නොවැම්බර් 14 වැනිදාට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා භාර ගැනීම ඊයේ (11) අවසන් විය.
සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් දින තුනකට පසු පාර්ලිමේන්තු විසුරුවා හැර නාම යෝජනා භාරගැනීම් සතිය එදින සිට දින දහයකින් ආරම්භ වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශයට පත් කිරීම නිසා අවශ්‍ය දේශපාලන පෙළ ගැසීම් සකස් කර ගන්නට බොහෝ දේශපාලන පක්ෂවලට කාලය මද වී එම පක්ෂ දුෂ්කරතාවට පත් වූ බවක් පෙනෙන්නට තිබිණි.
වාසුදේව නානායක්කාර මහතාගේ නව වාමාංශික පෙරමුණ හා කැබලිවලට කැඩී ගොස් ඇති අතර පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කණ්ඩායම් යන එන මං නැතිවදෝ අනුර කුමාර දිසානායක මහතාගේ ජාතික ජන බලවේගය සමඟ එක්වීමට කැමැත්ත පළකොට ඇත. එහෙත් මෙතෙක් රට පාලනය කළ පක්ෂවල හා ඒවා සමඟ මෑතක් වනතෙක් කටයුතු කළ පක්ෂවල කිසිවකු තම ගමනට එක් කරන්නට ජාතික ජන බලවේගය සූදානම් බවක් නොපෙනේ.
ජනාධිපතිවරණයේ දී එවකට ජනාධිපතිව සිටි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරග කළේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ගෑස් සිලින්ඩරය ලකුණ යටතේය. ඔහුට පොදුජන පෙරමුණේ හා ශ්‍රීලනිපයේ ඇතැම් කණ්ඩායම් සහ ජීවන් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහය දුන්නේය. යම් යම් අලුත් අභ්‍යන්තර පෙළගැසීම් සහිතව වුවද එම කණ්ඩායම් මහ මැතිවරණයේ දී ද එක්ව තරග කරති.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අලුතින් පිහිටවූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ හා ජනතා විමුක්ති පෙරමුණෙත් නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා ආරම්භ කළ දෙවන පරපුර ද මහ මැතිවරණයට තරග කරන බව නිවේදනය කොට තිබේ.
මෙවර මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය හැර අනෙක් පක්ෂ පවසන්නේ තමන් ප්‍රධාන විපක්ෂය වීම සඳහා තරග කරන බවය. එම පක්ෂ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් ලැබෙන බවට ලෝකයට පෙනෙන්නට හෝ පවසන්නේ නැත. ඒ අතර සමඟි ජන බලවේගය තුළද යම් යම් හැලහැප්පීම් ඇති බව පෙනේ.
ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයෙන් ජයගැනීම රටේ දේශපාලන පක්ෂ තුළත්, නිලධාරි තන්ත්‍රය තුළත් යම් ආකාරයක කම්පනයක් ඇති කොට ඇති බව පෙනේ. ජාතික ජන බලවේගය සමාජ – දේශපාලන ක්‍රමය තුළ වෙනසක් ඇති කිරීමට ප්‍රතිඥා දෙමින් බලයට පත්වීම ඊට හේතුවිය යුතුය. මේ කම්පනය නිසා දුම්මල ගසාවත් දේශපාලන පොර පිටියෙන් එළවා දැමිය නොහැකිව සිටි පිරිසක් මෙවර ස්ව කැමැත්තෙන්ම මහ මැතිවරණ පොර පිටියෙන් ඉවත්වී සිටිති.
ජාතික ජන බලවේගයේ ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමයි. එය ඔවුනට බරපතළ ලෙස ජනගත කරන්නට හැකිවූයේ 2022 ඇතිවූ අරගලය නමින් පොදුවේ හැඳින්වුණු ජනතා නැඟිටීමේ ප්‍රධාන සටන් පාඨය ද ‘සිස්ටම් චේන්ජ්’ වීමය. ජාතික ජනබලවේගය තම සටන් පාඨය කෙතරම් දුරට සමාජ ගතකොට ඇත්දයත් අනෙක් බොහෝ පක්ෂවලට ද ඒ හා සමාන අදහස් පොරොන්දු වශයෙන් දෙන්නට සිදුවී තිබේ. එහෙත් මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම එතරම් සරල කාරණයක් නොවේ. එසේම එය ජාතික ජනබලවේගයට තරම් අනෙක් පක්ෂවලට පහසු දෙයක්ද නොවේ. ඉන් අදහස් කෙරෙන්නේ ජාතික ජනබලවේගයට එය ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් යන්න නොවේ.
දූෂිත සංස්කෘතිය දේශපාලනඥයන්ට පමණක් සීමාවූවක් නොවේ. එය සමස්ත සමාජයම වසාගත් එකකි. සමාජයේ ඉහළම බලවතාගේ සිට පහළම සාමාජිකයා දක්වා සියල්ලෝ එහි කරවටක් ගිලී සිටිති. කෙසේ වෙතත් එය වෙනස් කරන්නේ නම් එය ප්‍රධාන වශයෙන්ම කළ යුතු වන්නේ දේශපාලනය ඔස්සේය. අධ්‍යාපනය හා ආගම ද එම ක්‍රියාවලියට රුකුල් දෙක තත්ත්වයක පැවතුණහොත් එම ක්‍රියාවලිය පහසු වනු ඇත.
වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එවැනි ක්‍රියාවලියක් ආරම්භ වනු ඇතැයි යන සුබවාදී අපේක්ෂාවෙන් අප මේ දෙස බැලුව ද ඒ සඳහා ඔහුට පාර්ලිමේන්තුවේ සහාය ලැබීම අනිවාර්ය අවශ්‍යතාවකි. පාර්ලිමේන්තුවේ බලය කුමන පක්ෂයකට හෝ කුමන කණ්ඩායමකට තිබුණද එය මෙම ක්‍රියාවලියට අනුරූප නොවන්නේ නම් සමාජ ක්‍රමයේ වෙනසක් කිරීම සිහිනයක් වනවා පමණක් නොව ජාතික ජන බලවේගයේ විශ්වාසනීයත්වය ද එතැනින්ම අහෝසි වන්නට ඉඩ ඇත. මේ සඳහා පාර්ලිමේන්තුවේ බලය පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ ගුණාත්මකභාවය ද අතිශයින්ම වැදගත් වේ. මෙතෙක් අප දුටුවේ මුදල් ඉපයීම ප්‍රධාන අරමුණ කොටගත් මන්ත්‍රීවරුන් බහුතරයකගෙන් සමන්විත පාර්ලිමේන්තුය. 2022 මහජන නැගිටීමේදී ‘‘225’’ ම එපා’’යන සටන් පාඨය කරළියට පැමිණියේ ඒ අනුවය.
manthri.lk වෙබ් අඩවිය මගින් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව විමසා බලන වෙරිටේ රිසර්ච් ආයතනය විසින් 2020මහ මැතිවරණයට පෙර කරන ලද සමීක්ෂණයක් අනුව ඒ වනවිට පැවැති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 102 දෙනකුම කලින් සිටි මන්ත්‍රීවරුන්ගේ පවුල් සබඳතා මගින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවන්ය.
මෙය අතීතයේ සිටම පවතින තත්වයකි. බොහෝ මන්ත්‍රීවරියන් පාර්ලිමේන්තුවට තේරුණේ ඔවුන්ගේ සැමියන් හෝ පියවරුන් ඝාතනය වීම නිසා ජනතාව අතර ඔවුන් කෙරෙහි ඇති වූ අනුකම්පාව නිසාය. සිරිමා බණ්ඩාරනායක, ශ්‍රීමා දිසානායක, ශ්‍රීමනී ඇතුළත්මුදලි, හේමා රත්නායක හා සුමේධා ජී. ජයසේන ඉන් කිහිප දෙනෙකි. එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පවුලේ සාමාජිකයන් පස් දෙනාගෙන් සිවු දෙනකුම පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඉන් තිදෙනෙක්ම රාජ්‍ය නායකයෝ වූහ.
පවුල් පසුබිම නිසා පාර්ලිමේන්තුවට තේරී පත් වීම සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය කළ ඉහත සඳහන් සමීක්ෂණය අනුව ඒ වනවිට පැවැති පාර්ලිමේන්තුවට පවුල් පසුබිම අනුව තේරී පත්වූ 102ගෙන් 80දෙනෙක්ම අඩු තරමින් තම ඡන්දදායකයන්ගේ මළ ගෙයකට හෝ සහභාගි නොවූ අතිශයින්ම ‘‘නරක’’ පුද්ගලයෝ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගුණාත්මක බව වඩාත්ම පිරිහුණේ 1970න් පසුය. එම වසරේ පැවැති මහ මැතිවරණයෙන් සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් වූ සමඟි පෙරමුණ ආණ්ඩුවට තුනෙන් දෙකකට වැඩි බලයක් ලැබීම ඊට ප්‍රධාන හේතුව විය. ජේ.ආර්. ජයවර්ධන මහතා නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් 1977 පැවැති ඊළඟ මැතිවරණයේදී ලැබීම නිසා තත්වය තවදුරටත් නරක අතට හැරිණි. 1977 සිට 1994 දක්වා පැවැති බොහෝ ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ ඡන්ද විමසීම්වලදී තුවක්කු අතට ගත් ඇතැම් මන්ත්‍රීවරු ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවලට කඩා පැන ඡන්ද කොල්ල කෑහ. විරුද්ධ පක්ෂවල රැස්වීම්වලට කඩා පැන ඒවා කඩාකප්පල් කළහ.
ඉන්පසු බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී පළාත් පාලන මට්ටමෙන් පත්වූ මහජන නියෝජිතයෝ ප්‍රසිද්ධියේ මිනිසුන් ඝාතනය කළහ. තංගල්ලේ සිදුවූ එවැනි සිදුවීමට සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ වසරකට පසුවය. ඝාතනයට ලක්වූ ඉන් එක් අයකු බ්‍රිතාන්‍ය ජාතිකයකු වූයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නට බලධාරීන්ට බලකරන්නට බ්‍රිතාන්‍ය රජයට පවා සිදුවිය.
