IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජංගම දුරකථනයෙන් පවුල් කඩන කෙල්ලෝ

 


 

‘‘මොනවද තමුසේ මේ කරන්නේ. මේ තරම් වයසට ගිහින් මගුල් පිස්සුව ගැහුවද? මෙච්චර කාලයක් හිටියේ සත් ගුණවත් උපාසකයෙක් වගේ. දරුවෝ කසාද බඳින වයසෙදි ද තමුසෙට මගුල් විසේ හැඳුනේ’’ ඇය කියාගෙන කියාගෙන ගියේ කටුගස්තොට නිවසට ගොඩවූ සිය සැමියාට බැණ වදිමිනි.

සිදුවූයේ කුමක් දැයි ඔහුට ඇදහිය නොහැකි දෙයකි. ඇය දිගින් දිගටම බැණ වදින්නීය.

‘‘මේ කෑ නොගහා ඉන්න. ඔයා මොනවද මේ කියන්නේ? මා මොනවා කළාට ද මේ?’’ ඔහු එසේ අසන්නේ සිදුවූයේ කුමක් ද යන්න ගැන අවබෝධයක් ලබා ගත නොහැකිවය.

මහනුවර දළදා මාළිගාවත්, අස්ගිරි මල්වතු උභය විහාරස්ථානත් නිරන්තරවම ඇසුරු කරමින් හැකි සෑම විටම අනුන් වෙනුවෙන් උපකාර කරන සුනන්ද මහතා මහා බෞද්ධ උපාසකයකු ලෙස ප‍්‍රසිද්ධව සිටියේය. සුදෝ සුදු ඇඳුමින් සැරසී සිය ව්‍යාපාර කටයුතු සඳහා නිතර නිතර මහනුවර සිට කොළඹ යන සුනන්ද මහතා කොළඹ රැුයක් ගත කරන අවස්ථා ද නැත්තේ නොවේ. බිරිඳගේ මේ චෝදනාව ඔහුට ඉවසිය නොහැකි දෙයකි. කිසිදා තමන්ට තමුසේ යනුවෙන් බැණ වැදී නැති ඇය සිටින්නේ මහත් කෝපයෙන් බවද ඔහු දනී.

නානකාමරයට වැදී ඇඟපත දෝවනය කැර ගත් සුනන්ද මහතා සාලයට පැමිණියේ සිය බිරිඳගේ වෙනස්වීමට හේතු සෙවීමේ රිසියෙනි.

‘‘ඔයාට මොක ද වෙලා තියෙන්නේ. යකෙක් වැහිලා වගේ මගේ ඇඟට කඩා පනින්නේ ?’’

‘‘මට මොකුත් වෙලා නැහැ. තමුසේ තමයි මේ ඔක්කොම කරන්නේ. ලැජ්ජා නැතිව පුතාගේ වයසේ ඉන්න කෙල්ලන්ට ගෙවල් අරන් දීලා කොළඹ යන්නේ ඔවුනුත් එක්ක ජවුසන් නටන්නනේ. තමුසේ ඊයෙත් ඒ ගෙදර නැවතිලා හිටියේ. හිතුවද මම දන්නේ නැහැ කියලා.

‘‘මොනවද මේ ඔයා කියන්නේ’’

‘‘ඇයි මම ඔප්පු කරලා පෙන්වන්න ද?’’ කියූ ඇය තම නවීන ජංගම දුරකථනයට ලැබුණු ඡායාරූපයක් ඔහුට පෙන්වූවාය. එහි සිටින්නේ සුනන්ද මහතාය. තමන් මේ ඡුායාරූපයේ සිටින බව දුටු ඔහු පුදුමයට  පත්වූවේය. පෙර දින රාත‍්‍රි තමන් සිත්ගත් තරුණියක සමග රාත‍්‍රිය ගත කරමින් සිටිය දී ඒ තරුණිය ඇගේ ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගන්නා ආකාරය ද ඔහු දුටුවේය. එය තම බිරිඳ අතට පත්වනු ඇතැයි ඔහු කිසිසේත්ම හිතුවේ නැත. මෙතෙක් තමන් බොදු මහ උපාසකයකු ලෙස ගොඩනගාගත් ප‍්‍රතිරූපය බිරිඳ හමුවේ බිඳ වැටී ඇත. තමන් සමස්ථ සමාජය ඉදිරියේ මුළුමනින්ම නිරුවත් වූ සෙයක් ඔහුට දැනෙන්නට විය.

