියලා. ඩික්සන් අප්පොගේ ගෙවල් පැත්තේ ඉන්නේ කිව්වා.””පැල්මඩුල්ලේ යන්න ගිය අය නොරගොල්ල වත්ත පැත්තේ ගියේ ඇයි කියලා ඇහුවාම දිනේෂ් කිව්වා, තුෂාර අයියා ගෙදරින් පිටත් වෙලා ගාමන්ට් හන්දිය ළ`ගට එනකොට දුනේෂ් ගන්කන්දලා නොරගොල්ල වත්තට ඇවිල්ලා නිසා එන්න කියලා ආපු දුරකතන පණිවිඩයකට යද්දී මැරයෝ මේ විදිහට ගැහුවා කියලා.”


”මගේ මහත්තයා තවත් කිහිපදෙනෙක් එක්ක දිනේෂ් කියපු පැත්තට ගියා. නමුත් පුතා ඉ`දලා නෑ. පාරේ තැනක කැලෑව පොඩිවෙලා තිබුණලූ. එතන පල්ලමෙත් බලලා තුෂාර පුතා හොයාගන්න බැරිවෙලා. එතකොටම පුතා එයාගේ තාත්තාට කෝල් එකක් දීලා ”අනේ තාත්තේ මාව ගෙනියන්න. පල්ලමක ඉන්නේ” කියලා තියනවා. නමුත් ඒ අයට පුතා ඉන්නේ කොතනද කියලා හොයාගන්න බැරිවෙලා. අපිට පොඩි සංඥාවක් දෙන්න ඔයා හොයා ගන්න කියලා හූවක් කියන්න කියලා.”


‘‘එතකොට ටිකක් ඈතින් යාන්තමට හූවක් ඇහිලා තියනවා. කිහිපදෙනෙක් එක්ක අවඥාවට වගේ තිබ්බ හූවක්ලූ.  පස්සේ ඒපැත්තට ගිහිං හිටියේ නැති නිසා අර මුලින් හොයපු පැත්තට ආපහු එනකොට මෝටර් සයිකලය පාර අද්දර තිබුණලූ. තව හොයනකොට පල්ලමෙන් ෆෝන් එකක එළියක් දැකලා බලන කොට තුෂාර පුතා වැටිලා හිටියලූ. එයාව ත‍්‍රීවිල් එකේ දාගෙන රත්නපුර ඉස්පිරිතාලෙට යනගමන් මගදි ඒක නවත්වලා මම පුතාට කතා කළා. පුතා ඇස් ඇරලා බැලූවා. ඇ`ග පුුරාම මඩ. කුඩුගල්වත්ත හරියෙදි පුතාගෙ පණ ගියාලූ.’’ සිද්ධිය විස්තර කරමින් තුෂාරගේ මව පැවසුවාය.

SAMSUNG CAMERA PICTURES

තුෂාරගේ බිරි`ද දරු තිදෙනා සමගින්

 


‘‘දුනේෂ් ගන්කන්ද මහත්තයා ඇවිල්ලා කියලා ආපු කෝල් එක ගැන අපි පස්සේ හොයලා බලපුවාම එයා කොළඹ. එයා ඇවිත් නෑ. මැරයෝ  පුතාව ගෙනියන්න කළ බොරුවක් බව අපිට තේරුණා. පුතාගේ ෆෝන් එකත් පොඩිකරලා තිබුණා. ඒවුනාට ඒකේ ඇති ඒ පණිවිඩය ආපු අංකය. ඒක දුන්නේ පුතා මරපු අය බව නම් විශ්වාසයි.


මේ ඝාතනයට දේශපාලනය සම්බන්‍ධයි කියලා කියන්න හේතුවක් තියනවාද? තුෂාරගේ මව ශෝකයෙන් යුතුව කරුණු පැහැදිලි කළත් අපි ඇසුවෙමු.


