IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඡන්ද ගණනින් හැමදේම මනින්න බෑ

ආණ්ඩුවේ ජය, ස.ජ. බලවේගයේ ජයග්‍රහණය, එජාපයේ පරාජය ගැන සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර බෙදීම පිළිබඳ ගැටලු හා ආණ්ඩු පාලනයේ ඉදිරි දැක්ම ආදී කරුණු රාශියක් ගැන කතාබහට අද එක්වන්නේ ස.ජ.බ. ජාතික ලැයිස්තු ධූරාපේක්ෂක ඉරාන් වික්‍රමරත්න මහතාය.

ප්‍රශ්නය:- ජනාධිපතිවරණයක් පරාජය වී කෙටි කලෙකින් සජිත් ප්‍රේමදාස කඳවුර මහමැතිවරණයකින් දැවැන්ත පරාජයක් ලැබුවා. ඇත්තටම ඔබලාට වැරදුණේ කොතැනද?
පිළිතුර:- පොහොට්ටුවට ජනාධිපතිවරණයේදි ලැබුණු ඡන්ද පොඩ්ඩක් අඩු වුණත් ඒ වගේම ලැබුණා. සංඛ්‍යාත්මකව බලද්දි දෙමළ හා මුස්ලිම් පක්ෂවල ඡන්ද අත්හැරියාට තවත් ඡන්ද ලක්ෂ දහ අටක් විතර මෙවර අපට ලැබිලා නෑ. ඒ ඡන්ද පොළට නොගිය එක්සත් ජාතික පාක්ෂිකයන්. ඔවුන් ඡන්ද පොළට නොයන්න හේතු ගණනාවක් තිබෙනවා. ඔවුන් කොහොමත් යූ.එන්.පී එකට ඡන්දය දෙන්න ලෑස්ති නෑ. අපට දෙන්නත් අදිමදි කළා. සමගි ජනබලවේගය ඇත්තටම පක්ෂයක්ද, ඒකට දෙන ඡන්ද අවලංගු වෙන්න පුළුවන්ද වගේ විවිධ බොරු ප්‍රචාරත් කළානෙ. මේ බෙදීම ගැන පැහැදිලිකමක් තිබුණෙත් නෑ. අනෙක් අතට​ කොරෝනා වගේ තත්ත්වයත් බලපෑවා. ගණනය බැලුවාම මෙහෙම විස්තර කරන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් කොරෝනා හොඳට කළමනාකරණය කළ බවට හොඳ මතයක් හැදුවා. දෙවැනිව ජනමාධ්‍ය පාවිච්චි කරලා බලාපොරොත්තු ඇති කළා. ඉතින් ඒ බලාපොරොත්තු යටගහන්න ඉඩනොදෙන්නත් මම හිතන්නේ දැන් ජනමාධ්‍යට වගකීමක් තිබෙනවා. අපි මැතිවරණ ප්‍රතිඵලයට ජනතා මතයට හිස නවනවා. ඒ වගේම ආණ්ඩුවටත් බහුතර බලයක් ජනතාව දීලා තිබෙනවා. නිදහසට කරුණු නොකියා බැහැලා වැඩ කරන්නයි දැන් තියෙන්නේ.

ප්‍රශ්නය:- සමගි ජනබලවේගයේ ජයග්‍රාහී අපේක්ෂකයන්ගෙන් තුනෙන් එකක්ම දෙමළ හා මුස්ලිම් ජාතිකයන්. මෙම සංයුතිය සැලකූ විට ඔබලාට අහිමිව තිබෙන්නේ සිංහල ඡන්ද යැයි කීවොත් එය වැරැදිද?
පිළිතුර:- සාධාරණව බැලුවොත් අහිමි වෙලා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන පිරිසයි. ඔව්. ඒ අයගෙන් වැඩි පිරිස සිංහල පාක්ෂිකයන් කියන්න පුළුවන්.

ප්‍රශ්නය:- එහෙත් දැනටම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සමගි ජනබලවේගයේ ජාතිකත්වය මත පදනම් වූ දේශපාලන කණ්ඩායම් ඉල්ලීම් කරනවා. මේ ගැන ඔබ මොකද හිතන්නේ?
පිළිතුර:- අපේ චින්තනය එකමුතු රටක්. අපට ජාතිවාදයක් වගේම ආගම්වාදයක් කුලභේදයක් නෑ. හැබැයි අපේ චින්තනය ඒක යැයි කියලා කවුරු හරි අපිව බිත්තියට හේත්තු කරන්න හදනවා නම් ඒකට ඉඩදෙන්න බෑ.  

