ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ. ලොව සෞන්දර්යයේ සංකේතය වන කාන්තාවෝ එයට හිමි නිසි පිළිගැනුම අහිමිව කටුක දුක් වළඳමින් ජීවන සටනේ නිරතව සිටිති. එකී රළ ගසන සකල අගති කුදලා දමන ජීවිතයට හිමි නිසි ගරුත්වය හා පිළිගැනුම ඉල්ලා ලොව පුරා වෙසෙන සියලු කාන්තාවන් සමග අත්වැල් බැඳ ගනිමින් අප රටේ කාන්තාවෝ ද අද දිනයේ වඩාත් උද් යෝගයෙන් පරිශ්‍රමයෙන් හා සටන්කාමීත්වයෙන් පණ පෙවී ජාත්‍යන්තර කාන්තා දිනය සමරති.
බොහෝ දුෂ්කර හා අකීකරු කොන්දේසිවලට යටත්ව වුව ද තමන්ගේ දිනය සමරණ අපේ කාන්තාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම් පළමුව පිරිනමමු.
‘‘ලොව නිර්මාණය වී තිබෙන්නේ හිරුගේ රැස්වලින් හා මවුගේ කිරිවලින්’’ යැයි මැක්සිම් ගෝර්කි ලියා තැබුවේය. ලොව උත්තරීතරම පදවිය මවු පදවිය බව ශිෂ්ට සම්පන්න ජන සමාජයන්හි ඉහළම පිළිගැනීමකි. එහෙත් බිළිඳිය යුවතියක වී පතිනියක වීමටත් පෙර පියවරුන් නැති දරුවන් මෙලොවට බිහි කිරීමේ පාපතර, කුරිරු ඉරණමට යටත්ව සිටින නයන පිනවන මේ රන් දිවයිනේ කාන්තාවගේ ඉරණම අතිශයින්ම සෝබරය. පොදු මගී ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් කෙතරම් හිංසනයට හා අතවරයට ලක්වන්නේ ද යත් ඒවා මැඬපැවැත්වීමට පොලිස් නිලධාරීන්ට, නිලධාරිණියන්ට සිවිල් ඇඳුමෙන් සැරසී බස් රථවල මෙන්ම දුම්රියෙහි ගමන් කිරීමට සිදුවී තිබේ. එසේ එම මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීණියන් ද අතවරයට ලක් වූ බව සඳහන් වීමෙන් කාන්තා ඉරණමෙහි සැහැසි බව මනාව අනාවරණය වේ.
කාන්තාවට පමණක් අත්පත් කර ගත හැකි විමුක්තියක් ඇතැයි යන්න ප්‍රවාදයකි. එවැන්නක් කිසි දිනෙක මේ මහ පොළොවේ යථාර්ථයක් වන්නේ නැත. කාන්තා විමුක්තිය අන්තර්ගත වන්නේද පොදු සමාජ විමුක්තිය තුළය. එනමුත් අවධාරණය කළ යුතු සත්‍ය වන්නේ පොදු සමාජ ප්‍රශ්න හා පීඩනය හමුවේ වැඩි වශයෙන් හෙම්බත් වන්නේ කාන්තාවන් බවය. ‘‘වැඩ ඇරී - වැඩට එන’’ ගැහැනු ලෙස ඔවුන් නාමකරණය වී තිබෙන්නේ ද එහෙයිනි.
ආර්ථික අර්බුදය හමුවේ සැමියා උපයන සොච්චමෙන් පමණක් දරු පැටවුන්ගේ කුස ගින්දර නිවා දැමිය නොහැකි බව ගැහැනිය දනී. එහෙයින් තොටිල්ල පැදවූ සුකුමාල දෑත බොහෝ ගොරහැඬි කටුක වැඩවල යෙදවීමට ඔවුන්ට සිදුවී තිබේ. ඇතැම් ඇඟලුම් කම්හල්වල මෙන්ම ඇතැම් නිෂ්පාදනාගාරවල මැදියම් රැය වනතුරු වෙහෙසි අනාරක්ෂිතව මහ මගට පිවිස නිවෙසට, නවාතැනට යාමට කාන්තාවන්ට සිදුවී තිබේ.
දරු පැටවුන් සමග රැඳෙමින් නිස්කලංකව ජීවිතය විඳිමේ අවස්ථාව බොහෝ අම්මලාට අහිමි වූ සාපලත් දේශයක් නිර්මාණය වී තිබේ. ජීවිතය විඳීමේ වරම අහිමි වූ බොහෝ කාන්තාවෝ සුසුමෙන් කඳුළෙන් දවස ගෙවා දමමින් ජීවිතය විඳවති. එසේ ජීවත්වී තේරුමක් නොවුවද අන් විකල්පයක් නොමැති මනුෂ්‍යත්වයේ අසරණකම ඉදිරිපිට නිහඬව කරබාගෙන සිටීමට බොහෝ කාන්තාවන්ට සිදුවී තිබේ.
බරපතළම ඛේදවාචකයනම් කාන්තාවන්ගේ මෙම අසරණකම ඇතැම් ස්ත්‍රීවාදි කණ්ඩායම්වලට රාජ්‍ය නොවන සංවිධානවල වංචනිකයන්ට ඩොලර් උල්පත් බවට පමණක් පත්වීමය. අද දවසේ වැඩි වැඩිෙයන්ම කෑ මොර දෙන්නේ මෙම වංචනිකයන්ය. එහෙයින්ම කාන්තාව පෙළෙන ඉරණම දශමයකින් හෝ වෙනස් කිරීමට එබඳු මාධ්‍ය සංදර්ශනවලට නොහැකිය.
ජාත්‍යන්තර කාන්තා දිනය වාර්ෂික ලිත් සැමරුමක් නොවිය යුතුය. සැබැවින්ම එය කාන්තාව සවිබල ගන්වන ඒ දිසාවට එම මනස යොමු කරන දිනයක් විය යුතුය. නැතහොත් අපට ලබන වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සිදුවනු ඇත්තේ මීටත් වඩා අඳුරු සෝබර වාතාවරණයක් තුළවීම වැළැක්විය නොහැකිය.
(***)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජාත්‍යන්තර කාන්තා දිනය නමට විතරක් සීමා නොවේවා!