කරන්නට කිසිවක් නැත. හොඳම සාක්ෂියක් බිරිඳට ලැබී තිබේ. ඇයට එස්.එම්.එස් පණිවිඩය එවූ දුරකථන ඇමතුමට කතා කර ඇත. ඉන්පසු ඔහුගේ තව ලිපිගොනු රැසක් අවුස්සා තවත් සම්බන්ධතා කිහිපයක් සොයා ගත් බව ද ඇය මොහොතකින් ඔහු හමුවේ අනාවරණය කළාය. පසුව ඔහුගේ ජංගම දුරකථනය ගත් ඇය කෑ ගසමින් එහි තිබූ එස්.එම්.එස් පණිවිඩ පිරික්සමින් සිටියාය. සියල්ල ආපසු හැරවිය නොහැකි ලෙස හෙළදරව්වී ඇත. සිය සිත්ගත් තරුණිය තමන් පාවා දී ඇති බව ඔහු දැනගන්නා විට සියල්ල සිදුවී අවසන්ය. ඒ තරුණිය සුධීරාය. සුධීරා ඇසුරු කරන තවත් තරුණියන් වන නිරෝෂාගේ අංකය ද, චතුරිකා ගේ අංකය ද සුනන්දගේ ජංගම දුරකථනයේ තිබී බිරිඳ සොයා ගත්තාය.

දින ගණනක් මේ පවුලේ අඩු දබර පැවතිණි.

‘‘තමුසෙලාට මම හැමදේම ලබා දීලා තියෙනවා.  ඕනම පිරිමියෙක් මේ වගේ වැඩ කරනවා. මම කරන්නේ වරදක් නෙවෙයි. ඒක මගේ පෞද්ගලික වැඩක්. ඒකට ඇඟිලි නොගහ ඉන්නවා. මට  ඕනෑ දේ මම කරනවා. තමුසෙලා මොනවා කරන්නද?’’ සිය බිරිඳ හඬා වැටෙද්දී සුනන්ද එසේ කියමින් බැන වැදුණේය.
පවුල් සංස්ථාව ටිකෙන් ටික දෙදරා ගියේය. සිය බිරිඳගේ කරච්චලය ඉවසාගත නොහැකි ඔහු කොළඹ ගියේය. කොළඹට ගොස් වෙනදා ව්‍යාපාරික කටයුතුවලට බව පවසමින් එක් රැයක් පමණක් එහි ගත කරන සුනන්ද මහතා දින කිහිපයක්ම නිවසට ආවේ නැත. බිරිඳ මේ ගැන සොයා බලද්දී ඇය දැනගත්තේ  ඔහු සුධීරාට මිලදීගෙන දුන් නිවසේ නතරවී ඇති බවයි.

අවසානයේ සුනන්දගේ බිරිඳ දරුවන් දෙදෙනාත් සමග තනිවූවාය. ඔහු ඉඳ හිට කටුගස්තොටට පැමිණියේය. එවිට දිනක් හෝ දෙකක් සිය නිවසේ ගත කරන ඔහු අවශ්‍ය මිල මුදල් දී ආපසු හැකි ඉක්මණින් කොළඹ යයි. නීත්‍යානුකූල බිරිඳ කටුගස්තොට සිටිය දී ඔහු පවුල් කන්නේ තමන්ට වඩා වයස අවුරුදු 25ක් ලාබාල සුධීරා නම් යුවතියක් සමගිනි.