ප්‍රශ්නය:- තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවක් සමග වැඩ කරද්දි විපක්ෂයට තිබෙන කේවල් කිරීමේ බලය ඉතාම අඩුයි. සමගි ජනබලවේගය වැඩ කරන්නේ කොහොමද?
පිළිතුර:- 2010 දිත් විපක්ෂයක් හැටියට අපට හිටියේ මන්ත්‍රීවරු හතලිස් ගණනයි. මමත් ඒ පාර්ලිමේන්තුවේ අලුත් මන්ත්‍රීවරයෙක්. ඒත් අපි විපක්ෂයේ කාර්යභාරය හරියටම බැහැලාම කළා. ඉතින් දැන් තුනෙන් දෙකක බලයකුත් තිබෙද්දි ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුවට පහසුයිනෙ. ජනතාවට හිතකර තීන්දුවලදී ආණ්ඩුවට අපේ සහාය ලබාදෙනවා. ඒ අය එහෙම නොකරන තැනදි අපට අනිවාර්යයෙන්ම විරුද්ධවීමට වෙනවා. සංඛ්‍යාව අඩුවුණාට අපට ලොකු කාර්යභාරයක් තිබෙනවා. ඡන්ද සංඛ්‍යාවෙන් හැමදේම මනින්න බෑ.

ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජනබලවේගයේ අසමගිය නිසා පොදුජන පෙරමුණට වැඩි වූ ඡන්ද ප්‍රතිශතයෙන් තමන්ගේ ආසන සංඛ්‍යාවත් අඩු වූ බවට ජාතික ජනබලවේගයේ ඇතැමුන් චෝදනා කරනවා. ඇත්තටම මාතරදි හඳුන්නෙත්තිට වුණේ ඒ වැඩේ නේද?
පිළිතුර:- ලංකාවේ සමාජයේ යම්කිසි වෙනසක් වෙලා තිබෙනවා. ඒත් දේශපාලන පක්ෂවල වෙනස්වීම ප්‍රමාදයි. සමගි ජනබලවේගය නිර්මාණය වෙලා තිබෙන්නේ ඒ සමාජ වෙනස දැකලා ඒකට ඔබින විදියට. අලුත් නායකත්වයක් හදන්නට වෘත්තියවේදීන්ගෙන් සමන්විත අලුත් පෙරමුණක් හදන්නට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණයක් ගත්තා. රිබ්‍රෑන්ඞ් එකක් ඕනෑ වුණේ. කෘත්‍යාධිකාරියේ බහුතරය හිතුවත් ඒකට ඉඩ ලැබුණේ නෑ. පක්ෂයේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදීකරණයට ඉඩලැබුණේත් නෑ. ජනමතය තේරුම් ගත් නිසා තමයි අකමැත්තෙන් හෝ එලියට බහින්න සිදුවුණේ. මේ රටේ ඒ වෙනස තව අවුරුදු දෙක තුනකින් පැහැදිලි වෙයි.

ප්‍රශ්නය:- සමගි ජනබලවේගය ගැන අසත්‍ය තොරතුරු ජනගත වුණා යැයි ඔබ කිව්වා. ඒත් ස.ජ.බයේ පිරිස්වල එ.ජා.ප පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එ.ජා.පය කටයුතු කළා. තාම එ.ජා.ප පෙකණිවැල කපලා නැද්ද?
පිළිතුර:- සමගි ජනබලවේගය කියන්නේ පක්ෂයක්. අලුත් පක්ෂයක්. අලුත් නායකයන් හා අලුත් චින්තනයක් සහිත පක්ෂයක්. අනෙක් පක්ෂ සමග වැඩ කිරීමට අපි විවෘතයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයටත් අපි දොර විවෘත කරලා තිබෙන්නේ. ඒක එ.ජා.පය ගන්න ඕනෑ තීරණයක්. අපේ ප්‍රතිපත්තිවලට එකඟ නම් එකට වැඩකරන්න පුළුවන්. ජනමාධ්‍ය ගැන ඇහුව නිසා කිව්වොත් ජනමාධ්‍යයෙන් අපට සාධාරණයක් වුණේ නෑනෙ. විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය මේ රටේ ජනමතයක් නිර්මාණය කළානෙ. ජනමාධ්‍ය දැන් ඒ ගැන හොයන්න ඕනෑ.