‘‘ ..... (කිහිපදෙනෙකුගේ නම් පවසයි.) ඔතන ඉන්නවා ඡුන්දෙත් නැති කොල්ලෝ. උන් පුතාට බොරුවට කෝල් එකක් දීලා ගෙන්නගෙන මේ අපරාධය කරන්න ඇති. ජනවාරි මාසේ ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වුණ දවසට පහුවදා මන්ත‍්‍රීතුමෙකුගේ ළ`ගම ආධාරකාරයෙක් අපේ ගෙදරට ඇවිත් පුතා හම්බවෙලා ‘ තුෂාර ඔයාලා දිනුවනේ. අපිට කරදර කරන්න එපා. අපේ පතල්වලින් හවුල් දෙන්නම්, අපි දේශපාලනේ පැත්තක තියලා කීයක් හරි හම්බ කරගනිමු කියලා. මම ඔයාට වාහනයකුත් දෙන්නම් කියලා පුතාට අතට අත දීලා දෙන්නා එක`ග වුනා. ඒක ඒ තැනැත්තා එක්ක හිටිය අනෙක් අයට ඇල්ලූවේ නෑ. ඒ හින්දයි පුතා මැරුවේ. සන්ධානේ බලය තියැද්දි ඒ අය කරපුවා දැන් කරන්න බෑ. ඒ දේශපාලන කෝන්තරය ගන්නයි පුතා මැරුවේ.’’ තුෂාරගේ මව කීවාය.


මේ අතර මෙම ඝාතනය පවුලේ ආරවුලක් නිසා වූවක් බවට යවන ප‍්‍රචාරය තරයේ ප‍්‍රතික්‍ෂේප කරන බවද ඝාතනයට ලක්වූ තුෂාරගේ නැගණියක වන තමරා උදේනි පැවසුවාය.


‘‘ඝාතකයෝ දැන් ප‍්‍රචාරයක් යවනවා තුෂාර අයියාගේ ඝාතනය පවුලේ ආරවුලක් නිසා වූ එකක් කියලා. ඒක අමූලික බොරුවක්. අපේ පවුලේ අපි බොහොම සමගියෙන් ඉන්නේ. තුෂාර අයියා එයාගේ ළමයින්ගේ ඉස්කෝලේ ගමන් නිසා බිරි`දගේ පැල්මඩුල්ලේ ගෙදර ඉන්නේ. ඒ වුණාට හැමදාම එයා දවල්ට දෑල ගෙදර එනවා. එයා කුකුල්ගල පාරයි, දොඹගම්මන කනත්ත පාරයි කොන්ක‍්‍රීට් කරන්න ලක්‍ෂ දහයක් පාස් කරගෙන පාරෙ වැඩත් පටන් අරං තිබුණේ. මේ සමාජ වැඩ කරනවාට විරුද්ධ පාක්‍ෂිකයන් තරහයි. මෙවර ජනාධිපතිවරණය දවසේ ? තුවක්කු අරගෙන ආව පිරිසක් පහුවදා ඡුන්දෙ දාන්න ගියොත් මරණව කියලා තර්ජනය කළා. ඒ අය කවුද කියලා අපි දන්නවා. .... (නම් කිහිපයක් කියයි). උන් තමයි අයියා මැරුවේ.’’


‘‘අයියාට ඔය අපරාධය කළ දවසේ හවස ගාමන්ට් හන්දිය ළ`ග හිටපු ...... (නම් කිහිපයක් කියයි) අය කියලා තියනවා තුෂාර තව ටික වෙලාවයි නටන්නේ කියලා. ඒ හින්දා අයියා මැරුවේ දේශපාලන වශයෙන් පළිගන්න. එයාලට බලය තිබුණ කාලේ කළ චණ්ඩිකම් දැන් කරන්න බෑ. අයියා ඒවාට ඉඩ දුන්නේ නෑ.’’ තමරා උදේනි පැවසුවාය.


