IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ජාතිවාදින්ට තමිල්නාඩු ඡන්ද පාඩම

පසුගිය අප්‍රේල් 6 වැනිදා පැවැත්වී මැයි 2 වැනිදා ප්‍රතිඵල නිකුත් වූ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය මීට පෙර පැවැති ප්‍රාන්ත මැතිවරණවලට වඩා කාරණා දෙකකින් වෙනස්ය.

එක් කාරණයක් නම් මෙවර මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකම අලුත් නායකත්වයක් යටතේ තරගයට මුහුණ දීමයි. දශක ගණනාවක් එම පක්ෂ දෙකට නායකත්වය දුන් නායකයන් පසුගිය කාලයේ මියයාම ඊට හේතුවයි.

වඩාත් වැදගත් වෙනස නම් මෙවර ප්‍රාන්ත මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය එක් කුඩා පක්ෂයකට හැර අනෙක් කිසිදු පක්ෂයකට වැදගත් නොවීමයි. එසේම පසුගිය කාලය පුරා මෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව ඉතා දැඩි ස්ථාවරයකින් සිටි හා කොටි සංවිධානයට ඉතා ලැදි කිසිදු පක්ෂයකට ප්‍රාන්ත සභාවේ ආසන 234 න් ආසන පහකට වඩා දිනා ගැනීමට නොහැකි විය.

වෙනදා මෙන්ම මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව කතා කළේ නාම් තමිලර් පක්ෂයේ නායක චිත්‍රපට අධ්‍යක්ෂක සෙන්තමිලර් සීමාන් පමණි. එහෙත් ඔහුගේ පක්ෂය ප්‍රාන්තයේ ඡන්ද කොට්ඨාස 234 ටම තරග කළද ඊට එකදු ආසනයක් හෝ දිනාගත නොහැකි විය.

ප්‍රාන්තයේ දේශපාලන පක්ෂවල සටන් පාඨ අතරින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය හැළී ඇත්තේ ආසන්න වශයෙන් වසර හතළිහකට පසුය. 1983 දී ශ්‍රී ලංකාව පුරා ඇතිවූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ප්‍රාන්තයේ පැවැති ජාතික හා ප්‍රාන්ත මැතිවරණ සියල්ලේදීම ප්‍රධාන මාතෘකාවක් විය. එය මැතිවරණවලදී පමණක් නොව අනෙකුත් කාලවලදීද ඇතැම් විට විශාල උද්ෂඝෝෂණ ආදියට පාදකවූ කාරණයක් විය.

මේ නිසා ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව කඩා වැටුණු අවස්ථාද විය. 2013 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං සූදානම්ව සිටියද තමිල් නාඩුවේ උද්ඝෝෂණ නිසා ඔහුට එම සංචාරය අවලංගු කිරීමට සිදුවිය.

මෙම බලපෑම්වල ප්‍රතිඵලයක් වූයේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව පෙරළා ශ්‍රී ලංකාවට විවිධ බලපෑම් කිරීමය. ශ්‍රී ලංකා ආණ්ඩුව හා දෙමළ ආයුධ සන්නද්ධ සංවිධාන අතර මුල් වරට සාකච්ඡා ආරම්භ වූයේද මේ අයුරිනි. ඒ 1925 දී භූතානයේ අගනුවර වන තිම්පු නුවරදීය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව ඒ වන විට දෙමළ සන්නද්ධ සංවිධාන සමග සාකච්ඡා කිරීමට කොහෙත්ම කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ බලපෑම මත ජයවර්ධන මහතාට එම සාකච්ඡා සඳහා තම සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් දූත පිරිසක් යැවීමට සිදුවිය.

එසේම තමිල්නාඩුවේ බලපෑම නිසා ශ්‍රී ලංකා රජයට කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී ඇතැම් තීරණ වෙනස් කරන්නට සිදුවිය. යුද්ධයේ අවසාන අදියරයේදී කොටි සංවිධානය කොටු වී කරකියා ගන්නට නොහැකිව සිටින විට යුද්ධය නතර කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවට බලකරන ලෙසට තමිල්නාඩු දේශපාලනඥයෝ මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.