ප්‍රශ්නය:- සමගි ජනබලවේගයට එ.ජා.පයෙන් ගන්න දැන් කිසිම දෙයක් නැද්ද? සිරිකොතට අයිතියක් කියන්නෙම නැද්ද?
පිළිතුර:- නෑ. ඔය කතාවත් හැදුවෙ ජනමාධ්‍ය. ඕක සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලිව කිව්වානෙ. අපට ගොඩනැගිල්ලක් ඇල්ලීමේ කිසිම අරමුණක් නෑ. අපට තිබෙන්නේ මිනිස්සු අපේ මතයට හරවාගන්න එකයි. අපි දැන් මේ රටේ ප්‍රධාන විපක්ෂය. අපේ පක්ෂයට වෙන්නේ මාස ගණනයි. ක්‍රියාකාරිව සති ගණනාවයි. කෙටි කාලයකින් මේ රටේ හැම දිස්ත්‍රික්කයේම මන්ත්‍රීවරුන් පත්කිරීමට අපට හැකිවෙලා තිබෙනවා. එක පැත්තකින් සංඛ්‍යාත්මක පරාජයක් තිබුණත් අනෙක් පැත්තෙන් පක්ෂයක් හැටියට ගත්තොත් ජයග්‍රහණයක් තිබෙනවා. මේ රටේ දැන් තිබෙන එකම විකල්පය අපි කියලා පෙන්වලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයටත් ඕනෑ නම් අපි එක්ක එකතු වෙලා මේ ගමන යන්න පුළුවන්.

ප්‍රශ්නය:- ආණ්ඩුවට සහාය දැක්වීමට විපක්ෂයේ පිරිසක් සූදානම් බවට මාධ්‍ය වාර්තා පළවෙනවා. මේ කියන පිරිස අතරේ සමගි ජනබලවේගයේ අය නෑ කියල ඔබට සහතික වෙන්න පුළුවන් ද?
පිළිතුර:- ආණ්ඩුවක් හැමතිස්සෙම බලන්නේ තමන්ගෙ බලය තහවුරු කරගන්නනෙ. ඔබේ ප්‍රශ්නයට අනුවම ආණ්ඩුව තුනෙන් දෙකකුත් තියාගෙන විපක්ෂයේ අය බාගන්න බලනවා නම් එයින් පෙනෙන්නේ තමන්ගෙ බහුතර බලය දිගටම තියාගන්න පුළුවන්ද කියලා විශ්වාසයක් නැතිකමනෙ. එහෙම දෙයක් සිදුවෙනවා නම් ඒක මට පුදුමයක්.

ප්‍රශ්නය:- 19 වැනි සංශෝධනය ඕන නෑ කියලා ආණ්ඩුවේ ප්‍රධාන කථිකයන්ම කියනවා. 19 යේ නිර්මාතෘ කණ්ඩායමක් හැටියට මේ දේශපාලන යෝජනාව ගැන මොකද හිතන්නේ?
පිළිතුර:- පළමුව කියන්න ඕනේ මේ 19 වැනි සංශෝධනය ගේන්න හේතු තිබුණා. එවක හිටපු ජනාධිපතිතුමා ධුරයේ වාර සීමා අහෝසි කරලා ජීවිත කාලයටම බලයේ ඉන්න තමයි ව්‍යවස්ථාව හැදුවෙ. අපි ඒකට එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කුමන හෝ සීමාවක් පැවැතිය යුතුයි. දෙවැනි එක අගවිනිසුරු ධුරයට පත් පළමු කාන්තාව පන්නලා දාලා අධිකරණය විධායකයට යටත් කළා. මේ රටේ මිනිස්සු ඒකත් ප්‍රතික්ෂේප කළා. අපි 19න් කළේ විධායක ජනාධිපතිවරයාගේ ඒ අත්තනෝමතික බලය සීමා කරලා ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීම. විධායකයේ බලය පාර්ලිමේන්තුවට වගකියන තැනකට ගෙනඒමයි. ස්වාධීන කොමිෂන් සභාවලට වගේම ඉහළ තනතුරුත් 19ට පෙර වගේ පසුත් පත්කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඒත් ව්‍යවස්ථා සභාවට එසේ පත්කරන පිරිස් සුදුසුද කියලා සෙවීමේ අවස්ථාවක් දැන් තිබෙනවා. වෙනස එච්චරයි. නමක් ප්‍රතික්ෂේප වුණොත් අලුතින් කෙනෙක් පත්කරන්නෙත් ජනාධිපතිවරයාම තමයි. මේකෙ අඩුපාඩු තිබෙනවා නම් ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඒත් මේ ආණ්ඩුවට එහෙම ගැටලුවක් එන්න බෑ.