අවුරුදු දහයේ, අටේ සහ අවුරුදු තුන වයසේ පසුවන දියණියන් තිදෙනෙකුගේ පියෙකු වූ උපුල් තුෂාරට මෙවන් ඉරණමක් අත්වූයේ ඇයි.? ඔහු මරා දමන්නට තරම් කළ වරද කුමක්ද? සිද්ධිය ඇසූ හැම දෙනාගේම මුවින් පිටවුයේ ඒ වදනයි.


නිවිතිගල ප‍්‍රදේශයේ දේශපාලන මැර බලය අඩු නැති ප‍්‍රදේශයක් බව රහසක් නොවේ. ගෙවුණු දශක දෙකක පාලනයේදී එය හො`දින් පෙණුනු කාරණාවක් විය. මහේස්ත‍්‍රාත්වරුන්ට පවා සමහරු මැර බලය පෙන්වන්නට ගිය අවස්ථා අතීතයේ නිවිතිගලින් වාර්තාවූ බව ප‍්‍රසිද්ධ රහස්ය.


තට්ටුමාරු දේශපාලනයේ බලය හිමිකරගත් ගම්බද පාක්‍ෂිකයෝ නීතිය අතට ගනිති. ඇළදොළ ගංගා ඉවුරුවල බලෙන් පතල් කපති. පුද්ගලික ඉඩකඩම්වලට පැන ඉල්ලම් ගරාගෙන යති. නීතිය වල්වැදුනි. පීඩාවට පත්වූවෝ ‘කොකාට වාරයක් නම් තිත්තයාට දෙවාරයක්’ යැයි ඇ`ගිලි ගණිමින් සිටියහ.


ජනාධිපතිවරණය ජය ගෙන එජාප ආණ්ඩුවක් ජනවාරි 09දා බිහිවීමත් සමග නිවිතිගලට උදාවූයේ තිත්තයාගේ දෙවාරය යැයි මේ ඝාතනය ගැන මැදිහත්ව බලන නිවිතිගල ප‍්‍රදේශයේ සිටින සාමය අගය කරන සාමාන්‍ය ජනතාව පෙන්වා දෙතිි.


‘‘සන්ධානයට බලය තිබූ කාලයේ බල පරාක‍්‍රමය පතුරුවා හිටිය අයගෙන් කෙනෙක් තුෂාරල එක්ක එකතුවීම නිසා අපි නොදන්න අලූත් දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තිබුණා. හැබැයි මේක ඔය ලොකු ලොක්කෝ නොදන්නවා වෙන්නත් පුලූවන්. සමහරවිට දන්නවා වෙන්නත් පුලූවන්. මේ අර්බුදය ඔඩුදුවලා, පිරිසකගේ බලය එන්න එන්න හීන වීම සමහරවිට මේ ඝාතනයට මුල වෙන්න පුලූවන්. එහෙම බැලූවොත් ඇත්තටම මේක දේශපාලන ඝාතනයක්.’’ සාමාන්‍ය ජනතාවගේ අදහස එයයි.


‘‘දේශපාලන බලයෙන් මත් වෙන්න හො`ද නෑ. හැමෝම යහපත් කල් ක‍්‍රියාවෙන් ඉන්න  ඕනෑ. දැන් බලන්න, මේ මනුස්සයා මරපු මැරයෝ හැංගිලා කියනවා. පහුගිය පෙබරවාරි 15දා රෑ දොඹගම්මන වත්තේ පතල් කපන්න දුන්නේ නෑ කියලා ක්‍ෂේත‍්‍ර නිලධාරී වී.ඩබ්. සරත් විජේතිලකගේ නිල නිවාසයට කඩාවැදුණු මැරයෝ දොළොස් දෙනෙක් විතර ක්‍ෂේත‍්‍ර නිලධාරියාට, ඔහුගේ බිරි`දට, අතදරුවෝ දෙන්නට පහරදීලා තිබුණා. තුවාල ලබපු හතරදෙනා රත්නපුර මහ රෝහලට ඇතුළත් කළා.’’