 


මෙය අහම්බයෙන් සිදුවූවක් ද නොවේ. එමෙන්ම මෙලෙස බිඳවැටී ඇත්තේ සුනන්දගේ පවුල් ජීවිතය ද පමණක් නොවේ. තවත් බොහෝ විවාහ ජීවිත මේ ආකාරයෙන් බිඳවැටී ඇත. ඒ සියල්ල කෙළවරවී ඇත්තේ සුධීරා වැනි තරුණියන්ගේ බලපෑමෙනි. මේ තරුණියෝ ද එකිනෙකා හඳුනන්නෝය. ඔවුහු සංවිධානාත්මක ව වැදගත්, ධනවත්, කීර්තිමත් පවුල් විනාශ කරමින් සිය මඩිය තරකැර ගැනීමේ කූට සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් සිටිති.

මේ කල්ලියේ දැනට සාමාජික සාමාජිකාවෝ හත් අට දෙනෙක් සිටිති. සුධීරා, නිරෝෂා, චතුරිකා, ජයමාලි, මල්ෂා, ඉනෝකා, තුෂාරි මේ කල්ලියේ සාමාජිකාවෝය. මේ බොහෝ දෙනා පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැුකියාවල නිරතවී සිටිති. කොළඹ නගරයේ තැන තැන පදිංචිව සිටින ඔවුන් දැන හඳුනාගෙන ඇත්තේ බසයේ දී, දුම්රියේ දී හෝ තවත් මිතුරකුගේ මාර්ගයෙනි. පාසලෙන් ඉවත්ව තරුණ වියේදීම රැකියාවට ගොස් ඇත්තේ සිත්ගන්නා සුළු කතා බහත් ඉංග‍්‍රීසි හැසිරවීමේ හැකියාව හා මන බඳනා රූ සපුවත් සුදුසුකම් කරගනිමිනි. ඔවුන් පාසල් වියේ සිටම පෙම්වතුන් ඇසුරු කළ අයයි. මේ බොහෝ දෙනා සිය පෞද්ගලික ආයතනයේ හිමිකරුවන් සමග අනියම් සම්බන්ධතා පැවැත් වූහ. ඉන් පසු ඒ ආයතන ප‍්‍රධානියාගේ මිතුරන් අතටත් ගිය මේ යුවතියන් ඇතැම් ආයතනවලට විශාල ප‍්‍රමාණයේ ඇණවුම් ලබා ගැනීමට, කොන්ත‍්‍රාත් ගැනීමට ප‍්‍රධානීන්ට ලිංගික අල්ලස් ලබා දීමට ද භාවිතවී ඇත. අනතුරුව අද මේ කිහිප දෙනා එක්ව අපූරු වැඩකට අතගසා තිබේ. ඇතැම් විට මේ කියවන ඔබද මේ යුවතියන්ගේම හෝ මේ ආකාරයෙන් කල්ලි ගැසුණු තවත් යුවතියකගේ බිල්ලක් බවට පත්වී සිටිනවා විය හැකිය. නැත්නම් ඔවුන්ව දැනටමත් දැලේ වැටී ඉදිරියේදී බිල්ලක් බවට පත්වනු ඇත.

සුනන්ද මේ කල්ලියේ සැලසුමට හසුවී සිය පවුල් ජීවිතය ද අහිමි කරගෙන ඒ තරුණියන්ගේ ම උකුළට වැටිණි. ඔහු මේ කල්ලියේ ග‍්‍රහණයට හසුවන්නේ තවත් පුද්ගලයකුට දුන් විසිටින් කාර්ඞ් හෙවත් ආගන්තුක පත‍්‍රයක් හේතුවෙනි. ඇය එලෙස සුනන්දගේ දුරකථන අංකය රැගෙන ඇමතුමක් ගත්තාය. සුනන්දගේ ව්‍යාපාරික තොරතුරු ගැන කතා කළ ඇය ඔහු හා ටිකෙන් ටික මිතුරුදමක් ඇතිකරගෙන තිබිණි.