ප්‍රශ්නය:- ව්‍යවස්ථාවක් කියන්නේ නෛතික තර්ක මත ගොඩනැගීමක්. 19 මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙන්නම බෑ කියන්නේ කොහොමද?
පිළිතුර:- ඇයි ඉතින් අයියයි මල්ලියි රට පාලනය කරනවා නම් තවත් බලය තහවුරු කරගන්න හදන්නේ මොකටද? තිබෙන බල රාමුව තුළ වැඩ කරන්න පුළුවන්නෙ. අඩුපාඩු සාකච්ඡා කරන්න පුළුවන්. නැත්නම් එදා වුණ දේ තමයි නැවතත් මේ වෙන්න යන්නේ.

ප්‍රශ්නය:- ආණ්ඩුවේ ආර්ථික දර්ශනය ක්‍රියාවට නැගීම ආර්ථික ක්‍ෂේත්‍රයේ ප්‍රාමාණිකයකු හැටියට ඔබ දකින්නේ කොහොමද?
පිළිතුර:- රට තිබෙන්නේ විශාල ආර්ථික අර්බුදයක කියලා කවුරුත් දන්නවා. මිනිස්සු ගතකරන්නේ ඉතා දුෂ්කර ජීවිතයක් වුණත් බදු බර අඩු කරලා නෑ. කුඩා ව්‍යාපාරිකයන් දේශීය වෙළෙඳපොළෙන් ජාත්‍යන්තරයට ගෙනයෑමේ සිට ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි අපේ ප්‍රතිපත්ති මාලාවෙන් කරුණු ඉදිරිපත් කළා. අපි කතා කළේ ප්‍රාග්ධනය සම්පාදනය ගැනයි. අපට ආර්ථික සැලැස්මක් විතරක් නෙවෙයි. එය ඉදිරිපත් කිරීමට කණ්ඩායමක් ඉන්නවා. ඒ අයත් රට වටේ ගියානෙ. නොයෙක් පොරොන්දු දුන්නනෙ. දැන් වගකීම තිබෙන්නෙත් ඒ අයටයි. ආර්ථිකය පැත්තෙන් ජනතාවට හිතකර පියවර ගනිද්දි අපි සහාය දෙනවා. අපි විපක්ෂයනෙ දැන්.

ප්‍රශ්නය:- යහපාලන සම්මුතියේ කොටස්කාරයකු වූ හිටපු ජනාධිපතිවරයා නම් මේ ආණ්ඩුවේත් කොටස්කරුවකු වී ආසන 15ක් දිනාගෙන සිටිනවා. සම්මුතිගත වීමෙන් වරදක් වුණා කියලා හිතනවද?
පිළිතුර:- ඒ ක්‍රියාවලියේ සෘණ පැති වගේම ධන පැතිත් තිබෙනවා. උදාහරණයකට 19 වැනි සංශෝධනය කියන්නේ එහි ධන පැත්තක්. ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීමක්. තොරතුරු දැනගැනීමේ පනත කියන්නේ ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීමක්. ආර්ථික වර්ධන වේගය අඩු වුණත් අයවැය හිඟය පහළට ආවා. උද්ධමනය අඩු වුණා. දශක ගණනකට පසු ප්‍රාථමික ඉතිරියක් තිබුණා. සෘණ පැතිත් තිබුණා. පාලනය පිළිබඳව ප්‍රශ්න තිබුණා. හොරු අල්ලනවා කිව්වාට නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාද තිබුණා. හිටපු ජනාධිපති හා අගමැති යන නායකයන් යහපාලනය කඩාවැටීමේ වගකීම ගන්න ඕනෑ.  