‘‘ඒ පහර දීපු මැරයන් ගැන නම්ගම් ඇතුව පොලිසියට පැමිණිලිකරලා තිබුණා. නමුත් පොලිසිය කිව්වේ ඒ නම් ඇති අය ගමෙන් ගිහිං ඉන්න තැනක් දන්නේ නෑ කියලා.’’


‘‘ඊට පස්සේ පෙබරවාරි 16දා අගලවත්ත වැවිලි සමාගමට අයත් කර්මාන්තශාලා කම්කරුවන්, වතුකම්කරුවන්, ක්‍ෂේත‍්‍ර නිලධාරීන් වැඩවර්ජනයක නිතර වෙමින් ඒ සිද්ධියේ මැරයන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ ක්‍ෂේත‍්‍ර නිලධාරියාට ඔහුගේ බිරි`දට සහ ළමයින් දෙදෙනාට සහ නිලනිවාසයට පහරදීමේ පිරිස අතර ඝාතනයට ලක්වූ තුෂාරගේ නමත් තිබුණා. මේවා කිව්වාට මහත්තයාල ලියන එකක් නෑ. අද වෙනතුරුත් ඒ සිද්ධියට වුණේ මොකද කියන්න කවුරුවත් දන්නේ නෑ. ටික දවසකින් සිද්ධිය අකාමකා ගියා. චෝදනා ලබපු අය ගමේ සැරිසරන්න වුණා. කෝ ඇල්ලූවාද? දේශපාලන බලය කියන්නේ නීතියත් යටපත් කරන බලයක් මහත්තයෝ.’’ සාමය අගයන නම හෙළි නොකරන්නැයි කාරුණිකව ඉල්ලූ නිවිතිගල ප‍්‍රදේශයේ සමාජ ක‍්‍රියාකාරිකයෙක් තුන්්මසකට ඉහතදී වූ ක‍්‍රියාවලියක් සිහිපත් කළේය.


අපි ඒ ගැන තුෂාරගේ මවගෙන් විමසුවෙමු.


‘‘ඒක බොරු කතාවක්. තුෂාර පුතා ඔය සිද්ධියට සම්බන්‍ධ නෑ. එදත් පුතා ගෙදර ඉ`දලා පැල්මඩුලේ යන කොට ඔය ගැහුවයි කියන සරත් කතාකරලා ප‍්‍රශ්නයක් විස`දා ගන්න එන්න කියලා. දොඹගම්මන වත්තේ පතල් කපපු බව ඇත්ත. තුෂාර පුතා බලෙන් කළා නෙවෙයි. සරත් විජේතිලක කියන්නේ අපේ පාක්‍ෂිකයෙක්. එයාලා ඔක්කොම එකතුවෙලා පතල් කැපුවේ. තව වැඩිපුර පතලයක් දාන්න ගිහිං ගැටලූව මතුවුණේ. හැබැයි තුෂාර පුතා එක්ක ගිය කෙනෙකුට කවුරුවත් ගැහුවොත් එයාට ඒ අසාධාරණය පෙන්නන්න බෑ. පැල්මඩුල්ලේ යන ගමන නවත්වලා පුතා සරත්ගේ බංගලාව ළ`ගට ගියාම තුෂාර පුතා එක්ක ගිය සුපුන් කියලා ළමයකුට සරත් ගහලා තියනවා. ඒ වෙලාවේ සරත්ට වෙන කවුරු හරි ගහලා තියනවා. ඒක වුණේ එහෙමයි. පහුවදා ස්ට‍්‍රයික් එක තිබුණේ වැඩි පඩි ඉල්ලලා. නමුත් සමහරු ඒක පුතාලා අල්ලන්න කළේ කියලා හැරෙව්වා. දැන් ඒක සමාදානයි.’’ තුෂාරගේ මව පැහැදිලි කළාය.
‘‘වසර ගණනාවක් තිස්සේ නිවිතිගල නගරයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට අඩම්තේට්ටම් කරමින් ඔවුන්ගේ, ව්‍යාපාරවලට, දේපල සහ ජීවිතවලට විවිධවූ බලපෑම් කරමින් ගෙනගිය මැරබලයට තිත වැටීම නිසා වියරුවූ පාර්ශ්වයක් මේ අහිංසකයගෙන් පළිගන්න ඇති.’’ එහෙම කියන්නේ උපුල් තුෂාරගේ ඥාතීන් හා ළ`ගම හිතවතුන්ය.