සර් කියමින් සුනන්ද ඇමතූ ඇය විටින් විට කම්මැලි කමට කියමින් කතා කරන්නට වූවාය. දිවියේ 50වැනි විය ද ඉක්මවා සිටින සුනන්ද ඇය සමග කරන කතා බහට යම් කැමැත්තක් දැක්වූවේය. එය අවසානයේ කෙළවර වූයේ අනියම් පේ‍්‍රම සම්බන්ධයකිනි. සුනන්ද කොළඹ ගොස් සුධීරා හමුවිය. සුධීරා මන බඳිනා යොවුන් තරුණියකි. ඇය ඔහුට සමීප සම්බන්ධතාවකට ඇරයුම් කරන්නේ සිය දුක්ගැනවිලි ද පවසමිනි. සති කිහිපයක් වරින් වර හෝටල් කාමරවල ඇය සමග ගත කරන සුනන්ද ඇයට කුඩා කාමරයක් කුලියට ගෙන දුන්නේ ඇගේ මුඩුක්කුවක් වන නිවස සාදා දෙන බවට ද පොරොන්දු වෙමිනි.

වරක් සුනන්ද ඇමතූ ඇය පැවසුවේ ලස්සන පුංචි නිවසක් විකුණන්නට දමා තිබෙනවා තමන් දුටු බවයි. වහාම කොළඹ ගිය සුනන්ද තම මුදලින් ඒ නිවස මිලදී ගෙන ඇයට නැවතීමට අවස්ථාව ලබා දුන්නේ සියල්ල ඇය වෙනුවෙන් බව පවසමිනි. සුනන්දගෙන් ලැබුණු නිවසේ දැන් ඇය පදිංචිව සිටින්නීය. සුනන්ද ඇයට නිවස ලබා දී ඉන් නොනැවතුණේය. ඇයට කන්න අඳින්න අවශ්‍ය සියලූ කළමනා වෙනුවෙන් ඔහු වියදම් දැරීය. සතියකට දිනක් කොළඹ විත් එහි දවස ගත කරන සුනන්ද පිටව ගිය විගස ඇය දිනකට අනියම් පෙම්වතුන් තුන් හතර දෙනා මේ නිවසට ගෙන්වා ගන්නීය.

එමෙන්ම සුධීරාගේ මිතුරියෝ ද තමන්ගේ දැලේ වැටුණු ධනපති මැදිවයස් පිරිමි සමග රාත‍්‍රිය හෝ පැය කිහිපයක් ගත කරන්නේ සුනන්ද විසින් මිලදී ගන්නාලද නිවසේය. මේ ඒ කල්ලියේ ස්වභාවයයි. සිය වසඟයට වැටුණු සුනන්ද තමන් සන්තකයේම තබා ගැනීමට සුධීරා සැලසුම් සකස් කළාය. මේ සඳහා ඇය යෙදු උපාය වූයේ සුනන්ද තමන් සමග සමීපව සිටින ඡායාරූපයක් සුනන්දගේ බිරිඳට එස්.එම්.එස් පණිවිඩයක් මගින් යැවීමයි. ඇගේ උපාය සාර්ථක විය. අඩ නිරුවතින් තම සැමියාගේ සිරුරට සමීපව සිටින මේ යුවතියගේ ඡුායාරූපය දුටු සුනන්දගේ බිරිඳ තම සැමියා සමග දබර කරගනිද්දී ඔහු සුධීරාගේ සෙවණට වැටුණේ නිරායාසයෙනි. සුධීරා ජයගත්තාය.

සුධීරා ඡුායාරූප යැව්වේ සුනන්දගේ බිරිඳට පමණක් නොවේ. තම කාර්යාලයට පැමිණෙන වයස්ගත ධනවත් පිරිමින්ගේ අංක සොයා ඔවුන්ට ඇමතුම් ගන්නා සුධීරා සතියකට හෝ දෙකකට වරක් එවැනි සල්ලිකාරයෙක් සිය දැලේ දා ගැනීමට සමත් වූවාය. මේ ධනපතියන් ද ලාබාල යුවතියකගේ පහස ලැබීමට කැමැත්තෙන් සියලූ දේ කැපකර ඇය නඩත්තු කරයි. අවසානයේ තමන්ට ආදරය කරන්නට පටත් ගන්නා වයස්ගත ධනපතියාගේ සම්බන්ධය ඔහුගේ නිවසට හෙළිදරව්වන තැනට වැඩ සලසන්නේ ද සුධීරාය. ඇගේ පරමාර්ථය වන්නේ ඔහුගෙන් ඈත්වීම නොවේ. බිරිඳ සමග ඇතිවන ආරවුලෙන් පසු ඔහු තම සමීපයට ගැනීමයි.