ප්‍රශ්නය:- ඡන්දපොළට නොගිය එ.ජා.ප පාක්ෂිකයන් සමගි ජනබලවේගයට දිනාගත හැකි යැයි ඔබ හිතනවාද? පවතින තත්ත්වය යටතේ ස.ජ.බට තිබෙන්නේ විශාල අභියෝගයක් නේද?
පිළිතුර:- ඔව්. අපිට අභියෝගයක් තිබෙනවා. අපි ක්‍රමානුකූලව ජනතා අභිලාශ තේරුම්ගෙන ඉදිරියට යනවා. සමගි ජනබලවේගය කිසිම වෙලාවක ජනතා අභිලාශ මිස පුද්ගලික අභිලාශ මත ගමන්කිරීමට ඉඩක් නෑ. සියලු පුරවැසියන්ට සමානව සලකන එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අපේ අරමුණයි. කාටවත් අපිව ඒ චින්තනයෙන් එළියට දාන්න බෑ. අපි ඒවාට යටවෙන්නෙත් නෑ. ශක්තිමත් නායකයෙක් හා කණ්ඩායමක් අපට ඉන්නවා. ඔවුන් දූෂණයට එරෙහි කණ්ඩායමක්. අපි එයින් අලුත් රටක් ගොඩනගනවා.

(*** සංවාද සටහන  - බිඟුන් මේනක ගමගේ)



අදහස් (5)

ඡන්ද ගණනින් හැමදේම මනින්න බෑ

Bamunuarachchi Tuesday, 11 August 2020 01:33 PM

ඡන්ද ගණනින් හැමදේම කරන්න බැරිවුණාට ආණ්ඩුවක් පෙරලන්නේ හෝ ආණ්ඩුවක් පත්කරන්න පුළුවන් වෙන්නේ ඊටපසු ඕනෑම දෙයක් කරන්න පුළ්වන් වෙන්නේ ඊට පසුවනේ.. දැන් පුළුවනි විරුද්ධ පක්ෂයට වාඩිවෙන්න බංකු දෙනවද කියලත් තීරණය කරන්න.

:       51       162

Bamunuarachchi Tuesday, 11 August 2020 01:36 PM

ඔයගොල්ලෝ විපක්ෂයට ගියාම ... ආණ්ඩුවේ වැඩවලට විරුද්ධව කතා කරනවා. නමුත් ආණ්ඩුව ගෙනියන්න බලය ලැබුණාම රටට වැඩක් කරන්නේ නැහැ. තමන්ට වැඩක් කරගන්නවා.

:       2       157

විජේ Tuesday, 11 August 2020 06:42 PM

සහතික ඇත්ත. නැත්තං කොහොමද අවස්ථාවාදීන් මෙහෙම සැපෙන් ඉන්නේ?

:       0       0

ගල් බමුණා Wednesday, 12 August 2020 12:57 PM

බමුණුආරච්චි කලාතුරකින් ඇත්තක් කියනවා. ඡන්ද ගණන කියන්නේ සියලුම දේ නොවුණාට ආණ්ඩු හදන්න.. ඉන්පසු ඕනෑ දෙයක් කරගන්න පුළුවන් කියලා කිව්ව එක ඇත්ත. ඒක මේ මන්ත්‍රියාට තේරෙන්නේ නැතිවෙන්න එච්චර මොලයක් නැහැ. එක්කෝ කපටිකමට මෝඩ පාක්ෂිකයන් අන්දන්න හදනවා. පරාජයට නිදහසට කාරණා හොයන්නේ නැතිව කපටින්ගේ කතා වලට රැවටිලා පක්ෂයක් බිඳගෙන ගිය එකෙහි ප්‍රතිඵලය තමයි ඔය ලැබුණේ... මහින්ද කළ දෙය සජිත්ට කරන්න බැහැ.. එ්ක තේරුම් ගන්න මහා දේශපාලන දැනුමක් ඕනෑ නැහැ. මහින්ද කියන්නේ හොඳට හෝ නරකට යුද්ධයක් දිනපු නායකයෙක්... ඒ දෙය අවුරුදු 30 මේ රටේ පත්වුණු නායකයින්ට කරගන්න බැරි වුණු දෙයක්, එ්ත් සජිත් කියන්නේ තමන්ගේ තාත්තාගේ හෙවනැල්ලෙන් ගැලවෙන්න බැරි දේශපාලකයෙක්.., එහෙම මිනිහෙක් කිව්වාට මිනිස්සු ඡන්ද දෙන්නේ නැහැ. ඊට වඩා මහින්ද විශ්වාසයි.. එ්ක තමයි මෙතන වුනේ..., කලින් ජනාධිපතිවරණයේදීත් වුණේ එකම තමයි. දැන් කරන්න තියෙන්නේ ආණ්ඩුව පිරිහෙනකම් බලා ඉන්න එක තමයි...

:       4       5

විජේ Friday, 14 August 2020 03:41 AM

සහතික ඇත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 64 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1383 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 641 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 200 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4628 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12964 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site