ඒ වන විට එනම් 2009 අප්‍රේල් මාසයේදී ඉන්දීය ලෝක් සභා මැතිවරණය යෙදී තිබිණි. අගමැති මන්මෝහන් සිංට මෙම ඉල්ලීම ඉවත දැමිය නොහැකි විය. එහෙත් අනෙක් අතට වසර තිහක යුද්ධයේදී පළමු වරට ජයග්‍රහණය පෙනෙන්නට තිබෙන තත්ත්වය තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවද යුද්ධය නතර කිරීමට එකග වූයේ නැත. ඒ අනුව යුද භූමියේ බර ආයුධ භාවිතයෙන් වළකින්නැයි ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. ඒ වන විට යුද ජයග්‍රහණය තහවුරු වී තිබුණු තත්ත්වය යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුව එම ඉල්ලීමට එකග විය.

මෙය ඉන්දියාවේ ප්‍රචාරය කෙරිණි. ඒ අනුව එවර ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජයග්‍රහණයට ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය බාධාවක් නොවීය. කොංග්‍රසය ඉන්දියාවේ ජයගෙන දින තුනකින් ශ්‍රී ලංකාවද යුද්ධය අවසාන කළේය.

1969 සිට තමිල්නාඩුවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන ද්‍රාවිඩ මුන්නේට්‍ර කළහම් පක්ෂයට නායකත්වය දුන්නේ මුත්තුවේල් කරුණානිධිය. එසේම එම පක්ෂයෙන් කැඩීගිය සමස්ත ඉන්දීය අන්නා ද්‍රාවිඩ මුන්නේට්‍ර කළහම් පක්ෂයට 1989 සිට නායකත්වය දුන්නේ ජෙයලලිතා ජෙයරාම්ය.

මේ දෙදෙනාම දෙමළ සිනමාවේ ඉතා වැදගත් භූමිකාවන් ඉටු කළ අයයි. ජෙයලලිතා 1960, 70 දශකවල ප්‍රාන්තයේ පමණක් නොව දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ප්‍රාන්ත හතරේම ජනප්‍රිය නිළියක් වූවාය. එසේම කරුණානිධි දෙමළ චිත්‍රපට 75 කට තිර පිටපත් රචනා කොට ඇත. දෙදෙනාම භාෂාව හැසිරවීමේදී අති දක්ෂයෝය. ජෙයලලිතා 2016 දෙසැම්බර් 5 වැනිදා මිය ගිය අතර කරුණානිධිද 2018 අගෝස්තු 7 වැනිදා මිය ගියේය. ජෙයලලිතාගේ අන්නා ද්‍රාවිඩ් මුන්නේට්‍ර කළහම් පක්ෂය ඇගේ මරණයත් සමග කැබලි ගණනාවකට කැඩී ගියේය.

ද්‍රාවිඩ් මුන්නේට්‍ර කළහම් පක්ෂය මෙවර බලයටපත් වූයේ 2011 න් පසුය. එම වසරේ එම පක්ෂය කෙතරම් දරුණු අවමානකාරී පරාජයකට පත්වූයේද යත් ආසන 234 ක් සහිත ප්‍රාන්ත සභාවේ ඩී.එම්.කේ. පක්ෂයට හිමි වූයේ ආසන 23 කි. 1977 දී ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක ධුරය පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අහිමි වූවාසේ එම මැතිවරණයෙන් ඩී.එම්.කේ. පක්ෂයටද විපක්ෂ නායකධුරය ද අහිමි විය.

මෙවර එම පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් ආසන 159 ක් දිනා ගත්තේය. අනෙක් ප්‍රධාන පක්ෂය වන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය ප්‍රමුඛ සන්ධානයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 75 ක් පමණි. උග්‍ර කොටි හිතවාදී පක්ෂ කිහිපයක් මෙම සන්ධාන දෙකෙන්ම තරග කළද ඔවුන්ටද ආසන පහකට වඩා දිනා ගත නොහැකි විය.

ඩී.එම්.කේ. ප්‍රමුඛ සන්ධානයේ ඇතැම් පක්ෂ ඩී.එම්.කේ. පක්ෂයේ උදාහිරු ලකුණ යටතේ තරග කළ අතර වෙනත් ඇතැම් පක්ෂ තම තමන්ගේ ලකුණු යටතේ තරග කළේය. එසේ වුවද ඩී.එම්.කේ. පක්ෂයෙන්  පමණක් අපේක්ෂකයන් 125 දෙනෙක් ප්‍රාන්ත සභාවට තේරී පත්වී සිටිති. ප්‍රාන්ත සභාවේ බලය අත්පත් කර ගැනීම සඳහා පක්ෂයක් හෝ සන්ධානයක් දිනා ගත යුතු ආසන සංඛ්‍යාව 118ක් වන හෙයින් මෙවර ඩී.එම්.කේ. පක්ෂයට තම සන්ධානයේ වුවද අනෙක් පක්ෂ මත රැඳී නොසිට තනිව පාලනය ගෙන යා හැකිය.