සුනන්ද එලෙස තමන් අසලට ගැනීමට කළ සැලසුම හරියටම හරි ගියේය. නමුත් වරක් දෙවරක් එවැනි සැලසුම් වැරදී ඇය ඇසුරු කළ දානපතියන් ඇගෙන් ඈත් වූ අවස්ථා ද තිබිණි.

සුනන්දගේත් සුධීරාගේත් කතාව ඉන් එකක් පමණි. මේ කල්ලිය එදත් අදත් ධනවතුන් තමන්ගේ වසඟයට ගැනීමේ කූට සැලසුම් ක‍්‍රියාත්මක කරමින් සිටී. කෙසේ හෝ ඔවුන් වසඟයට ගන්නා ඔවුහු ඒ මිනිසුන්ගෙන් මාස ගණන් වියදම් ලබා ගනිමින් යැපෙති. මෙය එක්තරා යැපීම් මාර්ගයකි.

අප දන්නා මේ යුවතියෝ බොහෝ දෙනෙක් පෞද්ගලික ආයතනවල විධායක ශ්‍රේණියේ රැුකියා කරති. මේ යුවතියන්ගේ ඇමතුමට රැවටුනහොත් ධනයත්, ගෞරවයත්, පවුල් ජීවිතයත් අහිමි වන බව ඒකාන්තය.

 




 



අදහස් (0)

ජංගම දුරකථනයෙන් පවුල් කඩන කෙල්ලෝ

නලින් කොඩ්තුවකු Monday, 10 March 2014 08:30 PM

අපෝ මේ මොන පාප කර්මයක්ද,ලංකාදීපයට ස්තුතියි අපිව කලින්ම දැනුවත් කලාට (දී)

:       0       0

කුමුදු Monday, 10 March 2014 08:30 PM

නෝනලා මහත්තුරුන්ගේත් වැරදි නැතුවාම නොවෙයි (දී)

:       0       0

ලීලාරත්න Monday, 10 March 2014 08:30 PM

මේවා අහු උනාම ඒ අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

චන්දන Monday, 10 March 2014 08:30 PM

තව ඉස්සරහට ලෝකේ මීටත් වඩා කුරිරු වෙනවා (දී)

:       0       0

විශ්ව Monday, 10 March 2014 08:30 PM

අනේ රටකට ගිය කලක් (දී)

:       0       0

ප්‍රියන්ත Monday, 10 March 2014 08:30 PM

ලෝකෙන් ලැබෙන නරක පුරුදු විතරයි අපේ රටවල් ලබා ගන්නේ ,මේක අපේ කරුමේ (දී)

:       0       0

හංස Monday, 17 March 2014 10:35 AM

පවු ළමයි.(නදී)

:       0       0

නිර්දුලිස් Tuesday, 11 March 2014 12:13 AM

හොයලා දඩුවම් දෙන්න ඕනේ.(නදී)

:       0       0

බන්දුල Tuesday, 11 March 2014 02:06 AM

කුණු වෙච්ච සමාජයක කුණුවෙච්ච ජිවිත. ඒක සල්ලි ඇති එකාටත් නැති එකාටත්, අහිංසක දරු පැටවුන්ටත් එකසේ බලපායි... කලයුත්තේ මේ කුණු වෙලා ගද ගහන සමාජ ක්‍රමය වහාම වෙනස් කිරීමයි.....එයින් තොර විසදුමක් නැත.....(නදී)

:       0       0

ලලිත් පෙරේරා Saturday, 08 March 2014 09:42 AM

මොවුන් ඉතා දක්ෂ කාන්තාවන්. ඕනෙම කෙනෙක් මොවුන්ට ලෙහෙසියෙන්ම අහුවෙනවා. මොවුන්ගෙන් ගැලවීම හිතන තරම් ලේසි නෑ.(නදී)

:       0       0

විශ්ව කුමාර Tuesday, 11 March 2014 04:35 AM

ඒ වගේ කෙල්ලෝ හැදෙන්නේ. අම්මගේ හෝ තාත්තාගේ පුරුදු නිසා තමයි.(නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 11 March 2014 05:51 AM