කලකට පෙරදී පෑලදොරින් පලාගිය නිවිතිගල ‘‘සාමය’’ තවමත් ආපසු පැමිණ නැත. දේශපාලන බලය එකිනෙක මාරුවෙද්දී නීතිය වල්වැදීම තවත් වැඩිවෙයි. ගම් මට්ටමේන් දේශපාලනය කරටගත් පිරිස් පාලනය කිරීම ද සමහර දේශපාලන නායකයන්ට ගැටලූවකි. මාසයකට පමණ පෙරදී රටට රහසක්වුණු එහෙත් නිවිතිගලට ප‍්‍රසිද්ධ රහසක් වුණු සිදුවීමක් සිහිපත් කළේ මැදිවියේ සමුපකාරිකයෙකි.


‘‘පසුගිය මැයි මාසේ 30දා නිවිතිගල සමුපකාර සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තෝරාගන්නා ඡන්දෙ තිබුණා. නිවිතිගල නගරයේ තියෙන සමුපකාර ගොඩනැගිල්ලේ දෙවන මහලේ ඡුන්දෙ තිබුණේ. ඡන්දය පැවැත්වුණ දෙවැනි මහලට ඇතුළු වෙන්න අවසරය ලැබුණේ ශාඛා සමිතිවලින් ඡන්දය හිමි අයට පමණයි. නගරයේ හැම තැනම පොලිස් ආරක්‍ෂාව තිබුණා.’’


‘‘ඡුන්දේ ගණන් කරලා ප‍්‍රතිඵල කියන්න හදනකොට මැරයෝ ටිකක් එතනට කඩා වැදිලා ඡන්ද පත‍්‍රිකා ඇතුළු ලේඛන සේරම පැහැරගෙන ගියා. ඡන්දෙන් යූ.ඇන්.පී. එකේ කාණ්ඬේ පරාදයි කියලා ආරංචිවෙලා මේක කළේ. එදා ඒ ආපු මැරයන් අතර ඔය ඝාතනය ලක්වුණ උපුල් තුෂාරත් හිටියා. ඒ අයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වුණාද? ජීවිත බයට කවුරුවත් පැමිණිලි දාන්නේ නෑ. මෙවා මාධ්‍යවල ගියෙත් නෑ. තිත්ත ඇත්ත  ඕක මහත්තයෝ.’’ මේ මැදිවිය ඉක්මවූ සමුපකාර ක‍්‍රියාකාරිකයා කියූ කතාව තව තැන් ගණනාවකදී තහවුරු කරගැනීමට හැකිවිය.


මේ චෝදනාව සම්බන්‍ධයෙන් ද තුෂාරගේ මව වූ ටී.ඒ. සුමනාවතී මහත්මියගෙන් විමසුවෙමු.‘‘එහෙම කතාවක් තිබුණා. ඒක සමාදානයෙන් බේරා ගත්තනේ. දැන් ඒක ඉවරයි. පහුගිය කාලේ කරපු වැඩ ගැන පුතාට කේන්තියක් තියෙන්න ඇති.’’ ඇය කීවා ය.


තුෂාරගේ අකල් වියෝවෙන් තුෂාරගේ බිරි`ද ඩබ්.ජේ. සුනේත‍්‍රා මල්ලිකා, දියණියන් වන ජනනී (10), ඉමාෂී (8), දිමාෂී (3) මෙලොව තනිවී සිටිති.

m



අදහස් (0)

ඡන්ද උණුසුම පටන් ගනිද්දීම නිවිතිගලින් බිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 343 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 44 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 70 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 286 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 186 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 93 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 639 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 474 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site