එම පක්ෂය මෙවර තරග  කළේ කරුණා නිධිගේ පුත් එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වයෙනි. ඔහුද දෙමළ සිනමාවට එක්තරා දුරකට සම්බන්ධවූ අයෙකි. ඔහු චිත්‍රපට කිහිපයක රඟපා ඇත.

ස්ටාලින් මෙවර තරගයට මුහුණ දුන්නේ වාසි සහගත සාධක ගණානාවක් අතේ තබාගෙනය. ඉන් ප්‍රධාන සාධකයක් වන්නේ තම ප්‍රධාන ප්‍රතිවාදියා වන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය කැබලි කිහිපයකට  කැඩී තිබීමත් ඉන් එම නමින්ම තරග කළ ප්‍රධාන කැබැල්ලකට වුවද ආකර්ෂණීය නායකත්වයක් නොතිබීමත්ය. ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.  පක්ෂයට නායකත්වය දුන්නේ ජෙයලලිතාගේ අභාවයෙන් පසු ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති ධුරයට පත් එඩප්පාඩි කේ පලනිස්වාමිය. ඔහු බලයට පත්වන විට පවා ප්‍රාන්තය තුළ බොහෝ දෙනා නොදන්නා චරිතයකි.

ස්ටාලින්ට වාසිදායක වූ තවත් ප්‍රධාන සාධකයක් නම් දේශපාලනයේදී ලේ ඥාතීත්වයට කළ  හැකි බලපෑමයි. ඔහු කරුණානිධිගේ පුත්‍රයාය. එසේම කරුණානිධි මිය යන්නට පෙරම තම පුත්‍රයා පක්ෂයේ දෙවැනියා ලෙස බෞතීස්ම කොට තිබිණි. මේ නිසා ස්ටාලින්ට පක්ෂය තුළ කිසිදු තරගයක් නොවීය. එහෙයින් කරුණානිධිගේ අභාවයෙන් පසුද ඩී.එම්.කේ.පක්ෂය කැඩී බිඳී යෑමෙන් වැළකිණි.

 මෙවර ප්‍රාන්ත සභා මැතිවරණය පැවැත්වෙන විට පෙර පැවැති මැතිවරණයක් නිසා දේශපාලන රැල්ල ඩී.එම්.කේ. පක්ෂය වෙතට හැරී තිබීම ඊළඟ වැදගත් සාධකය විය. එය හරියට 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අති විශාල  ජයග්‍රහණය 2019 ජනාධිපතිවරණයේදී හා 2020  පාර්ලිමේන්තු මැතිවරණයේදී එම පක්ෂය තවත් විශාල ලෙස ජයග්‍රහණය කරන්නට කල් තබාම රැල්ලක් බවට පත්වී තිබුණාට සමාන තත්ත්වයකි.

 ඩී.එම්.කේ. පක්ෂයට එම රැල්ල  නිර්මාණය කොට දුන්නේ 2019 පැවති ලෝක් සභා (පාර්ලිමේන්තු) මැතිවරණයයි. එම මැතිවරණයේදී එම පක්ෂය  ප්‍රාන්තයේ ඇති ලෝක් සභා ආසන 39 න් 38ක්ම දිනා ගත්තේය.

මීට පෙර  ප්‍රාන්ත මැතිවරණවලදී  ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ   ප්‍රශ්නය ප්‍රධාන මාතාවක් වූයේ  ප්‍රාන්තයේ දේශපාලනඥයන් දෙමළ වාර්ගික හැඟීම් අවුස්සා දේශපාලන වාසි ගන්නට උත්සාහ කිරීම නිසාය. ඔවුහු ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ, පෙළපාලි, උපවාස ආදිය පැවැත්වූහ. ශ්‍රී ලංකා ආණ්ඩුව එරෙහිව ඉන්දීය මධ්‍යම   ආණ්ඩුවට විවෘත ලිපි හා පෙත්සම් ලියූහ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට වෙනම රටක් නිර්මාණය කෙරෙන අයුරින් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රදේශවල ජනමත විචාරණයක් පවත්වන ලෙසට එ.ජ. සංවිධානයෙන් ඉල්ලා ලිපි යැවූහ. ඒ කිසිවක් මෙවර දක්නට ලැබුණේ නැත.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ප්‍රාන්තය තුළ මහා ඝෝෂාවක් විටින් විට ඇති කළද එය කිසිදා මැතිවරණ ප්‍රතිඵල තීරණය කරන තරමේ සාධකයක් නොවූ බව තමිල්නාඩුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ආර්. භගවාන් සිං පවසයි. එය යම් තරමක් හෝ මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑවේ 1991 රජිව් ගාන්ධි ඝාතනයෙන් සති කිහිපයකට පසු පැවැත්වූ ලෝක් සභා ඡන්ද විමසීමේදී යැයි පවසන ඔහු ඝෝෂා කරන තරමට ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑම් කරන්නේ නම් උග්‍ර කොටි හිතවාදියකු වන ‘වයිකෝ’ (වයි. ගෝපාලස්වාමි) මේ වනවිට ප්‍රධාන ඇමැතිව සිටිය යුතුයැයි පවසයි.