කතා හිතට හැම තිස්සෙම කරදර කියන්නේ ඔකනේ (අ)

:       0       0

වසන්ත Tuesday, 11 March 2014 08:32 AM

බලපුවාම කවුරුවත් වැරදිනෑ නේද මිනිස්සු සියලුම දෙනා තමතමන්ගේ අවශ්‍යය තාවයන් ඉටු කරගන්නව වගේම හැමෝම තමුන්ගේ දේවල් ආරක්‍ෂාකර ගන්න උනන්දු වෙන්න ඕන. (අ)

:       0       0

රුවන් Thursday, 03 April 2014 08:42 AM

මෙම සිද්ධියට බිරින්දෑවරුනුත් වගකිව යුතුයි. මොකද තමන් වයසට ගිය නිසා, දැන් මොන විකාරද, ළමයිනුත් ලොකුයි, මේ මිනිහට 'මඟුල් විසේ' කියලා තමන්ගේ ස්වාමියාගේ අවශ්‍යතා ගැන මේ අය තකන්නෙ නැහැ. අන්න එතනින් තමයි ඔය ප්‍රශ්නය පටන් ගන්නේ.දැන් හිතන්න වැරැද්ද හා අඩුපාඩුව කාගේද කියලා (නි)

:       0       0

ලක්ෂා Monday, 10 March 2014 02:56 PM

අසරණ පවුලක් කැඩිලා බිදිලා යනවා පවි (දිල්)

:       0       0

සුජීව Monday, 10 March 2014 04:41 PM

සිරා ඔයා හරි බුද්දිමත් මිනිහෙක්, අපි ළග ඔය සෙල්ලම් බෑ, (දී)

:       0       0

රවිදු Tuesday, 11 March 2014 12:45 PM

හොඳයි

:       0       0

සංඛ Tuesday, 18 March 2014 03:07 PM

අනේ අපේ පවුලටත් ඔහොම දෙයක් වෙලා තියෙන්නේ අපිට වහ කන්න දැන් වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

සිරා Saturday, 08 March 2014 10:58 PM

බිරින්දෑවරු මැදිවිය පනිද්දී තමන්ගේ රූ සපුව, ශරීරයේ හැඩය පිරිසිදුකම මනාව පවත්වා ගන්නවා නම් ස්වාමියන් මෙයාල පසුපස යන එකක් නැහැ. අනික දකින දකින ගැහැණු පස්සේ යන පිරිමිත් සුනඛයන්ට සමානයි නේද?  සතුනට බුද්ධිය නැති නිසා හෝර්මෝන මගින් පාලනය වුනාට මිනිසුන්ට තියනවා නේද.(නදී)

:       0       0

ජයන්ත Wednesday, 12 March 2014 05:02 PM

නාකි මනමාලයාට නම් හොද වැඩේ! එත් මිනිහගේ ලොකු මහත් වෙච්ච දරුවෝ පව් . පාරේ බැහැලා යන්නේ කොහොමද.(අ)

:       0       0

සාලිය රොෂාන් Friday, 07 March 2014 05:17 PM

නියමයි! (නදී)

:       0       0

ජීවා Friday, 07 March 2014 05:58 PM

පාරේ ඉන්න තරුණියන්ට රැවටෙන්න පිරිමි බබාලාද ? පන්සිල් පද 5 තේරුම් අරන් , බිරිදට අවංක උනානම් මේ එක කරදරයක් වත් නෑ.(නදී)

:       0       0

අමිල Sunday, 09 March 2014 10:56 PM

හොඳ වැඩේ වෙලා තියන්නේ නාකි මනමාලයට (අ)

:       0       0

කමණී Wednesday, 12 March 2014 09:27 AM

ගෙදර ඉන්න බිරියට වංචා කළොත් කවදාවත් හරියන්නේ නැහැ.

:       0       0

රුවන් Wednesday, 19 March 2014 02:02 PM

මේ අය හරිම වාතයක් (අ)

:       0       0

දුමින්ද Saturday, 15 March 2014 07:16 AM

මට එහෙම කෝල් එකක් ආවොත් මාර වැඩේ තමයි වෙන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5125 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site