ප්‍රතිපත්ති ගරුක හා දූෂණයෙන් තොර රාජ්‍ය පාලනය පිළිබඳ විවිධ ආයතන විවිධ කාලවලදී විවිධ යෝජනා ඉදිරිපත් කොට ඇත. එහෙත් දේශපාලනඥයෝ ඒවා ප්‍රසිද්ධියේ පිළිගෙන ප්‍රසිද්ධියේම ඒවාට පිටුපාති. 2015 පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කොටගෙන එම වසරේ මාර්තු 12 වැනිදා නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆ්රල් ආයතනය අපේක්ෂකයන් තෝරාගැනීම පිළිබඳව නිර්නායක අටකින් යුත් ප්‍රකාශනයක් නිකුත් කළේය. එම අවස්ථාවට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම පාහේ ප්‍රධානීන් සහභාගී වී ඊට අත්සන් කළහ.
අල්ලස් හා දූෂණයෙන් තොරවීම, සමාජ විරෝධී ව්‍යාපාර කටයුතුවලින් වැළකීම, පරිසර හිතකාමීවීම, දූෂිත මුදල් ගනුදෙනුවල නිරත නොවීම, ඡන්දදායකයන්ට සමීප වීම, අපරාධකරුවකු නොවීම, බලය අයුතු ලෙස යොදා නොගැනීම යන නිර්නායක අපේක්ෂකයන්ට අදාළ වූ අතර කාන්තාවන්ට හා තරුණයන්ට අවස්ථාවක් දීම පක්ෂවළට අදාළ නිර්නායක විය. එහෙත් එම වසරේ අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන පක්ෂ මෙම ‘‘මාර්තු 12 ප්‍රකාශනය’’ මුළුමනින්ම නොතකා හැරියහ. එය කෙතරම්ද යත් මිනීමැරුමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ප්‍රේමලාල් ජයසේකර පවා බන්ධනාගාරයේදීම නාම යෝජනා පත්‍රයට අත්සන් තබා එම මැතිවරණයට තරග කළේය. රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවෝ ඔහුට දිස්ත්‍රික්කයේ වැඩිම මනාප දී ඔහු තෝරා පත්කර ගත්හ.
මෙම සිද්ධිය මැතිවරණවලදී ඡන්දදායකයාගේ වගකීම පෙන්වා දෙන ඉතා හොඳ උදාහරණයකි. මන්දයත් තමන්ට අවශ්‍ය වන්නේ කුමන වර්ගයේ මන්ත්‍රීවරුන්ද යන්න පෙන්වන්නට ජනතාව මැතිවරණවලදී කටයුතු කරන්නේ නම් දේශපාලන පක්ෂවලට එය විශාල බලපෑමක් වන හෙයිනි. දූෂිතයකු සොරකු, දාමරිකයකු හෝ ස්ත්‍රී දූෂකයකු තමන්ගේ නියෝජිතයා යැයි කියන්නට ජනතාව ලජ්ජා විය යුතු යැයි මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික රත්නජීවන් හූල් මහතා ඩෑන් ටී.වි රූපවාහිනිය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී කීවේය. එය සත්‍යයකි.
අපේක්ෂකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමද දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්හට ප්‍රතිපත්ති මාලාවක් නිකුත් කර තිබේ. අපේක්ෂකයන්ගේ අතීත ක්‍රියා කලාපය, යහපත් පැවැත්ම, නීතියට ගරු කිරීම, අධිකරණයකින් වරදකරුවකු නොවීම, සමාජයට සේවය කිරීම සඳහා වූ කැපවීම යන කරුණු පදනම් කරගෙන අපේක්ෂකයන් තෝරාගන්නා ලෙස එමගින් පක්ෂවලට මඟ පෙන්වීමක් කර තිබේ. එයම ඡන්දදායකයාටද තම මන්ත්‍රීවරයා තෝරා ගැනීමට මඟපෙන්වීමකි.
හරවත් අදහස් දැක්වීම් මගින් පාර්ලිමේන්තු සංවාදවලට ඉතා වැදගත් දායකත්වයක් සැපයූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක හා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සතුවිය යුතු සුදුසුකම් හතරක් ගෙනහැර දැක්වීය. නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය මුදල් (මහජන මුදල්) අධීක්ෂණය සහ ජනතාව නියෝජනය කිරීම යන කටයුතුවල දායක වීමට මන්ත්‍රීවරයකුට හැකියාව තිබිය යුතුය යන්න ඔහුගේ මතයයි. එවන් අය පාර්ලිමේන්තුවේ සිටින්නේ කිහිප දෙනකු පමණකැයිද ඔහු එහිදී පැවසීය. මෙම කරුණ ද නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී ඡන්දය දීමේදී ජනතාවට මාර්ගෝපදේශයක් කර ගත හැකිය.
(*** එම්.එස්.එම්. අයුබ්)
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඡන්දයේදී ඡන්දදායක යුතුකම