තමිල්නාඩුවේ දේශපාලනඥයන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය තමන්ගේ දේශපාලන වාසිය සඳහා යොදා ගන්නා බව උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා හා දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාද මීට පෙර පවසා තිබේ. 2013 උතුරු පළාත් සභා මැතිවරණය ප්‍රචාරය අතරතුර හින්දු පුවත්පතකට ප්‍රකාශයක් කළ විග්නේශ්වරන් මහතා තමිල්නාඩු දේශපාලනඥයන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය පාපන්දුවක් කරගෙන එහාට මෙහාට පහර දෙනවිට පීඩාවට පත්වන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව යැයි පැවසීය.

2016 ප්‍රාන්ත සභා මැතිවරණයේදී තමිල්නාඩු දේශපාලනඥයන් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳව මහ හඬින් කතා කරද්දී මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවිඩයකින් කියා සිටියේ ඔවුන් එම ප්‍රශ්නය පිළිබඳව මැතිවරණයෙන් පසුව කතා කළ යුතු බවය.

2015 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයවීම තමිල්නාඩු දේශපාලනඥයන්ට මෙරට දෙමළ ජනතාව අමතක වීමට විශාල වශයෙන් හේතුවිය. මෙරට දේශපාලනඥයන් අතරින් රාජපක්ෂ  මහතා තමිල්නාඩුවේ වැඩිම වෛරයට පාත්‍ර වූ පුද්ගලයාය. මෙය වඩාත්ම කැපී පෙනුණේ යුද්ධයේ අවසාන අදියරයේදී හා යුද්ධයෙන් පසුවය.

රාජපක්ෂ මහතා බලයෙන් ඇද වැටීමත්, ඉන්පසු බලයට පත් ‘යහපාලන’ ආණ්ඩුව දෙමළ ජනතාව ඇතුළු සුළු ජාතීන් සම්බන්ධයෙන් මිත්‍රශීලි ආකල්පයක් දැරීමත්, මෙරට ප්‍රධාන දෙමළ සන්ධානය වන දෙමළ ජාතික සන්ධානය එම ආණ්ඩුවේ හිතවතුන් වීමත් නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමිල්නාඩු දේශපාලනඥයන්ගේ උද්ඝෝෂණ අවසන් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවර මැතිවරණය වනවිට ඔවුනට මෙරට දෙමළ ජනතාව අමතක වී තිබේ.

(*** එම්.එස්.එම්. අයුබ්)

 



අදහස් (1)

ජාතිවාදින්ට තමිල්නාඩු ඡන්ද පාඩම

kumarage Monday, 17 May 2021 01:21 PM

1925දී ජේ.ආර්. හිටියද සාකච්ඡාවලට? අනේමන්දා අද කාලේ පත්තරයක් ගත්තාම හැම පුවතක්ම වරද්දලා දාන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෝක බලවතා කමලාද? ට්‍රම්ප්ද?
2024 නොවැම්බර් මස 04 890 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර


යුගයට ගැළපෙන දේශපාලනය
2024 නොවැම්බර් මස 04 226 0

තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද


අඩි 7000 උස නැග්රැක් ගමට පොදු පහසුකම් නෑ
2024 නොවැම්බර් මස 03 3661 0

ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.


සසුනඹර එකලු කළ පොඩි හාමුදුරුවෝ
2024 නොවැම්බර් මස 02 221 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම


උඩ යන යට යන කොමිෂන් සභා
2024 නොවැම්බර් මස 02 157 0

පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී


වසර 138ක් සපුරන කොළඹ ආනන්දය
2024 නොවැම්බර් මස 01 578 1

කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site